මා මීට වසර ගානකට පෙර කල කුජීත රැකියාවක් මගේ මතකයට එයි.එකල අපි එදිනෙදා ජීවිතය ගත කිරීමට නොයෙක් විදියේ රැකියා සෙවූහ..සාමාන්‍ය නිදහස් අධ්‍යාපනයේ රැස් මත අපිට උසස් අධ්‍යාපනය හැදෑරීමට වරම් ලැබුනත් කොලඹ සිට කිලෝමීටර සීයකට එහා වූ අප බහුතරයට, සෙනසුරාදා ඉරිදා හැම දිනම ගෙදර යෑම සිහිනයක් විය..එහෙත් බොහෝ දෙනා ගෙදර ගියෝය..අප කිහිප දෙනෙකු හොස්ටල් එකේ නතර වෙයි..කල් ගෙවීමටත් කිසියම් ජීවිකාව පිණිස කීයක් හෝ හොයා ගැනීමටත් අප කරන්ට යෙදුනු රැකියා කීපයක් විය.එයින් එකකි අත් පත්‍රිකා බෙදීම.ගම්පහ ප්‍රදේශයේ තරමක් ඇතට වන්නට පිහිටි ප්‍රකට විද්‍යාලයයකි.මම සහ තවත් යාලුවෝ කීප දෙනෙක්ම විය..අපව හොස්ටල් එක අසලින්ම රැගෙන යෑමට වාහනයක්ද වෙයි..ඉන්පසු ලාහෙන් ගෙම්බන් බස්සනවා මෙන් කීප දෙනෙකු එක තැන බස්වයි. ළමයි අඩු ඉස්කෝල ළඟ බස්සන්නේ එකෙකි..මාද සාමාන්‍ය පෙළ ගණිතය පැවති දිනෙක මෙසේ හෑන්ඩ් බිල බෙදමින් සිටියෙමි..එය බිල් එකක් යයි කීම වැරදිය..සාමාන්‍ය ඒ 4 කොලයක් තරමේ කොල කීපයක් ඇති පොතකි මට බෙදන්ට තිබුනේ..ඒ පොත උසස් පෙළ ගුරුවරයෙකුගේ විස්තර සහ උපදේස පම්පෝරි පිරුණ එකක් විය.එහි මුල කවරයේ සිටියේ මා මේ ලියන්නට තනන ලිපියේ කථා නායකයා වන ඇල්බට් මහතාගේ පින්තූරයකි.ඒ 3ක් ගෙන කැම්පස් යන දක්ශ ලමයි සිය ගුරා ගැන කරන පම්පෝරි නොයෙක් කයි කතන්දර සහ අයින්ස්ටයින් සහ විද්‍යාඥයින් කීප දෙනකු කල දේ ගැන විස්තර එහි අන්තර්ගත විය..එක් ගුරු දෙපලක් පැමිණ මගෙන් පොතක් රැගෙන සිය මේට් වැනි කුඩා මෝටර සයිකලයක නැගී යන්නට විය. මීටර සීයක් යන්නට මත්තෙන් මෝටර සයිකලය නවතා ආපසු පැමීනිනු ඒ ගුරු යුවල විසින් මගෙන් ඉල්ලීමක් කරන ලදී..අයින්ස්ටයින් ගැලීලියෝ වැනි විද්වතුන් ගැන තිබු මුල් පිටුවේ තිබු කරුණු කියවු ඒ දෙපලට සිය පුස්ථකාලයට ඇතුලත් කිරීමට මේ පොත් කීපයක් උවමනා විය..දෙපසම අලංකාර වර්ණ 4ක් ඔප කඩදාසියේ මුද්‍රනය කර ආකර්ශනීයව තිබූ නිසා ඔවුන් එසේ ඉල්ලන්නට ඇත..මාගේ අතින් පයින් නොයන සද්ක්‍රියාවක් වූ හෙයින් මා පිටපත් කීපයක්ම දුනිමි.
