Monday, January 10, 2011

මා දකින ටැලිෆෝන් ලව්...(Telephony Love)

                    මා මුලින්ම මොබයිල් ටැලිෆෝන් එකක් මිලදී ගත්තේ මීට වසර 6කට පෙරයි..ඒ කාලයේ ගඩොල් භාග අයින් වී 3310 ජංගම දුරකථන කරළියට පැමිණි කාලයයි...එකල මා ඉගනගත් අවධිය විය ..කොල්ලන් කෙල්ලන් අතර ජංගම දුරකථන භාවිතය ඉහල ගියේය..අපි වැනි නිකමුන්ට ලෙහෙසියෙන් කෑලි සෙට් වෙන්නේ නැත..කෑල්ලක් සෙට් කරගැනීමට පැදිය යුතුය,,,චාටර කෑ යුතුය..ලැජ්ජා නහරය කපාගෙන කෙල්ලන් පසුපස යා යුතුය..එහෙත අපවැන්නෝ කෙල්ලක් පසුපස ගොස් කෙල්ල අකමැති උවහොත් එයට පාටි දාගෙන සංතෝස වෙති ..ඉස්සර අපේ සෙට් එකේ කෙල්ලෙක් ෆලෝ කරන්නට කොල්ලෙකුට අදහසක් පහලවීම යනු පාටියකි..කෑල්ල සෙට් උනොත් ප්‍රීතියට කති..වැරදුනොත් බූට් දුකට බොති..

                          ඉතින් මෙසේ නිකම්ම ඉන්නා විට ෆෝන් වලින් කතා කරන උන් එහිම එල්ලී කතා කරනු මට පෙනෙයි..මගේ මිතුරන් අතරටද ජංගම දුරකතන පැමිණෙයි..ජංගම දුරකතන ඇත්තෝ ඒවායින් බොහෝ විට කතා කරයි නැතහොත් කොටයි..මා සිතාගෙන සිටියේ මේ සෑම විටම කොල්ලන්ට දුරකථනයේ එහා පස ස්ටින්නේ ලස්සන කෙල්ලන් කියාය..මගේ මිතුරන්ද ජංගම දුරකථනයෙන් කෑලි සෙට් වෙන ආකාරය ඉතා ලක්ශනට විස්තර කරයි..ඉතින් මාගේ ෆෝන් උණ නගී..ගෙදර ගොස් අම්මාට ගෝරනාඩු කර යාන්තම් එකක් ගති..ගන්නට පෙර තාත්තා හා අම්මා ඒ පිළිබඳව දැක්වූ අදහස් බොහෝ වටින හෙයින් පහත් සඳහන් කරමි..

*හරි මංජුවට ඕක අරන් දුන්න කියල ඌ මක්ක කොරන්නෙයි අර ලොරිකාරයොන්ට බිස්නස් කාරයොන්ට එනෝ වගේ මූට කෝල් එනවයි..ඒ තාත්තාය..
*දැන් ඔය ගෙදර තියෙන එකටත් කාඩ් දාන්න විදිහක්(ගෙදර තිබුනේ ගඩොල් සයිස් මොටෝ එකකි ) නැතුව ඉන්නකොට අරගන්න තව එකක්"පාඩමක් පොතක් බැලිල්ලක් නෑ..පෝන් නම් වෙලාවට ඕනි...ඒ අම්මාය..
*ඔය පෝන් ගන්න හදන්නෙ කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද මම දැක්ක මූ මීය වගෙ කන්ද උඩට ගිහින් කෙල්ලෙක්ටද කොහෙද,, අර ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්නව..ඒ අපේ ජන්මාන්තර වෛරක්කාර අයියාය..

                     අපේ පන්තියේ සිටිය කෙල්ලෙකුගේ නම්බරය හොයාගෙන ගෙදර අයට හසුවෙතැයි බියෙන් කන්ද උඩට ගොස් කතාකල අයුරු අපේ බ්‍රොදරාට පෙනී ඇත,,උගේ "වෙන්ඩ පවුල(pending wife)" එවූ ලිපියක් නංගී විසින් තාත්තාට භාර දී අඹගමුවේ ලොකු අක්කාගෙන් යැයි සිතා තාත්තා විවර කර ඇත...එහි තිබූ ලිපිය කියවූ තාත්තා කී වෙ..කෙල්ලෙක්නම් මැදෑ ඒකි ලෙඩ වාට්ටුවක්..නැති ලෙඩක් නෑ..සඳුද උණලු..අඟහරුවාද හවස කකුලෙ අමාරුවක්ලු...බදාද හීනෙන් බයවුනාලු..දවස් 7ටම ලෙඩ...මූත් කරගහල තියෙන්නෙ..ලස්සනේට..2ට ගනින්න බෑ වාගෙ ඉඳගෙන..ඒ අපේ අයියා නොමැති වෙලාවට තාත්තා අයියාට කැපූ දෙහි ගොඩෙන් එක දෙකකි..මොන කේස් ආවත් මට දැම්ම ලව් කේස් එන්නේ නැතැයි..තාත්තා සිතා ඇත.. එකල ජනප්‍රිය සිද්ධිය වූයේ අයියාගේ ප්‍රේම හසුන හෙයින් මගේ ෆෝන් උණ ගෙදර ප්‍රධාන මාතෘකාව නොවීම මට වාසි විය..

               ෆෝන් එක නිසාම මට ගැහැනු දෙතුන් දෙනෙකු නොව හතර 5ක්ම හමු විය ..එහෙත් ඒ ෆෝන් එකක් මිලදී ගෙන අවුරුදු 2-3ක් ගියායින් පසුය..එයින් පොත්ත සුදු වූ ලස්සන කෙල්ලෝ 2ක් මට සුපුරුදු පරිදි තැපැල් බූට් තැබීය..ඉතිරි අයගෙන් එක් ..කෙල්ලක සතුව පැවති දන්ත කල්‍යානය ගැලවීමේ කුසලතාවයෙ හේතුවෙන් ලිස්ට් එකෙන් ඉවත් කරන ලදී..ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු මට ප්‍රේම කර ඇත..එකල ඇය දිරූ කඳක් මෙන් මාංශ නොමැතිව සිටි බැවින් මා අකමැතිවිය,,එහෙත් පසුකලෙක වෙනත් කොල්ලන් විසින් යාලු කරගෙන දැන් ඇය වැර ගැන්වූ කොන්ක්‍රීට් මෙන් රිසි පමණට උස මහතලබාදී ඇත..දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙයි..
තවත් ගැහැනු ලමයෙක් විය..දිනක් වැරදීමකින් ඇගේ නංගී මා හා කතා කලාය..ඉන්පසු කාලයාගේ ඇවැමෙන් මා ,නංගී ඇයට වඩා ලස්සන ඇතැයි සිතා අක්කා සමඟ තිබූ කතා කාලය..(දිනකට කතා කරන කාලය )නංගීට ලබා දෙන ලදී..මා හැන්ඩියෙකු හෝ ඛාන් කෙනෙකු නොවූ නිසා අක්කාද ඒ ගැන වැඩිපුර තැකීමක් නොකලේය..පසුව අක්කා ඉතා හදිස්සියේ කසාද බඳින ලදී...මා ඒ වනවිට ඇස් ගෙඩි දෙකින් දැක තිබුනේ අක්කාය...එහෙත් මා නංගී දුටු දින...හප්පේ මට තිබූ සංතෝසෙ...රූපය අනුව ගැහැනු වර්ග කිරීම නොහොබී..රූපය දිරයි..ආදී දේ පොත්වල ලියා ඇති බැවිනුත්..බොහෝ කලක් දවාට පායන චන්ද්‍රයා මෙන් මා පසුපස ඇය සිටි බැවිනුත් ඇගේ රූපය විස්තර නොකරමි..එහෙත් බොහෝ සරල ඇගේ ජීවත් වීමේ කලාව නම් මාගේ සිත් ගති...

