Thursday, December 29, 2011

ඇති යන්තම් මල්ලිට කැම්පස් යන්න බෑනෙව..

.මං අක්කාගේ කුඩා එකාට ඇපල් පාර්සලය දෙමින් ගෙට ගොඩ උනෙමි.දැං අපේ අම්මා කොහොමද පුතේ කියා අහන්නේ නැත. ඇය ටීවී බලයි. එහෙත් ටීවී එකේ යන කතාවේ නම්ඒ පුතා ගෙදර එන වාරයක් ගානේ අම්මා කෝහොමද පුතේ කියා අසයි. ටීවී කාරයාට කතාව දුවාගත යුතුය. අපේ  අම්මාත් මාත් මෙන් ලෝක දෙකක ඔවුන් සිටියේවී නම් ටීවී කාරයාට කතාව ඇදගෙන යා නොහැක. මන්ද එවිට දෙබස් නැති වෙන බැවිනි. මල්ලි ගෙදර නැත.ඌ මට වඩා මැරෑටියාය. ජොබක් යැයි හඳුන්වන මහාර්ග රැකියා වස්තුවක් ඌ හොයාගෙන ඇත.ඒ මොකද්දයි මා දැනගත යුතුව ඇත. එහෙත් නොදනී. වැඩ කරන්නේ ටෑර් කොම්පැනියකි. යූනියන් සිකා කිව් පරිදි ටෑර් කොම්පැනි කාරයින්ට ඒවා මෙරට අරින්නට ලැබී ඇත්තේ ලංකාවේ වරදිනි. වෙන රටවල පරිසරවේදින් සමාජ විද්‍යාඥයින් විරෝධතා පවත්වන හෙයින්ඒ වැනි අනාරක්ෂිත කර්මාන්ත ඒරටවල කිරීම අමාරුය. 
යූනියන් සිකාගෙ බම්බුව.අනේ හොඳයි ඌ ඒකට වත් ගිය එක. නැත්තං මං වගේ.. වෙනව.. අම්මා ප්‍රවෘත්ති වල පාස් උන අයගේ විස්තර බලයි.  අපේ එකාට තමයි බැරි. යැයි තාත්තා සමග කියයි. එහෙත් ඇය යටි සිතින් මල්ලීට කැම්පස් යෑමට නොහැකි වීම ගැන සතුටු වෙනවා ඇත.මා උපාධිය ගන්නා තෙක් ඈ සිතා සිටියේ උපාදිය මහා වටිනා දෙයක් කියාය. එහේත උපාදියෙන් පසු ඉන්ටවු 20කට විතර ගියවිට ඇයට උපාධිය එපාවිය.මා කලිසං අඳිමි. ඉංගිරිස්සිත් දනිමි. කොම්පියුටරත් වැල බැලීමෙන්ම පුරුදු වූෙය් කැම්පස් සගයින්ට පින්සිද්ද වන්නටය. මසකටමා කොහුමෝලේ වැඩකර ලබන රුපියල් විසිපන්දාහ තිස්දාහ ලගින්වත් යන වැටුපක් නැති කංකානම් පියන් ජොබ් කරන්නට මට බැරිය. තාත්තා අම්මා පවා ඒ වැනි දේට කැමති නැත.

