Thursday, May 31, 2012

යකා බැඳි ඇල්ල (Yaka Bendhi Ella)

ඉස්සර රේඩි එකේ කතාවක් ගියා යකා බැඳි ඇල්ලේ මායාව කියලා. ඒක බොහොම බය හිතෙන කතාවක්. දැං අපි දැනගනිමු යකා බැඳි ඇල්ල කියන එක තියෙන තැන මොකද්ද කියලා. යකාබැඳි ඇල්ල කියන එක තියෙන්නේ ගිරිඋල්ලෙ මා ඔය කියන ඔය හරහා තමයි. මේක හදල තියෙන්නෙ බොහොම ඉස්සර. බොහොම කියන්නෙ එක්දාස් පංසිය පහේ සුද්ද එන්නත් කලිං හදපු ඒව. මෙතන තියෙන ලස්සනම දේ තමයි මං නං දකින විදියට ලංකාවෙ මේ වගේ නිර්මාණයක් තියෙන එකම තැන. ඉතිහාසය අධ්‍යනය කරන අයට මිස්වුන තැනක් විදියට තමයි මංනං ඒක දකින්නෙ. අපි දැං බලමු එහෙ යන හැටි...

මේන් මැප් එක...

 නිල් පාටට පේන්නෙ අපි කියපු මා ඔය තමයි..
 යන පාර
 අපි කෝමහරි ගිරිඋල්ලට ගියා කියමු..කිව්වට කෝමද ගිරිඋල්ලට යන්නෙ නේ..එකත් ගැටලුවක්. ඇත්තටම ගිරිඋල්ලට ලේසියෙන්ම යන්න පුලුවං පහ පාරෙ කුරුණෑගල කොළඹ බස් එකක නැංගම. ඒ නැතත් මීරිගම ඉස්ටේෂමට කෝච්චියෙං ගිහිං හෝ ඇවිත් එතනින් ගිරිඋල්ල මීරිගම බස් එකක් ගත්තත් හරි. වාහනේකිං එනවනං ඉතිං ඔය ලොතරැයි කූඩුවක මාමෙක්ගෙන් නැත්තං අපේ තුන් සක රියකුරුවෙක්ගෙන් (ත්‍රිවිල් අය්යෙක්ගෙන්) අහ අහ එන්න පුලුවනි නේ..
මේ අපි කියන යකා බැඳි ඇල්ල කියන එක තියෙන්නෙ මීගමුව කුරුණෑගල තිස්හතර කියෙන පාරෙ. ගිරිඋල්ලෙ ඉඳන් මීගමුව දිහාට කිලෝමීටර දෙක තුනක් එනකොට ගිරිඋල්ල ඩිපෝ එක පේන්න තියෙනවා බැබලි බැබලි. එතනින් ඇතුලට තියෙන පාර දිගේ ගිහිං බැහැල ටික දුරක් ගියෑම ඕං බොලේ තියෙනවා අපේ යකා බැඳි ඇල්ල.

යකා බැන්ද කියන්නේ...ඇල්ලකද??
යකා බැඳි ඇල්ල කිව්වහම ගොඩ අය හිතයි මේක ඇවිල්ලා දිය ඇල්ලක් කියලා. සමාරු හිතයි යකාගෙ වෙඩිං එක ගත්තෙ මෙතන කියලා.. ඇත්තටම මෙතන තියෙන්නෙ දිය ඇල්ලක් නෙමෙයි. මෙතන තියෙන්නෙ බොහොම ඉස්සර කාලෙක හදාපු බැම්මක් හෝ පාලමක් වැනි යමක්. අපි යන තැන තියෙන විශාල ගල්කුට්ටි සහ දිය මත ඉල්පී තියෙන යම් යම් ගල් කුට්ටි වල ශේෂයන් විසල් ප්‍රමාණයක් දැකගන්න අපිට පුලුවනි. ඒ තියෙන කැඩුනු සහ ඈතට වෙන්වෙල ගිය ගල් අතර වතුර බහිනවා. හරිම සුන්දර තැනක්. කන බොන ටීම් හත අටක කෑම පාර්සල් බෝත්ල වලිං පොඩියක් සවුත්තු වෙලා තිබුනට තාමත් කස්ටිය වැඩිය ඇහැ ගහපු නැති තැනක් වගේ තමයි පෙනුනෙ..
 මේ ගල් කුට්ටි ගෙනැල්ල පේලියට තියලා මොකද්ද මේ කරල තියෙන්නෙ කියල නං නිච්චියක් නෑ. බාගෙදා ඒක පාලමක් වෙන්නත් පුලුවනි. නැත්තං සමාරවිට මේක මහා වේල්ලක් වෙන්නත් පුලුවනි.
මේ බලාගන්න පිංතූරු..
මේ මෙතනින් තමයි මා ඔය කියන එක ගලාබහින්නෙ ඉස්සර කාෙල අපේ ගොඨයිම්බර කියන උන්නැහෙට ඕනි උනාලු මේක හරස් කරල වේල්ලක් බැඳල අහල තියෙන විසල් වෙල්යායක් වෙච්චි මාකඳුර වෙල්යායට වතුර ගෙනියන්න. ඉතිං උන්දැ වේල්ල බැන්දලු. ඒත් යකෙක් ඇවිල්ල රෑට මේක කඩනවලු. පස්සෙ බේරෙන්න බැරිතැන රෑ වෙලා ගෝඨයිම්බරයා රැකල ඉඳල මේ යකා අල්ලල මේ මෙතන තියෙන වේල්ලෙ බැඳල ඒක උඩින් වේල්ල බැන්දලු. එතනින් තමයි යකාබැඳි ඇල්ල කියන නම ආවෙ කියල ජනප්‍රවාද වල සඳහන් වෙන්නෙ.. කෝමත් ගෝඨයිම්බර කියන දුටුගැමුනු රජතුමා ගෙ ගම විදියට මේ ප්‍රදේශය සලකනවා. ඒත් මං තව දන්න පලාතක් තංගල්ලෙ තියනවා ඒ පැත්තෙ ගෝඨයිම්බර හිටියා කියන. ඒත් මහාවංශයෙ තියනෙවා ගිරි කියන පළාතෙ ගෝඨයිම්බර යෝදය වාසය කලා කියලා. එනිවේ කෝමහරි ගෝඨයිම්බර කාලෙ වගේ බොහොම සද්දන්ත කාලෙක කරපු වැඩක් වෙන් ඇති. නැත්තං මේ ගල්කුට්ටි ආම්බාන් කරන්න මේ දැං ඉන්න අපිටනං සූරපප්පයි මැජික් අරිස්ටෙ ඇරං වත් අමාරුයි..


 .මේ ගල් බැම්ම ගොඩ හරියෙදි ගල් පේලි හයක් විතර උසයි. ඒ වගේම ගොඩබිමත් මීටර විස්සක් තිහක් ඇතුලට මේ ගල්බැම්ම තියනෙවා පායන කාලෙට.. මේ ගලක උස පලල මහත කිව්වොත් සාමාන්‍යන් අර අලි විසාල ටෙන් වීල් ටිපර් එකක මේ ගල් හත අටකට වඩා ගෙනියන්න බෑ..ඒතරං විසාලයි. ගල් වල උස අඩි එකහමාරක් විතර.. පලල අඩිදෙකක් විතර..සාමාන්‍යන් ගලක් අඩි හතරක් පහක් දිගයි. මේ වගේ සාමාන්‍යන් අඩි දොලහක් දහතුනක් පලල පාරක සයිස් එකට මේ ගල් පේලි තියෙනවා..මට නං හිතුනෙම මේක ඉස්සර කාලෙ හදපු පාරක් වෙන් ඇතිය කියන අදහසම තමයි. මේ ගල් පුරුද්දන්න ඉස්සර කාලෙ මොකක් හරි ක්‍රමයක් තිබිලා තියෙනවා. අපි ඈත නොදන්න රටක තියෙන පිරමිඩ ගල් ගැන දන්නවා ඒත් අපි මේව ගැන දන්නෙ නෑ. ඒකෙ වරද නං කාගෙද දන්නෙ නෑ.. ඒත් මේක දැකගන්න වටින දෙයක්.
 මේ හරියෙං මාඔය හරහා එගොඩ වෙන්න ඉස්සර අයටත් හේතු තියෙන්න ඇතිනේ. මේ ප්‍රදේශය මූලාශ්‍ර වල තියෙන විදියට නං ඉස්සර ඉඳලම බොහොම ජනාවාස තිබුන පලාතක්..

සමහර විට ගල් පුරුද්දපු ඒ කාලෙ පාවිච්චි කරපු බදාම කාලය එක්ක වැලලිලා ගිහිං වෙන්න ඇති. ඒත් මේ සයිස් ගල් මෙතනට ගෙනාවෙ කෝමද කියන එක නං ලොකු ගැටලුවක්. මේ පැත්තෙ අඩුම තරමෙ ලොකු සයිස් ඩෝසර් ගානක් වැඩ කරන්න ඇති ඉස්සර කාලෙ.. කස්ටිය හිතයි මේක හෙන ගොං පාට් ටෝකක් කියල..ඒත් දැනට ඉතිරිවෙලා හරි පෝලිමට තියපු ගල් දෙතුන් සීයක් තාමත් පේලියට තියෙනවා. සමහර තැන්වල පොලවට යටවෙලා සමහර තැන්වල යසට පේනවා. වතුර අඩු කාලෙට අපිට මා ඔය මැද තියෙන ගලුත් හොයාගන්න පුලුවනි. කලිං මේ ගැන ලියපු සංචාරකයෙක් කියල තිබුන ඒ ගල් වල බදාම තියෙනව දැක්ක කියල. ඒක ඇත්ත වෙන්නත් ඇති.

මෙතන තියෙන ගල් බැම්ම ගැන මුකුත්ම ලිඛිත සාක්කි නම් නැති කතාවක් තමයි කියවෙන්නෙ. මේක අසාර්ථක ව්‍යාපෘතියක්ම නොවෙයි වෙන්න ඇති. සමාරවිට කාලයත් එක්ක මේක නැතිවෙලා ගියා වෙන්නත් පුලුවනි. සමහර විට මේ ගල් බැම්මෙන් මා ඔයේ ජලකඳ හරස් කරගන්න බැරි වෙන්නත් ඇති. හැබැයි එකක් තියෙනවා සාමාන්‍යන් මං කියවල තියෙන විදියට නම් ඉස්සර කාලෙ කෙලින්ම ඔයවල් හෝ ගංගා හරවල කුඹුරු වලට වතුර දීල නෑ..මොකද ලවණ ගතිය ඇවිත් කාලයක් යනකොට කුඹුරු කේස් වෙන නිසා.ඒ වගේ වතුර කෙලින්ම දීපු අවස්ථා අඩුයිලු.. ඒක ගැනත් වැඩිදුර විස්තර මංනං දන්නෙ නෑ..මටනං හිතුනෙම මේක පාලමක් වෙන්න ඇතිය කියන එක තමයි..

ආතල් ගන්න යන අය පරිස්සමින් ඈ..
මෙතන බොන්න නං කියාපු තැනක් කියලෙ කනෙක් හිතයි. මොකද ඉතිං හෙවන. සිහිල් සුලග සහ වතුර...ලස්සන පරිසරය නිසා. ඒත් මා ඔය කියන්නෙ නාන්න ඒතරං හොඳ එකක් නෙමෙ. මා ඔයෙ සාමාන්‍යන් අපි නොදන්න තැන්වල ලොකු වලවල් තියෙනවා. වැලි ගොඩදෑම හෝ වෙනත් හේතුන් නිසා. මෙතනත් ඒ වගේම නැති උනත් ටිකක් ප්‍රවේසම් වෙන එක හොඳයි. අනික වතුර වැඩි කාලෙට ගල් ගොඩ නිසා ඇඟ පත හෝදගන්න බහින්නවත් මෙතන සුදුසු තැනක් නෙමෙයි. අරහෙං මෙහෙං සෙට් අරං ආවට කමක් නෑ කන්ට්‍රොල් එකක් තියාගන්න. මේවගේ තැන්වල ගල් ගොඩවල් නිසාත් ඒ ගල් සමහරක් පෙරෙලෙන සුලු විමත් නොදන්නා තැන්වල වලවල් තිබීමත් නිසා අනතුරු දායක බවනං ටිකක් වැඩියි, නාන අයට..ඒත් හොඳ සිහියෙං වතුර අඩු කාලෙට නං නාත හැකි..කිසිම අවුලක් නැතුව..
 මං ගිහිපු වෙලාවෙ බොහොම දුර පලාතක නඩයක් ඇවිත් සිංදු කියනවා..කනවා සහ කෝක් සහ නෙක්ටෝ බොනවා දැක්කා...මේ ඒ කස්ටිය..,
මෙතන ගැන තව විස්තර ලියන්න තිබුන නම් මං ආසයි. ඒත් ඉතිං දන්නෙ මේ ටික විතරයිනේ..
මේතැනත් මේ ගැන තොරතුරු ටිකක් තියෙනවා...සංචාරක සටහනක.. 

Wednesday, May 30, 2012

ආධුනිකයන්ට කෑම පාඩම..

.හොටල් වලිං කනකොට වෙන අවාසි..
හෝටල් කියල ලංකාවෙ කියන්නෙ තේවතුර බොන්න බත් කන්න තියෙන කඩවල් වලට..ඒවට ඉතිං පොස්වට සමහරු කියනවා රෙස්ටවුරන්ට් හෝ මොකක් හෝ නමක්. මේ හෝටල් වලිං මං නං ගොඩක් කාල තියෙනවා. ලංකාවෙ කෑම බීම කලාව කොහෙම උනත් අපිට මගතොටේදි හමුවෙන ගොඩක් තැන්වල කෑම සවුත්තුයි. පිරිසිදුකම අඩුයි.. කිසිම ලකයක් නෑ කෑමවල.. ඉතිං අපි දිනපතා රාජකාරියකට යන අය විදියට ටිකක් පිරිසිදු තැනකිං කෑම බීම ටික ලැබෙනවනං හොඳයි..ඒත් ඉතිං කීයෙං කී දෙනාටද ඒ වගේ රස්සා සහ තැන ලැබෙන්නෙ. ඒ වගේ අය පුරුදු පුහුනු කරගන්න ඕනි දෙයක් තමයි වියමන කියන්නෙ. ඒ කියන්නෙ කෑම ඉවීම. ගෑස් එකක් වලං කීපයක්. වගේ පොඩි උපාංග කීපෙකිං අපිට රසට කෑම හදාගන්න පුලුවනි. පොඩියක් උදෙං නැගිට්ට කියල කවුරුත් අමනාප වෙන්නෙ නැ. ඒවගේම ටිකක් රෑ දහය වෙනකල් පොල්ගාල එකොලහට විතර කෑම ටික හදාගත්තත් තමන්ටමයි වාසි. මට හිතුන මං අවුරුදු ගානක් තිස්සෙ විටින් විට උයල තියෙන පුරුද්ද නිසා අද හෙට කෑම උයන්න එන අයට ටිකක් උපදේස දෙන්න..


