Tuesday, May 15, 2012

හිම කිරම දන්සැල්..

මගේ පියා ගොවියෙකි. හේ අද මෙන්ම එදාද ගොවිතැන් කලේය. කතා නායිකාවක් අපි ශ්‍රියාලතා ලෙස ගමු. ශ්‍රියාලතා අක්කලාගේ කාන්ඩයේ ගොඩක් අය සිටියෝය. අපේ තාත්තා ගොවිතැං කලේ ගොඩ බෝගය. බන්ඩක්කා මෑ ආදි දේද වැටකොලු පතතෝල වට්ටක්කා ආදී දේද විය. එකල ගොවිතැං කරන විට කලට බොහෝවිට වැසි වැටුනි. ඒ සමයේ තදින් වැසි වැටෙන කාලවල මෙන්ම සමහර විසාල ලෙස අක්කර දෙක තුන ගොවිතැන් කරන විට වැඩ හිරවෙයි. එනම් වැල් සහ එලවලු බෝග ඉක්මනින් හැදෙන නිසා, වැල් අල්ලා මැස්සට තබා ඉදල් කෝටු ගසා බැඳීම, පාත්ති වලට පස් ඇල්ලීම, පෝර දැමීම, වලවල් කැපීම, ඇට හිටවීම, පණු කැට දැමීම ආදි වැඩ කෝටියකි. එබැවින් අපේ තාත්තා සාමාන්‍යන් මුහුදු කරයේ සිටින අක්කලා සැට් එකක් වැඩට එක්කරගෙන එයි. එකලද එනම් මීට අවුරුදු පාලහකට විස්සකට පෙරත් ඔවුන්ට දිනක වැටුප රුපියල් හත්සියක් අටසියක් විය.
දැන් අපි වැඩකරන ආකාරය බලමු. ඔවුන් ආ විගස ඇඳුම් මාරු කර ගනී. ඉන් පසු අපේ ගෙදරින් බොහෝ විට උදේ ආහාර පිරිනමයි. බොහෝ දෙනා කැම කා ආ බවක් පවසන නමුත් අපේ අම්මාත් තාත්තාත් පෙරැත්ත කරන නිසා කයි.

අපේ ගෙදර එකල වැඩකරන විට කුඩා වුවත් අපිද සිටින්නේ වැඩ බිමේය. ගෙදර තිබුනත් අපේ ගෙදර බල්ලා පවා ඉන්නේ එහිය. මට එහි කුමක් හෝ සුලු වැඩක් මට පැවරෙයි. එය කරන්නේත් මහා වැඩක් කරන ලෙසයි. තේ වතුර හැදීම පාන් ගෙන ඒම බිස්කට් ගෙන ඒමට මා මාර මනාපය. මන්ද කරන බොරු වැඩෙන් මඳකට හෝ නැවතී සිට කට් එකක් දැමිය හැකි බැවිනි. ගෙදර තාත්තා සමඟ හෝ අම්මා සමඟ පැමිණ උදේ දහය සහ සවස තුන හතරට තේවතුර දීමට අපි සැරසෙමු. එවිට බොහෝ විට වැඩකරන අයට අපි තේවතුර සමඟ අඩුතරමේ පාං කෑල්ලක් වත් දෙමු.

දවල්ට කෑම දීමද මෙසේය. සාමාන්‍යන් අපි කනවාට වඩා අඩුතරමේ මාලු කෑල්ලක් ගෙනත් හෝ උයා පිහා එලවලු දෙක තුනක් සමඟ ඒ වැඩකරන කාන්තාවන්ට අපේ තාත්තා ඇතුලු අපි සලකමු. ඒවා එසේ සලකන්නේ කොහේ හෝ ලියා තිබෙන හෝ කිසිවෙකු කියන නිසා නොවේ. අපේ ගෙදර අයත් එවක අප අවට සිටි බොහෝ තැන්වලත් එසේම සිදුවුන නිසාය. එසේම අපි හාම්පුතුන්ය ඔවුන් අපේ වැඩකරන අයය කියා කිසි වෙනසක් තිබුනේ නැත. ඒ ගෙවල මඟුල් තුලාද මරණ ගෙවල්ද වූයේ නම් අපේ අම්මාත් තාත්තාත් නිසැකවම එහි වෙති. එසේම අපේ ගෙවල කුමක් හෝ උවමනාවක් වීනම් ඔවුන්ද එසේමයැ. අපි ඔවුන් ඇමතුවේ එක්කෝ අක්කා කියලාය. නැත්තං නැන්දා කියලාය. ඒ කිසි විටෙක මොවුන් අපේ වැඩකරන අයය කියා බෙදීමක් මට මතක ඇති කාලයක තිබුනේ නැත..



