Friday, December 31, 2010

ගැමියෝ සහ අවුරුද්ද....(Villegers New Yr)...


අවුරුද්දට කිරි උතුරවයි..කැවුම් කෙසෙල් කයි රතිඤ්ඤා පත්තු කරයි..ඉතින් නාගරික පිරිස මහ ඉහලින් ඔන්න 31 වෙනිදත් නිවාඩු දාගෙන අලුත් අවුරුද්දකට ලෑස්ති වෙනව...මා හටනම් හිතෙන්නෙ මේ අවුරුද්ද සැමරීමට අවශ්‍ය වෙන්නෙ බොහොම සීමිත පිරිසකට විතරයි...තව දෙයක් නියම විදිහට අවුරුදු සමරණවනම් අවශ්‍යවෙන්නෙත් බොහොම සුවල්ප දේවල් කීපයක් විතරඉ...
ඇණ කීපයක්...
පුටුවක් හෝ කුඩා මේසයක්...
මිටියක් ...සහ කැලැන්ඩර කීපයක් 
අපි අයිති වෙන ලාංකික සමාජයට මේක නිකම් ලෝක කැලැන්ඩරේ අනුව වෙනස්වන අපේ කැලැන්ඩරේ එල්ලන සිද්ධියක් විතරයි,,...කොරන්න තියෙන්නෙ කා බී සියලු වැඩ අතැර පේවී සිට රෑ 12ට යෙදෙන එල්ලීමේ නැකතින් පුටුව උඩ නැගල ඇනේ ගහල බිත්තිය දෙස බලා කැලැන්ඩරය එල්ලල සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරගැනීම පමණයි...
ඔන්න ඉතින් ඕකට පවුලෙ අයත් සෙට් කොරගෙන මහ ඉහලින් කොරන්න ඕනි නම්..ඔබේ මහලු මව පියා දමන්න සුදුසු කැලැන්ඩර තේරීම වාගෙ දේකට..එතකොට හරි කෙලින් එල්ලෙනවද කියල බලන්නත් එයාලටම දෙන්න...එතකොට ස්වාමියා හෝ භාරියාව හොඳයි පුටුව අල්ලගෙන ඉන්න...සික් ත්ව පොඩ්ඩෙන් මිස් වෙනව හොඳට ඇහෙන්න රේඩියෝ එක හරි ටී වී එක හරි දමාගන්නත් ඕනි..නැත්නම් කෝමද නැකත මිස් නොකර වෙලාව බලාගන්නෙ...තව පුතාව දමන්න ඇණ අල්ලගන්න..දුවට කියන්න මිටිය අල්ලගන්න කියල තව උන් ඉන්නවනම් උන්ටත් කැලැන්ඩර් ඇල්ලීම...පරණ කැලැන්ඩර ගැලවීම දෙන්න පුලුවනි...

ලෝකෙ කැරකුනා කියල අපි නිකම් ඉන්න එක නිකම් සමහරුන්ට කිචි වාගෙ..ඒ නිසා ඒ අය අලුත් ඇඳුම්,,,අලුත් බඩු...සෝදන ලද ගෙවල්,,,කිරිබත් වාගෙ අපේ සින්හල අවුරුද්දට තියෙන දේවලුත් අලුත් කැලැන්ඩර අවුරුද්දට එන්න ඕනි කියල හිතනව...අපි කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනි කියල පොත් වල තියෙනව තමා...ඒත් ඉතින් එහෙමෙයි කියල අපෙ අප්ප බුදුන් කාලෙ ඉඳලා එන හිංගල අවුරුද්ද දමල ගහල හරියට නැකතක්වත් නැති පස්ස හෝදන්නෙ නැති සුද්දගෙ අවුරුදු සමරන්න ඕනිද???

ගොඩක් රටවල තමුන්ට ආවේනික උත්සව තියෙනව ඔවුන් එව්වට තමා මූලික තැන දෙන්නෙ...උදාහරණ විදිහට චීනෙ එයාලගෙ අවුරුදු සීසන් එකට කිසිම වැඩක් බොහෝවිට එයාල කරන්නෙ නෑ කරන්නෙ උත්සව විතරයි...අලුත් අවුරුද්දෙ හැම දේම අලුත් වෙලා ...හප්පේ මටත් 3 වෙනිද අලුත් හිනාවක් හොයල දමාගෙන එන්න ඕනි...නැත්නම් බොස්ල බනී කෝ ඔය තා ම පරණ එකමද කියල...

Thursday, December 30, 2010

විදූ හඳගම සිනමාව අපි……(Vidhu Handagama Cinema & Us)