රස්සා ගන්න කොන්ටැක් තිබිය යුතුය. මට කොන්ටැක් නැත. එය සෝකජනකය. එහෙත් නැත. නිවාඩු දවස්වලත් මා කලේ කොහු මෝලේ වැඩ කිරීමය. කැම්පස් එකේ උන් මා සෙනසුරාදා ඉරිදා කැම්පස් එක තුල දුටුවේ වී නම්ඒ විභාගයක් ආසන්නයේ පමණි. මං යූනියන් කලේ නැත. නමුත් තාත්තාගෙන් අම්මාගෙන් බැනුම් අහගන්නට තරම් හොඳ පොටෝ එකක් පත්තරේ යවාගත්තමි. ගමටම නිවුස් වල ටීවි එකේ මගේ රූපය පෙනී තිබුනි. අපි අලයෝය. මෙලෝ වැඩකට නැතියෝය කියමින් අයියලා අපි ඉදිරියට දමා පස්සට ගොස් සැඟවුනි. මොන බහුබූතයක් උනත් කොරන විදියට කොර යුතුයැයි සිතූ අපි අල ගෙඩි දෙක තුනක් වැඩේ ලීඩ් කලේය. කැම්පස් එකේ ඇතුලට ආරන්චිවේ යැයි මහා ලොකු පොරවල් සැගවී සිටියෝය. දිවිහිමියෙන් මේ සරීරෙ ලේ පාරමැද වැටුනත් ඉදිරියමැයි කියා කිවුවෝ මටත් පහල බැජ් එකක කජු කිරි කෙලි කොල්ලන් ඉදිරියට දමා සැගව ගියේය. දැන් පෙලපාලිය ඉදිරියේ මාය. කැමර් වල ඇත්තේ මාය. ඇත්තටම ඉදිරියේ සිටියේ මාය. දැන් පොලිසියෙන් ගැසීමට ඔන්න මෙන්නය. මට හැමදා අසා පුරුදු වචන සෙට් එක මතක්විය. එසේම ඒවාට මගේ වදන්ද එකතු විය. ගුටිකන්නට පෙර දුවන පිරිස අඩුකරගත යුතුයැයි සිතු මා පේමන්ට් එකේ ගැට්ටකට නැගුනි.
අපි මුන්ගෙන් කාර් ඉල්ලන්නෙ නෑ..අපි මුන්ගෙන් ගෙවල් ඉල්ලන්නෙ නෑ..අපි මුන්ගෙන් වැඩි පඩි ඉල්ලන්ෙන..ඉල්ලන්නෙ රටට සේවය කරන්න අපිට උපාදිය ගන්න සලස්සන්න කියලයි..අපේ නංගිල මල්ලිලලට ඒ අවස්ථාව දෙන්න කියලයි..ඉතින් මේ වගේ වෙලාවක පසු බැසීම උපක්‍රමිකයි කියල හිතන උගුඩුවො වගේ ගුල් අස්සෙ ඉන්නෙ නැතුව ලෝකෙට අපේ ශක්තිය පෙන්නන වෙලාව ඇවිල්ල සහෝදරවරුණි. කතා කරල සාකච්චා කරල මේව විසඳන්න තරම් මුන්ට ඔලුවක් නැති උනාට අපේ ඔලුවට අර කලුපාට තොප්පිය වැටිල ලස්සනට අපි අනාගෙතේ හදා ගෙන එනකල් අපේ දෙමාපියො දහදුක් විඳිනව ඇති. ආන්න ඒ අය ගැන හිතල පස්ස නැතුව ඉසසරහ පෙරට ගමු සහෝදරවරුනි. 
ඉන්පසු තත්වය මා සිතුවාට වඩා වියරු විය. කඳුලු ගෑස් හමුවේත් සමහර අලුත් බැජ් එකේ සිසුවියන් සිසුන් පලවාහැරීම අපහසු විය. වියරු වැටුනු සමහරු දේපල හානි කලහ.
ව්‍යාපාරය අවසානයේ ජයග්‍රාහී ලෙස මගේ අදහස් කීපයක්ද පුවත්පතක ගොස් තිබුනි. එතැන ලමුන් එසේ කඳුලු ගෑස් වලටත් නොදැමුනු පිරිසක් වීමට මගේ කතා කෑලි ටික ඉවහල් වී ඇති බව මට පසුව වැටහුනි.
පොදු දේවලට හානි කිරීම නිසා මා පොලිසි ගෙන ගියේය. එහෙත් පොලිස් අධිකාරි මහතා මගේ ගම නම ආදිය අසා ඔහු මේ කැම්පස් එකේම සිසුවෙකු වූ නිසා බේරෙන්නට ලැබිනි.
කිසිම දේකට නැතිව සිටි මා හට එය මහා තොප්පියක් විය. මා කන්න වගේ ඔවුන් දෙස බලං හිටියත් මා ඔවුන් කෑවත් මගේ දෙස නොබැලූ නංගිලා අයියා කෑවද දැන්ද ආවෙ යැයි කැන්ටිමේදි අහන ගතියක් ආවේය. 
දේශකවරු පවා සිද්ධිය දැක තිබුණි. එහෙත් දේශකවරුන් විසින් සිතාගෙන සිටි විරුවන් පොරවල් අතර මා නොසිටි හෙයින් අයි ටී කල සහ තවත් විශයයන් කීපයක දේශකවරු හැර අනෙක් අය මට ඉරිසිස්යා කලේය. මට සුවර්ම පේපර් වල ලකුනු මට වඩා මැටි මෝල්ලුන්ටත් වඩා අඩු විය. කලක් තිස්සේ සුවල්ප වසයේන් බැබලි බැබලි නොසිට එකවර අකුණක් පරිදි බැබලුනු මා බොහෝ සිසු නායක යැයි නම් ගත් සිංහ නරින්ට නොදිරවන්නට විය.
 වලි බේරීම ආදී කටයුතු වලට මා ඉන්පසු දායක විය. දෙමලුන්ට ගැසීමේ මානසික රෝගයක් බවට මා ප්‍රසිද්ධ වේදිකාවල පැවති අදහස් වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කලේය..බණ අසාගෙන සිටින තෙල්වල තෙල්වලට උඩින් පාවෙන වතුර මෙන් මා අනවශ්‍ය ප්‍රශ්ණ දැම්මෙමි. ඒවා දේශපාලන රතු පක්ෂවල ගිරවුන්ට ගැරඬියාට භූමිතෙල් මෙන් පිලිකුල් විය. නමුත් මා පසුපස සිටි පිරිස විශාල හෙයින් ඔවුන්ගේ පාර්ශවය නිහඩ විය.
"මං උඹලව හැදුවෙ ඇස් දෙකක් වගේ. " එක එකාගෙන් ගුටි කන්න නෙමෙයි බොල. ඒ අපේ අම්මාය. අපේ අම්මා ඒ දෙබස් කීවේ මා ගුටිකන ලද අර ඉහත කී සිද්දියෙන් පසුය. මට එක් දෙයක් වැටහුනි. අම්මා ටෙලි නාට්ටි බලනවා වැඩිය. ඇය මෙ තරම් දෙබස් කියවන්නට දක්ෂ වී ඇත්තේ ඒ නිසාය. තාත්තා වෙනත් වෙලාවක් බලා කුලප්පු කර අම්මාගේ ටෙලි බැලිල්ල සීමා කල යුතුය. අර මනුස්සය කකුල් රිදෙනකල් කොහු මෝලෙ ඇවිදල මහන්සි වෙන සල්ලි වලින් බොලාට ඉගැන්නුවෙ මේව කරන්නද ?? උඹලට කරදඬු උස්මාත් උනාම ලොකු මිනිස්සු වෙනව. අර බලපං එතන හිටපු වෙන එකෙක්වත් කෑ ගැහුවද උඹ තරම්.. ඔව් උඹ ඉතින් ආසින් පාත් වුන එකානෙ.. බොට අම්මල අප්පල නෑ..තොපි දෙයියො මවල තියෙන්නෙ.. බලාපිය තොගෙ බුරිය. ඒක තියෙනවද කියල..ඇයි තෝ හිතන් ඉන්නෙ අහසින් වැඩ්ඩිල කියලනේ අර වගේ බය නැතුව ඉස්සරහට යන්න..