දැන් අපි අදට එමු..


මගේ කන්තෝරුවත් මේ අප ආයතනයේ සංකීර්ණයෙම පවතින වෙනත් කන්තොරුත් පිරිසිදු කිරීමට ගෑනු අය එති. ඔවුන්ට නමක් අපි කියන්නේ ක්ලීනින් සර්විස් ඔවුන හඳුන්වන නමයි. ඔවුන්ට ගෙවන මුදල දවසට හයසියයකි. ඔවුන්ට ඉන්නට ඇඳුමක් මාරු කරගන්නට හරිහමං තැනක් මේ කාර්යාල වල නැත. කුඩා තැනක් තිබුනත් එය ඔවුන්ගේ කාර්යාල හා බඩු බාන්ඩ තබාගන්ට බාවිතා කරයි. ඔවුන් අපේ ආයතනයේ කෙලින්ම හෝ අනුබද්ද අයවලුන්ද නොවේ. ඔවුන් තනිකර පිට කස්ටියක්ය. එක්තරා අපේ කන්තෝරුවක සිටින ගෑනියෙක් බාත්රූම් එකේදී ක්ලීනින් ගෑනියෙක් නාන අයුරු දැක එයද කම්පෙලෙන් කර තිබුනි. ඉන් පසුව මගේ ඇස් පනාපිට ක්ලීනින් සුපවයිසරයෙක් ඇවිත් අර ක්ලීන් ගෑනු එකට බැන්නේය. 

මේ අයවලුන් ගැන ඇතුලේ අයගේ කිසි සැලකීමක් නැති.. හිනාවෙලා මූන බලා කතාකරන්නට ආවත් ඔරවාගෙන බුම්මගෙන යන අයට අර අසරණයෝ නොපෙනෙති. මේ සමහර ලොකු මහත්වරු සති අන්තය එලොවට වැඩ පිණිස පන්සල්, අසපු පල්ලි වලගෙවති. නමුත් අර තමුන් සමඟ එකට ලිෆ්ට් එකේ කොසු බාල්දි අරං යන පිරිසිදු කරන්නිය ඔවුන්ට නොපෙනේ. ඔවුන් කන්නේ බොන්නේ ඉන්නේ කෙසේදැයි නොපෙනේ..

මේ කාන්තාවන්ට වැටුප රුපියල් හයසීයකි දවසට. එසේම බොනස් මුකුත්නැත. අවුරුද්දට හෝ වසර මුල මේ ඉන්නා පනස්දාහට වැඩි මාසික පඩි සහිත බහුතර මනුස්සයෝ රුපියල් සීයක් දෙසීයක් එක් අයකුගෙන් එකතුකර ඔවුන්ට දෙති. එය මහත් දෙයක් ලෙස මේ සිටින අය සිතති.

අපේ යූනියන් කාරයෝද මොවුන් ගැන කිසිදු අනුකම්පාවක් නැත. යූනියන් අයට දායක මුදල් ලැබෙන්නේ යූනියන් වලට සාමාජික වූ අයගෙන් විතරය. යූනියන් වලට අදාල වන්නේ යූනියන් එකට බැඳී ඇති හෝ ආයතනික පුද්ගලයින් පමණි. මේ ජිවත් වන්නෙ මනුෂ්‍ය කොටසක් බවවත් කිසිම තැකීමක් නැත. පිරිසිදු කල යුතු ඒරියා එකක් යැයි නම් කර නැත. ඇත්තේ කියන වැඩය කිරීමේ තියරියයි. වැඩකරන බොහෝ අය විවිධ ආබාධ වලිං පෙලෙති. සමහරු වැඩකලයුතුවාට වඩා වයසකය. සමහරු මන්ද මානසිකය. රුපියල් හයසියේ වැටුපට එන්නේ එවන් අයය.

