Saturday, December 17, 2011

වනචර දිසාපාමොක්

හම්මේ යන්තම් ඇති ළමයිගෙ ගණන් ටික බැලුව.දැන් යන්තම් කලුවර වැටීගෙන එනව.අල්ලපු ගෙදර ශ්‍යාම, (මේක ලේසියට අල්ලපු ගෙදර කිව්වට තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ) සහ එයාගෙ මහත්තය දර්ශන ගස්ලබු ගහේ ගෙඩියකට අනිනව..ශ්‍යාමා සාය පලල් කරගෙන ඉන්නව.මට ඒක දැකල ගොඩාක් ලොකූවට චූන් ගියේ නෑ.මොකද ඒ සාය ඇතුලෙ තියෙන අංගෝපාංග මං දැකල තිබුන නිසා.ඒක මහා වනචර වැඩක්.ඒත් ඒක එහෙම වෙලා තිබුන.දැන් දර්ශන ගස්ලබු ගෙඩියට අනිනව.එයින් එක ගස්ලබු ගෙඩියක් වවුලො කාල.දැන් ශ්‍යාමා සාය පලල් කරගෙන ගහ යට ඉන්නව සායට ගස්ලබු ගෙඩිය වට්ටගන්න.ඉතින් දර්ශන ඇන්න ඒත් නියම ගෙඩියට වදින්නේ නෑ.දර්ශනට මල පැනල..යෝදියේ ඕක පලල් කරන් හිටියට හරියනවයි.අත්දෙක හරිගස්සන් හිටු අත්දෙකට ගන්න.මං අැන්නම උඹ අල්ලපිය.අර ටී වී එකේ ඩිල්සාන් අල්ලන්නෙ ආන්න ඒ වගේ.වාක්‍ය හමාර වී එයට ඩිල්ෂාන් එනවිට ඔහුගේ මුවේ තිබුණ තරහව අඩු වී තිබුණි.

දර්ශන ඇන්නේය ඉලක්කයටම ඇන්නේය.අගින් කිරි වෑස්සෙමින් ශ්‍යාමාගේ සාය මතට ගස්ලබු ගෙඩිය වැටුනි. එක්වරම මා වත්කරගෙන බොමින් සිටි තේ ටික විසිරී ගියේ සිදුවූ සිදුවීමටය.ඇගේ සායට වැටුනු ගස් ලබු ගෙඩියේ බරට ඇගේ සාය පහලටම වැටුනි.
කලකදී සුදු වී යැයි අනුමානයෙන් දතහැකි පාටක් තිබූ  ඇගේ දුඹුරුපැහැ ගැන්වූ යටසාය තිබුනු නිසා හොඳට තිබුනි. දර්ශන බනී.මං උඹට කිව්වෙ අත්දෙකින් අල්ලන්න නෙව. උඹ පැනල සාය උස්සන් හිටිය.අනේ.....බොලාගෙ මොලේ හැදිමිටේවත් නැතුව ඇති...ඒ බලා සිටින කෙලිපැංචිය අම්මි මොලේ කෝමද හැඳිමිටට එන්නෙ..??මේන් මේ දෝනියන්දැටත් තාත්ත උත්තරයක් දුන්නනම් කියා ශ්‍යාමා මහ හයියේන් එය කියයි..