විදූ හි කතාව සරලය ..අපිට තේරුම් ගත හැක..එය බැලූ විට මට තොරණ මතක් වෙයි..අපි කුඩා කල වෙසක් තොරණ බලන්නේ ලයිට් වල ලස්සන බලාගැනීමටය..තරුණ වියේදී එහි පින්තූර හා කතාව අපිට තේරෙයි..ඉන්පසු කලෙක එම කතාව තුල ඇති ගැඹුර අපි වටහා ගනී..මෙය මිනිසුන්ගේ වයස මතම වෙනස් නොවේ...8 ශ්‍රේණිය C පන්තියේ කොලුවෙකුට වුව ජාතක කතාව තේරුම් ගෙන එහි ඇති ධර්මය තේරුම් ගත හැක..දැන් අපි විදූ බලන අය දෙස බලමු..අලි පැටියෝ සහ තවත් කතා වර්ගයේ කාටුන් බලන පොඩි ලමයි.....මහගෙදර ප්‍රවීනා ගැහැනු ලමයි සහ බොඳ මීදුම් තලු මරමින් නරඹන බුද්ධිමත් ජනතාව..සහ ඉඳහිට පෙන්වන අල්පයක් වන සම්භාව්‍ය සිනමා සහ ටෙලිනාට්‍ය මහ ගැඹුරින් රසවිඳින අති පණ්ඩිත රසිකයින්...විදූ නම් වූ සරල කෘතිය මේ සියලු දෙනාගේ අවශ්‍යතා සපුරණ සිනමා කෘතියකි..එහෙත් විදූ නම් වූ සිනමාව සාම්ප්‍රධායික රාමුවේ යැයි කෙනෙකු සිතනවානම් ඔහුට ඇත්තේ අමුතු සම්ප්‍රධායකි..මන්ද සාම්ප්‍රධායික කතා කලාව අමුවේම කපා දමා ඇති අයුරු ඇස් ඉදිරියේම පෙන්වන බැවිනි...
කතාව:කතාව ආරම්භයේ ඇති ගැටලුව ලමයාට පාසලකි..ඉතින් අපි පතන පරිදි අවසානය කෙසේ හෝ ළමයාට පාසලක් ලබාගැනීම නොවේ..අනික ලමයා හින්දි ෆිල්ම් වල මෙන් මහා විශාල දක්ශතා ඇත්තෙකුද නොවෙයි..
සින්දුව: සින්දුව නමෝ නමෝ මාතා ජාතියේ පාසැල් ගීයක් නොවේ..එහෙත් මට හිතෙන හැටියට භාතිය,සන්තුශ්,ඉරාජ් ආදී මෙලෝ දෙයක් නැති සහ, රෙගේ හිපොප් ආදී ඉස්ටැයිල් යැයි කියමින් මෙලෝ දෙයක් නොතේරෙන සින්දු වලට වඩා හොඳය... සින්හල අපිට තේරෙන ලෙසට සෑම වචනයක්ම සින්දුවේ කියනු ලබයි...
චරිත:මා දකින ආකාරයට අපි අපේක්ශා කල චරිත මෙම චිත්‍රපටිය තුල නැත...
විදූ:විදූ මෙහි නියම වීරයෙකු නොවේ..ඔහු සියලු දෙයින් අග තැන්පත් වුනු කෙනෙකු නොවේ...නමුත් ඔහු කිසිවිට වෙරලබඩ රස්තියාදු කොල්ලෙකුද නොවේ...ඔහු තුලින් ඔහුගේ පියා තුල ඇති හැකියාව ජානමය අතින් ඔහුට උරුමය..ගණිකාවක් වන මවගේ ආදායම සැමවිටම ඉතා අසුබදායී නොවන බව විදූ පෙන්වයි...
අනෙක් බොහෝ චරිත සාමාන්‍ය ලෙස ඉදිරිපත් කොට ඇත...මා දුටු එක් චිත්‍රපට විචාරකයෙක් පවසා තිබුනේ...ගණිකාවක් ගැට කපන්නියක් සහ වෙරළබඩ පීඩිත කාන්තාවක් චාන්දනී තුලින් නොපෙන්වන බවයි..ගණිකාවක් ලබන දිනක ආදායමෙන් කොටසක් ඔවුන්ගේ රූපය පිණිස යෙදවීම අවශ්‍ය බව ඔහුට අමතකවීදැයි මා නොදනී...ඇය සුපිරි මට්ටමේ ගැට කපන්නියක සහ ගණිකාවක වූ වා නම් ඇයට මීට වඩා හොඳ ජීවිතයක් ගෙනයන්නට තිබුනා නොවෙදැයි කෙනෙකුට ගැටලුවක් එන්නට ඇත..එහෙත් ඇය අධ්‍යාපනය නොලැබූ ගණිකාවකි..
විදුහල්පති චරිතයට පනදෙන පුද්ගලයා පෞරුශයෙන් මද බවද ඔහු කියා තිබුනි...උඩ රැවුල සිනා නොවන මූන,ගාම්භීර ටෝක් තියෙන විදුහල්පතියෙක්ම ඔහු දකින්නට කැමති වූවා වන්නට ඇත..අනේ ඔහුට සොරිය...අපි සෞම්‍ය දුටු වනම ඔහු කවුද කියා දනී එහෙත් සෞම්‍ය තුලින් ඔහුගේ චරිතය ඇද ගන්නට හඳගම සමත්ව තිබේ...
යමෙක් මෙය තවත් පොර සිනමා කෘතියක් නොහොත් සම්භාව්‍ය එකක් ලෙස දැකීමට පුලුවන් වන්නේ මෙය පරණ හඳගමගේ තවත් එකක් ලෙස සලකා චිත්‍රපටිය නොබලා සිටියහොත් පමණි..එහෙත් චිත්‍රපටිය බැලූවෙකුට මෙය අසිරිමත් ළමා කතාවකි....ළමා කතාවක් යනු ළමයින් ඇතුලත් කතාවකි...