අපේ සුබසාධක අංශය මගින් සහන මිලට කැන්ටිමක් පවත්වාගෙන අයයි. අප වැනි අර්ධ පොෂ් අය විසින් ලබාගන්නා කෑම මිලම අර රුපියල් හයසියේ අයටත් වලංගුය. ඒ මනුස්සයෝ සමහර විටෙක අර කැන්ටිමේ ඉතිරි වෙන හොදි අනම් මනම් බෑග වල දාගෙන යති..මා එය දෑසින්ම දැක ඇත..

මා මීට වසරකට පෙර දිනක් අපේ මහා විසාල උත්සවයකට කෑම සප්ලයි කිරීමේ වැඩක සිටියෙමි. එය පැවැත්වුනේ පිට තැනක වුවත් එහි ඕගනයිසරයන් මේ කන්තෝරුවල සිටින ලොකු නිලධාරින්ට කෑම එවිය යුතුයැයි සිතුවේය. ඔවුන් විසින් ලකුනු දා ගැන්ම පිණිස ලොකු නිලධාරින්ට බැදපු බත් සහිත කුකුල් කකුල් අඩංගු කෑම පාර්සල් එවුයේ වාහනයක්ද යොදවමිනි. මා දවල් එකට පමණ ඒ කෑම තවත් සගයෙකුත් සමඟ අසා බෙදන විට බොහො ලොකු තැන් ඒවන විටත් කෑම ගෙන තිබුනි. නැත්නං කෑම ඔවුනට ලැබී තිබුනි.

ඉන්පසු මාත් මා මිතුරාත් ඒවා අර ක්ලීනින් ස්ටාෆ් වෙත ගොස් සොයාබලා කෑම දැනට ගෙන නොමැති අයට ලබාදුනි. කෑම තබාගෙන සඟවාගෙන තව ඒවාට අත දිගු කරන වෘත්තිය හිඟන්නන් මෙන් නොව මේ අය අවංකවම "මං කාල අර අනික් අක්කල කාල නැතුව ඇති එයාලට දෙන්න මහත්තයා" යැයි කීය..මා සමඟ කෑම බෙදන්ට එකතු වූ යාලුවා දිනක් ඒ ක්ලීනින් සේවිකාවක් හොරෙං කුනුබාල්දි වලිං කෑම සොරා ගෙන ඒවා එකතු කර සැඟවී ගෙන කනවා දැක තිබුනි. මිතුරා එය කිව් පසු මටද අමුතු විදුලියක් සරීරය හරහා ගියා වැන් විය. අපි දෙදනාම කෑම දහයක් පමණ පිරිසිදු කරන්නියක් වෙත දුනි. බොහෝ විට වැඩිමහලු අය වලුන් වූ ඔවුන් අපිට පින් දුන්නේ දානයක් දුන් කලක මෙනි. සමහරු එය කන්නේ නැතුව ගෙදර ගෙනගියා වන්නට ඇත.

මේ මිනිසුන්ගේ සුබසිද්ධිය ගැන ලොකු මහත්තුරු වත් පොඩි මහත්තුරු හෝ එවැනිව සිටින අපිවත් කතා කරන්නේ නැත. මන්ද එය අපට අදාල නොවන බැවින විය හැක. මේ ගැන අප ආයතනයෙ සිටින ලොකුම ලොක්කන්ට දැන්විය යුතුයැයි මට සිතුනත් පොඩි තැන්වල සිට මේ ආයතනයේම සිටි ඔවුන් මේවා නොදැක නොදැනී සිටින්නට හේතුවක් නැත. මන්ද නිතර දෙවේලේ මේ පිරිසිදු කරන්නියන් එහා මෙහා යනු. ඔවුන දුබල සරීරෙන් කුනු එහා මෙහා කරනු..බිම පිසදානු මේ ලොක්කන්ද දකිනු ඇති බැවිනි.

මා අපේ පියා සහ ගෙදර අය වගා බිම්වල සේවයට පැමිණි විට ඔවුන්ට සලකන ආකාරය දැක්වූයේ මගේ ලොකුකමක් ගෙන හැර පෑමට නොවේ..මට මේ ක්ලීනින් අයට මේ ආයතනය සහ ක්‍රමය සලකන විදිය වැරදි යැයි මට පෙනෙන්නේ ඇයිදැයි අයිඩියා එකක් අනික් අයට පෙනීම සඳහාය.

