Tuesday, May 3, 2011

නටාශාගේ ඇමතුම (Natasha's Call)


නටාශා ඊයෙ රාත්තිරි කථා කලා..
හා දැං අපි අමතක වෙලාද??මොකද කෝල් එකක්වත් නැත්තෙ තරහ වෙලද??
නෑ අනෙ මම මේ ඔයා ගැන හිතල කතා නොකර හිටියෙ...අපි මෙහෙම හැමදාම කතා කරල කරල පස්සෙ අපි අතර සම්බන්ධයක් ඇතිවෙල එයිට පස්සෙ ඔයාට ලොකු සයිස් දුකක් ඇතිවෙල....ඔයා මානසිකව වැටිල අතපය කඩාගත්තොත් කියල තමා මම කථා නොකර හිටියෙ..
හද්දිස්සියෙ සුනාමියක් ඇවිත් ඔයා මගේ ළඟට ගහගෙන ඇවිත් ඊට පස්සෙ මාව ප්‍රෙග්නන්ට් වෙයි වගේ කියල හෙම ඔයාට හිතුනෙ නැද්ද??
මම දන්නව ඔයාට තියෙන්නෙ මහ ගල් හිතක් කවදාවත් ඔයා මම ගැන නෙමෙයි කිසි කෙනෙක් ගැන හිතන්නෙ නෑ..
අනෙ මගෙ කට.. එතකොට ඔයාගෙ හිත තමා ලොවෙත් හිත මෙන්න සෝක් එකට සෝකෙන් බර වෙන හිත.. අඩුතරමෙ ඔයා ආච්චි ඩවුන් උන දවසෙවත් ඇඬුවද නෑනෙ..ඉන්නකං දත් ගලව ගලව හිටිය..
ඔයා මල දවසක මම එන්නම් ඔයාගෙ හදවත දාගෙන වීල්බැරෝ එකක..
ඇයි ඔයා හිතුවද අර ඔයා වාගෙ දකින දකින අයට තෑගි දෙන්න මං ළඟ හදවත් දෙක තුනක් තියෙනව කියල...මොකෝ නෑ කියන්නද..අර මම ගිහිං ප්ලේන්ටියක් හදන් එන්න ගිය ටිකට මගෙ ෆෝන් එක මයුරි අක්ක ඉස්සුවහම ඔයා එයත් එක්ක මල් කඩ....ල එතකොට එයාගෙන් ෆෝ න් නම්බරේ ඉල්ලගෙන..පස්සෙ එයාත් එක්කත් යාලුවෙන්න ගිහිං...මගෙන් අහගන්න එපා කාළඟද වීල් බැරෝවකින් ගෙනියන්න තරං හදවත් තියෙන්නෙ කියල...මෙතන..
ආච්චි නැති වෙන්න කලිං මං එයාට සලකල තියෙන්නෙ ඔයා කියන්න ඕනි නෑ මට අපේ ආච්චි වෙනුවෙන් අඬන්න..මම අඬාගන්නම්
ඉතිං ඕකට ඔය තරඩං දෝං යන්න දෙයක් නෑ..මම කිව්වෙ ඔයාට හදවතක් නෙමෙ තියෙන්නෙ ගලක් කියල...එම්බාම් කරනකොට ගල බර නිසා අයින් කරල,, මිනිය ගෙනියනකොට පස්සෙන් ගෙනියනව .වීල්බැරෝවෙන්..නටාෂාගේ ශෛලමය හෘදය වස්තුව කියල ගහගෙන ලොකු බෝඩ් එකක්...
ඉහි..ඉහි..හිනාවෙනහැටි වඳුරුපැටිය වාගෙ...හරි හිනා ...ඔව්වට හිනා යය් බල්ලන්ට
...එතකොට හිනාවත් දැං ස්ත්‍රී පුරුශ භේදයක් තියෙනව වාගෙ..බල්ලන්ට විතරයි හිනාව..
මොකද කෝල් කලේ...ඇයි ඔයාලගෙ මහලොකු දානෙ ඉවරද..මෙයා ඉතිං චීෆ් ගෙස්ට් නේ දානෙ..හැමවෙලේම කතාකලොත් මම බිසී පස්සෙ ගන්නම්..අනුමානයක් නෑ කොහෙ හරි කොල්ලො සෙට් එක්ක පැණි හල හල ඉන් ඇති..මේ පාර ඇඩ්‍රස් හෙම ගත්තෙ නැද්ද??