Sunday, December 26, 2010

දෙවියෝ දුන් ටී සුනාමිය... Holy T sunami

මා සිටියේ සිටිනාමලුවේ අපේ නැන්දලාගෙ ගෙදර..ඉතින් නිමල් අයිය අජිත් අයිය සහ තව එකෙක් දෙන්නෙක් එක්ක මොනාහරි නයි ටිකක් ඇර ඇර අපි පාන්දරම වත්තෙ කඩුල්ල ලඟ තිබුන ජෑම් ගහ යට වාඩි වෙලා උන්න...ටික වෙලාවක් යද්දි අපේ අල්ලපු ගෙදර පොඩි අයියගෙ කොල්ල ඇවිත් කියපි තංගල්ලට මූද ගොඩ ගලල පොලේ අය ගහගෙන ගිහින් කියල...ගත්තගමන් අපි සෙට් එක ඌට පරුශ වචනෙන් බැන්න..මොන පිස්සුද යකෝ තොට අමු කැවිලද...ඇයි විහාරමහා දේවිල ගන්න ඕනි වෙලාද....කියල අර අල්ලපු ගෙදර පොඩ්ඩගෙ කොල්ලට හොඳටම බැනපි...
නෑ ඇත්ත දැන් රේඩි එකෙත් කියනව...ඉංදියාවටත් තියෙනවලු...ඌ මොනා කීවත් අපි නෙවෙයි සැලුනෙ...
ඊට පස්සෙ කොල්ලගෙ අම්ම ආපි ගෙදරින් එලියට අනේ මල්ලි අපේ අම්ම පොලේ ගියා පොලට මූදු වතුර දානවලු උන්දැ කොහේද මන්දන්නෙ නෑ...කෝ මේ පොඩ්ඩය්යත් නෑනෙ..කොහේ මක බෑ වෙනවද මන්ද..එතකොට තමයි තේ රුනෙ සිද්ධිය සීරියස් කියල...අජිත් අයියය් මමයි එක බයික් එකක...අපේ නිමල් ලොක්කයි වෙන එකකයි වෙන බයික් එකක...අපේ නැන්දයි එයාගෙ දූලයි අඬනව යන්න එපා කියල..
ඉතින් අපි තංගලු යනකොට ගෑනු මිනිස්සු බඩු අකුලගෙන එනව බයික් වාහන ලයිට් දාගෙන එනව....යන්න එපා බලන්නවත් කියල තමා හැමෝම කියන්නෙ..තෙමුන හවුස්කෝට් එකක් පිටින් හිටිය අම්මකෙනෙක් හෝ ගාල අඬ අඬ කියනව අනේ පුතාල ඛෙද බොලා යන්නෙ මැරෙන්නද???හිටපල්ලා බන්..හිටපල්ල..
පි යනකොය 9.40 විතර වෙලා ඒ වෙලාවෙත් රැලි ගහනව..බස් එකක ඉස්සරහ පැත්ත එක කඩේකත් ඒ එක්කම පස්ස වෙනත් කඩේකත් හැපෙන්න තරම් රැල්ල සැර්යි කිව්වම අපිත් බය උනා....ඉතින් අපිට නිමල් අයියල මඟ ඇරුන අපි තන්ගල්ලෙ ශෙඩ් දෙක ලඟට කිට්ටු උනා...මහා සෙනඟ..අපි දැක්ක පස්සෙ ආපු රැලි වලින් කෙසෙල් කැන් එලෝලු මලු පාවෙලා යනව...එතකොට මම හිටියෙ තන්ගෙල්ලෙ බෙලි අත්ත පාරෙ ශෙඩ් එක ළඟ....ගෙදර අය බයවෙන හින්ද අපි ආයෙම නැන්දලගෙ ගෙදර ගියා...අපේ නිමල් අයියනම් මිනී හෙමත් දැකල තිබුන...අපි ආවට පැයකට විතර පස්සෙ උන්දැ ආවෙ...
අපි ගෙදර අවමවත් රේඩියෝවල ඉන්න පකිස් බූරුවොන්ට තොරතුරු ඇවිත් තිබ්බෙ නෑ...එක චැනල් එකක් සුනාමි බලන්න වරායට ගිහින් සුනාමියට නැව් උඩයන හැටි විස්තර කරනව...ඒ වෙනකොට සුනාමිය ඇවිත් පැයකටත් වැඩියි..අම්පාර පැත්තට වතුර දමල ගොඩක් වෙලා ගිහින්..මම මේ ළඟ කාලෙකදි පොතුවිල් ගිහාමයි දැක්කෙ සුනාමියෙ නියම ස්වරූපය...එහෙ කිලෝමීටරයකට එහා මහ වතුර පාර ඇවිත් බිල්ඩින් කැඩිල...මිනිස්සුන්ට බුදු සරණ වෙන්න ඇති ගොඩක් අයට...අපේ බුවාල මූද ඇතුලට ගියාම මාලු අල්ලන්න ගිහින් තියෙනව සමහර හික්කඩුව පැත්තෙ උන මූදට වැටවල් ගහන්නත් සෙට් උන කියල මම අහල තියෙනව...මම දැන් ඉන්න ඔෆිස් එකේ බොස්ල ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ පානදුර හෝටලේක..මූද ඈතට යනකොට එකෙක් ඉඳ මේක ටිඅකක් සෙන්ටිමෙන්ටල් වෙලා කට්ටියම අඬගහම් වාහනවලින් ගිහිල්ල.


එදා මාතර කෙමෙස්ට්‍රි ක්ලාස් එකක් ශ්‍රීනාත් සර්ගෙ ඉතින් ඇතිවුන තත්වෙ ගැන පැහැදිලි චිත්‍රයක් නැති නිසා සර් කියල කට්ටියට මූද පැත්තට දුවන්නෙ නැතිව අනික් පැත්තට දුවන්න කියල...එතකොට අර මූද අයිනෙ ඉඳල ක්ලාස් ආපු ගන්දර,දෙවුන්දර,දික්වැල්ල ,මිරිස්ස,වැලිගම හිටපු කොල්ලො කෙල්ලොත් හක්මන අකුරැස්ස පැත්තට දුවල...මට මතකහැටියට එදා තිබ්බ කොමස් ක්ලාස් වගයක ලමයිටත් දුවන්න කියල තිබ්බ..