ඒ පොත වැනි දැන්වීම කියවන ලද අයින්ස්ටයින් ගැන නොදන්නා සිසුන් සිතන්නට ඇත්තේ අයින්ස්ටයින්ද ඒ 3ක් ගෙන කැම්පස් යන්නට ඇති බවය..කෙනෙක් මෙය අතිශයෝක්තියක් ලෙස දකින්නට පුලුවන..එහෙත් එවකට විද්‍යාව හෝ වෙනත් කිසිම පාසැල් පොතක ඇල්බට් අයින්ස්ටයින් ගැන සඳහනක් නොවිය.දාස් ගානකට නැතත් යම් කිසි පිරිසකට ඉගැන්වීමේ පලපුරුද්ද ඇති මා රූපවාහිනියේ නොදකින..පත්තරවල පට්ට නොගසන..නිතර ඇහෙන්නට නැති අයින්ස්ටයින් වැන්නන් ගැන නොදන්නා සාමාන්‍ය පෙළ ලමුන් අර්ධ නාගරික සහ ගම්බද පාසැල් වල සිටීම අරුමයක් නම් නොවන බව දනිමි.
අයින්ස්ටයින් ඒ 3ක් ගෙන කැම්පස් ගියාද?
අයින්ස්ටයින්ගේ පියාගේ ව්‍යාපාර හදිසියේ බංකොලොත් වීම නිසා අයින්ස්ටයින්ට හදිසියේ වෙනස් වන්නට විය..එය නැවතුනේ එතෙක් ජර්මනියේ සිටි අයින්ස්ටයින්ට ස්විට්සර්ලන්තය කරා සංක්‍රමනය වීමට සිදුවීමෙනි..එවිට අයින්ස්ටයින්ට වයස අවුරුදු 16ක් වූ අතර එය 1895 අවුරුද්දයි. මින් පෙර අයින්ස්ටයින් විසින් කරන්නට යෙදුන කිසිදු අධ්‍යාපනික කටයුත්තක් සම්පූරණයෙන් සාර්ථක කර නොගෙන සිටි නිසා අයින්ස්ටයින් හට පාසැලක් සෙවීම අපහසු කරුනක් විය..එවකට ස්විට්සර්ලන්තයේ සූරිච් බහු තාක්ශනායතනය හැර බොහෝ උසස් පාසැල් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සඳහා ඩිප්ලෝමා සහතිකයක්වත් අවැසි විය.එහෙත් අයින්ස්ටයින් සතුව එවැන්නක් නොමැති වූ නිසා අයින්ස්ටයින්ට සිදු වූයේ සූරිච් බහු තාක්ශන ආයතනයට ඇතුලත් වීමේ විභාගය ලිවීමටයි..දර්ශනය ගණිතය.භෞතික විද්‍යාව ගැන බොහෝ දේ දැනගෙන සිටියත් වෙනත් විශයයන් වලට දුර්වල සිසුවෙකු වූ අයින්ස්ටයින් සිය ඇතුලත් වීමේ විභාගයද සිරිත් පරිදි ෆේල් කරගනි.එහෙත් ගණිතය සම්බන්ධයෙන් දැක්වූ අසාමාන්‍ය කුසලතා විශේෂයෙන් සලකා බැලූ විදුහල් පතිතුමා විසින් මීලඟ වසර සඳහා විභාගය ලිවීමට අවස්ථාවක් දී එයින් සමත් වූ පසු අයින්ස්ටයින් සිය විදුහලට බඳවාගනු ලැබේ..
අයින්ස්ටයින් දක්ශ කීකරු ගෝලයෙක්ද??
අයින්ස්ටයින් පාසැල් කාලයේ සිටම විභාග අප්‍රිය කල පුද්ගලයෙකි..බහු තාක්ශන ආයතනයේදීද අයින්ස්ටයින් විශාල ලකුනු වලින් සමත් වූවෙකු නොවේ..බහු තාක්ශන ආයතනයේ ආචාරවරුන්ගෙන් අතොරක් නැතිව ප්‍රශ්ණ ඇසීමට යාම නිසා අයින්ස්ටයින් යනු ඔවුන්ටද ප්‍රශ්නයක් වූ කෙනෙකි.මෙය අයින්ස්ටයින්ට සිය අවසන් උපාධි පරීක්ශනයටද නරක ලෙස බලපායි..එවකටද විවිධ ආකාරයේ මත ඉදිරිපත් කරමින් එවක තිබූ භෞතික විද්‍යාව කනපිට හෙරලීමේ මුල් පියවර තැබූ අයින්ස්ටයින්ට අවසාන උපාධි විභාගයෙන් ඉහලින් සමත් වීමට අහිතකර ලෙස එය බලපෑවේය..අයින්ස්ටයින් විසින් ගෙනගිය හිතුවක්කාර ස්වරූපය විභාග පිළිතුරු පත්වල තිබීම..අයින්ස්ටයින්ගේ ප්‍රශ්ණ කිරීම්වල දී ගුරුවරු අපහසුතාවයකට පත්වීම මෙසේ සාමාන්‍ය සාමාර්ථයකින් අයින්ස්ටයින් සමත් වීමට හේතු විය..අවසානයේ වෙනත් අයින්ස්ටයින්ගේ මිතුරන් සහායක කථිකාචාර්ය වරුන් වෙද්දී ප්‍රශ්න අසමින් නව මානයන් සෙවීමට උත්සාහ කල අයින්ස්ටයින් රැකියා සොයන්නෙක් වෙයි..
