1.මා දිනක් මිතුරකු හමුවන්නට ගියේ සති අන්තයේ මට පැවති පංතියක් අවසානයේය.එහිදි විවාහක එම මිතුරාගේ නිවසට යම් ආගන්තුකයෙක් පැමිණ තිබුණි ඔහු ඉන්ෂුවරන්ස් කරුවෙකි..කැටයම් සියල්ල අවසානයේ මා සැලකිය යුතු වාරිකයක් සහිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගතිමි.
2.රක්ෂනය රැගෙන එයට අදාල වාරික මුදල් කෙළින්ම මගේ බැංකු පොතෙන් පඩි දිනට පසුදින ලබාගත හැකි වනසේ ස්ථාවර නියෝගයක් හරහා මුදල් යැවූ බැවින් නියමිත දිනට අනිවාර්යයෙන්ම රක්ෂණ වාරිකය රක්ෂණ සමාගම වෙත ගියේය.යම් ප්‍රමාදයක් හෝ වෙත්දැයි බියෙන් මා කෝකටත් කියා අමතර වාරිකයක් වැඩිපුර ගෙවා ඉන්පසු රක්ෂණ සමාගමට බැංකුව මගින් ස්ථාවර නියෝගය යැවීමට කාරුණික විය.තැපැල් ප්‍රමාද බැංකු ප්‍රමාද ආදි කිසිවක් නිසා වාරිකයක් තරමක් ප්‍රමාද උවත් එවිට කිසිදු ගැටලුවකින් තොරව රක්ෂණ වාරික ගෙවීම සිදුවෙනු ඇත.
3.මේ ළඟදී මා රක්ෂනයට බඳවාගත් යහලුවා පැමිණ මට ණය කාඩ්පතක් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පතක් ගන්නට ආරාධනා කලේය.මාගේ රක්ෂණ ඔප්පුව බරසාර එකක් වන බැවින් සාමාන්‍යන් ඇති ක්‍රෙඩිට් ලිමිට් එක නොහොත් උපරිම ණය පරිමාණයට වඩා වැඩි ණය කාඩ්පතක් ලබාගත හැකි බවත් ණය කාඩ්පත් ගැනීම හදිස්සියකදි වැදගත් වන බවත් පවසා ඔහු විසින් මා හොඳින් අන්දන ලදී.පොස් වීමට මග බලා සිටිම මා වැන්නන්ට ක්‍රෙඩිට් කාඩ් යනු තව එක කාඩ් එකක් නොවේ.එය අපි සමාජගත වීමේ තවත් ඉදිරි පිම්මක් ලෙස අපි බහුතරය සිතමු.මුදල් පසුම්බිය අදින විට එහි පාට පාට ණය කාඩ්පත් කීපයක් තිබීම මහත් අභිමානයට කාරණයක් ලෙස සිතන උන්දලාද සිටිති. මාරු කාසි මුදල් පසුම්බියේ තිබුනත් ෆුඩ් සිටියෙන් එලෝලු දෙසිය පනහක් ගත්තත් ණය කාඩ්පතෙන්ම ගෙවන අය මා දැක ඇත.එබැවින් මා කිසිදු අකමැත්තක් නොදක්වා එයට කැමති වීමි.
4.මා සැමදෙයම පවසන මාගේ නෑදෑ කෙනෙකු මෙන් සිටින මට අදාල කන්තෝරුවේ වැඩකරන කෙනෙක් සිටී.ඇය මා සමග කුලුපගුය.මට වඩා ලොකු පඩියක්ද තනතුරක්ද ඇයට හිමි නමුත් ඇය මා හා හොඳින් කතාකරනු ලබයි.මා මේ ණය කාඩ් පත ගැන ඇයට කීවෙමි.ඇයගේ පිලිතුර සංක්ෂිප්ත කර අපි බලමු.
