Monday, December 13, 2010

සීතල පොලොවම

සීතල පොළොවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත්පත දිවබොජුනක් වේවා

මා මුරගෑවේ පිහිටක් අයදින්ටයි
දණ වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූ‍යේ යුක්තිය විසඳන්ටයි

දිළීඳූ ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැණෙකින්...

අරවින්ද චන්ද්‍රපද්ම said...

මේ ගීතය නන්දා මාලනීය සරත් ෆොන්සේකා වෙනුවෙන් ගැයූවක් නොවේ. ඔබගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරමි. යමක් ලිවීමට පෙර පොඩ්ඩක් සොයා බලන්න.

harshana1985 said...

ඔය සිංදුව තියෙන්නේ නන්දා මාලිනි මහත්මියගෙ පවන ඇල්බම් එකේ... 1988 - 1989 කාලෙ ලංකාව පාලනය කරපු ගොන් බූරු ආණ්ඩුවෙන් ඒක තහනම් කලා... දැන් ඒ තකතීරුවො ටිකම විලි ලැජ්ජා නැතුව ඒ සින්දු ටිකම පට්ට ගහනවා.... සරලව කිව්වොත් කබරයා තලගොයා කරගෙන කනවා...
සහෝදරයා, ඔය සින්දුවෙ තියෙන්නෙ තමන්ගෙ බිරිඳව දූෂණය කරන්න ආපු ආණ්ඩුවේ මැරයන්ට ගහපු සැමියෙක්ව, නිල බලය, මැර බලය පාවිච්චි කරල උස්සගෙන ගිහින් වධකාගාරයකට දැම්මට පස්සෙ බිරිඳකට පහල වෙන සිතුවිලි.....
නැතුව ඔබතුමා කියනවා වගේ කබරයා තලගොයා ක්‍රමයෙ අදහසක් නෙවේ

හොයාගෙන සින්දු ටික අහන්න, ඊට පස්සෙ කතා කරමු....

සූර සරදියල් said...

එකත් එහෙම ද මම එක දැනගෙන හිටියේ නෑ!!! සමාවන්න.. එත් මගේ ලිපියේ අරමුන සිරගෙදර කොතරම් ජරාතනක් ද කියලා කියන එක...

කොපි කිරීම මම කලත් මහරජතුමා කලත් වැරදියි....ඒත් ඉතින් මටනම් ඕනි උනේ කෙනෙකුගෙ දෙයක් සොරාගැනීම නෙමෙයි දැනගත් දේ වෙන කෙනෙකුට දීම...
ඔබට මේ ගීතය රසවිඳින්න අවැසි නම් කරන්න තියෙන්නෙ කියල seethala polowama ගහල ගූගල් සර්ච් පාරක් දමන එකයි...
මෙහි මාගේ අදහස පහලම ඇතී එක පමණක් බවත් ඉතිරි අදහස් සියල්ල හොරාගත් බවත් කීමට කැමැත්තෙමි....
එසේම අර බිරිඳකගේ අදහසක් කියන කතාව ඇත්තනම් ඒ බිරිඳ හිතපු පැත්තෙන් මේ සින්දුව තව පාරක් දකින්න ඒක ඔයාලට අමුතු දුකක් ඇතිකරාවි..

1 comment:

  1. http://www.mediafire.com/?mttyzymmtgn
    u can download song using this link

    ReplyDelete