අපිට ගොඩක් වෙලාවට හරියට සුද්ද පවිත්‍ර කරපු ඉඩමක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. කලින් වගාවක් කරපු ඉඩමක් අපි ගත්තත් ඒක වල්වැදිල බැද්ද හැදිල තිබෙන තත්වයෙන් තමා අපිට ඒක ලැබෙන්නෙ. මුලින්ම ඉඩමක් ගත්තහම ඒකෙ මායිම අපි විසින් නිර්ණය කරගන්න ඕනි. අලුත් ඉඩං ලැබුනම සමහරු කරන්නෙ ඉවක් බවක් නැතුව ඔහේ සුද්ද පවිත්‍ර කරන්න යන එක. කලින්ම ඉඩම හොඳහැටි මායිං කාරිය බලාගෙන ඉන්පස්ෙස වැඩේට බහින්න ඕනි.
මෙතැනදි මම කියන්නෙ වියලි කලාපෙයේ සහ අර්ධ ශුෂ්ක කලාපවල කෙරෙන ගොඩ ගොවිතැන ගැන. මේවට වඩා වෙනස් ඇති නුවර එලිය වැලිමඩ පැත්තෙ කෙරෙන ගොවිතැන් කටයුතු. මේ සඳහා සුදුසු වෙන්නෙ වැසි වැටිම අඩු කාල වකවානුවක් තමයි. කලින්ම අපි කරන්න ඕනි තියෙන ගස් කපා ගන්න එක තමා. මහා විසාල, මිනිස්සුන්ටත් වඩා උස බැද්දක් හෙම තියනෙවනම් කලිම්ම කම්මලක් අල්ලල කැත්ත පොරව හොඳට මුවහත් තියන් ලැස්ති වෙන්න ඕනි. කොණක ඉඳල බැද්ද කපල ඉන්පහු මහ ගස් එහෙමත් පත බාල හොඳට ගිනිතියාගන්න ඕනි. අමු ගස් කෝමද ගිනිගන්නෙ කියල කෙනෙක් හිතයි. ඒකට ඉතින් සතියක් දෙකක් ඔහෙ පෙල්ලල තිව්වම හරි.හොඳට කෑට ගැහුනට පස්සෙ කපාගතපු ගස් ටික මහ ගොඩවල් ගහල ගිනිතියාගන්න ඕනි. කෙනෙක් කියන්න පුලුවං අනේ කොම්පෝස්ට් කරන්න තිබුන ඒව කියල. ඒත් ඒ වගේ වැල් බයිල මේ වගේ මහ නාහෙට අහන්නෙ නැති ගස් කොළං එක්ක කරන්න අමාරුයි. හොඳට ගිනි තියාගත්තම ඉතිරි වෙන මහ දඬු කෑලි ටික ගානකට කපල තියාගන්න ඕනි. ඉන්පස්සෙ තියෙන්නෙ ඉතින් මුල් ගැලවිල්ල තමයි. විශාල පඳුරු සහ කපන ලද විශාල ගස්වල මුල් ගැලවිල්ල නම් එපාම කරපු වැඩක්. තියෙන බූටෑවට බැද්දට කැත්තෙන් ගහනව වගේ නෙමෙ මුල් ගැලවිල්ල. මුල් අයින් කරන්නෙ මුල් තිබුනම මේ මුල් වලින් වැස්සට පස්සෙ ආයෙත් අර ගඳපාන,කටුපිල,එරමිණියා වගේ පඳුරු ගස් සහ විශාල ගස් මතුවෙන්න පුලුවං නිසා. අනෙක මුල් තිබුනම ඒවයෙ ගොයිතැං කරන්න ගියෑම හරි අකරතැබ්බ වලට මූනපානව. ඔය උදලු වැඩ කරද්දි මුල් වල වැදිල ආයුද කැඩෙනව. ටිකක් ඇවිදින්න කුරුල්ලො එලවන්න එහෙම උඩ බලං යද්දි ඕවයෙ පැටලිලා වැටෙනව. ඒ නිසා කලිම්ම මහ මුල් ටික ගලවල තියාගන්න එක හොඳයි..