ෆෝන් ලව සහ වෙනත් ලව්....
ෆෝන් ලව ගොඩක් වෙලාවට මන්දගාමීය සමහරවිට කෙල්ල ඇස් ගෙඩි දෙකින් දැකීමටද මාස ගනන් පෙරුම් පිරීමට සිදුවෙයි..එහෙත් අපේ අයියාගේ ලියුම් ලව් නම් ටිකක් ස්පීඩ් වෙයි..ඔවුනතර එක් ලිපියක කාල පරිච්චේදය කෙල්ලගේ සහ කොල්ලාගේ එකිනෙකා දැකීමට කතා කිරීමට ඇති ආසාව කුපිත කරවයි...දෙදෙනා ගෙන් එක් අයෙකු එක් වරකට එක් අදහසක් පමණක් දෙන නිසා...ඕනෑම අදහසක් කෙලිම්ම ලිවිය හැක පිලිතුරු එවෙලෙහිම නොලැබෙන නිසා ඒ තරම් ගින්නක් නැත..අපේ බාප්පා කෙනෙකු විසින් අත්හදා බලන ලද ක්ෂණික ලව බොහෝ විට ඉදිරියෙන් සිටින බව මා වැනි ආදරය කිරීමට කම්මැලියන් විසින් සිතයි..
අපේ බාප්පා පෙදරේරුවෙකි...ඔහු කසාද බැඳීමට පෙර අවසාන වරට කපරාරු ගසා ඇත්තේ ළඟදී යෝජිත විවාහයකින් දීගතල යෑමට සිටි ඔහුගේ වර්ථමාන බිරිදගේ මහ ගෙදරයි...වැඩ අවසාන වනවිට බාප්පා රැගෙන විත් ඇත්තේ ඔහුගේ ආම්පන්න කට්ටලය පමණක් නොවේ...තවත් වටිනා ගෙදර දොරේ උපකරණයකි...රෙදි සේදීම..කෑම ඉවීම,,පිලිවෙලට සිටීම,,,ඉතිරිකිරීම,අපිට කතන්දර කීම,,,අපේ පුන්චි අම්මා විසින් ඉතා හොඳින් කළාය..ඒ හා සංසන්දනය කරන විට අවුරුදු7-8ක ලවකින් පසු අපේ අයියා කුදලහගෙන ආවේ රේඩියෝ එකකි.ඇය නොදන්නා හෝ නොඇසූ කිසිවක් නැත,,කල යුතු මහාර්ඝ වැඩ බොහෝ තිබියදීත් කයිවාරු වනම් බොහෝ දිගය,,.එයට ඇමිණුම් ලෙස ගුරුපත්වීමක්,,උසස් පෙළ සමත්,,වංශවත්,,පොශ් ආදී බොහෝ දේ ආවත් අපේ පුන්චි අම්මා තුල කලින් සඳහන් කරන ලද බොහෝ දෙයෙහි ඇය සිටින්නේ පුන්චීට වඩා බොහෝ පහලිනි..මෙය අපේ අයියාද බොහෝ විට කියනු මා අසා ඇත..
ෆෝන් එකකින් පමණක් හඳුනාගෙන ප්‍රේම කරනවිට සැලකිලිමත් විය යුතු අංශ වෙයි...

ඒවායින් වැදගත් යැයි මාසිතන කීපයක් පහත ඇත,,..

ක්ලොක් එක..
මේකියන්නෙ මෙහෙම දෙයක් ඔබ අද උදේ 6.32ට නැඟිටල උදෙන්ම ගුඩ්මෝනින් කියල කතා කරල හෙටත් ඒ වෙලාවට එහෙම කලොත්..අනිද්ද 6.32 වෙත්දි කෙල්ල බලනව අද මොක්ද මේ කෝල් එක ආවෙ නැත්තෙ කියල..ඒ කියන්නෙ මම අත්දැකපු විදිහට ගැහැනු අය කාලයට සංවේදීයි..ඔබ නිතර රාත්‍රී 9.17ට ඇය අමතා පැය බාගයක් කතා කරන්නේ නම් ...ඔබ ට යම් දිනෙක වැඩ කෝටියක් තිබුනත් 9.17ට ඇයට මිස් කෝල් එකක් දී මැසේජ් එකක් හෝ දැමීම වැදගත්...

පැණි සීමාව..
ඔබ කතාකරන ගැහැනු ලමයා කරදරය පත් වූ විට ඔබද කඳුලු සැලීමට සැරසී සිටිය යුතුයි..කල් යල් බලා පැණි හැලිය යුතුය..ඔබගේ තෝරාගත් ගැහැනුළමයා ඉතා කෙලින් කතා කරන කෙනෙකු නම් ඇය පැණිවලට ආස නැත..එහත් බොහෝ දුරට ප්‍රේමය හා පැණි එකම පීල්ලක යයි...යතාර්ථ වාදී නවකතා..සිනමා,,ටෙලි ගුල්වල පුස්කද්දී පැණි පිරුණු බොළඳ දේ විශාල ලෙස මාකට් වන්නේ..වයසට ගියත් බොහෝඅය තරුණ කල කල බොළඳ ප්‍රේමයට තවමත් ආසා කරන නිසාය..නැතහොත් තමාට ගත නොහැකිවූ අත්දැකීම් වලට සිහිනෙන් හෝ සමවැදීමටය..

ජෝක් ප්‍රමාණය..
ගැහැණු ලමයෙක් මුලින්ම කෙතරම් කැමැත්තකින් සිටියත් කොල්ලෙක් හා කතා කිරීමට බයය..එමනිසා ගැහැනු ලමයෙක් මුලින්ම හමුවූ කල ඔබ දන්න තරමින් ජෝක් එකක් කර ඇය හා ඔබ අතර ඇති පරතරය අඩු තත්වයකට රැගෙන ආයුතු වෙයි..දිගින් දිගට හැමදේම ජෝක් ගන්නවාට කෙල්ලො කැමති නැත..ගැහැනු ළමයාගේ හිත්ගත් වීරයින් ස්ථාන හා දේවල් විහිලුවට ගැනීම ඔබ විසින් මුල් කලදී නොකල යුතුයි..දීර්ඝ කාලීනව උවත් හැමදේම ජෝක් කරගැනීම හොඳ නැත ..එය තුල යම් සංවේදී සිද්දි ඔබට මඟ හැරී යා හැක..

