වටිනාකම් නිර්මාණය කිරීමත් වටිනාකම් වටා ගොනු වීමත් එසේ නොවන අයට වටිනාකම් වටා ගොනු වීමට බල කිරීමත් මානව ශිෂ්ඨාචාරයේ මූලික අංගයකි. සිය මානසික කායික අවශ්‍යතා පමණක් සෘජුවම සම්පූර්ණ කරගන්නා සත්ව භූමිකාවෙන් ඔබ්බට වටිනාකම් මත ගොඩනැගුනු සංස්කෘතික සමාජීය භූමිකාවක් මිනිසුන් වන අපිලා හැමට උරුම වේ. ඒ තුල වඩාත් උසස් යැයි සමාජ තත්වයක් සමාජයේ පිරිසකට ආරෝපනය වන අතර එසේ නොවන පිරිසක්ද ඉබේම බිහි වේ. එසේ උසස් නම් ඇදුමෙන් මෙහෙම විය යුතුය, අධ්‍යාපනයෙන් මෙහෙම විය යුතුය, රැකියාවෙන් උතුම් රැකියා කරන අය විය යුතුය, හැසිරීමෙන් මෙහෙම විය යුතුය, මිල මුදල් දේපල මෙහෙම විය යුතුය, කතාවෙන් මෙහෙම විය යුතුය ආදී වශයෙන් උසස් විය යුතු ආකාරයන් රැසකි. ඒ සියල්ලම අපට දැනුවත්ව හෝ නොදැනුවත්ව අපව පාලනය කරන බාහිර සංරචක වේ. ඒ අනුව ඒ උසස් තත්වයට පත් වූ කල ඒ උසස් තත්වයන් සහිත අයට ලැබෙන වරප්‍රසාදයෝද වෙනස්ය.
සාමාන්‍ය පිලිගැනීම අනුව උසස් තත්වයේ සිටින පිරිමිට ගෑනුට ලිංගික සහකාරයෙක් සොයාගැනීම පහසුය. ඔවුන්ට මේ සමාජයේ ජීවත් වීමට පහසුය. මේ සමාජයේ ජීවත්වෙන සතුටින් සහ සාර්ථක ජීවින් කොටසක් වෙත්ද? බොහෝ බොොහ් කාරණා පහසුවෙන් කරගන්නා පිරිසක් වෙත්ද ඔවුන් ඒ උසස් තත්වයේ සිටිති. එම උසස් තත්වය සාමාන්‍ය ආකාරයෙන් මෙන්ම විවිධාකාර වට වංගු ගැසීමෙන්ද ලගාකරගත හැකිය.
ගෑනු මැරයින්ට කැමති වනවාද නැද්ද යන කාරණාවද සමාජය විසින් සංස්කෘතිකමය වැල් බයිලා මගින් ඇතිකරන ලද ව්‍යාජ ප්‍රශ්ණයකි. ගෑනු මාස්ටර්ට කැමති වෙනවා යන මතවාදයද එසේ මාස්ටර්වරුන් පිනවීම පිණිස සමාජය විසින් ඇතිකරන ලද මතවාදයකි. ගෑනු ලිංගික කාර්යය සදහා පරම්පරා දහස් ගනනක් තිස්සේ මාස්ටර්වරු ම තෝරාගත්තේ නම් බහුතරය වන හීල්දාන පොන්නයන් වැනි මෙලව රහක් නැති ඇල්වතුර ඩයල් මෙලාවට බිහිවන්නට විදිහක් නැත.
වියලි කලාපීය හෝ තේ කලාපීය හෝ අර්ධ ශුෂ්ක කලාපීය හෝ කොල්ලෙකුට කැමති වන්නට ලොල් වන්නට ගෑනුන්ට අයිතිය තිබේ. එසේ ලොල් වීම යනු එතැනින් මනත සෙස් කිරීමට කැමතිද නැද්ද යන කාරණාවම නොවේ. රූපයට කැමති වීමත් සෙස් බඩියා කරගැනීමත් යන තැන් දෙක අතර ස්වාබාවිකම විශාල ගැප් එකක් පවතී. අපි කැමති නැති පොරකට.. අපේ සංස්කෘතිය සහ පද්ධතිය කැමති නැති පොරකට ගෑනු බුරුතු පිටින් කැමති වෙද්දී පිරිමි මය ඉරිසියාවක් ස්වාභාවිකව උපදී. එහෙත් " එසේ උන් මැරයින්ට කැමති විය යුතු නැත" යැයි කීමට අපිලාට නොහැකිය.
ගෑනු බුරුතු පිටින් උසස් පිරමි හැරදා හොර මැර ආදීන්ට කැමති වන්නේ නම් එය මේ ව්‍යාජ ශිෂ්ඨාචාරමය සමාජය තවදුරටත් නොපවතිනු ඇත. එහෙත් එවැනි යමක් සැබෑ ලොව සිදු නොවනු ඇත. එහෙත් සැබෑ ලොව අපි අකමැති කැත මිනිසුන් ඉක්මනින් ලොවින් තුරන් වීමක් සිදුවන්නේ නැත. එසේම උසස් මිනිසුන් උසස් කඩඉම් පාස් කරනවිට ලැබෙනවා යැයි සමාජයෙන් කියන මනෝරාජික කෙංගෙඩි කිසිදාක ඔවුන්ට ලැබෙන්නේ නැත. ශිෂ්‍යත්වය පාස් වනවිට අරං දෙනවා යැයි කියන බයිසිකලය ලැබෙන පිරිසට වඩා නොලැබෙන ශිෂ්‍යත්ව සමතුන් ප්‍රමාණය ැවඩිය. එවැනිව ඔබ උගත්, නැණවත්, ධනය, ගෙවල් දොරවල් යාන වාහන හිමියෙක් වුවත් ඔබ කලින් සිතාසිටි සුර ලෝකය ඔබට ලැබෙන්නේ නැත. ඇතැම්විට ශෝට්කට් වලින් ඉහලට යන පාතාලයා ජීවත්වන්නේ අවුරුදු 41ද ඒ සුවල්ප කාලය සමාජයේ උසස් අයට වඩා කදිමෙට ගතකර මිය ගියා වන්නටද ඇත.
No comments:
Post a Comment