අවසාන දෙබස් අම්මා නිර්මාණය කොටගෙන ඇත. ඒවා දුකය. ඒත් මට ඇඬුනේ නැත. අම්මාගේ නිර්මාණ ශක්තිය ගැන සතුටු වීමි. දැන් අම්මා මේ නිවිහැනහිල්ලේ දුක් මූඩ් එකෙන් ටීවි එක බැලුවත් ඇයට දැන් මල්ලී ගැන මෙවන් කතාන්දර ගොතන්නට වෙන්නේ නැත. ඇය සැනසුම් සුසුම් හෙලනු ඇත.





ප්‍රේමය..සහ ලව...
අර ඉහත කී සිද්දියේදි මා ලඟින් දැවටුනු ගෑනු පරානයක් විය. චිත්‍රපටිවල පරිදිම අපි දෙන්නා වතුරට නෑවුනි. ඒ වතුරට නෑවුන විට බදාගන්නට සිද්දවෙන ජවනිකාවක් නොවේ අපිදෙන්නාට ලැබී තිබුනේ. මා වතුර පාරට අනෙක් පස හෙවත් පුක පැත්ත හරවාගතිමි. එහෙත් අකර්ශා ඇගේ පිරුණු තන් දෙක ඉදිරියට දාගෙන සිටී. මට ඇගේ බෝල තන් දෙක පෙනේ..තද පරුෂ වතුර මතින් රෙදි අතරින් පේන ඒ දසුනට මට රාගයට වඩා දුක ඇතිවිය. මා ඇය කවර් කලෙමි. නංගි තමුසෙට තේරෙන්නෙ නැත්ද ඕයි.. යනව පස්සට මේක අස්සෙ රිංගන්නෙ ලබ්බ කන්නද.. බලාපං බොලාගෙ රැග් දීපු ලොකු අක්කල..ටෝක් දීපු අයියල..උන් ඇති පස්සෙ හැංගිලා දුවපිය. එහෙට.. මා එසේ කීවත් ඇයත් අගේ පිරිසත් පසුපසට නොගිය අතර එසේම සිටියේය. පසුව මා විසින් විසිර යෑමට සිග්නල් එක දී විසිරෙව්වෙමි. ඇය සීතලේ වෙවුලනු මා දිටිමි. එහෙත් ඇය බදාගන්නට තබා අඩුතරමේ ඇගේ නමවත් මා දන්නේ නැත. එහේත ඒ ලෙංගතු ඇස්දෙක මට යමක් ඇතුල් කලේය. ඉන්පසු සිතන  දේ සිදුවිය. අකර්ශා මගේ කොක්ක විය. ඇය මට කැමති විය. ඒ සිද්දියේ වීරයා වූ නිසාම නොව ඇය මා හට කලින් සිට කැමති වන්නට ඇති යැයි මා සිතිමි. 
මා ඇයට බූට් එක තැබුවේ උපාධියත් රැගෙන පසුවය. තිව්ව බූට් එකක් නැත. විය යුතු ලෙසටම විය. මා හට ඇය බලන්නට යන්න බැරිවිය. ඇය වෙනත් කෙනෙක් සමග යාලු වන්නට ඇත..මා කොහු මෝලේ වැඩකල ජිම්සිකා නම් ගෑනු ලමයෙකු සමග යාලු විය. ජිම්සිකා බෝලයක් වගේය. මහතය. මා ඇයට ආසය. තේ වතුර බොන විට ඇය මා ලගින් විත් වාඩි උනා යැයි ලිවීමට හැක. නමුත් වූෙය් තේ වතුර එකෙත් පැණි හැලෙන සේ පැණි හලමින් මා ජිම්සිකා ලඟට යෑමය.. කෙසේ හෝ අමාරුවෙන් වෙව්ලමින් මා ජිම් ගෙන් කැමැත්ත ඇසීමි. පිස්සුද තමුසෙට. උපාදියක් තියං කෙල්ලෙක් කැම්පස් එකේ තියං මෙහේ මගෙන් කැමැත්ත අහන්න. ඒ දෙවැනි වාක්කිය කිව්වේ කැමැත්ත ඇසූ දෙවැනි දවසේය. පලමු දවසේ නිකම් සිටියාය. ඒකලින් එක නැති බව කියා මා ඇය යාලු කරගතිමි. ඇය ආකර්ශාට වඩා හොඳය. ආකර්ශාට ලොකු මිදුලක් තට්ටු දෙකක් බාත්රූම් සහිත නිවසක් ඇවැසිය. ජිම්සිකාට කාමර දෙකකුත් සාලෙකුත් ඇතිය. එහෙත් මට නම් ඇඳ තියාගන්න කාමරයක් තිබුනත් ඇතිය. ආකර්ශාට ලොකු ටොයෝටා කාර් එකක් තව අවුරුදු 10කින් ගත යුතුය. ජිම්සිකාට ත්‍රී විල් එකක් තිබුනාම ඇත. මට නම් තාත්තාගේ පරණ චැලිය වෙනුවට වෙනත් සීටී හන්ඩ්‍රන්ඩ් එකක් තිබුනොත් ඇතිය.
