.කොහේ හරි ගිහිං ලස්සන පැලයක් දැක්කොත් සා මරු කියල පැලයක් තියෙනවද කියල බලල තියනවනම් පැලයක් හරි නැත්තං ගහේ තියෙන ලස්සනම තැනකින් අත්තක් හරි කඩන් එන එක අපේ ජාතික පුරුද්දක්ද කියල වෙලාවකට හිතෙනවා.සමාර වෙලාවට අතු පැල නොවෙන ඒවත් අතු කඩාගෙන යනව..සමාර විට ඒ අරන් යන්නෙ අර දෙයි කෙනෙක් ඉන්නෙ ගල්බන්ඩාර වගේ නමක් තියෙන ආන්නඒ දෙයියොන්ට කොළඅතු එල්ලන්න වෙන්න ඇති..උදාහරණයට කිව්වොත් සමාරු අර ලෙමන් දෙහි ගස්වල අතු උස්සන් යනවමං දැකල තියෙනව..ඉතාම හොඳ තත්ව යටතේ තිබුනෙ නැත්තං ලෙමන් හෙවත් අපේ භාෂාවෙන් පෝච්චි දෙහි වලඅතු පැලවෙන්නෙ නෑ..ඒත් ඉතින් එන උන්ට දෙන්න අපි පැල පැටව් දාල තියෙනවයි..ඔන්න ඔහෙ අත්තක් අරන් යන්න කියල අපි කියනව..ආ අමතක උනා අපේ ගෙදර ඉස්සරහ ලොකු පෝච්චි දෙහි පැලයක් තියෙනවා..
හරිහමන් පැලයක් තෝරාගැන්ම.. .
දැන් අපේ අය පලතුරු හිටවන්න අදහසක් තිබුන හෝ නැතා ඔය පදර්ශනේකට ගියෑම පැලයක් අරන් එනව..සමහර පැල වල කුඩා කාලෙදිම ගෙඩි හැදිල නැත්තං මල් ඇවිත්..ඉතින් මේ ලොකු කුඩා පැලේ ගෙනත් පෝර දාල හිටෝනව..ඉතින් අර තියෙන ගෙඩි ටික පැහෙනකොට සා මාරයි කිය කිය කනව..එයින් පස්සෙ ඉතින් ගහට උදේ හවස වැඳල වතුර දාල ගෙඩි ප්‍රාර්ථනා කරත් අවුරුදු ගානක් යනකල් ගසේ කිසිම පලදාවක් ඇතිවෙන්නෙ නෑ..එසේ ගෙඩි ඇතිවෙන්න ගොඩක් පැල තවාන් අයිති අය කරන්නෙ හෝමෝන විදින එක නැත්තම් බට් කරන එක..බට් හෙවත් බද්ධ පැල තාක්ෂණය මිට කලකට ඉහත බොහොම ජනප්‍රිය වෙලා තිබුනෙ..නමුත් දැං දැන් වෘත්තිය විදියට වගාකරන අයත් සාමාන්‍ය ජනතාවත් බට් වලට ඒ තරම්ම මනාපයක් නෑ..රබර් කොස් වගේ ඒව බට් කරනව උනාට දැන් දැන් පලතුරු පැල බද්ධ කිරීම ඒතරම්ම සාර්ථක නෑ කියලයි මට නම් හිතෙන්නෙ..අනික සමහර බද්ධ පැල වල මුල් කාලීන පලදාව හොඳ මට්ටමක තිබුනත් පසු කාලීනව පලදාව සම්බන්ධ ගැටලු පැන නගිනව..උදාහරණ විදියට අඹ පැලයක් බට් කරල අපිට අවුරුදු දෙක තුනකින් ගෙඩිවල රසබලන්න පුලුවනි..නමුත් සාමාන්‍ය අඹ පැලයක් වසර හතරකින් ගෙඩි ලබාදී ලැබෙන ගෙඩි ප්‍රමාණය සහ වර්ෂයකට ලැබෙන ගෙඩි සංඛ්‍යාව එක්ක සලකාබැලුවොත් බද්ධ පැල ලබාදෙන පලදාව ගැටලු ඇතිකරනවා..