අනේ මේ...ඔයත් නිකං මහ රෑ දොලහට විතර මිස් කෝල් දෙකක් ගහල සුදු වෙන්න යන්න එපා..එදා අර මූසල ගඟ ලඟ හිටියට පස්සෙ දවස් දෙකකට විතර පස්සෙ අනික් මිස් එක ආවෙ..මැසේජ් එකක් ගහගන්න බෑ..මෙතන මගේ ලේ පුච්චනව.
.Ganga නැතුව gaga කියල ලියන්නෙ ගොඩයො...ඔයා ඉතිං මම ලියපු (mama ganga langa innawa) කියන එක ගංග කෙනෙක් ළඟ ඉන්නව කියල රට මාරු කරගත්තට මට කරන්න දෙයක් නෑ...
කෝ ඔයාලගෙ දානෙ හොරාට දුන්න මිසක් අපිට කිව්වෙ නෑ නෙ
මට ඔයාට කියන්න කියල අම්ම කිව්ව..ඒත් ඉතිං අක්ක ත් ආවෙ නැති නිසා මට ඔයාට කියන්න මොනාද වාගෙ හිතුන..
ඒක නෙමෙ අනේ මේ ගොන් චාරික වැඩේ කාලනෙ..අපි කඩුවෙල ගිහිං ෆිල්ම් බලපු එක ලොකු නැන්ද දැනගෙනනේ...
***නටාෂාගේ පියා බොහෝ සැර පරුෂ ගතිගුණ ඇත්තෙකි..ඔහු ගැහැනු 3ක් සහ පිරිමි 4ක් සිටින පවුලේ වැඩිමහලු සහෝදරයා වෙය්..නටාෂාගේ ලොකු නැන්දා ගුරුවරියකව සිට ඇත..එහිදී ඇතිකරගත් ප්‍රේම සබඳතාවයකට නටාෂාගේ පියා දැඩි ලෙස විරුද්ද වීම නිසා ලොකු නැන්දා එදා සිට අද දක්වාම දසසිල් මාතාවක් ලෙස කල් ගෙවයි..පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් යාන්තම් සමත් වූ චාරික නම් ලොකු නැන්දාට බාල නැන්දාගේ, වැඩිමහලු දරුවාය..ඔහු උපදින අවස්ථාවේදීම ඇගේ මවගේ අභාවය සිදුවී අවුරුද්දේ දානයද හමාර වූ පසු චාරිකගේ පියා වෙනත් කසාදයක් කරගන්නා ලදී.. මුලදී හොඳින් සැලකුවත් කුඩම්මා පසුව වෙනස් වී ඇත..චාරික සමඟ සෙල්ලම් කිරිමට යැවූ වෙනත් නෑදෑ කොලුවෙක් චාරිකට පුංචි අම්මා පහරදෙන බවත්...හරිහැටි නොසලකන බවත් කියා ඇත..ඉන්පසු චාරික ලොකු අම්මා වන මෙහෙනින් වහන්සේ සහ ආච්චි සමඟ වැඩෙන්නට විය..***
ඉතිං ඔයාගෙ හැටි මම දන්නෙ නැද්ද ගිහිං ඇව්ත් කොහේහරි ඉඳන් ලොකුකම කියවන්න ඇති.. නැත්නං චාරික එහෙම පාවා දෙන්නෙ නෑ..
අනෙ මේ මම ඔයාට මේක කිව්වෙත් දැං තමයි ආරංචි උනාටත් පස්සෙ..ඔයා මොනා දන්නවද කේලං චාරික ගැන
අපේ ප්ලෑන් ඔක්කොම වතුරෙ නේ..ලොකු නැන්ද නැති වෙනකල් ඉඳල ..චම්පි අක්කත් එක්ක සෙට්වෙල ..නාන්න ලිඳට යනව කියල මහ කෙබරයක් ඇදබාල,, ලිඳ ලඟට ගිහිං ..ඇඳුම් මාරු කරල..ඔක්කොම සෙට් කරගෙන ගියෙ..
ඒ මදිවට ෆිල්ම් එක බලන්න ආපු උන්ට හිනා නොයන ලෙඩක් තියෙනව.. මායි චම්පියි තමයි මුලු හෝල් එකෙම හිනා උනේ අනික් උන් කන්න වාගෙ අපි දිහා බලං ඉන්නව..අර ගොං චාරිකය කියනව..ඔය දෙන්න හිනා උනේ මොනවටද කියල කට්ටිය බලං ඉන්න ඇතිලු..
