Saturday, December 11, 2010

සෙබළ හොල්මන....


මටම අයිති සිත වෙන තුරුලක රඳවා....
මගේ පුතා වෙත පිය කෙනෙකුන් හොයලා,....
කඩාවැටුනු සිහිනය මත ගොඩනැගිලා...
ඔබ දෙන පින් මම කෙලෙස ගමිද නයනා...
(මියගිය සෙබල සැමියා සිය පෙර භාරියාවට කියන කවිය..)

සිටිකල ඔබවෙත පුදදුන් සෙනේ උතුම්....
නැති වූ කල වියැලී යැයි සිතෙනවනම්....
මා මල දිනකදි මා ලය සිදුරු කරන්....
බලන්න ඔබ සතු ආලය තිබෙවි පනින්....

තනිවූ යහනට ඔබ පුතු තුරුලු කරන්...
සිටියත් මා නම් නොවුනි තවත් රහතුන්...
විසිවෙන හැඟුමට තැන තැන ඉඩ නොතියන්...
එකම කෙනෙකු වෙත දුන් ආලය කොපියක්....
(භාරියාවගේ පිළිතුර....)

3 comments:

  1. හරි ලස්සනයි.හිතට වදිනව.කඳුළුත් ආවා.මොකද මමත් සෙබළ බිරිඳක්.

    ReplyDelete