බත පිසීම...
ජීවන වියදම ඉහල ගියාට තාම හාල් මිල නං වැඩි උනේ නෑ. කාලයේ හැටියට තුන්වේල බත් කන එක තමා වාසි. මං මේ පහුගිය දොොහ් කවුද කියනව ඇහුන බත් කාල වැඩකරන්න අමාරුලු. අනේ මගේ කට එතකොට අපේ මුත්තලැයි කාලෙ සුද්දොත් එක්ක එකතු වෙලා හරි හරියට වැඩකලේ අපේ උන්නැහෙල පාන් ගිලලයැ නැහැ නෙව..උන්දැල කෑවෙ බත් තමයි. අද කාලෙ වෙහෙස මාන්සි නොවී කොම්පියුටර යෙන් මුලු ලොවම සෙට් වෙලා ඉන්න කාලෙට ටිකක් බත් ගිලල නිකා ඉන්න එකනං ගැලපෙන්නෙ නෑ වගේ ඒත් ඉතිං පුංචි කාලෙ ඉදල පුරුදු උන නිසාද මන්ද මටනං තුන්වේලටම බත් තමයි අල්ලන්නෙ.. බත් පිසින්න සුදුසුම දේ තමයි රයිස් කුකරය කියන්නෙ. රයිස් කුකරය ගත්ත ගමං ඩොග් ගාල හාල් දාල වතුර දාල ඒකට ඇඟිල්ල දාල උයන්න යන්නෙ නැතුව කැටලොග් එක කියවනව නං ඒකෙ හාල් දාන් ඕනි තරම වතුරු දාන්න ඕනි තරම ඔක්කොම තියනවා. සම්බා වගේ හාල් වලට ටිකක් වැඩියෙං වතුර දාන එක හොඳයි. නැත්තං ඉතිං අර කැකුලු වලට නං වතුර ගානට තිබුනම ඇති.

අල හොදි හැදීම...
අල හොදි හදන්න අපිට අල අවශ්‍යයි. අල ගෙඩි කිහිපයක් අරගෙන පලමුවෙන් සුද්ද කරගන්න ඕනි වටේ පොත්ත. අල අමුවෙං සුද්ද කරල ගත්තහම හොද්ද රසයි. ඉන් පස්සෙ සිහින් කැබලිවලට අපි අල පෙති කපා ගමු. අල පොත්ත සුද්ද කරන අවස්ථාවේ පටන්ම වතුර එකකට දමන්න මතක තියාගන්න මොකද නැත්තං අලවල පැහැය දුරුවරණ වෙන නිසා..මේ කපාගත් අල වලට අපි රම්ප කරපිංචා සුදුලූනු සහ ලොකුලුනු දාන්න ඕනි. ඉන් පස්සෙ මේ සැට් එක දිය කිරෙන් ලිපේ තියන්න ඕනි..කිරි ගන්න කොට කියන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යන් පොල්කිරි ලබාගැන්මේදී අපි තේවතුර පිලිගන්වන කෝප්පෙං එකක් විතර වතුර එක පොල්බෑයක් වෙනුවෙං දැම්මහම ඇති. ලොකු පොල්ගෙඩියක් නං ඉතිං දෙකක් දැම්මට අවුලක් නෑ.. 
ඒ මට්ටමට නැතුව වතුර ගොඩාක් දාන එක වැඩක් වෙන්නෙ නෑ. අපි ඉතිං අල ටික දියකිරි වලිං තම්බගන්න කොට අල ගොඩායි වගෙ  තේරුනොත් වතුර සුට්ටකුත් දාගන්න ඕනි. අල හොදි හදනකොට වියලි මිරිස් කුඩු දමන්න එපා. අමුමිරිස් සහ ගම්මිරිස් කුඩු දාන්න ඕනි. මතක ඇතුව කහ සුට්ටකුත් දාන්න. දැං ඉතිං අල එක වහල තැම්බෙන්ට හරින්න. මද වෙලාවක් ගිහිං අල කෑල්ලක් හැන්දකට අරං පොඩියක් තලල බලන්න අල තැම්බිලා ද කියාලා.. තව දෙයක් මේ උයන්න ගියාම ගොඩාක් අය වරද්ද ගන්න තැනක් තමයි ගින්දර පාලනය. ලොකු ගින් මැලයක් වගේ ලිපක් ගහගෙන අපි ඔය වැඩ කරන්ට යන්න නාකයි. ඒක ඇඟටත් හොද්දටත් සාක්කුවටත් හොඳ දෙයක් නෙමෙ. ඒ නිසා ලිප ගානට තියා ගන්න. අල වගේ දෙයක් ගාන්ට තැම්බෙන්න නං ලිප ටිකක් අඩු කරල ටික වෙලාවක් තිබුනොත් හොඳයි..නැත්තං ඉතිං අල වල මැද අමු වෙන්ට පුලුවනි. ඉතිං අල ටික තැම්බුනහම අපි කරන්න ඕනි අර වඩා උකු කිරි ටික දමාගන්න එක තමා... ඒකත් දමල පස්සෙ ලුනුත් දමල අල හොද්ද බාගන්ට ඕනි..

 මාලුමිරිස් තෙල් දැමීම..
මාලුමිරිස් අපි කලිං කපාගන්න ඕනි. ඔනි තාලෙකට කපාගන්න පුලුවනි. ඉන් පස්සෙ අපි කරවල හරි මොනාහරි දානවනං ඒකත් එක්ක අර මාලුමිරිස් ටික මික්ස් කරල තියමු.. දැං එතකොට අර මිශ්‍රනේ තියෙන්න ඕනි කරවලයි මාලුමිරිසුයි විතරයි. ඉතිං අපි ඊලගට හට්ටියකට තෙල් ටිකක් දාල තෙල් ටික චාස් චූස් ගාගෙන එනකොට අර කරවල සහ මාලුමිරිස් දානවා. දාල පොඩියක් වහල තියමු.. මොකෝ නැත්තං මාලු මිරිස් තැම්බෙන්නෙ නැතුව යනවා. ටික වෙලාවකින් පොඩි කෑල්ලක් කාල බලනවා කරවල+ මාලුමරිස් තැම්බිලාද කියලා. තැම්බිලා නං ඉතිං ඒක වෙනත් පිඟානකට බාගන්නවා..
 ඉන් පස්සෙ අපි දානවා තව තෙල් සුට්ටිත්තක්. ඒටික දාල ඉන් පස්සෙ සුදුලූනු..අමුඉගුරු, කුරුදු, ලොකුලුනු, කරපිංචා සිහින්වල ලියාගත් කැබලි අර රත්වුනු තෙල් සුට්ටට උඩිං දානවා. දාල හොදට කලවං කරනවා. පස්සෙ රන්වන් පාටට ලූනු කෑලි සෙට්වෙන කොට අපි අර මාලුමිරිස්+කරවල මික්ස් එක දානවා. දාල ඉන් පස්සෙ තමා ලුනු ඇතුලත් කරන්න ඕනි. ලුනුත් දාල පස්සෙ අපි කෑලි මිරිස් එකතු කරනවා. කෑලි මිරිස් කලිං දැම්ම නං කලු වෙලා දැලිවෙලා අලුවෙලා යනවා. ඕනිම බදින දෙයක්( අල අලුකෙසෙල්, ගෝවා, බෝංචි, ලූනු කොල, ) කලිං ඒ ටික බැදල පස්සෙ අර මික්ස් එක ගහල ඒකට දානවනං තමයි රස එන්නෙ..නැත්තං එක කොටසක් බැදිල වැඩි වෙනවා.. නැත්තං මේන් ඔබ්ජෙක්ට් එක හෙවත් මාලුමිරිස් වගේ ඒව තැම්බිලා මදි වෙනවා..කලිං කතාවෙ වගේම බැදුං ජාති හදද්දිත් ගිනි මැල ගහගෙන වැඩ කරන්න බෑ..යංතං නිල් දැල්ල තිබුනහම ඇති.. නැත්තං තෙලුත් ඉවර වෙනවා..ඉක්මනට..

පොල් සම්බෝල හැදීම..
පොල් සම්බල් හදනව කියන්නෙ නං ඉතිං හැමෝම දන්න දෙයක්. පිටිකල පොල්කිරි වලිං නං පොල්සම්බල් හදන්න බැහැ. අනික කොයිතරං ඇඩ් දැම්මත් පිටිකල පොල්කිරි වලිං අර ස්වාබාවික පොල් වල රස නං එන්නෙ නෑ..ඕදිරිස් අර කැරකෙන හිරමනයක් වෙන්නෙ රුපියල් අටසීයක් විතර. රුපියල් දෙසියගානක් දීල පිටිකල පොල්කිරි උස්සං යනවට වඩා ලේසි ඕදිරිස් හිරමනයක් ගෙනියන එක. පොල්කිරි ගත්තම අපි දන්නව ඒකෙ තියෙන්නෙ කිරිමයි කියලා. ඒත් අර පොල්කල පිටිකිරි වල මොනවා තියෙද කියල දන්නෙ දෙයියො තමයි. අපි උයන පිහන ක්‍රමවේද වෙනස් වෙන කොට ඒ පිටිකල පොල් කිරි වල තත්ව වෙනස් වෙලා කන්න බැරි රසකින් සහ සමහර විට විසකින් පවා සමන්විත වෙන්න පුලුවං පිටිකල පොල්කිරි පාවිච්චි කරනකොට..
 පොල් සම්බොල් හදන්න ගම්මිරිස්. අමුමිරිස්, වියලි මිරිස් කුඩු, ලුනු දෙහි සහ ගාගත් පෙල් අවැසියි. අපිට පුලුවනි නං පොඩි වංගෙඩි කෑල්ලක් හොයා ගන්න.. අන්න මරු ඒක පොල් සම්බල් වලට. ඔය දුර පැතිවල ගියාම හොඳ පොඩි සයිස් වංගෙඩි මෝලක් බස් එකේ අරං එන එක ෆැෂන් එකටත් එක්ක හොඳයි. අරං ඇවිත් සාලෙං තියමු උයන් නැති වෙලාවට. උයන වෙලාවට කුස්සියෙ. ඉතිං ඔය වංගෙඩියට මුලින්ම දාන්ට ඕනි ගම්මිරිස්. ඊගාවට ටිකක් ගම්මිරිස් ඇට ටික තලනවා. තලල ඉන් පස්සෙ දානව වියලි මිරිස්..ඒකත් තලනවා ලෙසට.. පස්ෙස ඕනි නං අමුමිරිස්..ඒකත් තැලුනට පස්සෙ ඕං රතු ලූනු සහ පොල් එකතු කරනවා. අන්තිමේදි අපි ස්වල්ප වශයෙන් පොල් එකතු කරමින් යනවා. අවසානෙ හොඳින් කොටාගත් මේ මිශ්‍රණයට අපි දෙහි එකතු කර අතගා ගන්නවා..

උයන්න නෙමෙයි මොන දේ කරන්න ගියත් එල් බෝඩ් පීරියඩ් එකක් තියෙනවා. ඒ නිසා වරදින දේවල් ගනන් ගන්න එපා. ඒව වරදින්න අරින්න. අනික රෙසපි තියං වෙබ් එක ඇරං ලැප් එක ලඟ තියං එදිනෙදා උයන්න බෑ. පොඩියක් ඔලුවෙ තියාගෙන වැඩේ පස්සෙ තමුන්ට ඕනි විදියට හදාගන්න.   

Tuesday, May 29, 2012

සිහින නඩත්තුවට ලේසිම ක්‍රම

රථ පිළිබඳ සිහිනය..
පොඩිකාලෙ මං හිතං උන්නෙ තඩි බයික් එකක් ගන්න. ඒත් ගොඩක් කල් යනකං නෙමෙයි මේ මේ දැං වෙනකල්ම මට කිසිම වාහන ලයිසන් එකක් නෑ. සිහ් ලයිසන් එකක්වත් නැද්ද කියල කාරුහරි ඇහැව්වම මං කියන්නෙ වාහන නැතුව වැඩක් නැ ලයිසන් අරං අපරාදෙ කියලා..
මගේ අදහස උනේ තඩි බයික් එකක් නිසා මං හොයන්නෙම තඩි බයික්ම තමයි..ඒ අතර ජනප්‍රිය වෙච්චි ඉන්දියන් බයික් මට නොදිරවන්න හේතු ගානක් තියෙනවා.
  • ඉංදියන් බයික් ලස්සන සහ විසාල මදිවීම
  • ඉංදියන් බයික් වල වයිබ්‍රේෂන් අධික වීම.
  • කිසිදු සුවපහසු ගතියක් නැතිවීම.
  • පුස් බයිසිකල් තරං කොමන් වීම ආදියයි. 
ඒ නිසා මට හිතින් බොහොම ඈතට ඉංදියන් බයික් දාන්න පුලුවං උනා. ඉන් පස්සෙ බීඑම් ඩබ්ලිව්..බුකාති හෝ ඩුකාටි වගේ මං නංවත් දන්නෙ නැති බයික් ඉන්ටනෙට් එකේ දැක්කා ඒත් ඒවාත් නොගැලපෙන්න මට හේතු තිබුනා..
  • ලංකාවේ 250 ට වඩා එංජින් ධාරිතාව සහිත මෝටර් බයික් ලයිෂන් නොකිරීම
  • ලංකාවේ පාරවල් වලට එවන් බයික් නොගැලපීම..
  • ගෙදරින් අකමැති වීම.
  • බයික් එකේ දාං යන්නට කෑල්ලක් නැති වීම.
ආදි කාරණා තිබුනා..ඒත් ඔය එක මගුලක්වත් ගන්න මට රුපියල් දහ දාහක්වත් ඉතිරි කරගන්න බැරිඋන කතාව දන්නෙ මගේ යටිහිත විතරයි..උඩු හිතිං එක එක හේතු දදා ඉන්නවා. එක අතකින් මේ තියෙන විදිය හොදයි කියල හිතෙන වාර ගනන බොහොමයි. ඕං මං කාර් එකක් ගන්න හිතුවා කියමු..
එතකොට කාර් එපා වෙන්න හේතු තියෙනවා
  • මෙහේ ට්‍රැෆික් වැඩි වීම...
  • ලාබෙට ඇති කාර් කම්පටබල් නැති වීම
  • කාර් කෑලි සහ පෙට්‍රල් මිල වැඩිවීම වගේ ඒව තියෙනවා...
කොහොමත් නිදිමතේ ගිහිං කෝච්චියෙ හිටගත්තම මිනිස්සු දඟලන වෙලාවට පොඩ්ඩක් වටපිට බැලුහම ස්ටේසන් එක හරිනං බහින එක ලේසියි මේ වාහන වල යනවට වඩා. ඒක කොච්චර ලේසිද නේද??

