Saturday, July 30, 2011

බස් ජැක් ගහන ආකාරය


මේ කියන්නට යන්නේ බස්වල ටයර් හුලං ගිය විට ටයර් මාරු කිරීමට හෝ බස් අලුත්වැඩියා කටයුතු වලට එසවීමට හෝ භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් හෝ මැකනිකල් ජැක් නොවේ."කාන්තාවන්ට බස් රියවලදී වන හිංසනය" ලෙස ශාස්ත්‍රිය භාෂාවෙන් විදහා දක්වන සාමාන්‍ය ව්‍යවහාරයේ බස් ජැක් ලෙස හඳුන්වනු ලබන සිද්ධියයි..
නාකි අය සහ අංකල්ලා ජැක් ගහන්න පෙළඹෙනවා වැඩි ඇයි. .
මෙහිනම් ඇත්තේ එක්තරා සංකීර්ණ තත්වයකි..අවුරුදු 45න් පසු කාන්තාවනගේ ආර්ථවහරණයෙන් පසු ඔවුන්ගේ ලිංගිකමය ආශාව සීඝ්‍රයෙන් පහල යන අතර පිරිමින්ගේ එසේ දැඩිපහල යෑමක් සිදු වන්නෙ නැත..අවුරුදු 40න් පසු තවදුරත් ඔවුන් සමාජයේ සෙල්ලක්කාරයන් ලෙස නොසලකන අතර ගෞරවනීය පුරවැසියන් ලෙස සලකයි..එහෙත් ශරීරයෙන් සහ පෙනුමෙන් ඔවුන් වයසට ගියත් ලිංගික ආශාව අතින් නම් වැඩිමහලු පුරුෂයන් එම වයසේම කාන්තාවනට වඩා බොහෝ සෙයින් ඉහලින් සිටී.මෙම කාරනාව නිසා එම වයසේ අයවලුන්ට සිය බිරිය කෙරෙන් සංතෘප්ත වීමේ හැකියාවක් නොමැති තත්වයක් උදා වෙයි.ලංකාවේ මෙන්ම වෙනත් රටවලද ගණිකාවන් සොයායන්නන් ගෙන් විශාල ප්‍රතිශතයක් මැදි විය සහ මහලු විය පසුකරන අයවලුන් වෙයි.කොටින්ම ලංකාවේ නම් වැඩිපුරම කාම සිනමාපට නැරඹිමට සිනමා හල් කරා ඇදී එන්නේ මැදි විය සහ මහලු විය අතර වැඩිමහලු පිරිස වෙයි..එක් අතකින් ඔවුනට පරිඝනක ඩීවීඩි හරහා මේ අවස්ථා ලබා ගැනීමේ තාක්ෂනික දැනුම ගැටලුවක්ද ඇති නිසා තරුණයින්ට වඩා නාකි පිරිස සිනමා හල් කරා එනවා වන්නට පුලුවන.අංකල්ලා ජැක් ගැසීමට නැඹුරු බවට අපට ඇසෙන්නේ බොහෝවිට කාන්තාවනගෙන්ම වෙයි.තරුණ කාන්තාවන් සමහර විට තරුණ පුරුෂයින්ට මනාප විය හැකි වුවත් ජේෂ්ඨ පුරවැසියන් වන අංකල්ලා සහ නාකි අය නොදිරවීම එක්තරා හේතුවක් විය හැක.සිය මාමා බාප්පා පියා සීයා වයසේ සිටින අය කෙරෙහි මෙවන් දෙයක් සම්බන්ධයෙන් එකඟ වීම අප සංස්කෘතිය (එසේ එකක් නෑත) විසින් නොගැලපෙනවා යයි කියන ජනකාන්ත මතයද හේතු වනවා ඇත.
ජැක් ගැසීමේ භූගෝලීය පසුබිම..
අප ආසියානු සමාජය තුල සංකර යැයි පොදුවේ හඳුන්වනු ලබන, අමෙරිකානු සහ යුරෝපය ඇතුලු බටහිර රටවලදී ඇත්තෙන්ම බස් හෝ පොදු ප්‍රවාහන සේවා තුල එක් අයෙකුගේ ඇඟේ තව අයෙකු වැදීම පවා පිලිකුල් සහගත දෙයක් ලෙස හඳුන්වයි.ඒරටවල බොහෝ විට පොදු ප්‍රවාහන සේවාවල ආසන ආසන තනා ඇත්තේ මිනිසුන්ට නිසා ඒවායෙහි වාඩි වී ගමන් ගන්නා කෙනෙකුට පවා තවත් කෙනෙකුගේ ඇඟේ නොගෑවි ගමන් කල හැකිය.එහෙත් ලාංකීය දුරගමන් සේවා බස්වල ඇඟේ නොගෑවි යෑමට නම් විශේෂ තහඩු කැබැල්ලක් වත් රැගෙන යා යුතුය..මන්ද ඒ ආසන තනා ඇත්තේ ස්කුබි ඩූ වැනි කතාකරන ඇවිදින දිග බල්ලන්ට වන තරම් කුඩාවට වන හෙයිනි.අනෙක් කරුන නම් අප ඇතුලු දකුනු ආසියා සහ පිලිපිනය ඉන්දුනීසි,යාව වැනි රටවල ප්‍රවාහන සේවාවන්හ ිඇති අධික මගී තදබදයයි..මෙවන් තදබදයක් තුල හාමුදුරු කෙනෙක් නැග්ගත් වාඩි වීසිටින අය උන්දැගේ අතේ පවා සමහර විට යන්නට සිදු වෙයි.නවසීලන්තයේ දුම්රිය සේවයේ සේවයකරන මා දන්නා හඳුනන කෙනෙකු පැවසුවේ ඔවුන්ගේ කාලසටහන් කලින් කලට වෙනස් වන බවයි..ඒ වෙනස් වන කාලසටහන් වෙබ් අඩවි හා වෙනත් මාර්ග වලින් අනෙක් මහජනයාට දැනුම් දෙනු ලැබේ..එසේම යම්කිසි තදබද පවතින අවස්ථාවක් නම් ඒ අදාල දුම්රිය ස්ථානාධිපති සහ නිලධාරින්ට එවේලේම අමතර දුම්රිය හෝ මැදිරි එක් කර ගැනීමේ පහසුකම ඔවුන්ට තිබේ..මා දන්නා කාලයක සිට රුහුනු කුමාරි දුම්රිය 3.50ට කොටුවෙන් පිටත් වෙයි..කොළඹ සිට මාතර දක්වා නොකැඩී(එනම් බැස වෙනත් දුම්රියටකට මාරු නොවිය යුතු) අවසාන දුම්රිය රුහුනු කුමාරි වෙයි..ඉන් පසු මාතර දක්වා යන දුම්රියටකට ගොඩ වුවොත් අනිවාර්යෙන් ගාල්ලේදී වෙනත් දුම්රියකට මාරු විය යුතුය..එසේම උඩ මාර්ගයේ නාවලපිටියෙන් එහාට දුම්රිය යන එන වෙලාව කියන්නට ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් භාවිතා කරන්නේ කාලගුණ වාර්තාව කියන ක්‍රමවේදයකි..එන්නත් පුලුවන් සමහර වෙලාවට හවස් වෙලා කෝච්චියක්”..ඉදින් මෙවැනි කාරනා නිසා කාන්තාවක් නොව පිරිමියෙක්ට පවා තව කෙනෙකුගේ ඇඟේ නොගෑවී පොදු ප්‍රවාහන සේවා වල ගමන්කිරීම නම් සිදුනොවන දෙයකි..
සාමාන්‍යයෙන් බටහිර සහ සංවර්ධිත ලෙස හඳුන්වන රටවල පොදු බස් සේවා වල කාන්තාවන්ට හෝ පිරිමින් ට හින්සා කරන්නේ අවුල්ම මානසික මට්ටමක් සහිත පුද්ගලයින් වෙයි.මන්ද ඒ රටවල අපට මෙන් තදබදයක් නැති බැවිනි.එබැවින් ඔවුන්ට අනුව කාන්තාවකගේ ඇඟේ යන්තම් වැදීමත් එක්තරා අයුරක හිංසනයකි.සමාජිය පසුබිම සලකා නොබලා නීති කට් කර පේස්ට් කරගන්නා අපේ නීති විශාරදයෝ ඒ රටවල නීති අපේ පොත්වල ඔබති.දකුණු ආසියානු රටවල සහ ඉන්දුනීසියාව පිලිපීනය යන රටවල බස්වල ජැක් ගැසීම අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය.
ජැක් ගැසීමට පෙලඹෙන්නේ ඇයි..
සරල ලෙස පෙනුනත් මෙය විස්තර කිරීමට පොතක් ලිවීම තරම් අමාරු කාරියක්..ප්‍රවීන ගායක නලින් පෙරේර මහත්තය කියන විදියට මේක ඇවිල්ල සැපට හොඳට කන්න දීල දීල පස්සට අමුඩ හරි පොරොප්ප හරි ගහගන්න කියන අමුතු සමාජයක්..අපි නිතර දෙවෙේල දකින්නේ එකක් නමුත් අපිට ඉන්නෙ වෙන්නෙ වෙන තැනක..සිංහලෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රෑවෙනකල් ලව් දකිනව ටී වී එකේ ඒත් අපි ලව් කරන්න ගියොත් තියෙන්න් වෙනමම ලෝකයක්..පේරාදෙනිය පාක් එකේ කොල්ලයි කෙල්ලයි නටනව ෆිල්ම් වල පෙන්නුවට අපි ඒකට ගියොත් සහකාරිය හෝ සහකරු එක්ක එක විනාඩි 5ක් එක තැනක වාඩි වෙල ඉන්න දෙන්නෙ නෑ..බස් එකක ගියත් පෙම්වතුන් දිහා කස්ටිය බලන්නෙ බරපතල වැඩ සහිතව සිරබාරයට යොමුවුන පුද්ගලයින් දිහා බලනව වගේ ඇසකින්.මේ සමාජෙම දොරමඬලාවට ඇවිල්ල "හව් ටු ප්ලෑන් අවර් ලිව්ස්" නැතහොත් අපේ දිවිය යහපත් කරගන්නේ කෙසේද කියන දේශක අයගේ පෞද්ගලික් ජීවිතේ එක්ක බලනකොට අර දොරමඬලාවට වැඳගෙන අහන් ඉන්න බහුතරයගෙ ජීවිත ගොඩක් හොඳයි. ඔවුන්ගෙ ජීවිතත් එක්ක සන්සන්දනය කරල බලනකොට.බස් ජැක් කරැමාන්තෙත් ඒ වගේ සමහර වෙලාවට. දූ දරුවො පිරිවරන් සිල් ගන්න හතර පෝයට පන්සලට ඇදෙන උපාසක උන්නැහේ බස් එකට නැග්ගම කොයි වෙලාවෙ මේ බස් එක තදවෙයිද කියල බලන් ඉන්නව..ඒ වගෙම කාන්තා හිංසනය ගැන දේශනා තියන සුපිරි පැලැන්තියෙ ගෑනු අයට පේන්න තමුන්ගෙ පොඩ් පුතා කෙනෙක් වත් නොතියන්න සමහර දෙමව්පියො පෙළඹිලා ඉන්නව මොකද නෝන ඒ තරමට සුවර් නැති නිසා.
සාමාන්‍ය පොදු පිලිගැනීම අනුව පීඩනය වැඩි සමාජ ස්ථරවල ලිංගික දේට වන නැඹුරුව අනේක ස්ථරවලට වඩා වැඩියි.සරලවම සැලකුවොත් දුර ඉඳල ටියුෂන් එකට බස් එකේ එන..ගාමන්ට් එකට ගිහින් කීයක් හරි හොයාගන්න යන අය,තව හරි ලස්සනට ඇඳල තිබුනට ඔපීසිවල උදේ ඉඳන් රෑවෙනකල් කටු කන අයට සෙක්ස් වලට කියල විශේෂ වෙලාවක් වෙන්කරගන්න ඔවුන්ගෙ ආදායමයි කාලයයි ඉඩදෙන්නෙ නෑ..ඉතින් එක දවසක් දෙකක් පෙළඹවීමෙකින් හරි හේත්තුව දාන්න පුරුදුවන කෙනා හෝ හේත්තුව ලබන්න පුරුදුවන කෙනා අනේ නිකන් යන එකේ කවුරුත් දැක්කෙ නැතොත් මොකද ?කියන ආකල්පයට කෙලින්ම යොමුවෙනව..ජැක් කියන එක මර්ධනය කල යුතුයිකියල කොයිතරන් කෑ ගැහැවත් මේ දැන් මම බස් එකක නැග්ගත් ඒකට යොමුවෙන අය දුසිමක් උනත් සොයාගන්න පුලුවන් තරමට දැන් තත්වෙ සුලබ වෙලා..
ජැක්වලට යොමුවන පරිසරය
බස් එකක පිරිමි ගොඩක් ඉන්න වෙලාව වෙන්නෙ රෑ තමා සාමාන්‍යයෙන්..හිටගෙන යන බස් එකක නම් ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් නොයන එක හොඳයි, තව ගෑනු අය නැත්නම්..මා රාත්‍රි බස්වල ගමන් කරන කෙනෙක් විදියට ගෑනු අය ට බස් නවත්වන්නත් සමහර රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්වරු අකමැතිය් මේ වගේ වෙලාවට.මොකද ඒ අයට වලි බේරන්න වෙන නිසා..සාමාන්‍යයෙන් ගැහැනු ගොඩක් වැඩි බස්වලත් පිරිමි ගොඩක් වැඩි බස්වලත්(දවල්ට) හිටගෙන යනකොට ජැක් සිස්ටම් සෙට් වෙනව අඩුයි..ගෑනු වැඩි බස්වල ගෑනු අය පොඩ්ඩක්වත් කැමති නෑ ඉඩක්දෙන්න මොකද අනික් ගෑනු අය හිනාවෙයි කියන බයනිසා..පිරිමි වැඩි උනාම වෙන්නෙ නිකම් ඉන්න එකේ ටිකක් බර හරි ෂෙයාර් කරගන්න කියල පොඩ්ඩක් හේත්තුවෙන්න දුන්නම පෙරහැරක් පිරිමි එනව ඇතිල්ලෙන්න..ඒත් වාඩිවෙලා වෙන සිද්දිවලට නම් එහෙම බාධාවක් නෑ..දුරබස්වල කාලයක් තිස්සේ යන අයට තමුන්ගෙ ජීව්තේ එකම වතාවක් හරි මේවගේ දෙයක් සෙට් වෙල ඇති..කාර්යාල සේවයට ක්ලාස්වලට උදේ හවස කාර්යබහුල වෙලාවන් බාවිතා කරන අය ජැක් වලට දැඩි ලෙසම වෛර කරන්න ගියොත් ඇත්තටම වෙන්නෙ ත්‍රී වීල් එකක් අරන් යන්න තමා ...ඒතරමට මේක දැන් කොමන් සින්ස් එකක් වෙල ඉවරයි..පෙම්වතුන් නම් ඒ සි බස්වලට ඇදෙන්නෙ එලියෙ රස්නෙ නිසාම නෙමෙ..එකක් කවුරුහරි දකී කියන බය.අනික පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙන යම්තාක් දෙයක් හෝ කරගැනීමට හැකිවීම.
බස්වල යන හැමෝම ජැක් ගහනවද??
ඇත්තෙන්ම එහෙමම නෑ..සමහර ගෑනු අය මේ වගේ බස්වල යන්න කැමති නෑ..සමහර පිරිමින් කියනව මට ඇහිල තියෙනව මහ පතන් සරීර වතුර පුරවපු සොපින් බෑග් වගේ ඇගේ ගෑවෙන නිසා ඒ කෝච්චියෙ යන්න බෑ කියල.අපි ස්වභාවයෙන්ම ප්‍රෝග්‍රැම් කරල තියෙන්නෙ අමුතු විදියට...ටිකක් හිතවත් පිරිමියෙක් අතින් ඇල්ලීම කියන්නෙත් පට්ටම කේස් එකක් සමහර ගර්ල්ස්ලට.ඉතින් එහෙම අය කරන්නෙ එක්කො බස්වලට ආයුබෝවන් කියල වෙන වාහනයක් හොයා ගන්න එක නැත්නම් දිනපතා වලි දමමින් යෑම හෝ ඉඳගෙන යන සීට් වල පමණක් යෑම..සාමාන්‍යයෙන් අනෙක් බස්වලට වඩා 138 බස්වල මේ කේස් අඩුයි ..බස් ගනනින් වැඩි නිසා බස් ලෝඩ් වන ප්‍රමාණය අඩුවීම.එක් එක් ස්ථානවලින් බස් වලට නගින බහින පිරිස නිසා වෙනස්වන ගනනක් බස් එක තුල රැදීම දක්වන්න පුලුවනි..නමුත් සමහර බස් එහෙම නෙමෙයි නගිනකොට ම කොන්ද කෑ ගහනව අර හන්දිය ළගින් එහා නගින්න කියල.එතකොට ඒ හන්දිය දක්වා බස් එක කට කපල..මේ වෙලාවට ලස්සනට ඇඳල ඉන්න ඔෆිස් ගර්ල්ස්ලට බුලත්විඩ කන සිගා බොන උනුත්,,,හොඳ ස්මාට් වට පේන කොල්ලන්ට හුචක්කු මෙන් ලස්සනට පේන ගෑනු අයත් ගේන්නේ පුදුමාකාර නිවනක් සිතට..වැඩ ඉවරවෙලා මාන්සියෙන් ගෙදර යන්න ආවම ගොඩක් වෙලාවට අපාය ට්‍රැවල්ස් එකක තමා යන්නෙ වෙන්නෙ..කැමති උනත් අකමැති උනත්.
නන්දසේන රත්නපාල මහත්තය එකවතාවකදි ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන බස් එකක ගිහින් තියනවලු ඒ අයට බස් වලදි මොකද වෙන අවුල කියල බලන්න..එතුමා දැකපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති එතුම මොනවගේ රූපයක් තියෙන කෙනෙක්ද කියල පිරිමියෙක් විදියට පෞරුෂයක් පේන ගතියක් තිබුනට එයාට ගෑනු සමනල් ගතියක් නම් නෑ පේන්න අහලකවත්.ඉතින් එයා බස් එකේ හිටගෙන යනකොට ගෑනු කෙනෙක් වගේ ඇඳල කියල, එයාගෙ පස්සෙනුත් පිරිමි කෙනෙක් ඇවිල්ල බේරුනෙ පුදුම ගේමක් දීල කියල එතුමගෙ පොතක සඳහන් වෙනව..අපි ඉන්න තැන අනුව ඒ වගේ පැතිරුණ පරීක්ෂණ තුලින් විග්‍රහයක් කරන්න අමාරුයි..මම මේ මට හිතෙන දෙයක් කියල තියෙන්නෙ..රියලිටි කියන එකත් එක එක අයට වෙනස් වෙන්න පුලුවනි.