මෙහෙමයි අපිත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනව.මාසෙම බඩු අරන් මාසෙ අන්තිමට අපි දෙන්නගෙ පඩිය ආහම දෙන්නගෙ ක්‍රෙඩිට් කාඩ් එකට දාගන්නව.ඔකෙ වැඩේ තියෙන්නෙ හදිසියට සල්ලි වලින් ගෙවන්න අපි පුරුදුවෙලා නෑ.හදිස්සියෙ මල ගෙදරක් වෙලා කාර් එකේ දුර යන්න උනොත් අපි දෙන්නම ගාව සල්ලි නෑ ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක තියෙන නිසා බය නැතුව තෙල් ගහන් ගිය හැකි.අනික බබාට,අපිට ඕනි දෙයක් හිතුන වෙලාවක ගන්න පුලුවන් නේ.හැබැයි ඉතින් ඕවයෙ පොලී ගැන නම් දන්නෙ නෑ.මාසෙ අන්තිමට තියෙන මුලු ගානම ගිහින් ගෙවනව..ගොඩක් අය කියනව පොලිය වැඩියි කියල.මාත් ඕක අයින් කරන්න ඉන්නෙ ඒත් ඉතින් දැන් මේකට පුරුදු වෙලා..
5.තව මාගේ ම්ිතුරෙකු සිටී ඔහුගේ භාර්යාව විශාල වැටුපක හිමිකාරියක.ඔහුද තරමක වැටුපක් ගනී.අපි ඔහුගේ පිලිතුරත් බලමු.
ආ ක්‍රෙඩිට් කාඩ්ද..උඹ දන් නෑ අපේ වයිප්ට ගෝල්ඩ් කාඩ් එකක් දීල තියෙන්නෙ ක්‍රෙඩිට් ලිමිට් එකම ලක් ෂ දෙකක්..ඒ උනාට මං ආස නෑ..වයිෆ් නම් කියන්ෙන බඩු ගන්න සල්ලි උස්සන් යනවට වඩා මේක වැදගත් කියල..හැබැයි මාසෙ කියන දවසට ගෙව්වෙ නැත්තං ඉතින් දඩ තමයි..
6.මා සති අන්තයේ නිවෙසට ගිය කල අපේ නැන්දා කෙනෙකු ඇවිත් තිබුණි ඇයටද මා ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන්මට යන බව පැවසුවෙමි.ඒ විස්තරය කෙසේද යත්....මේ ණය කාඩ්පත් ගැනීමේදි මා හට කතාකල යාලුවා අයිති සමාගම විසින් අයෙකුට ණය කාඩ්පතක් පිරිනැමීමේදී ණය කාඩ්පත ඉල්ලුම්කරු විසින් ස්ථාවර දුරකථන අංකයක් සැපයිය යුතුය..මටවත් අපේ ගෙදර අයටවත් මෙගේ සහෝදර සහෝදරියන්ටවත් ස්ථාවර දුරකථන නැත.එබැවින් එය මහා ගැටලුවක් විය.අවසානේ මේ නැන්දාව සිහි විය..ඇයට ස්තාවර දුරකථනයක් ඇත.නමුත් ඇය ගෙදර සිටින වෙලාවක් අල්ලා ගැන්ම අමාරුය.කෙසේ හෝ ඇය නම් අවුලක් නැතුව අහන දේකට එහෙයි කියා උත්තර දිමට හැකි කෙනෙකු බැවින් මා ඇය තෝරා ගතිමි..අපි ඇගේ අදහස බලමු..
ඔය පාල මාමත් (ඇගේ සැමියා) නිකම් දෙනව කියල කාඩ් එකක් එකපාරක් ඇරන් තිබුන.ඉතින් මේ උන්දැ දන්නවයි ඉංගිරිසි.ඔය කොළඹ වැඩකරනකොට මොකෙක් හරි අරන් දීල.දිග ලියුම් මිටි ගනන් ආව ගෙදර.ඒ එක එක කොම්පැනිවලින් බඩු ගන්න ආපුවලු.ඉතින් මේ මිනිහත් ඔය මක්කද අරන්.ඒ පාර එනව අච්චර ගෙවන්න මෙච්චර ගෙවන්න කිය කිය ලියුං.ඉතින් ඔහොම ගෙව්වයි කියමුකෝ.ඔන්න යාලුවෙකුට බඩු වගයක් ගන්න කියල මේ පාල මාම කාඩ් එක වෙන කෙනෙකුට දීල. ඒ මිනිහ බඩු ගොඩක් අරන් කාඩ් එක මේ උණ්නැහෙට දීල මාරු වෙලා.කොටින්ම මිනිහ රත්නපුරේ පැත්තට මාරුවක් හදන් ගිහින්.ඉතින් අර ණය ටික ඔක්කොම මේ ගොං මිනිහට ගෙවන්න උනා..දන්නැත්තං ඔය උඹල ගෙන්වත් අහන්න එපැයි.කොහෙද මොඩකම ලොකුයි නෙව මුදලිකමටත් වැඩිය.මං නං කියන්නෙ ඕව ඕනි නෑ.චතූට නයක් ඕන්නං ටිකක් කලිං කියන්න.මං අර සණසෙ ණය ටික ගෙවල ඉවර උනාම ණය අරන් දෙන්නම්.(එසේ කීවාට ඇයගෙන් ණය ගැන්ම ලෝක බැංකුවෙන් ගැන්ම හා සමය.ඇයගෙන් ණයක් ගෙන මා ලැට්ටප් එකක් ගත්තත් ඇය ලෝකෙ වටේ කිය කිය යන්නේ අර මං කොල්ලට ලැට්ටප් එකකුත් අරන් දුන්නා කියාය.)