ලැප් සිහිනය..
මං දන්න කියන උන් බෝමයකට දැන් ලැප්ටප් තියෙනවා. ඒත් නෙට් එකට පිංසිද්ද වෙන්නයි මට තියෙන කොම්පියුටර උනට පිංසිද්ද වෙන්නයි. ඒ උන් ගාව තියෙන හැම ලැප් එකකම වැරදි මං දන්නවා. එකක් රත්වෙනවා. අනිකෙ ඉස්කිරිං එක කොලටි නෑ..අනික චාජිං හිටින්නෙ නැ..ඔය වගේ මොකක් හරි වරදක් තියෙනවා. අපේ ළඟම යාලුවෙක් ගනිපු එක චොස් එකෙ ඩිසයින් එක ලස්සන නෑ. 
ඉතිං මං ලැබුනොත් හිට් ඇඩ් එක හරි නැත්තං පත්තරයක් හරි ඔය ලැප් ටොප් පාං ටොප් සැල්පෝං පේජ් එක බලනවා. බලල විස්තර හොයනවා. කෝල් කරනවා. හෙට ගන්න වගේ ඇඩ් දානවා. ඒත් ගන්නෙ නෑ. මොකද හැමදාම මේ මාසෙ තියන කෑලි වලට සොෆ්ට්වෙයා වලට වඩා හොඳ ඒවා ලබන මාසෙ ඇවිත් තියෙනවා. අනික හැම කම්පියුටරයෙම හොද වගේම නැරකත් තියෙනවා. මෙහෙම ලැප් බල බල ඉන්න එක වාසියි. ගෙවන්න ගත්තත් කොම්පියුටරේ කැඩුනත් අපි ගෙවන්න එපාය..
ඒත් කන්තෝරු මැසිමෙං ගන්න පුලුවං උපරිම පොරෝජන අරං හැමදාම හිට් ඇ්ඩ් එක බලල කෝල් කරන එක වාසියි. අනික තමයි ලැප් උනත් උස්සං යන්න තියෙන වෙහෙස. දවසක් මගේ යාලුවෙක් කියපි උගේ උරිස්සෙ මොකද්ද අමාරුවක් හැදුනලු ලැප අරං යන්න ගිහිං...ඉතිං මට සාමාන්‍යන් කෙනෙක් මලා කිව්වත් මතක නැතිවෙලා ගියාට අර වගේ ලැප් එක උස්සං ගිහිල්ල හැදුන අමාරුව මතකයි. ඉතිං ලැප් ගැන කතාවක් කොහෙ හරි ආවොත් මට ලැප්වල තියෙන අවාසි පෙන්නන්න අර උරිස් අමාරුවත් ගත හැකි වෙනව ලේසියෙංම..


කාර් හීනය..
මං ආසම ගේම් එකක් තමයි නීඩ්ෆෝ ස්පීඩ් හොට් පර්සුයිට් 2 කියනඑක..එකෙ කාර් රේස් එකට ටොයෝටා කාර් නෑ..ටිකක් පරණ ගේම් එකක්. ඒත ඇරෝ කිස් වලිං විතරක් යන නිසා ලේසියි. ඒකෙ තියෙන්නෙ ඉංගිරිසි කාර්. බී එම් ඩබ්,පර්ජෝ,බෙන්ස්.ජගුවර වගේ හෙන ලොකු ගානක් වෙනකාර් තමයි ඒකෙ තියෙන්නෙ.මං ඉතිං හිමීට ඔය කාර්වල තොරතුරු හොයන්න ගත්තා. සිහ් අම්මපා ඒ කාර් වල තියෙන ෆීචර්ස් එක්ක ගත්තම මරුතිය කියන්නෙ කරත්තයක්. ඒ තොරුතුරු දැනගත්ත නිසා මට මරුතියක් අමාරුවෙං සල්ලි ඉතිරි කරල ගන්න එකෙක්ට උනත්... අයියෝ බං ඕකෙ කිසි කම්පටබල් ගතියක් නෑ..මේක නෑ අරකනෑ..කියන්න පුලුවනි. ඉතිං ඕම කියන කොට උනුත් උත්තර දෙනවා එක එක ඒව කියලා. සමහරු කෙලිම්ම කියනවා මට රිම් කට්ටක්වත්නෑ කියලා. ඒත් ඉතිංමං කියන්නෙ ගන්නවනං සුපර් එකක් ගන් ඕනි. ඔය එක එක කරත්ත අරං හරියනවෑ.. ඕංමං දන්න එකෙක් මේ ලගදි උහං ආව පැන්ඩෙක්. පැන්ඩා කාර් එකක්. ඕක ගෙනැල්ල ටික දවසක් යනකං මට ඕකෙ ටිකක් අවුලක් හොයා ගන් බැරිඋනා ඇඟට දැනෙන තරමෙ.. ඒසී එකේ අවුලක් තිබුනත් ඒක ඒතරම් දැනුනෙ නෑ. පස්සෙ මේ ලඟදි අහුවුනා පත වැරැද්දක්.. ඒකෙ ටිකක් බර අය නැගල අතුරු පාරවල් වල හෙම යනකොට කාර් එකේ යට වදිනවා බරාස් ගාලා.. දැං යන්තං ඇති.. පැන්ඩක් ගනිමු හෝ ඒ වගේ කතාවක් ආවොතින් ඉතිං යට වදිනවා වැඩක් නෑ කියන එක කියත හැකි...
 සිහින හෝ ටාගට් වෙනුවෙන් මාන්සි වීමට වඩා ටාගට් වල හෝ සිහින වල වැරැදි එකතුකිරීම නං පස්ට විනෝදාංශයක්...ඒකට සල්ලි වියදං වෙන්නෙත් නෑ..ඒ වගේම ලෝකෙ තියෙන හැම බඩුවම හිතේ තියං දුක් විදින්න වෙන්නෙත් නෑ..

Friday, May 25, 2012

කාලයේ වැලිතලා..

කාලයේ වැලිතලා
පෙම් කතා සඟවලා
රැලි වැටී නැතත් මගේ සමත් කයත්
නාකි වී ගොසින් මගේ සිතත් ගතත්


දාහෙ කොල කීපෙට පැය ගානට
සයන බදු අරං
පහස සොයන නරුම මිනිස් පෙලට
මාත් එක්කරං..


මා දිහා හොර හොරෙං
ඈ දිහා හෙමි හෙමිං..
ඇසි පියන් නොගොස් බෝ ලඟින්.
රාග චේතනා තදින් වැදී සැනින්
පරව පෙම් කුසුම් යතී පිපී සැනින්..
විගස පිපෙන මියෙන මලක් වූ ලෙසින්..


පෙම් කතා නැති වෙලා .
පෙම් වතී විචල්‍යක් වගේ වෙලා..
අහස සඳවත තරු කවි පොතේ තියා...
අනින්ටමයි දුවන්නෙ මේ''
ඉඳින් බලං ඉඳං තවත් පැයක් දෙකක් ...
අපිට පෙම අරගෙන කොළ දෙකකට සරඹ කරන්ටා..

kalaye welithala by indika27

http://soundcloud.com/indika27/kalaye-welithala
 .එක්තරා මනුෂ්‍යයෙක් ඉන්නවා එයාගෙ වයස තිස් ගනන් වල අග හරිය..ඉතිං මෙයා ලව් කරන්න යනවා..නමුත් ලව් කරන්න යොදාගන්නෙ ගනිකාවන්..ඔහුට ස්ථිර ප්‍රේමයක් ගැන හිතන්න කාලයක් නෑ.. ඉතිං ගණිකාව තුලිං මෙයා ප්‍රේමය දකිනවා. ඒත් ඒ ගණිකාවත් එකක් කියල නෑ. ඒකත් විචල්‍යයි.. මේක හරි සංකීර්ණ දෙයක්. මෙයා ආස උනත් ඒ විසි ගනන්වල ගෙවපු සුංදර ලස්සන එක කෙල්ලෙකුගෙ නිර්මල පෙම්වතා වෙන්න ඒත් එයාට දැන් ඒකට හිත දෙන්නෙ නෑ..රැලි වැටෙන තරමට හම දිරුවෙ නැතත් සිතින් ඔහු හිතන්නෙ අනේ මං වගේ නාකියෙක් කියලා..
ගණිකාවක් කියන්නෙ පෙම්වතිය ප්‍රෙමය නොවන බව ඔහු දන්නවා. ඒත් සමස්ථ ආශාව සරල ලෙස ගණිකාව පිටිං සපුරගන්න පුලුවං කියන සරල තර්කය උඩ ඔහු ඉන්නවා..ඒ වගේ ස්ටෝරියක් තමයිමේ කවි සැට් එකෙං කියන්නෙ..
ඇහෙන්නෙ නැත්තං මෙතන ඔබල වත් අහල බලන්ට.. 

Tuesday, May 22, 2012

bull song වල්ලියා

අං දිහා බලං..ඇස් දිහා හොරෙං..බැලුවා මතකයි..හොම්බෙන් අනිමින්..අං දිහා බලං..ඇස් දිහා හොරෙං..බැලුවා මතකයි..හොම්බෙන් අනිමින්..
වලගය වනලා...පැනගෙන දුවලා...සෙල්ලං දමමින් මා වට කැරකීලා...
වල්ලියා....මගේ වල්ලියා දෙයියෝ...
ගියේදෝ හැරදා කරත්තයේ බැඳිලා..
වලගය වනලා...පැනගෙන දුවලා...සෙල්ලං දමමින් මා වට කැරකීලා...
වල්ලියා....මගේ වල්ලියා දෙයියෝ...
ගියේදෝ හැරදා කරත්තයේ බැඳිලා..

බෙල්ල ගෙවිලා ගියත්..නගුට කැපිලා ගියත්
කෙවිටට සම තැලුනත් මාගේ පෙබ්බර සුදා..ගේ
මං ඔබෙ පෙං බරී...නේ...


දිලිසෙන තරු අතර වෘසබ රාජ වී..රෑ අහසින් මගෙ ළඟට පාත් වී...
එන්නෙ දො ්වල්ලියා මාගේ පෙංබාරා..


ලොකු ගොං රාජයෙක් මට ඕනෑ.නෑ.
නාඹර ගැටවු තවත් මට පේන්න බෑ..
වයසින් වැඩුනු එකා මාගේ රුසිරු සතා..
ඔබ නැතුව සිතා පෙම වැඩිය ඉතා.


Bul song by indika27

Friday, May 18, 2012

ගන්ධබ්බ ජීවිතං

බැඳපු අයට කියන්න තියෙන්නෙ බැඳපු එක ගැන විස්තර..එහෙම නැති අයට කියන්න තියෙන්නෙ කනෙක්ට් වෙච්ච නැති එකේ වරුණාව..එතකොට ඒ දෙකම නැති ඉදල හිටල පෙරාන පාර දාන අයට කියන්නෙ කෝමද??
මං නං හිතන්නෙ ඒකට හරියන වචනෙ ගන්ධබ්බම තමයි..
අපි නිකං විස්තර කතාව ලයිට් ගාන බලන්නෙ නැතුව තොරණට බහිමු..

එදා මට හෙම්බිරිසාව සෙම පස්ට විදියට වැඩිවෙලා එකෙන් උන හැදිල ගෙදර යන දවසක්. ඉතිං බස් එකෙ නැගල සීට් එකක් අල්ල ගත්ත. එතකොට ඕන්න ඉතිං මට සැට් උනේ වෙරළ පැත්තෙ සිට් එකක්. ඒත් එක්කම එහා පැත්තෙ ගෑල්ලමයෙක් ඉන්නවා. තනියම ඒ ඉන්නෙ අනික් පැත්තෙ සීට් පෝලිමෙ සීට් එකක. ඉතිං මගේ හිතට අදහස් ගලාගෙන එනවා මේ පැත්තෙ යෑම අගුනය. මට සෙමය, මූදු හුළඟ හොඳ නැතිය සෙමට. ආදි වශයෙන් සිතුවිලි ගලා එනවා. ඒ අතර අර ගෑල්ලමයා සීට් එකේ සයිඩ් එකෙං දාං හිටිය මල්ලත් ගත්ත අතට. මට උණ වැඩිඋනා. සහොලෝල උණ ඇති උණා.. මූදු හුළඟට උණ වැඩිවෙලා ඉස්පිරිතාල ගත වෙලා නේස් නෝනල පස්සට අනින්ට තඩි ඉන්ජෙක්ෂන් කටු අරං එනව වගේ පෙනුනා.
ඒ අස්සෙ අර ගෑල්ලමයා මූනට වැටුන කොන්ඩ කෑලි ටික පැත්තට දානව හෙම කෝල් පෝං එකෙං කාත් එක්ක හරි අමනාපෙං කතා කරන එක හෙම පෙනුනා.
ඉතිං මං ඉවසීම බල්ලට දාල අර මං ළඟ වාඩි වෙච්චි කොල්ලගෙන් අහපි..මල්ලි මේ පැත්තෙ මූද නේද? මල්ලි ඔව් කිව්වා. මල්ලි මට සෙම.මූදු හුලං හොඳ නෑ..කියල තත්පර දෙකක් තුනක් ගිහිං අර ගෑල්ලමය ගාවින් වාඩි උනා...

මං වාඩිඋනා විතරයි ගෑනු ලමය පොඩියක් සිප් වෙලා ඉඩ දුන්නා. ඒ කිවෙ අර කලිසං වලට දාන සිප් නෙමෙ..ඩොකියුමන්ට් හෙම යවනකොට අපි සිප් කරල යවන්නෙ ආන් ඒක. ඉතිං පොඩියක් සංකෝචනය වෙලා ඉඩ දුන්හම මං වාඩි උනා..
ඒත් ඉතිං අතපය වත් කොහෙවත් නොවැදි සංවර සෛය්‍යාව විනාඩි ගානක් තියාගන්න එක මගේ කාඩ් එකට හොඳ නිසා මං ඉතිං සංවර ඇඩ් එක දාන්න කිසිම උපාංගයක් වදින්නෙ නැති විදියට වාඩි උණා..ඒත් ඉතිං බස් නවත්තල තියෙනකොට වගේයැ යනකොට..විසිවෙනව ගැස්සෙනව ඉඩකඩ මදි වෙනවා. ඒ අස්සෙ මට නින්ද යනවා එයාට නින්ද එනවා. ඒ නින්දවල් දෙක අතර මැද සෙට්වෙලා එහෙ මෙහෙ වදිනවා. ඒත් ඉතිං මේ හැම වෙලාවෙම එහෙමෙ වෙන්නෙත් නෑ. මුලින්ම වැදුනම මං ඉතිං සොරි කියනවා..ඉන් පස්සෙ අරයා ටිකක් හිනාවෙලා අවුලක් නෑ ලයින් එකක් දෙනවා. ලංකාවෙ බස් වල ගිය කෙනෙක් ඉන්නවනං දන්නවනේ ඒවයි තියෙන ඉඩ කඩ අනුව කොයිතරං අමාරුද නොවැදි යන්න කපල් එකකට.