Wednesday, July 27, 2011

වල් කතාව


කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්නට ගිය ව්‍යාපාරිකයාගේ අඩු මානසික දැරිය සිව්මස් ගැබීණියක්
මාස දෙකකට පෙර නිවසේ වැඩකරමින් සිටි උයන්පල්ලෙක් සැකපිට අත්අඩංගුවට..

ඇස් අයි මහතා...ගේ 1 වන පරිච්ඡේදය.
ඇස් අයි මහතා උදෑසන පත්‍රය අතට ගත්තේය.ඔහු ඕප දූප තීරුවක දුටු මේ සිද්ධිය තමාට අදාල එකක් බව දැනගන්නා ලදී.වහාම පොලිස් ස්ථානයේ කොස්තාපල් කෙනෙකුට කතාකල ඇස් අයි මහතා හැකි ඉක්මනින් මේ වාර්ථාව ලියා ඇති පත්තරයට කතා කොට ඒලිපිය සම්බන්ධ තොරතුරු හා ලිපියේ කතෘවරයා පිළිබඳ තොරතුරු ලබා දෙන්න යැයි දැන්වීය.ඇස් අයි මහතාගේ පිරිස මේ උයන් පල්ලා අත් අඩංගුවට ගන්නා ලද්දේ දැනට දින 2 කට පෙරය.කිසිත් කලබලයක් නොදැක්වූ උයන්පල්ලා පුදුමයෙන් ජීප් රියට නැග විත් ඇත.ඉන්පසු කොස්තාපල්ලා ඒ අහිංසකයාට තඩි ගැසීමට සැරසුනත් ඇස් අයි මහතාට කිසිදු අපරාධකරුවෙකුගේ ‍සේයාවක්වත් මේ උයන්පල්ලා වූ මොෂාන් කෙරෙන් දිස් නොවූ නිසා ඇස් අයි මහතා කොස්තාවරුන් ඉවත් කර මොක්ෂාන් කූඩුවට දමන ලදී.රිසි සේ ඇඟ ප ත හිරි ඇරගැනීමට ඉඩනොදුන් ඇස් අයි මහතාට වෛර කරමින්,උපාසකය වගේ මෙතන ඉන්න හැටි දැන්, අර ධනවර්ධන මහත්තයගේ අහිංසක කෙල්ල අමාරුවෙ දාල..යැයි නොයෙක් බස් කියමින් කොස්තා වරුන් මොෂාන් කෙරෙන් ඉවත් විය.