ඉතිං තාත්තට ආරංචි උනොත් හෙම මාර කේස් එක නේ..මට මැවිල පේනව මරු ඩබලට කුචු කැවිල වාගෙ හිනා උන හැටි..
මටනම් අපේ ලොකු නැන්ද විස්වාස නෑ.... කියය්ද දන්නෙත් නෑ..කිව්වොත් මේ නතාෂා කෝටුමස්..
ඔයාලගෙ ලොකු අම්ම දහසිල් උනාට කිසිම කරුණාවක් නැති කෙනෙක් වාගෙ නේද??
අනේ එයාගෙ කරුනාව..මම ඔයාට කිව්වද අර බෙහෙත් පැකට්‍ ගෙ කථාව??
නෑ...එ් මොකද්ද ඒ ලොකුනැන්ද බෙහෙත් පැකට් කරනවද??
නෑ හලෝ...මේ අපිට අයිති ගෙදරකනේ ලොකු නැන්ද ඉන්නෙ.. මේ වත්ත ‍වටේම ඉංග්‍රීසි ටී අකුරක හැඩේට කෑල්ලක් අයිතියි අල්ලපු ගෙදර අං කල්ට.. මිනිහ කැමති නෑ වැඩිය අපි මේ ඉඩම ගත්තට..අපේ තාත්තගෙන් මිනිහ 7-8 වතාවක් අහල තිබුන මේ ඉඩම විකුනනවද කියල..මිනිහ කරන්නෙ බෙහෙත් පැකට් කරල විකුනන එක..එයාට තියෙයි තට්ටු බිල්ඩින් එකකුත් මේ බෙහෙත් පැකට් වලටම..මම හිතන්නෙ අර කසාය එහෙම පැකට් කරල විකුනනව..ඒ අය
ඉතිං මිනිහගෙ ට්‍රයි එක තිබුනෙම අපේ ඉඩමත් අල්ල ගන්නම තමා..පස්සෙ ඉතිං මේ අපේ ලොකු නැන්ද කඩා පහත් උනානෙ..අපේ ලොකුනැන්ද ඇත්තටමත් සුදුයි ලොකුයි..අපේ චම්පි අක්ක කියනව මේ මෙහෙනින් වහන්සෙට නම් නිකං සිවුරු හරියන්නෙ නෑ සාරි වගෙ ලොකු ඒව තමයි හරියන්නෙ කියලත්..ඉතිං මේ ලොකු නැන්ද ආපු දවස්වල මේ බෙහෙත් පැකට් පාරෙ ඉදන් කථාකරල තියෙනව සික් මේ සිවුරු ගෑනියෙක් ඇව්ත් නැත්තං මං මේකෑල්ලත් කෝමහරි ගන්නවනේ..ඉතිං ඕක අපේ ලොකු අම්මට ඇහිල..ඉතිං එදා ඉඳල අපේ ලොකු අම්ම මේ බෙහෙත් පැකට් එක්ක නයි වෛරයි..ඒ මනුස්සය දන්නෙ නැතිව ඇති තාප්පෙන් එහා පැත්තෙ ඉඳන් ලොකු නැන්ද මේ කතා අහං ඉන්නව කියල..
දවසක් මේ එහා වත්තෙ වතුර ටැංකියක් වහන්න දාපු ශීට් එකක් ගෑවෙනවලු ටිකක් සද්දෙට අ‍පේ ගෙදර බිත්තියෙ..එ් ගෙවල් දෙක එක ළඟමයි තියෙන්නෙ..ඉතිං බෙහෙත් පැකට්ට එකපාරක් සත්තමක් දාල කියල මේක වදිනව රෑට නිදාගන්නත් නෑ කියල..බෙහෙත් පැකට් පොඩියක් කොළ එහාට මෙහෙට කරල දැන් හරි කියල..පස්සෙ මහ හයියෙන් සුළඟත් එක්ක වහින වෙලාවක මේක මහ සද්දයක් දෙනවලු ඒ මදිවට වතුරත් වැටෙනවලු අර සීට් කෑල්ල නිසා..අපේ ලොකු නැන්දගෙ රතු කට්ට පැනල සිවුරත් හදාගෙන හෙම ගේ ඉස්සරහට ගිහිං මහ සද්දෙන් බෙහෙත් පැකට්ට කිව්වලු..