අනෙක් කාරණය තමා පැලයක් තෝරාගැන්මේදී අදාල දේශගුණයට ගැලපෙන පැල තෝරාගැන්ම..අපේ අය නුවරඑලි ගිහිං සෝක් මල් මාරයි කියකිය මල් පැල අරන් ඇවිත් කොළඹ ඉන්දනව.නමුත් කාලයක් යනකොට නුවරඑලි මල් තියා නිකම් මලක්වත් පිපෙන්නෙ නෑ අර මල් ගහේ. මොකෝ කියනවනම් අර නුවරඑලි මල් තියෙන්නෙ නුවරඑලි දේශගුනේට ගැලපෙන විදියට..මේ කොළඹ තියෙන වැලි පොලවට දේශගුනේට ගැලපෙන්නෙ නෑ ඒ නුවරඑලි බඩු..
දැං ඔය වැල වරකා කියන පලතුරු ලබාදෙන කොස් කියන ජාතියත් ආන්න එහෙම දෙයක්..කොස් අපිට එක තැනකින් ගෙනියල අනික් දේශගුනයක් තියෙන තැනකට හදන්ට ටිකක් අමාරුයි හැදුවත් ආයිබෝං ගෙඩි හැදෙනව නම් බොහොම අඩුයි..කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ ඒ පලාත්වලට නිවැරදිව ගැලෙපන බෝග නම් කරල තියෙනව..පලතුරු උනත් හෙමයි..අපි වෘත්තිය වශයෙන් වගාවකට යොමු වෙනව නම් මෙන්නමේ කරුණ වැදගත්. මොකද සමහර දේශගුණික කලාපවලට සමහර පලතුරු වර්ග ගැලපෙන්නෙම නෑ..උදාහරණයක් විදියට ගත්තොත් මගේ පියාට ඇවැසි උණා ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන නාරංවල පැලයක් හදාගන්න..ඉතින් උන්දැ දන්න සෙල්ලං දාල පැලයක් හැදුව..ඒකෙ ගෙඩිත් ආව..නමුත් අර අපිට පේන විදියට ඔරේන්ජ් කලර් එකවත්ඒ රසවත් ඒ ගෙඩිවල හටගත්තෙ නෑ..ඒ ගෙඩි නිකං ලංකාවෙ තියෙන වල් නාරං ජාතියක් වගේ.. මම හිතන්නෙ මේ දේශගුණයටඒ නාරං ගැලපෙන්නෙ නැතුව ඇති..
තමුන්ගෙ ප්‍රදේශයේ සාමාන්‍යන් හොඳින් වැවෙන පලතුරු තමුන්ට වටපිට ටිකක් හොඳින් බලාගත්තම යසට බලාගත හැකි..නැත්තං ගොවිජන සේවා මධ්‍යස්ථානයකට ගිහිං වගා මහත්තය කෙනෙක් හමුවෙලාඒ ගැන වැඩිදුර විස්තර ගත හැකි..
පැලය හිටවන තැන.. .
