කාන්තාවො පමණක් නෙමෙයි දැන් දැන් පිරිමිත් හරිම සෝබන කරන්න පටන් අරන් තියෙන බවක් පේන්න තියෙනව..හින්දි ෆිල්ම් එකක යන ෆැෂන් එකක් කොළඹටත් කලින් ලුනුගම්වෙහෙර,කහටගස්දිගිලිය,සියඹලාන්ඩුව අරගන්නව අදකාලෙ..ඉතින් ඔය ඉන්න එහෙමත් කෙනෙක් ඉඳල හිටල සල්ලිය බාගෙ පහලවෙල කොළඹ එනව..ඇවිත් ඉන්ටනෙට් එකෙන් හරි ෆිල්ම් වලින් හරි ටෙලි නාට්ටි වලින් හරි බලල කොළඹවත් නැති කොළඹ ෆැෂන් එකකට සෙට් වෙනව..එහෙ මෙහෙ ඉඳන් කොළඹ ආපු අය රැස්වෙන තැනකයි කොළඹම ඉපදුන අය රැස්වෙන තැනකයි ලොකු වෙනසක් දකින්න පුලුවනි..මෙතනදි අලුතින් එන අයට අපහාස කරනව නෙමෙයි මේ කියන‍්නෙ මහා ලොකුවට අපි මොඩර්‍න් වෙන්න දඟලන එකේ තියෙන නිසරුකම අවබෝධ කරගන්න එක තමා වෙන්න ඕනි..මේ තියෙන්නෙ ඉස්සර කාලෙ එක බිසොවක් තව පොඩියෙන් කට වරදා ගැනීම නිසා කරගන්ට ගියෙ මහා විපත්තියක් ගැන කතාවක්..
බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමා රාජ්‍ය කරන කාලෙ මේ රජතුමාගෙ මාලිගේ ඉදිරිපිටින් යනව දෙබර කියන කන ගෙඩි ජාතිය විකුනන දෙන්නෙක්..එක්කෙනෙක් ලස්සන ගෑනු කෙනෙක් අනික් එක්කෙනා ඒ ගෑනු ලමයගෙ තාත්ත..මේ තාත්තතයි දුවය් දෙන්නම දුක්බර විදිහට දෙබර පැස වල් හිස මත තියන් දෙබර විකුනමින් යනව..සී මැදුරු කවුලුවෙන් අවට බලන බරනැස් රජට මේ දෙබර විකුනන පියා සහ දුව පේනව..රජමාලිගෙ තට්ටු කීපෙකට තිබුන නිසා සඳලුතලේ ඉඳන් බැලුවම බෝම දුර පේනව..ඉතින් බැලු බැල්මට මේ යන ගෑනු ලමය නම් හරිම ලස්සනයි..තවදුරටත් විමසන්න කියල රජතුමා රාජපුරුෂයො යොදවනව පරීක්ෂා කරල බලන්න..දෙබර ගැන බලන්න නෙමෙයි..මේ ලක්ෂන යුවතිය පිළිබඳ සොයන්න..සොයා බැලීමෙන් අනතුරුව කිසිදු විවාහ ගිවිසගැනීමක් හෝ වෙනත් කිසි අවුලක් නැති කෙනෙක් නිසා..එවෙලෙම රජතුමා අතපැන් වත්කරල මේ දෙබර විකුනමින් ගිය යුවතිය අගබිසව කරගන්නව..සාමාන්‍යයෙන් රජතුමාට ඉහලින් නීතියක් නෑ රටක ඒ නිසා එවෙලෙම බොහොම හදිසි නීතියකින් මේ දෙන්න විවාපත් වෙනව...නුවනැති කාන්තාවක් උන මේ යුවතිය බිසොවුන් නාන්සෙ කෙනෙක් විදියට තමුන්ගෙ වැඩ කරගෙන රජතුමා සමඟ සාමයෙන් කෙලිදෙලෙන් කාලය ගතකරමින් සිටිය..
දවසක් මේ හොඳින් ඉදුනු රතුපාට දෙබර ගෙඩි රජතුමා රන්තලියක බහා එකින් එක ගෙන සෙල්ලම් කරමින් මෙන් කමින් ඉන්නව..මේ තැනට අපි අර කලින් කියපු බිසොවුන් නාන්සෙ එනව..ඇවිත් රජ දෙස බලා අහනව “මහරජ මේ රන්තලියේ බහා අනුභව කරමින් සිටින්නේ කිනම් ගෙඩි වර්ගයක්ද??”රජතුමා ගෙ තිබුන හිනාමුසු මූන ටිකක් විතර වෙනස් වුනා රජට අතීතය මතක් වුනා..රජතුමා කිසිදු ප්‍රතිචාරයක් නැතිව කරබාගෙනම දෙබර කමින් හිටිය..
