.හොටල් වලිං කනකොට වෙන අවාසි..
හෝටල් කියල ලංකාවෙ කියන්නෙ තේවතුර බොන්න බත් කන්න තියෙන කඩවල් වලට..ඒවට ඉතිං පොස්වට සමහරු කියනවා රෙස්ටවුරන්ට් හෝ මොකක් හෝ නමක්. මේ හෝටල් වලිං මං නං ගොඩක් කාල තියෙනවා. ලංකාවෙ කෑම බීම කලාව කොහෙම උනත් අපිට මගතොටේදි හමුවෙන ගොඩක් තැන්වල කෑම සවුත්තුයි. පිරිසිදුකම අඩුයි.. කිසිම ලකයක් නෑ කෑමවල.. ඉතිං අපි දිනපතා රාජකාරියකට යන අය විදියට ටිකක් පිරිසිදු තැනකිං කෑම බීම ටික ලැබෙනවනං හොඳයි..ඒත් ඉතිං කීයෙං කී දෙනාටද ඒ වගේ රස්සා සහ තැන ලැබෙන්නෙ. ඒ වගේ අය පුරුදු පුහුනු කරගන්න ඕනි දෙයක් තමයි වියමන කියන්නෙ. ඒ කියන්නෙ කෑම ඉවීම. ගෑස් එකක් වලං කීපයක්. වගේ පොඩි උපාංග කීපෙකිං අපිට රසට කෑම හදාගන්න පුලුවනි. පොඩියක් උදෙං නැගිට්ට කියල කවුරුත් අමනාප වෙන්නෙ නැ. ඒවගේම ටිකක් රෑ දහය වෙනකල් පොල්ගාල එකොලහට විතර කෑම ටික හදාගත්තත් තමන්ටමයි වාසි. මට හිතුන මං අවුරුදු ගානක් තිස්සෙ විටින් විට උයල තියෙන පුරුද්ද නිසා අද හෙට කෑම උයන්න එන අයට ටිකක් උපදේස දෙන්න..
හෝටල් කියල ලංකාවෙ කියන්නෙ තේවතුර බොන්න බත් කන්න තියෙන කඩවල් වලට..ඒවට ඉතිං පොස්වට සමහරු කියනවා රෙස්ටවුරන්ට් හෝ මොකක් හෝ නමක්. මේ හෝටල් වලිං මං නං ගොඩක් කාල තියෙනවා. ලංකාවෙ කෑම බීම කලාව කොහෙම උනත් අපිට මගතොටේදි හමුවෙන ගොඩක් තැන්වල කෑම සවුත්තුයි. පිරිසිදුකම අඩුයි.. කිසිම ලකයක් නෑ කෑමවල.. ඉතිං අපි දිනපතා රාජකාරියකට යන අය විදියට ටිකක් පිරිසිදු තැනකිං කෑම බීම ටික ලැබෙනවනං හොඳයි..ඒත් ඉතිං කීයෙං කී දෙනාටද ඒ වගේ රස්සා සහ තැන ලැබෙන්නෙ. ඒ වගේ අය පුරුදු පුහුනු කරගන්න ඕනි දෙයක් තමයි වියමන කියන්නෙ. ඒ කියන්නෙ කෑම ඉවීම. ගෑස් එකක් වලං කීපයක්. වගේ පොඩි උපාංග කීපෙකිං අපිට රසට කෑම හදාගන්න පුලුවනි. පොඩියක් උදෙං නැගිට්ට කියල කවුරුත් අමනාප වෙන්නෙ නැ. ඒවගේම ටිකක් රෑ දහය වෙනකල් පොල්ගාල එකොලහට විතර කෑම ටික හදාගත්තත් තමන්ටමයි වාසි. මට හිතුන මං අවුරුදු ගානක් තිස්සෙ විටින් විට උයල තියෙන පුරුද්ද නිසා අද හෙට කෑම උයන්න එන අයට ටිකක් උපදේස දෙන්න..
බත පිසීම...