පණ්ඩිත ගතිය.
.බොහෝ දේ කියවූ..බොහෝ දේ ගැන ටිකක් වැඩිපුර දන්නා අය කෙල්ලෙක් සෙට් වූ විට සිය පන්ඩිත ගති විදහා දක්වයි..උදාහරණ ලෙස ඔබ දුර ඈත කොලොන්න කෝරලේ යුවතියක් බස් රියකදී හමූ උවහොත් ඇය හොඳ උගත් ළමයෙකු යැයි ඔබ අනාවරණය කරගන්නා තාක්කල් සිංහලෙන් කතා කල යුතුය..ඉංග්‍රීසි ඔබමින් ඔබේ කලර් පෙන්නීමට යෑම ඔබ මාන්නාක්කාරයෙකු බව පෙන්වීමකි..එසේම ගැහැනු ලමයා ශාරුක් ඛාන්ට ආසයැයි ඇය කීවොත් ඔබ ඔහු ගැන තියෙන ඔබදන්න සියල්ල කීමත් මහ අවාසියකි...එවිට එය මහ බෝරින් සංවාදයකි..ඇය වචනයක් කියයි..ඔබ එහි තේරුම් කියයි...

නිශ්ෂබ්ධ වීම...
ෆෝන් එකෙන් හෝ කෙලින්ම කතා කරත් ගැහැනු ළමෝ බහුතරය අසා සිටීමට වඩා කියවීමට ආසාය,, මුල් කලදී ඔබගේ කට පරිස්සම් කරගැනීමද වැදගත්ය..නැතිනම් ඔබ ඇහුම්කන් නොදෙන්නෙකු ලෙස ඇය වරදවා වටහා ගන්නවා ඇත,,,

අවසාන වශයෙන් කුමණ පොතක බ්ලොගක හෝ රූප රාමුවක කෙසේ තිබුනත් ඔබට ගැහැනු ළමයෙකු ෆෝන් එකෙන් හෝ යාලු කරගැනීමට කැපවීම අවශ්‍යය..මේ පුද්ගලයා මා ගැන ඔහුට වාසියක් නොවෙතත් සොයා බලනු ඇත යැයි ගැහැනු ළමයා සිතුවොත් සහ ආකර්ශනයක් වූවොත් එතැන සබඳතාවක් ඇති වෙනු ඇත...

Friday, January 7, 2011

යට නොපෙනීමේ භීතිකාව...(kotata endhiima)

        1. පරණ චිත්‍රපටිවල මාලනී ෆොන්සේකා ඇතුලු සමකාලීන නිළියන් ඉතා කොට ගවුමක් ඇඳගෙන සිටී..පරණ කාලේ හෙවත් මීට වසර 20කට තිහකට එපිට එවැනි දේ සාමාන්‍යකරණය වීදැයි සිතෙන තරමට එකල කොට ගවුම් තිබී ඇති බව මට සිතෙයි..ඇන්ටන් ජෝන් මහතා විසින් ගයන කොට්ට උරය වැනි මිනිගවුම යනු කොට සායක් නොවේ එයකොට ගවුමකි..එයින් උඩුකයද යටිකයද වැසිය යුතුය.. එවිට යටි කයේ කකුල් අඟල් කීපයකට වඩා නොවැසෙන බව මගේ දැනීමය..



2.ආගමික ස්ථාන වලට යෑමට රටේ නීති ඇති කල යුතුද??යම් ආකාරයක හික්මීමක් සංවරයක් ඇතිව සිටින පිරිසක් බිහිකිරීම සෑම ආගමකම අරමුණයි..ආගමික මධ්‍යස්ථාන වටා එකතුවී සිටින අය සහ ඒවායේ මධ්‍යස්ථාන භාරකරුවන් විසින් කලයුතු දේවල් නීතිගත කලයුතුයිද??දලදා මාලිගාවට යන සුද්දියන්ගේ ඇඳුම් ගැන විමසීම එහි සිටින ආරක්ශක නිලධාරිනියන්ගේ වගකීමකි..එසේම යම් පන්සලක දායිකාවන් අනවශ්‍යලෙස විදහා දක්වන කාම තොරන් සහිතව පන්සලට එයි නම් හාමුදුරුවන් සහ දායක සභාව ඒවා විසඳිය යුතු වෙයි..

3.රජයක් මඟින් පාලනය කල යුතු බොහෝ දේ නොකර සිටිමින් මෙවැනි දේ කිරීම තුල ආන්ඩුව ජනතාව තුලින් සිංහල බෞද්ධ ඡන්ද ඇහිඳිනවා විය හැක..උදාහරණ ලෙස මාතර කොළඹ අධිවේගී මාර්ගය,,නව ක්‍රීඩාංගන,,රැකියා ජනනය,,පොල් නොමැතිවීම,,බඩුමිල,,අධික ජීවන බර,,විරැකියාව ආදී බොහෝ දේවලට අපේ රජය සතුව ඇත්තේ කතන්දර පමණි..ඉතින් තවදුරටත් මෙවැනි දේ පිටුපස ඇත්තේ ජනප්‍රිය දේට ඇඟිලි දමා තවත් ජනප්‍රිය වීමේ තියරි මිස වෙනත් අරමුණු නොවෙයි..සම වෙන්න රාජ පක්ශයිනි..ඔබට පමණක් නොව හම්පඩ විපක්ශයටද දැක්මක් ඇතැයි මා නොසිතමි..

4.ගැහැනුන්ගේ ඇඳීම් පාලනය කිරීම කොතරම් ප්‍රායෝගිකද යන්න තවත් කතාවකි කෙනෙකුට කොටට ඇඳීමට නීති දැම්මොත් ඔවුන් දිගට ඇඳ පලාගෙන එනු ඇත..මා එක් තරා වීඩියෝ දර්ශනයක දුටු පරිදි ඔලුවේ සිට පාදාන්තය තෙක් කලුවට ඇඳි අරාබි කතුන් පිරිසක් යට ඇඳුම් කිසිවක් නැතිව සිටින අතර අවශ්‍ය අවස්තාවල ඔවුන් ඔවුන්ගේ ඇඳුම් ඔසවා සිය පාරිභෝගිකයින්ට මඟතොටදී පවා සේවය ලබා දෙති..