ඉතිං ඕම යනකොට මෙයා මගේ දිහා බලනව වගේත් තේරුනා. මගෙත් ඉතිං ඇඩ් ලෝකයයි. හොඳ වෙලාවට ටච් පෝං එකක් ගත්තෙ කියල හිතුනෙ ඒ වෙලාවෙ. ඕක ඉතිං ඉන්ටනෙට් යන්න හදනවයි..රේඩි එක ටියුං කරනවයි විකාර වැඩ ගොඩායි. ඉතිං ඔහොම යනකොට නින්දත් යනවා. කොච්චර උනත් හරි ෆෙන්ඩ්ලි ගතියක් තිබුන ඒ ගෑල්ලමයගේ. මං ඉතිං තේවතුර බොන්න බස් එක නවත්තන හරියට ආහම බැලුව.. මොකෑ මේ බස් එක තේවතුර බොන්ට නවත්තන්නෙ නැත්ද අද කියලා. ඒ වෙනකොට මගේ ලෙඩ තත්වය නිසා මොකුත් කාල බීල තිබුනෙ නෑ. ඒ අස්සෙ ඉතිං අර ගැල්ලමයත් එක්ක කතා කරන්ට දේකුත් තියෙන් එපාය. පැන්න ගමං ඇහුව. නංගි මේ කොහේද කියල. නංගි මේ බස් එක නේ හලෝ පේන්නෙ නැද්ද කියල කිව්වෙ නෑ. එයා බොහොම බුද්ධිමත් කාන්තා රත්න බාගයක් විදියට මේ මෙහෙනෙ කියල වැරදි උත්තරයක් දුන්නා. ඒ මදිවට ඒක කන්ෆර්ම් කරන්නත් මොකද්ද කිව්වා. මාත් ඉතිං ගොනා මොඩල් එකට හිටියා. මං අත්දැකීමෙං දන්නවා එයා කිව්ව ඒ නගරය එන්න තව විනාඩි දහයක් විතර බස් එක යන්න වෙනවා කියලා. ආන් ඒ විනාඩි දහයත් ගියා කියමුකෝ..

එතකොට අර නංගි කියනවා. මේ තියෙන්නෙ අම්බලන්ගොඩ තමයි. කියලා. ඉන් පස්සෙ ඉතිං විස්තර කතා කරන්න සෙට් උනා. තේ බොන්නත් බස් එක නැවැත්තුවා. ඒ දවසෙ නැවැත්තුව පොට් එක අම්බලන්ගොඩ මූද කිස්ටුව තැනක්. ඉතිං කස්ටිය බීච් එක දිහා තියන සින්දු කාමර පේලියට ගියා(මුත්‍රා කරන ස්ථාන). ඒ ගිහිල්ල එක පොරක් බස් එකේ නිදාෙගන ඇවිත් නිදිමත බේරෙන මූන පහත් කරල සිපර් එක හොයල යාංතං ඒ වැඩේ ෂරි කරගෙන එතන තිබුන කොට තාප්පෙං මූද දිහා බලනවා. බලල නිකාං ඉඳල බෑනෙ ඉතිං පොර කමෙන්ට් එකකුත් දානවා. තව වැඩිදුර යන්න නෑ මයෙ හිතේ..මේ වැලිගම හරියෙ වෙන් ඇති මේ මූද වැලිගම වගේ කොළ පාටයි නේ.. යකෝ බස් එකේ නිදාගෙන ආවනං ඒ විදියට හිටපංකෝ. මිනිහ මූදෙ පාට බලල අම්බලන්ගොඩට වැලිගම කිව්ව වැඩෙං එතකොට සිංදු කිය කිය හිටිය සෙට් එකටම හිනා.

ඉතිං බස් එක තේ බිව්වට පස්සෙ මං ඇවිත් වාඩිවෙලා. කෝකටත් කියල පැනඩෝල් දෙකක් කාරිය බීල. අර නංගත් එක්ක චැටක් දාං එනවා. ඒකත් හොඳයි. අර අංකල්ල ඇන්ටිල සෙට් උනා වගේ හාර හාර විස්තර අහන්නෙ නෑ නංගිල. අයිය වැඩකරන්නෙ කොහෙද කියල ඇහුවම අපි දෙන උත්තරේ අරං ඔහෙ ඉන්නවා. අංකලයෙක්ට ඕ උත්තරේ දුන්නනං නවසිය හැත්ත ගනං වල ඔය පැත්තෙ මගෙ යාලුවෙක් හිටිය සිමියොං කියල දන්නවයි අර මාර ගහ ලග පෙට්ටි කඩේ ලඟ වංගුවෙ..ඉතිං නවසිය හැට ගනන් වල නෙට් වත් නැති කාලෙ ඒව මං මනසින් සර්ච් කරන්න ඕනි අර පෙට්ටි කඩේ හොයන්න. ඉන් පස්සෙ දන් නෑ කිව්වොත්. දැං ඒ පැත්තෙ කොච්චර කල්ද ආකද මේකද පස්න ගොඩයි. තව තුන් හතර දෙනෙක් දෙනව අපිට අඳුගන්න. හරියට අර ෆේස්බුක් එකේ පාස්වර්ඩ් මිස් උනාම මිනිස්සු අඳුනගන්න දෙනව වගේ මහා චාටර් වැඩක් අංකල්ල ඇන්ටිල සෙට් උනා අතන දන්නවද මෙතන දන්නවද. අරයව දන්නවාද..එයා ඉන්නෙ කොහේද කියල අයිඩෙන්ටි වේරිෆිකේෂන් අනං මනං හොයන එක. නංගිල අක්කල සෙට් උනාම තියෙන හොදේ ඒකයි..ෆෝන් එක පිරෙන්න සිම් එක පිටාර ගලන්න කොල්ලන්ගෙ නම්බර තිබුනත්. මේ මට ලව් කරල තියන අයිය කෙනෙක් ඉන්නව ඔයා කිව් කම්පැනියෙ කියල කවදාවත් ගෑනු ලමයෙකේ කියන්නෙ නෑ කෙලිම්ම..

ඉතිං ඒ අස්සෙ නංගිට බස් එකේදි වෙච්චි අකරතැබ්බ වගේ ඒවත් කිව්ව. පස්සෙ එයැයි මාත් එක්ක හෑන්ඩ් ටෙලිපෝං එකෙං කියපු විදියට මං හොඳ කෙනෙක්. සමහර අය නැග්ග තැන ඉඳල වාඩිවුන තැන ඉඳල කරේ යන්න එනවලු. කරෙයි නගර්ල වගේ. එයා කැමති නෑලු හුඩ් රැක් හෙවත් බෑග් තියෙන රැක් එකේ බෆල් තියෙන තැංවල යන්න. ඒකයිලු මේ පැත්තෙං වාඩි උනේ. දවසක් එහෙම යනකොට එයා ළඟ ඉන්න බෝයිට තුවාල උනාලු අර පෙට්ටි ස්පීකරයක් වැටිල ඇගේ වැදිල. අනේ පව්. මාත් ඉතිං හොරාට දුක්වුනා. ගොඩක් අමාරු උනාද?? ඒ කිඹුල් කඳුලු සහ ඕප කඳුලු පාරක්?? ඔව් අනේ එයාට තුවාලත් වෙලා.. බේත් දාන්න බස් එක නවත්තලත් තිබුන..

ඉතිං ඕහොම කයි මර මර යනකොට එයා කියනවා. මං හමු උන එක හොදයිලු නැත්තං ඉතිං පාලුවෙංලු යන්නත් වෙන්නෙ. මටත් ඉතිං කමිං කලර් නොට් බෑඩ් වගේ තේරුනා( එන පාට නරක නැත). බහින්නත් කිස්ටු උනා නංගියා..ඉතිං මං නම ගම කාරිය අහගත්තා. එයා බහින්න කිස්ටුව ඉතිං අර එයාගෙ ටුකුරු ටුකුරු ගාන ටෙලිපෝං එක වදිනවා.. හැම තිස්සෙම. මොකක් හරි ටයිප් ගහල තිව්වම ආයෙත් වදිනවා. ඉතිං එයා කිව්ව. ඒක හරි වදයක් වෙලාලු තියෙන්නෙ. මාත් ඉතිං වෙලාව බලල කිව්ව. එහෙනං ඉතිං මගේ නම්බරෙත් දාගන්න. ඒ තරම්ම ලොකු වදයක් වෙන එකක් නෑ කියල.
එතකොට නංගි ඇහුවා ආ ඒ මොකටද ඔයාගෙ නම්බරේ මට.?? කියලා
මට පොලව පලාගෙන පොඩ්ඩක් යන්ට හිතුනා. ඒත් මොකුත් නොපෙන්න හිටියා. හුම් කියලා.
පස්සෙ එයා ටික දුරක් ගිහිං මට පෝං එක දුන්නා ගහල දෙන්න කියලා. ඉන් පස්සෙ මගේ නම යටතේ ඒක සේව් කරගත්තා..

ම්ම ඉන් පස්සෙ කතා කරා මැසේජ් කලා..සති දෙකක් විතර වැඩේ නැගල ගියා. පස්සෙ ඉතිං ඒක බැහැල ගියා. සුලු සිද්දියක් උනත් විස්තර ලියන්න ගියාම පස්ට වෙලාවක් යනව නේ.. සිහ් මං හිතුවෙ මේ වගේ කෑලි තුන හතරක්ම එකපාර දාන්න. ඒත් ඉතිං බෑ නෙව..දිග වැඩියි වෙලාව අඩුයි වගේ කේස් එනවනේ..

Tuesday, May 15, 2012

හිම කිරම දන්සැල්..

මගේ පියා ගොවියෙකි. හේ අද මෙන්ම එදාද ගොවිතැන් කලේය. කතා නායිකාවක් අපි ශ්‍රියාලතා ලෙස ගමු. ශ්‍රියාලතා අක්කලාගේ කාන්ඩයේ ගොඩක් අය සිටියෝය. අපේ තාත්තා ගොවිතැං කලේ ගොඩ බෝගය. බන්ඩක්කා මෑ ආදි දේද වැටකොලු පතතෝල වට්ටක්කා ආදී දේද විය. එකල ගොවිතැං කරන විට කලට බොහෝවිට වැසි වැටුනි. ඒ සමයේ තදින් වැසි වැටෙන කාලවල මෙන්ම සමහර විසාල ලෙස අක්කර දෙක තුන ගොවිතැන් කරන විට වැඩ හිරවෙයි. එනම් වැල් සහ එලවලු බෝග ඉක්මනින් හැදෙන නිසා, වැල් අල්ලා මැස්සට තබා ඉදල් කෝටු ගසා බැඳීම, පාත්ති වලට පස් ඇල්ලීම, පෝර දැමීම, වලවල් කැපීම, ඇට හිටවීම, පණු කැට දැමීම ආදි වැඩ කෝටියකි. එබැවින් අපේ තාත්තා සාමාන්‍යන් මුහුදු කරයේ සිටින අක්කලා සැට් එකක් වැඩට එක්කරගෙන එයි. එකලද එනම් මීට අවුරුදු පාලහකට විස්සකට පෙරත් ඔවුන්ට දිනක වැටුප රුපියල් හත්සියක් අටසියක් විය.
දැන් අපි වැඩකරන ආකාරය බලමු. ඔවුන් ආ විගස ඇඳුම් මාරු කර ගනී. ඉන් පසු අපේ ගෙදරින් බොහෝ විට උදේ ආහාර පිරිනමයි. බොහෝ දෙනා කැම කා ආ බවක් පවසන නමුත් අපේ අම්මාත් තාත්තාත් පෙරැත්ත කරන නිසා කයි.

අපේ ගෙදර එකල වැඩකරන විට කුඩා වුවත් අපිද සිටින්නේ වැඩ බිමේය. ගෙදර තිබුනත් අපේ ගෙදර බල්ලා පවා ඉන්නේ එහිය. මට එහි කුමක් හෝ සුලු වැඩක් මට පැවරෙයි. එය කරන්නේත් මහා වැඩක් කරන ලෙසයි. තේ වතුර හැදීම පාන් ගෙන ඒම බිස්කට් ගෙන ඒමට මා මාර මනාපය. මන්ද කරන බොරු වැඩෙන් මඳකට හෝ නැවතී සිට කට් එකක් දැමිය හැකි බැවිනි. ගෙදර තාත්තා සමඟ හෝ අම්මා සමඟ පැමිණ උදේ දහය සහ සවස තුන හතරට තේවතුර දීමට අපි සැරසෙමු. එවිට බොහෝ විට වැඩකරන අයට අපි තේවතුර සමඟ අඩුතරමේ පාං කෑල්ලක් වත් දෙමු.

දවල්ට කෑම දීමද මෙසේය. සාමාන්‍යන් අපි කනවාට වඩා අඩුතරමේ මාලු කෑල්ලක් ගෙනත් හෝ උයා පිහා එලවලු දෙක තුනක් සමඟ ඒ වැඩකරන කාන්තාවන්ට අපේ තාත්තා ඇතුලු අපි සලකමු. ඒවා එසේ සලකන්නේ කොහේ හෝ ලියා තිබෙන හෝ කිසිවෙකු කියන නිසා නොවේ. අපේ ගෙදර අයත් එවක අප අවට සිටි බොහෝ තැන්වලත් එසේම සිදුවුන නිසාය. එසේම අපි හාම්පුතුන්ය ඔවුන් අපේ වැඩකරන අයය කියා කිසි වෙනසක් තිබුනේ නැත. ඒ ගෙවල මඟුල් තුලාද මරණ ගෙවල්ද වූයේ නම් අපේ අම්මාත් තාත්තාත් නිසැකවම එහි වෙති. එසේම අපේ ගෙවල කුමක් හෝ උවමනාවක් වීනම් ඔවුන්ද එසේමයැ. අපි ඔවුන් ඇමතුවේ එක්කෝ අක්කා කියලාය. නැත්තං නැන්දා කියලාය. ඒ කිසි විටෙක මොවුන් අපේ වැඩකරන අයය කියා බෙදීමක් මට මතක ඇති කාලයක තිබුනේ නැත..



දැන් අපි අදට එමු..