ජීවන වියදම ඉහල ගියාට තාම හාල් මිල නං වැඩි උනේ නෑ. කාලයේ හැටියට තුන්වේල බත් කන එක තමා වාසි. මං මේ පහුගිය දොොහ් කවුද කියනව ඇහුන බත් කාල වැඩකරන්න අමාරුලු. අනේ මගේ කට එතකොට අපේ මුත්තලැයි කාලෙ සුද්දොත් එක්ක එකතු වෙලා හරි හරියට වැඩකලේ අපේ උන්නැහෙල පාන් ගිලලයැ නැහැ නෙව..උන්දැල කෑවෙ බත් තමයි. අද කාලෙ වෙහෙස මාන්සි නොවී කොම්පියුටර යෙන් මුලු ලොවම සෙට් වෙලා ඉන්න කාලෙට ටිකක් බත් ගිලල නිකා ඉන්න එකනං ගැලපෙන්නෙ නෑ වගේ ඒත් ඉතිං පුංචි කාලෙ ඉදල පුරුදු උන නිසාද මන්ද මටනං තුන්වේලටම බත් තමයි අල්ලන්නෙ.. බත් පිසින්න සුදුසුම දේ තමයි රයිස් කුකරය කියන්නෙ. රයිස් කුකරය ගත්ත ගමං ඩොග් ගාල හාල් දාල වතුර දාල ඒකට ඇඟිල්ල දාල උයන්න යන්නෙ නැතුව කැටලොග් එක කියවනව නං ඒකෙ හාල් දාන් ඕනි තරම වතුරු දාන්න ඕනි තරම ඔක්කොම තියනවා. සම්බා වගේ හාල් වලට ටිකක් වැඩියෙං වතුර දාන එක හොඳයි. නැත්තං ඉතිං අර කැකුලු වලට නං වතුර ගානට තිබුනම ඇති.
අල හොදි හැදීම...
අල හොදි හදන්න අපිට අල අවශ්‍යයි. අල ගෙඩි කිහිපයක් අරගෙන පලමුවෙන් සුද්ද කරගන්න ඕනි වටේ පොත්ත. අල අමුවෙං සුද්ද කරල ගත්තහම හොද්ද රසයි. ඉන් පස්සෙ සිහින් කැබලිවලට අපි අල පෙති කපා ගමු. අල පොත්ත සුද්ද කරන අවස්ථාවේ පටන්ම වතුර එකකට දමන්න මතක තියාගන්න මොකද නැත්තං අලවල පැහැය දුරුවරණ වෙන නිසා..මේ කපාගත් අල වලට අපි රම්ප කරපිංචා සුදුලූනු සහ ලොකුලුනු දාන්න ඕනි. ඉන් පස්සෙ මේ සැට් එක දිය කිරෙන් ලිපේ තියන්න ඕනි..කිරි ගන්න කොට කියන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යන් පොල්කිරි ලබාගැන්මේදී අපි තේවතුර පිලිගන්වන කෝප්පෙං එකක් විතර වතුර එක පොල්බෑයක් වෙනුවෙං දැම්මහම ඇති. ලොකු පොල්ගෙඩියක් නං ඉතිං දෙකක් දැම්මට අවුලක් නෑ..
ඒ මට්ටමට නැතුව වතුර ගොඩාක් දාන එක වැඩක් වෙන්නෙ නෑ. අපි ඉතිං අල ටික දියකිරි වලිං තම්බගන්න කොට අල ගොඩායි වගෙ තේරුනොත් වතුර සුට්ටකුත් දාගන්න ඕනි. අල හොදි හදනකොට වියලි මිරිස් කුඩු දමන්න එපා. අමුමිරිස් සහ ගම්මිරිස් කුඩු දාන්න ඕනි. මතක ඇතුව කහ සුට්ටකුත් දාන්න. දැං ඉතිං අල එක වහල තැම්බෙන්ට හරින්න. මද වෙලාවක් ගිහිං අල කෑල්ලක් හැන්දකට අරං පොඩියක් තලල බලන්න අල තැම්බිලා ද කියාලා.. තව දෙයක් මේ උයන්න ගියාම ගොඩාක් අය වරද්ද ගන්න තැනක් තමයි ගින්දර පාලනය. ලොකු ගින් මැලයක් වගේ ලිපක් ගහගෙන අපි ඔය වැඩ කරන්ට යන්න නාකයි. ඒක ඇඟටත් හොද්දටත් සාක්කුවටත් හොඳ දෙයක් නෙමෙ. ඒ නිසා ලිප ගානට තියා ගන්න. අල වගේ දෙයක් ගාන්ට තැම්බෙන්න නං ලිප ටිකක් අඩු කරල ටික වෙලාවක් තිබුනොත් හොඳයි..නැත්තං ඉතිං අල වල මැද අමු වෙන්ට පුලුවනි. ඉතිං අල ටික තැම්බුනහම අපි කරන්න ඕනි අර වඩා උකු කිරි ටික දමාගන්න එක තමා... ඒකත් දමල පස්සෙ ලුනුත් දමල අල හොද්ද බාගන්ට ඕනි..
