Tuesday, August 23, 2016

ගාන්ධි බබා උනු පාකිස්ථාන දික්කසාදය

1945 ලෝක දේශපාලනයේ මෙන්ම බ්‍රිතාන්‍ය දේශපාලනයේද ජනප්‍රිය චරිතයක් වූ වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට පරාජය වනවා. දෙවන ලෝක යුද්ධයේ බලකනුවක් වූ චර්චිල් උණුසුම පහව යන්නටත් මත්තෙන් සිය රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම විශ්මයජනකයි. ඉන් පසු බලයට පත් වූ කම්කරු පක්ෂය එවකට යුද්ධයෙන් සැරටම බැටකා තිබුනු බ්‍රිතාන්‍යය නැවත ගොඩනගන්නට කටයුතු කරනවා. එවිට සුවිසල් යටත් විජිත සියල්ලන්ටම පාහේ නිදහස ලබාදී ඔවුන්ගෙන් නිදහස් වීම ‍හොඳයි කියන මතයේ තමයි මහා බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය හිටියේ. 

කාලයක් තිස්සේ ඉන්දියාව තුල නිදහස් සටන ඇවිළෙමින් තිබුනා ගාන්ධි තරුණ වියේ සිටම ක්‍රියාත්මක වූ නිදහස සටන දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග යම්කිසි සන්ධිස්ථානයකට පැමිණියා. ඒ තමයි ඉන්දියාවට නිදහස ලැබීම. 

අලි ජින්නා
බොහෝ ඉන්දීය දැඩිමතධාරින් හින්දුස්ථානය දෙකට කැඩුව පාහරයා විදියට තවමත් හඳුන්වන්නේ අලි ජින්නා. අලි ජින්නා කියන්නේත් කැඩෙන්නට පෙර ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියෙක්. 1920 දී ඔහු හින්දුන් නියෝජනය කරමින් ජාතික කොංග්‍රසය වෙනුවෙන් ජාත්‍යන්තර  සමුළු වලට පවා සහභාගි වෙලා තිබෙනවා. ඒ වගේම ජින්නා ගාන්ධි සමග බොහෝ කලක් එකට වැඩ කල ක්‍රියාධරයෙක්. 

මුස්ලිම් ලීගය ආරම්භ වුවත් ගාන්ධි හෝ ගාන්ධි විසින් පත් කරන ලද නේරු මුස්ලිම් ලීගය ගැන අවසාන අවස්ථා වෙනකල්ම සැලකුවේ අඩු තක්සේරුවකින්. ඔවුන එය ගනනකට ගත්තේම නැති තරම්. නමුත් මැතිවරණ වලදී මුස්ලිම් ලීගය සැලකිය යුතු ජයග්‍රහන ලබාගන්නට පෙළඹුනා. 1930-40 කාලයේදී එවකට ඉංදීය ජාතික කොංග්‍රසයේ ඉහල නිලයකට අලි ජින්නා පත්කොට ඔහුට පසුකාලීනව හින්දුස්ථානයේ අග්‍රාමාත්‍ය වන්නට ඉඩ හසර ලැබුනා නම් බොහෝවිට අලි ජින්නාගේ හින්දුස්ථානයේ දැනට තිබෙන බංගලිදේශය සහ පාකිස්ථානය නොබදී තිබෙන්නට ඉඩ තිබුනා. 

අලි ජින්නා පාකිස්ථානය ලෙස කොටසක් ඉන්දියාවේ ඉහලින් වෙන් කරගත්තත් ඔහු බොම්බායේදී  යුරෝපීය ආරට හැදුන හොඳින් ඉගෙන ගත් දක්ෂ නීතිඥයෙක් ලෙස සේවය කල අයෙක්. ඔහුගේ යුරෝපීය ජිවන රටාව එක්වරම මුස්ලිම් අන්තවාදයට නැඹුරු වූ ආකාරය ඇතැම් සමකාලීනයන්ට සිතාගන්නටවත් අමාරු වුනා. නිදහස ලබාගැනීමේදී පවා නේරු සිය ඉන්දී්‍ය අනන්‍යතාවයට අනුව ඇන්දත් පකිස්ථාන් අලි ජින්නා පුරුදු කලිසම කෝට් එකට ආයුබෝවන් කියා තිබුනේ නෑ. රටට ජාතියට දේශයට ආදරය කරන්නට නිතර දෙසූ ගාන්ධිට සිය හින්දු ප්‍රජාව ජාතියෙන් ඔද වැඩී මුස්ලිමුන්ට විරුද්ධ අවි අතට ගනිද්දී එය නවතන්නට නොහැකි වුනා.. එසේම යුරෝපීය මහත්මයෙක් ලෙස සැදී දේශයට ආදරය කරන්නට උපදෙස් දුන් ජින්නාටත් පසු කලෙක සිය මුස්ලිම් ජාතියේ අය ඔහුත් පසුකරගෙන බොහෝ දුර ගොස් ප්‍රචන්ඩත්වය වපුරන විට කරකියා ගන්නට දෙයක් නැතිවන්නට ඇති. 

මහත්මා ගාන්ධි බොහෝ විට උත්කර්ෂයට ලක් වන්නේ අවිහිංසාවාදී සාධාරන මනුෂ්‍යයෙක් විදියට. නමුත් ඉන්දීය කොංග්‍රසයේ අග්‍රාමාත්‍ය තනතුරට ‍ ජවහල්ලාල් නේරුට පත්වන්නට මහත්මා ගාන්ධි විශේෂයෙන් ඉඩ දෙනු ලැබුවා. එවකට ජනප්‍රිය චරිතයක්ව සිටි ධනවාදී විවෘත අදහසින් යුත් කොන්ග්‍රසයේ ජනප්‍රිය චරිතයක් වූ සර්දාර් පටේල්ට අවස්ථාව නොදී සමාජවාදී අදහස් වලින් සමන්විත කුමක් කලක් කෙසේ වුවත් එකම රටක් වැනි ජාතික හැඟීම් වලින් යුතු වූද  ජාති ආගම් ප්‍රශ්ණ වලදී එතරම්ම හොඳ විසඳුම් කරුවෙකු නොවු ද ශ්‍රි නේරුව ගාන්ධි විසින් පත් කරනු ලබනවා. ඒ පත්කරන අවස්ථාවේදීත් කොංග්‍රසයේ ජනප්‍රිය චරිතය වූයේ සර්දාර් පටේල්. සර්දාර් පටේල් වීරයෙක් ලෙස සලකන ඇතැමුන් ට අනුව සර්දාර් පටේල් පැතිරුනු අදහස් ඇත්තෙක්. දැනටත් ඉන්දියාව ප්‍රාන්ත විදියට බෙදිලා නමුත් එකම රටක් විදියට පවතින්නේ සර්දාර් පටේල් විසින්‍ මෙහෙයවපු ක්‍රියාදාමය නිසා.

ජින්නාගේ මුස්ලිම් ලීගයේ මූලික තර්කයක් වුනේ හින්දුන් විසින් පාලනය කරන රටක මුස්ලිම් ලෙස සැමදාම මහ ජාතියේ කෙණෙහිළිකම් වලට මුහුන දෙන්න වෙනවා කියන කාරණාව. එසේම සමාජවාදී අදහස් තිබූ නේරුට එවකට ඔහු ඇදහූ සමාජවාදය අනුවම හින්දුස්ථානය පැවරුනා නම් සමාජවාදයේ පූර්ව අත්දැකීම ්අනුව නායකයා ලෙස නේරුටත් නායකයා අයිති ජාතිය ලෙස හින්දුන්ටත් විශාල බලයක් ඒකරාශී වනවා.  එවැනි අවස්ථාවක වෙනමම රටක් ඉල්ලීම සිය ජාතිය වෙනුවෙන් කරන්නට අවැසි යුතුකමක් ලෙස මුස්ලිම් බුද්ධිමතුන් සිතන්නට ඇති. 


මවුන්බැටන් සහ පවුල

1947 පෙබරවාරියේදී දී ලුවිස් මවුන්බැටන් ඉන්දියාවට පැමිනෙන්නේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ සිය යටත්විජිත වලට නිදහස ලබාදීමේ අදහස ඇතිව. ඔහු ඉතාම කෙටිකලක් ඇතුළත සිය කාර්යය නියම කල ලෙසටම ඉෂ්ඨ කරන්න සමත් වුනා. විශාල අඩු ලුහුඩුකම් තියෙන්නට ඇති නමුත් ලැබී තිබු කාලය අනුව මාස හයක් වගේ කෙටිකාලයක් තුලදී නිදහස ලබාදීමත් රටේ වාර්ගික ගැටළුවට සාධාරන විසදුමක් ලබාදෙන්නත් මවුන්බැටන්ට හැකියාවක් ලැබුනා. 

අලි ජින්නාගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් ලීගය නැගෙනහිරින් බෙංගාලයේත් බටහිරින් පන්ජාබයේත් සිය ප්‍රචන්ඩත්වය පතුරුවන්නට පටන් ගත්තා. එකිනෙකාට පිළීකුල් සහ තරමක් දුරස් සංස්කෘති දෙකක් වූ මුස්ලිම් සහ හින්දු සංස්කෘතියක වූ ජනයාට මේ අර්බුධය, සිය කෝපය පිටකරගන්න කදිම අවස්ථාවක් වන්නට ඇති. බෙංගාලයේ සහ පන්ජාබයේ සටන් දිගින් දිගටම ගිනි ඇවිලී ගියා. අවසානයේ නේරු ගාන්ධි ඇතුළු කොන්ග්‍රසයට ජින්නාගේ පාකිස්ථාන ඉල්ලීමට ඉඩ දෙන්නට සිද්ද වුනා. 

ඒ අනුව මාර්තුවේදී ඉන්දියාවට පැමිණි සිරිල් රැඩ්ක්ලිෆ් නැමැති බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරියා පන්ජාබයත් බෙංගාලයත් හරහා සිතියම් සලකුනු කලා. පාකිස්ථානයේ මායිම නියම වුනේ ඔහු සහ පිරිස අතින්.. වාරිමාර්ග ගොවිබිම්, සහ මහ ජාතික ඝනත්වය අනුව මෙලෙස බෙදීම ඇත්තෙන්ම අපහසු ක්‍රියාදාමයක්.. 

අවසානයේ මවුන්බැටන් විසින් අගෝස්තු 14  වැනිදා පාකිස්ථානයටත් අගෝස්තු 15 වැනිදා ඉන්දියාවටත් නිදහස ලබා දුන්නා..ඉන් අනතුරුව අගෝස්තු 17 වැනිදා ඔහු විසින් පාකිස්ථානය සහ ඉන්දියාවේ මායිම් සිතියම ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පලමුව නිදහස ප්‍රකාශයට පත් කර ඉන් පසුව සිතියම ප්‍රකාශයට පත් කරන්නට යෙදුනේ කළබලකාරී වාතාවරණය අඩුකරන අදහසින්. 

ශතවර්ශ ගනනාවක් තිස්සේ මුස්ලිම් ජනයා සහ හින්දු ජනයා එකම වාස භූමියක ජීවත් වුනා. අාගම් ඇදහිම් දෙවර්ගයක් වුවත් ඔවුන් අයිති වූයේ එකම පොලවකට ඔවුන් බෙදාගත්තේ එකම ජලය ඔවුන් ගියේ එකම මාර්ගවල ඔවුන්ගේ ආහාර රටාව ජීවිතය සිතුම් පැතුම් පවා ආගම් වලින් වෙනස් කරපු ටික හැරුනාම බොහෝවිට සමානයි. හින්දුස්ථාන හමුදාව පවා පාකිස්ථාන් ඉන්දියා කියල දෙකකට බෙදෙනවා.. එම අවස්ථාවේදී හමුදාවේ සාමාජිකයිනුත් උනුන් හැරගියේ හැඩූ කදුලින්.. 

පන්ජාබයේ සික් ජාතිකයින් මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව දැඩි ලෙස ලේ වැගිරවීම් සිදුකරන්නට දායක වුනා. දෙපාර්ශවයම සිය ගැහැනු දරුවන් බිරින්දෑවරුන් දියණියන් සිය කඩු පිහි වලින්ම කපා මරා දැමුවේ විරුද්ධ වාදීන් විසින් ඔවුන් දූෂණය කලහොත් තමුන්ෙග් පවුලට සිදුවන අවමානය වලකා ගැනීමේ අදහසින්. එලෙස තමුන්ගේ ඥාතින් අතින් මරණයට කැපවන්නට සිදුවුන ගැහැනු පිරිස ලක්ෂයකට ආසන්න යැයි සඳහන් වෙනවා. මේ වාර්ගික අසහන තත්වය සමනය වී දශක ගණනාවක් යනතුරු සිය සහෝදරියන්, බිරිඳ, ආදී ස්ත්‍රීන් තමුන්ගේම අතින් ඝාතනය වන්නට සිදුවීම ගැන ශෝකයට පත් විශාල පිරිසක් දෙපාර්ශවයේම සිටියා. 

දෙපාර්ශවයේම මේ නිදහස ලැබෙන අවස්ථාව වන විට පැවතියේ දැඩි නොසන්සුන් වාතාවරණයක්.. මේ මහා දේශසීමා සහ පාකිස්ථානය බිහිවීම එක්ක දෙරට අතර මිලියන 10කට ආසන්න ජනතාවක් හුවමාරු වුනා..සමස්ථ ක්‍රියාවලියෙදි ඇති වූ ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය ප්‍රමාණය මිලියනයකට හෙවත් දශලක්ෂයකට වැඩියි. බහුතරයට අයිති පලාත අනුව බෙදී වෙන් වුනත් බෙදීමේදී පාකිස්ථාන පාර්ශවයට භූමිය නිර්ණයනය වුනේ අවාසි සහගතව. ආර්ථිකව ගත්තොත් වඩාත් සාරවත් පෙදෙස් ඉන්දියාවට නතු වුනා.දැනටත් ඉන්දුස් ගගේ ඉහල කොටස් වන ජේලුම්, ඉන්දුස්,චෙනබ් ආදී ‍ කොටස් ඉන්දියාවෙන් වසා දමනවිට පාකිස්ථානය වතුර නැතිව වියලී යනවා. 

පන්ජාබයේ ඉහල සිටි හින්දු ජනයා පහල ඉන්දියාව දෙසටත් ඉන්දියාවෙන් පලාගිය ජනයා පාකිස්ථානය දෙසටත් පයින්ම ගමන් කරන්නට වුනා. දුම්රිය වලින් ගමන් කල හැකි වුවත් මුල් කාලිනව ඇතැම් දුම්රිය දෙපාර්ශවයේ දුම්රිය පොලවල් කරා පැමිණියේ මළ සිරුරු සහ ලේ වැකුනු මිනී පුරවාගනිමින්. ඇතැම් දුම්රියන්හී මිනිසුන් පිරී ඉතිරී සිටියත් ජිවමානව සිට ඇත්තේ දුම්රිය රියදුරු පමණයි. 

එසේම බ්‍රිතාන්‍ය බෙදීමෙන් කාශ්මීරය සහ බලුකිස්ථානයේ අයිතිය නිසි ලෙස ප්‍රකාශයට පත් කලේ නෑ.. මේ ‍පකිස්ථාන ඉන්දියා බෙදීම නිසා හුවමාරු වන්නට වූ ජනතාව ලෝකයේ විශාලතමය සරණාගත කන්ඩායම ලෙස ඉතිහාසයේ දැක්වෙනවා. නිදහස ඉල්ලා ලැබුනු අලුතින්ම සැදුන රටවල් දෙකකට මුහුස දෙන්නට සිදු වුනේ අලුත්ම ප්‍රශ්ණයකට .. ඒ තමයි අනාථ වූ ජනයා ලක්ෂ ගනනකට පිළිසරණ වීම.  
නේරු මහත්මා සර්දාර් පටේල් 
ඉතා ඉක්මනින් මහා බ්‍රිතාන්‍යයට බලය ඉන්දියානුවන්ට ලබාදෙන්නට ලොකු හදිස්සියක් තිබුනා. එසේම මහත්මා ගාන්ධිට සිය අනුප්‍රාප්තිකයා ලෙස සමාජවාදී ජාතිකවාදී අදහස් දැරූ ජවහල්ලාල් නේරු ව පත්කරන්නට උවමනා වුනා.. මෙතැනදී ගාන්ධි විසින් නේරු නොමැතිව එවකට තිබූ කොංග්‍රසයේද ජනතාව අතරද කීර්ථිමත්ම පුද්ගලයෙකු වූ සර්දාර් පටේල්ව පත්කරගත්තා නම්? ගැටළුව පැතිර නොයාවි යැයි ඇතැමුන් ගේ අදහසක් තිබෙනවා. ගාන්ධි එහිදී බහුතර මතයට වඩා සිය මතයට මුල්තැන දී තිබෙනවා. 

ගාන්ධි පුද්ගල චරිතය අනුව අවිහිංසාවාදියෙක් ජාතික ක්‍රියාධරයෙක් ලෙස ක්‍රියාකලා.නිදහස ලබාගන්නට එක්සත්ව,හිංදුස්ථානය නැමැති ජාතිය මූලික කරගෙන ඉංග්‍රීසින්ගේ අකටයුතු කම් වලට විරුද්ධ වුනා..නමු්ත අවසානයේ ඔවුන් විසින් කුලුගන්වන ලද ජාතික වාදය ජාතිවාදය තෙක් ඇවිලී යනවි එය නිවන්නට ගාන්ධි ට බැරිවුනා..සටන් ඇවිලී යනවිට මිලියන  ගනනින් ජනතාව අවතැන් වන විට ගාන්ධී ගේ වැඩ පිළිවෙල වූ ගමින් ගමට ගොස් ජනයාට කරුණු අවබෝධ කිරීම ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වුනේ නෑ. 
ගෞරවාන්විත මළගමක් වත් අහිමි වූ ජාතිවාදයට ගොදුරු වූ පිරිස් 
නිදහස ලබාගත් පසු ඇති වූ මෙවන් ජාතිවාදී ගැටුම් වලට මුල ඉංග්‍රීසි ජාතිකයින්ගේ බෙදීම් වලින් ගෙනගිය පාලනය බව ඇතැම් අය කියනවා. නමුත් අප ඔවුන්ගෙන් නිදහස ලබාගන්නවා නම් ඔවුන්ගේ ක්‍රමවලටම පාලනය කිරීම කලයුතුයැයි නියමයක් නෑ.. ඔවුන්ගෙන් වෙනසක් අවශ්‍ය නිසා තමයි ස්වදේශිකයින් තමුන්ගේ ජනතාව නායකයින් විදියට පත්කරගන්නේ. ඉන් පසු ඒ නායකයින් පෙර සිටි යුරෝපියන්ට වරද පටවමින් අනෙක් ජාතින්ට ආගම් වලට භීෂණය පතුරුවමින් සිය බලය තහවුරු කරගන්නට හදන එක බොහෝ යටත් විජිත වලදී සිදු වුනා. ඇතැම් නිදහස් අරගල වලින් සහ පසුව ඇති වූ ජාතිවාදී ගැටුම් වලින් අසරණ වුනු අතිවිශාල ජනතාව දිහා බැලුවාම අපි අමාරුවෙන් බදු ගෙවලා හරි යුරෝපීයන්ගේ පාලනයේම රටවල් තිබුනා නම් හොඳයි කියලාත් හිතෙනවා.

ඔබ මේ අදහස් වලට අකමැතිනම් කල හැකි හොදම දෙය මෙය ෆේස්බුක් හි ටුයිටර හි සෙයා කිරීමයි. එවිට දක්සයින් විචක්ෂනයින් පැමිණ මේ විකාර මත සුනුවිසුනු කොට දමනු නිසැකය. ජය වේවා..!!!

12 comments:

  1. This is a forgotten part of the history made bloody by UK. West is still doing the same in middle east, countries which were relatively stable are in stone age now. Killing each other in same country, just like in Hidusthan in 1947. Even we in SL might do it again sooner than later, if we open the gates to west.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ඔබන්න ඉතරක් පෝස්ට් වලට එන්නෙපා බං අඩුතරමෙ පේලි කීපයක් හරි කියෝපන්..කොමෙන්‍ට් එක වැටුන කියල මොකො නිදන් පහල වෙනවෑ..

      Delete
  2. //ඔබ මේ අදහස් වලට අකමැතිනම් කල හැකි හොදම දෙය මෙය ෆේස්බුක් හි ටුයිටර හි සෙයා කිරීමයි. එවිට දක්සයින් විචක්ෂනයින් පැමිණ මේ විකාර මත සුනුවිසුනු කොට දමනු නිසැකය. ජය වේවා..!!!// :)

    ස්තුතියි හොඳ විස්තරයක්.

    මම ගාන්ධිගේ චරිතය පිළිබඳ 'චිත්‍රපටියක' දැක්කා ඔහු පාකිස්ථානය නොකඩා තියාගන්න ලොකු උත්සාහයක් ගන්නා බව. අලි ජින්නාට කියනවා වෙනම රටක් වෙනුවට අගමැතිකම ගන්න කියලත්. චරිතාපදාන ලියවෙද්දි ඇත්ත කතාත් පොඩ්ඩක් එහා මෙහා වෙනවානෙ. ඇත්ත මොකක් වෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. එවිට බොහෝ ප්‍රමාදයි..අනික ඒ වෙලාවෙ ඒක කල හැකි දෙයක් නෙමෙයි..නිකං මූනිච්චාවට ගහපු දේසපාලනෙ ගැටයක්.. ජින්නා ගෙ මුස්ලිම් ලීගය ඒ වෙද්දිත් ප්‍රචණ්ඩත්වය පතුරුවන්න පටන් අරන් ඉවරයි..
      ජින්න ඒවෙලේ ගාන්ධි කීමට ආවත් කොන්ග්‍රසයෙනුත් හින්දු සහ සික් වරුන්ගෙනුත් දැඩි විරෝධය ක් එනවා..
      මුලදි ටිකක් නම්‍යශීලී උනානම් කොන්ග්‍රසය ට වැඩේ ගොඩින් බේරාගන්න තිබුනා...නිදහස දෙන අදහස ආපුම කාලෙ කිසිම විදියකින් ඉන්දියාව බෙදුමට කොන්ග්‍රසය කැමති වෙලාම නෑ...

      Delete
    2. බංගලිදේශය වෙන්වීම ගැනත් පොඩ්ඩක් කියමුකො..

      Delete
  3. owa ohoma thama ... maha ekage godura podi eka ,, eka nisa api maha ewun wenna ona kohoma hari

    ReplyDelete
  4. පාකිස්තානය වෙන් නොවී එක රටක් විදියට තිබ්බනම්, ඉන්දියාවෙ ටීම් එකට ගහන්න කාටවත් බැරිවෙයි නේද බන්?

    ReplyDelete
    Replies
    1. මුලින අර අපේ ටීම් එකට උපුල් තරංගව දාල හිටපං ඕකට උත්තර හොයන්නකලිං.. ඒ වගේ තමයි.. ඕවා ලොකුවට පෙනුනාට ඇතුලේ ගේම් ක්‍රිකට් වලටත් වඩා සැරයි..

      Delete
  5. ගාන්ධි යනු කවරෙක්දැයි තේරුම්ගැනීමට නම් 'දේශපාලන අ' පොත කියවන්න. මෙලොව සිටි ලොකුම බොරුකාරයන් අතර ප්‍රමුඛයෙක් තමා ගාන්ධි.
    ඔහු විසින් ඉන්දීය ධනේශ්වරයට කළ මෙහෙය සහ ඉන්දීය දුප්පත් ජනයා තවදුරටත් දුප්පත්කමේ පතුලටම ඔබන්න ඔහු කළ වැඩ සොයා කියවන්න.
    නේරු පෙරට ගැනීමට ඔහුට අවැසි වුයේ සුබාෂ් චන්ද්‍රබෝෂ් වැනි ජනතා වීරයන් ගේ ජනතා සටන් ව්‍යාපාර මොට කර දමන්න නොවේද? නේරු සමාජවාදය ගාන්ධිට හොඳ මෙවලමක් වුණා. එක පැත්තකින් බෝෂ්ගේ ව්‍යාපාරය මොට කරන්න තව පැත්තකින් ඉන්දීය ධනේශ්වරය රකින්න. හොඳම විසදුම වුනේ නේරු.

    ReplyDelete
  6. //මාර්තුවේදී ඉන්දියාවට පැමිණි සිරිල් රැඩ්ක්ලිෆ් නැමැති බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරියා පන්ජාබයත් බෙංගාලයත් හරහා සිතියම් සලකුනු කලා.//

    මේක වැරදියි. රැඩ්ක්ලිෆ් මායිම් ලකුණු කලේ ඉන්දියාවට නොපැමිනයි.

    ඉන්දියානු නිදහස ගැන මේ ලිපියෙ අසම්පූර්ණ තැන් බොහොමයි. ජින්නා බලාපොරොත්තු උනේ කො#න්ග්‍රස් නායක කම, ඒක නැතිවෙනකොට වෙනම රටක් ඉල්ලුවෙ. නමුත් මවුන්ට් බැටන් වැඩේ තව අවුරුද්දක් පරක්කු කලානම් තවෙ වෙනස් වෙනව, මොකද ජින්න 48 සැප්තැම්බර් මැරෙනව ලියුකේමියාවෙන්.

    දෛවයේ සරදමකට වගේ අන්තිමට මවුන්ට් බැටන් මැරෙන්නෙ අයර්ලන්ත ගරිල්ලන්ගෙන් වෙඩි කාල.

    මේ ගැන සාකච්ඡා කරමු තව කට්ටිය එකතු උනොත්. හොඳ ප්‍රවේශයක් ආයිත්, අගෙයි.

    Indika Upashantha

    ReplyDelete
    Replies
    1. රැඩ්ක්ලිෆ් ඉන්දියාවට ආවෙ ජූලි අට... අවසාන තීරනේ ප්‍රකාශයට පත් කලේ.. අගෝස්තු 17 ..
      After arriving in India on 8 July 1947, Radcliffe was given just five weeks to decide on a border.[8] He soon met with his fellow college alumnus Mountbatten and travelled to Lahore and Calcutta to meet with commission members, chiefly Nehru from the Congress and Jinnah, president of the Muslim League.[11] He objected to the short time frame, but all parties were insistent that the line be finished by the 15 August British withdrawal from India. Mountbatten had accepted the post as Viceroy on the condition of an early deadline.[12] The decision was completed just a couple of days before the withdrawal, but due to political manoeuvring, not published until 17 August 1947, two days after the grant of independence to India and Pakistan.[8]

      ජින්නා මුස්ලිම් ලීගය ලීඩ් කලේ 1930 ඉඳලා..එතන ඉදලා අවුරුදු 17ක් ගත වෙනවා. මුස්ලිම් ලීගය ලීඩ් කලා කියන එකේ අර්ථය මුස්ලිම් රටක් ඕනි වුනේ ජින්නාට විතරක්ම නෙමෙයි.. තව අය ඉන්නට ඇති..නමුත් ජින්නාට ඒ නායකත්වයට අවශ්‍ය පරිණත කම තිබුනා..

      මවුන්ට් බැටන් ඉන්දියාවට ආවේ ටයිම් ෆේම් එකකුත් එක්ක..අපේ මෝල් වහන්සේලා වගේ පස්න විසදන්න කිසිම ප්ලෑන් එකක් නැතුව ලොරි ටෝක් ටිකක් එක්ක නෙමෙයි.. ආව මිනිහ වැඩේ කලා ගියා..

      ජින්න කියන්නේ නියෝජිතයෙක් විතරයි.. පාකිස්ථාන උවමනාව ඒ මිනිස්සුන්ට තිබුනා..ඒකනේ මලායින් පස්සෙව්ත රටවල් දෙක අතර මිතුරුකමක් නැත්තේ..

      සාමාන්‍යයෙන් අපි ආසියාතිකයින් විදියට හරි ආසයි සුද්ද තමයි ඔක්කෝම කෙලෝල දැම්මේ කියල කියන්න..නමුත් ඇත්ත ඒක නෙමෙයි..උන් හදල දීපු දේවල් අපිට හරියට පවත්වාගන්න බැරිවුන එක.. මවුන්බැටන් නැතුව ඔන්න නිදහස මෙන්න කාපල්ල කියල දුන්න නම් ඔ්‍ය කියන ඉන්දියාවවත් පාකිස්ථානයවත් මොකුත් නෑ.. ඔක්කොම කෑලි වෙලා ඕක කැඩිච්ච අලුවා කෑලි ගොඩක් වගෙ වෙනවා..

      Delete
  7. මහත්මා ගාන්ධි හා නේරු යන අයට තාමත් ඉන්දියාවෙ සමහර පිරිස් වෙෙර කරනවා පාකිස්ථානය හා බංග්ලාදේශය බෙදා වෙන්කිරීම නිසා.
    ගොඩ්සේ (ගාන්ධි ඝාතක) විසින් හෙතෙම ගාන්ධි ඝාතනය කරන්න වු හේතුව ලෙස සදහන් කරන්නේද හින්දුස්තානය බෙදා වෙන්කිරිමයි. ඒ බව ඔහු Why I Assassinated Mahatma Gandhi by Nathuram Vinayak Godse පොතේ සදහන් කරනවා

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...