මා දැන් විවාහ විය යුතුය.ඒ මගේ අම්මාගේ උපදේශයයි.ගොන්කටුආර විදුහලේ සිටින වැඩ හැකි එකම ගුරුවරයා ලෙස පත්වූ මා හෙවත් කිත්සිරි වන පුද්ගලයා ඔහුගේ මව කියන ආකාරයට දැන් පිලිවෙලක් විය යුතුය.එහෙත් කිත්සිරි වන මට කසාද එතරම් ප්‍රිය දෙයක් නොවේ.එහෙත් කොහෙන් හෝ අම්මා ටොයිං කෑල්ලක් හොයා මට ගෙනත් දෙනු ඇතැයි මා සිතයි.මින් කලකට පෙර පටන්ගත් ශ්‍යාමා සහ මගේ අනියම් සම්බන්ධය ගමම දැනගෙනත් ජයග්‍රාහී ලෙස තවම පවතී.එම කතාවේ මුල හරිය හරියට සිංහල චිත්‍රපටියක ලිංගික දර්ශනයක් මෙනි.එහෙත් එ්වායේ වන පරිදි උලමෙක් කෑගැහුවේවත් මහ රෑක වැස්ෙස්වත් නැත.උනේ මන්ද සිද්දිය පටන් ගන්නේ මොංගල් මානසිකත්වයකින් පාරේ ගිය මාගේ ඇලපතේ බ්‍රෙික් නැතුව පාරෙන් පැන්න පොඩි ටැට්ටරයක් වැදීමෙනි.ටැට්ටරේ පහල කොටසක් මගේ ඇලපත හෙවත් කලවයේ වැදුනි.දැන්මට අමාරුය.එහෙත් කිසිත් නැති ලෙස නෝන්ඩිය පසෙක ලා.මා අසනීප පිටම බෝඩිමට ආවේය.එදින රෑ එතරම් අමාරු නොවුවත් පසුව අමාරු විය.

උදෑසන නැගිට්ට විට වේදනාව දැඩි විය.කෑම ගෙදරින් කොල්ලකු විත් මට කෑම එක තබා ගොස් ඇත.උදෑසන නැගිටින්නට ලමුන්ට අණදෙන මා නැගිටින්නේ 7ට ය.එහෙත් නැගිටීම අමාරුය.කරගන්නට දෙයක් නැත.මා ජනේලයෙන් එබෙන විට පාරෙන් එහාපැත්තේ දර්ශන සිටිනු දිටීය.ඔහු වැඩට යන්නට සැරසේ.දර්ශන කැඳවාගෙන මා අපාසු බව කීවෙමි.දර්ශන ත්‍රිවිල් එකක් ගෙනවිත් ගස්වෙදෙක් දක්වා එහි යන ලෙස මට කියා ඔහු වැඩට ගියේය.මං වැඩ ඇරී එදින නිවාඩු බව ලොකු මහත්තයා හෙවත් ප්‍රින්සිපල් සර්ට කියන්ටැයි ලමයෙක්ට කියා බෙහේත හේත් රැගෙන ආමි.

ඉන්පසු මා තනියෙන් තෙල් ගා ගන්නට ගති.ඒ අතර ශ්‍යාමා පැමිණියේය.ඇය මහත කතකි.ඇගේ ඉණ වට්ටියක් මෙන් පලලය.එහෙත් පියකරු මූනක් ඇයට ඇත.මහත්තය තනියමද තෙල් ගා ගන්නෙ.ඕම කලාම වැඩක් නෑ..කියා ඈ කීමි.මා කිසිත් නොදොඩා තෙල් ගාගන්ට ගති.එහෙත් කාරිය අමාරුය.කෝ ඉන්න මහත්තය මං ගාන්න.ඇය එදින තෙල් ගෑම සිදුකර වෙදා දුන් කසායද උණුකර දී ගියේය.ඉන්පසු රෑට තෙල් ගෑමට දර්ශන ආවේය.තෙල් ගා තුන්වැනි දවසේ කොටු දමන සිද්ධිය සිදු විය.එවිට කකුල තරමක් සුව වී තිබුණි. දර්ශනගේ අතට වඩා ඔයාගේ අත සිනිදුයි.
ඈ මහත්තය මං ගෑනු නිසානේ.මහත්තය හොඳයි කියල කෙල්ලො කියනව මං අහල තියෙනව.කොහෙද අපි ඉන්න කාලෙ නෙමෙයි නේ මහත්තය ආවෙ.මං ඉස්කෝලෙ යන කාලෙ මහත්තය වගේ තරුණ කෙනෙක් ඉස්කෝලෙට ආව ඇවිත් මාස 3යි හිටියෙ ගියා.