මට ගෙදර එන්න උවමනාව තිබුනත් නැන්දල යන්න එපා කිව්ව...ඉතින් ඊලඟ දවසෙ මම උදෙන්ම ගියා ගෙදර යන්න...තන්ගල්ලට ආවම ඒ වෙනකොට බසුත් ඇත්තෙම නෑ වාගෙ...හම්බන්තොට මිනී බලන්න යන්න මිනිස්සු ගොඩක් හිටිය සමහරු ගොඩක් දුකින්...සමහරුනම් මේ සිද්දියෙන් කොච්චර විපතක් උනත් ලයිෆ් එකට පහත් උන හදිසි වෙනස නිසා හරි ප්‍රීතියෙන් උන්නෙ...තංගල්ලට ආපු මට මතක් උනා අපේ ආච්චිලගෙ නෑයො වගයක් ඉන්නව බීච් රෝඩ් එකෙ...මමත් වැඩර් වාගෙ ගියා බීච් රෝඩ් එකට..යනකොටත් පොලිසියෙන් හමුදාවෙන් මුර,,, ළඟට යන්න බැරි උනත් ඈතින්ම දැක්ක ආච්චිල හිටපු ගෙදර එතන නෑ කියල..ඉතින් මම ගෙදර ගිය ගමන් අපේ අම්මට කිව්ව හරි අම්මෙ දැන් තංගල්ලෙ මලගෙදර යන්න සෙට් වෙන්න කියල.


පස්සෙ හවස ආරන්චි කරල බලනකොට නත්තල් නිවාඩුවට අපේ තන්ගල්ලෙ ආච්චි සහ පිරිස ගිහින් තියෙනව පුතාල බලන්න කොළඹ..නත්තල් නිවාඩුවට...


ඉතින් අපේ තාත්ත මට කොන්තරත් එකක් බාර දුන්න පාරට ගිහින් බලන්න ආදාර එකතු කොරනවද කියල....අර ලොකු එකාට  කියන්න උදෙන්ම සූට් එක ගහන් සිරි බලන්න යන්නෙ නැතිව පොල් ගෙඩි ටිකක් කඩන්න කියල...දැන් තාම බැංකු හෙමත් වැඩ නෑ...අර බැංකුවෙ ගෑනිගෙ මොකෙක්ද නැති වෙලා කියල හොයනවලු..නිවාඩු දමල( ඒ කීවේ ග්‍රාමීය බැංකුව ගැනය එවිට ලඟ තිබූ නගරයේ බැංකුද බොහෝවිට එසේම විය...)...


මා පාරට යනවිට බොහෝ පිරිස් පාරේ ආදාර එකතුකරමින් සහ යමින් සිටියහ...කුඩාම සයිස් කොල්ලන් කෙල්ලන් කීපදෙනෙකු හැරුනවිට පාරේ යන බොහොමයක් මිනිසුන් මරණ මෙන් සුදුමැලි උන්විය...ටීවී වල වැඩියෙන් පෙන්නුවේ කෝච්චියේ විස්තරය උවද හම්බන්තොට තතවය බොහෝ දරුණු විය...පවුල්වල පොලේ ගිය බොහෝ දෙනෙක් මුහුදේ විය හැකි බව බහුතර අදහස විය...එහෙත් ඉන් දින 2-3කට පසුව කරගන් ලේවායේ(දැන් වරාය හැදෙන හරිය ) කෙළවරවලට ගසාගෙන ගිය මිනීබැකෝ වලින් පැටවූබවත් බොහෝ ඒවා කුනු ගඳින් යුතු වී ඇති බවත් ආරන්චි විය...එකෙක් මැරිච්ච මුස්ලිම් ගෑනියෙක්ගෙ මාලයක් කඩන්න පහත් වෙලා  අක්කේ කියාගෙන...ඌව දෝසරෙන්ම ගහල මරල මිනී ගොඩටම දාල ...එය ඉතා කැත උවත් සිදුවුනු සිද්දි අටෝරාශියකින් එකකි..


අපේ "නෝනක්කා" නැමැති ලොකු අම්මාගේ මහත්තයාගේ නංගී සුනාමි දින හම්බන්තොට පොලේ ගොස් යලිත් කිසි දිනෙක ආවේ නැත..ඇය ඇගේ ළමයා අතින් ගෙන සිටි අතර තවත් ළමයෙක් ඇයගේ කුසින් ජනවාරියේ උපදින්නට සිටියේය.


මියගිය පසුව ඇගේ කිසිවක් සොයාගත නොහැකිවිය නමුත් සුනාමියෙන් මාස 6කට පසුව මා ඇය මැරුන පසු ඡායාරූපයක දිටිමි....හම්බන්තොට කරගන් ලේවාය අසබඩ හමුදා සෙබලු කිහිපයක් මැද මිනිය පටවන්නට මොහොතකට පෙර ගත් එම ඡායාරූපයේ ඇය ඇගේ ලැබෙන්නට සිටි දරුවා හදිසියේම වදා තිබිනි..උන් මියගොස් සිටි ආකාරය කෙතරම් ඛේදජනකද...මා එය දුටුවේ එන්ජී ඕ කාරයෙක් පිටරටට පෙන්වීමට( ආධාර එකතු කර ගැනීමට ) එකතු කරගත් පින්තූර ගොඩකිනි...මා එය ඉන්පසු කිසිවෙකුටත් නොකීමි..
මන්ද ඇගේ තුන්මාසේ දානය දින තබා තිබූ ඇගේ රූපයට වඩා බොහෝ අර පින්තූරය පීඩා ගෙනදෙන්නක් වූ බැවිනි.
සුනාමිය ගැන බොහෝදේ ලීමට ඇතිමුත් මටත් කියවන ඔබටත් මෙය පොතක් නොව බ්ලොගකි...
මා මෙය දෙවියෝ දුන්නා යැයි කීවේ අපිට ලොකු වෙනසක් වන්නට සහ යලිත් පෙර පරිදි ආත්මාර්ථකාමී වී ගසා කන්නට බහුතරයකට ටික කලක් ගතවුනු බැවිනි...ඇත්තටම මනුශ්‍යත්වය බොහෝ සුන්දරය...මා සුනා මියට පසුදින පාරේ සිටිනවිට බුලත් කහටින් පාට උන කටින් හද්දා පරණ ට්‍රැක්ටරයකින් වැරහැලි ඇඳ මහ මුට්ටියකුත් කොස් ගෙඩි 20-30ක් පටවාගෙන පවුලක් තංගල්ලට ගියෝය..එය ඔවුනට කලහැකි උපරිමය විය...මා එය බාලාසිට තාත්තා දුන් පොල් මල්ල පසුව ආ කොස් පිරුණු ලොරි භාගයකට පටවා යැවීමි..