“අඩෝ බෙහෙත් පැකට්..උඹ ඔය සීට් එක ගලවනවද නැත්තං මම ඇව්ත් ඔහේගෙ සීට් එක ගලවන්නද” කියල..පස්සෙ ඔය වැඩේ දුරදිග ගිහිං ලොකු නැන්ද පොලිස්සිත් ගිහිං පස්සෙ බැලින්නම් ඒ ලොකු නැන්ද ගිහිං කියල තියෙන පොලිස්සියෙ ඉන්න ලොක්ක මේ බෙහෙත් පැකට්ගෙම ලොකු පුතෙක්ලු..ඊට පස්සෙ එයාම ඇවිත් වැඩේ ශේප් කරල දීල..අපේ චාරික තමයි ‍මේක හරි ලස්සනට ඇට් කරල පෙන්නන්නෙ..අඩෝ බෙහෙත් පැකට් කියල..
බෙහෙත් පැකට්ගෙනම් ඒ තරං තරහක් නැතුව ඇති ඒත් නැන්ද නම් තාම නයි වෛරයි..
අපේ ආච්චි නැතිඋන වෙලේ මේ බෙහෙත් පැකට් ඇව්ත් හිටිය මල ගෙදර..වැඩ කෝටියක් අස්සෙ ලොකු නැන්ද අඬ අඬ හිටියෙ..ඒත් මේ බේත් ආව විතරයි ලොකු නැන්ද ෆෝම් වෙල අපේ රට ඉඳල ආපු චූටි බාප්පත් එක්ක අඬ අඬ කියනවලු “මල්ලියෙ අර බෙහෙත් පැකට් මූසලයව කවුද මෙහෙට වැද්ද ගත්තෙ කියල..” හොද වෙලාවට ඒ මනුස්සයට ඇහිල නෑ..රට ඉඳන් ආපු චූටි බාප්ප ඕව දන්නෙ නෑනෙ ..පස්සෙ චූටි බාප්ප ඇව්ත් අපෙන් අහනව කොහෙද බෙහෙත් පැකට් කියන කෙනා ඉන්නෙ කියල..ආචිචි මැරුන සෝකෙට මමත් අඬන්න ඕනි කියල මූන හදාගත්ත විතරයි මේ චූටි බාප්පෙක් ඇව්ත් බෙහෙත් පැකට් එකක් ගැන අහල අපි හිනැස්සුව..මමයි චම්පියි බැනුනුත් ඇහුව මේ වෙලාව තැන නොබල හිකිස්  ගානව කියල..පුංචිගෙන්..හ්ම්..එයා හිතන්නෙ එයා බුම්මං ඉන්නව වාගෙ අපි ඔක්කොම බුම්මං ඉන්න ඕනි කියල..
ඔයාගෙ කථා හැමදාම කථා විතරනේ...අපිව ඉතිං මී ට් වෙන්න කැමති නෑනෙ..
එහෙම එකක් නෑ අනෙ අපෙ ගෙවල්වල අය එකතු උනාම හැමදාම වලි,, ඔයාට එන්න කියල දානෙට.. ඔයා එනකොට වලියක් වෙලා තිබ්බොත් ඔයා හිතය් මාත් පොර කිකිළ් ටයිප් එකක් කියල..
හිතන්න දෙයක් නෑ කෝමත් ඒමනෙ
මේ.. අපේ අම්ම කෑ ගහනව ෆෝන් එකද රෑට කන්නෙ කියල..තාත්තට ඇහුනොත් එයත් රෙකෝඩින් පටන් ගනී..එහෙනම් මම තියන්නම්...රෑ වෙලා ගන්නම්..
බායි...


Tuesday, April 26, 2011

හෙලෝ මම මේ නව එකක් (Hello I am a new one)

කෝල් කරන්න යි තොඳොල් වෙන්නය්
බැනුම් අහන්නයි තරහ වෙන්නයි...
හීන දකින්නයි සැබෑ නොවෙන්නයි
තවත් නොම්බරයක් මට යලි හමුවෙන්නයි
මා පතන්නේ..

අපායෙ කැලැන්ඩරේ කෙල්ල වෙයිද මන්දා..
කටින් මුලු ලෝකය සක් කරයිද මන්දා...