5.සිංහල බොදු සංස්කෘතියට කොට නොගැලපේ යැයි කෙනෙක් සිතත් නම් බුද්ධ කාලයේ ගණිකාවන්ට,,අභිසාරිකාවන්ට බුදු සසුන පිහිට වූ අයුරු සිහිකර ඔවුන්ගේ කාලයේත් බුදුන් සිටිය සමයේත් මෙවැනි නීති තිබුනේදැයි ඇසීමට කැමැත්තෙමි...බුදුන් කිසිවෙකුට හික්මීමේ මාර්ගය හා තමාගේ ශාසනයේ අයට විනය නීති පැනවීමට උත්සාහ කලා විනා තමන්ගේ මිතුරන් වූ කොසොල්,,බිම්බිසාර,,අජාසත්ත ආදී රජවරුන් ලවා සමාජයට බෞද්ධ නීති ගෙන ඒමට උත්සාහ කලේ නැත..දැඩි මුස්ලිම් මූලදර්මවාදීන් විසින් පාලනය වන රටවල එවැනි නීති තිබිය හැක..එහෙත් ලංකාවේ සියයට හැට පහකටත් වඩා සිටින බෞද්ධ පිරිසට මුස්ලිම් අයගේ නීති ගෙන එන්නේ ඇයිදැයි නොදනිමි..මුස්ලිම් සංස්කෘතිය අපිට වඩා වෙනස්ය එය එයට අනුකූලව වැඩ කරනවා ඇත...මීට කලකට පෙර ලන්ඩන් නුවර මුස්ලිම් හෝ කිනම් පුද්ගලයෙකුට හෝ හිස වසාගෙන මොට්ටැක්කිලි දමාගෙන යෑම තහනම් විය..එය එසේ කලේ මහජන ආරක්ශාව තකා වෙයි..

6.තව නොබෝ දිනකින් අපේ මහින්දරාජ මැදිහත් වී මෙම නීතිය අකුලාගැනීමට උපදෙස් දෙනු ඇත..එය අපිට අලුත් දෙයක් නොවේ..දෙසැම්බර මස පොල් මිල සෑම කලකදීම වැඩි වෙයි..එම කාලයේදී පොල් අපනයනය තහනම් නොකොට ආනයනය කිරීම ජනාධිපති සංකල්පයකි..දැන් ක්‍රීඩාංගනවල ලෝක කුසලාන පැවැත්වීම ගැන ජනාධිපති තුමා සංචාර දමයි..එය මෙතෙක් අසාර්ථක වී ඇත්තේ කුමක් නිසාදැයි නොසිතා පරණ නඩයටම අලුතින් අණදීම ජනාධිපති තියරිය වෙයි..විදුලිබල මන්ඩලය විසින් අනුමත ගාස්තු වලට වඩා ,,වැඩි මිලක් කොන්තරත් සමාගම් වලට ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා නොපෙනෙන ජනපති විදුලි බිල් වැඩිකිරීමේ තීරණ වහා කල්දමයි..

7.කොටට ඇඳීම නම් වූ ක්‍රියාවලිය වැඩිපුර සිදු කරන්නේ යෞවන වියේ ළමුන් වෙයි..මෙයට එක් හේතුවක් නම් කෙතරම් ලොකුවට සිටියත් දෙමාපියනට සිය දරුවන් ඉතා කුඩා උන් ලෙස පෙනීමයි...ඉතින් ඔය පොඩි එකා කොටට ඇන්දම තමා ඔහෙ කියන ඔය ලෝකෙ තියෙන ඔක්කොම දහදුරා වැඩ ටික වෙන්නෙ කියල අම්මල කියනව ඇති තාත්තල බැන්නම..ඒත් තමන්ගෙ එකා තමන්ට කොයි තරම් චූටි උනත් ටිකක් වැඩිපුර කොටට ඇඳන් යන ටිකක් නලවල යන කෑල්ලට මේක් අප් තියනවන්ම් ආන්න ඒව තමා ගොඩක් උන් හිතන්නෙ බඩු නොහොත් ගණිකාවො කියල..ඒකෙත් ඉතින් වැරද්දක් නැහැ ගණිකාව තමන්ගෙ බිස්නස් එකට කස්ටර්මර්ල අල්ලගන්න ටිඅකක් අරුමෝසමට අඳිනව..ඒත් ඒ ගණිකාවට ටික දවසයි ඒ මෝස්තර කරන්න පුලුවන්.. ඊට පස්සෙ අපේ පන්ති යන කෙලි පැන්චියොයි ඔෆිස් ටන සෙට් එකයි අර අවුරුදු 40ක් වෙන ගෑනු,, ලස්සන වෙලා නාකි කම ඩිංගක් වහන් යන්න තියෙන මේක් අප් සෙට් එක එහෙමම දමාගෙන යනව..මම ඉගන ගන්න කාලෙ හිටිය කෙල්ලෙක් ඒකි හරියට කොන්ඩෙවත් පීරන්නෙ නැතිව ඩෙනිම ගහල එන්නෙ..ඕනි වැඩකදි බොක්කෙන් කොල්ලෙක් වාගෙ වැඩ..අපි ඒ කෙල්ල එක්ක කතා කරන්න සෙට් වෙලා වැඩ කරන්න වගේම ගොඩක් උන් ඒ කෙල්ලගෙ පෙම්වතා වෙන්නත් උත්සාහ කලා..කෙල්ලත් ඒ තරන් ලස්සන නෑ..ඒත් ඒකිගෙ හිත කෙනෙකුගෙ දුකකදි වැස්සට කොළඹ වාගෙ වැක්කෙරෙනව...ඒවාගෙ අනේ අපොයි කියල නිකම් ඉන්නෙ නැතිව කරන්න පුලුවන් දේ කරනව..කෙනෙකුගෙ බාහිර අලන්කාරය තියෙන්නෙ ටික කාලයයි..ඒත් ක්‍රියාවෙන් ලස්සන වෙන්න පුලුවනිනම් ඒ වාගෙ ගෑනු මැරුනත් මිනිස්සු මාර විදිහට ගරු කරනව..පූලාන් දේවී,,මාරි කියුරි,,තෙරේසා මව්තුමී,,පේමවතී මනම්පේරි,, වාගෙ ලන්කාවෙ ලෝ කෙ මහා නම ක් තියෙන ගෑනු මහා ලස්සන අයම නෙමෙයි..ඒ අය ජනප්‍රිය උනේ අනුන් වෙනුවෙන් අසීමාන්තික කැපවීම නිසා..තියෙන විනාස වෙන රූපෙ පාට ගගා පෙන්නන්ම උගන්නනෙ නැතිව ඒ වාගෙ වටිනා මිනිසුන් වෙන්නත් ගෑනු දරුවොන්ට උගන්වනවනම් පුලුවන් තරම් කොල්ලොන්ට කියල බලෝගන්න ට්‍රයි කරන මේ ෆැශන් සෝ එකෙන් තමන්ගෙ දරුව මුදා ගන්න පුලුවන් වෙයි...