මාලුමිරිස් තෙල් දැමීම..
මාලුමිරිස් අපි කලිං කපාගන්න ඕනි. ඔනි තාලෙකට කපාගන්න පුලුවනි. ඉන් පස්සෙ අපි කරවල හරි මොනාහරි දානවනං ඒකත් එක්ක අර මාලුමිරිස් ටික මික්ස් කරල තියමු.. දැං එතකොට අර මිශ්‍රනේ තියෙන්න ඕනි කරවලයි මාලුමිරිසුයි විතරයි. ඉතිං අපි ඊලගට හට්ටියකට තෙල් ටිකක් දාල තෙල් ටික චාස් චූස් ගාගෙන එනකොට අර කරවල සහ මාලුමිරිස් දානවා. දාල පොඩියක් වහල තියමු.. මොකෝ නැත්තං මාලු මිරිස් තැම්බෙන්නෙ නැතුව යනවා. ටික වෙලාවකින් පොඩි කෑල්ලක් කාල බලනවා කරවල+ මාලුමරිස් තැම්බිලාද කියලා. තැම්බිලා නං ඉතිං ඒක වෙනත් පිඟානකට බාගන්නවා..
ඉන් පස්සෙ අපි දානවා තව තෙල් සුට්ටිත්තක්. ඒටික දාල ඉන් පස්සෙ සුදුලූනු..අමුඉගුරු, කුරුදු, ලොකුලුනු, කරපිංචා සිහින්වල ලියාගත් කැබලි අර රත්වුනු තෙල් සුට්ටට උඩිං දානවා. දාල හොදට කලවං කරනවා. පස්සෙ රන්වන් පාටට ලූනු කෑලි සෙට්වෙන කොට අපි අර මාලුමිරිස්+කරවල මික්ස් එක දානවා. දාල ඉන් පස්සෙ තමා ලුනු ඇතුලත් කරන්න ඕනි. ලුනුත් දාල පස්සෙ අපි කෑලි මිරිස් එකතු කරනවා. කෑලි මිරිස් කලිං දැම්ම නං කලු වෙලා දැලිවෙලා අලුවෙලා යනවා. ඕනිම බදින දෙයක්( අල අලුකෙසෙල්, ගෝවා, බෝංචි, ලූනු කොල, ) කලිං ඒ ටික බැදල පස්සෙ අර මික්ස් එක ගහල ඒකට දානවනං තමයි රස එන්නෙ..නැත්තං එක කොටසක් බැදිල වැඩි වෙනවා.. නැත්තං මේන් ඔබ්ජෙක්ට් එක හෙවත් මාලුමිරිස් වගේ ඒව තැම්බිලා මදි වෙනවා..කලිං කතාවෙ වගේම බැදුං ජාති හදද්දිත් ගිනි මැල ගහගෙන වැඩ කරන්න බෑ..යංතං නිල් දැල්ල තිබුනහම ඇති.. නැත්තං තෙලුත් ඉවර වෙනවා..ඉක්මනට..
පොල් සම්බෝල හැදීම..
පොල් සම්බල් හදනව කියන්නෙ නං ඉතිං හැමෝම දන්න දෙයක්. පිටිකල පොල්කිරි වලිං නං පොල්සම්බල් හදන්න බැහැ. අනික කොයිතරං ඇඩ් දැම්මත් පිටිකල පොල්කිරි වලිං අර ස්වාබාවික පොල් වල රස නං එන්නෙ නෑ..ඕදිරිස් අර කැරකෙන හිරමනයක් වෙන්නෙ රුපියල් අටසීයක් විතර. රුපියල් දෙසියගානක් දීල පිටිකල පොල්කිරි උස්සං යනවට වඩා ලේසි ඕදිරිස් හිරමනයක් ගෙනියන එක. පොල්කිරි ගත්තම අපි දන්නව ඒකෙ තියෙන්නෙ කිරිමයි කියලා. ඒත් අර පොල්කල පිටිකිරි වල මොනවා තියෙද කියල දන්නෙ දෙයියො තමයි. අපි උයන පිහන ක්‍රමවේද වෙනස් වෙන කොට ඒ පිටිකල පොල් කිරි වල තත්ව වෙනස් වෙලා කන්න බැරි රසකින් සහ සමහර විට විසකින් පවා සමන්විත වෙන්න පුලුවං පිටිකල පොල්කිරි පාවිච්චි කරනකොට..