නිකම්ම නිකන් තවත් ඉන්නට බැරි හන්දා...
මම ආයෙ ම අර පෙර ගොනාව බැන්දා
ෆෝන් එකෙන් ෆෙමකට සැට් වූවා....

අනාගතේ ගැන නම් නෑ තවත් හිතන්නේ...
හිතුනත් කිසිදා නෑ මේව කර ගහන්නේ...

කියල වීරය වගෙ සෙට් වෙලා,,කාලෙකින් හි‍තෙන්නේ..
අනේ මේකත් කිසි අවුලක් නෑ කියලා...

මේ වගෙ අවුල් තියෙන උනුත් බැඳල ඉන්නේ..
කියාලා...



Friday, April 8, 2011

චුල්ල පදුම Jathakaya


අපි ගොඩක් අය අහල තියෙන සි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ංදුව කෑල්ලක් තමයි ....
එදා චුල්ල පදුම රජතුමාගෙ....කියල තියෙන්නෙ...
කතාව සරලව මෙහෙමයි...
රජතුමාට කුමාරවරු 7 දෙනයි....දවසක් මහ රජ සී මැදුරු කවුලුවෙන් එලිය බලනකොට ‍කොට පේනව මේ හත් දෙනා සේනාව පිරිවරන් රාජ සේවයට එන ආකාරය..දැකල රජතුමා බයවෙනව තමන්ගෙ රාජ්‍යය මේ කුමාරවරු පැහැරගනීද කියල..කුමාරවරු වහාම රැස්කරවන රජතුමා වහා නොපෙනෙන ඈතකට පලා යන්න කියල රජතුමා රාජ අණ නිකුත් කරනව..මෙතෙක් බොහොම යසට හිටපු කුමාරවරු තමන්ගෙ තිබුන සියලුම සේසත හැරදමල තමුන්ගෙ කුමාරියොත් එක්ක බොහොම අකමැත්තෙන් පියරජගෙ රාජධානියෙන් නික්මෙනව..ඒත් ඒ කුමාරවරු යලි පැමිණිදාක යහතින් ජීවත් වෙන්න ඕනා කරන වස්තුව නිදන් කරල ඒ වස්තු සම්භාර තිබෙන් තැන් මේ හැම කුමාරයෙකුටම පෙන්නන්න මහ රජතුමා පසුබට උනේ නෑ.ගියාට මොකද මේ අයට හමු වෙන්නෙ මහ නිරුදක කාන්තාරයක් කාන්තාරයේ පේනමානෙක බේතකටවත් ඔටුවෙක්වත් හොයාගන්න බැරි උනා..
ආහාර ප්‍රශ්ණය බොහොම තදින් දැනුන...
පස්සෙ බෙ‍ාහොම අකමැත්තෙන් වුනත් කට්ටිය එකතුවෙල බාලම කුමාරිව මරල බෙදාගෙන කෑව...ඇයි බාලම කුමාරයට තමන්ගෙ කෑල්ල මුලින්ම අහිමි උනේ කියල නම් හිතාගන්න බෑ...
එතකොට වැඩිමහලු කුමාරය තමයි පදුම...පදුම කුමාරය තමුන්ට ලැබුන මිනීමස් කෑල්ලෙන් කොටහක් ලුනු දමල අරන් තියා ගත්ත. ඉතින් ඊළඟ දවසෙත් කෑමට යමක් හෙ‍ායාගන්න මේ අයට බැරි උනා..එදා දෙවැනි කුමාරයගෙ බිරින්දෑ ගෙ මා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ංස අනික් කුමාරවරුන් ගෙ බඩගින්න නිව්වා...එදත් පදුම කුමාරය කොටහක් තියාන අනිත් කොටහ කෑව.. ඔහොම යනකොට වැඩිමහල් පදුම කුමාරයගෙ කුමාරිය මැරෙන්න ඕනා දවස උදා උනා...