Friday, December 24, 2010

සිමියොන්ගේ ලට්ට පොත....Sima's diary


ඔන්න ආයෙමත් ඇවිල්ලා.....මට දෙයියෝ දෙන වැස්ස...
මහත්තුරුන්ට උතුරන්නට අපිටා..  ත් දෙන වැස්ස,,...
ලාම්පු තෙල් බෝතලයයි....
තඩි බාල්දියයි...
මහත්තයෝ...මේකටනම් බහින්න මටනම්...
මොනෙරෙක්වත් නැතුවනම්,,, හිතන්නවත් බෑ...

වැස්ස වැහැලා...කානු පිරිලා....
තූ නොදකින් ටොයිලට් යයි ගලලා....
අඩෝ ලැට් සිමා...මෙහෙ වරෙන්...
මෙන්න 3 කඩේ ලඟ වත්තේ වලවල්....
ඇත පිරිලා...

කාඅනු සුද්ද කොරනුවා...වලවල් අදිනවා...
හාරනවා...කියාලා බෙරිහන් දෙනවා...
ලනු කැරැල්ල පොල් වලල්ල කරෙන් තමයි එන්නේ..
.අර පොල් තට්ටම් නෝනටනම් පොල් කඩලා ....
ගාලත් මම දෙනවා...කියල
කිව්වට නෑ එහෙම ඒව කටින් මගෙ යන්නේ...

හුටා පරඤ්ඤං...ඇස් අය් මහත්තයගෙ පිරිල....
ඌ කාල කාල...ඒ මදිවට වලට ඒව දාල....
හප්පෝ මේ මීහරකා....මට කීයක්වත් නොදී...
නිකම්ම තරුවෙ බලෙන් ලැට් එක අද්දවයිද මන්දා...

අර හන්දිය ලඟ තට්ටු තුනේ ගෙදර....
ලඟින් යනවිට එයි මට කැමතිම ස්වරය...
...සිමයොන් අය්යා..මගේ සින්ක් එකපිරිලා...
වැඩටඉන්න දයා කියයි බටර් ටිකක් දමලා....
කුනු සින්ක් එක උනත් අනේ...
මගේ පනේ දයා ඔයාගෙනේ....
මංබටේ කපල සැට් කොරලා දෙන්නං....,,,
හාප්පේ ….දයාට එන සතුට....

වැකුන් සකින් මැසින් නැතත් අතේ....
දකින්න බැරි තරම් ඇතත්,, කුට්ටි වී..
සිරි සිරි පනුවොඇතේ...
වාගේ උතුරනා .සව්..කැඳ හැලියේ...
සුදද කරල කිලින් කරල දෙන්නම්...
කියන්න ඕනි වලක් දෙන්නම් වොස් කරලා...

ලැට් සිමා ඇන් කොම්පැනී...එකක් මන් දමාලා...
අදිනවා.... ඇමෙරිකාවෙත් ජරාව වල් ඇරලා...

මන් නෙවයිනෙ ඔව්ව කියන්නේ...
මගේ සරීරේට දාපු කසිය කාල...
තොපි හිතන් ඇත්තෙ ලේ s සි වැඩක් කියලා...
තොපි දන්නවාද මේ සිමාගෙ තරම...
අර ඇමතියාගෙ පස්සෙ ඒව ඇදල දුන්නෙ මම යකෝ..
ඒත්,, අර කාලෙන් ඉතිරිවෙච්ච ඩින්ගක්,,,

Sunday, December 19, 2010

backhoul expansion Anarkali

අනර්කලී මන්ත්‍රී තුමිය කියන්නෙ නිලියක්.. නිලියකට කතා තිබීම සාමාන්‍යයි ,,නිලියකට කතා හැදෙන්නෙ නලුවන් සමඟ ඒ අනුව කතාවකට සැට් උනේ රන්ජන්...නමුත් ඉන්පසු අනර්කලී දේශපාලනයට ආවට පස්සෙ නාමල්,මහින්ද,දුමින්ද වාගෙ අය සමඟ කතා ඇතිකර ගන්නට ඇය සමත් උනා..කොටිම්ම දුමින්ද එක්ක ඉන්න ලස්සන පින්තූර මඟින් ඇය බොහෝ ජනප්‍රිය උනා..
දැන් අපි කතාවට යමු..
මට ආරන්චි උන හැටියට අනර්කලී කාලයක් අතුරුදන් වෙලා ඉඳල තියෙනව.


හේතුව නම් සමහරු දන්නව ඇති...අනර්කලී මහත්මියට යම්කිසි පුද්ගලයෙක් විසින් ලිංගික ක්‍රියාකාරකමක් කිරීමට යෑමේදී ඇගේ ගුද මාර්ගය ඉරී යෑම නිසා ඇයට කලක් දේශපාලන හා කලා කටයුතු වලින් ඈත් වන්නට වී තිබුනා...මේ සිදුවීමට අනුව අනර්කලී මන්ත්‍රී තුමිය ලේ පෙරාගෙන ඉතා අපහසුවෙන් සැප වාහනේක හෝටලයක සිට පැමිණ තියෙනව බෙහෙත් දමා ගන්න..එහෙත් එක් ස්ථානයකදී ඇයට බෙහෙත් කිරීම ප්‍රතික්ශේප වෙලා තියෙනව..ඉන්පස්සෙ වෙනත් ස්ථානයකට ඇය යොමුවෙලා..බෙහෙත් අරන් තියනව.