යලිත් ස්වල්ප ඇසිල්ලෙකින් රජ අසල වෙලෙමින් බිසොව..”කියන්න අනේ මේ මොනාද මේ රන්තලියෙ තියන් එකින් එක කන්නෙ”
රජතුමාගෙ රතුකට්ට පැන්න වහා බිසොව ඉවතට තල්ලු කරල..ඈ බොල සැතිරිය තෝත් තොපේ මහ එකාත් හිස මත තිබාගෙන දෙබර....දෙබර.. කියල කෑ ගහ ගහ විකුන විකුන ගිය ඒව දැන් මතක නෑ..මහ වාසලට ගන්නවත් බැරිතරම් පාංකඩ වුන රෙදි කෑලි ඇඳන් වැල් පෙට්ටියක දෙබර දාගන පාරක් පාරක් ගානෙ මේව විකුනපු උඹල, මේ තැන්වල තියපු මගෙන් උඹ අහනව මේ මොනාද ගෙඩි කියල..ඇයි උඹට මේ රන්තලියෙ තිබ්බහම මේව වෙන මොකක් හරි වාගෙ පේනවද??කියල ඒවන විටත් හඬමින් සිටි බිසොවට පහර කීපයකුත් ගහන්න හිතුවත් ආයෙම හිතල වහාමතමන් පාලනය කරගෙන වහාම එවෙලෙම මාලිගයෙන් පිටවෙලා යන්න කියල අණ කරනව..බිසවට..
මේ අතර මේ සම්පූරණ කතාවම නැතත් කීපයක් අහගෙන හිටපු පුරෝහිත තුමාට කතාව මීටර් වෙනව..එතුමා ගොඩක් ඇසූපිරු තැන් ඇති කෙනෙක්..ගිහින් රජතුමා ළඟට ගිහින් වෙන කතාවක් දාන ගමන් කියනව “මහරජ ස්ත්‍රින් වනාහි ලාමක සිත් ඇත්තියෝය..ඔවුන් විවිධ කාරනා හේතුයෙන් විවිධ රංගනයන්ගෙන් සිය බොළඳ ගති කෙලිලොල් ගති විදහා දැක්වීමට ආසා කෙරෙති..විටෙක අප හට ඒ ඉතා අණුවන කමක් මෝහ සහගත දෙයැක් ලෙස පෙනුනත් ස්ත්‍රී නුවණ ඔබ වහන්සේ වැනි උත්තමයෙකුගේ තරම් නොවැඩී ඇත..ඔබ වහන්සේ යම් සමාවක් දෙතොත් මේ බිසෝ තෙමේ ඉවසා වදාරා මින්පසු මෙවන් පසු කල් විස්තර මතක තබාගනු ඇතැයි මා සිතමි..එක් සුලු වරදටත් මෙතෙක් කල් ඔබ සමඟ යෙහෙන් සිටි බිසොවුන් නාන්සේ මාලිගයෙන් එලවීම සුදුසු නොවේ “ කියල කතාව ෂේප් කරල බිසොවුන් නාන්සෙ යලි මාලිගයේ වසන්ට කියල රාජ අණ නිකුත් කරගන්නව..
මෙතන පුරෝහිත නම් මහා බෝසතානන් වහන්සේය..
මහරජ හා බිසොව නම් කොසොල් රජ සහ මල්ලිකා බිසොවුන් නාන්සේය..
උදෑසන ලොව බලන බුදුන් වහන්සේට කොසොල් රජකිසියම් අමනාපයකින් සිටින බවත් ඒ නම් මල්ලිකා බිසොව සමඟ ඇතිකරගත් අමනාපයක් බවත් පේනව...ඒකරුන නිසාම කොසොල් රජට පිහිටවීමේ මහා කරුනාවෙන් බුදුන් වහන්සේ පන්සියයක් භික්ෂුන් සමඟ දනට වඩිනව කොසොල් රාජ මාලිගයට..වැඩිය බුදුන් වහන්සේ දන් දී හමාර වීත් නොපෙනෙන්නට සිටි මල්ලිකා බිසොව ගැන විමසනව..ඇයි ස්වාමිනි කිසියම් මදිපාඩුවෙක් හෝ යමෙක් අවැසිනම් පවසන්න බිසොවුන් නැතුවාට මේ අනේක් අයෙක් ලවුවා මා ඔබ වහන්සේට ඒ සලසන්නම් යැයි කොසොල් රජ ශේ ප් උත්තරයක් දුන්නා..නමුත් බුදුන් වහන්නේ යලිත් ඇයවම අසා දෙදෙනාම හිඳුවා භේද නම් පෙර ජාතියෙහි ත් ඔවුන් දෙදෙනා අතර පැවති බවත් ඒවාටද බෝසතානන් වහන්සේ ලෙස තමන් වහන්සේ මැදිහත් වූබවත් ස්වල්පයක් ප්‍රකාශ කොට නැවැත්වුවත් පසුව කොසොල් රජ හා බිසොවගේ ආරාධනයෙන් මුලු පුවතම පවසා අනතුරුව චතුරාර්ය සත්‍ය සම්බන්ධ දේශනා පවත්වා මේ දෙදෙනා සමඟි කිරිමත් බෝ අයට දෙලෝ සැප ඇතිකිරීමත් යන කාරනා දෙකම මනා සේ ඉටුකොට යලි විහාරයට වැඩි සේක..
