ඔයාට පස්නයක් තියෙනම් කියන්න. කියලා බෙල්ලේ වැලදාගැනීමක් වෛරල් වෙද්දි වෝල් වල පේන්න ගන්නවා. එහෙම කියපු සමහර එවුන් මම බූට් එක කෑවහම ඒ කතාවේ පද දෙකක් අහනකොට ( මම කිව්වේ උඹට ඕක බඩුවක් කියලා) ආදී වශයෙන් මාව දිරිමත් කල අය. අහ්. උඹට හොද වැඩේ කියල දිරිමත් කල අයත් ඉන්නවා. ඒ අතර අද වැස්ස නේද කියල මාතෘකාව වෙනස් කරලා ඒ කතාව අහන්නෙම නැතුව හිටපු අයත් ඉන්නවා. මම කාල තියෙන්නේ එක බූට් එකකුත් නෙමෙයි එක කෙල්ලෙක්ගෙනුත් නෙමෙයි. ඇරත් ඒවා බූට් කියන්නත් බෑ ගෑනු සම්බන්ධ මෝල්මය කතා වස්තුත්ත තියෙනවා. ඉතින් ඒවා සවන්දෙන්න ඔය කියන තරම් පෙන්වන තරම් උනන්දුවකින් කට්ටිය එකතු වෙන්නේ නෑ.
කතාකරල විතරක්?
ඉස්සර අපේ ගංවල තිබුනා නෙට්වර්ක්. වතුර තිබුන් නැති අපේ ගමේ කට්ටිය එකතු වෙනවා වතුර ගේන්න යන්න. ඒ යද්දි කයිය ගගහ යනවා. ඒ වගේම කෙනෙක්ට අප්සට් එකක් වුනාම කට්ටිය ඒ කෙනාව බලන්න යනවා. ලෙඩක් නම් ඒ ලෙඩාව බලන්න යනවා. මුදල් අවශ්‍යතාවයක් නම් හැකි පමණ පිහිට වෙනවා. වෙන මොනාහරි ඇප්ලිකේශන් එකක් දාගන්න කන්තෝරුවෙකින් වැඩක් කරගන්න ආදී වැඩක් නම් කට්ටිය එක්ක කිව්වා කියල පාඩුවක් නැහැ. මොකද ඒ දේවල් වලට අවශ්‍ය සහයෝගය ලැබෙනවා. ඒත් කාලෙත් එක්ක දැන් ප්‍රශ්න අහන අය හිටියත් විසදුම් දෙන්න අපේ පස්නෙකට මැදහත් වෙන්න කෙනෙක් ඉ්නනවධ? වැඩිය ඕන නෑ අපි පවා කෙනෙක්ගේ පස්නයකට උපදෙසක් දෙන්න කැමති නැහැ. “ අන්තිමට ඕව කියන්න ගිහින් අපිල තමයි වැරදි වෙන්නේ " කියල නිකා ඉන්න බලනවා. සමහරවිට ඉස්සරත් එහෙම පස්න අහගෙන හිටපු අය විතර්ක ඉන්න ඇති. ඒත් මගේ අත්දැකීඹ අනුව ඒ කාලේ මිනිස්සුන්ට දැන් තරම් තනියම ඔක්කම කරගෙන ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා එයාල එකිනෙකාට උදව් කරගෙන ආදී වශයෙන් තමයි ජීවත් වුනේ. එතකොට කයියට වඩා එහාගිය බැදීමත් කොහොමත් මිනිස්සු අතර තිබුනා. උදාහරණ විදිහට විසාල සතෙක් මරාගත්තම අඩුවට හරි ගමේම ගෙවල් වලට මස් ටිකක් දීලා කරල තමයි ඒක කන්නේ. මොකද නැත්තං මස් නරක් වෙනවා නේ. ඒ වගේ. අපිලෑ ගමේ නාන ලිද කේස් නම් ඒක ඉහලා සුද්ද කරගන්න අපිලම තමයි මහන්සි වෙන්නේ. ආන්න ඒ වගේ.
ජජ්මන්ටල් කේස්
පස්න කියන්න කිව්වට පස්න කිව්වට පස්සේ තවත් පස්න එන වෙලාවල් තියෙනවා. ඒ තමයි මිනිස්සු ජජ්මන්ට් ඉදිරිපත් කරන්න යන එක. මේ කියන්නේ උපදෙස් දෙනවා කියන එකම තමයි. ඒත් ඒ ගැන දැඩි ලෙස තමන්ෙග් මතය දාන්න ගියාම සහ තමන්ගේ අදහසට බලපෑම් කරන්න ආවහම එතන තනි නඩුවක්. කෙල්ලෙක් අපි හිතමු නසරානියෙකුට කැමති වෙනවා. ඌ නසරානියා කියලා කෙල්ල දන්නවා. ඉතින් ගහ දන්න අයට කොල කඩාපාන්න වගේ නිතර දෙවේලේ යාලුවොයි, ගෙදර අයයි, ගුරුවරුයි අර කේලලට ඕකට උපදෙස් දෙන්න ගියාම කෙල්ලට මිනිස්සුන්ට මූණ දෙන්න බැරි වෙනවා. මිනිස්සු මග අරින්න ගන්නවා. එක පාරක් මචං මෙහෙමයි ඌ හොද නෑ. ඒත් උඹට ඕනනම් ඔන එකක් කියන්න පුලුවන් නම් ආන්න ඒක වටිනවා.
කොල්ලන්ට වුනත් එහෙම කෙල්ලෙක් සෙට් කරගත්තද යාලුවො අහන්න ගන්නවා " අඩෝ උඹ ඒකට ගැහුවෙ නැද්ද තාම. ඇදපන් ඇදපන් කාමරේකට" කියලා. ඥාති කියන්න ගන්නවා " කවද්ද පුතා අපිලට ඔය ලමය බලන්න යන්න ලැබෙන්නේ" ඒ අස්සේ හැමදාම පාටි ඉල්ලන ඔෆිස් නඩේ " මචං කෙල්ල සෙට් වුනා නේද? නැද්ද අපිට පොඩි වාසියක්" කියල නටන්න ග්නනවා. අවසානේ අරූ ඔය කන්ඩායම් වල කන්දෝස්කිරියාව අහගෙන ඉන්නම බැරුව සයිඩ් ගහල කෙල්ල එක්ක විතරක් කතා කරන්න ගන්නවා.
සියදිවි නසාගත්තම ට්‍රෙන්ඩ් එකට අපි සෝක් කියල පේන්න සෙයාකරන පෝස්ට් වෙනයි. ඒත් ඇත්තටම අනුන්ගේ මනස ගැන අපි හිතනවද කියල හිතන එක වෙනයි. මගේ අදහස අපි අනුනග් මානසික නිදහස ගැන සලකන්නේ නෑ. අනුන් ගැන එහෙමට සංවේදිත් නෑ. ඒත් අනුන් අපිල විදිහට ඉන්න ඕනි අපි කැමති දේට කැමති වේනන ඕනි ආදී වශයෙන් තද ඉන්ෆ්ලුවෙන්සා නම් කරන්න ගොඩක් අය ඉන්නවා.
No comments:
Post a Comment