Sunday, May 9, 2010

Gal wandhanawa

මම මේ පින්තූරෙ පෙන්නන්නෙ හුදෙක් ආතල් පිනිසම නෙමෙයි..පොඩ්ඩක් හිතන්න අද මේව අපෙ ජීවිතේට කොච්චර කඩාඇනලද කියල...මෙව්ව දැන් ඕනි නෑ කියල මේ ජනාධිපතිතුමා ඔටුනු පැලැන්ද කාලෙම වැඩසටහනක් ආව"මතට . කියල"ඒක කොයි තරම් දුරට සාර්ථක වෙලාද අද වෙනකොට.......බාර් වල අරක්කු මිල වැඩි වෙනකොට,,ස0ස්කෘතිය රකින්න බාර් වහනකොට මිනිස්සු වෙන විකල්ප වලට යොමු වෙනව...එතකොට කරිඤ්ඤ0 වල කසිප්පු වල අගය වැඩිවෙලා ප්‍රමිතියක් නැති එක මිනිස්සුන්ට අමතක වෙලා ඒවට කට්ටිය සෙට් වෙනව..ඕන දෙයක් වැඩි වෙලා හිතේ තියාගන්නෙ නැති රැම් එක අඩු ජාතියක් වෙන අපෙ අයට අරක්කු මිල වැඩි වෙලා විකල්ප වලට සෙට් වෙනකොට මතක් වෙන්නෙ නෑ...එතනොල් වල මෙතනෝල් කලවම් වෙලා කැකණදුර වාගෙ පැත්වෙල කට්ටිය පලාත් පිටින් මැරුණ හැටි..තව පිරිසක් වෙනමම ආතල් එකක් ගන්නව පැණි කියල වර්ගයකින්.. ෆාමසි වල තියෙන විවිධ අවුසද දවසට මේස හැඳි 3ක් ගන්න තියෙන ඒව ගිලිනව..බෝතලේම 1 පාරට...වෙලාවකට හිතෙනව මේ වාගෙ අය ටැලන්ට් ස්ටාර් වාගෙ තරඟයකට පුරුදු වෙනවද කියලත්..මේ හැම දේම ගන්නෙ මොකටද මත් වෙන්න..මත් වෙන්නෙ මොකටද??ඒකට හේතු ගොඩායි...අපෙ තියෙන උත්සවව්ලට මත් පැන් ගැනීම ගැන දක්වන අදහස් කීපයක් කියන්නම්..මෙව්වත් අර රූපවාහිනී චැනල් වල ප්‍රවෘත්ති වල මහජනයාගෙ අදහස් වාගෙ නම් කමෙන්ට් එකක් දමල බනින්න නිදහස තියනව ඕනි කෙනෙකුට
මල ගෙවල් වල----දුක බෙදා ගැනීම,,කලකින් හමුවන නෑයින්ට සැලකීම
මඟුල් ගෙවල් වල---සතුට බෙදා ගැනීම,,මිතුරු මිතුරියන් හා සෙට් වීම
සාද වලට---සින්දු කීමට අවැසි ගැම්ම ගැනීමට හා නැටීමට පෙර නැටුම් තෙල් ලෙස......
දාන වලට---කෑමට පෙර ගන්නා ඔසුවක් ලෙස..බොන්ඩින් මැටීරියල් එකක් ලෙස ...මෙම උත්සව වල සෙට් වීමට අවැසි දෙයක් සහ මිතුරනට දෙන ස0ග්‍රහයක් ලෙස මෙය බොහෝ අය සලකති..ඔබ මිතුරන්ට ස0 ග්‍රහ ලෙස මත් වතුර සමඟ ලබා දෙන රෝග ගැනත් සිත යොමු කිරීම වටී..

4 comments:

  1. අනික් අයට කොමෙන්ට් දමාගන යනකොට මගේ එක මටම හමු උනා...
    පොඩි වරදක් වත් පේන්නෙ නෑ මට ,,දැන් පැයකට කලින් විතර දමාපු 1 නෙව..

    ReplyDelete
  2. මැණික්(සුළඟ)May 10, 2010 at 8:25 AM

    ඔයා කියල තියෙන දේට මාත් එකගයි. මටත් වෙලාවකට හිතාගන්න බැහැ ඇයි වටිනා ජීවිත මේ තත්වෙට අරන් ඇවිත් තියෙන්නෙ කියලා. දිගටම ලියන්න. මමත් කියවන්නම්.

    ReplyDelete
  3. අනේ ඇත්තමයි හිතා ගන්න බෑ මොන එහෙකට මිනිස්සු තමන්ගෙ වටිනා ජීවිත නාස්ති කර ගන්නවද කියල.

    ReplyDelete
  4. මම බොන්නෙ මේ හේතුව නිසා....ඔයා මොන බයිල කියනවද ඕක අපෙ ලයිෆ් එක...එහෙම කමෙන්ට් නැති එක මට දුකයි...මම සිල් ගත්ත කියල බ්ලොග් ගලක් ලිව්වොත්..අනෙ මමත් අර0 තියනව කියන්නනම් කට්ටිය එයි ගොඩාක්....

    ReplyDelete