මං ඇගේ අත ඇල්ලීමි.කිසිදු ප්‍රතිචාරයක් නැත.ඉන්පසු ඇේග අතේ තිබු තෙල් මගේ පිට දෙසද මගේ අතේ තිබු තෙල් ඇගේ පිට දෙසද තැවරෙන ලෙස වැඩ සිදුවුනි.කකුල අමාරු වුවත් එම ව්‍යායාම නම් මට ගෙනාවේ දිව සම්පතකි.එතෙක් විඩියෝ වලින් පත්තර වලින් දැක තිබූ සෙලුව එතරම් පියකරු නොවෙන දෙයක් බව මා දැක ගතිමි.එහෙත් ඒ තුල මුසු වූ ආලය සහ රාගාන්විත බව මා කුල්මත් කලේය.සමාරවිට මැයගේ මහා ශරීරය වෙනුවට වෙනත් කයක් තිබුනි නම් ප්‍රමෝදය දැඩි විය හැක.එහෙත් මැයගේ තිබූ මා කෙරෙහි වන ලැදියාව රාගය ජනනය කිරීමට විශේෂයෙන් දායක වීතිබුනි.

ඇය දිනක ඇඬුවාය.එහෙත් බොහෝ විට සිනාසුනාය.ඇයට මේ සිදුවීම මට තරම් මානසික වදයක් නොවීය.ඒ අතර මේ කඩමන්ඩියේන් ඈත දර්ශනගේ වගාවට අලි පැන එය සම්පූර්ණයෙන් පාගා දමා තිබුනි.මා වහා ඉදිරිපත් වී බීජ වලට පෝරවලට සහනාධාර දුන්නේ හුදෙක් දානමය අදහසින් නොවේ.කල් ගත විය.ඇයට ලමයෙක් එන්නට විය.ඇය කියන පරිදි ඒ මගේ ලමයාය.දැනටද ඇගේ ලමයා මගේ බව මටද සිතේ.එහෙත් වාසනාවට මෙන් ඒ කෙලිපැංචිය අැගේ අම්මාගේ මුහුන වැන් මුහුනකින් යුක්ත වූවාය.

ශ්‍යාමා කිව් පරිදි දර්ශනට ලමයි නැතිය.ඒ බව ඇයට දැනී ඇත්තේ කෙසේදැයි මා නොදනී.දර්ශනගේ අම්මා පැමිණි දිනෙක අතීතයේ දිනෙක මේ මගේත් ශ්‍යාමාගේත් හුටපටය ආරන්චි විය.එහෙත් එතෙක් කල් දර්ශන එය නොදැනම සිටියේදැයි ගැටලුවකි.සමහරවිට දර්ශන එය දැන සිටින්නටද ඇත.පිට පිටම දවස් දෙක තුනක් දර්ශන බීමතින් පැමිණියේය.මා ගේ කාමරය අසලින් යන විට ආ ඉස්කෝල පොඩි මහත්තයා..කියමින් යයි.තුන්වැනි දිනෙක වැනි වැනී බෝතල් බාගයකුත් .කිහිලි ගන්නාගෙන දර්ශන එයි.මං අාෙව මහත්තය හම්බුවෙන්න.මට තියෙනව කාරනයක් කතා කරගන්න.
මාද එහිදි අරක්කු ටිකක් බොන ලදී.අපේ අම්ම කියනව මහත්තය අපේ ගෑනිත් එක්ක නිදාගන්නව කියල.අනේ මන්ද.අපේ ගෑනිත් මහත්තයට හරි ලෙංගතුයි.මං කල්පනා කොලේ මහත්තය මගේ ගෑනි අරන් පැනල යයිද කියල.මහත්තය අපට ගොඩක් සලකල තියෙනව.මං මේ දවස් දෙක තුනේම බීගෙන ආවෙ මහත්තයට බනින්න.කුනුහබ්බ කියන්න.ඒත් ඒක හරියන්නෙ නෑ..අපි කන බත්පතේ රෙන්න තරම් පහත් මිනිස්සු නෙමෙ.