ජැක් එකකින් ජොබ් එකට පනින අයින්ස්ටයින්...
අයින්ස්ටයින්ද වර්ථමාන තරුණ පරපුර මෙන් විශ්ව විද්‍යාලයෙන් පිටව රැකියා සෙවීමට මහත් වෙහෙසක් ගනී.නමුත් අවාසනාවට මෙන් ඔහුට කලක් ගතවන තුරු නිසි රැකියාවක් ලැබෙන්නේ නැත..1900 ලෙස පොදුවේ පිළිගනු ලැබුවත් ඇත්තටම අයින්ස්ටයින් සිය ස්ථිර මුල්ම රැකියාව වන පේටන්ට් කාර්යාලයේ රැකියාවට යන්නේ 1902.06.23 වෙනිදාය.එවක අයින්ස්ටයින්ගේ මිතුරකු වූ මාර්සේල්ස් ග්‍රොස්මාන් ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකි..අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ 3 වන පංතියේ සේවකයෙකු ලෙස බැෙඳෙන්නේ ග්‍රොස්මාන්ගේ පියා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි..බොහෝ අය සියලු අධ්‍යාපන කටයුතු සිය පලමු රැකියාවෙන් පසු වෙනස් මාවත් වල රැගෙන යති..උසස් දේ ඉගනීම සඳහා යොදවති..අයින්ස්ටයින් තට්ටු නිවාසයක කුලී ගෙයක දරුවන් සමඟ(ඔවුන් ද නිරෝගි දරුවන් නොවීය) සිටිද්දී ත් ඉගනුම හා පරීක්ශන නැවැත්වූයේ නැත..
අයින්ස්ටයින්ගේ ප්‍රේම ජවනිකාව..
අයින්ස්ටයින් සාමාන්‍ය ගණිතයට දක්ශයෙක් වුවත් නව සොයාගැනීම් වලට අවැසි උසස් සංකීර්ණ වූ ගණිතයට එතරම් ම දක්ශයෙකු නොවීය.ඒ අඩුව තාක්ශන ආයතනය තුලදී පුරවන්නේ මිලීවා මාර්ක් නැමැති සර්බියානු කාන්තාව විසිනි.ඔවුන් ගේ සම්බන්ධය 1897-98 කාලයේ ඇති වන්නට ඇති බව බහුතර මතයයි.ඇය සමඟ පෙමින් වෙලෙන අයින්ස්ටයින් 1903.01.06 දින විවාහ වෙයි..නමුත් විවාහයට පෙරත් අයින්ස්ටයින් හා මිලීවා එකට සිටියෝය..අයින්ස්ටයින්ට සිය ප්‍රථම පුත්‍රයාට අමතරව ඊට පෙර දියනියක් සිටි බවත් ඇය පෝෂන ඌනතාවයන් හේතුවෙන් මාස ගනනක් තුල මියගිය බවත් සොයාගනු ලැබූයේ 1990 දශකයේ තරම් මෑතකදීය.කෙසේ වෙතත් දරුවන් සහිත අයින්ස්ටයින්ට ආර්ථික දුශ්කරතා වසා ගැනීමට තවත් රැකියාවක් කරන්නටද සිදු විය..එහෙත් අරුමය එය නොවේ.. එතෙක් අපහසුතා මැද ඔහු විසින් 1905 දී සිය ප්‍රථම පෙරළිකාර මතය ලොවට ඉදිරිපත් කිරීමයි..පසුකාලීනව අධික ලෙස කාර්යබහුල අයෙකු වූ අයින්ස්ටයින්ට සිය පවුල ගැන බලන්නටවත් කාලයක් නොවීය..එක් දිනයක් තුල කිලෝමීටර සිය ගානක් දුරින් ස්ථාන 2- 3 ක දේශන කිරීමට තරම් අයින්ස්ටයින් කාර්යබහුල විය.එය අයින්ස්ටයින්ගේ විවාහ දිවිය දෙදරා යාමට තරම් හේතු විය..
