Saturday, December 18, 2010

waterproof samsung mobile

samsung marine

මේ මොබයිල් ෆෝන් එක දූවිලි වලට ජලයට සහ ආතති වලට ප්‍රතිරෝදී විදිහට හදල තියෙනවා..බොහොම රලු වැඩ වලට භාවිතා කරන්න පුලුවන් ජංගම දුරකථනයක් විදිහට මෙය හඳුන්වන්න පුලුවනි..

කැමරාව:-මෙහි කැමරාව ඇවිල්ල 1.3Megapixelක පමණ වෙනවා..

බෑන්ඩ් එක:-ඩුවල් බෑන්ඩ්(900-1800 Mhz) තමා තියෙන්නෙ අපි භාවිතා කරන ජී එස් එම් තාක්ශනය(GSM Technology) තමා මේ දුරකතනයෙ භාවිත වෙන්නෙ..මම අන්තර්ජාලයෙ දැක්ක සීඩීඑම්(CDMA) ඒ ෆෝන් නම් තිබ්බ,, ජල ප්‍රතිරෝධී ඒව ඒත් අනික් එව්ව විදිහට තිබ්බ ජනප්‍රියම ජන්ගම දුරකථනයක් තමා මේ මැරයින්..

බහුමාධ්‍ය පහසුකම්:-බහුමාධ්‍ය පහසුකම් විදිහට FM රේඩියෝ එක සහ අන්තර්ගත ම්යුසික් ප්ලේයර එකක් තියෙනවා..බාහිර ස්පීකරේකුත් තියෙනව කියලයි මෙයාලනම් කියන්නෙ...

මතක ධාරිතාවය:-8Gb වෙනකල් මෙමරි කාඩ් ගහන්නත් මේ මැරයින් සපෝට් කරනවා..

මෙම දුරකතනය බ්ලූ ටූත්,,සහ වීඩියෝ ඕඩියෝ රෙකෝඩින් වලින්ද සමන්විත වෙනවා,,,
(MIL-STD-810F) Military Standard     


කියන රලු භාවිත සඳහා වෙන අමෙරිකානු මිලිටරි සහතික මේ ජංගම දුරකථනය ලබාගෙන තියෙනව.
මෙහි තියෙන අඩුපාඩු තමා නවීන ටච් ස්ක්‍රීන්(touch screen),,,අන්තර්ජාල(Internet applications),,3ජී(3G) වාගෙ පහසුකම් අඩු වීම.
අමතර තොරතුරු සැම්සුන් B-2100 කියන ලින්ක් එකෙනුත් ගන්න පුලුවනි...

මම දන්න විදිහටනම් මේ ජන්ගම දුරකතනය ලන්කාවෙ මිලදී ගන්න නම් දැනට නෑ...ඒත් ගෙන්න ගන්න පුලුවනි ඔය ඊ බේ ඇමසන් වාගෙ එකකින් හෝ මෙවැනි දේ ඩීලර් කරන කෙනෙකු හරහා...

ඉතින් ඔය රූපරාමුවෙන්ම ඔයාලට දකින්න පුලුවනි මේ දුරකතනය අපි අර ගොඩක් පරිස්සමෙන් කවර හවුසින් ස්ටිකර් දාගෙන භාවිතා කරන ජන්ගම දුරකථනයට වඩා කොයි තරම් වෙනස්ද කියල..
මේ දුරකථනය ලංකාවෙ මුදලින් රුපියල් 13,000ත් 15,000ත් අතර අගයක් ගන්නවා..අලුත්ම බ්‍රෑන්ඩ් නිව් එකක්..

No comments:

Post a Comment