මේ සිද්දියෙදි අනර්කලී මහත්මිය මහත් වූ වේදනාවකින් තමා ඉඳල තියෙන්නෙ..වාහනයේ සිට රෝහල දක්වා ඇය ඇවිදගෙන ගිහින් තියෙන්නෙත් බොහොම අමාරුවෙන්..දොස්තර මහත්තුරු ඇගේ පශ්චාත් භාගයට මැහුම් කීපයක් දමල තමා ඇය සනීප කරගෙන තියෙන්නෙ..මේ අහස පොලොව නුහුලන අපරාධය ඇය සිදුකරගත්තේ කාගෙන්ද කියල මට මේ තොරතුර ලැබුන එකිනෙකට වෙනස් මාර්ග තුනෙන්ම ආරන්චි උනේ නෑ..එහෙත් ඒ අයගෙ මතය උනේ නම් මෙය විදේශිකයකුගෙ වැඩක් කියල.


මේ සිද්දිය වුන කාලයනම් මෑත නෙමෙයි ටිකක් විතර පරණ කේස් එකක්..


අනර්කලී,,උදයන්ති,,,වාගෙ අය ඇත්තටම ලස්සනද??
මේ දෙවැනි රූපෙන් දැක්වෙන්නෙ ඇපල් හැඩැති සහ පෙයාර්ස් හැඩැති ස්ථුල ශරීර දෙකක් කකුල් වල ඉහල ප්‍රදේශවල අනවශ්‍ය මේදය තැම්පත් වීම නිසා ඇතිවන ස්ථුල තාව අපි හඳුන්වනව පෙයාර්ස් හැඩැති ස්ථුල තාව කියල..එතකොට අර බඩ තියෙන 5S විශේෂඥ ලාල් ෆොන්සේක අයිති වෙන්නෙ ඇපල් හැඩැති ස්ථුල තාවයට...ඒ කියන්නෙ ලාල් වාගෙ අනුන්ගෙ පිලිවෙල හොයන තමන්ගෙ සරීරෙ 5S ගැන මෙලෝ හසරක් නොසොයන ලන්කාවෙ බහුතර පිරිමින්ට තියෙන්නෙ ඇපල් ගෙඩියක් වගේ බඩ හහිත ස්ථුල තාවය.


ඉතින් මේ පෙයාස් හැඩේට ඇඟ තියෙනකොට ඇඳුම් ඇන්දම ගෑනු අය ලස්සනයි..ඒත් පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇනල බලන්න ඒ අයගෙ මාංශ හරියට ශොපින් බෑග් වලට වතුර පිරෙව්ව වාගෙ..කිසිම ස්ථාවර ගතියක් නැති මේද ගොඩක 
සංචිතයක්.
හානේ ලස්සන බැක් එක කියල කෙල හලන අනර්කලී ඇතුලු ලංකාවෙ බොහෝ නිලියන්ට තියෙන්නෙ මේ වාගෙ ඇඳුම් වලින් බොහෝ අමාරුවෙන් තද කරහෙන ඉන්න කකුල්වලින් පහලට එල්ලෙන මස් ගොඩක්...ලන්කාවෙ නිලියන්ගෙ එකක් දෙකක් ලීක් උන වීඩියෝ බැලුවොත් තේරෙනව රූපය මේ අයගෙ කොතරම් මායාවක්ද කියල..

Saturday, December 18, 2010

waterproof samsung mobile

samsung marine

මේ මොබයිල් ෆෝන් එක දූවිලි වලට ජලයට සහ ආතති වලට ප්‍රතිරෝදී විදිහට හදල තියෙනවා..බොහොම රලු වැඩ වලට භාවිතා කරන්න පුලුවන් ජංගම දුරකථනයක් විදිහට මෙය හඳුන්වන්න පුලුවනි..

කැමරාව:-මෙහි කැමරාව ඇවිල්ල 1.3Megapixelක පමණ වෙනවා..

බෑන්ඩ් එක:-ඩුවල් බෑන්ඩ්(900-1800 Mhz) තමා තියෙන්නෙ අපි භාවිතා කරන ජී එස් එම් තාක්ශනය(GSM Technology) තමා මේ දුරකතනයෙ භාවිත වෙන්නෙ..මම අන්තර්ජාලයෙ දැක්ක සීඩීඑම්(CDMA) ඒ ෆෝන් නම් තිබ්බ,, ජල ප්‍රතිරෝධී ඒව ඒත් අනික් එව්ව විදිහට තිබ්බ ජනප්‍රියම ජන්ගම දුරකථනයක් තමා මේ මැරයින්..

බහුමාධ්‍ය පහසුකම්:-බහුමාධ්‍ය පහසුකම් විදිහට FM රේඩියෝ එක සහ අන්තර්ගත ම්යුසික් ප්ලේයර එකක් තියෙනවා..බාහිර ස්පීකරේකුත් තියෙනව කියලයි මෙයාලනම් කියන්නෙ...

මතක ධාරිතාවය:-8Gb වෙනකල් මෙමරි කාඩ් ගහන්නත් මේ මැරයින් සපෝට් කරනවා..

මෙම දුරකතනය බ්ලූ ටූත්,,සහ වීඩියෝ ඕඩියෝ රෙකෝඩින් වලින්ද සමන්විත වෙනවා,,,
(MIL-STD-810F) Military Standard     


කියන රලු භාවිත සඳහා වෙන අමෙරිකානු මිලිටරි සහතික මේ ජංගම දුරකථනය ලබාගෙන තියෙනව.
මෙහි තියෙන අඩුපාඩු තමා නවීන ටච් ස්ක්‍රීන්(touch screen),,,අන්තර්ජාල(Internet applications),,3ජී(3G) වාගෙ පහසුකම් අඩු වීම.
අමතර තොරතුරු සැම්සුන් B-2100 කියන ලින්ක් එකෙනුත් ගන්න පුලුවනි...