8.සමාජයක ළමුන් ව්‍යසන වලින් ආරක්ශා කරගැනීම භාර වෙන්නෙ දෙමාපියන්ට..ඒ දෙමාපියන්ට නිසි දේ දීම ආගම් වල වගකීමක්..බහුතරයට හානි ගෙනදෙන විනාශකාරී චර්යා සහිත පුද්ගලයින් සමාජයෙන් ඈත්කර තැබීම නීතිය සහ ක්‍රමයෙ වැඩක්..ප්‍රකට ස්ත්‍රී දූශකයො,,අපචාර චෝදාකරුවො නීතියටත් ඉහලින් ඉන්න පාර්ලිමේන්තුවකින් මේ වාගෙ සදාචාර සමාජය අපි බලාපොරොත්තු වෙන්නෙ කෝමද??ළඟ පුවත් පතක තිබ්බ කළුතර දිස්ත්‍රික්කය ළමා අපcආර කාන්තා හින්සනය සම්බන්ධ විශාල පැමිණිලි සංඛ්‍යාවකට හිමිකම් කියනව කියල..අපේ රටේ අග්‍රාමාත්‍ය බෞද්ධයෙක් හිටපු පින්වත් පලාතක් ඒක...ඒකෙ කතාව ඒක නෙමෙයි ප්‍රදේශවාසීන් කියන විදිහට හිටපු අග්‍රාමාත්‍ය තුමත් ප්‍රකට වෙලා හිටියෙ වයසින් කුඩා වූ ගැහැනු ආස්‍රයටලු..ඉතින් ඒත් කවදාවත් පොලිස් පොතක උන්දැගෙ නම නම් නැතුව ඇති ඒත්,,දන්නෝ නම් හොඳින්ම දන්නවා ඇති..

9.සමාජයේ හෝ ආගමික ස්ථානයේ හෝ යම් ප්‍රශ්ණ කාන්තාවන්ට සහ සමාජයට වෙනවනම් ඒකට එකම හේතුව වෙන්නෙ අර ටිකක් උඩ හරියට යනකල් පේන කකුල් කඳන් දෙකද???ඒක දැකල එකපාර කිපෙන අයෙක් ඉන්නවනම් එයාට මොනාද වෙලා තියෙන්නෙ කියල හොයා බලන්න ඕනි...අවසාන වශයෙන් මිනිස්සු ඇඳුම් අඳින්නෙ සීතලට හෝ ගැහැට වලින් ආරක්සා වෙන්න නෙවෙයි...ලිංගික ආකර්ශනය වැඩි කරගන්න..

බ්‍රිතාන්‍ය පරිගණක සංසදය (BCS Exams)

බ්‍රිතාන්‍ය පරිගණක සංසදය (British computer society) කියන එක මඟින් තියෙනව වරලත් තොරතුරු තාක්ශණ අධ්‍යයන ආයතනය(chartered institute of IT) මඟින් තමා විභාග පැවැත් වෙන්නෙ..මේක ඇවිල්ල වෘත්තීය සුදුසුකම්(Professional qualification) සපයන පාඨමාලාවක්..මේකෙන් ශ්‍රී ලංකාව ඇතුලත ඉඳගෙන ලෝකෙම පිලිගන්න තොරතුරු තාක්ශණ සුදුසුකම් ලබාගන්න පුලුවන්...

කොහේද තියෙන්නෙ..

මේ වරලත් තොරතුරු තාක්ශණ අධ්‍යයන ආයතනය එක්සත් රාජධානිය(UK) මූලික කරගෙන රටවල් ගණනාවක විභාග පවත්වනව..ලංකාවෙත් විභාග පැවැත්වෙනව...
මේ පාඨමාලාව කොටස් 3කින් සමන්විත වෙනවා..

සහතික පත්‍ර(certificate level)

මෙය විශයන් 3කින් සමන්විත වන අතර මෙහිදී බොහෝ සිසුන්ට අමාරු විශයක් වන්නේ මෘදුකාංග සංවර්ධනය නම් වූ ප්‍රෝග්‍රැමින් කොටස් අදාල වන විශයයි..එම විශය සඳහා පිළිතුරු ලිවීමට C ජාවා හෝ පැස්කල් යන ඕනෑම පරිඝනක භාශාවක් යොදාගත හැක..

ඩිප්ලෝමා(Diploma)

පරිගණක ජාලකරණය(Networking),,තොරතුරු ක්‍රමවේද(Information Systems),ක්‍රමලේඛන(Programming) ආදී බොහෝ විශය පථවලට අයත් වන විදිහෙ විශයන් ඩිප්ලෝමාවෙදි තෝරාගන්න පුලුවනි ..මුලු විශයයන් 4යි එකක් අනිවාර්යය විශයක්..

උපාධි ඩිප්ලෝමා (Post Graduate diploma)

මුලු ඩිප්ලෝමාව සම්පූර්ණ වෙන්න නම් මෙහිදී විශයන් 3ක් සහ ව්‍යාපෘතියක් සිසුවා විසින් සම්පූර්ණ කල යුතු වෙනවා..ඩිප්ලෝමාවේදී තෝරාගත් විශයන් වැඩිදුරටත් අධ්‍යයනය කරන්න මෙහිදී අවස්ථාව එනව..

මොනවද මේ වල වාසි සහ විශේෂ ප්‍රථිලාභ

මේකෙ තියෙන වාසිය තමා ඉතා අඩු කාලෙකින් උපාධියට ආසන්න සමාන තොරතුරු තාක්ශණ සුදුසුකමක් ලබාගැනීමට හැකිවීම..මේකෙ උපාධි ඩිප්ලෝමා සහ එහි ව්‍යාපෘතිය සම්පූර්න අයට කෙලින්ම මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ශනික (Master of IT)විද්‍යාපති උපාධිය හදාරන්න පුලුවනි..ඒ වාගෙම එක්සත් රාජධානිය ඇතුලු ලෝකෙ පුරා විසිරුන විශ්ව විද්‍යාල බොහොමයකින් කෙලින්ම විද්‍යාපති උපාධියට (M IT or M sc in IT)ඇතුලත් වෙන්න පුලුවන් අවස්ථාව තියෙනව මේ උපාදි ඩිලෝමාව සම්පූර්ණ කල අයට...

මූලික සුදුසුකම්..

මේ පාඨමාලවට ගණික දැනුම වැදගත් වෙනව..ඒ වාගෙම උසස් පෙළ විද්‍යා ගණිත සිසුන්ට මේ පාඨමාලාව බොහොම හොඳින් කරගෙන යන්න පුලුවනි මූලික තොරතුරු තාක්ශනික දැනුම නොමැති උවත්...මෙහිදී ගොඩක් වෙලාවට තොරතුරු තාක්ශනයේ තියෙන බොහෝ යෙදීම හා ක්‍රමවේද පිළිබඳව හැදෑරීම් කරනවා විනා එම විශයන් බොහෝ ගැඹුරට කරන්නෙ නෑ..සියලුම විභාග පැවැත්වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන් නිසා ඉංග්‍රීසි භාශාමය දැනුමක් තිබීමත් වැදගත් ..