7.කලක් හෙවත් මාසයක් හමාරක් ගතවිය.කාඩ් එක නොලැබුනි.සිතූපරිදිම අපේ නැන්දා ගෙදර සිට නැත.එනිසා මාගේ තොරතුරු සම්පූර්ණ නැති බැවින් වැඩේ බකල් විය.එහෙත් මටත් වඩා කාඩ් එක ගැන උනන්දු ඇති මගේ මිතුරු කාඩ් ඒජන්තයා වැඩේ ඇරියේ නැත.මචං අපේ ඔෆිස් එකෙන් කෝල් කරනකොට උඹලගෙ නැන්ද ඉඳල නෑනෙ බන්..නැද්ද නැන්දගෙ මොබයිල් එකක්.ඇයට මොබයිල් එකක් ඇතත් එය ඔන් වෙන්නේ ත් එයට සල් ලි වැටෙන්නේත් දුර ගමනක් යන විටය.ඔය කැටයම් සියල්ල යාලුවා උනත් කාඩ් ඒජන්තයාට කිව හැකිද?එනිසා මා නෑනෙ බන් නැන්දට ඕව තේරෙන් නෑ කියා කීමි.එයින්ද තව මසක් හමාරක් ගිය කල නැවත පෝරං කොල සැට් එක අරන් කාඩ් ඒජන්ත මිතුරා ආවේය..ඇවිත් පෙර පරිධිම අස්සන් ටික විතරක් අරගෙන ගියේය..මොකද්දෝ ලියුමකටත් අස්සන් ගත්තේය..අනේ මගෙ මොකෝ කියා මාද අස්සන් කලෙමි.දැන් අර සිම් කාඩ් ගන්නවා මෙන් කජු කන වැඩකි මේ වැනි දේවලුත්..සියල්ල පොටෝ කොපි ගනී.ඉන්පසු ඒජන්තයා ඒවා තියාෙගන ඔහුට ඉඩ ඇති වෙලාවක පෝරං කොල පුරවයි.අපි අස්සන් කරයි.මෙහි ඇති කැතම පැත්ත නම් අපේ රටේ තියන කුමන හෝ නිතියක ලොකු සිදුරක් නිසා මේ ලේඛණවල සිංහල පරිවර්තනයක් නොමැති වීමයි.මා ජංගම දුරකථන සමාගම් 3කින් සිම්පත් මිලදී ගෙන ඇත.ඔවුන් තුන් දෙනා ළගම මේ ලිපි ලේඛන වල සිංහල පිටපත් නැත.අඩුතරමේ තමුන් අස්සන් කරන්නේ මොන කෙංගෙඩියකටදැයි නොදත් බොහෝ දෙනා මා වැනිව, නිකන් තියෙන අස්සන නේ..ඔන්න ඔහෙ කියා අස්සන් කරති.එහේත අස්සන් කර ගෙදර ගොස් නිවිහැනහිල්ලේ කියවා බැලීමට වත් ඉතා අඩුමිල කඩදාසියක අඩු මිල සිංහල භාෂා මුදුිතයක්වත් ලබාදෙනවානම් එවන් අායතන ගැන ජනතාව පැහැදෙනවා වැඩිය.එහෙත් ඔය හැම සමාගමක්ම සිය දැන්වීම් නම් අමු සිංහල බාෂාවේන් දැමීමට කාරුණික වෙයි.