ඇස් අයි මහතා කෙලින්ම ඇස් අයි පදවියට ම පත්වීම් ලැබූවෙකි දැන් ඔහු සීනියර් කෙනෙක් වෙයි..ඉගනීමට ම වයස විසිපහ වනතෙක් කැපකල ඇස් අයි තුමා නමින් කසුන් විය.පොලිස්‍සියේ සහ අනෙක් සම්බන්ධ ජනයාට කසුන් ඇස් අයි මහත්තයා කසුට්ටා මහතා විය.කසුට්ටා යනු කසුන්ම යන තේරුම නොවේ.කටුස්සා මෙන් එක් වර්ණයක් මතයක් තිබු කෙනෙක් නොවීය ඇස් අයි මහතා.ඔහු විටක සැරය විටක කරුනාවය.විටක අහිංසක පෙනුම ඇති උන්ටත් තලයි.තවත් විටෙක ලොකු පාතාලයින්ට ස්වාමින් වහන්සේ කෙනෙක් මෙන් උපදෙස් දෙයි.
පත්තරය බලා උරණ වූ සිත් ඇති කසුට්ටා මහතා රැවුල බෑමටත් මූන සේදුමටත් යොමුවිය.වෙනදාට වඩා වැඩි කාලයක් ඒ සඳහා කැපකරනු දුටු තනිකඩ ඇස් අයි කසුට්ටා මහතා ගේ මව “මොකෝ පුතේ මේ දවස්වල හැඩ වැඩ වැඩි මට ලේලියෙක්වත් ලගදි බලාගන්න ඇහැකි වෙයිද දන්නෙ නෑ නේ” යැයි ඇසීය.“අනේ අම්මට පිස්සු..”යැයි කියමින් කසුට්ටා කාකි ඇඳුමට බසින්නට විය.
සැකකරු මොෂාන් ගේ බිරින්දෑ,මොෂාන් අත්අඩංගුවට ගෙන පලමු දින අඬමින් පොලිසියට ආවේය.කලු වුවත් ලක්ෂන ශරීරයක් සහිත වූ ඇයට කසුට්ටා ඇස් අයි මහතාගේ අනුකම්පා ෆයිල් එකේ කොලයක් ඇරීමට හැකිවිය.අඬමින් පැමීණ අනේ බලන්න මහත්තයෝ මේ උලම කරල තියෙන දේ..අර ලමයි දෙන්නෙක් වත් ඉන්නව නේද කියල මූ හිතල නෑනෙ මහත්තෙයෝ..කියා ඇය ඇස් අයි මහතාට කීය.”තමාගෙ නම “ඒ ඇස් අයිය.”මම තාන්යා” ඒ සැකකාරයාගේ බිරියයි. දැන් තාන්යා තමා‍ෙග ස්වාමියා තවම සැකකරු විතරයි එයා වැරදිකාරය කරන්නෙ උසාවිය.අපිට තවම හරිහැටි මේ ගැන අදහසක් නෑ.අපිට තාන්‍ය මහත්මිය වැටිල තියෙන කරදරයත් උසාවියට ඉදිරිපත් කරල සහනයක් ඉල්ලන්න පුලුවන්.බාගෙදා ධනවර්ධන මහත්තය උනත් තත්වෙ දැනගෙන නඩුව ඉල්ලා අස් කරගන්නත් බැරි නෑ..මොකද මේක පවුලෙ දුව සම්බන්ධ ප්‍රශ්නයක්.මේව දුරදිග යන එක එයාලටත් ‍ෙහාඳ නෑ.
වරින් වර පැණි බැලුම් තාන්‍ය‍ා දෙස බලමින් කසුන් ඇස් අයි කියාගෙන ගියේය.තාන්‍යෘටද කසුන්ගේ පැණි බැලුම් නොවැටහුන‍ා නොවේ .එහෙත් මෙවන් අවස්ථාවක මොහු සමීපව තබාගැනීම යහපත් නිසාත් තවමත් තරුණයෙක් වූ කසුනුත් ආක්ෂේ කුමාර් සලමන් තරම් නොවුනත් ලස්සන කොල්ලකු වීමත් තාන්‍යාට ඇස් අයි මහතා සමඟ තවත් ඈ ඳීමට හේතු වී යැයි සිතිය හැක.අලංකාර ලෙස තිබෙන හැටියට ඇඳ, පොලිසියට දවසට වරක්වත් එන තාන්‍යාත් ඈ සමඟ ඈදෙන්ට දඟලන ඇල් බෝඩ් ඇස් අයි ලොක්කාත් පොලිස් කාන්තාවන්ටත් කොස්තා වරුන්ටත් නව කතාවක් හෙවත් ගොසිප් එකක් ඇති කලෝය.
මේ වැනි ගෑනු සම්බන්ධ දේට ඇස් අයි ලොක්කා තවම මෝරා නෑත.ඔහුගේ රාජකාරි බසම පැණි හැලීමට බාදාවක් වූයේ වරක් දෙවරක් නොවේ.”දැන් තමා ඉන්නෙ සිල්ව‍ මාවතේ කොයි හරියෙද? “ ඒ ඇස් අයි කසුන් පාර අසාගැනීමට දැමූ පොතයි.අර පොට්ට කමලක්ක කසිප්පු විකුනල මහත්තල ඇවිත් වැටලුව වගුර තියෙන්නේ ආන්න එතෙන්ට පෙඩ්ඩක් මෙහා වංගුවෙ උලු ගෙදර.කිසි චකිතයකින් තොරව තාන්‍යා සිය නිවෙස ඇස් අයිට කීය.

පත්තරකාරයා 2වන පරිච්චේදය
හා තමුසෙ ආවද මෙතන..වරෙන් වරේන් පරයා..යැයි කීයූ කසුන් සියල්ලට කලින් පත්තරකාරයාට කන පිරෙන්න සංග්‍රහයක් දුන්නේය.දැන් තමුසෙ ඕකත් ගිහිං උඩිම්ම ලියනව.මම ගැහුව කියල.
ඇස් අයි මහතා පත්තරකාරයකු යැයි සිතුවේ රැවුල ඇති කෙසඟ බයාදු පෙනුම ඇති කෙනකුටයි එහෙත් ජම්බුද්වීප පත්තරයේ කතෘ කෙනෙකු වූ කමලනාථ එක්‍ස් එල් සයිස් කඳ කලගෙඩි බඩ කපන ලද කොන්ඩය සහ සුට්ටන් යටි රැවුලක් ඇති අයෙකු විය.තමුසෙ මිනිහ අපි ඇතුලට ගත්ත විතරයි ඔක්කොම ඇනලයිස් කරල රිපෝට් එක දාල ඉවරයි පත්තරේ.ඇයි ගොන් හරකො උඹ හිතුවෙ නැත්තෙ ඒ කෙල්ල මොන්ගල්.මූ ඇවිත් උයන්පල්ලා, මූට ඉන්නව ළමයි දෙකක්,කෙල්ලට ආත්මයක් තියෙන්න ඕනි, මේ රිමන්ඩ් එකේ දැපල ඉන්න එකාට නැතත් ඒ ගෑනිට ළමයිට පාරෙ බැහැල යන්න ඕනි.තොපේ පත්තරේ කුනු ටික පිරුනම හරි.අනික් උන්ට හෙන ගැහුනත් බොලාට වැඩක් නෑ.
ස්වල්ප වෙලාවක් ගතවිය.එස් අයි මහතා සිය මේසයට, බියවී සිටි පත්තරකාර කමලනාථ කැඳවීය.හරි දැන් කියනව තමුන් කොහෙන්ද මේක දැනගත්තෙ?.මම දන්න කෙනෙක් ධනවර්ධන මහත්තය ළඟ වැඩ එයා කිව්ව.
අනේ පල පුස් උෟර ‍එනව මෙතන බොරු කියන්න.ධනවර්ධනයගෙ කෙල්ල බඩින් කියල මිනිහ කිය කිය යයි හැමතැනම., තමුසෙ කියන විදියට..මෙතන ඉන්න එකෙක් තමයි කියන් ඇත්තෙ..නේ..හුම්.කියූ..කමලනාථ නිශ්ෂබ්ධ විය.
සර් දැන් සර්ලට මේ කාලෙ අනිවාර්ය නඩු හරි පැමිණිලි හරි ටාගට් එකක් තියනවනේ..විශේෂයෙන් ට්‍රැ‍ෆික් පොලිසියට ..ඒ වගේ අපිත්කර‍න්නෙ ජොබ් එකක් සර්.අර පොට්ට කමලක්කගෙ කසිප්පු පොල අල්ලපු වෙලාවෙ මන් ආටිකල් එක හදල ඔක්කොම පින්තූර අරන් සර්ලව පවා ඉන්ටවු කරල තිබුන ලස්සනට.ඒ ත් අවසාන මොහොතෙ කමලක්ක ගෙ කොළඹ ඉන්න ලොකු අයිය කෙනෙක් අපේ ප්‍රධාන කතෘට කියල තිබුන තවත් පත්තරේට ඇඩ් එහෙම එපානම් මේක දැන්මට කමක් නෑ කියල.පස්සෙ ආටිකල් එක තියෙන්න තිබුන තැනටත් ඇඩ් එකක් දාල නිකම් හිටිය..අනික ඔය කේස් කීයක් ආවත් කීයද සර් සර්ලට හැන්ඩ්ල් කරන්න පුලුවන්..අනික් ඔක්කොම යට යවන්න වෙලානෙ..අර මන්ත්‍රිතුමාගෙ පොඩි කොල්ල හවස 6ට විතර බීල බයික් එකක ඇවිත් මහ පාර මැදදි ටියුෂන් ගිහින් එන කෙල්ලෙක් ‍උෟට කැමති නෑ කියල කෙල්ල බදාගෙන කිස් කරන්න හදල.ඒක අපිට ලියන්නත් බෑ සර්ලට ඌව ඇරෙස්ට් කරන්නත් බෑ.මේ නිවුස් එකටත් ධනවර්ධන මහත්තය කතාකරල සුද්ධ සිංහල කියල තිබුන.ඒත් ලොකු අවුලක් නෑ..දැන් සර් තුත් කතාකලානෙ ..එතකොට මෙකටත් මට තෑගි දෙකක් ලැබුන.
තඩියා මේ තරන් කතා කරුවෙකු බව ඇස් අයි කසුන් දැන සිටියේ නැත..හුම් තමුසෙලත් කරන්නෙ ‍ජොබනේ..අවුලක් නෑ..ඒත් පොඩ්ඩක් මීට වැඩිය හොයල බලල ලියනව.අඩුතරමෙ අපෙන්වත් අහනව..නිකම්ම රෝල අරින්නෙ නැතුව..පත්තරකාරයා ඇවිස්සීම සිය කුනුකන්දල් නිකම්ම අවුස්සා ගැනීමක් විය හැකි බව ඇස් අයිගේ අලි ‍හොඬ නුවණට(ගණ දෙවි නුවණට) කල්පනා විය.හා එහෙනම් යනව.අනික් දවසෙ ලියන්න කලින් ටිකක් බලනව ආ....අවුලක් ගන්න එපා මම කතාකලේ අර දරු පවුල ගැනයි,මන්ද මානසික ලමයයි ගැන හිතල.
හරිසර් කිසි ප්‍රශ්නයක් නැ.එහෙනම් යන්නම් සර්..කමලනාථ යන්නට ගියේය.එහෙත් පොලිසා සතුවද උතුම් ගුණ ඇති බව කමලනාථයාට වැටහුනි.