විභාග ක්‍රමය

මේ තත්ව 3 සඳහාම විභාග ඔක්තෝම්බර මුල මාසයේදී සහ අප්‍රේල් මාසයේවිභාග පැවැත් වෙනව...ලංකාවෙත් කොළඹ සහ නුවර මධ්‍යස්ථානවලදි විභාග පැවැත් වෙනව...මෙහිදී එක් තත්වයක් සම්පූරණයෙන්ම ඉවර නොකර වුවද අනෙකුත් තත්ව වල විභාග සඳහා පෙනී සිටින්න පුලුවනි..මේ විභාග වලට පෙනී ඉන්න කලින් හෝ විභාග අයදුම්පත්‍ර භාර දෙන අවස්ථාවේදී විභාග අයදුම්කරුවන් බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතුයි..මේ සාමාජිකත්වය ගත්තහා අපිට නොමිලේ සඟරාවක් ගෙදරටම එනව..ඒ වාගෙම අපිට වෙබ් අවකාශය තුලින් තොරතුරු තාක්ශනයේ නව නැවුම් තොරතුරු ලබාගන්නටත් පුලුවන් වෙනව...
ගාස්තු
සාමාජිකත්ව ගාස්තු-40/=
සහතිකපත්‍ර පාඨමාලාවේ එක් විශයකට ගාස්තු-38/=
ඩිප්ලෝමා විශයකට ගාස්තු-43/=
උපාධි ඩිප්ලෝමා ගාස්තු-81/=
ව්‍යාපෘති ගාස්තු-100/=
මුලු මුදල=40+(38*3)+(43*4)+(81*3)+100=426/=
මේ මුදල තියෙන්නෙ පවුම් වලින්....මේ ගාන රුපියල් වෙන්න දෙසීයෙකින් විතර ගුණ වෙන්න ඕනි.. තව ඉතින් පාඨමාලාව හදාරන්න ආයතන වලටත් ගෙවන්න වෙනව..
Certificate Level: Rs. 22,500
Diploma Level Rs.35,000
PGD Level Rs. 48,000
සාමාන්‍යයෙන් මේ වාගෙ ගානක් යනව ඉගනගන්න වියදම විදිහට...(මේ තියෙන්නෙ ඊ සොෆ්ට් එකේ මිල ගනන්)..

රැකියා

ඇත්තටම මේ ක්‍රමය ඔස්සෙ කෙලින්ම රැකියා නම් ලැබෙන්නෙ නෑම වාගෙ තමා ..වෙනත් ක්ශේත්‍රයක ඉන්න කෙනෙකුට තොරතුරු තාක්ශනික සුදුසුකම් ලබාගන්න,,තමන් දැන් වැඩ කරන තැනින් උසස් වීමක් ගන්න,, උපාධියට සමාන සුදුසුකමක් ලබාගන්න පුලුවනි මේ සිස්ටම් එකෙන්..ඒත් රැකියා මූලික ක්‍රමයක් නෙමෙයි මේකෙ තියෙන්නෙ..කොටින්ම තොරතුරු තාක්ශනය පිළිබඳව හැදෑරීමක් තමා..කොහොම උනත් මොරටුව කොළඹ විශවවිද්‍යාලවල ලබාදෙන තොරතුරු තාක්ශන උපාධියට සමාන නුදුසුකම් වසර එකහමාරක කාලෙකින් ලබාගන්න පුලුවන් BCS එක්සෑම් හරහා..

Thursday, January 6, 2011

අවාසනාවට පච කතාවක් ( Unfortunately false story)