එදා අර පදුම කුමාරය ලුනු දමල අරන් තියාගතපු මස් ටික තමුන්ගෙ සහෝදරයින්ට දීල කුමාරිකාව බේර ගත්ත..ඒත් ඒකාන්තයෙන්ම ඊළඟ දිනයෙ තමුන්ගෙ සහකාරිව බිල්ලට දෙන්න වෙන බව සහසුද්දෙන්ම දැනගතපු අපේ පදුම කුමාරය කාටවත් නොදනෙන්න බෝම හොර රහසින් තමුන්ගෙ බාරියාව උන කුමාරිත් එක්ක රෑ පානෙ කලුවරේම පිටත් වෙනව..එහෙම යනකොට මේ කුමාරිට පයින් යන්න බෑ කීවම ‍අනේ මේ පදුම කුමාරය මේ කුමාරි බෝම අමාරුවෙන් කර තියාගෙන යනව..මේ කාලෙ වෙනකොට දැන් වාගෙ යාන වාහන කොල්ලටයි බල්ලටයි තියා උන් නාන්සෙලටවත් තියෙන්න නැතුව ඇති..නැත්නම් රාජ්‍යයට හිමිකම් කියන කුමාරයෙකුට කුමාරියෙකුත් කර තියාගෙන යන්න වෙන එකක් නෑ නෙ..
ඉතිං ඔහොම යනකොට මේ කුමාරිට තද පිපාසාවක් ඇතිවෙනව..කුමාරය පුලුවන් හැම වෙර වීරියක්ම යෙදුව තමුන්ගෙ කුමාරිගෙ පිපාසාව සංසිඳවන්න ඒත් ඒ වැඩේ හරිගියේ නෑ...කුමාරිත් මේ කුමාරයට බොහොම කරදර කරනව මේ පිපාසාව ගැන කියල..
තවත් හිත හිත ඉන්න එකේ කිසිම තේරුමක් නෑ කියල අවබෝධ කරගත්ත පදුම කුමාරය තමුන්ගෙ උරය (‍අතේ බාහුව ) පලල ,,එන රක්ත‍වර්ණ රුධිරය මේ කුමාරිගෙ පිපාසාව වෙනුයෙන් දෙනව..බොහොම වේදනාවෙන් යන කුමාරයට ඔහුගෙ පින් මහිමෙට වාගෙ ගඟක් හමු වෙනව..ඉතින් මේ ගඟ ළඟින් පැලකුත් අටෝගෙන මේ ‍‍ජෝඩු‍ව පලවැල බුදිමින් ඉන්නව..ඒ අතරෙ මම හිතන්නෙ අර උරේ තිබුන තුවාලෙත් හොඳ වෙන්න ඇති මයෙ හිතේ...
මේ ග‍ෙඟේ උඩ හරියෙ තියෙනව රාජධානියක්..ඉතින් බොහොම බරපතල විදිහෙ හොරකමකට වැරදිකරු උන සොරෙක්ව දඬුවමට ලක්වෙනව මේ රාජධානියෙදි..දඬුවම තමා අතපය හතර කපා දමා ගඟට දැමීම..මේ අතපය සිඳලූ සොරා වතුරෙ ගහගෙන යනව දකිනව මේ පදුම කුමාරය..වහා ක්‍රියාත්මක උන මේ පදුම කුමාරය මේ අතපය හතර නැති කොටාව බේරගන්නව...මහ විසාල තුවාල හතරකින් ලේ පෙරෙන මරු විකලෙන් කෑ ගාන මේ සොරා බේරගන් මැදිහත් වීම ගැන ඒ වෙලාවෙනම් කුමාරිකාව පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...කුමාරය කොරා ගැන අනුකම්පාවෙන් බෙහෙත් කරල අර තුවාල සනීප කරනව..ඒ කුමාරයගෙ මහා කරුනාව නිසා කොරා නොහොත් සොරා ජීවිත දානය ලැබුව..කොරාගෙ අතපය හතර නැති නිසා පදුම කුමාරය තමා මේ කොරාට ඕනා කියන කෑම බීම සපයන්නෙ..ඇඟට වෙන මාන්සියකුත් නැති දුක්වෙන්න ‍වදවෙන් මහ කාරනාවකුත් නැති කොරා බෝම සනීපෙට ලස්සනට හැදෙනව..ඒත් ‍අපේ පදුම කුමාරයට නොවිඳි දුක් විඳල ඵලවැල හොයන්න උන නිසා එයාගෙ රූපෙ සිරිය ටිකින් ටික අඩුවෙන්න ගත්ත..
ඔය අතරෙ මේ කුමාරිකාවට ,.අතපය නැති උනත් බෝම ලක්ශනට ශරීරෙ සොබාව හැදීගෙන එන මේ කොරා සමඟ ලෝකරතිආශ්වාදයේ සිතක් පහල වෙනව..කොරත් ඉතින් පලපුරුදු සොරෙක් නිසා දෝ හෝ දැනටම බෝමයක් නැමිල තිබුන කුමාරිගෙ සිත වසඟ කර ගන්නව..