සාමාන්‍යයෙන් ඕනෑම බෝගයක් ආස කරන්නෙ නැගෙනහිර දෙසින් එන සෞම්‍ය හිරු එලියට..සමහර බෝග ඇත්තටම හිරු එලියට දැඩි සේ නිරාවරණය වීම සුදුසු නෑ..මට මතක විදියට කොකෝවා,කෝපි,ගම්මිරිස් වැනි බෝග සඳහා අනිවාර්යෙන් සෙවණ අවශ්‍යයි..ඒ වගේ පලතුරුත් සමාර අවස්ථා තියෙනව සෙවණ අවැසි වෙන..උදාහරණයක් විදියට කෙසෙල් ගත්තොත් කෙසලේවල කෝලිකුට්ටු,පුවාලු ආදි කෙසෙල්වලට කෙළින්ම හිරු එලිය වැටෙන එක හොඳයි...ඒත් ආනමාලු,ඇම්බුම් වගේ කෙසෙල් වලට පොඩ්යක් හෙවනක් හෙම තිබ්බත් වරදක් වෙන්නෙ නෑ..ගොඩක් අය තමුන්ගෙ පුංචි ගෙවත්තෙ ඉතිරිවෙන තැනක තමා පැලය හිටවන්නෙ..නමුත් ගෙවත්තක් උනත් සැලසුම් කරද්දි නැගෙනහිර දෙසට කුඩා උස නොයන පැලත් බස්නාහිරට විශාල ගසුත් එනවිදියට සැලසුම් කිරීම තමයි සාමාන්‍යනේ වඩාත්ම ප්‍රථිපලදායක වෙන්නෙ..ඒ වෙගේම වතුර තත්වය ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනි..අපි පැලය හිටවල ඒ පැලේට කෙලින්ම නානකියන,රෙදි හෝදන සහ අනික් අපවිත්‍ර ජලය පැලය කුඩා කාලෙදිම හරවනවනම් ඒක වැරදියි..සමහරු හිතන්නෙ වතුර පෝර වගේ ඒව වැඩිවෙනකොට ඒ වේගයෙන්ම පැලෙත් හැදෙයි කියල..ඒක එහෙම්මම නැ කොහිල,කංකුං වගේ ජලය තුල හැදෙන බෝග කීපයක් ඇරුණම අනෙක් බොහොමයක් බෝග වලට ජලය වැඩිවීම කියන්නෙ ඒ අදාල රෝපිතයේ හෝ බෝගය බාලවන්නට එක හේතුවක්..
ගස් ලබු අතගාන කාන්තාවක් |

කෙසෙල් සොරුන්ට දැන්වීමක් |

වල සකස් කර ගැන්ම....
මැරෙන්න කලින් වලක් සකස් කරගන්නව කියන්නෙ නම් අපේ අයට මාර අසුබ දෙයක්..වැඩිපුර බීල මත්වෙලා කුනුහබ්බයක් කියන් ආතල් එකෙට පාර පුරායන බුලට් එහෙම දැක්කම අපේ ආච්චි අම්ම කියන්නෙ අන්න තමුන්ගෙ වල තමුන්ම කපා ගන්න එකෙක් කියල..සමහර තැන්වලදි අපිට බෝගයට හෙවත් හිටවන්න යන පැලයට ලොකු වලක් අවැසි වෙන්නෙ නෑ..නමුත් පලතුරු පැලයක් විශාල වෙද්දි එහි මූල පද්ධතිය ලෙසට ශක්තිමත්ව හැදිල හොඳට හමන සැඩ සුලං වලට හෙම ඔරොත්තු දීල හිටින්න අවැස්සිය වගේ නම් ඉතින් වල අඩි එකහමාරක් දෙකක් ගැඹුරට පලලට කැපුවට කමක් නෑ..වල කපල ඒකට පස්සෙ කරන්න ඕනි යටට වසුන් යෙදීම..සාමාන්‍යනේ අපි නම් දාන්නෙ පොල්ලෙලි කොහුබත් වගේ ඒව තමයි..නැත්තං දිරමින් පවතින කුණු රොඩු ආදිය දැම්මත් ඒතරම් අවුලක් නෑ..