මල්ලි මම ඔයාට එන්න කීවම ඔයා හිතන් ඇති මම මහ නරක කෙනෙක් කියල නේද???
අනේ නැහැ මම දන්නව ඔයා ටිකක් වෙනස් විදිහෙ කෙනෙක් කියල..
මෙහෙමයි මල්ලි ඔයා කවුද කියල මම හරියටම දන්නෙ නැතත් ඔයා නිකම් මට එක්තරා කාලෙක හමුවුනු මගේ ජීවිතේ වෙනස්කරපු සමීර වගේ ....කොල්ලෙක් කැමති නෑ වෙන කොල්ලෙක් ගැන ගුණ කියනවට ඒත් මල්ලි සමීර කියන්නෙ...මට ජීවිතේ වගේ...එයා වාගෙ උන නිසාම මට ඔයා ගැන සැකයක් හිතුනෙ නෑ...
(ඇය මේ අවස්ථාවේ මදක් බීමත්ව සිටීය ගත් වයින් ප්‍රමාණය මඟින් කතා කරනවා විනා ඇය නිකම් මෙසේ කියවන්නියක් නොවෙයි..)ඇය හමුවූ ආකාරය මා මෙසේ ඇයගේ නිවසේ සිට ඇයගේ කුඩා පුතු නිදාගත් තැන් සිට වයින් බිබී කතා කිරීම ඔබට කියවන ඔබට අලුත් දෙයකි..එහෙත් ඇයගේ අසාමාන්‍ය බවෙහි එක් අංගයක් පමණි මේ...
ඉතින් අක්ක සමීර ඔයාට හමූනේ ටියුශන් ක්ලාස් එකකිද???
නැත්නම් පස්සෙ කාලෙකදිද???
නෑ ඉන්දු නෑ....මම ටියුශන් කාලෙ කොල්ලො දිහා යන්තම් වත් හැරිලවත් නොබැලූ කෙනෙක්...යාලුවො කියල මට ගර්ල්ස්ලවත් ඒ තරම් හිටියෙ නෑ...මට හොඳට මතකයි එක සිද්දියක්...දවසක් මගේ ක්ලාස් එකක කොල්ලෙක්..මගේ සීට් එකේ වාඩි උනා අමාලි අමාලි ප්ලීස් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවනිද කියල පොර ඇහුව...මම කිව්ව හරි කියන්න කියල..ඒත් පොර නෑ මම පස්සෙ කියන්නම් කිව්ව...ඊලඟ දවසෙ ක්ලාස් එකේදි මම මිනිහට එන්න කියල පණිවිඩයක් ඇරල ඇහුව දැන් මතක් උනාද කියල මිනිහ නෑ කිව්ව...
දවසක් බස් එකේ වාඩිවෙලා උයනකොට මිනිහෙක් වැඩිපුර හේත්තු වෙන්න ඇවිත් මම මගේ කුඩෙන් ගැහුව උගේ කකුලට..කුඩෙත් ඩැමේජ් උනා.ඌට ලැජ්ජ හිතෙන් ඇති...ඒත් වචනයක්වත් කීවෙනෑ..බහිනකොට මට කුනුහරුපෙන් බැන්න..ඒත් බැස්සට පස්සෙ..
කොල්ලොනම් හත් 8 දෙනෙක්ම ආව ඒත්..මගේ හැටි ටිකක් අවුල් නිසා වැඩිපුර කිට්ටු වෙන්න ආවෙ නෑ...
මට සමීර හමු උනේ පොලිසියෙ හිටපු කාලෙ....
අර වැල්ලවත්ත සුපර් මාකට් එක ළඟදි කරපු මංකොල්ල කෑමට සම්බන්ද කෙනෙක් තමා සමීර....ඉතින් මට සමීරගෙ නම්බරේ දුන්න අපේ ඒ එස් පී ඩීටේල් හොයල දෙන්න කියල...එතකොට මම ඒ වාගෙ වැඩ දෙක තුනක්ම කරල තිබුන නිසා ටිකක් ට්‍රික් එකක් තිබුන...මිනිහ අල්ලගන්න ගොඩක් අමාරු උනා...ඒවෙලාවෙ මට සමහර වෙලාවට කුනුහරුපෙනුත් බැන්න මොකද ඕයි මාවම කන්න හදන්නෙ කියල...ටික දවසකින් මගේ කෝල් ආන්සර් කලේ නෑ..පස්සෙ මම ලෑන්ඩ් ලයින් එකකින් ගත්ත...අරගෙන කටහඬ වෙනස් කරල හෙම කතා කරල හලෝ කිව්ව...එතකොට සමීර ඇහුව ඔය සමාධි වැඩිහිටි නිවාසෙන් නේද..හරි අපි හරියට 4.30ට ඔතන..ඔක්කොම හරි කියන්න මිස්. සමීර හිතුවෙ මම වැඩිහිටි නිවාසෙන් කියල...පස්සෙ මම ඩිරෙක්ට්‍රියෙන් වැඩිහිටි නිවාසෙ නම්බරේ හොයල කිව්වමේ අර හවස එනව කීව අය එයි හවස කියල.....
මමත් අහගත්ත වැඩිහිටි නිවාසෙ තියෙන තැන..ෆෝන් එකෙන් අල්ලන්න බැරි එක්කෙනා මීට් වෙලාම බලමු කියල හිතල යාලුවෙකුගෙන් එන් ජී ඕ එකක ෆයිල් එකකුත් අරන් හවස ගියා වැඩිහිටි නිවාසෙට..එතකොට සමීරල ඇවිත්..ඒ අය සෙට් එකක් හිටිය..මමත් ගිහින් එතන පාලිකාව විදිහට හිටපු කෙනාව අඳුනගෙන අපෙන් මොනාහරි කෙරෙන්න තියෙනවද කියල අහල කතාවක් දැම්ම..මිස් මෙහෙට අර ඇවිත් තියෙන සමීර මහත්තයල ඕනි තරම් සලකනව වෙන එකක් බලන්න..සමීර මහත්තයගෙ අම්ම මැරුනෙ මෙහෙ..ඉතින් එයා මෙහෙට හොඳට සලකනව..ඕනි නම් සමීර මහත්තය එක්ක කතා කරල බලන්න...
සමීරල ඇව්ත් තිබුනෙ ජිප් එකකින් පරණ පොලිස් ජීප් එකක් මොඩිෆයි කරල..මම සමීර හොයන්න ගිහාම එයා හිටියෙ නිවාසෙ වහල උඩ...වහලෙ සුද්ද කරනව...පස්සෙ මම ගිහින් එයා බහිනකල් ඉඳල කතාකලා..මම මිස් නයනි..ඒ ටී එම් ඉන්ටර්නැශනල් ෆන්ඩ් එකෙන්..අපි මේ වාගෙ තැන්වල ඉන්න අයගෙ තත්වය උසස් කරන්න සලකා බලනව...මම ගිහින් මේකෙ ඉන්න පාලිකාව හමු උනා..එයා කිව්ව ඔයා එක්ක කතා කරගන්න කියල...
මම එක්ක මොනව කතා කරන්නද කොහොමත් මට තව වැඩිකලක් මෙහෙම සලකන්න බැරිවෙයි..මිස්ට පුලුවන් විදිහට කරන්න දෙයක් තියෙනවනම් කරන්න ..
හැබැයි ඉතින් මෙහේ අයගෙ ෆොටෝ ගහල පස්සෙ ලොකු උත්සව තියාල හෙම බෙර ගහනවන්ම් අපිට එන්න බැරිවෙයි...එක අතකින් බැලුහම මෙතෙන්ට තව කෙරෙන්න දෙයක් ඇත්තෙම නෑ වාගෙ ඒත් තැන හොඳ නිසා කට්ටිය අලුතින් එන නිසා ඒ අයට ඉඩ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ..මා ඉන්පසු සමීරගේ විස්තර ඇසූ මුත් ඉන්නා තැනක් නොකී අතර ඊ මේල් ඇඩ්‍රස් එකක් හා ෆෝන් නොම්බරයක් දුන්න මට...ඉතින් එයා කිව්ව මේ ඇඩ්‍රස් එකේ මම ඉන්නෙ කියල...තව ඉතින් එයාගෙ බිස්නස් ගැන ඇහුවම ඉන්පෝර්ට් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුට්ස් කීව...ඉතින් මම ගැනත් විස්තර කියල කෝම හරි අපි යාලු උනා කියමු..
 කොල්ල ලස්සන ඇති නේද??
ලස්සනට වැඩියම හරි අමුතු ගතියක් තිබ්බ..හිමින් කතාවක් නැහැ..මම ගර්ල් කෙනෙක් කියල එයාගෙ කතාව වෙනස් උනෙත් නැහැ...ඒක කියන්න අමාරුයි..එයා කතා කරන ස්ටයිල් එකේ හරි පුදුම ඇලෙන ගතියක් තියෙනව..සමහරවිට මට විතරක් පෙනුන දෙයක් වෙන්න ඇති...
ඔය අතරෙ ඉතින් මම කතා කලා ...සමීරත් ඉතින් මට කැමතියි වාගෙ එකක් තිබ්බ..එතකොට අපේ මහේශ්(ඇගේ සැමියා) හිතන් හිටියෙ මේ පොලීසියෙ වැඩකට අන්දන එකක් කියල...ඒත් ඇත්තම කතාව මමත් ඇන්දුනා...ඒ ඇන්දීමට මාත් අමාරුවෙන් ඇදිල ගියා..
ඔය අතරෙ මට අපේ ලොක්ක හැමදාම අහනව කොහොමද අර මෑන් තම්බගන්න බැරි උනාද අපි වෙන කෙල්ලෙක්වත් දාමුද නැත්නම් රෙකෝඩින් ගන්න ට්‍රයි කරමුද කියල...ඉතින් මම කියනව..හරි අපි තව දවසක් දෙකක් බලමු සර් මිනිහ දැන් ටික ටික කොන්ට්‍රෝල් වෙනව කියල...
පස්සෙ මම ගිහින් සමීර මීට් උනා..එයා හරි බයෙන් ආවෙ මාව මීට් වෙන්න...ඇවිත් මාත් එක්ක කතා කලෙත් නිකම් සැකෙන් වාගෙ...පස්සෙ අපි මේ වාගෙම බියර් එකක් බිබී කතා කලා ...එතකොට එයා ඇහුව ඔයා පොලීසියෙද කියල..මමත් එයා දිහා බලල කිව්ව ඇයි ඔයාට සැකද කියල.. නෑ නිකමට මිනිහ කිව්ව..පස්සෙ මම එන්ජී ඕ වල තියෙන ජරා ක්‍රම ගැන ටිකක් කියල මේ එන් ජී ඕ එපා වෙලා තියෙන්නෙ කියලත් ඒත් කරන්න දෙයක් නැතිම නිසා කරනව කියලත් කිව්ව..එතකොට සමීරගෙ සැක ටිකක් අඩු උනා..ඉන්පස්සෙ සමීරගෙ බූට් කතා..පොඩිකාලෙ ගෙදර වාගෙ දේවල් ගැන කතා කලා..ඒත් එයා අයා ගෙ රස්සාව ගැන මුකුත් කීවෙ නෑ...
ඉතින් අපි ගොඩක් කතා කලා..එක දවසක මට එයාව පොලිසියට අල්ලල දෙන්න උනා..එයාව පොලීසියට අල්ලල දුන්නට පස්සෙයි මට තේරුනේ..අපරාදෙ කියල..මට මහ හිස් බවක් දැනුන...මේ ඔක්කොම බොරුවක් කියල හිතුන..ඔය අතරෙ මහේශ් වෙන ගර්ල් කෙනෙක් එක්ක රවුම් යනව කියලත් ආරන්චි උනා..ඒත් මහේශ් ගෙ ඒව හොයන්නත් මහා එපා වීමක් වාගෙ ආව..පස්සෙ අපේ ගෙදර අය මහේශ්ගෙ විස්තර හොයාගෙන ආව මමත් ඉතින් දික්කසාදෙට කැමති උනා..මේව ලේසියෙන් කීවට අවුරුදු 2ක් 3ක් ගියා ඔය ඔක්කොටම...මම හිතන්නෙ මහේශ් උනත් මාව දමල ගියේ සමීර නැති උනාට පස්සෙ ඇතිඋන උදාසීන කම නිසා වෙන් ඇති..
ඉතින් මට පොලීසියෙ ඉන්න එකත් මහ වදයක් උනා ඊට පස්සෙ තමා මම ඔය ප්‍රයිවෙට් සිකුරිටි එකකට ආවෙ..
ඒ අතර කතාව අතරමඟ ඇය ඇගේ උපරිම සීමාව දක්වාම බීමත් වන්නටද වග බලා ගති...
මල්ලි සමීර කවදාවත් කියල නෑ එයාගෙ අපරාධ ජීවිතේ ගැන මට..ඒත් එයා දවසක් කිව්ව මේ කොළඹ මොන වැඩේ කලත් වංචාව හොරකම නැතිව ඉන්න බෑ..නයනි ඔයා හිතයි මම මහ ලොකු පන්ඩිතයෙක් කියල,,,මම කාලයක් පොල් කඩල තියෙනව...වතු වල උදලු ගෑව මට හිතෙනව ඔයත් එක්ක ඈත් පලාතකට යන්න ගිහින් අමාරුවෙන් හරි ගිනිබෝල නැතිව හොඳට ඉන්න...ඒත් ඉතින් ඔයා...හැම ගෑනු ලමයෙකුගෙම හීනෙ වෙන්නෙ ලස්සන දේවල්..ඒ ලස්සන දේවල් හම්බකරන සල්ලි කොච්චර කැතද??
ඔයා අනික් ගර්ල්ස්ල ගැන හිතන විදිහෙන් මම ගැන හිතන්න එපා,,,මම සම්පූර්ණයෙන් කැමති නෑ ඔයා පොල්කඩන කෙනෙක් වෙනවට මම හිතන්නෙ ඔයාට හොඳට උත්සාහ කලොත් ජොබ් එකක් හොයාගත හැකිවෙයි...එහෙම කියපු මම,,,
පාරෙ උන මංකොල්ලයක් නිසා සමීරට විරුද්ධව හරියටම සාක්කි ගොනු කරන්න බැරි උනා..මම සමීර හමුවෙන්න කලින් අපරාදකාරයො කියල ජාතියක් ලෝකෙ ඉන්නව කියල හිතන් හිටිය...ඒත් එකම මිනිහ ඇතුලෙ අර කතරගම දෙවියො වාගෙ මූනු 6ක් තියෙන බව හරියටම මම දැනගත්තෙ සමීරගෙන්...සමීර අවුරුදු 5කට හිරේ ගියා..සමහරවිට සමාවක් ලැබිල ලඟදිම් එයි..මම එයා ව බලන්න ගියා..මම හිතුවෙ මට බනී කියල..ඒත් මුකුත් කීවෙ නෑ..පස්සෙ කිසි එහෙම දෙයක් නොවුන ගානට අපි කතා කලා...එයාගෙ යාලුවෙක් මට හමු වෙන්න කීව..පස්සෙ එයා හමුවෙලා සල්ලි අරගෙන අර වැඩිහිටි නිවාසෙට දුන්න...පස්සෙ අර යාලුව කිව්ව..සමීර කිව්ව නිසා එයාල ඉවසනව නැත්නම් අද මම ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියල...
මල්ලි ඔයා කලින් ඇහුව සමීර ලස්සනද කියල..ඔයා හිතන්න ඇති මම එයාගෙ පස්සෙන් ගියා කියල ,,නෑ එහෙමම නෑ,,බැඳීම් කියන්නෙ වැස්ස වාගෙ කොයි වෙලාවෙ,,කුමක් නිසා කොහොම ඇතිවෙනවද කියල දෙය්යොවත් දන්නෙ නෑ...ඔයා හිතයි මම වෙරිපිට ටෝක් දෙනව කියල..
ඒත් නිකම් ඉන්න කොට හිතෙන දේවල් කියන්න පුලුවන් ගැම්ම තියෙන්නෙ මගේ බීමෙ...
සමහරවිට එයා දැනගෙන ඉන්නත් ඇති මම ගැන...
ඒත් ඔම එයා හමුවෙනකොටම මිනිහ අපරාධයකට සැකකාරයෙක් කියල දැනගෙනම හිටිය..
මල්ලිට දැන් එපාවෙලා ඇති යමු අපි අද සෙල්ලම් කරල නිදා ගන්නත් එපැයි...
ඇගේ කතාව අවසාන විය..