මගේ කන්තෝරුවත් මේ අප ආයතනයේ සංකීර්ණයෙම පවතින වෙනත් කන්තොරුත් පිරිසිදු කිරීමට ගෑනු අය එති. ඔවුන්ට නමක් අපි කියන්නේ ක්ලීනින් සර්විස් ඔවුන හඳුන්වන නමයි. ඔවුන්ට ගෙවන මුදල දවසට හයසියයකි. ඔවුන්ට ඉන්නට ඇඳුමක් මාරු කරගන්නට හරිහමං තැනක් මේ කාර්යාල වල නැත. කුඩා තැනක් තිබුනත් එය ඔවුන්ගේ කාර්යාල හා බඩු බාන්ඩ තබාගන්ට බාවිතා කරයි. ඔවුන් අපේ ආයතනයේ කෙලින්ම හෝ අනුබද්ද අයවලුන්ද නොවේ. ඔවුන් තනිකර පිට කස්ටියක්ය. එක්තරා අපේ කන්තෝරුවක සිටින ගෑනියෙක් බාත්රූම් එකේදී ක්ලීනින් ගෑනියෙක් නාන අයුරු දැක එයද කම්පෙලෙන් කර තිබුනි. ඉන් පසුව මගේ ඇස් පනාපිට ක්ලීනින් සුපවයිසරයෙක් ඇවිත් අර ක්ලීන් ගෑනු එකට බැන්නේය. 

මේ අයවලුන් ගැන ඇතුලේ අයගේ කිසි සැලකීමක් නැති.. හිනාවෙලා මූන බලා කතාකරන්නට ආවත් ඔරවාගෙන බුම්මගෙන යන අයට අර අසරණයෝ නොපෙනෙති. මේ සමහර ලොකු මහත්වරු සති අන්තය එලොවට වැඩ පිණිස පන්සල්, අසපු පල්ලි වලගෙවති. නමුත් අර තමුන් සමඟ එකට ලිෆ්ට් එකේ කොසු බාල්දි අරං යන පිරිසිදු කරන්නිය ඔවුන්ට නොපෙනේ. ඔවුන් කන්නේ බොන්නේ ඉන්නේ කෙසේදැයි නොපෙනේ..

මේ කාන්තාවන්ට වැටුප රුපියල් හයසීයකි දවසට. එසේම බොනස් මුකුත්නැත. අවුරුද්දට හෝ වසර මුල මේ ඉන්නා පනස්දාහට වැඩි මාසික පඩි සහිත බහුතර මනුස්සයෝ රුපියල් සීයක් දෙසීයක් එක් අයකුගෙන් එකතුකර ඔවුන්ට දෙති. එය මහත් දෙයක් ලෙස මේ සිටින අය සිතති.

අපේ යූනියන් කාරයෝද මොවුන් ගැන කිසිදු අනුකම්පාවක් නැත. යූනියන් අයට දායක මුදල් ලැබෙන්නේ යූනියන් වලට සාමාජික වූ අයගෙන් විතරය. යූනියන් වලට අදාල වන්නේ යූනියන් එකට බැඳී ඇති හෝ ආයතනික පුද්ගලයින් පමණි. මේ ජිවත් වන්නෙ මනුෂ්‍ය කොටසක් බවවත් කිසිම තැකීමක් නැත. පිරිසිදු කල යුතු ඒරියා එකක් යැයි නම් කර නැත. ඇත්තේ කියන වැඩය කිරීමේ තියරියයි. වැඩකරන බොහෝ අය විවිධ ආබාධ වලිං පෙලෙති. සමහරු වැඩකලයුතුවාට වඩා වයසකය. සමහරු මන්ද මානසිකය. රුපියල් හයසියේ වැටුපට එන්නේ එවන් අයය.

අපේ සුබසාධක අංශය මගින් සහන මිලට කැන්ටිමක් පවත්වාගෙන අයයි. අප වැනි අර්ධ පොෂ් අය විසින් ලබාගන්නා කෑම මිලම අර රුපියල් හයසියේ අයටත් වලංගුය. ඒ මනුස්සයෝ සමහර විටෙක අර කැන්ටිමේ ඉතිරි වෙන හොදි අනම් මනම් බෑග වල දාගෙන යති..මා එය දෑසින්ම දැක ඇත..

මා මීට වසරකට පෙර දිනක් අපේ මහා විසාල උත්සවයකට කෑම සප්ලයි කිරීමේ වැඩක සිටියෙමි. එය පැවැත්වුනේ පිට තැනක වුවත් එහි ඕගනයිසරයන් මේ කන්තෝරුවල සිටින ලොකු නිලධාරින්ට කෑම එවිය යුතුයැයි සිතුවේය. ඔවුන් විසින් ලකුනු දා ගැන්ම පිණිස ලොකු නිලධාරින්ට බැදපු බත් සහිත කුකුල් කකුල් අඩංගු කෑම පාර්සල් එවුයේ වාහනයක්ද යොදවමිනි. මා දවල් එකට පමණ ඒ කෑම තවත් සගයෙකුත් සමඟ අසා බෙදන විට බොහො ලොකු තැන් ඒවන විටත් කෑම ගෙන තිබුනි. නැත්නං කෑම ඔවුනට ලැබී තිබුනි.

ඉන්පසු මාත් මා මිතුරාත් ඒවා අර ක්ලීනින් ස්ටාෆ් වෙත ගොස් සොයාබලා කෑම දැනට ගෙන නොමැති අයට ලබාදුනි. කෑම තබාගෙන සඟවාගෙන තව ඒවාට අත දිගු කරන වෘත්තිය හිඟන්නන් මෙන් නොව මේ අය අවංකවම "මං කාල අර අනික් අක්කල කාල නැතුව ඇති එයාලට දෙන්න මහත්තයා" යැයි කීය..මා සමඟ කෑම බෙදන්ට එකතු වූ යාලුවා දිනක් ඒ ක්ලීනින් සේවිකාවක් හොරෙං කුනුබාල්දි වලිං කෑම සොරා ගෙන ඒවා එකතු කර සැඟවී ගෙන කනවා දැක තිබුනි. මිතුරා එය කිව් පසු මටද අමුතු විදුලියක් සරීරය හරහා ගියා වැන් විය. අපි දෙදනාම කෑම දහයක් පමණ පිරිසිදු කරන්නියක් වෙත දුනි. බොහෝ විට වැඩිමහලු අය වලුන් වූ ඔවුන් අපිට පින් දුන්නේ දානයක් දුන් කලක මෙනි. සමහරු එය කන්නේ නැතුව ගෙදර ගෙනගියා වන්නට ඇත.

මේ මිනිසුන්ගේ සුබසිද්ධිය ගැන ලොකු මහත්තුරු වත් පොඩි මහත්තුරු හෝ එවැනිව සිටින අපිවත් කතා කරන්නේ නැත. මන්ද එය අපට අදාල නොවන බැවින විය හැක. මේ ගැන අප ආයතනයෙ සිටින ලොකුම ලොක්කන්ට දැන්විය යුතුයැයි මට සිතුනත් පොඩි තැන්වල සිට මේ ආයතනයේම සිටි ඔවුන් මේවා නොදැක නොදැනී සිටින්නට හේතුවක් නැත. මන්ද නිතර දෙවේලේ මේ පිරිසිදු කරන්නියන් එහා මෙහා යනු. ඔවුන දුබල සරීරෙන් කුනු එහා මෙහා කරනු..බිම පිසදානු මේ ලොක්කන්ද දකිනු ඇති බැවිනි.

මා අපේ පියා සහ ගෙදර අය වගා බිම්වල සේවයට පැමිණි විට ඔවුන්ට සලකන ආකාරය දැක්වූයේ මගේ ලොකුකමක් ගෙන හැර පෑමට නොවේ..මට මේ ක්ලීනින් අයට මේ ආයතනය සහ ක්‍රමය සලකන විදිය වැරදි යැයි මට පෙනෙන්නේ ඇයිදැයි අයිඩියා එකක් අනික් අයට පෙනීම සඳහාය.

පසුගිය පෝය දිනෙක ඇතුලේ අයට අයිස් කිරිම් දන්සලක් මේ කන්තෝරු සංකීර්ණය ඇතුලේ තිබුනි. මාත් මගේ මිතුරාත් ප්‍රතිපත්තිමය තීරණයක් උඩ අයිස් ක්‍රීම් කන්නට ගියේ නැත. මන්ද අපේ ආයතනයේ සුබ සාධන අංශයක් මගින් අයිස් ක්‍රිම් දුන්නත්..ඔහේ දෙන්නං වාලේ අයිස් ක්‍රිම් දෙනවාට වඩා කල හැකි පිංකම් සහ යුතුකම් ඔවුන්ට තියෙන්නට ඇතැයි අපි දෙදෙනාම සිතූ බැවිනි..

Monday, May 14, 2012

උමතුවද නැතිනම් සැබෑවද?

ජූලි 5
තර්කන ශක්තිය මා වෙතින් ගිලිහී ගියේද? ඊයේ රෑ සිදුවීම පිළිබඳ මතකය මා හිස බමවයි.

 දොර අඟුලු ලා තිබිණ. හැම සන්ධ්‍යාවකම එසේ කරන්නට මම පුරුදු වී සිටිමි. පවසට දිය බඳුනෙන් අඩක් බීවෙමි. බඳුනේ පළිඟු මූඩිය ළඟටම දිය පිරි තිබුණා මට මතකය. ඉක්බිතිව යහනට වනමි. සිහිනයක් නිසා උපන්තේකට නොවුන සේ තැති ගෙන නැඟී සිටියෙමි. නිඳි ඇඳේදී පෙනහලු පලාගෙන යන සේ පිහියෙන් අනිනු ලැබ, හුස්ම හිරවී, ලෙයින් නැහැවී, තමාට කුමක් සිදුවූයේදැයි නොදැන, පිහියද සහිතව ඇඳෙන් නැඟී සිටි පුද්ගලයකු ඔබට සිහිකර ගත හැකිද? ඒ රැයේ මා නැඟී සිටියේ එ ලෙසිනි.

ඉකිබිතිව කෙමෙන් ම වෙත පියෙවි සිහිය එළැඹිණ. ඉටි පහන දල්වා, පිපාසයෙන් දිය බඳුන වූ මේසය වෙතට පිය මැන්නෙමි. බඳුන අතින් ගෙන වීදුරුවට නැමුවෙමි. එය හිස්ය. සහමුලින්ම හිස් ය. මින් ඇති කරන ලද භ්‍රාන්තිය කරණ කොට ගෙන මා ඉඳගත්තා නොව මට ඉන්දවුනා විය යුතු ය. ක්ෂණයෙන් යලි නැඟීසිටි මම අවට බැලුයෙමි. භය භ්‍රාන්තියෙන් පෙළෙමින් යළි හිඳ ගත්තෙමි. පිළිතුරු නොලබා අන්දමන්ද ව විනිවිද පෙනෙන හිස් බඳුන දෙස බලා සිටියෙමි. අත් වෙවුලයි. කවුරුන් හෝ ජලය පානය කර ඇත. කවු ද? මම ද? මා විය යුතුය. මා හීනෙන් ඇවිදින්නෙකු විය යුතු ය. මේ නාඳුනනා ස්වප්න යාත්‍රිකයා සමඟ මා මෙතෙක් දෙබිඩි ජීවිතයක් ගතකර තිබේ.

අප තුළ සත්වයින් දෙදෙනකු සිටිනවා විය යුතු ය. නැතහොත් නින්දේදී යම් පිටසක්වල ප්‍රාණියෙකු ඇඟ සිය ග්‍රහනයට ගන්නවා විය යුතු ය. අපි ඔහුට කීකරු වෙමු. හේ අපට කීකරු වෙයි. පැහැදිළිව කියන්නේ නම් අපි ඔහුට වඩා කීකරු වෙමු. 

අහෝ මේ ඛේදවාචකය වටහා දෙන්නේ කවුද? යහපත් සිහියෙන් හා හොඳ අවධියෙන් පසුවන, සාවධානී ප්‍රකෘතියේ පිහිටා සිටින මනුෂ්‍යයෙක් තමා නින්දේ සිටිය දී භාජනයෙන් සහමුලින් අතුරුදන් වූ ජලය දෙස බියපත්ව බලා සිටී. තේරුම් කර දෙන්නේ කවුද?

යළි යහන් වදිනා ධෛර්ය නොමැතිව මම එළිවන තෙක් එතැනම රැඳී උන්නෙමි.

ජූලි 6
මම උමතු රෝගයකින් පෙළෙමි. ගත වූ රැයේද බඳුනෙන් ජලය මුලුමනින්ම බී තිබේ. එක්කෝ මා බී තිබේ. බීවේ මම ද? එහෙනම් ඒ මම ද? නැත්නම් කවුද? දෙවියනි, මම පිස්සුවෙන් ද? මා දැන් බේරාගන්නේ කවු ද?

ජූලි 10
මම පුදුම සහගත පරීක්ෂණ පෙළක් සිදුකරමින් සිටිමි. ඉඳුරා උන්මත්තකයෙකි එහෙත්. . . . . . 
ජූලි 6 වෙනිදා සයනයට පෙර මම මේසය උඩ වයින් කිරි හා වතුර ටික බැගින් ද පාන් හා ස්ට්‍රෝබෙරි පොකුරක්ද තැබූයෙමි.

යමකු, නැතහොත් මා වතුර සියල්ලද කිරි ටිකක්ද බී තිබේ. වයින් පළතුරු හා පාන් එළෙසින්ම තිබේ. ජූලි 7 දා යළි එම පරීක්ෂණයෙන් සමාන ප්‍රතිපල ලදිමි. ජූලි 8 වැනිදා කිරි හා වතුර නොතැබීමි. කිසිවෙකට අත ගසා නැත.

ජූලි 9 දා යළි කිරි හා දිය තැබීමි. සුදු මස්ලින් රෙද්දකින් බඳුන් එතුවෙමි. බෝතල් මූඩි කටට තබා බැන්දෙමි. මගේ තොල්වලද උඩු රැවුලේද රතු සායමක් ගා ගත්තෙමි. මා බීවොත් රෙද්දේ සායම් තැවරෙනු ඇත. නිදා ගත්තෙමි.

වහා නින්දට වැටුන මම සුපුරුදු සිහිනෙන් බියපත් ව අවධි වූයෙමි. යහනේ මා ඇඟ සෙලවී නැත. ඇතිරිල්ලේ සායම් ගෑවි නැත. වහා මේසය වෙත පැමිණ බැලුවෙමි. බෝතල එතූ සළුවේ ළපයකුදු නැත. බියෙන් ගැහෙමින් බඳුන් එතූ පිළීයේ රැහැන් මුදන්නට වීමි. වතුර සියල්ලම බී තිබේ. කිරි සියල්ලද බී ඇත. සර්වබළධාරී දෙවියනි, තව මිනිත්තුවක් මෙහි නොරැඳෙමි. පැරීසිය බලා යමි.

 මේ ටික උපුටා ගත්තෙ බණ්ඩාර සෙනෙවිරත්න දොස්තර මහත්තයගෙ මේන් මේ පහත තියෙන පොතින්..
 මේ කතාව ගීද මෝපසාං කියන ප්‍රංශ ගත්කරුවාගේ හෝලා කියන කෙටිකතාවේ එන කොටසක්...

මේ සම්පූර්ණ කතාව ගැන විස්තර කරන පරිවර්ථකයා...

