අපි කලින් ගියේ වෙඩින් මගුල් ගෙදරක ඉන් පස්සෙ තමා දූවිලි ඇල්ල බලන්න ගියේ.වෙඩින් මගුල් ගෙදර තිබුනෙත් ඒ පැත්තකම තමා.මේ කඩේ තිබුනෙ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසිම් මාර්ගයේ ඉඳල අම්බලන්ගොඩ පැත්තට නෙමෙයි අනික් පැත්තට යනකොට. කඩේ නම මල ෆුඩ්ස් උනාට කෑමනම් පංකාදු 5යි.මේ බෝඩ් එකේ ඇත්තටම තියෙන්නෙ මලී ෆුඩ්ස් කියල ඒත් බලන කෙනෙකුට පේන්නෙ මල ෆුඩ්ස් කියල එහෙම වෙලා තියෙන්නෙ උඩ තියෙන ටියුබ් ලයිට් එක පහත් වෙච්චි නිසා වෙන්න ඕනි.
මේ තියෙන්නෙ දූවිලි ඇල්ලට ප්‍රවේශ වෙන මාර්ගය.නෙලුව කියන ගමට ගිහින් දූවිලි ඇල්ලට යන්නෙ කොහෙන්ද කියල ඒ කඩපිලේ කෙනෙක්ගෙන් අහන්න එතෙකොට පාර කියයි.නෙලුවට යන්නෙ නම් සාමාන්‍ය යෙන් කලුතරට ගිහින් ඉන්පස්සෙ මතුගමට ගිහින් ආන් එහෙම වගේ ක්‍රමයකට.මෙතිනින් එහාට තියෙන්නෙ ලංකාගම කියන සිංහරාජ පාරිසරික කලාපය.එහෙත් තවත් දිය ඇලි සහ විශාල වටිනාකමකින් යුතු පාරිසරික ස්ථාන තියනව කියල තමයි ආරන්චිය ඒත් අපිට එහෙ යන්න බැරි උනා..
මෙ තියෙන්නෙ දිය ඇල්ලට පහලින්ම තියෙන කුඩා පොකුණක්..දිය ඇල්ල ට පිවිසුම් මාර්ගය තියෙන්නෙ දිය ඇල්ල සිට පහලින්..පහලින් පටන් අරගෙන ඉහලටම නැගගෙන යෑමක් තමා තියෙන්නෙ.මෙතනදි මේ දිය ඇල්ලෙ තියෙන විශේෂත්වයක් තමා එකම දිය ඇල්ල අවස්ථා කීපයකින් එනම් උස මට්ටම් කීපයකින් නැරඹ්මේ පහසුව.
මෙතනින් පෙන්නුම් කරන්නෙ දිය ඇල්ල පෙනෙන පහලම සීමාවේ සිට පෙනෙන ආකාරය.එතනදි හරිම ලස්සනට දිය ඇල්ල පේනව.ඒත් අපි හිතන්නෙ මේ තැනදි දිය ඇල්ල ඉවරයි කියල නමුත් මෙතනින් පේන වීව් එක අඩු උනාට දිය ඇල්ල ඉවරම නෑ..ආරක්ෂක පඩිපෙල් දිගේත් ඉතිරි ගල් මුල් දිගේත් ඉහලට යන අපිට මේ ඇල්ලේ ඉහල ස්ථරවල තියෙන චමත්කාරය විඳගන්න පුලුවනි.
මේ දිය ඇල්ලට නම එන්න ඇත්තෙ සමාරවිට දූවිලි වගේ ජල බිඳිති ඇඟට විදින නිසා වෙන්න පුලුවන්.එහෙම නැත්තං ඉතින් දූවිලි කියල රජ කුමාරිකාවක් තමුන්ගෙ පෙංවතා නැති සොවින් පැන්නද කියල කියන්ත් බෑ.කොහොම උනත්මේ ඇල්ලෙ දෙවන කොටසින් ඇතුල් වෙන කෙනෙක් සුට්ටක් ඇතුලට ගියොතින් දූවිලි සමාන ජල බිඳිති විඳගන්න පුලුවනි.
ඇල්ල ඉහලම කොටසෙදි වතුර ගලාගෙන එන්නෙ කැලේ මැදින්..පඳුරු අස්සෙන් ගල් අතරින් සූටි දිය ඇලි ඇතිවෙන පරිදි මේ වතුරු ගලාගෙන එනව.එතනින් එහාට තියෙන්නෙ මහා ජලාශයක් කියල මම හිතන් හිටියෙ..නැහැ එතනින් එහාට එනම් මේ දිය ඇල්ලෙ ඇරඹුම ලඟ තියෙන්නෙ දොල පාරක්. මේ දිය ඇල්ලෙ ඉහලම කොටසෙ තියෙන ලස්සන බලන්න නම් ඉතින් අපි ගල් මුල් අල්ලගෙන ඉහලටම යන්ට වෙනව...