කටඋත්තරය 3වන පරිච්චේදය
දැන් තමුන් දන්නව මම ඇවිල්ල තමුසෙ මෙතන්ට ගෙනත් දාපු වෙලාවෙ ඉඳන් තමුන්ට අතක් ඉස්සුවෙත් නෑ උස්සන්න ‍දුන්නෙත් නෑ.ඒත් තමුන් ඇත්ත කියන්නෙ නැත්නම් තමුන්ට වෙනව දුක් විඳින්න.අපිටත් වෙනව කරුනාව පැත්තක තියල තමුන්ට නෙ ලන්න.තමුන් දුක් විඳින්න කැමතිනම් බොරු කිව්වට කිසිම ප්‍රස්නයක් නෑ.අනික ධනවර්ධන මහත්තලෑ කවුද කියල විස්තර කරන්න ඕනි නෑනෙ.තමුසෙට ඇතුලෙන් බොරු දාල පැනලගියත් වැඩක් වෙන එකක් නෑ....හරි.
මහත්තයො මට බොරු කියන් ඕනි නෑ.ධනවර්ධන මහත්තයල ඔය මිනිස්සු කියන තරන් නරක මිනිස්සු නෙමෙ..මම ඔය ගෙදර ගාඩ්නර්(උයන්පල්ලා) හැටියට කාලයක් වැඩ කරනව.මම ඉතින් රට ගිහින් පුරුදුවෙල ආව එකම කරුමාන්තෙ ඕක.වතුර දාන වැඩ හෙම වැඩකාරයො කරනව.මම කරන්නෙ සතියෙකට සැරයක්‍ දෙකක් ගිහිං තියෙන වැඩක් කරන එක තමා.මම මේ අමාලි නෝනව දන්නව.එයා ටිකක් මොන්ගල් කියලත් දන්නව.හැබැයි අමාලි නෝනගේ ඒ වගේ එකක් තියනව කියල අපිට කියල තියන නිසා, දන්න නිසා දන්නව..මට නම් ඒ වගේ එකක් පේනුනෙ නෑ.සමහරවිට පස්සෙ පිස්සු හැදුන වෙන් ඇති.අමාලි නෝන සුදුයි.ලස්සනයි.සමහර දවසට ටිකක් මහත්තෙල නෝනල නැති වෙලාවට ෆිජ් එකෙ තියෙන බීම චොකලට් ගෙනත් දෙනව.ඒත් මහත්තය හරි නෝන හරි පේනවෙලාවට මගේ පැත්තෙ බෝම්බයක් පිපිරුවත් බලන්නෙ නෑ.ඒ නෝන ඉංගිරිස්ද සිංහලද කතාකොරන්නෙ කියල මම දන් නෑ.ඒත් ඔය සිද්ධියෙන් පස්සෙ මට උන්දැ බොහොම හොඳට සැලකුව.මට චොකලට් එහෙම දුන්නම මම කොල්ලටයි කෙල්ලටයි එකක් දෙකක් මල්ලෙ දා ගන්නව.ඒ ක දැකල ළමයි ඉන්න වග දැනගෙනද මන්ද මට බිස්කට් චොකලට් හෙම ගෙනත් දුන්න.ටිකක් වැඩිපුර.මම එක්ක කතාකලේ නෑ.ඒ උනාට ඒ නෝන මම වැඩ කරන දිහා උඩ තට්ටුවෙ ඉඳන් හොරෙන් බලන් උන්න.මේ කියන පලවෙනි දවසෙ ‍ගෙදර ලොකු අය කවුරුත් නෑ.ඉන්න වැඩ කාරයත් උගෙ පිස්සු ලෝකෙ..එක්කො ටී වි බලනව නැත්තන් කෑ ම උයන මැගිලින් අක්ක එක්ක කතාව.වැඩකරන අතරෙ මගේ ඇඟිල්ලෙ වැදුන අර පාම් ගහක කීරක් ඇඟිල්ල ඉරාගන ගියා..ලේ ගලනව.ඒතරන් දරුනු නැති උනාට ට්කක් ගැඹුරට කැපිලද කොහෙද ලේ ගැලුව.මම කීප වතාවක් ඇඟිල්ල කටේ දාල උරල ආයෙම වැඩකරන් න හැදුව.මේ අතරෙ අමාලි නෝන උඩ තට්ටුවෙ ඉඳන් කතා කලා.මම උඩ තට්ටුවට ගියා..එයා එතන ඉඳන් මට විසිත්ත කාමරයක් පෙන්නුව.පස්සෙ මම එතෙන්ට ගියෑම බෙහෙත් දැම්ම.මොන මොනාද දැම්ම දැවිල්ලත් එක්ක ‍ඒ වෙලාවෙ.ෆිජ් එකෙන් බීමත් ගෙනත් දුන්න.මට රිමෝට් එක දීල ඕනි එකක් දාගන්න වගේ සිග්නල් එකක් දුන්න.දැන් මෙයා අල්ලපු පුටුවෙ.ටික වෙලාවකින් මෙයා මම යන්න හැදුවම මාව නැවැත්තුව.ඒත් කිසිකතාවක් නෑ ඔක්කොම සිග්නල් වලින්.මගේ තුවාල උන අත අල්ලගත්ත..ටික වෙලාවකින් මෙයා මගේඅත මිරිකන්න ගත්ත.ඒ වගේම කකුලක් පිට කකුලක් දාගෙන හිටපු අමාලි නෝන එක කකුලක පතුලෙන් මගේ කලවෙ හරිය පිරිමදින්න ගත්ත.
සමහරවිට නෝනට ඒක පොඩි දෙයක් වෙන් ඇති.එයා මාව සහෝදරයෙක් හරි එයාගෙම අර තඩි බල්ල හරි වගේ කියල හිතුවද දන් ණෑ...ඒත් මට හිතුනෙ වෙන දෙයක්..ඉක්මනට නෝනගෙ අතත් කකුලත් අතගාන්න ගතපු මම එය‍ා උස්සන් කාමරේට ගියා..මුලින් අකමැති වගේ උනාට.මොන ගෑනිත් ඔහොම තමයි කියල හිතපු මම බලෙන්මවගේ වැඩේ කලා.පස‍්සෙ අවුලක් නෑ..මට ඉක්මනට කාමරෙන් යන්න කියල සිග්නල් එක දුන්න..මම කාමරේ ඇතුලෙ විනාඩි 20ක් ඉන් ඇකි වැඩි ම උනොත්..ඒපාර මම කුස්සියට ගිහින් මැගිලින් අක්ක ගෙන් තේ එකක් බීල වැඩ නවත්තල ආව.
මම හිතුව පොලිසියට ගෙනත් මට එල්ලල ගහයි කියල.ඒත මහත්තය එහෙම කලේ නෑ අනික මයේ ගෑනිත් කිව්ව මහත්තය හොඳ කෙනෙක් වගේ කියල.ඒකයි මම මේ මෙහෙමම කතා කොරේ.
දැන් තමා එදා විතරද නැත්නම් පසුවත්...??
ඒ ඇස් අයි කසුට් තව ප්‍රශ්නයක් අසයි.වයස 30ට ලං වීත් තවමත් ලිංගික සම්බනධ දෑ වීඩියෝ ටෙක්ස්ට් වලින් දැක ඇති ඇස් අයි තරුණයාට මෙය අමුතු අත්දැකීමක් විය.ඇස් අයි කසුට් මොහු ප්‍රශ්ණ කරන්නට ගත්තේ ටිකක් කාර්යබහුල අඩු කොස්තප්පන් අඩු වෙලාවක වූ බැවින් රබර්කන් පිළිබඳ ගැටලුවක් නොවීය.(සොරෙන් එක එක දේ අසා සිටින්නන්ට ඇති කන් රබර් කන් වේ.)
මහත්තයො මම පස්සෙත් ගියා වැඩට කවුරුත් නැති වෙලාවට නෝන ඇවිත් ඉන්නව..මම හැම දාම අද යන් නෑ කියල හිතන් ආවට නෝන දැක්කම දුකයි ආසාවයි දෙකම ඇවිත් ගිහින් ටික වෙලාවක් බදාගන හරි එනව..මම ඒ අතින් හරි නරකයි මහත්තය.මමත් ලමයි ඉන්න තාත්ත කෙනෙක්..මොෂාන් කඳුලු සලන්නට මෙන් තත්වයක් පැමිණිය.ඇස් අයි ලොක්කාටද දුක සිතුනි.හා ඉතින් අපි තමුසෙල තාම රහත් වෙල නෑනෙ.අවුලක් නෑ..බලමු.මොෂාන් යලිත්කතා කරන්ට විය.දවසක් ලොකු නෝනට අපි දෙන්න මාට්ටු උනා..හොඳ වෙලාවට මම ඒ වෙලාවෙ අමාලි නෝනගෙ අත අල්ලන් හිටිය විතරයි..මොනාහරි ඉව වැටුන නෝන මහත්තයට කියල..මට රුපියල් 20,000 දීල වෙන තැන් ටිකක් හොයා ගන්න.කිවුව..මට ධනවර්ධන මහත්තය වචනයක්වත් කිව්වෙ නෑ..මමත් ඉතින් දන්න නිසා නිකම් හිටිය..
හරි අපි ධනවර්ධනයට කියල බලමු..පොර හොඳ ඇති..