මිල අඩු වෙලෙන්දා ජයගන්නාසේ ජිම් සිකා ජය ගති. ආකර්ශා එවිට මා අත්හැර සිටියේ නොවේ. එහෙත් කිසිදු අනාගත බලාපොරොත්තුවක් රහිත ගතිය ඇයට නොදිරවන්නක්ම විය. ජිම්සිකා ඉදිරියට එන්නට ආකර්ශා ලග තිබූ බර බලාපොරොත්ත සහ ජිම්සිකාගේ තප්පදොර ඇඟ හේතුවිය.
මා උපාධි කාරයෙක් බව දැනගත් කොහු මෝල් මුදලාලි මා කොහු පැටවීම බෑම ආදියෙන් ඉවත්කර ලියන මහත්තයා බවට උසසක් කලේය. නමුත් කොහු මිටි ගාන ගනන් කර බෑම පැටවීම පරණ ලියන්නාටම කරගන්න දී මා කොහු වැඩවලම නිරත වීමි.පරණ ලියන්නා ටී වි එකබලනවා මෙන් බලාගෙන ලොකු පොන්ට් එකෙන් කරන එකවුන්ට් වැඩටික මා පැයෙන් දෙකෙන් වැඩ ඉවර වී කරදෙමි. මුදලාලියා මා රස්සා හොයන වැඩය නවත්තන්නට තාත්තා උසිගන්නා තිබුනි. "සොමිපාල කොල්ල උපාධි ගත්ත කියල මොකො බන් හඳට යවන්නයැ". ඔන් න මං කිය ල මේව අරන් යන එකක්යැ. කොල්ල දක්සය ඌට ඔය වැඩටික කරන් ගියෝතින් මං නොසලකා ඉන්නවයි බන්...යයි කියන්නට ඇත. ඒ තැටිය මුදලාලි දැමූ ආකාරයට වඩා සැර අඩුවෙන් තාත්තා අම්මාට කියනු මා අසා සිටියෙමි.
එහෙත් සන්ඩේ ඔබ්සවර් බැලීම. වේකන්සි බැලීම. ඉන්ටවු යෑම. දැන් මට පුරුදු වීඇත. මසකට වරක් ඉන්ටවු එකකට නොගියොත් නිකම් නෑවෙ නෑ වගේ අවුලක් එයි. මා සමග ඉන්ටවු යන පිරිසක්ද සිටී. ඔක්කොම නැතත් එකෙක් දෙන්නෙක් හෝ දන්නා කියන උන් ඉන්ටවු යන්නට පෙර සිටී. සමහර අය කැම්පස් එකේ මල්ලිලා අක්කලා සහ බැජ් එකේය. සමහරක් උන් නම් ඉන්ටවු වලින්ම දැන අඳුන ගත් උන්ය. බාගෙදා ඉන්ටවු හමාර වී කලෙක්ෂන් දමා පොඩ්ඩක් තොලේ ගා වැනි වැනි ගෙදර එන්නට ඒ යාලුවන් මට සහයෝගය දේ. එහෙත් ඉන්ටවු ඉවර වී බොනවා යැයි අම්මා දන්නේ නැත. ගෙදර එයි අම්මා ටීවි බලයි. මා කුස්සියෙන් බෙදන් කයි. සමහර විට අද එක කොහොම ?? යන පස්නයට තාත්තාට උත්තර දෙන්නට වෙයි.. මා දැන් ජොබ් සෙට් වූ විට අහන්නේ පඩියය. ගොඩක් උන් මහ ලොකු ජොබ් දෙන්නේ හෙන අඩු පඩියටයි. මේ ලඟදි එකෙක් කෝල් එකක් දී පඩියත් ලොකු එකක් දෙන්නට කතා කලේය. එහෙත් වෙලාවට මට ඩ්‍රයිවින් බැරි විය. නැත්තං ඌ දන්නා අඳුනන එකෙක් නිසා ඒ රස්සාවට මට බෑ යැයි කීමට ගොඩක් වෙලා යනු ඇත..
(නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි)