බොහොම ඉස්සර අපේ අප්පුච්චලට ඕනි උනා මං කසාද බන්දන්න.මං ගොයියනේ මහත්තයො.යන යන තැන ගෑනු මට කැමති උනේ නෑ.මේ ගෑනි තමයි කැමති උනේ.ඔය අම්මල ඇවිල්ල එක එක පොඩි වැරදි හොයන් කෑගැහුවට....මමනේ දන්නෙ මහත්තයො ගෑනියෙක් ගන් තියෙන අමාරුව.මමත් කොයි තරන් නං හෙව්වද.යාලුවො ත් එක්ක මගුල්ම කීයක් බලන්න ගියෑද.ගොවි තැන කිව්වම කවුරුත් කැමති නෑ.දැංවගේ නෙමෙ ඒ කාලෙ ගොවිතැනුත් සරුය් මට.ඉන්න බැරි පාලුවක් හිතට එනව රෑට පැල්කොටේ තනියම ඉන්නකොට.ඉතින් මේ ගෑනු අපට කැමති නෑ.මටත් වීල් එකක් බයික් කෙකක් තිබුනනම් මුං කැමති වෙයි.කොහෙද අපේ අප්පුච්චි මං වීල් එකක් ගන්නවට කැමති උන එකක්යැ.උන්දැට ඕනි උනේ ටැට්ටේර්..කෙහෙම්මල් ටැට්ටරේ..මේ ශ්‍යාමත් වීල් කාරයෙක් එක්ක කලිං හුට්ටපරයක් තිබුන කෙනෙක් කියල මට කලිම්ම ආරංචි උනා.ඒත් ඉතින් මට කන්න බොන්න ටිකවත් හදල දෙන් නැතෑ කියල මට හිතුනෙ.

අනේ මන්ද මහත්තයො මටත් හිතුන මේක ආරන්චි උණ වෙලාවෙ මහත්තයට කැත්ත උස්සන් ඇවිත් කොටන්න.එ්ත් මට හිත හදාගන්න බැරි උනා.උලව්වේ මහ රන්ඩු අල්ලල ලමයිත් නැති මයෙ වාහෙ අරන් මහත්තය ගියොත්.මං ආයිත් තනිකං දෝස හැදිච්ච එකාවෙගේ මේ ගෙදර තනියම හිටපංකෝ..අනේ මන්ද..මහත්තැල උගත්..පෝසැත්..ඒ වගේ අයට ගෑනු කැමති වැඩි.මට ඕක තේරුනේ මගුල් බලන්නම ගිහිං.අනික මං වගේ කලු කුම්බර යෙක්යැ මහත්තය.අනේ මන්ද මේ ඉස්කෝලෙට අලුතින් ආපු හැම මහත්තයෙක් ගැනම කතා හැදුන එක එක වල් දේවල් එක්ක.ඒත් මහත්තයට ඒව අඩුයි.එහෙව් කෙනා මෙහෙම...
කෝම උනත් කාලයක් තනියම කතාකොරන්නවත් කවුරුවත් නැතුව උදැල්ල මත්තෙ නැහුනු මට දැන් හැන්දෑවට උදෑහනට හරි වචනයක් දොඩන්ට හරි ගෑනියෙක් ඉන්නව.පොත් පත් අස්සෙ හිටියට මහත්තයලැගේත් අරව වැඩ නෙව..හැහැ හැහැ හැහැ හැහැ..ගා සිනාසෙන්නට විය.මං යනව.බයවෙන් එපා මං අපේ අම්ම බැන්න කියල මහත්තයට කොටන්න එන්නෙ නෑ.

කතාවල සිදුවෙන පරිදි මේ වචන කීපෙන් පසු මා කතාව නැවැත්විය යුතුය.එහෙත් එය එසෙ සිදු නොවීය.එක්කෝ මං ඇගේ ගෙට රිංගයි නැත්නම් ඇය මෙහි විත් තේ සදා පොත් අස්පස් කර යයි.නාගරික සමාජයෙ මෙන් මේ පොඩි කඩමන්ඩියේ සෙනග නැත.කඩ කීපයක් ඇතත් ඒවාට සෙනග එන්නේද හැන්දෑවට හා උදේටය.