පොල් සම්බොල් හදන්න ගම්මිරිස්. අමුමිරිස්, වියලි මිරිස් කුඩු, ලුනු දෙහි සහ ගාගත් පෙල් අවැසියි. අපිට පුලුවනි නං පොඩි වංගෙඩි කෑල්ලක් හොයා ගන්න.. අන්න මරු ඒක පොල් සම්බල් වලට. ඔය දුර පැතිවල ගියාම හොඳ පොඩි සයිස් වංගෙඩි මෝලක් බස් එකේ අරං එන එක ෆැෂන් එකටත් එක්ක හොඳයි. අරං ඇවිත් සාලෙං තියමු උයන් නැති වෙලාවට. උයන වෙලාවට කුස්සියෙ. ඉතිං ඔය වංගෙඩියට මුලින්ම දාන්ට ඕනි ගම්මිරිස්. ඊගාවට ටිකක් ගම්මිරිස් ඇට ටික තලනවා. තලල ඉන් පස්සෙ දානව වියලි මිරිස්..ඒකත් තලනවා ලෙසට.. පස්ෙස ඕනි නං අමුමිරිස්..ඒකත් තැලුනට පස්සෙ ඕං රතු ලූනු සහ පොල් එකතු කරනවා. අන්තිමේදි අපි ස්වල්ප වශයෙන් පොල් එකතු කරමින් යනවා. අවසානෙ හොඳින් කොටාගත් මේ මිශ්‍රණයට අපි දෙහි එකතු කර අතගා ගන්නවා..
උයන්න නෙමෙයි මොන දේ කරන්න ගියත් එල් බෝඩ් පීරියඩ් එකක් තියෙනවා. ඒ නිසා වරදින දේවල් ගනන් ගන්න එපා. ඒව වරදින්න අරින්න. අනික රෙසපි තියං වෙබ් එක ඇරං ලැප් එක ලඟ තියං එදිනෙදා උයන්න බෑ. පොඩියක් ඔලුවෙ තියාගෙන වැඩේ පස්සෙ තමුන්ට ඕනි විදියට හදාගන්න.
ඉවිල්ල නම් මාර ජොලි වැඩක්. ඇත්තමයි. මම නම් නිතරම විනෝදෙන් උයන්නේ... ඔයි කිසිම ප්‍රමිතියක් නැතිව එක එක ජාති දාල ට්‍රයි කරලා වෑරදිලා මාසයක් වගෙ යද්දි නියම රහ පදම තේරෙන්න ගන්නවා. අනික අපි දෙයක් උයලා තව කෙනෙක් සන්තෝසෙන් ඒක කද්දි දෑනෙන සතුට නම් කියලා වැඩක් නැහැ.
ReplyDeleteහැබැයි අප්පා... සමහරු නම් සියවසක් ඉව්වත් එයාල උයන ඒවා රස නෑ. ඒ නම් ඈයි දන්නෙ නෑ. මට නම් හිතෙනවා එයාල ඔහේ උයන්නන් වාලෙ ඉව්වට උයන ආට් එක , රස මතු කරන ආට් එක දන්නෙ නෑ කියලා. එක්කො උයන්න අකැමැත්තෙන් ඔහේ වතුරෙන් තම්බන නිසා. එක්කො රස මතු කරගන්න හෝ නීරස වහගන්න තුනපහයි මිරිසුයි කප්පරක් දාන නිසා. :)
ඉවිල්ලත් කලාවත්, ආසාවෙන් කරන එකාට තමා පිහිටන්නේ... අපේ නෝනිටත් ඉස්සර රහකට උයන්න බෑ... ඒ දවස්වල මම උයනවා එයාට වඩා රහට ! දැන් නම්, කිට්ටු කරන්නත් බෑ... හේතුව, එයා රහට හැදුවම රහ කර කර කන්න කෙනෙක් ඉන්න නිසා ආසාවෙන් උයන නිසා !!!
Deleteමලා.. මූ දන්න දේවල්......
ReplyDeleteඑහෙන් පිටින්ම කුකරි ක්ලාස් එකක් නොවැ පොස්ට් එකම....
ReplyDeleteබඩගින්නේ ඉන්න වෙලාවේ මෙයත් මොනවා දානවද මන්දා?
බත් උයන්න හොදම රයිස් කුකර් එක තමා. ලිපේ උයන බත්වලට වඩා වැඩිකාලයක් නරක් නොවී තියාගන්නත් පුළුවන්.
ReplyDeleteකෙල්ලන්ටත් පාඩමක්..
ReplyDeleteසම්බොල පිරිප්පු එක්ක කලවං කරලා පාං කන්න හිතෙනවා..