දැන් අස්සන් ගෙන ඔහු ගොස් යලි කෝල් දී පෙර මෙන් නැති නව විශ්වාසවන්ත නොම්මරය්ක ඉල්ලයි.මෙවිට මගේ නුවනට පහල උනේ අපේ බාප්පා කෙනෙකි.ඔහු වැඩකරන්නේ කොළඹ රාජ්‍ය සේවයේ ආයතනයක පරිපාලන නිලධාරියෙකු ලෙසයි.මගේ නමටත් වැඩේටත් ගැලපෙන බැවින් ඔහුගේ නම සහ විස්තර දුනිමි..
8.ඉන්පසු වූයේ තරමක් බාරදූර කාර්යයකි.එනම් බාප්පා දැනුවත් කිරීමයි.මා ගැන විස්තර අසා ණය කාඩ් සමාගමකින් ඔබ අමතාවිය.එවිට මා දන්නවාය කියන්නය යන්න මට ඔහුට දැනුම් දීමට තිබුණි.පරණ ප්‍රින්සිපල් ආකාර කන්ෙතා්රු වචනමාලාවක් සහ කටපාඩම් ආයතන සංග්‍රහයක් සහිත අපේ මාමා රත්නයට මා කෝල් කලෙමි..දැන් බලමු ඔහුගේ අදහස..
දැන් ඔය ලමය මොකටද ඕක ගන්නෙ?මං හිතන්නෙ ඔය ලමයට ඕව වැදගත් නෑ..ඔය වයසට සල්ලි ටිකක් ඉතිරි කරගන්න විදියක් කල්පනා කරල බලන්න.මං මේ අත්දැකීමෙන් කියන්නෙ ඔය ණය කාඩ්කියන්නෙ මහ ප්‍රෝඩාවක්.ඔන්න මටත් තිබුන අර චීන බැංකුවක කාඩ් එකක් ඕකේන වතාවක් මං කොහේ හරි ගියෑම ඩීසල් ගැහුව වාහනේට.මෙන්න ඉන් පස්සෙ බිලක් වගේ එනව මාසෙන් මාසෙට.මං දවසක් බැලුව මේ මොකද මේ පන්සිය ගානක් තුන්සිය ගානක් වගේ අඩු ගානක් එන්නෙ කියල.බැලුවහම මුන් එවන්නෙ පොලිය විතරයි..සදාකාලිකව අර ණය මුදල තියනෙව පොලිය හැමදාම එනව.පස්සෙ මං ඕ සල්ලි ටික ගෙවල දැම්ම.ඉන් පස්සෙ මට පොඩි මුදලක් බැරි වෙලා ඉතිරි වෙලා තිබුණ.රුපිය් දා හතරක් විතර.මාසෙ අන්තිමට මුන් අර රුපියල් දාහතරටත් පොලියක් හදල එවලනේ..ඒ අතර ඉතින් ලෝ කෙ නැති බඩු අර කඩේ මේ කඩේ තියනව.කන බොන තැන් හෝටල් තියනව කියල බඩු ගන්න ඩිස්කවුන්ට් දෙනව කියල ලියුං එනව.මං ඉතින් ඔය පොලී ගෙව ගෙව ඉන්න ඕනි නැති නිසා ගත්තෙ නෑ.ඉන් පස්ෙස මං අර රුපියල් දාහතරට රුපියල් පනහක්මද කොහෙද දැම්ම.ඉන් පස්සෙ මුන් ලියුං එවනව ඔබට තව රුපියල් විසි ගණනක් තියෙනව ඔබ මොකද බඩු ගන්නෙ නැත්තෙ කියල අහල.උන්ට ඕනි අපි ණය කාරයො කරන්න.අපි ණය වෙන තරමට තමා උන් පෝසත් වෙන්නෙ..
