Saturday, June 24, 2017

අඩු කුලේ නිසා තව සමහරු කැලෑවේ

කුලය කියන්නේ මොකද්ද දන් නෑ.ඒ කිව්වෙ ්නිසි අර්ථදැක්වීමක් අමාරුයි.  ඉස්සර කාලේ රජතුමාගේ කාලේ තිබුන පද්ධතියක් තමයි කුල ක්‍රමය. තරමක් විවෘතව හිතුවොත් හොද ක්‍රමයක් ඒක. හැම මනුස්සයාම විශාල සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීම තුලින් ඉක්මනින් සම්පත් හානි වෙනවා.. එතකොට එකිනෙකා අතර අසහනය සහ මානසික අසමතුලිතතාවය වැඩි වෙනවා..අන්න අර යට කාර් එකක් තියෙනවා මට නැහ කියල කාර් එකනැති එකා හිතනවා..ආන්න අරූට ලස්සන ගෙයක් කෝ මට කියලා පැලේ ඉන්න කෙනා හිතනවා.. 

ඒත් එදා තිබුන විදියටඅඩු කුලේ එකාට ගෙයක් ගැන හීන දකින එක තේරුමක් නෑ..වාහන ගැන හිතන එක තේරුමක් නෑ,.ඒම වුනාම අද වගේ ඒවා ගැන මහා බලාපොරොත්තු තියාගෙන ණය බරින් මිරිකිලා ඒව හඹායන්න ඕනි නෑ,. 

මගේ කුලය සහ කෙරුම්කාරයෝ.. 

කුලය කියන්නේ සගවන්න ඕනි ත්‍රස්ථවාදය වගේ මතයක් නෙමෙයි..කුලය කසාද බදිනකොට එහෙම හොයනවා..මම දුරාව. දුරාවේ මිනිස්සු තමයි විජය කුමාරතුංග, ගාමිණී පොන්සේකා, මංගල සමරවීර, මර්වින් සිල්වා වගේ අය. තවත් දුරාවේ ජනප්‍රිය මිනිස්සු ඇති ඒත් මම දන්නේ නෑ,.දුරාවේ අය සලකන විදියට අන්දරේත් දුරාවේ මිනිහෙක්.. කුමාරතුංග මුනිදාසත් දුරාවේ ඩෑල් එකක් ලු.

දැන් ඔබට යමක් පේනෝ ඇති විජය කුමාරතුංග වගේ වැදගත් හැමෝම ගරුකරන චරිත අසසේ මර්වින් සිල්වා වගේ දැක්කත් තූහ් කියවෙන චරිත ඉන්නවා..ඒ කියන්නේ මගේ කුලේය කියලා මහ ලොකු බක්කක් නෑ.. ලොකුකමක් නෑ.. හොද මිනිස්සුත ඉන්නවා නරක මිනිස්සුත ්ඉන්නවා.. 

දුරාව කුලේ මිනිස්සු කරන්නේ රා මදින එක..ඉස්සර කාලේ දුරාවේ උන් කරල තියෙන්නේ ඒක. පොල් ගස් නැගීම රා මැදීම. ඔහොම වුනාට මගේ මව් පරම්පරාවේ සීය පප්පා වරු දන්න කියන අය ඔක්කෝම ගොයියෝ..ඒ ගොල්ලයි වත්තේ පොල් කැඩුවෙත් පිටගංකාරයෝ.. තාත්තාගේ පියානෝ ඇවිල්ල පෙදරේරු මහත්මයෙක්.. 

ඇත්තම කිව්වොත් දුරාවේ කුලේ වුනාට මට ගහකට නැගගන්න හරියට බෑ.. අපේ කුලේ වර්ථමානයේ එහෙම ගස් නගිනු බැරි මිනිස්සුත් ගොඩක් ඉන්නවා.. දැන් ඉති අවසාන රජා එලවලා අපි අවුරුදු දෙසීයක් වෙනවා.. රජා එලෙව්වේ සුද්දෝ නෙමෙයි නේ..රජා එලෙව්වේ අපේ උන්දැලා..රජාට වඩාසුද්දාගේ මෙව්ාව එක හොදයි කියලා එලෙව්වා.. ඉතිං රජාත් නැති එකේ ඉන් පස්සේ? තව මක්කටද කුල මල..

වර්ථමාන කුල.  

අපි පොඩි කාලේ කුඹුරු තිබුනා..ඒවයි හෙලුවෙන් නැටුවා.. ඇලවල් වල ජබුං ගහල නැටුවා.. හිටියෙ පැලක ඒක පොඩියි.. ඔහොම පරණ කතාවක් කිය කිය ඉද්දී මගේ නෑයෙක් ඇවිල්ල.. ඕව ඔහොම නෙමෙ කියන්නේ.. " අපි මේම හිටියට ඇලේ දොලේ නාල ඉපනැල්ලේ ගිහිල්ල හොදට පදම ්ෙවච්ච මිනිස්සු " ආන්න එහෙම ආඩම්බරේට කියන්න ඕනිය කියලා මට කියලා දුන්නා.. ඒත් මඩකරි ඉන්න ඇලේ පැනල නාපු එක මොකද්ද නම්බුවක් වෙන්නේ..ඇගපුරා කසන පාවරේ ඉදලා ගොයං උස්සං ගිහිපු එක කොහොමද ලොකු වැඩක් වෙන්නේ..ඒක සාමාන්‍ය දෙයක්.. ඒ නිසා මට ඒ නම්බු තියාගෙන කතාකිරීම එදත් අදත් කරන්න අමාරු වැඩක්.. 

කුල මල කීම කියන එකේ කුල නම් වලින් කීමම නෙමෙයි..අද වුනත් ආන්ඩුවෙ තැනක සහ පරණ ළුිදියට තියෙන ඔපීසියක පිරිසිදු කරන මහත්මයාට තේ හදන මහත්මයාට එතරම් සැලකීමක් නෑ.. ලොක්කාගේ හොර ගැනිට ලෙඩක් හැදුනත් හොයල බලන කන්තෝරු වසංගත ටික අර මනුස්සයා දවස් දෙක තුනක් ආවේ නැතත් මොකද කියලා හොයන්නේ නෑ,.කෑම බීමට පවා එකට යන්නේ නෑ..ඒක ඇවිල්ල එක ජාතියක කුල බෙදිල්ලක්.. 

තව අධ්‍යාපන කුල තියෙනවා..ඉදලා හිටලා ඔය යටම මනුස්සයෙක් උසස්වීම් ලැබිලා උඩට යනවා.ගිහින් වැදගත් උඵදෙසක් දුන්නත් අනික් පහල අය කියන්නේ..අරූ ඉස්සර බඩු උස්සසං ගියා වාහන හේදුවා..දැන් තමයි නිකං ලෝඩ් වගේ එන්නේ.. ඕකා දන්නේ නැද්ද ඉස්සර බස් එකේ ආවේ.. කියලාඒ මිනිහාගේ අතීත පැවතුම් දුප්පත් කාලේ හිටපු හැටි ආදිය ගැන ඕනනැති දේවල් කියලාඒ මිනිහා පාච්චල් කරනවා.. 

ඒ වගේමයි ඉගෙනගත් තැන, ගිය ඉස්කෝලේ, ඉන්න නගරය, සේවා කාලය, වෘත්තිය, වෘත්තිය මට්ටම, තනතුර ආදී විවධ ක්ෂේත්‍ර වලින් මිනිස්සු අනිකාව පුංචි කරන්නත් තමුන් ලොකු වෙන්නත් දගලනවා අපිට ඕනි තරම් මේ සයිබර් එක තුල පවා පේනවා.. 

තමුන් උඩ ගියාට නම් කිසිම අවුලක් නෑ.ඒත් අනුන්ව පෙලා දැමීම..අනුන්ට වෙනස් කොට සැලකීම තමයි වරද. 

මමගිය ඉස්කෝලේ හොද එවුන් එක දෙන්නෙක් උන්නා..ඒ වගේම ගංජ කුඩු කාර යෝ, මංකොල්ල කාරයොත් උන්නා..ඒ වුනාට අපේ උන් උජාරුවෙන් කතාකර්නනේ අර ලොකු ඩෑල් ටික ගැන විතරයි.. අනික් උන් අපේ ස්කෝලේ නෙමෙයි ද? උන් අපේ විදුහල් මාතාවගේ අවජාතක පුතාලද? 

අවසාන වසේන් කුලේනොසැලකීම කියනනේ ගොවිගම කරාව විදියට බෙදීමම නෙමෙයි.. විවිධ හේතුන් මත අනික් මිනිහාව පහත්කොට සැලකීමත් අයිති වෙන්නේ කුල බැලීඹටම තමයි.. 

9 comments:

  1. අඩු කුලේ පර හැත්ත එනව මෙතන බ්ලොග් ලියාගෙන.
    ආයෙ එන්නෙ මේ පැත්ත පලාතෙ :D

    ReplyDelete
  2. අඩුකුලේ උන් බ්ලොග් ලියනව කියල අද තමයි දැනගත්තෙ. මෙහෙමත් විනාසයක්. අම්ම මුත්ත කාලෙ වුන දේවල්ද හි හි

    ReplyDelete
  3. ඒ ඔය කුලේ ොයා ගන්නෙ කොහෙන්ද අෆ්පා

    ReplyDelete
  4. හොඳක් කරලා දුන්නම ඒකෙ අඩුපාඩු කියන එකත් කුල කීමක් කියලයි කියන්නේ. ඒක නං වෙනම කුලයක්.

    ReplyDelete
  5. ඒ කුලේ අයට අනවශ්‍ය මහප්‍රාණ නැතුව වචනයක් ලියාගන්නවත් බෑ කියලත් ලියන්න තිබ්බෙ.

    ReplyDelete
  6. සිංහලේ අවසාන රජාව එලවල දාල අවුරුදු දෙසීයක් නෙවෙයි බං අවුරුදු දෙකයි.

    ReplyDelete
  7. මර්වින් සිල්වාගේ ගම හා දුටුගැමුණු අතර සම්බන්ධය ගැන කතාව අහල තියනවද?

    ReplyDelete
  8. කුලය කියන්නේ පියාගේ (සහ පරම්පරාවේ) රැකියාවයි.

    කාලය, දේශය, දීපය, කුලය සහ මව කියා බෝසතා පස්මහ බැලුම් බලා රජාගේ ජොබ් එක කළ සුද්ධෝදනට දාව ඉපදුනේ ඒ අනුවයි.

    ReplyDelete
  9. දුරාව කුලය රා පෙරීමට සම්බන්ධ කර ඇති පැරණිම විශ්වාස කටයුතු මූලාශ්‍රය කුමක්ද

    ReplyDelete