අද පමණක් නොව එදාත් මෙසේ වු බැව් අපිට මේ කතාවෙන් දැනගන්න පුලුවනි..මේක පන්සිය පනස් ජාතක පොතේ තියෙන කතාවක්..ඒක ලියපු හිමිවරු දැන් ජීවතුන් අතර නැතිනිසාද ඒ පරම්පරාවේද කිසිවෙකු නැති නිසාද පන්සිය පනස් ජාතකය එක් කතුවරයෙකු විසින්ම ලියා ඇතිද වෙනත් අය සම්බන්ධ නම් ඒ කවුද කියන ප්‍රස්නය මේ දවස වන විටත් පවතින නිසාද..කිසිවෙකුගේ අවසරයකින් තොරව නැවත ලියන ලදී...
බිසෝවරු එහෙම හැසිරුණත් කමක් නෑ උන් බිසෝවරුනෙ. ඒත් මේ අනෙක් එවුන්...?
ReplyDelete//ඒවන විටත් හඬමින් සිටි බිසොවට පහර කීපයකුත් ගහන්න හිතුවත් ආයෙම හිතල වහාමතමන් පාලනය කරගෙන වහාම එවෙලෙම මාලිගයෙන් පිටවෙලා........//
ReplyDeleteමරු....මරු.... :D
ස්තූතිය් ඔබට..
ReplyDeleteකාලෙකට පස්සෙ ඔය කතාව අහන්න ලැබුනෙ. මාත් සමඟ O/L සහ A/L කරපු කැළණිය විශ්ව විද්‍යාලයටත් ගිය යෙහෙළියක් අද මෙහෙ ඉන්නවා. ඉස්සර කාලය සහමුලින් අමතකයි. මෑතක සිට මහාචාර්යවරිය ලංකාවෙන් පැමිණි බවත් කීම නවතලා දැන් මෙහෙ උපන්නා වගෙ ඉන්නෙ ...මෙහෙ අනිත් ඉන්න යෙහෙළියන් දෙන්නා සමඟ මමත් දැන් කතාබහ හිමින් හිමින් නවතලා. අපි කොහොම ද බොරු කියන්නෙ ලංකාවෙන් ආවේ නැහැ කියලා?!!!
ReplyDeleteඔයාගේ කතාවේ මුල විධියට කොළබ ඉන්නේ සිරා පොරවල්,ගමේ ඉන්නේ කිසිම දෙයක් නොදන්නා තැනට නොගැලපෙන විධියට හැසිරෙන මෝඩයෝ.ඉතින් අපි වගේ මෝඩයන්ට කියල දෙනවද දෙබර කියන පලතුරු මොනවාද කියල.
ReplyDeleteමම දන්නෙත් නෑ දෙබර කියන්නෙ මොනාද කියල..
ReplyDeleteපට්ට විදියට කටු තියෙන ගහක හැදෙනව ජිල් බෝල වලට පොඩ්ඩක් පොඩි සයිස් ගෙඩි ජාතියක්..ඒක වෙන්න ඇති..පන්සිය පනස් ජාතක පොත ලියල තියෙන්නෙ දඹදෙනි යුගයෙ ඒ කාලෙ තිබුනෙ ඒ දෙබරමද දන්නෑ.මේ...
අනේ බන් අපි නොදන්න කොළඹ පොරවල්..
වලියක් නම් හෙමීට සේප්..ගමේ උන් නම් සෙට් වෙලා දුවන්න හරි එකට ඉන්නව ..
කොළඹ උන් වලි වෙලාවට වාෂ්ප වෙනව..හිතන්න බැරි ඉක්මනින්...
maru maru maru.....
ReplyDeleteමෙතැන දෙබර ඇට සහ ගහ ගැන කිව්වට ගෙඩි ගැන කියා නැහැ.
ReplyDeletehttp://perambara.org/featured/2009/08/gothamigama