මේ පරිසරය ඇත්තටම චමත්කාරයි.බොහෝ සමනලුන් කුරුල්ලන් ඉන්නවා.ඒ වගේම දිය ඇල්ල බලන්ට කවුරුත් නැති අවස්ථාවක ගියොත් බය හිතෙන තරම් ගුප්ත ගතියකුත් තියෙනවා.මෙ ඇල්ලට ඉර එලිය කෙලින්ම වැටෙනව අඩුයි.වටේම කැලෙන් වැහිල.ඒ නිසා වායුසමණ යන්ත්‍රයක් අසල හිටිය වගේ පහසුවක් දැනෙනව දවල් 12ට ඇල්ලට ගියත්.
මෙතනට ඇතුල් වෙන්න රුපියල් තිහක් ගන්නවා.අපි යනකොට උදේ 8.30යි මේ ස්ථානයේ දොරවල් අරින්නෙ 9.00ට වහන්නෙ 5.00ට හරියට ආන්ඩුවෙ කන්තෝරු වගේ.පුදුමයි කෑමට දිය ඇල්ල වැහුවෙ නැති එක.කොහොම උනත් යම් යම් සිමෙන්ති අඩුපාඩු නිසා කෂය වීම් තිබුනත් ලේසියෙන් ඉහලට යන්න පඩි පේලියක් තියෙනවා.නාකියා ගන්න ඇවැසි අයට ඉහල ගිහින් කරගන්නත් පුලුවන් නැත්නම්.බොහොම සීතල වතුර තියෙන ආරක්ෂිත පොකුණු 2ක් ඉදිකරල තියෙනවා.ඒ පොකුණුවලට ජලය එන්නෙත් අර ඇලි වලින් වැටෙන වතුර වලින්ම තමයි. ටිකක් ඉතින් අමුතුවට නාකියා ගන්ට ඕනිනම් රෙදි කඩමාලු ටික අරන් ඉහලට ගියෑනම් නාගන්ටත් තිබුන. මේ වගේ තැනකින් නානකොට මම නම් හිතන්නෙ අර හැමදාම ගාන සබන් සැම්පු ෆේස්වොස් බොඩිවොෂ් නොගා නානවනම් හොඳයි. මොකද මේ ජලය එන්නෙ බොහොම උඩ ස්ථරයක ඉඳන්..එතැනින් පහල සිටින අයට සබන් නැතුව නාන්න තරම් සබන් ප්‍රමාණයක් එනව 10-12 දෙනෙක් උඩහ එක පාර සබන් ගාල නෑවොත්.
සාමාන්‍යයෙන් මේ පරිසර පද්ධති ඕනෑම එකක් නරඹන්න යනවනම් ඉටිකොල ප්ලාස්ටික් බෝතල් හලල එන්න එපා.ඒක හරි අසික්කිත වැඩක්.ඇයි අපිට කන්න බොන්න ගෙනියන දේවල් වල ඇසුරුම් ආයෙ අරන් එන්න බැරි.කාල බීල ඉවර උනාම ඒ ඇසුරුම් වල බරත් බෝම අඩුයි නේ. ඉතින් අපාසුවක් එන එකක් නෑ ඔය ටික ආයෙම වාහනේ දාෙගන අරන් එන එක.
මේ ස්ථානය බලන්න කොළඹ ඉඳල එන කෙනෙක්ට අධිවේගි මාර්ගයේ මතුගම පිවිසුම භාවිත කරන්න පුලුවනි.මතුගම වලල්ලාවිට පැලවත්ත නෙලුව හරහා ඇවිත් දූලි ඇල්ල ළඟින් නවතින්නෙ නැතුව ලංකාගම සිංහරාජ කොටස් වගේ ගොඩක් දේවල් වලට කොට්ටාව සිට පැය 3ක් ඇතුලත ලඟා වෙන්න හැකියාව දැන් තියෙනවා.එහෙම බැලුවොත් අපිට දවසෙ ට්‍රිප් එකකින් මේ ඔක්කොම කවර් කරගන්න පුලුවන් ටිකක් උදෙන් ම ආවොතින්.. ඒ කියන්නෙ උදේ පහට කොට්ටාවෙන් පිටත් වෙන්න පුලුවන් උනොත් 8.30 -9.00 වනවිට කිසි කරදරයක් නැතුව නෙලුවට ඇවිත් දූලි ඇල්ලට ලඟා වෙන්න පුලුවන් අධිවේගි මාර්ගයේ ආවොත්.
Dhuuli Ella Entrance |
Pitadeniya Rd Near Dhuwili Ella |
Dhuwili Ella Small Pond |
Dhuwili Ella |
Dhuwili Ella |
Dhuwili Ella |
Dhuwili Ella |
මේ දිය ඇල්ලට නම එන්න ඇත්තෙ සමාරවිට දූවිලි වගේ ජල බිඳිති ඇඟට විදින නිසා වෙන්න පුලුවන්.එහෙම නැත්තං ඉතින් දූවිලි කියල රජ කුමාරිකාවක් තමුන්ගෙ පෙංවතා නැති සොවින් පැන්නද කියල කියන්ත් බෑ.කොහොම උනත්මේ ඇල්ලෙ දෙවන කොටසින් ඇතුල් වෙන කෙනෙක් සුට්ටක් ඇතුලට ගියොතින් දූවිලි සමාන ජල බිඳිති විඳගන්න පුලුවනි.