මෝපසාන්ගේ මේ කෙටිකථාව මහත් භයක් හා ශෝකයක් එක වර ඇති කරන්නකි. මේ ඔහුගේ ම අත්දැකීම යි. මේ කථාව ලියවෙන අවධිය වන විට ලේඛකයා සිටියේ උමතුභාවයෙනි. එබැව් හේ නොදනී. සිෆිල්ස් නම් ලිංගාශ්‍රිත රෝගයේ උත්සන්න අවධියේදී බැක්ටීරියාව රෝගියාගේ මොළයට වැද උන්මත්තකභාවය ඇති කරයි. මෙය එකල හැඳින්වූයේ  (Tertiary stage of insane) යන නමිනි. මේ උමතු රෝගයෙන් මෝපසාන් පමණක් නොව ලෝකයද නොදැන සිටිය බව අපට පෙනේ. කතාව ලියා මාස කිහිපයක ඇවෑමෙන් ඔහු මානසික රෝහලකට පමුණුවන ලද්දේ එහිදී මිය ගියේ ය. හැකි හැම තැන සිය දිවි හානි කරගැනීමට තැත් කලේය. මිහි මත සිටින කිසිම මනුෂ්‍යයකුට දරා ජීවත් විය නොහැකි වන තරම් ඛේදවාචකයක් බවට ජීවිතය පත්වන අන්දම මේ කතාව කියැවීමෙන් පාඨකයා දැන ගත හැකිය.
ලේඛකයා සතු නිසඟ තර්කන ශක්තියට බලගතු ලේඛන කෞෂල්‍යයට බුද්ධිය කෙස් ගසකිනු හානි පමුණුවන්නට මෙකී ව්‍යාධිය සමත් වී නැති බව කතාව කියවන අපට හැඟෙයි. මෙකී හැඟීම සොව තවද ලියලවයි. අසම සම ලේඛකයකුට උන්මත්තක භාවය වැළැඳුන කල්හි හේ එය ඇති සැටියෙන්ම ලියන්නේය. ධනවත් බුද්ධිමත් අවිවාහක විනෝදකාමියෙකු වූ මෝපසාන් ගේ තොරතුරු බිඳක් දැන ම කතාවට පිවිසීමෙන් ඔබට වඩාත් පළල් වින්දනයක් ලැබෙතැයි මම සිතුවෙමි..

ලෙස ඒ කතාවට අදාල ඇත්තම විස්තරය මැනවින් විස්තර කරයි..

පොතේ අංකය :- ISBN -978-955-54277-0-8
පොතේ නම :- විවාහයේ පරම විද්‍යාව. ( මෙය කෙටිකතා පොතක් වුවත් මේ නම යෙදූයේ පොත මුද්‍රණයක කරන ලද මිතුරාගේ අභිමතය පරිදි බව මේ පරිවර්ථක මහතා මා සමඟ පැවසීය.)
පර්වර්ථක :- වෛද්‍ය බණ්ඩාර සෙනෙවිරත්න.
(bandaraseneviratna@yahoo.com)
මිල :- රුපියල් 230/=
මිලදී ගත හැකි තැන් :- ඇස් ගොඩගේ පොත් සාප්පුව මරදාන, සරසවි පොත්හල නුගේගොඩ..

මෙය එළිදැක්වීමේ දේශනයේදී සමන් වික්‍රමාරච්චි පැවසූ පරිදි මෙහි බාසාව තරමක් පරන ස්වරූපයක් ගනී..නමුත් එහි රසය නොඅඩුව ඇත. කෙටි කතා වුවත් කතාන්දර මට්ටමේ වින්දනාත්මක තරමක් දිග කතාන්දර හතරක් මෙහි ඇතුලත්ය. මේ කොටස මා ටයිප් කර දැම්මේ පරිවර්තකගේ වාචික අවසරයක් සහිතවය.

Thursday, May 10, 2012

අපි උසස් අධ්‍යාපනය නැමැති චුවින්ගම් කමු

.ෂර්ලොක් හෝම්ස් කතාවක් තියෙනවා රතු හිසකේ තියෙන සංගමයක් ගැන කියවෙන. එතනදි එක්තරා රතු හිසකේ සහිත පුද්ගලයෙක් ඒ සංගමයට බලෙන්ම වාගේ බන්ද ගන්නවා. ඉන්පසු ඒ පුද්ගලයාට රාජකාරියක් සහ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. ඒත් තියෙන්නෙ බයිබලය ටයිප් කිරීම වැනි මහ අදෝමැයි රාජකාරියක්. ඒක හරි ලේසියි ඒත් මේ මනුස්සයට සැකයි. කොන්ඩයත් ඒතරම්ම රතුත් නෑ.. මොකද්ද මේ ජංජාලය කියල අහන්න හෝම්ස් ගාවට එනවා අර මනුස්සය. එතනදි හෝම්ස් විසින් අවසානයේ ඒ මනුස්සයා කඩේ යවපු හැටි හෙලිදරව් කරනවා.

අර රතු හිසකේ සංගමයක් පිහිටුවල මේ මනුස්සයට රස්සාවක් දීල වෙනත් තැනක ඉඳන් බයිබල් ටයිපින් වැඩේ දීල තියෙන්නෙ සොර කන්ඩායමක්. මේ මනුස්සය ගෙදර හිටියොත් අවුල් වගේ නිසා ගෙදරින් පිට තැනක රැකියාවක් දීල එතනට කොටු කරල තියෙනවා. එතකොට හැමදාම එයා ඒ වැඩේ කරන්න එලියට යනවා..ඒ අතර ඉදිරිපස ගොඩනැගිල්ලක ඇති බැංකුවට උමගක් සෑරීමේ බාරදූර කටයුත්ත කිසිදු සැකයකින් කරන්න අර සොරමුලට අවකාශ ලැබෙනවා..

මේ රතුහිසකේ කතාව මෙතෙනට අදාල වෙන්නෙ අපි ඉගෙනගන්න ආකාරය සම්බන්ධයෙන්. අපි ඔහේ එක්සෑම්ස් කරනවා. ඒකට කාලෙ පුල්ම යොදනවා. අවසානෙ අපේ ජීවිතෙන් අවුරුදු දහයක් දොලහක් පාලහක් මේ වෙනුවෙන් යනවා.. ඒත් සමහර විට හිතපු දේවල් ලැබිල නෑ..අපිට නිදහසේ සිංදුවක් කියන්න, කලාවැඩක් කරන්න. ඉස්සර අපේ මුත්තල වගේ හාන්සි පුටුවෙ වාඩිවෙලා ලෝකෙට පේන්න ටොක්ස් දිදී පත්තරේ බලන්න වෙලාවක් නෑ. කොටින්ම සමහරුන්ට ෆිල්්ම එකක් බලන්ටවත් වෙලාවක් නෑ.. මොකද අපි විසින්ම දමාගන්නා එක්සෑම්ස් වලට පාඩම් කරන්නට සිදුවීම. හරියට අර රතු හිසකේ කතාවෙ මනුස්සය ගෙදර දාල ඇවිත බයිබලය ටයිප් කරනව වගේ...


මට මේ ලඟදි පොඩි මියුසික් ආටිකල් එකක් කරන්න හිතුනා. ඉතිං මේකට මං යාලුවො ටික දෙනෙක්  ටෝක් කරල බැලුවා. ගොඩක් අයට එක එක එක්සෑම්ස්. සමාරු අයිටී. තව අය මැනේජ්මන්ට්, තවත් අය එච් ආර්, වැඩ කෝටියය් තව එකයි. හැමෝටම එක්සෑම් එකක් නැත්තං කරන්න අදහසක් හරි තියෙනවා. සමාරවිට ඒ සල්ලි නැති නිසා ඒ අය දුක්වෙනව වෙන්න පුලුවනි. පහල ශ්‍රේණියේ රැකියා තමයි මේ කාලේ ඉහල සුදුසුකම් වලට හම්බුවෙන්නෙ. ඉතිං ඩිග්රි දෙක තුනක් තව ඩිප් එකක් සහ අඩුම කුඩුම ටිකක් දාගත්තෙ නැත්තං කාර් එකක් ගන්න, ඒකට පැට්‍රල් ගහගන්න සහ ගෙයක් දොරක් හදාගෙන තොරොම්බල් කරත්තයක් වගේ ගෑනියෙක් කුදගහගන්න බැරිවෙනවා. ගෑනු අයටත් එහෙමයි. ලස්සන පිරිමිය කෙනෙක් විතරක් මදි අඩු තරමෙ මුදලාලි පාරක් වත් ෂේප් එකේ දාගන්න නම් ඉතිං ලස්සන ප්ලස් එඩියුකේෂන් සහ ජොබක් ඕනි. ඉතිං විස්සත් තිහත් අතර වයසෙ අය ගත්තොත් මොකාක් හරි එක් සෑම් එකකට වැඩ කරනවා.


මේ ගොාඩක් අය වැඩ කරනවා. ඒකිව්වෙ ජොබක් කරනවා. ඉතින් ඒ ජොබ ඒ තරම්ම නියමකල රාජකාරි නැති හිතල වැඩ කරන්න වගේ එකක් නං පාඩං වැඩ ටික කරගෙන කස්ටිය මාර ආතල් එකේ ඉන්නවා. ඒ වගේ තැං සෙට්වෙන අයට අනික් අය ඉරිසියා කරනවා. මැනේජ්මන්ට් එකෙන් හෙවත් බොස්ලගෙන් ප්‍රෙෂර් එකක් එන්නෙ නැත්තං වැඩ කරනවා තියා වාඩිවෙලා කොලයක් හරවන්නත් අද කාලෙ තාරුණ්‍යය කම්මැලියි කියල මට පේන්නෙ. එක අතකින් නිදි වරාගෙන පාඩං කරල කන්තෝරු ඇවිත් අනුන්ගෙ ප්‍රශ්ණ විසඳනවාට වඩා වැදගත් ගැටලු තියෙන ඔවුන්ගේ පවුල හෝ අනාගත සිහිනයේ ඇති පවුල වැදගත් කියල ඔවුන සිතනවා ඇති..


අපේ අම්මැලෑ තරුණ කාලෙ ජොබ් වලට ගියේ ඕ ලෙවල් වලිං. ඒත් දැං කාලෙ ඩිග්රි දෙකක් තිබිලත් ජොබකට යන්න අමාරුයි. අපි ඉගෙන්ගන්නවට සාපේක්ෂව ජොබ්ස් වැඩි නොවීම ගැටලුවක්ද කියල වෙලාවට හිතෙනවා. අපිට සල්ලි වැඩිවෙලා ඒ වැඩිවෙන සල්ලි ප්‍රමාණ්‍යට හරියන්න බඩු වැඩිවුනේ නැත්තං ඉතිං බඩු මිල වැඩිවෙනවා. එතකොට එක බඩුවකට අපිට සල්ලි ගොඩාරියක් ගෙවන් වෙනවා. ආන් ඒවගේ එක සුලු රැකියාවකට විශාල කාලයක අධ්‍යාපන සුදුසුකම් ඕනි වෙනවා අද කාලෙ.. කෙනෙක්ට මේක හොඳය කියල පේන්න පුලුවනි. ඒත් මොකද්ද ඇති හොඳේ...ලෝකල් හෝ පොරීන් සිලබස් එකකට හෝ ගයිඩ්ලයින් වලට අදාල රිසච් කලාට අපේ කන්තෝරුවලට හෝ අපේ සමාජ ක්‍රමයට වෙන බලපෑමෙ මොකද්ද කියන එක නං මට තේරෙන්නෙ නෑ..


ඉස්සර අධ්‍යාපන සුදුසුකම් අඩුවෙන් රැකියාවලට  ගත්ත කාලෙ ඒ ඒ රැකියාවට ගියෑම අදාල ක්ෂේත්‍ර පිළිබද විශේෂ අධ්‍යයනයන් කරන්න අවකාශ තිබුන. විශේෂයෙන් රජයට අනුබද්ධ සමහර සේවා වලට සහ පුද්ගලික් සේවාවන්ට පවා ගත්තේ විශේෂ පුහුනුවකින් පස්සෙ. ඒ පුහුනුව බොහෝ දුරට රැකියාවට සමාන්තර රැකියාගත එකක් උනා. ඒත් අද එහෙම දේවල් අඩුයි. කෙලින්ම ගිය ගමන් වැඩ. ඒ ක්ෂේත්‍රය ගැන ඩිග්රි වල සහ ඩිප් වල ඇතිය කියල තමයි කස්ටිය හිතන්නේ. මේ හරහා යම් ක්සේත්‍රයක දැනුම ගලා යෑමේ යම් අඩුවක් තියෙනවා. හැමවිටම අලුතින් එන අය මගින් වැඩ රී ප්ලේස් උනාට ඉස්සර කාලෙ වාගේ පරන ක්‍රම අලුත් වෙන්නෙ වත් අලුතින් දෙයක් ඇතිවෙන්න වත් අවකාශ නෑ...


මේ මං වැඩකරන කන්තෝරුවට මැනේජ්මන්ට් ට්‍රේනින් ආව ග්‍රැජුවේට්ස්ල වගයක්. ඉතිං අපේ ලොක්කත් අර යකා බැඳගත්තම ඌට නන්ස්ටොප් වැඩ දෙනව වගේ හැමවෙලේම වැඩ දෙනවා. අපේ එක්තරා ගෙවීම් ක්‍රමයකට අපි ගන්නා කාලය වැඩියි කියල හැමතැනින්ම කම්පෙලෙන් එනවා. අපේ ලොක්ක මේක ගැන රිපෝට් එකක් ගහන්න අර ආපු ලමෝ දෙන්නෙකුට දුන්නා. මේ දෙපල ඇවිත් මාව හමු උනා. මගෙන් ඉන්ෆොමේෂන් ගන්න කියල ලොක්ක කියල තිබුන හින්ද මාව හමු උනා. විනාඩි පහලවක් විතර කතා කරල දඩ බඩ ගාල ලියාගෙන ඒක ටයිප් කරලා දුන්නා. ඒත් අපේ ලොක්ක ඒ වගේ පපඩම් බදින වැඩක් නෙමෙ අපේක්සා කලේ. එයාට ඕනි වුනේ මං ඇතුලු සම්බන්ධ වන සියලු පාර්ශව වලිං තොරතුරු අරං. අලුත් ක්‍රමවේද හොයල. තවත් අය සමග සාකච්චා කරල ගන්න ටිකක් ප්‍රබල මට්ටමේ වාර්ථාවක්. ඒත් මෙයාල ඒක ගත්තෙ අර කොපි කරල උඩදාල ලියන කැම්පස් එසයිමන්ට් එකක් විදියට. මගෙන් අහුපු සැනින් ඒව බොරුද කියලවත් හොයන්නෙ නැතුව ටයිප් ගහල මේල් කරල යැව්ව. ඊළඟ දවසේ ගියාම ට්‍රේනර්ස්ල නැති තැන සර් මේ අය පැයෙං රිපෝට් එක ගහලනේ කියල බොසා කට කොනකින් හිනාවෙලා මට කිව්වා..