අයින්ස්ටයින් සොයාගත්තේ කුමක්ද??
අයින්ස්ටයින් දැනටත් විසිවන සියවසේ මහා විද්‍යඥයා ලෙසවිරුදාවලි ලබා ඇත..එහෙත් අයින්ස්ටයින්විසින් සොයාගනු ලැබුවේ කුමන දෙයක්දැයි අවබෝධ කරගැනීමට තරමේ සමත්කමක් ඇත්තේ මුලු ලෝක ජනගහනයෙන්ම සියයට එකකටත් අඩු පිරිසකි.අයිනිස්ටයින්ගෙන් වරක් ඔහු සොයාගත්තේ කුමක්දැයි සරලව විස්තර කරන්නැයි මාධ්‍යවේදින් ඉල්ලූ විට අයින්ස්ටයින් පිළිතුරු දුන්නේ ලෝකයේ සියල්ලම නැති උවත් අවකාශය හා කාලය තිබේද නැද්ද?? බොහෝ අය සිතනු ඇත්තේ අවකාශයත් කාලයත් පැවතිය හැකි ලෙසය..නමුත් ඒදෙකම සියල්ල අවසන් වී පසු නොපවතින්නේ යැයි අයින්ස්ටයින් විසින් සඳහන් කරන ලදී..සාපේක්ශතාවාදය ලෙස හඳුන්වන සංකල්පය අයින්ස්ටයින් මුලින්ම සොයා ගනු ලබන්නේ 1905 දීය..එවකට පේටන්ට් කන්තෝරුව සාමාන්‍ය සේවකයකු වූ අයින්ස්ටයින් හට මෙය ලෝකය අතරට ගෙනයෑමට කලක් ගතවිය..අයින්ස්ටයින් විසින් 1905 දි විද්‍යා සඟරාවකට කිසිදු අධෝ ලිපියක් ඇමිණුමක් රහිතව ලියන ලද වචන 9000ක ලිපිය අයින්ස්ටයින් පිළිබඳව ලෝක අවධානය යොමු වීමට සමත් විය..පදාර්ථයේ ඇති කිරණමය ස්වභාවය විස්තර කිරීමේ ලා අයින්ස්ටයින් විසින් විසාල මෙහෙවරක් කරන ලදී..කුඩා ස්කන්ධයක උව එය ආලෝක ප්‍රවේගයේ වර්ගයෙන් ගුණ කල විට ලැබෙන තරම් අසීමිත ශක්තියක් ඇතිබවට මුලින්ම අනාවරන කරන ලද්දේ අයින්ස්ටයින් විසිනි..එතෙක් පැවති නිව්ටෝනිය භෞතික විද්‍යාව නව මානයක ගමන් කරවිමට අයින්ස්ටයන් දායක විය..එය කෙසේ ද යන්න මෙවන් ලිපියක මා වැනි අඩු සීමිත දැනුමක් ඇති අයෙකු විස්තර කිරීම බුදුදහම ගැන අසා පමණක් ඇති අන්‍යාගමිකයෙකු නිවන විස්තර කරන්ට දඟලනවා වැනි අනුචිත ක්‍රියාවෙකි..දැනට නැතත් පසුකලෙක අපේ භාෂාවෙන් ලියන විද්වත් පිරිස වැඩිවෙන කලක පහසු උදාහරණ සහිතව අපිට තේරෙන අයුරින් සාපේක්‍ශතාවාදය විස්තර කෙරෙනු ඇත එතෙක් අප ඉවසමු..