6 comments:

  1. ඔබට අපූරු නිරමාණ ශක්තියක් ඇත.
    ඒ බව මට තේරුණේ අර බල්ලා ගේ කළු තෙල් ගෑ මුල් කතාව කියවූ දාමය!
    ජයවේවා!

    ReplyDelete
  2. ස්තූතියි ඔබට..මේ කතාව මම තුන් හතර වතාවක් කියෙව්ව..මාර ආතල් එකක් තියෙනව..මං ලියාගෙන මංම කියවනව...ඒකත් මාර ආතල්..

    ReplyDelete
  3. ඒක තමයි මේක හොඳ කථාවක්නේ..............

    මමත් එහෙම තමයි. මං ම ලියන එව්වා මං ම කියව කියවා ඉන්නවා

    ReplyDelete
  4. හැමදාමත් කියනවා වගේ ඔබේ නිර්මාණ නම් හරිම අපූරුයි...මම වරද්දන්නෙ නැතිවම එන තැනක්..
    හැබැයි බ්ලොග් ලෝකයෙ ඔබට හිමිතැන නම් තවම ඔබට ලැබිලා නැහැ කියලයි හිතෙන්නෙ..

    ReplyDelete
  5. සිරා කතාවකි.. එල ය..

    ReplyDelete
  6. ඇත්තටම හොඳ නිර්මාණයක්, සුභ පැතුම්...

    ReplyDelete