සැකකරුගේ බිරිය-තාන්‍යා 4වන පර්ච්ඡේදය
දැන් දින කීපයක සිට මොෂාන් රිමාන්ඩ් සිරබාරයේය.මොෂාන් නම් එසේ මෙසේ අයුරින් ලිංගිකව සංතෘප්ත වන්නෙකු නොවන බව තාන්‍යා අවබෝධ කරගත්තේ අද ඊයේ නොවේ.එහෙත් මෙතෙක් කිසිදු අයුරකින් තමා හැර වෙනත් කෙනෙකු මොෂාන් සම්බන්ධව ඈඳුන ප්‍රථම අවස්ථාව මෙය විය.මොෂාන් කන බොන අවස්ථාවල මිතුරන්ගේ කතාවලට සවන් දී ඇති තාන්‍යා ඔහු පාසැල් යන පන්ති යන කාලයේදිවත් වෙන කෙල්ලක් සමඟ සිට ඇති බව දැනගන්නට නැතිවිය.අත්අඩංගුවට පත්වීම පත්තරේ වැටීම එහෙන් මෙහෙන් සිනා කතන්දර ඇසීම ආදි සියලු දේ දැන් එපා වී ගෙන එයි..දැන් නම් මොෂාන් එයි නම් හොඳයැයි සිතෙයි.දරුවන්ටද මොන මාම බාප්පා ආච්චිලා සිටියත් ඔවුන්ගේ පියා නැතුව බැරිය.දුව ට නම් ඒ දුක තදින් දැනේ..පුතාගේ ‍ෙමාන්ටිසෝරි වැඩ මෙන්ම දුවටඅවැසි නොයෙක් පාසැලට අයිති වැඩ මොෂාන් ආසාවෙන් කරයි.එහෙත් මගේ මල්ලිලා ට ඒ උනන්දුව පවතින්නේ සුවල්ප වෙලාවකි.දුව පින්තූරයක් පෙන්වා මාමෙ මේක හොඳයිද මෙතෙන්ට යයි ඇසූවිට ඔයාට හරිනම් හරි දුව ඔව්ව හරියටම ඕනි නෑ යයි මල්ලිලා කියයි.එහෙත් මොෂාන් එසේ නැත..දුවට අවැසි දෙයක් ඇත්තටම අවැසි නම් මහ රෑහෝ කඩේ ගොස් ගෙනත් දෙයි..
ගමේ උන් නාකින්.,වැඩපලේ ඉන්නා ‍කොල්ලන් පමණක් නොව ‍හැම කේලමක්ම දන්නා ට්‍රාන්ස්පෝට් බස් එකේ ඩයිවර කොන්දාද තමන් දෙස බලනු වැඩි බව තාන්‍යාට තේරුණි.ඔවුන් දැන් පුදුම කරුණාවක් පෙන්වයි.
ඇස් අයි කසුට් ගැන නම් වූයේ අනුකම්පා හැඟිමකි තාන්‍යා තුල.පොලිස්යට ගොස් ඇස් අයි හමු වන විට ඇස් අයි කාරයා පෙන්වන චකිතය එවැන් කෙනෙකුගෙන් තාන්‍යා මින් පෙර දැක නැත..මුහුන බලන්නට මෙන් පොලිස්කර ඇති සපත්තු, මනාව මැද ඇති නිල ඇඳුම, පොලිස් කර ඇති දෙපස තරු හතර, ගාම්බීර පෙනුමක් ගෙනාවත් තමා ඔහුළඟට යනවිට මුහුන රතුවන ආකාරය කෙලින් මුහුන නොබැලීම, යම්තම් ගොත ගැසීම ආදිය ඇඳුමට තානාන්තරය ට නොගැලපෙන මනමාලකමක් ඇස් අයි මහතාට එකතු වෙයි.එය ම එක්තරා අතකින් ඇස් අයි මහතා කෙරේ යම් සිතක් පහල වීමට තාන්‍යා ට ‍බලපැවැත්විය..
අපි බලමු තව ටිකක් ධනවර්ධන මහත්තය හොඳ කෙනෙක් ..කතාකරල නඩුව ඉල්ලා අස්කරගන්න පුලුවන් වෙයි.සැබැවින්ම එය ඇස් අයි විසින් කරාවියයි තාන්‍යා විශ්වාස කලාය.තාන්‍යා ෆැක්ටරියෙන් එන්නෙ ට්‍රාන්ස්පෝට් බසයේ නොාවේ.අතිකාල කිරීම නිසා පැයකින් ප්‍රමාදවන ඇය බස් රියේ එයි..දිනක් ඇය පාරේ බසයක් එනතුරු ඉන්නට බස් නැවතුමට ආවා පමණි..ඇස් අයි මහතා ජිප් එකෙන් ආවේය..ඇවිත් කතා කලේය.එවෙලේ ජීප් රියට නොනැගීම ඇස් අයි මහතාට අවනම්බුවක් ඇති වෙතැයි සිතු බැවින් තාන්‍යා රියට නැගුනි..එහෙත් මෙහි ඇති කටකතා පැතිරෙනසුලු ගතිය ඇස් අයි මහතාට පැහැදිලිකල තාන්‍යා හෝල්ට් 3-4ක් ගොස් ජිප් එකෙන් බැස බස් එකේ ගියාය.එවිට ඇස් අයි කසුන් යන්තම් වෙවුලන අතින් දුන් ටැලිෆෝන් නොම්මරය තාන්‍යා බෑග් සාක්කුවේ රුවාගති.ඉරිදා දිනෙක හැන්දෑවේ ඇස් අයි කසුන් පැමිණ දරුවන්ටත් තමාටත් චොකලට් ගෙනවිත් තිබුනි.දරු දෙදෙනාට චොකෝ දුන් ඔහු තමාට දුන් චොකෝ එක සොරෙකු මෙන් තේ අල්ලන වේලාවේ ඇස් දෙස බලා ට්‍රේ එක උඩින් තැබූ අයුරු තාන්‍යාට මතකය.ඇස් අයි විසින් තමාට ඉන්පසු ඇවිදින්නට යන්න කසුන් යෝජනා කලේ වාර ගානක් තැටමීමෙන් අනතුරුවය.කසුන් අමනාප කරගැනීම මොෂාන් සිරගත වීමට හේතු විමට අමතරව සැර පරුෂ බව පෙන්නුවත් පොඩි එකෙකු බඳු කසුන් ‍ෙග් සිත් ඇදගන්නා සුලු හැසීරිමට තාන්‍යා පෙම් කලේය..එසේම මොෂාන් නැති සයනය තුල වූ අඩුවද තාන්‍යාට දැනෙන්ට විය.කසුන් පලමුව ෆිල්ම් බලන්ටත් එයින් ඉක්බිති තාන්‍යා සමඟ පෙම් කෙලීමටත් පටන් ගති.එහෙත් ඒවා ඉතා රහසේ කරගැනීමට කසුනුත් තාන්‍යාත් උත්සාහ ගත්තේය.කසුන්ට අවැසි වී තිබුනේ සමීපයෙකු මිස ආශාවම නොවන බව තාන්‍යා දැනගති..සියල්ල ඇඳ මතින් අවසන් නොකර තමන් ගැන සොයා බැලීමට යෑම විටක තාන්‍යාගේ සැනසීමටත් විටෙක පසුකලේක විය හැකි විපත පිළිබඳ වූ පසුතැවීමට හා භීතියටත් හේතු විය.

ධනවර්ධන මහතා-අතවරයට ලක් වු  දැරියගේ පියා 5වන පරිච්ඡේදය
මේ වන් සිද්ධියකට තමා ගෙන් අපොයින්මන්ට් එකක් දමාගෙන කතාවට ඒමට ඇස් අයි කසුන් කාරයා මොෂාන් ගේ නෑයෙකු හෝ දන්නා කියන එකකු විය හැකි බව ධනවර්ධන සිතීය.සිය දුවනිය ලෙඩ වී ඇති වෙලාවේ තමාගේ අක්කා නිවසට ගෙන්නාගැනීම කල අලි වැරැද්දක් බව ධනවර්ධනට වැටහෙන්ට විය.‍නිකම් කොන්දේ අමාරුවක් විය හැකියයි සිතූ දේ දුව ගැබිණියක වි අවසන් වේ යැයි ධනවර්ධන කිසිසේත් සිතුවේ නැත.එහෙත් එවැනි අවස්තාවක සිය ශූර බුද්ධිය මෙහෙයවිමට තම බිරිඳත් සිය අක්කාත් අවස්ථෘවක් ‍ෙනාදීම මෙවන් තැනකට ඒමට හේතු වූ බව ධනවර්ධන සිතීය.මෙතෙක් කල් සේවයකල මොෂාන් උයන් පල්ලෙකු ලෙස හොඳින් සේවය කලේය.සිය ගෙඋයන ලස්සන කිරීමට ඔහුගේ අඩු වියදම් නිර්මාණශිලි උදව්ව හේතු විය.
මින් පෙර ප්‍රිය සම්භාෂනයකට ගිය අවස්ථාවේත් සිනමාහලේ චිත්‍රපටි නැරඹීමට ගිය අවස්ථාවකත් සිය දුව අමාලි වෙනත් පිරිමින් සමඟ අසෝබන හැසිරීම් දක්වා ඇති බවට වාර්ථා වී ඇති බව ධනවර්ධනට මතක් විය.ඒ අවස්ථාවලදීද බිරිඳ ඒවාට ඒ කොල්ලන්ට දෙස් තැබුවත් යතාර්ථය මඳක් වෙනස් බව ධනවර්ධන මහතාට පසක් විය.මොෂාන් කියා ඇති තොරතුරු අනුව එය තනි අතින්ම අත්පුඩි ගැසීමක් නොවේ..තමාට ඇතිදේපල අනුව දුව ට අතගැනීමට මනමාලයන් නම් සොයාගත හැකිය.එහෙත් දැන් පත් වී ඇති තත්වය පත්තරේ යෑම ධනවර්ධනට ඇතිකලේ මහත් කලකිරීමකි.

අවසානය- 6වන පරිච්ඡේදය
අවසන මොෂාන් හට දඬුවම් දුන්නාය කියා කිසිත් වෙනස් වන්නේ ද නැති..මේ හේතුවෙන් සිදුවන අපකීර්තිය හා දුවනියට සිදුවන අවාසිය බිරිඳට හා සිය අක්කා ට පැහැදිලි කර නඩුව ඉල්ලා අස් කර ගැනීමට ධනවර්ධන මහතා තීර්ණය කලේය..
මොෂාන් හට නිදහස ලැබිණි.ව්‍යාපාරික ලස්සන තරුණයකුගේ නොම්මරයක් යැයි සිය යහලුවෙක්ට ඇස් අයි කසුන්ගේ නොම්මරය ලබා දීමෙන්, දුර පලාතක සිට පැමිණ තමා සමඟ එකට වැඩකල යාලුවක් ඇස් අයිට සෙට් කිරීමට තාන්‍යෘ සමත් විය.ඇස් අයි ඇය විවාහ කරගැනීම කෙසේ වෙතත් ඇයට ඇස් අයිගේ පාලුව මකා ගැනීමට ටික කලක් හෝ අවස්ථාව හිමි වෙනු ඇත.තාන්‍යාගේ අඩුව ඇගේ යාලුවාගෙන් පිරවීමට නොහැකි වුවත් දරුවන් පවුල සිටි තමාට නොලැබෙන සතුට භුක්ති විඳින මොෂාන් ගේ පවුල කඩාකප්පල් කිරීම මොෂාන්ට හෘද සාක්ෂිය සමඟ එකඟ විය නොහැකි විය.එහෙත් යාලුවාද යම් අලුත් අත්දැකීම් ලබාදෙන බව ඇස් අයි කසුට්ට වැටහුනි.
අමාලි සිය දරුවා ලැබුන පසු ධනවර්ධන මහතාට ඇවටිලි කිරීමෙන් මොෂාන්ගේ පවුලට සිය මව් ‍නිවසේ නොමැති අවස්ථාවක ආරාධනය කොට කෑමවේලක් ලබාදුනි.ඇයගේ මන්ද මානසික ගතිය දැන් ඇගේ දරුවා සමඟ සිටින විට පැහැදිලිව දැක ගත නොහැක.අමාලි තාන්‍යා සමඟ වචන කීපයක් කතා කලාය.ධනවර්ධන මහතා‍ෙග් නිවසට ගොස් එන අතරතුර තාන්‍යා “ ඒ පොඩ් එකීගෙ නාහෙ තමුසෙගෙම තමයි.හොරාට ගෑනු ලමයිගෙ උයන් බලන්න ගියාට ඔය ලැබිල තියෙන්නෙ ලස්සන තෑග්ග”ඒ උනාට ඇත්තටම කෙලි පොඩ්ඩ ලස්සනයි”..යැයි කීය..
විදේශ ගතව සිටි වසර 10කින් වැඩිමහලු පුරුෂයෙකු හා විවාහ වන්නට අමාලිට පසුව අවස්ථාව ලැබුනි..

Monday, July 25, 2011

chandraya

චන්ද්‍රයා දිලෙනා වු දා ඒ ඈත ආකාසේ
පී දී ඇදී එන සීත නල රැල පුබුදුවයි පෙරසේ
එන්න දෝ අහිසින් නැගී හෝ පියඹලා රහසේ
මං කාටවත් නොපෙනි වලාකුල් අතර හොර රහසේ

රෑ කුමාරී මල් සුවද දෙනවා..
එලි දිදී කනමැදිරියන් එනවා..
මෙගෙ සිත ඔබ ළඟම නැවතෙනවා
පිනිදි දී කඳුලැල් නෙතට එනවා..

පෙර දිනක මා පාලු නසනට ඔබෙ හඬම මා ළඟමැ වූ දිනයේ
කවමදාවත් දුරින් වන්නට කිසිලෙසින් වත් පැතුම් නෑ දුටුයේ
එන්නෙ දෝ ආයේ
මට දෙන්නෙ දෝ ආලේ.
. chandraya by indika27

Friday, July 22, 2011

නිරීක්ෂකයා...