සාමාන්‍යන් අපේ බොස් ඇවිල්ලා එක්තරා විදියට හතරවෙනි පරම්පරාවෙ කපටියෙක්. ඒ කිව්වෙ අපිත් නොදැන අපෙන් වැඩගන්න දක්ෂයෙක්. මේ ට්‍රෙනර්ලගෙ රිපෝට් හැදිල්ලෙන් එයාට ඕනි උනේ එයාට නොපෙනෙන එරර් ටික ඩිටෙක්ට් කරගන්න. ඒත් අර අය කරපු දඩි බිඩි වැඩෙන් ඒක සම්පූර්න උනේ නෑ. පස්සෙත්ඒ ගැන තව තොරතුරු හොයන්න කියල මැනේජ්මන්ට් ට්‍රෙන්ර්ලට බොසා කිව්වත් එයාල ඒක වැඩිය කනකට ගත්තේ නෑ..


මේක හුදකලා සිද්දියක්ම නෙමෙ..ගොඩක් වෙලාවට අලුතිං එන අය ගැන අපි හිතනව මාර ඇක්ටිව් සහ ඉෆෙක්ටිව් විදියට වැඩ කරයි කියල. ඒත් පස්සෙ බලනකොට ඒ අය වෙන එක්සෑම්ස් වලට පාඩං කරනවා. අපි සුට්ටි දෙයක් කිව්වත් ඒක කණකට ගන්නෙ නෑ. ඔහේ එයාලගේ ලෝක වල සක්මන් කරනවා. මට නං හිතෙන්නෙ එක්සෑම්ස් කියන්නෙ අර කිසිම රහක් නැතත් හප හප ඉන්න දීපු චුවිං ගම් එකක් කියල..


මේක අස්සෙ ඉතිං මහා ලොකු කතාන්දරත් තියෙනවා. මේසන් බාස් කෙනෙක් වඩ්ඩෙක් ගොයියෙක් කියන්නෙ අපේ රටේ ටිකක් යට පෙළ තියෙන ජොබ්ස්..ඉතිං ඒ වගේ රස්සා කොයි තරං වටිනව උනත් කස්ටිය ඒවට කැමති නෑ..කැමතිම මේ මං වගේ පුටුවක් මේසයක් කම්පියුටරයක් මාසෙ පඩියක් තියෙන ජොබ් වලට... ඒ වගේ රස්සාවලට ඉගෙන ගන්න අය වැඩියි අම්බානකට...ඒක උමතුවක් වගේ වෙලාවකට.. මේ තමුන් යන්නෙ මොන දේ පස්සෙද නොදැන ඔක්කොම මොකක් හෝ නොපෙනෙන ටාගට් එකක් පස්සෙ යනවා..හුම්...අවුරුදු පනහ පැන්නට පස්සෙ විතර මතක් වෙයි අපිටත් මේ අපි කරපු එක්සෑම්ස් වලිං පඩි වැඩි වුනා ඒත් අපි කොහෙටද ගියෙ කියල.
(මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුදු දෙකක් වෙන්නත් ඇති පහුගිය අප්‍රෙල් වල..ඒ වගේම අද ඊයෙ දවසක හිට්ස් කියල පෙන්නුං කරන දේවලුත් ලක්ෂයකට කිස්ටු වෙන්න ඇති.. ඉස්සර බිත්ති පුවත්පතක පත්තරේක ලිපියක් වැටුනම එන ආතල් එකට වඩා වැඩි ආතල් එකක් මේකෙ තියෙනවා.. ස්තූතියි)

Friday, May 4, 2012

වෙසක් මට මතක හැටි..

මටනම් වෙසක් අතීතයට අයිති දෙයක් විතරයි..
දැං ඉතිං වෙසක් කඩෙං ගත්ත සුටුස් ගාල එල්ලුව පත්තු කලා ඒක හරි සිම්පල්. සිම්පල් වැඩි නිසාම දැන් මටනං වෙසක් කූඩු වෙසක් කාඩ් මෙලෝ රහක් නැති දෙයක් වෙලා..


ඉස්සර කාලෙ අපෙ තාත්තලෑ මහ ගෙදර මං හිටපු පුංචි සන්දියෙ වෙසක් එක ජයට ගන්නවා. අවුරුද්ද පහුවෙලා සතියක වෙලේ ඉදල තමා කූඩු හැදිල්ල පටන් ගන්නෙ. වත්ත පහල තියේ විසල් උණ පඳුරක් ඒකෙන් අපි තඩි උණ ගහක් කපා ගන්නවා. ඉන් පස්සෙ කස්ටියම එක එක කැටයං දාල ලස්සන කූඩු හදනවා. අටපට්ටං, පැටවු කූඩු, නෙලුම් මල්, ප්ලේන්, ධර්මචක්‍ර අරවද මේවද වැඩ කොටියයි. ඉතින් අක්කලා කරන්නෙ කූඩු අලවන වැඩ බඳින ඒව වගේ තමා. අයියලා තමයි ඔක්කොම කැපුම් කෙටුං ආදිය කරන්නෙ. ඔක්කොම අයියලා අක්කලා වෙන්නෙ ඒ කාලෙ හිටිය සුට්ටංම එකා මම නිසා.. ඒකාලෙ කූඩු අලවන්නෙ කම්බි හෝ නූල් වගේකින්. ඉස්සර අපේ තාත්ත පුංචි සන්දියෙ නං ඔට්ටපාලු වලිං කූඩු හදාපු කතාවක් තියෙනවා. ඒත් ඉතිං දන්නෙ කෝමද ඒ කැටයං අපි..
වෙසක් කූඩු
 පිංතූරය:- http://www.lankapuvath.lk වෙතිනි...

එක පාරක් අපේ අයිය පොර සුට්ටි කාලෙ මාත් සුට්ටං එකා වෙච්චි කාලෙ හැදුව අඩි දෙකක් විතර දික පතුරු අරන් තඩි අටපට්ටමක්. ඉතිං අටපට්ටම අනික් අයට පෙනේවි කියල හැදුවෙ ගේ ඇතුලෙ ඉඳන්. ගේ ඇතුලෙ ඉඳන් හැදුවට ඉතින් එලියට ගන්න බෑ. කොහොමවත් එලියට ගන්න බැරි උනා. හොඳට සැපට අලවපු කූඩුවෙ මට මතක විදියට වරල් පවා දාල තිබුනෙ. ඉතිං පොර අඬනවා හෝ ගාල. ඉන් පස්සෙ අපේ අනික් අය්යලයි අම්මයි එකතු වෙලා කූඩුව තලල ගත්ත එලියට. ඒත් එතකොට කූඩුවෙ තිබුන සවරං කොල නොහොත් සව් කොල කෑලි වලට ඉරිල. මේ අතර අපේ පොඩි අයිය නිකං ඉන්නෙ නෑ. මහා සද්දෙන් අඬනවා. මේ වෙනකොට වෙලාව වෙසක් දවසේ හවස හතට විතර ඇති. එතකොට අපෙ මහ ගෙදර අර ටෙලි නාට්ටි වල පෙන්නන මහ ගෙදර වගේ. ගොඩක් කස්ටිය හිටියා.


ඉතිං අනික් අයගෙ කූඩු ඇලවිලා ගස් වල එල්ලිලා ලස්සනට ඇතුලෙ පහන් හරි ඉටිපන්දන් හරි දැල්විලා තියෙනකොට අපේ බුවාගේ කූඩුව සුනාමියට අහුවුනු තඩි සුද්දියෙක්ගෙ පස්ස වගේ පිම්බිලා තිබුනා. පොරට පස්ට මල. ඒ මදිවට අපේ ලොකු අයියය් තව ඉන්න නඩේ සෙට් එකයි මූ අඬන තැනට ගිහිං නියවනව. කෝලං කරනවා. එතකොට තව මර බෑඟිලි ගහ ගහ මූ අඬනවා.. මූ අඩන එක නවත්තන්නෙ නැති නිසා අපේ අම්ම කූඩුවට සොපින් බෑග් අලවල ටිකක් සේප් කරල දුන්න. ඒකාලෙ ලක්සල හරි සතොස හරි සොපිං බෑග් හරි ඝනයි. ඒවගේම සුදු පාටයි. ඒව ඇලෙව්වමත් එක්තරා ගතියක් තියෙනවා.


ඉතින් කෝම කූඩු හැදුවත් මාස ගනන් තියං පත්තුකරන සිරිතකක් අපේ තිබුනෙ නෑ. දවසින් දෙකෙන් කූඩු පුච්චලා දානවා. මොකද ඒ කාලෙ ඒ ගෙදරට ලයිට් තිබ්බෙ නෑ. පහන් පත්තු කරන්න බෑනෙ පොඩි කූඩුවල. ඉටිපංදන් ගන්න තියා යංතං සවරං කොළ ගන්නත් සල්ල ඉල්ල ගන්නෙ අම්මට හත් අට වතාවක් වාත වෙලා තාත්තට පේන්න කූඩු හදල වගේ අටෝරාසියක් දේවල් කරල. ඒ වගේම පහන් ඉටිපංදම් කූඩු අස්සෙ පත්තු කරන්න ගිහිං මුලු කූඩුවම ගිනි ඇවිලුන වෙලාවලුත් තියෙනවා...


ඉන් පස්සෙ කස්ටිය වෙන්වෙලා ඈත් වුනා ට පස්සෙ ඒ විනෝදාංශ  නැතුව ගියා. අපේ තාත්ත අපූරු කූඩු හදනව හිටපු ගමන්. ඒ ඔක්කොම අටපස්ටං තමයි. ඒත් වෙනස් මැටීරියල් තමා පාවිච්චි කරන්නෙ. එකපාරක් රවුං කූඩුවක් හැදුව. අටපස්ටමේ ගන්න හතරැස් රාමු වෙනුවට ඒකෙ තියෙන්නෙ රවුං. රවුං ලබාගන්න අපේ එලවලු මැහි වලට ගන්න කම්බි වලින් තමයි. මේ වයර් වගේ කම්බි රවුමට නවල හීනි බකට් කම්බි වලිං බැඳල හරි රවුම හදා ගන්නවා. රවුම හරියට ගන්නෙ කලගෙඩිය ඇතුලෙ දාල කම්බිය රවුමට හදාගෙන. ඉතිං මේ වගේ හදපු කූඩුව තනිකර කම්බි නිසා අපි වෙසක් එකෙන් පස්සෙ කොල ටික ගලවල වහලෙ නොපෙනෙන තැනක එල්ලල තියෙල ඊලග වෙසක් එකට අරං ආයෙත් අලවනවා. තාත්ත මේක තුන් වතාවකට වැඩිය සුදු පාටිං ඇලෙව්ව.. 

Tuesday, May 1, 2012

බැක් සයිඩ් ඉන්ටවිව් එක

අද අපි එක්ක සංවාදයට එකතුවෙලා ඉන්නෙ ප්‍රවීන බස් බඩු ලයින් කිරීමේ පුරෝගාමියෙක් වෙන කපිල කුමාර කියන කෙනා..අපි මහත්මයා කියල කතා කරන්නෙ නෑ මොකද එයා කැමති නෑ. එයා මහත්වරු තරම් ජඩ වැඩ කරන්නෙ නැති නිසා එහෙම කියන්න එපාලු..

හරි කුමාර මට දැනගන්න පුලුවනිද මේ බස්වල බඩු ලයින් කරගැන්ම නොහොත් ඔබ කියනවිදියට මොකද්ද මේ ට්‍රාරාන්ස්පෝට් විත් සෙක්ස් කියන්නෙ??

බඩු කියනවට කෙල්ලො කැමති නෑ..උන් ආස සමනලයා මල හා බඹරා වගේ වචනවලට. ඒත් මචං අපිට ගොඩක් වෙලාවට බඩුවට බඩුව කියන්න වෙනවා. කෙල්ල ගැහැනිය, කාන්තාව, වෙගේ ලස්සන වචන වලිං වහල තියෙනව උනාට ඒ හැම එකම බඩුවක් විදියට තමයි ගොඩක් බඩුකාරයො දකින්නෙ. මං එහෙම කෙනෙක් නෙමෙයි. ඒත් ඉතිං ඔයාට එහෙම හිතෙන නිසා ගත්තට අවුලක් නෑ. කොහොම උනත් මගේ නම නැතුව මේ වෙන නමකින ්කරන වැඩක් නිසා අවුලක්නෑ.. මල්ලි එච්චර ප්‍රොෆෙෂනල් උත්තර දෙන්න මං දන්නෙ නෑ. උඹ ලියනකොට වැඩදාල ලියපං ඈ.. .මල්ලි දැන් අහපු ප්‍රශ්ණෙටඋතත්ර නෑ වෙන එකක් අහන්න. ඕ වචන වල තේරුම මං බලන්න දන් නෑ....ටාන්ස්පෝට් සේක්ස් ඒ මොකද් බං??උඹම වල් වචන දාල මගෙන් අහනවා...
.
කුමාර ඔයා කවද්ද ඉස්සෙල්ලම බස් එකෙක මේ වගේ කෑල්ලක් ලයින් කලේ....

එතකොට මං පොඩි එකා. ඉස්කූල් කිට් එකෙන් හිටියෙ. බස් එක මඟ කැඩුන. කෙල්ල ඒ පැත්ත ගැන දන්නෙ නෑ. මං ස්කූල් කිට් එකෙන් හිටියට මොකද හවස ක්ලාස් ගිහින් එන ගමන් නිකං හයට රෑ වෙලා වගේ. අඳුරුයි. ඉතිං බස් එක කැඩෙන්න කලිං මං අවේ ඒ ගෑනු ලමය ළග වාඩිවෙලා. 
එතකොටත් බස් එකේ හිටපු නසරානි සෙට් එකක් අර කෑල්ලට ලයිං එක දාගෙ උන්නෙ. කොන්ඩ දිගයි පුකටත් පහල එනකං. සිරා කෑල්ල කොන්ඩෙන් නං. කෙල්ල සුදුයි සුටටක් මිටියිත් වගේ. කෝම හරි ඔච්චර දේවල් දැක්කෙ බස් එකෙන් බැහැල ඉන් කොට. ඉතිං බස් එකේ අර නසරානියො ටික බීලද මන්ද හිටිය. උන් ඉතින් මේ කෙල්ලට ඇහැ දාන්නෙ මොකටද කියල මං දන්නෙ නෑ. කෝම හරි කෙල්ල මාත් එක්ක කතා කලා. ඒ වෙනකොට මං ඉතිං හරි ලැජ්ජ කාරයා. ආ මල්ලි ක්ලාස් ගිහින්ද? වාෙග මොකද්ද ඇහුව කෙල්ල. මාත් ඉතිං ඔව් අක්කා කියල කිව්ව. පස්සෙ ඉතිං ගජරාමෙට කතාව. ඉතිං ඔය අතරෙ බස් එක කැඩුනෙ..ඉතිං ඒ වෙලේ අර කෙල්ලට ලයිං දාපු උන් ටික ඇහැ ගහගෙනමයි හිටියෙ. ඉතිං කෝමහරි වෙන බස් එකක් ආව පස්සෙං. ඒකත් පුලු ලෝඩ් ඉතිං ඒකෙ නැග්ග. නැගල හිටගත්ත. එදා ඒ ගෑනුලමයට හිටගෙන නින්ද ගිහිං තිබුන කියල හිතන්න පුලුවං තරමට ඒ ගෑනු ලමයට ඉස්නායු නොතිබුනාද මන්ද. එයා සීට් එකක් අල්ලගෙන. මං බාර් එක දෝතිං අල්ලගෙන. කොහොමින ්හරි ඒ වෙනකොට අර නසාරානි සෙට් එක අක්කට ලයිං දාන එක නැවතිලා. අක්කගෙ ඇගපත නිකං අයං එක රත්වෙනව වගේ රත්වෙලා.බස් එකෙ ්බස් දෙකක ලෝඩ් එකක් හිටපු නිසා මං පැය බාගයක් විතරම තවුතිසා දියිය ලෝකෙ ගියා වගේ තමයි...ගියේ හඳේ..