දර්ශන කීව් තරම්ම මා හොඳ කෙනෙකු නොවේය.මං ස්කෝලේ කෙල්ලන් කීප දෙනකුම සිතින් නිරුවත් කර ඇත.පොත් වල තිබෙන පරිදි චේතනාව කර්මය නම් මා වැරදිය.ගනන් වරද්දන විට මා ලමයිට ගසයි.එවිට කීපදෙනෙක් හෝ මීලග දිනයේ ගනන් හදාගෙන එයි.කෙල්ලන්ගේ කොන්දට හෝ කොටුවකින් පසුපසට ගසයි.මා කොන්දට අත්ලෙන් ගසනා දිනෙක සිසුවියක් නොසිතූ පරිදි ගනන් නොසෑදී යැයි නැගිට්ටේය.ඇය නිතර ගනන් හදන එකියකි.මා ඇයට ගැසීමට පෙර පොත බැලීමි.ඇය ගනන් සදා තිබුනි.පසු දිනෙක ඇය ගනන් නොසදාම තිබුනි.ඉන්පසු මා ඇය පසුපසින් දිනක් පාරේ යනවිට පැමිනියේ කතාබහටය.එහෙත් එවැන්නක් කිරීම වැරදි යැයි මා සිතු නිසා වචන කීපයකින් පසු මා ඇය ඉවත් කරගති.එහෙත් එක්තරා දිනෙක ලමුන් අඩු වැසි දිනෙක සර් ඇය ිසර් මට විතරක් සර් ගහන්නෙ නැත්තෙ ඇයි දැයි ඇසීය.වැසි දිනයේ ලොකු ඉස්කෝලෙ මහතා පාසැල වසා දැමීමට සැරසුනි.නමින් නිමේෂා වූ ඇය එදින මගෙන් ගන්න් ඇසීමට ඇතැයි නැවතුනි.ඇය දක්ෂ ශිෂ්‍යාවක වු බැවිනුත් විභාගයට කිට්ටු දිනයක් වූ බැවිනුත් සැක අඩු පරිසරයකි නර්මාණය උනේ. සර් හරියට ගල් පිලිමයක් වගේ මං කොච්චර සර් දිහා බලන් හිටියත් සර් බලන්නෙ නෑ.හරි අහංකාරයි.අපි දුප්පත් ඇති ..අපිට සල්ලි නැතුව ඇති.අපි ලස්සනත් නැතුව ඇති.අපිට ක්‍රීම් ගාන්න සල්ලිත් නෑ.
සර්ව බලන්න ගොඩක් අය ඇති සර් ලයි ගමේ. මා ඇගේ අතින් ඇල්ලුවෙමි.ඉන්පසු මා ඇය  බදාගති.ඉන්පසු ඇය විසින් කිටි කිටියේ මා බදාගන්නා ලදී.මා ඇය බලෙන් ඉවත්කරන ලදී.ලමයෝ මං මේ ඇඳුම දාන් හිටියට ඇතුලෙන් කොල්ලෙක්.ඒත් කවුරු උනත් මං ඔයාලගේ පාර පේනනන කෙනා.ඔයා ලස්සන කෙනෙක්..මේ විබාගෙ පාස් වෙලා නගරෙට ගියෑම කොල්ලො ගොඩාක් පස්සෙන් එයි.ලව් ගොඩක් දරුණුයි.ඒත් ලව් ඉස්සරහ ගලක් කරගන්න පුලුවන් හිත ඇති මිනිස්සු දිනනව.බැරි උන් ඒකට ම යටවෙලා මැරෙනව.මං මෙතන උදාහරණ කියන්න ඕනි නෑනෙ..පැනල ගිහිපු ස්කෝලෙ ලමයි අද ඉන්න තැන ගැන.මං ලොක්කෙක් නෙමෙ.මට වඩා ගොඩාක් ලොකු අය මේ ලෝකෙ ඇති.

ඉන්පසු ඇය පැන යලිත් මා බදාගති.එහෙත් ඒ සීමාවෙන් ඇය නවත්වන්නට මට හැකිවිය.ඉන්පසු ඇය සිතු සේ පාසැලින් ගියාය.එහෙත් ඒ ගියේ විශිෂ්ඨ ලෙස විභාගය සමත් වීමෙන් පසුය.හම්මේ දැන් මේ දිනපොතේ පිටු ගානක් ලියල. දැංවත් නිදාගන්න යන්න ඕනි.