පසුගිය පෝය දිනෙක ඇතුලේ අයට අයිස් කිරිම් දන්සලක් මේ කන්තෝරු සංකීර්ණය ඇතුලේ තිබුනි. මාත් මගේ මිතුරාත් ප්‍රතිපත්තිමය තීරණයක් උඩ අයිස් ක්‍රීම් කන්නට ගියේ නැත. මන්ද අපේ ආයතනයේ සුබ සාධන අංශයක් මගින් අයිස් ක්‍රිම් දුන්නත්..ඔහේ දෙන්නං වාලේ අයිස් ක්‍රිම් දෙනවාට වඩා කල හැකි පිංකම් සහ යුතුකම් ඔවුන්ට තියෙන්නට ඇතැයි අපි දෙදෙනාම සිතූ බැවිනි..

13 comments:

  1. ඔබේ මේසය අසල කුණු බාල්දිය ඔවුන් අස්කරන විට ඔබ ස්තුතියි කියා කියනවා යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. මගේ සාමාන්‍ය වචන භාවිතාවේ ඔය වචන සැට් එක නෑ..ස්තූතියි...සුබ උදෑසනක්..ආයුබෝවන් වාෙග් ඒව...

      Delete
    2. ලොකු අයට නොකිවුවත් එයාලට කියන්න පුලුවන් නම් ගොඩක් වටිනව, එයාලට දවසම වැඩ කරන්න.

      Delete
  2. වැදගත් කතාවක් අමිල....
    හැමදාම කියව කියව ඉන්නේ නැතුව, එක පියවරක් හරි ඉදිරියට තියන එක තමා වැදගත්කම....

    ජය වේවා!!!

    ReplyDelete
  3. වැදගත් කාරණා කීපයක්ම ලියලා තියෙනෙවා.. ගොඩක් ලොකු තැන් වල අය හිතන්නේ ඒ ක්ලීනර්ස්ලා කියන හැගීමෙන්.. අන්න ඒකයි ගොඩක් තැන් වල ඔය දේ වෙන්න හේතුව..

    ReplyDelete
  4. තව කීප දෙනෙක් එක්ක කතාවෙලා මේකට මොනවා හරි කරන්ට බලන්ට. අසාධාරණය දැක, දැකත් නිහඬව ඉන්න එකත් වැරදී.

    ReplyDelete
    Replies
    1. ඔයා සැබෑවටම ඉන්නෙ ඔසීනම් ඔහෙට වඩා මෙහෙ කාර්යාලවල මිනිසුන්ගේ ආකල්පවල තත්වය හරිම වෙනස්...
      මම ඉන්නෙත් කොන්තරත් පදනම මත...ඒ නිසා අපිට අඩු තරමෙ පැහැදිලි වෘත්තිය සමිතියක් පිහිටුව ගන්නවත් නිදහස නෑ...
      කෝක උනත් අපේ බෞද්ධ සංගමේ ඉන්නවා ගොඩක් හොඳ ලොකු නිලයක් තිබෙන කෙනෙක්..එතුමාට කියල බලන් ඕනි...

      Delete
  5. පීඩිත පංතිය කියන්නෙ මේ අයටද ??

    ReplyDelete
  6. ඔයාලගේ කැන්ටින් එකෙන් එයාලට නොමිලේ බත් එකක් හරි දෙන්න කතාකරගන්න පුලුවනිද? අඩු ගානේ half price වත්?

    ReplyDelete
  7. අඩේ මම පරක්කුයි. අපේ ඔපීසියෙත් (මම වැඩකරන තැන සහ කලින් හිටිය තැනත් ඇතුළුව) විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙත් ඉදල තමයි මේ අය ගැන දන්නෙ. කියල තියන කතාව සම්පූර්ණම ඇත්ත. අපේ ඔපීසියෙ දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙකුට දවසකට ලැබෙන්නෙ රුපියල් දෙසීය පනහයි. දවස් 20ක් වැඩකලාම 5000යි. හැබැයි කොම්පැනියට නම් අපි මුදල් ගෙවනවා මාසෙකට 30000ක් ද කොහෙද. ඒ ඒපැත්ත.

    අනෙක් අතට ඔවුන්ට ලැබෙන සැලකිල්ල උඹ කිව්ව විදියටම තමයි. සමහර විට ඊටත් නරකයි. අතුගාන පිහදාන කක්කුසි හෝදන ඇග ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක් කියල හිතන පිරිස ඉතාමත් අඩුයි. (විශේෂයෙන් කාන්තා පාර්ශවයේ උදවිය මේ අය දිහා බලන විදියට මට හිතෙන්නෙ එයාල ගෙදරදි ටොයිලට් එකක් හෝදන්නෙ නැති අයද කියල).