අපි ඉස්කෝල පොතක හෝ වෙනත් ලිපියක නම් චරිත කතාවක් අවසාන වන්නේ ලබාගත හැකි ආදර්ශ යන පටු තීරයෙන්ය..එහෙත් අයින්ස්ටයන් යනු සාමාන්‍ය මිනිසෙකි ඔහුට පවා වැරදුන තැන් තිබේ..අයින්ස්ටයින් පොත්වල සහ බොහෝ තැන්වල ඇති පරිදි කිසිදිනක ආඩම්බර මහා විද්‍යාඥයකු වීමට ගියේ නැත.සරල දිවියක් ගතකල චාම් විදියට ජීවත් වුන මනුශ්‍යයෙකි..අපිට අයින්ස්ටයින්ගේ සම්පූර්ණ දිවිය නම් වූ දෙය ලබා දෙන්නේ රසවත් කතාය..ඔහු විහිලු කරුවකු නොවුනත් ඔහුට තිබු අමතක වීමේ රෝගය ඔහු විහිලු සපයන්නෙක් බවට පත්කර තිබෙනු මා පත්තර සහ වෙබ් අඩවි වල දැක ඇත..ඉගනීම යනු සහතික පිටුපස හඹා යෑම නොවේ..ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට විදීමක්ද නොවේ..සැහැල්ලු ලෙස ඉගනීමේ යෙදීම පරීක්ශන ඇසුරෙන් නිගමනවලට එලඹීම.. විවෘත මනසකින් සෑම දේම පිළිගැනීම..තමා සතු යම් යම් දේ සම්බන්ධ ව වූ මුරන්ඩු කම මා කියවා ඇති විද්‍යාඥයින් බහුතරය තුල මා දැක ඇති ගති කීපයකි..සාමාන්‍ය දිවියේ උව සමාජියව අපිට අවැසි වන්නේ පොත් බලාගෙන කටපාඩමින් වැඩකරන පිරිසක් නොවේ..දියුනු කරගත් ඥානය රිසිලෙස යොදාගන්නා පිරිසකි..මේ විභාග සහ ඉලක්ක ගත අපේ වත්මන් රටාව අයින්ස්ටයින්ලා තබා කුඩා නිපැයුම්කරුවෙක් නිර්මාණකරුවෙක්වත් නිපැයීමට සමත්ද??
මම පොඩි ප්‍රශ්ණයක් අහන්නද?
ReplyDeleteඅදකාලේ අලුත් විදිහට හිතන බුද්ධිමත් අය ඒලෙවල් අප්සට් යනවත්, කට පාඩම් කරන අය කැම්පස් යනවත් මම ඕන තරම් දැකලා තියනවා.....
ඒත් අද තියන ක්‍රමේට අනූව විභාග අප්සට් ගියොත් අයින්ස්ටයින්ලට බිහිවෙන්න පුළුවන් වෙයිද ලංකාවේ?
ලංකාවෙ කැම්පස්වල නම් කතිකාචාර්ය වරුන්ගෙන් ඔය විදිහට ගැටලු අහල ප්‍රශ්න ඇති කරගත්තොත් ඒ ශිෂ්‍යාට වෙන්නෙ මහාම මහා අභාග්‍යක්
ReplyDeleteඇත්තෙන්ම මේ ක්‍රමයෙන් අයින්ස්ටයින්ල බිහිවෙන්නෙ නෑ. මොකද මේ රටේ ඉගෙන ගන්නෙ වැඩි පඩි තියෙන රස්සාවක් ලබා ගන්න මිසක් ලෝකයට අලුත් දෙයක් ලබා දෙන්න සේවයක් කරන්න නෙවෙයිනෙ. මෙන්න අපි තොපි උගන්වන ඒව ඉගෙනගෙන උපාධියක් ගත්ත දීපල්ලකො පුඵවන්නම් ඒකට හරියන රස්සාවක් කියන එක තමයි අපේ අධ්‍යාපනයේ අර්ථය. ඒ අර්ථය ඉතින් ඒක මෙහෙයවන උදවියගෙන්වත් අභියෝගයට ලක් වෙන්නෙ නෑ එයාලත් ඉල්ලන්නෙ වැඩි පඩිනෙ.
ReplyDeleteඒ වගේම මමත් විභාග පාස් කරන්නනම් නෙවෙයි ගොඩක් කාලයක් හෙව්ව සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් භෞතිකවාදය පිළිබඳ පැහැදිලිව සිංහලෙන් ලියවුණු පොතක්. පුද්ගලිකව මට ඒ පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීම් පරමාර්ථයෙන්. ඒත් මේ තරම් භෞතික විද්‍යා විද්වතුන් ඉන්න රටේ මට තවම ඒ දේවල් පැහැදිලි කරගන්න සිංහල පොතක් හම්බවුණේ නෑ. ඉංග්‍රීසි ඒව කියවල තේරුම් ගන්න හැකියාවක් නැති නිසයි සිංහලෙන් ලියවුණු පොත් හෙව්වෙ.