මේ ලේයර් එක ඒ කිව්වෙ පහලම පොල්ලෙලි තට්ටුව අඟල් 9ක් හෙවත් සෙන්ටිමීටර 20-විතර වුනාට අවුලක් නෑ..ඉන්පස්ෙස අර තමුන්ගෙ වත්තෙ තියනෙ පෝර පස් ටිකක් සාමන්‍ය පස්වලට මිශ්‍ර කරල ඒවයින් වල පුරවන්න ඕනි..මෙතනදි කුනුගොඩක් අවුස්සල ඒකෙ තියෙන සබ්බ සකලමනාවකම කුණු ගෙනත් පලතුරු පැලේ හිටවන්න ඉන්න වලට දමන්න එපා..ඉස්සර අපේ සීය රාජ අල කොඬොල් අල වගේ අල වලවල් වල අල හිටවෙනකොට එහෙම කලා..මොකද අල බහින්න හොඳට වැල හැදෙන්න බුරුල් කොම්පෝස්ට් වැදගත් හින්ද..නමුත් මේ වගේ කුණු පස් විතරක් වලේ තියන එක පැලයට අහිකර වෙන්න පුලුවන්..ඒ වගේම කුණුත් එක්ක නිකම්ම ලැබෙන කුණු අස්සෙ ඉන්න පණුවො ඇක්ටිව් වුනොත් හෙම අර පැලේ යට හරියෙ තියෙන එතරම් තදින් සවි නොවුන මුල්වලට හානියක් වෙන්නත් පුලුවනි.අනික වලේ පැලට හිටවන හරිය හොඳින් වැලි පස් සහ කොම්පෝස්ට් කවලම් මිශ්‍රණයක් වීම සුදුසුයි..සාමාන්‍යයෙන් අපි වලක් ගහල ඒක පුරවල පැලයක් හිටවන අවස්ථාවක එතරම් ජලය නොපිරුණු ස්ථානයක නම් වල සාමාන්‍ය පොලොවන් සෙන්ටිමීටර 15-20ක් ඉතිරිවෙන්න තමා පුරවන්නෙ..මොකද වතුර ඩිංගක් රැඳෙන්න සහ පැලේ ලොකුවෙනකොට පොර දාන්න ලේසිවෙන්න සහ පැලේ පසට හොඳින් සවිවෙන්න ඕනි කියන කාරණා නිසා තමා එහෙම කරන්නෙ..ඔය පැලේ හිටවන ඒරියා එකට අපි කිසිවිටකත් දිරමින් පවතින කුණු එකතුකරගන්න නරකයි..ඒව දිරවන්න හො වෙන බහුබූතවලට ඔය කුනුවලට ඇදෙන ගොලුබෙල්ලන් සහ ගොලයන් වැනි සතුන් විසින් අපේ අහිංසක කුඩා පැලේ කොල ටික අහවර කරල යන්න පුලුවන් ඒ විදියෙ අමු නොදිරූ කුණු වල වටේ තිබුනොත්..
පැලය හිටවමු..
ඉස්සර ඇත්තො පැලයක් හිටවන්න කලියෙං නැකත් එහෙම බලල තමා හිටෙව්වෙ..අපිට කොහෙන්ද ඉතින් කුකුල් කැටයං. ඒත් පැල හිටවන්න වඩා සුදුසු කාලය තමා සවස් කාලය..එතකොට මුලු රැයක් පුරා රෙස්ට් එකේ ඉන්න පැලේ ඊළග දවසෙ එන නැවුම් හිරු එලිය එක්ක ඒ තරම්ම තරහ වෙලා මැලවෙන එකක් නෑ..අනික දේ තමා පැලය හිටවල අපිට පැලේ වටකරන්න වෙනව පැලය තරමක් විශාල සහ කොළ සහිත එකක් නම්..ඔය පැලේ හිටව්ව ගමන් පොලවට අල්ලන්නෙ නෑ..ඒ අතර වැටෙන හිරු එලිය අර පැලයෙ තියෙන කොළවලට කෙලින්ම වැටුනහම ඒ කොල අර ඉරඑලියෙ රස්නෙට මැලවෙන්න පුලුවං..ඒ නිසා පැලේ කොල අතු ටිකකින් පොඩ්යක් ආවරණය කරනවනම් වඩා උචිතයි..
සාත්තු කරමු.. .