      එකල මා නිකමෙකු විය..උසස් පෙල හමාරව ප්‍රථිපල ලැබෙන තුරු සිටීම..ජයග්‍රාහී දෙවන වරටද බූට් රස විදිම යන කාරනා නිසා මා සොවින් සිටියෙමි.එහෙත් පලමු වර බිඳවැටුනු ප්‍රේම වේදනාව තරම් මෙවර වේදනාව බලවත් නොවිය.දිවි තොර කරගැනීමට තරම් ලොවෙහි තනිවුන ආකාරයක් මට පලමුවර ඇතිවිය.මානසිකව වැටී අතපය කැඩී එකතැන් වන මට්ටමට පැමිණියේය.එහෙත් දෙවැනිවර අමාලි හමුවනවිට මට පෙර දුක කොහේ ගියාදැයි නොදැනුනි.කැහි ගෑනි නැතිවිට හොටු ගෑනි ගැනීමේ සංකල්පය මට හරි නොයන බැව් මා විසින් පසුව අවබෝධ කරගන්නා ලදී.පොතපතේ සඳහන් අන්දමට විරහ වේදනාව යනු ජීවිත යතාර්ථය දකින කැඩපතක් මෙන් දෙයකි..සැබෑ ජීවිත ස්වරෑපය අපි කෙතරම් දැක්කත් එය අවබෝධ කරගැනීමේ ඥානය පහල වෙන්නේ බූට් එකලැබුන පසුය යනු මා කතාවක කියවා තිබුනී..
                   නගරයේ සිනමා හල් නාට්‍ය,සමිති,දේශපාලනය මා විසින් ප්‍රේමය වෙනුවට ආදේශ ලෙස ‍තෝරාගන්නා ලදී..දෙවන වර උසස් පෙල අවසන මා උසස් අධ්‍යාපනයට යොමු වුවත් කිරීමට විසේස වැඩ නොමැති විශාල කාලයක් මා හට ඉතිරිවිය..මා දෙමාපියන් සමඟ ම විසු හෙයින් ද පෙර නගරය මාරු නොවන හෙයින්ද මට විශේෂ ජීවන බරක් හෝ ලෝක වෙනසක් නොපෙනුනි..ඒ කල මා විසින් නන්දසේන රතනපාල සහ නොයෙක් මනෝ විද්‍යා සහිත පොත් කියවීමට නැඹුරු වුන කාලයකි..කෙතරම් අප වසන් කරනු තැනුවත් මට බස්වල යන එන පෙම්වතුන් දකිනවිට මතක් වුයේ එදා මා ද එසේ වෙලී ගිය අවස්ථාය..කාලය විසින් මා දාර්ශනිකයකු කරනු ඇතැයි මා සිතුවෙමි..එහෙත් එය මායාවක් බව පසුව වැටහෙන ලදී.
             මා හට එකල පිං චාන්ස් වලට චිත්‍රපටි බැලීමේ අවස්ථාවක්  විය.මගේ ම්තුරකුගේ පියාට අයිති සිනමාශාලාවක් නගරයේ විය..ඉරිදාට සේවකයින් එකෙක් දෙන්නෙක් නිවාඩු ගන්නා බැවින් මගේ මිතුරා මා හට එන්නට කියයි..ටිකට් විකුනා අවසන මා චිත්‍රපටි බැලීමට යමි.බොහෝවිට ඒ සිනමා සාලාව බොක්ස් වලින් සහ වැඩිහිටියන්ට පමණක් පෙන්වන නිසාදෝ වැඩිහිටි පරපුරෙන් ආදායම් ලැබූවකි.ජැන්ඩියට ඇඳ පැලඳගත් මහතෙක්ද මා සමඟ චිත්‍රපටි නැරඹිමට නිතර සෙට් වෙයි.එනම් මා නැරඹ්මට කැමති ඕ ඩී සී අංශයේ සිටි යාවජීව සාමාජිකයෙකි මේ අංකල්.මා ගිය ඉරිදා දවසක් වෙත් නම් ඒ සෑම දිනම අර මහල්ලා විත් චිත්‍රපටිය බලයි..3.30ට පෙන්වන දර්ශනයට බොහෝ විට ඔහු එන්නේ 3.25ට පමණ වේ..ඒ වෙනවිට ජනප්‍රිය චිත්‍රපටියක් නොවුවත් ඉරිදා නිසා ඉඩ තිබෙන තැනක වාඩි වෙයි.ටිකටි විකුනා මමත් එන්නේ චිත්‍රපටිය අතරවාරයේ නිසා මා සහ ඔහු ළඟින් වාඩිවන අවස්ථා ගනන වැඩිය..වැඩිහිටි චිත්‍රපටි ළමා කතා වීරකතා ආදි කිසිදු දෙයක් මායිම් නොකරන අංකල් සෑම ඉරිදාම මා ගිය දවසක් ඇත්නම් සිනමා හලේවිය..ඔහු වැඩිහිටියන්ට පමණයි සිනමා පට නැරඹුවද වෙන අය මෙන් අවැසි දර්ශන පමණක් කට ඇරගෙන බලන්නක්නොවේ..තිරය මත සියක් දෙසීයක් මරන දර්ශනයත් ඉතා උද්වේගකර පෙම් ජවනිකාවත් කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව බලයි.සමහර ගෑනු අය නම් චිත්‍රපටි යන අතර නිලිය අඬන විට අඬති එයින් සමහරෙක් විකට නලුවා පිස්සු කෙලින විටද කිසි කරදරයක් නැතුව කඳුලු පිසදා සිනාසෙති.සති 5-6ක් සතියට ඉරිදාව බැගින් එක දිගට බැලීම නිසා සමහර ජවනිකා මට කටපාඩම් වෙයි..එවිට මාකරන්නේ අනෙක් අය දෙස බැලීමයි..වැඩිහිටියන්ට ඇති සිනමාපට නැරඹිමට බොහෝවිට මත් වී පැමිනෙන අයද වෙති..පෙම්වතුන් සිය වැඩ සියල්ල පුරුදු වීමට සිනමා සාලාවේ අඳුර යොදාගනී.එහෙත් ඒ සියල්ල ඉතා සාමාන්‍ය දේය..
                              ‍මේ කතා කරන පුද්ගලයා නමින් නිකුලස් විය ඔහු ගමේ (නගරයේ උවත් එය ‍බොහෝ කලක් තිස්සේ එකම පිරිසක් වසන පෙදෙසක් වු බැවින් එය නාගරික පෙනුම සහිත ගමක් විය).නිකුලස් අංකල් හමු වූයේ සිනමාහලේ පමණක් නොවේ..ඔහු බොහෝ කලා කටයුතු පොදු කටයුතු වලට සහභාගී වුන පුද්ගලයෙකි..මෑත කාලය වනතුරුම නිකුලස් අංකල් පිට්ටනියේ කොල්ලන් සමඟ සෙල්ලම් කරමින් සිටි බව ‍ගමේ සමහරෙක් පවසති..තැනට නොගැලපෙන ප්‍රස්න ඇසීමත් නිකුලස් අංකල් සමතෙකි..දවසක් එක්තරා සුනාමි කෙටි චිත්‍රපටියක් පෙන්වීය..එහි අනුග්‍රහය අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයකි..චිත්‍රපටිය අවසානයේ ප්‍රස්න ඇසීමට අවස්ථාවක් දුනි..සමහරු ආධුනිකයෙකු වූ අධ්‍යක්ෂකවරයා හිනෙන් වත් නොහිතපු පැතිදැක ඔහුට ප්‍රසංසා කලේය.එහෙත් නිකුලස් අංකල්ට වූයේ එක ප්‍රස්නයෙකි..” දැං මේකෙ ගියා අත් ටැට්ටරයක් ඒ‍ක එ‍ලෙව්වෙ ලස්සනට ඇඳල තොල් පාටකරල තියෙන කෙල්ලෙක්(මේ අතර වටපිට සිටි අයගේ සිනා හඬ දසත රැව්දේ) මං උපන්තෙකට දැකල නෑ ගෑනු ටැට්ටැර එලවනව..අපි හිතමු ඩිංගකට වෙන කෙනෙක් නැති නිස එලෙව්ව කියල ඒත් කෝමද ඒ කෙල්ල නිකං කොළඹ යනව වගේ ඇඳල ඉන‍්නෙ” එය පිරිමි නැති හෝ පිරිමින් වෙනත් කටයුතු සඳහා නික්ම යෑම දක්වන සංකේතයක් බව අයෙක් ප්‍රකාශ කරන ලදී . එහෙත් නිකුලස් අංකල් හෝ සීයාගේ අද හස වූ මේ පට්ටපල් පචයකි යන අදහස නම් නැති වූයේ නැතිබවක් පසුවද ඇසූ ඒ තාලෙම ප්‍රස්නවලින් පෙනුනි.
                    සමවයෙසේ වෙනත් අය සමඟ සන්සන්දනය කරන විට නිකුලස් සීයාට වූයේ වෙනමම ලෝකයකි..මට ඔහු ප්‍රස්නයක් විය..ඔහු ඉන්නෙ‍ කොහෙද??හැම ඉරිදාම ඔහු චිත්‍රපට බලන්ට එන්නේ ඇයි.නාට්‍ය වැනි දේට යන්නේ ඇයි.පොදු වැඩ වලට ඉන්නේ ඇයි.කිසිවිට නිකුලස් සියා පනින්නෙකු නම් නොවීය.ඔහු ඉන්නා තැන මන්ත්‍රී සිටියාය විදුහල්පති සිටියාය වෙනත් කෙනෙක් සිටියාය කියා ඔහුට වගේ වගක් නැති.ඔහු ඔහුගේම ප්‍රස්න අසමින් හෝ කිසිත් නොකියා කරබාගෙන සිටියි..එහෙත් පිරිසක් රැස්වෙන තැනක් හෝ වැඩක් නම් එතැන නිකුලස් සිටී..මා කලින් සිතා සිටියේ නිකුලස් සීයා චිත්‍රපටි සාලාවට එන්නේ එහි තිරගත වන වැඩිහිටි සිනමාපට නැරඹිටමට යැයි කියාය..එහෙත් දිනක් සිදුවූ සිදුවීමකි න් මගේ මතය වැරදි බව තේරුනි.තිරයේ උද්වේගකර ලිංගික ජවනික‍ාවක් ඇරඹනාවාත් සමඟම හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය..සියල්ලෝ එහෙ මෙහෙ බලති..එකෙක් විසිල් ගසයි අනෙකා සූ දමයි..එහෙත් මා සමීපයේම සිටි නිකුලස් සීයා තවමත් තිරය දෙස බලා සිටි..ස්වල්ප වේලාවක් බාහිර විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක වී යලි සිනමා පටය පේන තෙක්ම සීයා තිරය දෙස බලා සිටි අතර ඔහුට මේ චිත්‍රපටය නැවතුනා කියා විසේස වධයක් නොවීය..රුපියල් 50ක් දීල ඇවිත් නිකම් උඩබලගෙන ඉන්නේ ඇයිදැයි මා හට නම් සිතාගත නොහැකි විය.
                   මා නිකුලස් සීයා මෙසේ කලාබර හෙවත් කලාවට බර එහෙත් කිසිවක් රස විඳින සෙයක් නොපෙන්වන සිද්ධියට හේතු සොයන්නට විය.මට නිකුලස් සීයා වසන ගෙදර වැඩකරන කෙල්ල දිනක් පාරේ යනවිට හමුවිය..ඇය පොල් ගෙනඒමට පොල් කඩේට යන්නේ මා ගෙදර යන පාරේමය..මා සිතා සිටියේ දෙමල කෙල්ලක වූ ඈ මා හා කතා නොකරාවිය කියාය..එහෙත් ඔයා ඉන්නෙ නිකුලස් සීයලයි ගෙදර නේද කියල ඇහුවහම ඒ කෙල්ල ඔව් මාතියා මොකද යැයි ඇසීය..ඇය ආඩම්බර කාරියක් නොවීය..”සීය ඔය වැඩ කරගෙන ගෙදරට වෙල ඉන්නව ඔන්න ඉරිද 3ට විතර කැර කර හිටිය වැඩක් උනත් මග දාල දුවනව මට වැඩක් තියෙනව කියල..මම හිතන්නෙ ඔක්කොම දන්නව නේ ඉරිදට ලොකු මාතිය නෑකියල..දවසක් අර චූටි බබා කෙනා අඬනව මාතිය නලෝනව නලෝ නලෝ ඉන්න අතර මට කතා කොරල රාධි මේ ලමය ගන්න ඉක්මනට මට යන්න තියනව කියල ආව..මම හිතන්නෙ එදාත් ‍ෙමාකක්හරිවැඩකට එන්න අැත්තෙ..ඔය මාතිය කාටවත් කියන් එපා ලොකු මාත්තියට ගොඩ වැඩ දෙනව ඒ නෝන මාතියය් අර අසන්ත මාතියයි..මං හිතන්නෙ ඒකෙන් බේරිලා ඉන්නවෙන් ඇති ඔය යන්නෙ” යැයි රාධිකා නම් වූ නිකුලස් සියා සිටි ගෙදර කෙල්ල පැවසුවාය..
                       මා ඉන්පසු දිනෙක චිත්‍රපටියේ විවේක වෙලාවක නිකුලස් සීයා හමු වීමි..මා සිතුවාට වඩා ඔහු හොඳ කෙනෙක් විය..මගෙන් විස්තර අසා පසුව ඉගෙන ගැනීම් ගැනත් කීය.එකල තිබු පාසැල් ගැනත් රස කතා කියන මට්ටමට අපි දෙදනා දින කීපයක් ඇතුලත මිත්‍ර උනෙමු..මා දින කීපයක්ම මෙසේ කලා සහ සිනමා වැඩ වලට පැමිණීමට සුලු හේතුවක් ඇතිදයි ප්‍රස්න කලත් පිලිතුරු නොවීය..මා එක විටෙක “ සීයට ගෙදර හරියට වැඩ නේ..මේ ෆිල්ම් එක බලන වෙලා ව විතරයි ඇත්තෙ නිකම් “ යැයි කීය..ඔහු හහ් හහ් හහ් යැයි සිනාසුනි..ඉන්පසු ඔය තියෙන්නෙ ලස්සන හේතුවක්..එකත් හොඳයි හැම දේටම හේතුවක් තියෙන්නත් එපැයි..මටත් දැන් වෙන කෙනෙක් ඇහුවොත් දෙන්න හේතුවක් තියෙනව..මා ඉන්පසු කිසි දිනක ඔහු ඒමට හේතු හොයන්න නොගිය අතර දිනක් පුතා අර බාර් එකට ළඟ දැකල තියෙනවද හවසට..මිනිස්සු..හැමදාම එන අයත් එනව..ඒ අය හිතනව ඒකෙන් හිත ගත රත්වෙල පස්සෙ ඒකෙන දුක නිවෙනව කියල..අර පාක් එකට දුවන අය දැකල තියෙනවද..ඒ අය හිතනව දිව්ව ම ඇඟ නිවෙනව කියල ...අර පන්සල් යන්නෙපෝයට අපෙ උපාසක හාමිනෙල ටික...ඒ අය හිතනව පන්සල් ආවම සසර නිවෙනව කියල..සමහර විට මමත් හිතනව ඇති මේ විච්චූරන තැනට ආවම සැනසීමක් ලැබෙනව කියල ..සැනසීම නොලැබුනත් කට්ටිය ලැබෙන තැනක් කියල පිලිගන්නවනෙ...ඒ කම මැදෑ....හෙහ් හෙහ් හෙහ් හෙහ්...ඔහු සිනාසෙයි..ඔහුට පරදින්නට බිය නිසා මාද සිනාසුනි..