මේ දෙදෙනගෙ නව කතාවට පදුම කුමාරයා බාධාවක් වන බව වටහගතපු කුමාරි පදුම කුමාරයව කතාවෙන් අයින් කරන්න මායමක් යෙදුව..
කුමාරයනි ඔබට මතකද අපි මෙහි පලා එනවිට අපි අමාරුවෙන් තරණය කල පව්ව...එහි වූ භූමි දර්ශන ඉතාම චමත්කාරජනකය් නේද??
ආදී බස් කියා රවටා ලූ කුමාරයා එකී උස් පව්ව වෙත රැගෙන ගොස් එයින් පහලට තල්ලු කර දැම්මා..
කුමාරයා සැනින් ඉවර යයි සිතූ කුමාරි යන්නට යන්න ඇති ඒත් කුමාරය ඉවරම උනේ නෑ..
පර්වතයෙන් වැටුන මේ කුමාරය කෙලින්ම වැටෙන්නෙ විසාල කටු රහිත දිඹුල් ගසක අතුපතර උඩට..
ගහ මහ විසාල එකක් වූ නිසා කෙතෙක් හෙව්වත් ඔහුට බහින්න තැනක් හොයාගන්න බැරි උනා..දිඹුල් ගෙඩි කමින් දිවි සරි කරගන්නත් පුලුවන් උනා..ඔය දිඹුල් ගහේ දිඹුල් කන්න එනව තලගොයෙක් කුමාරය දැකපු තලගොයා බොහොම බයවෙලා පස්සට පනිනව..පස්සෙ පැන්න ඒ තලගොයා බොහොම ටික වෙලාවකින් මේ කුමාරය එක්ක යාලු වෙනව...ඉතිං මේ තලගොයි හාමිගෙ පිහිටෙන් කොහොමහරි අපේ කුමාරයට බිමට බැහැගන්න පුලුවන් වෙනව..
බැහැල ඔහොම ඇවිදගෙන යනකොට හමුවෙනව ඔහුගෙ පියරජතුමාගෙ රාජ්‍යය..මේ රාජ්‍යය එතකොට අරාජික ඒ කීවෙ රජෙකු නොමැති තත්වයට පත්වෙලයි තිබ්බෙ..මොකද එතකොට මේ කුමාරයගෙ තාත්ත රජ නොහොත් පිය රජතුමා මිය පරලොව ගිහින්.. ඇමතියො එකතුවෙල සුදුසු රජෙකු තෝරා පත්කරගැනීමේ ගැටලුව පිලිබඳ සාකච්චා කරමින් තමා හිටියෙ මේ වෙලාවෙ..
ඔය අතරෙ ‍අපේ ‍කුමාරය ගිහිං වස්තුව තියෙන තැන් හෙම බෝම ලක්ශනට පැහැදිලි කරල තමුන්නැහෙගෙ උරුමෙ පෙන්නල රජකම ලබාගෙන බොහොම දැහැමින් රාජ්‍ය කරගෙන යනව...

පිංවතුනි මේ මනුස්සය පුලුවන් කාලෙ බොහොම හොඳින් මට සැලකුව දැන් මුන්දැට උන නස්පැත්තිය නොවෙන්න අපි බොහොම හොඳට කාල ඇඳල ඉන්නව..මුන්දැට ඒ අනතුරින් පස්සෙ එක අතපයක්වත් ඉතිරි උනානම් මහත්තයො දැන් මේ කරන කුජීත රස්සාව උනත් බොහොම යසට කරගෙන යන්න තිබුන..මුන්දැ කරතියාගෙන ඇවිදලම මගේ හතර හන්දිත් රිදුං දෙනව මහත්තයො ..රෑට ටිකක් කකුලක් අතගාගන්න කියලවත් අතපයක් කෝ !!!එහෙමට තියා ඇම්මක් ඇතිවෙල හිටං කකුලක් අතපයක්වත් අතගාගන්න උනොත් මුන්දැට ඒකටවත් අතක් පයක් නැහෙනෙ මහත්තයො.මහත්තයො දැං මේ වගේ ටිකක් ජීරනේ වෙල තිඋනාට මේ ස්ත්‍තිරී මාංසෙ කුලියට දුන්නොත් නං මට බොහොම යසට කාල ඇඳල හිටිය හැකි..ඒත් ඉතිං මේ තමුන්ට ඇහැක් කාලෙ තමුන්ගෙ ඇහැක් වාගෙ මාව බලාකියාගත්ත මුන්දැ ට අතපය නොතිබුනාට තියෙන පපු කැවුත්තට මම කෝමද නෝන මහත්තයො ඒ තරං ගින්දරක් දෙන්නෙ...