මගේ මතය නම් අද කාලයේ අයින්ස්ටයින්ලා බිහි වීමට ඇති ඉඩකඩ ඉතාම අඩු බවය. මේ අධ්‍යාපන ක්‍රමයේ අළුතින් සිතන කෙනෙකුට වඩා ගිරවෙකුට ඉදිරියට යාමට ඉඩ සලසා ඇත. අයින්ස්ටයින්ලා ගැන කවර කතාද?
ReplyDeleteමේ දැන් තියෙන එකෙන් පුලුවන්ද කියල ගැටලුවක් තියෙනව..ඒත් අපි ලෝකෙට දෙයක් දෙන්න පුලුවන් කන්ඩායමක් අපේ හිටිය..
ReplyDeleteඒත් ඒ අයට තමන්ට නියමිත කාලෙදි නියමිත දේවල් සපයන්න අමාරු උනා අපිට...
නලින්ද සිල්වා, රේ විජේවර්ධන , ඒ එන් එස් කුලසිංහ, විමලසුරේන්ද්‍ර, සේනක බිබිලේ, මහින්ද පාතෙගම වගේ අය තමුන්ගෙ අධ්‍යාපනයෙ මූලික කොටස් මෙහෙන් ඇහිඳගත් අය..
ඒත් දැන් දශක දෙකක ඉඳල අපිට එහෙම නමක්වත් ඇහෙන්නෙ නෑ..
චමත් පලහපිටිය වගේ අය(ෆේස්බුක් හි මොබයිල් අංශයේ ප්‍රධානියා) උනත් මෙහෙ ඉගෙනගත්ත නම් සමහර විට බැංකුවකින් එහා යන එකක් නෑ..
This comment has been removed by the author.
ReplyDeleteAL කටපාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් අය ඉන්නවද මම දන්නේ නැ. මොකද අවුරුදු දෙකහමාරක්ම කටපාඩම් කරනවා කියන්නෙත් ලේසි දෙයක් නෙමෙයි. ඔය කාලය පුරාම තමන්ගේ හිත එක අරමුණක තියාගත්ත අය විතරයි මම දන්නා තරමින් කැම්පස් යන්නේ.
ReplyDeleteකිසිම රටක අධ්‍යාපන ක්‍රමයකට බැහැ අයින්ස්ටයින් කෙනෙක් බිහිකරන්න. එකට තියෙන්න ඕන උඩුගං බලා පීනන්න පුළුවන් හොද ගටක්. ඒ පුද්ගලයා 8 පාස් වෙලා ඉස්කෝලේ නැවැත්තුව වෙන්න පුළුවන්. ඒත් තමන් තුල දක්ෂකම තියෙනවා නම්, එය යන තැනට ගිහිල්ලම තමයි නවතින්නේ.
ලංකාවේ රටාව අද වෙද්දී හැදිලා තියෙන්නේ උගතෙකුට හරියන විදියට මිසක් බුද්ධිමතෙකුට හරියන විදියට නෙමේ.පොතේ දැනුම තියන ඕන එකෙකුට විභාග සමත්වෙලා විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් විදියට තමා අධ්‍යාපන රටාව හැදිලා තියෙන්නේ.වැඩ්ඩෝ එළියේ ඉඳිද්දී කොල්ලෝ ඇතුලට යනවා.ඒ ගිහිල්ලා තමා අනන්ත පිස්සු කෙලින්නේ.
ReplyDeleteඅනික විශ්ව විද්‍යාල පද්ධතිය තුලත් අද වෙද්දී ගිරවු බිහිකිරීමක් තමා තියෙන්නේ.ප්‍රොපා හිතන විදයට හිතලා පේපරේ ගොඩදාන්න පුළුවන්.එන හැමඑකාම කරන්න යන්නෙත් ඒකම තමා.අළුතෙන් හිතලා මොකුත් කරන්නේ නෑ.එහෙම කරන එකෙක්ට සප් එක දෙන උන්ට වඩා පොලු හරස් කරන වුන් වැඩී.ඔන්න ඔය වගේ හේතු හින්දා අයින්ස්ටයින්ලා බිහි කරන්න අමාරුයි....
Machan I found this in Wikipedia about Albert Einstein under the heading of Travels abroad.
ReplyDeleteHis travels included Singapore, Ceylon , and Japan, where he gave a series of lectures to thousands of Japanese
ubata puka kahaganna niyapoththa nathi unata hari lokuwata ne uba gana hithagena inne. pala huththige putho
ReplyDelete