    මේ වගේම තමයි ආරක්ෂක සේවයේ(සිකියුරිටි) අයට ලැබෙන සැලකිල්ල.

    ReplyDelete
  8. මෙහේ ඔහොම වුනාට අපේ සමහරක් පී එච් ඩී කරන්න ජපන් ගිහින් ටොයිලට් සෝදනවලු පාට් ටයිම් ජොබ් එකක් විදියට...

    ReplyDelete
  9. මම නිතර කොමන්ට් නොකලත් ළඟ කාලෙක ඉඳන් නිතර කියවන බ්ලොග් එකක් මේක....

    සටහනට සම්බන්ද නැතිව ඇති. ඒත් කියන්න ඕනේ කියලා හිතුනා.

    මම ඉන්නෙ යුරෝපෙ රටක කාලයක් තිස්සේ.
    මෙහේ විවිධාකර රැකියා කරන මිනිස්සු ඉන්නවා.
    බොහෝ විට ක්ලීනින් ජොබ්. ඒත් මිනිසුන් විදියට ලේසියෙන් කවුරුත් ඒ අය පහලින් සලකන්නේ නෑ. එහෙම නැත්තෙමත් නෑ. ඒත් ස්ලේව්ලා කියන මට්ටමින් එහාට ගිහින්...
    මෙහේ මම පෞද්ගලිකවම දන්න කෙනෙක් ලංකාවෙදි මට හමු උනා. මෙහේ ඔඩ් ජොබ් එකක් කලාට ලංකාවේ කුමාර ලීලාවෙන් ඉන්නේ. ගෙදර මාලිගාවක් වගේ. අතට පයට සේවකයෝ.
    කෑමට එන්න කියලා දවසක් මාත් ගියා, මම කොහේ ගියත් යන්නේ මගෙ රියදුරා එක්ක නිසා ගියේ ඔහු එක්ක. කෑමට වාඩි වෙන්න ගියාමයි දැක්කේ මට සීට් එකක් තිබ්බට මගෙ රියදුරාට වෙන් කල සීට් එකක් නෑ. මම ටිකක් වටපිට බලද්දි එයාට තේරිලා වගේ ඔයා මිනිසුන්ට දෙන්න ඕනේ තැන දන්නේ නෑ හැම එකාම කරේ දාගන්නවා. සේවකයෝ එක්ක එක මේසෙ කනකොට මොකක්ද තත්වේ කියලා ඇහුවා. වැඩිපුර යමක් නොකියා මගෙ රියදුරා මාත් එක්ක මිසක් වෙන තැනක කන්නෙ නෑ එයා ආවේ මම හින්දා කියලා මම ටිකක් තරහත් ගිහින් ඔයාට කොහොමද දැනෙන්නේ ඔයා වැඩ කරන ගෙදර අය ඔයාට ඔහොම කලොත් ඇහුවම ඒ කවදාවත් මගේ භාශාවෙන් කතා නොකරපු මිනිහා එක පාරටම ඉටෑලියන් වුනා.
    එයා මට කියනවා එයා කරන රස්සාව එහේ මිනිස්සු දන්නෙ නෑලු. ඒක කාටවත් කියන්න එපාලු.
    එදායින් අදටත් මට තාමත් එයාව දකිද්දිත් මතක් වෙද්දිත් ඒක මතක් වෙනවා. අපි අපේ පන්ති වලම මිනිසුන්ට සලකන්නේ එහෙම.
    ගොඩාක් වෙලාවට අපිට අපේ අමාරුකම් පෙනුනට අනුන්ගේ දුක නොදැනෙන ජාතියක් වෙලා.....

    ReplyDelete
  10. මමත් ගොඩක් වෙලාවට උදේ කෑම එක දවල් කෑම එක මේ අයට දෙන්න පුරුදු වෙලා හිටියා. අනිත් එක විශේෂයෙන්ම වෙනස් කෑමක් ගෙදර පිළියෙල වුනොත් කට්ටිය එක්ක බෙදාගෙන කන්න කියලා අම්මා දෙන බත් මුල හිමින් සීරුවෙ මේ අයට දෙන එකෙන් මම ලොකු සතුටක් ලබනවා!

    ReplyDelete