මං(බාප්පා) වැඩකරන ඔෆිස් එකේ මයිනර් ස්ටාෆ් කෙනෙක් මං එක්ක තරහත් උනා ඔය කාඩ් කතාවකට.මේ යෝදය කාඩ් එකෙන් බඩු අරන් ගිහින් කාල බීල ජොලි කරල ලක්ෂ එකහමාරක විතර ලොකු ගානක.පස්සෙ මූ ගෙවල නැතුව අර ණය කාඩ් සමාගම උසාවි ගිහිං.උසාවියෙන් ලස්සනට උසාවි නියෝගය ආව පඩියෙන් රුපියල් පන්සී්‍යක් ඇර සියලුම මුදල් වහාම අර සමාගමට මාස්පතා යවන්න කියල.කොටින්ම ඒ මිනිහගේ පඩිය විදියට ඒ සමාගමට දීල තිබුනෙ මුලු ලැබෙන එලවන්ස්ද දීමනාද ඕක්කොම එක්ක..ඒ නිසා ආයෙ ඒ මනුස්සයට ඉතිරි උනේ ඔවර් ටයිම් එක විතරයි.පඩි වැටුනම මේ මිනිහ ආව මොකද්ද ඒ ඕ මහත්තය කරල තියෙන කැත වැෙඩ් කියල.ඉතින් මං ඒ මනුස්සයට පෙන්නල දුන්න උසාවි නියෝගයක් ආවම අපිට කරන්න දෙයක් නෑ කියල.ඒත් ඒ මිනිහ මං එක්ක තරහවෙලා ගියා.ඒ මිනිහ නිකම් දෙන පලියට ණය අරන් කාල ඒව ගෙවාගන්න බැරි උනාම හිගාකන මට්ටමට වැටුන.හැමෝම හිතන්නෙ අර පොඩි පොලියක් මුදලක් ආවම ඒක තමා මුලු මුදල කියල..නෑ ඒක නෙමෙ ලොකු මුදලක් තියෙනව.අනික ඔය තියෙන කොන්දේසි මොනාද කියල හෙවිල්ලක් බැලිල්ලලක් නෑ.ඔහෙ දෙන පලියට ගන්නව.අරන් වැඩ වැරදුනාම නිකම් කොම්පැණි වලටයි අපිටයි බණිනව..
හරි තමුන්ට ඕනිම නම් මං ඕක ඇහුවම තමුන් අඳුනනව කියන්නම්..එත් මට තියෙන අත්දැකීම ඒකයි..
මා විසින් ණය කාඩ්පත ගැනීම පිළිබඳව ඉන්පසු බෝඩිමේ මිතුරන්ගෙන් ඇසීමි.
9.බොට දැන් ඔය කාඩ් එකට අවුරුද්දට නිකම්ම තිබුනත් රුපියල් එක්දාස් පන්සියක් විතර ගෙවන්න වෙයි..නිකමට හිතපන් අපරාදෙනේ..
ඒ උනාට මචං හදිසියකදි ඒ රුපියල් දාහට වඩා ඕක වටිය්නේ..උඹ ඕනි මංගල්ලයක් නටා ගනින් ..අපි නෑ.
10.අවසාන වශයෙන් මා ඒ ණය කාඩ්පත් ඒජන්ත මිතුරාගෙන් පස්න ඇසීමි..ඒ අනුව ණය කාඩ්පත භාවිත නොකලහොත් අවුරුද්දට ගෙවිය යුතු වන්නේ රුපියල් දාහකි.එසේම නියමිත දිනයට ගෙවනවානම් සහ කල්පනාවෙන් ගෙවනවානම් මෙය හිතන තරම් අවුලක් නැත.මා නම් සිතන්නේ සමහර ඇප්ලිකේෂන් අපි තිබුනාට කවදාවත් භාවිතා කරන්නේ නැත.මා දැන් මේ කන්තෝරුවේ කෙනෙකුගෙන් හදිසියට රුපියල් සීයක් ඉල්ලා ගත්තත්.. මා විසින් එය පසුදින ඇති වැඩ පෙන්නුම් කරන ගූගල් කැලැන්ඩරයට දමා ගනිමි.එවිට පසු දින පාන්දර මේල් එකට ලොග් වන විටම අර රුපියල් සීය මගේ මතකයට එයි.විසාල ණය මුදලක් නම් මා එය පඩි දිනට පසු දින ඇති වැඩකටයුතු සහිත මාගේ දින දර්ශනයට ඇතුල් කරගමි.එවිට පඩි දිනට පසු දිනට මට මතක නැති ණය මුදල මගේ කැලැන්ඩරය විසින් මේලය මත පෙන්නුම් කරනු ලබයි..මාගේ දත්ත සිම්පත ලබාගෙන දැනට වසර දෙක හමාරකි එය කිසිම විටෙක මුදල් නොමැති කම නිසා අත් හිටවීමක් සිදුවී නැත.මන්ද මා විසින් ඒ ගෙවීමට ඇති දිනයේම හො ්ඊට පෙර ඒවා දිනපොතේ ලියාගෙන කලට වේලාවට ගෙවා ඇති බැවිනි.