මේ වතාවේ අපිලට වැඩිපුර ආධාර ලැබුනේ නෑ. ඒ නිසා පොඩියට හැකි පමණ කලා. මුලින්ම ස්වීඩන් ඉන්න ලංකාවේ යාලුවෙක් පනස්දහක් දැම්මා. ඉන් පස්සේ අපිල පුලුවන් විදිහට එක්ස් එකේ සහ ෆේස්බුක් හරහා ආදාර එකතු කරලා තව හැත්තෑපන්දහක් එකතු කරගත්තා. අපි තෝරාගත් පාසලේ ළමයි 300ක් විතර හිටියා. ඒ නිසා ළමෙක්ට පොත් 7ක් වගේ තමයි දෙන්න පුලුවන් වුනේ. 1-5 ළමයිට මේ වතාවේ පැන්සල් මකන කටර් ආදිය දුන්නා. අනෙක් ළමයිට පෑන් දෙක ගානේ දුන්නා.
මේ වතාවේ ආධාර මුදල් අඩු නිසා අපි අපේ මුදල් වලින්ම තමයි ගමන් පහසුව සලසාගත්තේ. අගුණකොලපෑලැස්සට ඉතින් ලේසි පාසු දුරක් නෙමෙයි තියෙන්නේ. පොත් පත් ලාබෙට ගත්තේ වෙනදා වගේම කඩුවෙල ජයකොඩි පොත් හලෙන්. පොත් එකක් ගත්තත් සීයක් ගත්තත් ජයකොඩි පොත් හලේ ගාන අඩුම මිල. අපිලා බෙදුවේ පිටු 120 සාමාන්‍ය කොපි පොත්. තනි රූල්. ඒ පොතක් රු 67කට අපිට කඩුවෙල ජයකොඩි එකෙන් ගන්න පුලුවන් වුනා.
ඉතින් අපි උදෙන්ම ගිය නිසා උදේ 10 විතර වෙනකොට යන්න පුලුවන් වුනා. ස්කෝලේ පිලිවෙලට තියෙනවා. ඒ වුනාට දරුවන් දුප්පත් කියලා අපිට පෙනුනා. ඒ විද්‍යාලයේ ගුරු මණ්ඩලය තරුණ කොට්ඨාශයක් හිටියේ. අපිට පාසැල සම්බන්ධ කරලා දුන්න ගුරුවරියත් ප්‍රින්සිපල් ගුරුවරියත් දෙදෙනාම තරුණ වයසේ අය. ගුරු මණ්ඩලයේ පනහ හැට වගේ වයස්වල ටීචර්ලා සර්ලා හිටියේ නැතිම තරම්. පොත් දුන්නට පස්සේ අපිලට හොද සංග්‍රහයකුත් ලැබුනා. ඉන් පස්සේ අපි සතුටු සිතින් එන්නට ආවා.
Monday, January 20, 2025
මේ පාර ස්කෝලාධාර අගුණකොළපෑලැස්සට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment