Monday, November 4, 2013

ලොකු ලයිට් බිල් පොඩි කරගමු solar electricity

ගෙදර ලයිට් බිල අඩුකරගන්න එක මේ දවස්වල ලංකාවෙ අයගේ ලොකු අරමුණක්.. මොකද ලැබෙන ආදායමින් ලොකු කොටසක් යනවා නෙව බිල් වලට. එතකොට ඉතිරි වෙන මුදල අඩුයි. ඊට අමතරව ලොකුම හිරිහැරය විඳින කස්ටිය තමයි පොඩි පහේ කර්මාන්ත කරන අය. පොඩි කර්මාන්ත කිව්වට ඉතිං අඹරන මැෂිමක්, ලනු මැෂිමක්, වඩු පට්ටලයක්, පොඩි ගෙස්ට් හවුසියක්, පාං බේකරියක් කාරිය කරන්ට් එකෙන් දුවන අයට යන එන මං නැතුවා වාගෙයි පේන්න තියෙන්නෙ. මේන්න මේවගේ ටිකක් ගෙදරක අවශ්‍යතාවයකින් එහාට ගිහිපු අවශ්‍යතා වලට නව සංකල්පයක් විදුලිබල මණ්ඩලය හඳුන්වා දීලා තියෙනවා. ඒක තමයි දෙපැත්තට දුවන මීටර් සංකල්පය. ඒ කිව්වෙ අපි විදුලිය නිපදවනවා දවල්ට ඒ නිපදවන ටික දෙනවා දවල්ට මණ්ඩලයට. රෑට අපි ගන්නව මන්ඩලයෙන් ලයිට්. එතකොට අපි දවල්ට දෙන ටික මීටරේ එක පැත්තකට කැරකෙනවා. රෑට ගන්න ටිකට මීටර් අනික් පැත්තට කැරකෙනවා.

මේක ක්‍රියාත්මකද?

ඔව්. දැනට දකුණු වෙරළබඩ තීරයේ සංචාරක අවන්හල්, නවාතැන් පොලවල් ආශ්‍රිතව මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන බවක් තමයි ආරංචි වෙන්නෙ. මේ ගැන කතාකරන කොට මේ ගැන අපේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ නම් සඳහනක් මට හොයාගන්න පුලුවන් උනේ නැහැ. නමුත් පාඨලී චම්පික ඇමතිතුමා ඉන්න කාලෙ මේ වගේ ව්‍යාපෘතියක් ගැන ලොකු කතාවක් තිබුනා. මම ඒ නිසාම නිකමට ඒ ගැන හොයල බැලුවා. මේන්න වැඩේ දැන් දුවනවා ලු යසට. 

මේකෙ තාක්ෂණානුකූල යම් යම් සිද්ධාන්ත ඇති. ඒ වගේම ක්‍රියාත්මක කරද්දි මේ වගේ සරල නැතුවත් ඇති. නමුත් විදුලි බිල රුපියල් 10,000ක් 15,000ක් අතර වෙන කුඩා පරිමාණ සංචාරක හෝටල ආදියට මේ ක්‍රමයෙන් වාසියක් ලැබෙනවා කියලා තමයි මේ සෝලාර් පැනල් ගෙන්වන කොම්පැනිය කිව්වෙ. මේකෙදි ලොකු සයිස් ආස්තරයක් සවි කරනවා වහලයේ. ඉන් පස්සෙ ඒ මගින් නිපදෙන විදුලිය තමයි ආයෙත් අපි ජාතික පද්ධතියට ලබා දෙන්නෙ. 

සූර්යකෝෂයක් ගහගෙන අපේ දුප්පත් මිනිස්සුට බැයිද ලයිට් ගන්න. 

පහුගිය දවසක අපේ අයියා ඔය වගේ වැඩක් කොලා. මිනිහට සෝලා පැනල් එකක් ලැබුනා හිතාගන්න බැරි තරම් අඩු මිලකට. ඉන් පස්සෙ එයා ඒකට ගත්තා බැටරියක්. බැටරිය ගන්න කොට සාමාන්‍යෙයන් ආසන්නම ටවුමෙන් තමයි ගන්න එක හොඳ. මොකද නැත්තං බැටරිය බර නිසා ගෙනියන්න අමාරුයි වගේම සර්විස් කරන්න ආදියටත් අමාරුයි. සෝලා පැනල් එක ලැබුනාම ඒකට අයියා කලේ කෙලින්ම එල් ඊ ඩී වලින් දැල්වෙන විදුලි බල්බ කිහිපයක් සම්බන්ධ කලා රාත්‍රියට දැල්වෙන්න. ඒවගේම ඒ ගෙදර ඇත්තන්ට ටී වි බලන්න සහ පොඩි පොඩි පෝන් චාජ් කරන කොම්පියුටර් පාවිච්චි කරන වැඩවලට වගේ වැඩවලට වෝල්ට් 12 කරන්ට එක 230 බවට පත්කරන ඉන්වර්ටර් කෑල්ලකුත් ගත්තා කඩෙන්. ඒ ඉන්වර්ටර් එක වොට් පන්සියෙ එකම මම පිටකොටුවෙන් වොරන්ටි නැතුව රුපියල් 3000ට වගේ අරං දුන්නා.

ඒ සෙට් එක උස්සං ගිහිං හයිකලේ වැලිකන්දෙ. වැලිකන්දේ සෝලාර් එක ගැහුවාම එන කරන්ට් එක බැටරිය ප්‍රමාණවත් විදියට චාජ් වෙන්න වැඩිත් එක්ක කියලා තමයි අපේ අයියානෝ ගේ අදහස වුනේ. ඉතිං මේ කෑලි පූට්ටු සෙල්ලං මොක නැති වුනත් ඔය සෝලාර් පැනල් එකයි බඩු මුට්ටු ටිකයි අටෝගන්න රුපියල් හැට දාහක් වගේ තමයි යනවා ඇත්තෙ කියලා මට හිතෙන්නෙ. මයික්‍රොෙන්ට්‍රෝලර් එකක් දාලා ඉන්වර්ටර් එකයි ඕවලෝඩ් ප්‍රොෙටක්ෂන්, වොල්ටේජ් ස්ටැබිලයිසේෂන් වගේ කොරණා ඔක්කොම රුපියල් පන්දාහකට වගේ කරන්න පුලුවන් කියලාත් මගේ යාලුවෙක් කිව්වා. 

සූර්යාකෝෂ හයි කරන එක ලාබද?

හිතන්න අපේ මුලතිව්, පුදුකුඩු ඉරිප්පු පැත්තෙ මිනිස්සු අඩුයි. එහෙ එක ජනාවාසයකට එකක් කිලෝමීඨර ගානක් දුරයි. අපි හිතමු පවුල් දෙසීයක් ඉන්නවා ඔවුන්ට ලයින් දෙන්න විදුලිබල මණ්ඩලය කිලෝමීටර් හතලිහක් විතර කේබල් අදින්න ඕනි. ඉතිං ඔය කේබල් වැඩේටම මම හිතන විදියට මිලියන විස්සක් විතර වියදම් වෙනවා. ඉන් පස්සෙ විදුලිය උත්පාදනය, බෙදාහැරීම මීටර් සවිකිරීම ආදි කාරණා වලට මුදල් වෙන් කලාම ඒ ගමට විදුලිය දෙන්න රජය මිලියන විසිපහක් විතර වියදම් කරන්න ඕනි. 
ඒ වගේ වෙලාවක ඒ ගමට සූර්ය පැනල සවි කරලා විදුලිය දෙන්න යෝජනාවක් තියෙනවා නම් ඒක වඩා සාර්ථක වෙයි. සූර්ය පැනල් කට්ටල වලට එකකට රුපියල් පනස්දාහක් වියදම් වුනත්  මුලු වියදම මිලියන දහයක් වගේ ගානක් තමයි යන්නෙ. ඒවගේම රජයට ඒ හරහා තවත් විදුලිය උත්පාදනය ගැන හිතන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපේ ඒ වගේ පළාතක කර්මාන්ත රාශියක් තිබෙයි කියලා හිතන්න අමාරුයි.  අධිතාක්ෂණික මෙවලම් භාවිත වෙනවා කියන්නෙත් තව අවුරුදු ගානකට වේනනෙ නැති දෙයක් නෙව.

සෞම්‍ය කලාපිය රටවලට සූර්ය විදුලිය කියන්නෙ පොඩි ගැටලුකාරි දෙයක්. මොකද ඔවුන්ට ලැබෙන සූර්යාලෝකය අවුරුද්දේ සෘතු අනුව වෙනස් වෙනවා. ඒත් අපේ රටේ දින 365න් දින 350ක්ම බොහෝ පැතිවලට ප්‍රමාණවත් සූර්යාලෝකයක් තිබෙනවා. 

සූර්යබලයෙන් කරන්න පුලුවන් තව වැඩ රාජකාරි..

සූර්යතාපයෙන් වතුර රත්කරලා ඒ වතුර ගබඩා කරලා නාන්න පාවිච්චි කරන්න පුලුවන් ගැජට් එක දැන් ගොඩක් ජනප්‍රියයි. ගොඩක් හෝටල් සංචාරක මධ්‍යස්ථාන වල වහලවල් වල ඒ කෑල්ල තිබෙනවා මම දැකල තියෙනවා. 

ඒ වගේම සූර්යාලෝකයේ තියෙන තාපය මුදා හැරලා සූර්යාලෝකය පමණක් වෙන්කරගෙන ඒ සූර්යාලෝකය වීදුරු තන්තු වලින් හෝ ප්‍රස්ම මගින් එහෙ මෙහෙ ගෙනියන තාක්ෂනයකුත් තිබෙනවා. ඒ මගින් ලංකාවෙ සමහර ගාමන්ට් ෆෑක්ටරි  වලට ආලෝකය ගන්නවා කියලා සන්ටෙක්ස් ආයතනයේ අලෙවි කළමනාකරණ මහත්මයෙක් මා එක්ක පැවසුවා. සූර්යාලෝකය කෙලින්ම අපිට ගන්න බැහැ. ඒකට දැන් විවිධ ආකාරයේ ගෘහනිර්මාණ ශිල්පිය ක්‍රමවේද වගේම විවිධ ක්‍රමවේද යොදාගෙන සූර්යාලෝකයේ තාපය මුදාහැරලා එළිය විතරක් ගන්න විධි සහ ක්‍රම ලෝකෙ ඇවිල්ලා තිබෙනවා. 


 සූර්යාලෝකයෙන් විදුලිය ගන්න හැටි සහ ඒ හරහා මණ්ලයෙන් ලැබෙන විදුලි බිල අඩුකරගන්න උපදෙස් දෙන උපකරණ සපයන සමාගමක් තිබෙනවා සන්ටෙක් කියලා. මම දන්නෙ මේක විතරයි. සමහර විට තව ඇති. ඒ අය නම් ඒක ව්‍යාපාරික අරමුණකින් තමයි කරන්නෙ. එයාල නම් කියන්නෙ රුපියල් 15,000ක් වගේ බිලක් එන පොඩි ව්‍යාපාර වලට මේ ක්‍රමය ගැලපෙනවා කියල තමයි. ඒ වගේම අර මං මැදින් කියපු දිවා ආලෝකය බිල්ඩින් ඇතුලට ආලෝක ප්‍රභවයක් විදියට යොදාගන්නත් මේ අය ගාව විසඳුම් තිබෙනවා.
Sunteks International


ප.ලි:- මා මින් පෙර ලියූ ලිපියක බැර ලෝහ මිශ්‍රිත ජලය පෙරා හැර පානීය ජලය ලබාගත හැකි යන්ත්‍රයක් තිබෙන බව සඳහන් කලා. ඒ යන්ත්‍ර පිටරටින් ආනයනය කොට පිහිටුවා දෙන සමාගමක් තිබෙනවා ලු. කවුරුහරි මහත්මයෙක් විද්‍යුත් තැපෑලකින් මගෙන් ඒ ගැන විමසුවා. නමුත් මාළඟ ඒ වතුර ෆිල්ටර් ගෙන්වන සමාගම ගැන තොරතුරු නැහැ. මා උත්සාහ කළත් මට සොයාගන්නට නොහැකි වුනා.  ඒ වගේ කරන්ට් එකෙන් වැඩකරන බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජලය බීමට හැකි මට්ටමට පත්කරන මැෂින් ගැන විස්තර දන්න අයෙක් ඉන්නවා නම් පොඩි කමෙන්ට එකකින් හරි මේල් එකකින් හරි විස්තරයක් දාල යන්න. ඒක සුවල්ප දෙනෙක්ට හරි වැදගත් වේවි. 

25 comments:

  1. අරේවා බයියා!!

    අයියණ්ඩි,

    සෝලාර් පැනල් භාවිතා කරලා කරන්ට් ගන්නකොට අවශ්‍ය වෙන්නේ "සූර්ය තාපය" ද? "සූර්යාලෝකය' ද??

    ජයි හෝ!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අරේවා! අරේවා!! අරේවා.......!!!!!!!!!

      පලවෙනි කමෙන්ට් එක දාපු දවසෙම මම එක බොලවු!!

      හික්Z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!

      Delete
    2. I AM USING SOLAR ENERGY. WHAT IS REQUIRED IS SUN LIGHT. NOT THE HEAT.

      Delete
    3. @ ඇනෝ ජී, සයිලන්ට් ජී & අමිල ජී!

      බොහොත් ෂුක්‍රියා.....!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  2. හිතමු මසෙකට යුනිට් 100 වගෙ භවිතා කරන නිවසකට සුර්ය පැනලයෙන් මුලු ඒකක ගනන නිපදවා ගන්න පුලුවන්ද ඒව පරිමානයෙ ඒකකට යන මුලු වියදම කොහොමද වැඩි හරිය නැවත ජාතික පද්දතියට ඒකතු කරලා මුදල් ගන්න පුලුවන් ද

    ReplyDelete
    Replies
    1. මාසෙට විදුලි බිල රුපියල් දහ දාහට අඩු නම් මේ මන්ඩලයට විදුලිය දෙන ක්‍රමය වාසිදායක වෙන්නෙ නැහැ.. නමුත් නිවෙස් ආශ්‍රිතව බැටරියක් සහ සූර්යෙකෝෂයක් භාවිත කරලා නිවසේ රාත්‍රි දැල්වෙන විදුලි පහන් සර්කිට් එක ඕනි නම් බැටරියෙන් දුවන්න පුලුවන්.. නමුත් ඒකත් ඒ තරම් ලාභදායි කියලා හිතන්න අමාරුයි..

      Delete
  3. //මේන්න මේවගේ ටිකක් ගෙදරක අවශ්‍යතාවයකින් එහාට ගිහිපු අවශ්‍යතා වලට නව සංකල්පයක් විදුලිබල මණ්ඩලය හඳුන්වා දීලා තියෙනවා. //
    විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දීලා තියෙන අලුත් සංකල්පය ගැන සතුටු වෙනවා. එක වතාවක මම හම්බන්තොට ප්‍රෙදේශයේදී දැක්කා වීදි ලාම්පුවලට සූර්යෙකෝෂ සවිකරලා තිබෙනවා.මෙම ක්‍රියාමාර්ගය තුලින් බලශක්තිය ගොඩක් ඉතිරි කරගන්න පුලුවන්.

    ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..

    ReplyDelete
    Replies
    1. ඕකම දියවන්නා උයනෙත් තියෙනවා දැක්කා. ඒත් මටනම් හිතුනෙ අපරාදෙ කියලා. ඒ පොඩි ලයිට් දෙක දල්වන්න ලොකු පැනල් එකක් සවි කරල තිබුනා. හැබැයි ඉතිං නඩත්තුවයි, මූලික වියදමයි හැරුනාම වෙන වියදමක් නැති නිසා ඒ තරම්ම අවුලක් නැතිව ඇති.

      Delete
  4. //සූර්යතාපයෙන් වතුර රත්කරලා ඒ වතුර ගබඩා කරලා නාන්න පාවිච්චි කරන්න පුලුවන් ගැජට් එක දැන් ගොඩක් ජනප්‍රියයි.//
    අපේ ගෙදර ත් ඕක හයි කරල තියෙන්නේ. මුලික පිරිවැය ටිකක් සැර උනත් සෙම් අමාරු කාරයෝ ඉන්න, උණු වතුර නො නෑවොත් පීනස තද වෙන කට්ටිය ඉන්නවනම් දීර්ඝ කාලීන ව වාසියි (ඉලෙක්ට්‍රික් හීටරේට සාපේක්ෂව).

    අමිල කියල තියෙන ග්‍රිඩ් එකට ආපහු විදුලිය දීල මීටරේ ආපස්සට කැරකෙන එක ගෙවල් වලට ත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ඒක දැනටත් ක්‍රියාත්මකයි. මෙහාටත් වඩා ලංකාව වගේ අවුරුද්ද පුරාම ඉර එලිය ලැබෙන රටකට මේක ගොඩක් හොඳ වේවි.

    ReplyDelete
    Replies
    1. මේකනේ නිරෝශනී දෙයක මිල අඩුවෙනවා භාවිතය වැඩි වෙනකොට. ඒ වගේම රජයටත් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන බදු අඩු කලානම් මේකට යන වියදමින් සියයට විස්සක් විතර අඩු වේවි.. එහෙම ප්‍රමාණාත්මකව ආන්ඩුවේ අත හිත ඇතිව සිද්ද වෙනවා නම් මේක බොහොම සාර්ථක වැඩක් වේවි.

      Delete
  5. තවත් ගැටලුවක් තිබේ!

    අපෙ ගෙදර මාසෙකට පාවිච්චි වෙන්නේ යුනිට් 150ට අඩුවෙන්! (රු. 3000/= වගේ)

    සූර්යකෝෂ වලින් විදුලිය ගන්න එක අපේ වගේ ගේකට වාසියක් වෙයි ද? (දෙපැත්තට දුවන මීටරේ නෙවෙයි. අර අයියා කරපු ක්‍රමයෙන්)

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අයිය කලේ බැටරි කරන්ට් එක ප්‍රත්‍යාවර්ථ ධාරාව (නිවෙස් වල සාමාන්‍ය විදුලිය) බවට පත් කරන්නෙ නැතුව බල්බ් දල්වන එක. ඒ වගේම ඉන්වර්ටරය මගින් පරිවර්ථනය කරලා ඉන් පස්සෙ රූපවාහිනි බලන එක ෆොන් චාජ් කරන එක වගේ වැඩ කිහිපයක් පමණයි. නමුත් අද ගෙදරක අවශ්‍යතා ඊට වඩා සංකීර්ණයි.

      ඔය විදියෙ ලයිටින් වලට වෙනමම සර්කිට් එකක් දාල එල් ඊ ඩී බල්බ් දාන්න පුලුවන් නම් නිවසේම ලයිට් අපිට හැමවෙලේම(එකිනෙකට වෙනමම ස්විච් නැතිව) දල්වනන හැකියාව ලැබෙනවා. උදාහරණ විදියට පොඩි ෆෑක්ටරියකට, රාත්‍රි තියෙන ටියුෂන් එකකට වගේ ලයිට් වලට ඔය ක්‍රමය පොඩි පොඩි තාක්ෂණික යෙදවුම් භාවිත කරලා කරන්න පුලුවනි.

      තාමත් සාමාන්‍ය ගෙවල් වලට නම් ලාභයක් නැහැ වගේ තමයි මට පෙන්නුම් කරන්නෙ.

      Delete
    2. අමිල සහබ්,

      මේ ගැන මොකද හිත්න්නේ.......?

      Solar panel 40w/12v Multicrystalline

      මොන වගේ වැඩ කොටසක් කරගන්න පුලුවන් වෙයි ද??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  6. අමිල මංඩලයට කරන්ට් එක දෙන්ඩ තරම් ලොකු සෝලා යුනිට් එකක් ( ඒකට බැට්රි අවශ්‍ය නැ , රෑට ගන්නේ මංඩලේ විදුලිය හන්දා ) ගන්ඩ ලොකු මුදලක් යට කරන්න වෙනවා , ඒ මුදල සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න අමාරුයි , සල්ලි යහමින් තියන කෙනෙකුට නං ඔය වැඩේ හොදයි , ( වසර දහයකින් විතර පැනල් එක අළුත් වැඩියා කරන්න ඕන ඒකටත් ලොකු මුදලක් යනවා )

    පොඩි යුනිට් එකක් බැට්රියක් එක්ක භාවිතා කරන එකත් ඒ තරම්ම සාර්ථක නැ . ඒකෙන් මහලොකු බලයක් ගන්න බැනේ . ලොකු ඇම්පියර් ප්‍රමානයක් ගන්න පුළුවන් හොද බැට්රියකුත් සැහෙන ගානක් වෙනවනේ , හැමෝටම වැඩේ ටික දවසකින් එපා වෙනවා .

    සෝලා පැනල් හදුන්වා දීලා සැහෙන කාලයක් වෙලත් ජනප්‍රීය නොවෙන්න හේතුව තමයි ඒක

    ReplyDelete
    Replies
    1. ඔව් මේකෙ තියෙන අවුල ඒක තමයි. දැනට ගෙවල් වලට හරියන් නැහැ. නමුත් අටං හිතන්න නිකං ලයිට් විතරක් පත්තු වෙන්න ඕනි බස් නැවතුම් පොලවල් කෝච්චි ස්ටේෂන් වගේ ඒවට මේ වගේ වැඩක් මාර වැදගත්වෙයි නේද?
      ලංකාව පුරා කෝච්චි ස්ටේෂන් වලට ලයිට්වලට සෝලා පැනල් ගැහුවොත් විසාල වියදමක් මූලිකව ගියත් ඒ හරහා ලොකු මුදලක් ඉතිරි වෙනවා. අඩි හතරෙ ටියුබ් ලයිට් එකකට යන විදුලියට වඩා ඒ එළියම දෙන එල් ඊ ඩි බල්බ් එකක් ගන්න වොට් ප්‍රමාණයත් දෙකෙන් පංගුවකට වඩා අඩුයි. (පෙටා වලින් අරං පූට්ටු කරගන්න එල් ඊ ඩී ලාම්පු වලත් අර හොඳ ඒවායේ වගේම බලශක්ති පිරිමැස්ම තිබෙනවා කියල තමයි ඒ ගැන මීටරයක් ගෙනැල්ලම පරීක්ෂා කරපු මගේ යාලුවෙක් කිව්වෙ. )