මම දන්න විදිහටනම් මේ ජන්ගම දුරකතනය ලන්කාවෙ මිලදී ගන්න නම් දැනට නෑ...ඒත් ගෙන්න ගන්න පුලුවනි ඔය ඊ බේ ඇමසන් වාගෙ එකකින් හෝ මෙවැනි දේ ඩීලර් කරන කෙනෙකු හරහා...

ඉතින් ඔය රූපරාමුවෙන්ම ඔයාලට දකින්න පුලුවනි මේ දුරකතනය අපි අර ගොඩක් පරිස්සමෙන් කවර හවුසින් ස්ටිකර් දාගෙන භාවිතා කරන ජන්ගම දුරකථනයට වඩා කොයි තරම් වෙනස්ද කියල..
මේ දුරකථනය ලංකාවෙ මුදලින් රුපියල් 13,000ත් 15,000ත් අතර අගයක් ගන්නවා..අලුත්ම බ්‍රෑන්ඩ් නිව් එකක්..

Film Festival cuban

ලබන වසරේ ජනවාරි 01 දිනට යෙදෙන කියුබානු විප්ලවයේ 52 වන සංවත්සරය වෙනුවෙන් කියුබානු චිත්‍රපටි උළෙලක් කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වේ.
 
ශ්‍රී ලංකා කියුබන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන මෙම චිත්‍රපටි උළෙල දෙසැම්බර් 16, 17, 18, 19 හා 21 යන දිනවල පස්වරු 4 ට ආරම්භ වන අතර මෙම චිත්‍රපටි නැරඹීම සඳහා මුදල් අය‍ නොකෙරේ.
 
පහත සඳහන් චිත්‍රපටි මෙම උළෙලේ ප්‍රදර්ශනය කරනු ලැබේ.
 
දෙසැම්බර් 16 දින - Viva Cuba
 
දෙසැම්බර් 17 දින - Suite Havana
 
 
දෙසැම්බර් 18 දින - Memories of Under Development
 
 
දෙසැම්බර් 19 දින - Benny Moore
 
 
දෙසැම්බර් 21 දින - Fidel & Che

මා මෙය උපුටා ගත්තේ Lanka Truth වෙබ්(බ්ලොග්) අඩවියෙනි

Monday, December 13, 2010

කුමටද දිවි දී....අපි ආතල් ගත්තේ.

වේලාව:-රාත්‍රී 2.00 ට පමණ....
දිනය:-අද සිට බලනවිට පසුගිය සතිය ඇතුලත දිනයක්....
ස්ථානය :- නැගෙනහිර වෙරලේ ත්‍රීකුනාමලයට ආසන්න හමුදා කඳවුරක්...

සිද්ධිය:-රාත්‍රී භාගයේ මුහුදු ගිය ඔරුවක් පෙරලී එහිසිටි හමුදා සෙබලු 4 දෙනාගෙන් 3 දෙනෙකු දිවි ගලවාගත් අතර එක් අයෙකු මියයන ලදී..මියගිය අය අවුරුදු විසිපහක පමණ මොණරාගල පදින්චි හමුදාවේ සෙබලෙකි.ඔරුව පෙරලීමෙන් පසු ඉතිරි තිදෙනා පීනා විත් ඇති අතර අනෙකා මඟ දුරක් යනතෙක් අනික් සෙබලෙක් විසින් ඇදගෙන විත් ඇත..එහෙත් එක්වර ඔහු යටගිය වග අනික් සෙබලා පවසා ඇත..දින දෙකකට පසු කලපුවට මිනිය ගසාගෙන විත් ඇත නමුත් එවිට මිනිය බොහෝසෙයින් නරක් වී තිබුනු බවට දුටු අය පවසති.
.එම ඔරුව හමුදා කඳවුර සතු එකම ඔරුව වන අතර එදින එම කඳවුරට පැමිණි නැගෙනහිර නව ආඥාපති තුමා වෙනුවෙන් අලුත් මාලු ඇල්ලීමට ඔවුන් රාත්‍රී මුහුදු යවා ඇත..මෙසේ යන ඔවුන්ට බොහෝ විට ලැබෙනුයේ අරක්කු බාගයක් හෝ බෝතලයකි..සාමාන්‍යයෙන් හමුදා සෙබලුනට මත්පැන් කඳවුර තුලදි ගැනීම තහනම් වෙයි..එනිසා ලොකු මහත්වරුන්ට ඇති අවසරය මත මත්පැන් ගෙනවිත් සෙබලුන්ට දී නිලතල වලට අවසි බොහෝ වැඩ හමුදා සෙබලු ලවා කරගනිති...ඒ අතර මෙවැනි දිවිය සමඟ සෙල්ලම් කරන වැඩද ඇතුලත් වෙයි.කෙසේ හෝ සල්ලි නැති නිසා ජීවිතය උගස්කර සල්ලි සෙවීමට හෝ නැතිනම් රට බේරාගැනීමට හෝ නැතිනම් මේ දෙකම නිසා හෝ හමුදාවට ගිය අහිංසක තරුණ ජීවිතයක් අකාලයේ නැතිවිය..

සීතල පොලොවම

සීතල පොළොවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත්පත දිවබොජුනක් වේවා

මා මුරගෑවේ පිහිටක් අයදින්ටයි
දණ වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූ‍යේ යුක්තිය විසඳන්ටයි

දිළීඳූ ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැණෙකින්...

අරවින්ද චන්ද්‍රපද්ම said...

මේ ගීතය නන්දා මාලනීය සරත් ෆොන්සේකා වෙනුවෙන් ගැයූවක් නොවේ. ඔබගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරමි. යමක් ලිවීමට පෙර පොඩ්ඩක් සොයා බලන්න.

harshana1985 said...