Upper section of Dhuwili Ella |
Butterfly near Dhuwili Ella |
Puswelak |
A flower Near Dhuwili Ella |
Southern Expressway Kottawa Entrance |
මේ ස්ථානය බලන්න කොළඹ ඉඳල එන කෙනෙක්ට අධිවේගි මාර්ගයේ මතුගම පිවිසුම භාවිත කරන්න පුලුවනි.මතුගම වලල්ලාවිට පැලවත්ත නෙලුව හරහා ඇවිත් දූලි ඇල්ල ළඟින් නවතින්නෙ නැතුව ලංකාගම සිංහරාජ කොටස් වගේ ගොඩක් දේවල් වලට කොට්ටාව සිට පැය 3ක් ඇතුලත ලඟා වෙන්න හැකියාව දැන් තියෙනවා.එහෙම බැලුවොත් අපිට දවසෙ ට්‍රිප් එකකින් මේ ඔක්කොම කවර් කරගන්න පුලුවන් ටිකක් උදෙන් ම ආවොතින්.. ඒ කියන්නෙ උදේ පහට කොට්ටාවෙන් පිටත් වෙන්න පුලුවන් උනොත් 8.30 -9.00 වනවිට කිසි කරදරයක් නැතුව නෙලුවට ඇවිත් දූලි ඇල්ලට ලඟා වෙන්න පුලුවන් අධිවේගි මාර්ගයේ ආවොත්.
ෂා .. නියමයි.. මම තාම ගොහින් නැහැ.. වෙලාවක එන්න ඕනෙ...
ReplyDeleteඅවවාදයයි: මේ දවස් වල පැලවත්ත නෙළුව පාර ඇතුළු ඔය පැත්තේ පාරවල් ඔක්කොම වගේ අලුත් වැඩියා කරනවා ඒ මදිවට වැස්ස. මඩ සහිත මාර්ගය ලිස්සන සුළුයි. ප්‍රවේසමෙන් රිය පදවන්න. මචන් මට ඔය කෑම කඩේ නම් එච්චර මීටර් නෑ. තියෙන්නේ කුරුදුගහ ඉදන් ගාල්ල පාරේද ඇල්පිටිය පාරේද?
ReplyDeleteමම මේ හිතුවෙ බලංගොඩ තියෙන දූවිලි ඇල්ල කියලා... බලනකොට දූවිලි ඇලි දෙකක්ම ලංකාවෙ තියෙනව නෙව... මරු සටහන! හැබැයි උඹ කියල තියෙනව වගේ අපේ ගොයියල මේව කියවල මේව බලන්න ගිහින් ඒ තැන්වල කක්කි දාල එන එක තමයි වස වැරැද්ද.
ReplyDeleteකුරුඳුගහ ඉඳන් රට ඇතුල පැත්තට වන්න ඇති කඩපිලේය මෙම කඩය ඇත්තේ...අනික්වා ගැනනම් නොදනී..බිත්තර රොටී සහ පරාටා නම් පංකාදු පහය.කුරුඳුගහ සිට ඇල්පිටිය පාරේ විය යුතුයැ.
ReplyDeleteමාද සිතා සිටියේ දූවිලි ඇල්ල නම් එකක් බවය.නමුත් අන්තර්ජාලයේ සෙවුම් කලවිට දූවිලි ඇලි ගණනාවක් ඇති බවට මා දිටිමි.දෙනියාය ප්‍රදේශයේ බොහෝ ඇලි වලට දූවිලි ඇලි යැයි කියයි.. මේ නෙලුව ඇති ඇල්ල තරමක් උස චමත්කාර පහල සිට ඉහලටම නැගිය හැකි එකක් නිසා එය සංචාරයට කදිමය..
සාමාන්‍යයෙන් මෙවැනි ස්ථාන සාමාන්‍ය නාගරික ගම්බද පරිසරයෙන් ඈත්ව තිබෙන නිසා එම ස්ථාන බාර අයට සහ වෙනත් සංවිධාන වලටත් කුණු ඉවත් කිරීම ගැටලුවක්.ඔබ කන බත්පතේ ඇති කොළය කෙසෙල් උවත් එය පවා රැගෙන ආ හැකි නම් මනා බව මගේ අදහසයි..
පාසැල් සහ තරුණ සංගම් සිරීපාදය පිරිසිදු කරනු මා දැක ඇත..එය වෙහෙසකර කටයුත්තකි.එසේම එය ආදර්ශයට ගෙන මෙවන් පාරිසරික සහ සංචාරක ක්සේත්‍රයේ වැදගත් ස්තානද පිරිසිදු කල හැකිනම් එය මනාය.