Wednesday, January 5, 2011

නළමාලිකා අපදානය....

සූත්‍රාන්ත පිටකය
අපදාන පාළිය
සුමේධාවර්ගය...
නළමාලිකා අපදානය....

එක්තරා කලෙක චන්ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි..ස්වයංභූ වූ අපරාජිත වූ විරජ සිද්ධාර්ථ බුදුන් දුටිමි..

පහන් සිතින් සොම්නස්ව මා නළමාලාවකින් (හුනමල්දමකින්) බුදුරදුන් පිදීමි..

ඒ කුශලකර්මයෙන්ද චේතනාවෙන්ද ලිඳුරු සිරුර හැරදා දෙව්ලොවට ගියෙමි..

සතිසක් දෙව් රජුනට මෙහෙසිබව කල අතර පසුව දස සක්විති රජුනටද මෙහෙසි වූමි...මා සිත සන්වේගයට පැමිණ බුදුසසුනෙහි පැවිදි වුනෙමි...

මෙයින් සූඅනූවනකප් හි යම් පුශ්ප පූජාවක් කරන ලදින් දුගතියකට නොපත් වූයේය..

මා විසින් කෙලෙස් හු දවන ලදී,, සියලුභවයෝ නසන ලදී,,සියලු ආස්‍රවයෝ ක්ෂීණය, දැන් මට පුනර්භවයක් නැත...

මා විසින් කෙලෙස් හු,, සියලු භවයෝ නසන ලදහ...

මට ඒකාන්තයෙන්ම යහපතක්ම විය...

සිව්පිළිසිඹියාද බුදුසසුනෙන් ලැබීමි..

මේසේ නළමාලිකා භික්ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා ය...