අවසන ශිෂ්‍ය සංගම් වලට සම්බන්ධ සිසුන්ගේ පන්ති තහනම් කර ඔවුන් ජේ වී පී කරුවන් ලෙස හංවඩු ගසා රාජ්‍ය මාධ්‍යවල දේශන පැවැත්වීමත් ඇමති තුමා විසින් සිදුකලා..මේ හරහා පන්ති තහනමට ලක්වූ සිසුන් දැඩි අපහසුතාවයට පත් උනා.කිසිදු අවස්ථාවක ඒ වනවිට පැවති ශිෂ්‍ය සංගමය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයට කෙලින්ම සම්බන්ධ උනේ නෑ..මේ ලක්ෂයක් පමණ වියදමක් ගිය,. ආයතනයෙ පැවැත්වූ එකම පාඨමාලාවේ නම සඳහන් නාමපුවරුව කිසිදු හිරිකිතයක් නැතුව ඉහලින් ආ අණ පරිදි යුද හමුදා සෙබලුන් විසින් ඉවත් කරනවා.ආයතනයක ඉදිරිපිට එම ආයතනයෙ තිබෙන පාඨමාලාවක නම ඇතුලත් නාමපුවරු සවිකිරීම කිනම් ආකාරයේ වරදක්ද කියා බහුතර සිසුන්ටත් මේ දැන්වීම සවිකරන කාලයේ ආයතනයේ සිට දැන් එලියේ සිටින බහුතර සිසුන්ටත් විශාල ගැටලුවක්. මේ සියල්ල එකතුවන්නේ කිනම් අරමුණක් යටතටද යන්න ඉන්පසු සති කිපයකින් සන්ෙඩ් ඔබ්සවර් පත්තරේ ගිය දැන්වීමකින් අපට අනාවරණය කරගන්න හැකි වුනා.එවකට අලුතින්ම තනා තිබූ විද්‍යාගාර පහසුකම් එවකට සිසුන්ටත් නොලැබී තිබුන වාතාවරණය යටතේ නව පී එල් සී පාඨමාලාවන් සඳහා පුද්ගලික පාඨමාලාවන් කිහිපයක් එම නවීන විද්‍යාගාර යොදා කරන බවට දැන්වීමක් පලවී තිබුනා..එනම් පුද්ගලී කරණය කොට තුට්ටු දෙකට පාඨමාලාවන් පැවැත්වීමේ පලමු පියවර තබා තිබුනා.දින 12ක් පැවැත්වෙන එම පාඨමාලාවට නියම උනු මිල රුපියල් 40 දාහක්.
මේ ලිපිය පලවීමත් සමඟ සමහරවිට කලින් තහනමු වූ ශිෂ්‍ය සංගමේ සිටි තවත් අභ්‍යන්තර සිසුන් කීපදෙනකුගේ පන්ති තහනම් වන්නට පුලුවනි.මෙය බලන කවුරු හෝ සිටීනම් මේ ලිපිය ලියන්නේ ඇතුලේ සිසුවෙකු නොවන බවත් එලියේ සිට ආචාර්යවරුන් හරහාත් ආදි සිසුන් හරහාත් තොරතුරු මත බවත් සඳහන් කරමි..
HNDE පාඨමාලාව මූලික වශයෙන් ඇති කරනු ලැබුවේ මධ්‍යම මට්ටමේ කාර්මිකයන් පුහුනු කිරීම සඳහාය.
ReplyDeleteපසුකාලීනව සියළු දෙනාටම උපාධි ලබා ගැනීමේ රෝගය වැලදීම නිසදෝ විවිධාකාර අවස්ථා වලට මුහුන දුනි.
ආයාතනයේ නාම පුවරුව සවි කිරීම පාලනාධිකාරියේ වැඩක් බව සිසුන් තේරුම් ගත යුතුය.අනිත් අතට නාම පුවරුව සවි කල පමනින් පාඨමාලාවක තත්ත්වය පිළිබඳව අධි තක්සේරුවක් ඇති කර නොගත යුතු බවද සිහි පත් කල යුතුය.
අමාත්‍යංශයේ අභිමතයට අනුව සිසුන් කටයුතු නොකරන්නේ නම් කල යුතු හොඳම දේ නම් කලබල කාරීන්ගේ කාල සීමාව අවසන් වනතුරු නවක සිසුන් බඳවා නොගැනීමය.
ඉදිරියටත් මෙයින් මධ්‍යම මට්ටමේ කාර්මිකයන් පුහුනු කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත්, ඒ සඳහා වටාපිටාව සකස් කල යුතු බවත් සැමට මතක් කරනු කැමැත්තෙමි.
HND in Engineering කියන්නෙ Advanced Technology Institute එක මඟින පවත්වන තවත් එක පාඨමාලවක් විතරයි. ඉතින් මම නම් දකින්නෙ එතන තියෙන්න ඕනා ATI නාම පුවරුවක් මිසක් HNDE එකක් නොවන බවයි.
ReplyDeleteලංකාවේ සරසවි වලවත් ඔහොම පාඨමාලවේ නම ගහලා සරසවිය ඉදිරිපිට බෝඩ් ගහන්නෙ නෑනෙ?
HND in IT
HND in Mgt
HND in Accontancy
මේවත් ATI එකේ පාඨමාලා තමයි!
ස්තූතියි කමෙන්ට් වලට..
ReplyDelete