හෑම
හානව කියන එක ආකාර කීපයකට සිද්ද වෙනව. අද කාලෙනම් බැද්ද කැපීමේ සිට අනෙක් පස සකස් කිරීම මුල් ගැලවීම ආදී බොහෝ කාරණා කාරනා ඩෝසර යන්ත්‍ර භාවිතා කරල සිද්ද වෙනව. නමුත් ඩොසර භාවිතය වගාවලට ඒතරම්ම සුදුසු නෑ. එක කාරණාවක් තමා පසෙහි මතුපිට ඇති පෝර ගතිය සහිත තට්ටුව යටවී යට ඇති නිසරු පස් උඩට ඒම. අනික් කාරණාව තමයි මේ ඩෝසර වල තියෙන අධික බරට පස තද වීම. දිගින් දිගටම ඩෝසර භාවිතා කලාම පස් අතර තියෙන හිදැස් අඩුවීමේ දෝෂයක් එන්න පුලුවන් කියල මම අමෙරිකානු පරිවර්ථන සඟරාවක දැක්ක මතකයි. කාලයක් ගොයිතැන් නොකල බිමක් නම් කලින් ගොවිතැන් කරල තිබුනත් සුදුසු වෙන්නෙ මහට්‍රැක්ටර් එකකින් හා ගන්න එක තමා. මේ මහට්‍රැක්ටර් වලින් හාන ආකාර දෙකක් තියෙනව එකක් කෝප්ප නගුල අනික කූරු නගුල. කෝප්ප නගුලෙන් අඩියක් විතර තියෙන පස් තට්ටුවක් කෝප්ප කෝප්ප වගේ කානු සහ ගැටි ඇතිවෙන විදියට පෙරලගෙන යනව. මේ මොන හෑම කරන්නත් වැස්සක් වැටිල පස බුරුල් වුනොත් තමා හොඳ. නැත්තං වෙන්නෙ නිකම් හාන්න යන්න කුලිය අපරාද වෙන එක විතරයි. මෙහෙම එක වැස්සකට හොඳට මහ ටැක්ටර් එකකින් හා ගත්තහම පස්සෙ මහ ට්‍රැක්ටර් එකේම කූරු නගුලෙන් හරි පොඩි ට්‍රැක්ටර් එකක රොටවේටරයින් හරි හා ගන්න එක කරන්න ඕනි. ඒ තරම්ම හදිස්සියක් නැත්නම් ලොකු උදැල්ලක් අරන් මේ පස් කඳු ටිකත් එක්කම කොටා ගන්නත් පුලුවනි. අපේ පියා එක්වරක් මිලදී ගත් ඉඩමක අැටවරා නැමැති වල් උවදුරු සැරටම තිබුන. මේ ඇටවරා කියන වල් ශාකයේ මුල් සහ අල අඩියක් පමණ ගැඹුරට යනව. ඒ නිසා අපේ පියා කලේ මිනිස්සු දෙතුන් දෙනෙක් එකතු කරන් අර කෝප්ප නගුලෙන් හාපු පස ආයෙම කොටල හදාගන්න එක. එහෙම කොටනකොට අහුවෙන ඇටවරා කැබලි එකතු කරගෙන පස්සෙ වේලෙන්න අැරල පුලුස්සනව. නැත්නම් මොන විදියට හාල තිබුනත් වැස්සක් ආවම බෝගයට කලින් ඇටවරා පැලවෙලා ප්‍රශ්ණ ඇතිවෙන්න තිබුන.
අගල් දැමීම...
මේ විදියෙ අගල් දැමීම බොහොම වැදගත් වෙන්නෙ වැසි වතුර බැසයෑමේ කර්තව්‍යයට තමා. අපි කලින් වතුර බහින දිහෑව හොඳට බලල ඉඩම මැදින් අගලක් දෙකක් දාල තියෙන එක වැදගත්. නැත්තං අර ඉඩමෙ තියන මුලු සාරයම හෝදගෙන පහත් පැත්තට ගලාගෙන යනව. හොඳට ජලය රැඳෙන පහත් බිමක නම් ගැඹුරු අගල් පද්ධතියක් අවශ්‍ය වෙනව. නැත්නම් දිගින් දිගට වහින කාලවලදි අර බෝග වතුරෙම තිබිල මැලවිලා යන්න අවධානමක් තියෙනවා.
දැන් දැන් සමහර පලාත් වල වතුර නැතිවීම සහ වී ගොවිතැන පාඩු වීම නිසා ගොඩ ගොවිතැන් කටයුතු වලට කුඹුරු ඉඩම් යොදාගන්නව. එතනදි අර කලින් කිව්ව වගේ මහා ලොකු ව්‍යායාමයක් දෙන්න අවශ්‍ය නෑ. ඒත් ඉතින් කලින්ම රොටරි කරල තිබුනනම් පස්සෙ වරුසාව වැහැල වතුර බැහැල ගිය ගමන් පස් කඳු ගහගෙන වැඩේ පටන් ගන්න පුලුවනි. නැත්තං බැද්ද නැතිකරන්නයි ආයෙම වලවල් හදන්නයි ඔක්කොම එකපාර කරන්න හිටියොත් ඉතින් වැස්ස ඉවරවෙනකල් වැඩ ගොඩගැහෙන එක තමයි වෙන්නෙ.
ඇට හිටවීම..
මෙහෙම හදාගත්ත පසක අපි මුලින්ම වහින වැස්සට ගජරාමෙට වලවල් පේලි කපාගන්න ඕනි. වට්ටක්ක,පිපිඤ්ඥ වැටකොලු පතෝල කරිවිල මෑ වගේ බෝගවලට අඩියක විතර වටප්‍රමාණය තියෙන වලක් කපල තියනව.. පස්සෙ ආයෙත් වහිනකොට අර වලවල් ගොඩකරල එවෙලමෙ හිටවන එක තමා තියෙන වැඩේ.
ඉරිඟු කව්පි මු ඇට, රටකජු වගේ බෝග නම් සකස් කරගත්ත පොලවෙම එක උදලු පාරක් ගහල හිටවනව.නැත්නම් පේලියට ඇට තවරල ඒකට උඩින් පස් දාල තියෙනව.
බණ්ඩක්ක වගේ එකක් කෙලින්ම වලවල් කපන්නෙ නැතුව පස්ගොඩවල් ගහල ඒක තුනී කරල හිටවගන්නත් පුලුවනි.
ඊට අමතරව බටු මිරිස් තක්කාලි ආදිය හිටවනව නම් ඒ බටු මිරිස් තක්කාලි කලින් තවන් දමා ලැබුනු කුඩා පැල හිටවන එක තමා සාමාන්‍යනේ කෙරෙන්නෙ.
පැරණි එලවලු මැස්සක බණ්ඩක්කා සිටුවන ලද අවස්ථාවක්.. |

No comments:
Post a Comment