      Delete
  7. ඔව් මෙකෙ වාසිය තියෙන්නෙ ටිකක් විදුලිය වැඩිපුර භාවිතා කරන අයට

    ReplyDelete
    Replies
    1. මේ මම කිව්ව කම්පැනියම දවල්ට දිවා සූර්යාලෝකය ආයතන තුලට ගන්න වැඩපිලිවෙලවල් හඳුන්වා දෙනවා..මේ ඒ වගේ සූර්යාලෝකය කෙලින්ම ආයතන පරිශ්‍ර වැඩපලවල් සූර්ය ආලෝකය ලබාදෙන්න වැඩපිලිවෙලවල් එයාල හඳුන්වා දීල තියෙනවා ජනප්‍රිය ආයතන කිහිපයකටම.. ඒ නිසා ෆැක්ටරි වලට දවල්ට විදුලිය වැයවීමක් වෙන්නෙ නැතුව ඇති. http://www.sunteksint.com/prismatic.html

      Delete
  8. ගොඩක් වැදගත් ලිපියක් , මාත් අත්හදාබලන්ට ඕන..

    ඔකෙ සීන් එක තියෙන්නෙ වැහි කාලෙටනෙ, එක දිගට වහින්න ගත්තම ඒ කාලෙ ඇතුලත ඔකෙන් වැඩක් ගන්නම බෑනෙ..

    ReplyDelete
  9. ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්. ඔයාගේ අයියා හදපු එක කරන විදියයි, ඒකට යන අඩුම කුඩුම ටිකයි ගැන විස්තරයක් ලියන්නකෝ.

    ReplyDelete
  10. පැනල් 140 කින් කි.වො. පැය 125ක් උත්පාදනය කරන බිල්ඩින් එකක් තියෙනවා (ලු) හයිලෙවල් පාරෙ (නිකිනි ඔටෝමේෂන්) මේකෙනුත් ඉතිරිවෙන කරන්ට් එක මණ්ඩලේට ආපහු යැවෙන විදියටයි සකස්වෙලා තියෙන්නෙ.
    උද්‍යාන ආලෝකකරණයට නම් එල් ඊ ඩී බල්බ් 4ක් විතර තියෙන සෝලාර් බලබ් කට්ටලයක් තියෙනවා. රු.1000/= කට ආයුකාලය කොහොමද කියන්නනම් දන්නෙ නෑ.

    කොහොමත් ඉදිරියේ දී සෝලාර් පද්ධති ජනප්‍රිය වෙයි.

    ReplyDelete
  11. විකල්ප බල ශක්ති ප්‍රභවයක් විදියට අපි සමකාසන්න රටක ඉඳලා සූර්ය බලයෙන් ප්‍රයෝජන ගන්නවා ඉතාම මදි. බොහෝවිට එහි පිරිවැය අධිකවීම නිසා තමයි හේතුව. නමුත් ගෘහස්තව පරිභෝජනය වැඩිවන තරමට මෙහි මිල ඉදිරියේදී අඩුවෙයි කියලා හිතන්න පුළුවන්. කොහොම වුනත් තවත් සංවර්ධනය කල යුතු කටයුත්තක්

    ReplyDelete
  12. මමහ් මේ දවස් වල සෝලර් සිස්ටම් එකක් හදන්න බඩු එකතු කරනව. පැනල් ලංකාවෙන් ගන්නව. බැටරි පාවිච්චි කරපු deep cycle battery එකක් හෝ දෙකක් ගන්නව. charging controller, inverter ඊ බොක්කෙන් ගෙන්න ගත්ත. 140W සිස්ටම් එකක් හදන්න මට රු.25,000ක් වගේ යාවි.

    ReplyDelete
  13. Battery sell karana kenek tikak adu milakata set una.
    https://ikman.lk/en/ad/deep-cycle-ups-battery-solar-for-sale-colombo
    https://ikman.lk/en/ad/deep-cycle-battery-for-solar-for-sale-colombo
    Deep cycle battery tawa tan kipeka mama baluwa. 11000k witara wenawa 100Ah.
    Mama meyagen 100Ah dekak preorder kala.

    ReplyDelete