හැබැයි එතන පොඩි දෙයක් තියෙනවා. ඒ අක්ක මාත් එක්ක කතා කලේ අර නසරානියො ටික මහ රුදුරු ඇස් දාගෙන ආපු නිසා. ජැකක් ගහනකොට හැම එකාම ඒක කට ඇරං බලං හිටියට කොල්ලෙ දෙතුන් දෙනෙක් එකතුවෙලා ගිහිං බස් එක මැද කෙල්ලෙක් ගෙ පුක මිරිකුවත් මොකෙක්වත බලන් නෑ ගොඩක් වෙලාවට. ඒ වගේ දේවල් වෙනකොට මිනිස්සු සමහරු හති දදා ගොරව ගොරව නිදි.. ඒනිසා සමහර කෙල්ලො තනියම යනවනං ටිකක් ළඟ ඉන්න ලාමක ටිං ටිං එකෙක් ටෝක් කර කර යනවා.

ආ ඇති ඇති..කුමාර දැන් ඔය විදියට යද්දි හැමවෙලේම ඒ හමුවෙන ගෑනු අය පස්සෙ ඔයත් එක්ක යාලු වෙලා තියෙද? නැත්තං ඒක එතනින් නවතිනවද??

උඹ දන්නවනේ බං ඔය සෙට් වෙන අය හැමවෙලේම අපිට අදින්න බෑ. මොකද හිතපං ඕන්න මං මහ රෑක අවිස්සාවෙල්ලට යන්න අම්පාර බස් එකක  නැග්ග. සෙට් උන කෙල්ල අම්පාරෙ බහින එකක්. මං ඉතිං අවිස්සාෙව්ල්ලෙන් බහිනවා. මං ඉතිං දවසක් වැඩ ඇරෙගෙන ආයිත් අම්පාර දිහා යන්නැයැ ඕක ලයිං කරන්න. සමහර වෙලාවට මට අමතක වෙලත් යනවා. මේ කිව්වට ඉතිං සමහර මාස වල අඩු ගානෙ හැලි වැඳිරියක් වගේ එකක්වත් සෙට් වෙන්නෙ නෑ. නිකං ගෑනුංෙගන් රැවුං පාරවල් විතරයි. ඒත් සමහර දවස් තියෙනවා සිකුරා ඇනල දෙනවා බුරිය යටටම. එක දවසක් කෝච්චිෙය පොඩි එකෙක් තියං තව සෙට් එකක් එක්ක යන ගෑනු කෙනෙක් ළමයෙක් එක්ක. මං ඉතිං ටිකක් කිස්ටු කරල සීට් එකෙන් වාඩි උනා. ඉතිං කරටත් ආව.. ඉන් පස්සෙ අර පපුව උඩ තිබුන බැලුං දෙකත් නිකම් මයෙ අතේ ගැවෙන්ට ආව. ඔහොම යන්නෙ ගොඩ වෙලාවට නිදාගෙන වෙගේ තමයි කෙල්ල. ඒ අතරෙ අර ආපු සෙට් එකේ එකෙක් ඇවිත් කෙල්ලට කතා කලා. කෙල්ල නැගිට්ට ගමන් නමට බැන්නෙ නැතැයි ඕයි. මොක්ද තමුසෙට වෙලා තියෙන්නෙ, තමුසෙ හිතුවද මං වේස ගෑනියෙක් කියල? පොඩ්ඩක් ඉඩදීල වාඩිවේන්න දුන්නම එනව මෙතන? තමුසෙලාට කුලප්පුව වැඩිනං එකක් බැදගන්නවා...කියාගෙන.

මං හොඳාකාරවම දන්නවා ඒ ගෑනු එකගෙ හුස්ම ගන්න වේගෙ වැඩිවෙනකොට..ටිකක් එහෙන් මෙහෙන් රත්වෙලා ඇඹරිලා එනකොට දැං වැඩේට හරි කියල...ඒත් එහෙව් එක මට බැන්න හැටි..
ඉන් පස්සෙ ඉතිං අර ගෝතය කතා කරල මොකද්ද කෑම ටිකක් දීල ඌ ගියා මගෙ ආතල් එක කාල. පස්සෙ පොඩි එකාට මූද පෙන්නන්න ගියා දොර ගාවට. මාත් දොර ගාවට ගිහිං අක්කෙ සොරි කිව්ව.
ආ ඒක පස්නයක් නෑ කිව්ව..

ඉන්ප්ස්ෙස මං නම්බර් එක ඉල්ලගත්ත. දුන්න ඒකත්.
ඒකට කතා කරන්න කිව්ව ගෙදර ගියෑම.
මාත් ඉතිං ගත්ත කෝල් එකක් ගිහිං..සුටුස් ගාල..
ඉන්පස්සෙ කෝල් එක ආන්සර් කලේ ආමි කාරයේක් කියල එකෙක්ඒ මදිවට මට බැන්න පලු යන්න. ගෑනුන්ටඉන් දෙන්නෙනෑ කියල කෝචිචියෙදි.මං කිව්වමේ නම්බරේ ගත්තෙ එයාගෙන්මයි කියල..පස්සෙමං ඉතිං ඇරියෙනෑ ඌ ආමිය කියල අපිට පාන්ද? මන් හොඳට කුනුහබ්බ දන්න කියන එකෙක්ට නිකං දෙන හච් සිම් එකකින් අරං බැන්නෙව්ව පතුරු යන්න...

කුමාර අය්යා දැන් ඔය විදියට කීයක් විතර සෙට් වෙලා එහෙම මෙහෙම වෙලා තියෙද?? 

අනේ වැඩියනං නෑ මල්ලි. මං එහෙමට බඩු කාරය නෙමෙයි.මේ අවුරුදු හත අටටම ඕන්නං විසිපහක් තිහක් ඇති. ඒවයිං වැඩේ උපරිමයට කාමර දක්වා ගියේ අටක දහයක වගේ. ඒ අස්සෙ බැනුං අහපුව ඇති අනන්ත. උන් බැන්නම අපිට පාන්ද? උන් හිතන්නෙ අර පොඩිකාලෙ ගනන් සර්  බැන්නම ගනන් හදන්නෙ ආන් ඒ වගේ අපි හැදෙයි කියල. ඒව කොහෙද බං. ඔන්න අද බස් එකට නගිනව මං හොඳ එකෙක් වෙමි කියල. මේන් නගිනව හිටපු ගමන් ගෑනු රොත්තක්. ඒවත් මහ විසාල ඒව සමාර වෙලාවට. කොච්චර අයින් වෙන්න ගියත් ගෑවෙනවා. නැත්තං බස් එකෙ සීට් එකේ ගෑනු කරඋඩ යන්න එනවා. එතොකට ඉතිං අනුකම්පාවට කතා කරල නම්බර ඉල්ලගෙන ටෝක් කරල බලනවා. ඔයි ගොඩක් කෙල්ලන්ට එක සිම් එකට වඩා තියෙනවා. ඉතිං එක නම්බර් එකයිනේ මට දෙන්නෙ. ඒක එයාලටත් හොඳයි..

එතකොට ඔය වගේ අවස්තාවල සංවේදි දුක හිතෙන දේවල් එහෙම වෙලා නැද්ද?

ඒ වගේ තමයි හැම එකම. හැම ගෑනු කෙනෙක්ම අපි ඇහුවොත් බෝම දිග උත්තරයක් දෙයි. ඒත් ඒක ඇත්තද කියල මං දන්නෙ නෑ. මං මේ පහුගිය අවුරුද්දට කලිං දවසක බස් එකෙකදි සෙට් වෙච්චි ගෑනු කෙනෙක් එක්ක පොඩි ටුවර් එකක් ගියා.ඒ ගෑනු කෙනා ආවෙ ත්‍රිවිල් එකක. ත්‍රිවිල් එකේ කොටන්න තියෙන හාල් වගේකුයි මිරිස් වගේකුයි. තිබුන. ඉතිං ඒටික කොටාගෙන ෂොපිං ගිහිං එන්නං කියල ආපු ගමන තමයි මාත් එක්කත් ගියෙ. . මං දන්නව ඒ අක්කට ලමයි ඇති සමහර විට. මිනිහත් ඇති. ඒත් මං ගියෙ නැත්තං යන්න ඕනි තරං මිනිස්සුත් ඇති. මං වගේ කැමරාපෝං එකක් වත් නැති එකෙක් නිසා හොදයි. නැත්තං සමහර උන් පිංතුර ගහල හරේ මෙහෙ දානව නිකං දුන්න එක කියල නැතුව. හැම දේටම හේතු ඇති බං. ඒත් ඕව හොයල මොලේ විකාර කරගන්නවට වඩා හොදයි දෙන එකක් ගහගෙන බැරි එකෙන් බැනුං අහගෙන අරක්කු කාලක් බාගයක් හැන්දෑවට ගහල ආතල් එකේ ඉන්න එක. 

රැකියාවෙන් සහ ගෙදරන් බාධා ඇතිවන්නෙ නැද්ද ඔය විනෝදාංශයට...

මල්ලි ඔයා මේක රැකියාව කිව්වට මේ තින්ත ගාන වැඩ කරන බාස් කෙනෙක් මේසන් කෙනක් කරන්නෙ ජොබ් එකක් කියලත් කියන්න මිනිස්සු කැමති නෑනෙ. සමහර වෙලාවට බාදා නැත්තෙමත් නෑ. ඒත් ඉතිං පෝන් එක කනේ ගහං දැං වැඩ කරන්න හුරු වෙලා. ගෙදරිනුත් වැඩිය ඉතිං හෙවිල්ලක් නෑ. හිටපු ගමන් අම්ම කෑ ගහනව ඔය කතාකරන ඒව අරං තැන් තැන්වල එහෙ මෙහෙ යන්නෙ ගෙදර අරං වරෙං එකක් කියල..ඒත් ඉතිං අම්ම එක්කං එන්න කැමති උනාට මං කැමති වෙලා ගෑණි කැමති වෙලා ඕකිගෙ සනුනහරේ කැමති වෙලා අස්සං කොරල ගෙනල්ල සතියෙං පිට ගියොත් අපරාදෙ තව රූම් සීයකට විතර වියදං කරන් පුලුවං සල්ලි නේ බං..

ඉතිං පොලිසියට හෙම අහුවෙලා නැද්ද?

 පොලිසියට කියනව කියල එහෙමම නෑ බං. කොච්චර උනත් කෙල්ලො එන්නෙ අරකටම නෙමෙ. එතන ලවකුත් තිෙයනවා ගොඩක් වෙලාවට. පහුගිය අර අවුරුද්දට කලිං සුනාමි කතාව ආපු වෙලාවෙ මං දන්න කියන ගෑනු පහ හයම කතා කරන්න ට්‍රයි කරනව පෝං එකට..මල වදේ..පස්සෙ මං මැරුනෙ නෑ දැං නුවර ඉන්නෙ කියල මැසේජ් එකක් ඇරල නිකං හිටිය..අපි මොනදේ කලත් එහෙම රිද්දන්න වගේ කෙල්ලො කැමති නෑ. ඔය බස්වල බෝඩ් ගහල තිබුනට ජැක් වලටත් නඩු දාන් න පුලුවං කියල. කොහෙද වැටිච්චි නඩු. ඒ ගෑනුත් මේ දවස තිස්සෙ මහන්සි වෙලා ගෙදර යන වෙලාව නිසා ඔය චක් චුක් ගෑවට ටිකක් යනකොට හරියනවා..

ගෙවල්වල අයගෙන් ඒ කිව්වෙ දැං ඔය ගෑනු අයගෙ ගෙවල් වලිං කරදර නැද්ද එතකොට.

ඒ වගේ පෝරියල් එනකොට මල්ලි මං අර සිලුමිණ ලංකාදීප වගේ පත්තරයක් ගන්නවා. මේසන් වරු සහ වඩුබාස්වරු කියන එක බලනවා. මට දෙයියංගෙ පිහිටෙං වැඩ ටික ගානට ඇහැකි. අනික මං ගැන දන්න උන් ඉන්නවා. ඒ වගේ වෙලාවට සිම් එක ගලවල විසි කරල අලුත් එකක් දාගෙන කොහෙහරි වැඩ. ඔය අනුරාධපුරෙං එහාට පහුගිය කාලෙ හොඳට ගෙව්ව. එහෙ ඉන්න ගියෑම එපා වෙනවා. මං සතියක් වැඩ කරල පඩි අරං ආව. මං ගියාම ඉස්සෙල්ල බලනවා මුං පඩි ගෙවල තියෙද කියල. නැත්තං අහවල් පෝච්චි මල් පෝච්චි සෙත්තපෝච්චි තමයි. 
ඒත් ඉතිං කතාවක් තියෙනව නේ කෙහෙල් ගහට කෙටුවම සෙල්ලං ඉවරයි කියල. මට තාම කෙහෙල් ගහක් හරියට හමු වෙලා නෑ. ඒනිසා අවුලක් නෑ. එතකල් පන්. එක තමයි..

හරි බෝම ස්තූතියි කුමාර අයියට අපි එක්ක අත්දැකීම් බෙදාගත්තට අපිට කතාකරන්න බෝම දේවල් තිබුනත් කාල වේලාව හරස් වෙන නිසා අපි නවතිනවා..
හරි මල්ලි බොලාට මොනාහරි ඕනි වුනොත් මගේ නම්බරේට ගනිං..මේක බඩු නම්බරේ නෙමෙ. අනික් එක..ඕනි වෙලාවක සප් එක ආ...

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...