ඔය සිංදුව තියෙන්නේ නන්දා මාලිනි මහත්මියගෙ පවන ඇල්බම් එකේ... 1988 - 1989 කාලෙ ලංකාව පාලනය කරපු ගොන් බූරු ආණ්ඩුවෙන් ඒක තහනම් කලා... දැන් ඒ තකතීරුවො ටිකම විලි ලැජ්ජා නැතුව ඒ සින්දු ටිකම පට්ට ගහනවා.... සරලව කිව්වොත් කබරයා තලගොයා කරගෙන කනවා...
සහෝදරයා, ඔය සින්දුවෙ තියෙන්නෙ තමන්ගෙ බිරිඳව දූෂණය කරන්න ආපු ආණ්ඩුවේ මැරයන්ට ගහපු සැමියෙක්ව, නිල බලය, මැර බලය පාවිච්චි කරල උස්සගෙන ගිහින් වධකාගාරයකට දැම්මට පස්සෙ බිරිඳකට පහල වෙන සිතුවිලි.....
නැතුව ඔබතුමා කියනවා වගේ කබරයා තලගොයා ක්‍රමයෙ අදහසක් නෙවේ

හොයාගෙන සින්දු ටික අහන්න, ඊට පස්සෙ කතා කරමු....

සූර සරදියල් said...

එකත් එහෙම ද මම එක දැනගෙන හිටියේ නෑ!!! සමාවන්න.. එත් මගේ ලිපියේ අරමුන සිරගෙදර කොතරම් ජරාතනක් ද කියලා කියන එක...

කොපි කිරීම මම කලත් මහරජතුමා කලත් වැරදියි....ඒත් ඉතින් මටනම් ඕනි උනේ කෙනෙකුගෙ දෙයක් සොරාගැනීම නෙමෙයි දැනගත් දේ වෙන කෙනෙකුට දීම...
ඔබට මේ ගීතය රසවිඳින්න අවැසි නම් කරන්න තියෙන්නෙ කියල seethala polowama ගහල ගූගල් සර්ච් පාරක් දමන එකයි...
මෙහි මාගේ අදහස පහලම ඇතී එක පමණක් බවත් ඉතිරි අදහස් සියල්ල හොරාගත් බවත් කීමට කැමැත්තෙමි....
එසේම අර බිරිඳකගේ අදහසක් කියන කතාව ඇත්තනම් ඒ බිරිඳ හිතපු පැත්තෙන් මේ සින්දුව තව පාරක් දකින්න ඒක ඔයාලට අමුතු දුකක් ඇතිකරාවි..

Saturday, December 11, 2010

සෙබළ හොල්මන....


මටම අයිති සිත වෙන තුරුලක රඳවා....
මගේ පුතා වෙත පිය කෙනෙකුන් හොයලා,....
කඩාවැටුනු සිහිනය මත ගොඩනැගිලා...
ඔබ දෙන පින් මම කෙලෙස ගමිද නයනා...
(මියගිය සෙබල සැමියා සිය පෙර භාරියාවට කියන කවිය..)

සිටිකල ඔබවෙත පුදදුන් සෙනේ උතුම්....
නැති වූ කල වියැලී යැයි සිතෙනවනම්....
මා මල දිනකදි මා ලය සිදුරු කරන්....
බලන්න ඔබ සතු ආලය තිබෙවි පනින්....

තනිවූ යහනට ඔබ පුතු තුරුලු කරන්...
සිටියත් මා නම් නොවුනි තවත් රහතුන්...
විසිවෙන හැඟුමට තැන තැන ඉඩ නොතියන්...
එකම කෙනෙකු වෙත දුන් ආලය කොපියක්....
(භාරියාවගේ පිළිතුර....)

Friday, December 10, 2010

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ කියා ඔබ විසින් මේ දැන් වෙබ් සෙවුමක් කලොත් ඔබට විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකි වනු ඇත...ඔබ මඳක් නිරීක්ශනය කර බලන්න...එල්.ටී.ටී එක කල අටෝරාසියක් අසමජ්ජාති වැඩ එහි තීබේද කියල...අඩුම තරමෙ විමලය සහ සෙට් එක,තවත් අය ජනාධිපතිට පක්ශයි කියල පෙන්නන්නවත් අපිට එල්.ටී.ටී කරපු ජරා වැඩවල පින්තූරවත් එක බෝඩ් එකක තියෙනවද???
*අරන්තලාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් අමු අමුවේ ඝාතනය කිරීම..එහිදී කිසිවක් නොදන්නා අහින්සක භික්ශූන් වහන්සේලා පිරිසක් අමු අමුවේ ඝාතනය කරන ලදී...
*මොරටු සරසවියෙන් අවුට් වී වැඩිකලක් නොගිය ඒ අසලම පදින්චි වී වැඩට ගිය ඉන්ජිනේරුවෙක් උදේ වැඩට යෑමට බසයට නැගුනි..එය ඔහුගේ අවසාන ගමන විය..
*බැතිමතුන් පිරිසක් ශ්‍රී මහා බෝධිය වඳින්නට ගොස් වෙඩි කන ආකාරය ඔබද දැක ඇතැයි සිතමු/...
*අපේ රාජ්‍ය නායකයින් මැරීම ඔවුන්ගේ ප්‍රශ්න ප්‍රජාතාන්ත්‍රිකව විසඳා ගන්නට ගත් උත්සාහ වැරදුනු නිසා යැයි ටිකක් හෝ ශේප් විය හැක..
එහෙත් එල් ටී ටීය අහින්සක මිනිසුන් කී දෙනෙකුන් නම් අකාලයේ ඉතාම අමානුශික ලෙස මරු තුරුලට යවා ඇතිද???ඒත් ඒ වායේ වීඩියෝ පින්තූර අපිට නොපෙනෙන්නේ ඇයි...අපි ලෝකයාට ඒවා නොපෙන්වන්නේ ඇයි...බැරිනම් උත්සාහ දරන්නේවත් නැත්තේ ඇයි...

වික්‍රමභාහුට හා ජයලත්ට දෙස් තැබීම ඉතා ලෙහෙසි නිසාද???