පැල හිටවන්න නම් අපේ රට උත්සව පවත්වනව මං දැකල තියෙනව..නමුත් ඒ හිටවන පැලවලට සාත්තුවක් කරන්න සමහර වෙලාවට ඉන්නෙ අහක යන බල්ලෙක්ගෙ චූව එක විතරයි..සමහර උත්සව වලින් මහා ලොකුවට හිටවන පැල තෙමෙන්නෙ මං කලිනක් කිව් ක්‍රමයට විතරයි සමහර වෙලාවට..අපි පැලයක් ගෙනැල්ල හිටවන්න තියෙන උනන්දුව පොඩ්ඩක් ඒ විදියට මාසයක් දෙකක්වත් තියාගන්න පුලුවන් නම් හොඳයි..ඇත්තටම හොඳ පැලයක් ශක්තිමත් මූල පද්ධතියක් ශක්තිමත් කඳක් ආදී බොහො සාධක සම්පූරණ වුනොත් තමා අපිට අපි හිතන අර ටී වී එකෙ ටොයිං එකට පෙන්නන ආකාරයෙන් ගසක් ලබාගන්න පුලුවං වෙන්නෙ..මෙතනදි වතුර දැමීමෙදි ගොඩක් වෙලාවට දවසට වරක් ජලය දැමීම ප්‍රමාණවත් පැලය කුඩාකලදී සහ දැඩි ඉඩොර අවස්ථාවලදී..ගස හොඳින් හැදුනට පස්සෙ නම් ඉතින් වතුර ඔය මැරෙන්න ගියොත් දැම්මහම උනත් ඇති..නමුත් දෙහි අඹ වගේ දේවල්වලට දිගින් දිගටම ජලය නොදා ඉඳල එකවර ජලය යෙදීම ඒ බෝගයෙ මල් ඇතිවී පලදරන්නට අකාලයෙ ඵල ලබාගන්නට ක්‍රමයක් ලෙස ප්‍රචලිතයි..ඒ වගේම පොහොර යොදද්දි වැඩිපුර නොයෙදීමත් වැදගත්..උදාහරණයක් විදියට බීජ හෝ ඒ ආශ්‍රි ත දේවල් ආහාරයට හා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවලදි අපි යූරියා පොහොර වැඩිපුර යෙදීම පලදායක වෙන්නේ නෑ..මොකද යූරියා පොහොර වැදගත් වන්නෙ කොල ඇතිවීම ආදී දේ සඳහා වීම...බොහො අය හිතන් ඉන්නෙ රසායනික පොහොර වැඩි වශයෙන් යෙදීම බෝගය සුටුස් ගාල හැදිල ගෙඩි ඇතිවන්න හේතුවෙනව කියල..නමුත් උවමනාවට වඩා රසායනික පෝර යෙදීමත් ඔබේ පැලය අකාලයේ මිය යන්න පවා හේතුවන්නට පුලුවනි..පැලය සිටුවන අවස්ථාවේ රසායනික පෝර යොදනවානම් පැලයේ මුල් නොගෑවෙන තරම් ගැඹුරකින් පස්වලට මිශ්‍රකොට නිසි පමණට රසායනික පොහොර යෙදීම වැදගත්.
මලයා නොදැකපු කාරණයක් තියේ.. ගොවිජන මහත්තැන්ලා බෙදන්නෙත් රට ඇට. අපේ තිබිච්ච දේශීය ගස්ලබු, කොමඩු ටික නැති කොලා වගෙ කොරන්න නම් කිසිම දෙයක් නොවවන එක වඩා හොඳයි!
ReplyDeleteවෙන මොනවද ඉතින් ... හිටවමු පැණි දොඩම්!!!
ReplyDeleteඒක මහා දිග කතාවක්...මිනිහෙක් වගා කරන්නෙ පලදාව බලාගෙන... ඔබතුමා ජාතිය ආගම රට බලාගෙන වගා කරනවනම් අමාරුවෙන් ඒ බීජ හොයාගෙන වගා කරගන්න..
ReplyDeleteමං සාමාන්‍යයෙන් කමෙන්ට් වලට උත්තර නොදෙන්නෙ මේන් මේ වගේ කට කැඩිච්ච කතා හිතට එන නිසා...