Tuesday, July 19, 2011

උසස් පෙළට A-3 ගෙන කැම්පස් යන ඇල්බට් අයින්ස්ටයින්..


මා මීට වසර ගානකට පෙර කල කුජීත රැකියාවක් මගේ මතකයට එයි.එකල අපි එදිනෙදා ජීවිතය ගත කිරීමට නොයෙක් විදියේ රැකියා සෙවූහ..සාමාන්‍ය නිදහස් අධ්‍යාපනයේ රැස් මත අපිට උසස් අධ්‍යාපනය හැදෑරීමට වරම් ලැබුනත් කොලඹ සිට කිලෝමීටර සීයකට එහා වූ අප බහුතරයට, සෙනසුරාදා ඉරිදා හැම දිනම ගෙදර යෑම සිහිනයක් විය..එහෙත් බොහෝ දෙනා ගෙදර ගියෝය..අප කිහිප දෙනෙකු හොස්ටල් එකේ නතර වෙයි..කල් ගෙවීමටත් කිසියම් ජීවිකාව පිණිස කීයක් හෝ හොයා ගැනීමටත් අප කරන්ට යෙදුනු රැකියා කීපයක් විය.එයින් එකකි අත් පත්‍රිකා බෙදීම.ගම්පහ ප්‍රදේශයේ තරමක් ඇතට වන්නට පිහිටි ප්‍රකට විද්‍යාලයයකි.මම සහ තවත් යාලුවෝ කීප දෙනෙක්ම විය..අපව හොස්ටල් එක අසලින්ම රැගෙන යෑමට වාහනයක්ද වෙයි..ඉන්පසු ලාහෙන් ගෙම්බන් බස්සනවා මෙන් කීප දෙනෙකු එක තැන බස්වයි. ළමයි අඩු ඉස්කෝල ළඟ බස්සන්නේ එකෙකි..මාද සාමාන්‍ය පෙළ ගණිතය පැවති දිනෙක මෙසේ හෑන්ඩ් බිල බෙදමින් සිටියෙමි..එය බිල් එකක් යයි කීම වැරදිය..සාමාන්‍ය ඒ ‍4 කොලයක් තරමේ කොල කීපයක් ඇති පොතකි මට බෙදන්ට තිබුනේ..ඒ පොත උසස් පෙළ ගුරුවරයෙකුගේ විස්තර සහ උපදේස පම්පෝරි පිරුණ එකක් විය.එහි මුල කවරයේ සිටියේ මා මේ ලියන්නට තනන ලි‍පියේ කථා නායකයා වන ඇල්බට් මහතාගේ පින්තූරයකි.3ක් ගෙන කැම්පස් යන දක්ශ ලමයි සිය ගුරා ගැන කරන පම්පෝරි නොයෙක් කයි කතන්දර සහ අයින්ස්ටයින් සහ විද්‍යාඥයින් කීප දෙනකු කල දේ ගැන විස්තර එහි අන්තර්ගත විය..එක් ගුරු දෙපලක් පැමිණ මගෙන් පොතක් රැගෙන සිය මේට් වැනි කුඩා මෝටර සයිකලයක නැගී යන්නට විය. මීටර සීයක් යන්නට මත්තෙන් මෝටර සයිකලය නවතා ආපසු පැමීනිනු ඒ  ගුරු යුවල විසින් මගෙන් ඉල්ලීමක් කරන ලදී..අයින්ස්ටයින් ගැලීලියෝ වැනි විද්වතුන් ගැන තිබු මුල් පිටුවේ තිබු කරුණු කියවු ඒ දෙපලට සිය පුස්ථකාලයට ඇතුලත් කිරීමට මේ පොත් කීපයක් උවමනා විය..දෙපසම අලංකාර වර්ණ 4ක් ඔප කඩදාසියේ මුද්‍රනය කර ආකර්ශනීයව තිබූ නිසා ඔවුන් එසේ ඉල්ලන්නට ඇත..මාගේ අතින් පයින් නොයන සද්ක්‍රියාවක් වූ හෙයින් මා පිටපත් කීපයක්ම දුනිමි.
ඒ පොත වැනි දැන්වීම කියවන ලද අයින්ස්ටයින් ගැන නොදන්නා සිසුන් සිතන්නට ඇත්තේ අයින්ස්ටයින්ද ඒ 3ක් ගෙන කැම්පස් යන්නට ඇති බවය..කෙනෙක් මෙය අතිශයෝක්තියක් ලෙස දකින්නට පුලුවන..එහෙත් එවකට විද්‍යාව හෝ වෙනත් කිසිම පාසැල් පොතක ඇල්බට් අයින්ස්ටයින් ගැන සඳහනක් නොවිය.දාස් ගානකට නැතත් යම් කිසි පිරිසකට ඉගැන්වීමේ පලපුරුද්ද ඇති මා රූපවාහි‍නියේ නොදකින..පත්තරවල පට්ට නොගසන..නිතර ඇහෙන්නට නැති අයින්ස්ටයින් වැන්නන් ගැන නොදන්නා සාමාන්‍ය පෙළ ලමුන් අර්ධ නාගරික සහ ගම්බද පාසැල් වල සිටීම අරුමයක් නම් නොවන බව දනිමි.

අයින්ස්ටයින් ඒ 3ක් ගෙන කැම්පස් ගියාද?
අයින්ස්ටයින්ගේ පියාගේ ව්‍යාපාර හදිසියේ බංකොලොත් වීම නිසා අයින්ස්ටයින්ට හදිසියේ වෙනස් වන්නට විය..එය නැවතුනේ එතෙක් ජර්මනියේ සිටි අයින්ස්ටයින්ට ස්විට්සර්ලන්තය කරා සංක්‍රමනය වීමට සිදුවීමෙනි..එවිට අයින්ස්ටයින්ට වයස අවුරුදු 16ක් වූ අතර එය 1895 අවුරුද්දයි. මින් පෙර අයින්ස්ටයින් විසින් කරන්නට යෙදුන කිසිදු අධ්‍යාපනික කටයුත්තක් සම්පූරණයෙන් සාර්ථක කර නොගෙන සිටි නිසා අයින්ස්ටයින් හට පාසැලක් සෙවීම අපහසු කරුනක් විය..එවකට ස්විට්සර්ලන්තයේ සූරිච් බහු තාක්ශනායතනය හැර බොහෝ උසස් පාසැල් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සඳහා ඩිප්ලෝමා සහතිකයක්වත් අවැසි විය.‍එහෙත් අයින්ස්ටයින් සතුව එවැන්නක් නොමැති වූ නිසා අයින්ස්ටයින්ට සිදු වූයේ සූරිච් බහු තාක්ශන ආයතනයට ඇතුලත් වීමේ විභාගය ලිවීමටයි..දර්ශනය ගණිතය.භෞතික විද්‍යාව ගැන බොහෝ දේ දැනගෙන සිටියත් වෙනත් විශයයන් වලට දුර්වල සිසුවෙකු වූ අයින්ස්ටයින් සිය ඇතුලත් වීමේ විභාගයද සිරිත් පරිදි ෆේල් කරගනි.එහෙත් ගණිතය සම්බන්ධයෙන් දැක්වූ අසාමාන්‍ය කුසලතා විශේෂයෙන් සලකා බැලූ විදුහල් පතිතුමා විසින් මීලඟ වසර සඳහා විභාගය ලිවීමට අවස්ථාවක් දී එයින් සමත් වූ පසු  අයින්ස්ටයින් සිය විදුහලට බඳවාගනු ලැබේ..

