මටනම් වෙසක් අතීතයට අයිති දෙයක් විතරයි..
දැං ඉතිං වෙසක් කඩෙං ගත්ත සුටුස් ගාල එල්ලුව පත්තු කලා ඒක හරි සිම්පල්. සිම්පල් වැඩි නිසාම දැන් මටනං වෙසක් කූඩු වෙසක් කාඩ් මෙලෝ රහක් නැති දෙයක් වෙලා..
ඉස්සර කාලෙ අපෙ තාත්තලෑ මහ ගෙදර මං හිටපු පුංචි සන්දියෙ වෙසක් එක ජයට ගන්නවා. අවුරුද්ද පහුවෙලා සතියක වෙලේ ඉදල තමා කූඩු හැදිල්ල පටන් ගන්නෙ. වත්ත පහල තියේ විසල් උණ පඳුරක් ඒකෙන් අපි තඩි උණ ගහක් කපා ගන්නවා. ඉන් පස්සෙ කස්ටියම එක එක කැටයං දාල ලස්සන කූඩු හදනවා. අටපට්ටං, පැටවු කූඩු, නෙලුම් මල්, ප්ලේන්, ධර්මචක්‍ර අරවද මේවද වැඩ කොටියයි. ඉතින් අක්කලා කරන්නෙ කූඩු අලවන වැඩ බඳින ඒව වගේ තමා. අයියලා තමයි ඔක්කොම කැපුම් කෙටුං ආදිය කරන්නෙ. ඔක්කොම අයියලා අක්කලා වෙන්නෙ ඒ කාලෙ හිටිය සුට්ටංම එකා මම නිසා.. ඒකාලෙ කූඩු අලවන්නෙ කම්බි හෝ නූල් වගේකින්. ඉස්සර අපේ තාත්ත පුංචි සන්දියෙ නං ඔට්ටපාලු වලිං කූඩු හදාපු කතාවක් තියෙනවා. ඒත් ඉතිං දන්නෙ කෝමද ඒ කැටයං අපි..
පිංතූරය:- http://www.lankapuvath.lk වෙතිනි...
එක පාරක් අපේ අයිය පොර සුට්ටි කාලෙ මාත් සුට්ටං එකා වෙච්චි කාලෙ හැදුව අඩි දෙකක් විතර දික පතුරු අරන් තඩි අටපට්ටමක්. ඉතිං අටපට්ටම අනික් අයට පෙනේවි කියල හැදුවෙ ගේ ඇතුලෙ ඉඳන්. ගේ ඇතුලෙ ඉඳන් හැදුවට ඉතින් එලියට ගන්න බෑ. කොහොමවත් එලියට ගන්න බැරි උනා. හොඳට සැපට අලවපු කූඩුවෙ මට මතක විදියට වරල් පවා දාල තිබුනෙ. ඉතිං පොර අඬනවා හෝ ගාල. ඉන් පස්සෙ අපේ අනික් අය්යලයි අම්මයි එකතු වෙලා කූඩුව තලල ගත්ත එලියට. ඒත් එතකොට කූඩුවෙ තිබුන සවරං කොල නොහොත් සව් කොල කෑලි වලට ඉරිල. මේ අතර අපේ පොඩි අයිය නිකං ඉන්නෙ නෑ. මහා සද්දෙන් අඬනවා. මේ වෙනකොට වෙලාව වෙසක් දවසේ හවස හතට විතර ඇති. එතකොට අපෙ මහ ගෙදර අර ටෙලි නාට්ටි වල පෙන්නන මහ ගෙදර වගේ. ගොඩක් කස්ටිය හිටියා.
ඉතිං අනික් අයගෙ කූඩු ඇලවිලා ගස් වල එල්ලිලා ලස්සනට ඇතුලෙ පහන් හරි ඉටිපන්දන් හරි දැල්විලා තියෙනකොට අපේ බුවාගේ කූඩුව සුනාමියට අහුවුනු තඩි සුද්දියෙක්ගෙ පස්ස වගේ පිම්බිලා තිබුනා. පොරට පස්ට මල. ඒ මදිවට අපේ ලොකු අයියය් තව ඉන්න නඩේ සෙට් එකයි මූ අඬන තැනට ගිහිං නියවනව. කෝලං කරනවා. එතකොට තව මර බෑඟිලි ගහ ගහ මූ අඬනවා.. මූ අඩන එක නවත්තන්නෙ නැති නිසා අපේ අම්ම කූඩුවට සොපින් බෑග් අලවල ටිකක් සේප් කරල දුන්න. ඒකාලෙ ලක්සල හරි සතොස හරි සොපිං බෑග් හරි ඝනයි. ඒවගේම සුදු පාටයි. ඒව ඇලෙව්වමත් එක්තරා ගතියක් තියෙනවා.