(මේ කතාවේ නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි)

12 comments:

  1. හප්පා මං බයවෙච්ච තරමක් හොඳ වෙලාවට මනංකල්පිත එකක් උණේ

    ReplyDelete
  2. යන්තං කෙල්ල බේරුණා. හොද කතාවක්.

    ReplyDelete
  3. කැව නේද පොල්පැළේ.... මං නං දැනගත්තා හැරෙනකොටම

    ReplyDelete
  4. නියමෙට ලියලා තියෙනවා...

    ReplyDelete
  5. හිත හදාගත්තා මන:කල්පිතයි කියපු නිසා.මෙහෙම උනුත් නැතුවා නෙමෙයි.......

    ReplyDelete
  6. සාධාරණව සමාජය ගැන උපකල්පිත උදාහරණයක්..බොහොම හොඳයි

    ReplyDelete
  7. Sorry to write in English.The mental imbalance of the teacher whom you describe is brilliant.But better you add some thing more than sexual imaginary thinking, things like how he struggles when students are about to sit for OL or Al and when he is scolded by Ministers or F****** principals telling no need to teach over time just do your duty till 1.30pm that could add some different kind of beauty to the story.

    /*මේ විබාගෙ පාස් වෙලා නගරෙට ගියෑම කොල්ලො ගොඩාක් පස්සෙන් එයි.ලව් ගොඩක් දරුණුයි.ඒත් ලව් ඉස්සරහ ගලක් කරගන්න පුලුවන් හිත ඇති මිනිස්සු දිනනව.බැරි උන් ඒකට ම යටවෙලා මැරෙනව.මං මෙතන උදාහරණ කියන්න ඕනි නෑනෙ..පැනල ගිහිපු ස්කෝලෙ ලමයි අද ඉන්න තැන ගැන.මං ලොක්කෙක් නෙමෙ.මට වඩා ගොඩාක් ලොකු අය මේ ලෝකෙ ඇති.)*/
    My favorite lines.

    ReplyDelete
  8. මේක නන් සෝයි ය.. මං කියෙව්වේය.........

    ReplyDelete
  9. "මෙහෙම උනුත් නැතුවා නෙමෙයි".....ගෑනු ලමයි ගොඩක් මැද හැමදාම උගන්නනකොට තරුණ කෙනෙක් විදියට සිත චංචල නොවී තියාගන්න පුලුවං මාර්ගඵල ලබපු කෙනෙක්ට විතරයි..මෙහෙම නොවන අය අසාමාන්‍යයි..ගෙදරින් බෝම ඈත..කැලෑ ගමකට වෙලා..ඒ ගමේ මිනිස්සුන්ටත් ලමයින්ටත් අනෙක් සමාජයටත් අයිති නැති වෙනමම ජීවිතයක් ගතකරන ගුරුවරු කියන්නෙ මතු බුදුවෙන්න ඉන්න මෛත්‍රී බෝධිසත්වවරු නෙමෙයි..ඒ මිනිස්සු දිනපතා මනස එක්ක පුදුම සටනක් දෙනව..හිතන්න කොළඹ නුගේගොඩ ඉන්න කොල්ලෙකුට පලමු පත්වීම ඈත පලාතක ගුරුවරයෙක් විදියට ලැබෙනකොට..තියෙන සනීපෙ..ඒත් මාරු වෙන්න උත්සාහ කරන්නෙ නැතුව ඒ ජීවිත වලට එලිය බෙදාගෙන ඉන්න ගුරුවරු කී දාහක් ඇත්ද?//

    ReplyDelete
  10. අද තමයි කියෙව්වෙ.....ඔබ හරිම අපුරුවට මේක ලියලා තියනවා...

    ReplyDelete
  11. ගුරු ජීවිතේ හා පෙළඹවීම් බොහෝම දරුණුයි...

    ReplyDelete