අයින්ස්ටයින් දක්ශ කීකරු ගෝලයෙක්ද??
අයින්ස්ටයින් පාසැල් කාලයේ සිටම විභාග අප්‍රිය කල පුද්ගලයෙකි..බහු තාක්ශන ආයතනයේදීද අයින්ස්ටයින් විශාල ලකුනු වලින් සමත් වූවෙකු නොවේ..බහු තාක්ශන ආයතනයේ ආචාරවරුන්ගෙන් අතොරක් නැතිව ප්‍රශ්ණ ඇසීමට යාම නිසා අයින්ස්ටයින් යනු ඔවුන්ටද ප්‍රශ්නයක් වූ කෙනෙකි.මෙය අයින්ස්ටයින්ට සිය අවසන් උපාධි පරීක්ශනයටද නරක ලෙස බලපායි..එවකටද විවිධ ආකාරයේ මත ඉදිරිපත් කරමින් එවක තිබූ භෞතික විද්‍යාව කනපිට හෙරලීමේ මුල් පියවර තැබූ අයින්ස්ටයින්ට අවසාන උපාධි විභාගයෙන් ඉහලින් සමත් වීමට අහිතකර ලෙස එය බලපෑවේය..අයින්ස්ටයින් විසින් ගෙනගිය හිතුවක්කාර ස්වරූපය විභාග පිළිතුරු පත්වල තිබීම..අයින්ස්ටයින්ගේ ප්‍රශ්ණ කිරීම්වල දී ගුරුවරු අපහසුතාවයකට පත්වීම මෙසේ සාමාන්‍ය සාමාර්ථයකින් අයින්ස්ටයින් සමත් වීමට හේතු විය..අවසානයේ වෙනත් අයින්ස්ටයින්ගේ මිතුරන් සහායක කථිකාචාර්ය වරුන් වෙද්දී ප්‍රශ්න අසමින් නව මානයන් සෙවීමට උත්සාහ කල අයින්ස්ටයින් රැකියා සොයන්නෙක් වෙයි..

ජැක් එකකින් ජොබ් එකට පනින අයින්ස්ටයින්...
අයින්ස්ටයින්ද වර්ථමාන තරුණ පරපුර මෙන් විශ්ව විද්‍යාලයෙන් පිටව රැකියා සෙවීමට මහත් වෙහෙසක් ගනී.නමුත් අවාසනාවට මෙන් ඔහුට කලක් ගතවන තුරු නිසි රැකියාවක් ලැබෙන්නේ නැත..1900 ලෙස පොදුවේ පිළිගනු ලැබුවත් ඇත්තටම අයින්ස්ටයින් සිය ස්ථිර මුල්ම රැකියාව වන පේටන්ට් කාර්යාලයේ රැකියාවට යන්නේ 1902.06.23 වෙනිදාය.එවක අයින්ස්ටයින්ගේ මිතුරකු වූ මාර්සේල්ස් ග්‍රොස්මාන් ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකි..අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ 3 වන පංතියේ සේවකයෙකු ලෙස බැ‍ෙඳෙන්නේ ග්‍රොස්මාන්ගේ පියා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි..‍බොහෝ අය සියලු අධ්‍යාපන කටයුතු සිය පලමු රැකියාවෙන් පසු වෙනස් මාවත් වල රැගෙන යති..උසස් දේ ඉගනීම සඳහා යොදවති..අයින්ස්ටයින් තට්ටු නිවාසයක කුලී ගෙයක දරුවන් සමඟ(ඔවුන් ද නිරෝගි දරුවන් නොවීය) සිටිද්දී ත් ඉගනුම හා පරීක්ශන නැවැත්වූයේ නැත..

අයින්ස්ටයින්ගේ ප්‍රේම ජවනිකාව..
අයින්ස්ටයින් සාමාන්‍ය ගණිතයට දක්ශයෙක් වුවත් නව ‍සොයාගැනීම් වලට අවැසි උසස් සංකීර්ණ වූ ගණිතයට එතරම් ම දක්ශයෙකු නොවීය.ඒ අඩුව තාක්ශන ආයතනය තුලදී පුරවන්නේ මිලීවා මාර්ක් නැමැති සර්බියානු කාන්තාව විසිනි.ඔවුන් ගේ සම්බන්ධය 1897-98 කාලයේ ඇති වන්නට ඇති බව බහුතර මතයයි.ඇය සමඟ පෙමින් වෙලෙන අයින්ස්ටයින් 1903.01.06 දින විවා‍හ වෙයි..නමුත් විවාහයට පෙරත් අයින්ස්ටයින් හා මිලීවා එකට සිටියෝය..අයින්ස්ටයින්ට සිය ප්‍රථම පුත්‍රයාට අමතරව ඊට පෙර දියනියක් සිටි බවත් ඇය පෝෂන ඌනතාවයන් හේතුවෙන් මාස ගනනක් තුල මියගිය බවත් සොයාගනු ලැබූයේ 1990 දශකයේ තරම් මෑතකදීය.කෙසේ වෙතත් දරුවන් සහිත අයින්ස්ටයින්ට ආර්ථික දුශ්කරතා වසා ගැනීමට තවත් රැකියාවක් කරන්නටද සිදු විය..එහෙත් අරුමය එය නොවේ.. එතෙක් අපහසුතා මැද ඔහු විසින් 1905 දී සිය ප්‍රථම පෙරළිකාර මතය ලොවට ඉදිරිපත් කිරීමයි..පසුකාලීනව අධික ලෙස කාර්යබහුල අයෙකු වූ අයින්ස්ටයින්ට සිය පවුල ගැන බලන්නටවත් කාලයක් නොවීය..එක් දිනයක් තුල කිලෝමීටර සිය ගානක් දුරින් ස්ථාන 2- 3 ක දේශන කිරීමට තරම් අයින්ස්ටයින් කාර්යබහුල විය.එය අයින්ස්ටයින්ගේ විවාහ දිවිය දෙදරා යාමට තරම් හේතු විය..

අයින්ස්ටයින් සොයාගත්තේ කුමක්ද??
අයින්ස්ටයින් දැනටත් විසිවන සියවසේ මහා විද්‍යඥයා ලෙසවිරුදාවලි ලබා ඇත..එහෙත් අයින්ස්ටයින්විසින් සොයාගනු ලැබුවේ කුමන දෙයක්දැයි අවබෝධ කරගැනීමට තරමේ සමත්කමක් ඇත්තේ මුලු ලෝක ජනගහනයෙන්ම සියයට එකකටත් අඩු පිරිසකි.අයිනිස්ටයින්ගෙන් වරක් ඔහු සොයාගත්තේ කුමක්දැයි සරලව විස්තර කරන්නැයි මාධ්‍යවේදින් ඉල්ලූ විට අයින්ස්ටයින් පිළිතුරු දුන්නේ ලෝකයේ සියල්ලම නැති උවත් අවකාශය හා කාලය තිබේද නැද්ද?? බොහෝ අය සිතනු ඇත්තේ අවකාශයත් කාලයත් පැවතිය හැකි ලෙසය..නමුත් ඒදෙකම සියල්ල අවසන් වී පසු නොපවතින්නේ යැයි අයින්ස්ටයින් විසින් සඳහන් කරන ලදී..සාපේක්ශතාවාදය ලෙස හඳුන්වන සංකල්පය අයින්ස්ටයින් මුලින්ම සොයා ගනු ලබන්නේ 1905 දීය..එවකට පේටන්ට් කන්තෝරුව සාමාන්‍ය සේවකයකු වූ අයින්ස්ටයින් හට මෙය ලෝකය අතරට ගෙනයෑමට කලක් ගතවිය..අයින්ස්ටයින් විසින් 1905 දි විද්‍යා සඟරාවකට කිසිදු අධෝ ලිපියක් ඇමිණුමක් රහිතව ලියන ලද වචන 9000ක ලිපිය අයින්ස්ටයින් පිළිබඳව ලෝක අවධානය යොමු වීමට සමත් විය..පදාර්ථයේ ඇති කිරණමය ස්වභාවය විස්තර කිරීමේ ලා අයින්ස්ටයින් විසින් විසාල මෙහෙවරක් කරන ලදී..කුඩා ස්කන්ධයක උව එය ආලෝක ප්‍රවේගයේ වර්ගයෙන් ගුණ කල විට ලැබෙන තරම් අසීමිත ශක්තියක් ඇතිබවට මුලින්ම අනාවරන කරන ලද්දේ අයින්ස්ටයින් විසිනි..‍එතෙක් පැවති නි‍ව්ටෝනිය භෞතික විද්‍යාව නව මානයක ගමන් කරවිමට අයින්ස්ටයන් දායක විය..එය කෙසේ ද යන්න මෙවන් ලිපියක මා වැනි අඩු සීමිත දැනුමක් ඇති අයෙකු විස්තර කිරීම බුදුදහම ගැන අසා පමණක් ඇති අන්‍යාගමිකයෙකු නිවන විස්තර කරන්ට දඟලනවා වැනි අනුචිත ක්‍රියාවෙකි..දැනට නැතත් පසුකලෙක අපේ භාෂාවෙන් ලියන විද්වත් පිරිස වැඩිවෙන කලක පහසු උදාහරණ සහිතව අපිට තේරෙන අයුරින් සාපේක්‍ශතාවාදය විස්තර කෙරෙනු ඇත එතෙක් අප ඉවසමු..

අපි ඉස්කෝල පොතක හෝ වෙනත් ලිපියක නම් චරිත කතාවක් අවසාන වන්නේ ලබාගත හැකි ආදර්ශ යන පටු තීරයෙන්ය..එහෙත් අයින්ස්ටයන් යනු සාමාන්‍ය මිනිසෙකි ඔහුට පවා වැරදුන තැන් තිබේ..අයින්ස්ටයින් පොත්වල සහ බොහෝ තැන්වල ඇති පරිදි කිසිදිනක ආඩම්බර මහා විද්‍යාඥයකු වීමට ගියේ නැත.සරල දිවියක් ගතකල චාම් විදියට ජීවත් වුන මනුශ්‍යයෙකි..අපිට අයින්ස්ටයින්ගේ සම්පූර්ණ දිවිය නම් වූ දෙය ලබ‍ා දෙන්නේ රසවත් කතාය..ඔහු විහිලු කරුවකු නොවුනත් ඔහුට තිබු අමතක වීමේ රෝගය ඔහු විහිලු සපයන්නෙක් බවට පත්කර තිබෙනු මා පත්තර සහ වෙබ් අඩවි වල දැක ඇත..ඉගනීම යනු සහතික පිටුපස හඹා යෑම නොවේ..ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට විදීමක්ද නොවේ..සැහැල්ලු ලෙස ඉගනීමේ යෙදීම පරීක්ශන ඇසුරෙන් නිගමනවලට එලඹීම.. විවෘත මනසකින් සෑම දේම පිළිගැනීම..තමා සතු යම් යම් දේ සම්බන්ධ ව වූ මුරන්ඩු කම මා කියවා ඇති විද්‍යාඥයින් බහුතරය තුල මා දැක ඇති ගති කීපයකි..සාමාන්‍ය දිවියේ උව සමාජියව අපිට අවැසි වන්නේ පොත් බලාගෙන කටපාඩමින් වැඩකරන පිරිසක් ‍නොවේ..දියුනු කරගත් ඥානය රිසිලෙස යොදාගන්නා පිරිසකි..මේ විභාග සහ ඉලක්ක ගත අපේ වත්මන් රටාව අයින්ස්ටයින්ලා තබා කුඩා නිපැයුම්කරුවෙක් නිර්මාණකරුවෙක්වත් නිපැයීමට සමත්ද??