ඉතින් කෝම කූඩු හැදුවත් මාස ගනන් තියං පත්තුකරන සිරිතකක් අපේ තිබුනෙ නෑ. දවසින් දෙකෙන් කූඩු පුච්චලා දානවා. මොකද ඒ කාලෙ ඒ ගෙදරට ලයිට් තිබ්බෙ නෑ. පහන් පත්තු කරන්න බෑනෙ පොඩි කූඩුවල. ඉටිපංදන් ගන්න තියා යංතං සවරං කොළ ගන්නත් සල්ල ඉල්ල ගන්නෙ අම්මට හත් අට වතාවක් වාත වෙලා තාත්තට පේන්න කූඩු හදල වගේ අටෝරාසියක් දේවල් කරල. ඒ වගේම පහන් ඉටිපංදම් කූඩු අස්සෙ පත්තු කරන්න ගිහිං මුලු කූඩුවම ගිනි ඇවිලුන වෙලාවලුත් තියෙනවා...
ඉන් පස්සෙ කස්ටිය වෙන්වෙලා ඈත් වුනා ට පස්සෙ ඒ විනෝදාංශ නැතුව ගියා. අපේ තාත්ත අපූරු කූඩු හදනව හිටපු ගමන්. ඒ ඔක්කොම අටපස්ටං තමයි. ඒත් වෙනස් මැටීරියල් තමා පාවිච්චි කරන්නෙ. එකපාරක් රවුං කූඩුවක් හැදුව. අටපස්ටමේ ගන්න හතරැස් රාමු වෙනුවට ඒකෙ තියෙන්නෙ රවුං. රවුං ලබාගන්න අපේ එලවලු මැහි වලට ගන්න කම්බි වලින් තමයි. මේ වයර් වගේ කම්බි රවුමට නවල හීනි බකට් කම්බි වලිං බැඳල හරි රවුම හදා ගන්නවා. රවුම හරියට ගන්නෙ කලගෙඩිය ඇතුලෙ දාල කම්බිය රවුමට හදාගෙන. ඉතිං මේ වගේ හදපු කූඩුව තනිකර කම්බි නිසා අපි වෙසක් එකෙන් පස්සෙ කොල ටික ගලවල වහලෙ නොපෙනෙන තැනක එල්ලල තියෙල ඊලග වෙසක් එකට අරං ආයෙත් අලවනවා. තාත්ත මේක තුන් වතාවකට වැඩිය සුදු පාටිං ඇලෙව්ව..

වෙසක් කූඩු |

දැන් ඉතින් අමුතු වෙසක් නේ !!!
ReplyDeleteමිනිස්සු වෙනස් වෙන්නෙ ඔහොම තමයි. මං හිතන්නෙ අපෙන් පහල වයස් වල ළමයි අටපට්ටමකට පැති කීයද කියලවත් දන්නෙ නෑ.
ReplyDeleteලස්සන මතකයන්.... මමත් ඉස්සර හැමදාම මොකාක් හරි අලුත්ම විජ්ජුම්බරයක් කරනවා වෙසක් එකට.... තනියම කැරකෙන කූඩු දෙකකුත් හැදුවා.... ලස්සනයි ඒ කාලේ.... :)))
ReplyDeleteඔවා නොකළොත් ජීවිතේ එක් පරිච්ඡේදයක් අහිමි වුනා වෙනවා....
ReplyDeleteඅපේ ළමයින්ට ඒක වෙලා...උන්ගෙ ළමයින්ට.....?????
වෙසක් ගැන මතකය හරිම සුන්දරයි. ඒත් අනිත් හැම දෙයක්ම වගේ වෙසක් එකත් දැන් විකිනිලා. අනාගතේ දරුවො කවදාවත් කූඩුවක් හදන්න ඉගෙනගන්න එකක් නැ...
ReplyDeleteඅර උඩින් දාලා තියන වෙසක් කූඩු ටික නම් හරිම ලස්සනයි. කාලෙකින් වෙසක් එකකට ලංකාවේ ඉඳලා නෑ. :(
ReplyDeleteමටත් පොඩි කාලේ මගේම කියලා කූඩු ගොඩක් තිබ්බා. ගමේ පන්සලේ කූඩු තරඟ වලින් අනිවාර්යෙන්ම දිනන්නෙත් මම. ඒ වුනාට ඒ එකම කූඩුවක් වත් හැදුවේ නම් මම නෙමෙයි. ඒ වුනාට තරඟෙන් දිනලා පන්සලෙන් හම්බ වෙච්ච බෙඩ් සීට් හා ටවල්ස් නම් මගේ.
ReplyDeleteවෙසක් ගැන සුන්දර මතකයක් . ඔහොම තමා කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙනවා .
ReplyDeleteඅපිට ඒවා වෙනස් කරන්නත් අමාරුයිනේ .
මොනවා උනත් ලංකාවේ බහුතරයක් පිරිස වෙසක් මංගල්‍ය සමරන විදිහ නම් අන්තිම නින්දිතයි, කල කිරෙනවා.. මේ කියන්නේ අහිංසක විදියට කූඩුවක් හදල,පහනක් පත්තු කරලා සිත් පහන් කරගෙන කරන සැමරීම නෙමෙයි,
ReplyDeleteකස්ටිය වාහන වල නැගගෙන මහ සද්දෙන් බජව් දාගෙන පාරවල් දිගේ කලබල කර කර පිස්සු කෙලින එක ගැන,වෙන කිසිම ආගමක මිනිස්සු ඔහොම මල විකාර කරගෙන තමන්ගේ ආගමට අදාළ කිසිම දෙයක් සමරනවද?