කියල මහ අදෝනාවක් කියාගෙන කොරෙකුයි කොරා කරපිටින් තිබාගෙන  මනා රූපෙන් හෙබි ගෑනු පරානෙකුයි එහෙ මෙහෙ සැරිසරනව...නොහොත් හිඟාකමින් යනව..බොහෙ‍ාම යසට කතාව කියන නිසාත් ඇස් ගෙඩි දෙකට පේන්නම කොරා ඉන්න නිසාත් මේ දෙන්නට හිඟමන් වලින් නම් ‍එහෙමට මදි පාඩුවක් උනේ නෑ..
ඔය අතරෙ යම් කාරුණික මනුශ්‍යයො පිරිසක් මේ අයට පදුම රජතුමාගෙ දන්සැල් ගැන දැනුම් දෙනව...පදුම රජත් මහා කරුණාවෙන් දුගි,මගී,යාචක,දුප්පත් වා‍ගෙ අය මහ පිරිසට දන්සැල් මහ ඉහලින් පවත්වනව...දැන් වාගෙ සැප වාහන වලිං බැහැල,,හෙලු වස්තර ටික මහා කරුනාවෙන් මහා පෝලිං වල ඉන්න අසරන ජනයට පෙන්නල, අනුහස් බලෙං වාගෙ වාහනෙටම කෑම ටික ගෙන්නං ගෙදර ගෙහුං බල්ලට දෙන්නත් දන්සලෙං පාර්සල ගෙනියන  මේ කාලෙ  මොඩර්න් හිඟන්නො ගැන නම් ජාතක පොතේ නෑ...
ඒ උනත් මේ පෝලිමේ ඒ කීවෙ පදුම රජගෙ දන් පෝලිමෙ නම් මුලිං තැනෙක මේ ජෝඩුව උන්න...
ඉතිං මුලිංම තමන්ගෙ අතින් දන් බෙදා දීල ඉතිරිය අනෙත් අයට පවරල ආයෙම මාලිගාවට යන අතරමඟ යනකොට රජතුමා මේ ‍ජෝඩුව දකිනව..ඉතිං රජතුම නම් දැකපු ගමන්ම අදුන ගත්ත මේ තමුනගෙ කලිං හිටපු ,,තමාව කොරා නිසා හෙලකින් පහලට හෙලූ ,, කුමාරිකාව කියල..
ඒත් සද්ද නැතුව කිට්ටුවට ගියා ගිහිං මේ ගෑනි කියන රෙකෝඩ් එක හොඳින්ම අහල දැනගත්ත..
ඊට පස්සෙ ආ එහෙමද කියල අහල මේ කුමාරිකාවගෙ මව පියා විවාහ වූ අයගෙ විස්තර ආදි දේ කිව්ව...
පස්සෙ මේකෙ මුල් කතාව නොහොත් කුමාරයගෙ කතාව දැනගෙනහිටිය ඇමතිවරුන‍ට තමුන්ගෙ කලිං හිටපු කුමාරිකාව ‍හඳුන්වල දෙනව..
මේ කතාව බුදුන්වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රියක පිළිබඳ වූ සිත නිසා බණදම් අමතක කොට සිත එකලාසයක් කරගැනීමට නොහැක් වූ භික්ශුවක් අරභයා වෙයි..
මේ කතාවේ එන කොරා දේවදත්ත ස්ථවිර බවත් කුමරිය චිංචිමානවිකාව බවත්,,තලගොයා ආනන්ද තෙරුන් බවත් කියා පූර්වාපර සන්දි ගලපා කථාව නිමා කලා...
කොච්චර උනත් එතෙක් රහත් නොවුන එතන දම්සභා මන්ඩපේ ඉඳං කට ඇරං ඉස්සරහිං ම හිටපු ආනන්ද ස්ථවිරට නම් පොඩ්ඩක් අවුල් යන්න ඇති මේ තලගොයා කියල කියපු කතාවට...