ඒත් අපේ රටේ වගාවට තියෙන ඉඩ එක්ක ජනඝනත්වය එක්ක බැලුවහම අපිට කුඩා ඉඩකින් විශාල ප්‍රයෝජන ගන්න වෙනව..ඒ හේතුව සහ තවත් බොහෝ සාධාරණ හේතු ගණනාවක් නිසා ගොවි ජනතාවට පිටරට ඇට වගා කරන්න වෙනව..
එතනදි ගොවිජන සේවා ආයතන වගේ රජය සම්බන්ධ ආයතන පිටරට ඇට බෙදන්න ගත්තෙ පුද්ගලික අංශයට වඩා බොහෝ ප්‍රමාද වෙලා..ඒත් කලින්ම අපේ ගොවි විද්‍යාඥ මහත්තුරු පරීක්ෂණ කරල ගැලපෙන බීජ සහ තාක්ෂණය හඳුන්වාදුන්න නම් හරි..ඒත් ප්‍රමාද වෙලා හරි එයාල ඒක කරනවනම් ඒක ලොකු දෙයක්..
දැනට වසර 3-4කට පෙර කෘෂිකර්ම දෙපාර්ථමෙන්තුව වැටකොලු අක්කරයකින් ලබාගත හැකි පලදාව ගැන රේඩි එකෙන් කියද්දි වෙලාවක අපේ තාත්තට හිනා ගියා..මොකද ඒ වෙනකොට ඊට වඩා විශාල ප්‍රමාණයක අස්වැන්නක් ගන්න අපේ පැත්තෙ සාමාන්‍ය ගොවීන් සමත් වෙලා තිබුන නිසා...
අපි දැනට ඕනෑම බෝගයක් වගා කිරීම කරනකොට වී හැර ඒ බෝගය හදන්ට වියදම් වෙන මුදල් වලින් ශ්‍රමයට යන වියදම් හැර අනෙක් ඔක්කොම සල්ලි යන්නෙ පිටරටට..ටැක්ටර්,තෙල්,පෝර,බීජ,ආවුද,උදලු,වතුර මැෂින්,ඩීසල්,පෙට්‍රල්,පෝරබෑග් ඔය හැම දේකම නිපදවන්නා ඉන්නෙ පිටරට...ඒක නැතිකරන්න ඔය ගොවිජන මධ්‍යස්ථානෙ ඉන්න අහිංසක ගොවි නිලධාරියටවත් කීයක් හරි වැඩිපුර ගන්න බලාගෙන ගොවිතැන් කරන ගොවියටවත් බෑ..
හොඳ ලිපිය...
ReplyDeleteගස් වවන එක නියමායි!
මටත් කියන්න තියෙන්නෙ ඔය ගොවිජන මහත්තුරු අප්සෙට් කියල තමා. විශේෂයෙන් මේ කොළඹ ඉන්න උදවිය.
ReplyDeleteපැපොල් අඹ හෝ ගිර අඹ ගැන ඇහුවම එයාල හොල්මන්.එතන ඉන්න සමහර අය ඒව ගැන දන්නෙවත් නෑ. [නුවර එවුන් හැමෝම වගෙ දන්නව ඒව කොතරම් රසවත් ද කියල] මෙහෙ දෙන්නෙ කර්තකොලොම්බු විතරලු. විලාට් පැළයක්වත් ගන්න නෑ.[මම කියන්නෙ පබ්ලික් ලයිබරරි එක ඉස්සරහ තියෙන කෘෂි දෙපා. පැළ අලෙවි හල ගැන.]
ඒ වුනාට ඒ පැළ ජාති මම නුවරින් ගෙනත් ඔය අපූරුවට හිටවල තියෙන්නෙ.
වටිනා ලිපියක්..මල් පැල වර්ග ගැනත් පොස්ට් එකක් දාන්න පුලුවන් නම් හොඳයි නේද..
ReplyDelete