සම්බෝලයි, පරිප්පුයි එක්ක පාන් හරිම රහයි.:)
Deleteමාර පාඩමක්. ඔයා නම් කවදා හරි හොඳ ස්වාමිපුරුෂයෙක් වෙනවා.
ReplyDeleteමට ලස්සනම කෑල්ල තමා //අල හොදි හදන්න අපිට අල අවශ්‍යයි.// කියන එක. ඒක නම් පොඩ්ඩිටත් හිතා ගත්තෑකි. ට්‍රයි කරලා බලන්ට ඕනි ඔය කෑම වට්ටෝරුව හදන්ට. කරවල කියන්නේ ලුණු තියන දෙයක් නේද? ඒකට ලුණු දාන්නේ ඇයි? ලුණු වැඩිවෙන්නේ නැතිවෙයිද?
ඔයා වගේ කෙනෙකුට නම් බය නැතුව කියන්ට පුලුවන් 'අපි සම්බෝලයි බතුයි කාලා ඉමු සීදේවී' කියලා. ඇයි සම්බෝල හදන්ට දන්නවනේ.:)
කරවල වලට ලුණු අන්තිමට දාන්න කියල තියෙන්නෙ ඒක නිසා තමයි මගෙ හිතේ.
Deleteමටත් තුන් වේලටම බත්වල පිහිට තමයි. දෙයියනේ කියල කිසි කම්මැලි කමක් නැතුව අම්ම උයලත් දෙනව. මම නං ඉවිල්ලට එච්චර මනකාප නෑ. ඒත් ස්පෙෂල් ඉහුම් පිහුම් නං කරනව.
ReplyDeleteඋයා පිහාගෙන කන්න වැදගත්වෙන ප්‍රායෝගික පාඩමක්..
ReplyDeleteගොඩක් අයට කෑම උයන එක එපා වෙන්නෙ පරීක්ෂන අළුත් අත්හදා බැලීම් කරන්නැති නිසා..
එහෙම වුනාම කුකින් ස්කිල් එක වර්ධනය වෙන්නෙ නෑ..ඒකයි ටික කාලයක් ගිහාම කෑම රස නැති වෙන්නෙ..
මේ පෝස්ටුවෙ අඩු කෑල්ල තමා රෙසිපි පොත..පොඩි පොත් දෙක තුනක් තිබුනොත් අත්හදා බැලීම් කරන්න ලේසියි..මොකද වරදින්න ඉඩ අඩු නිසා..එතකොට උයන එක ආසා හිතෙන වැඩක් වෙනවා..
රූ මහත්තයා නම් නිතරම අඬනවා ඔයාගෙ සෙන්සරි වල කෑම කාලා එපා වෙලා කියලා..ඒත් ආයෙත් හැදුවාම කෑම ඉතුරු වෙන්නෙ නම් නෑ..
අපේ අම්ම නම් කියල තියෙන්නෙ බැදුමකට, කෑලි මිරිස් නම් කලින් දාන්න ඕනෙ මිරිස් කුඩු දානව නම් අන්තිමටම දාන්න ඕනෙ කියල...
ReplyDeleteඔය කරවල බැදුමට ලිපෙන් බාල දෙහි ටිකක් මිරිකුවා නම්...
ඔය දුන්නෙ ලෙසටම :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එතකොට පොල් සම්බල් වලට ලුණු ඕනෑ නැද්ද? :)
ReplyDeleteකවදහරි නෝනට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ අයියට... හලේ මමනම් උයන්න දන්නෙම නෑ හැබැයි උයලා දෙන තරමට ගිලින්න නම් දන්නවා... එල ඈ කෑම පිඟානක පොටෝවකුත් දැම්මනම් මොකෝ මාරයා වගේ... ඔය ලුණු වැඩිය කන එකනං හොඳ නෑ
ReplyDeleteකොහොම වුනත් මේක කියවාගෙන යද්දි දැනුනේ මාරයා ලිව්ව එකක් වගේ තමයි ........... :)
Deleteසම්බෝල හදන්න පිටිකළ පොල් කිරි නෙමෙයි ගන්න ඕනෑ, ගන්න ඩෙසිකේටඩ් (විජලනය කළ) පොල්.
ReplyDeletehttps://www.keellssuper.com/contentsv2/Products/detail.asp?ItmID=14871
!!!
ඇත්තටම කිසිම තැනක ඇඩ් එකක් දැම්මෙ නෑ මේ පෝස්ට් එකට... ඒත් ටිකක් හිට්ස් වෙලා..මාර සංතෝස වැඩෙ ඒකනං....
ReplyDelete