Friday, June 16, 2017

ඇසෑම් සහ ඇසෑම් රේල් වේ

ඇසෑම් තියෙන්නේ ඉන්දියාානු උප මහද්වීපයේ ඉහල බංග්ලාදේශ මායිමේ ඊශානදිග දිහාවට වෙන්න. පහල සිතියමේ තියෙනවා ඇසෑම් තියෙන්නේ කොහේද කියලා හරියටම. ඔය රතුපාටට පෙන්නුම් කරලා තියෙන්නෙ ඇසෑමය. මේ ඇසෑමය අයිති ඉන්දියාවට. අපිට හිතෙනවා..හෑ මේක ඉන්දියාවෙද කියලා කියලා. ඒක අපිට විතරක් නෙමෙයි..ඉන්දියාවෙ මුම්බයි පාසල් පොතක මෙම ඇසැම් කොටස නැතුව ඉන්දියානු සිතියම ඇදලා තිබුනා.මොකද එතකොට අර යට ඇදුම වගේ කෑල්ල විතරයි ඉන්දියාව..මේ පැත්තකින් එල්ලිලා තියෙන ඇසෑමය ඇදින්නත් අමාරුයි සිතියම් කැල්ලක් විදියට.

ඉන්දියාව නිදයසට කලින් ඔය විශාල ප්‍රෙද්ශයේ ඒ කියන්නේ බංග්ලාදේශයේ සිට ටිබෙට් චීන දේශසීමාව ඒත් නිදහසින් පස්සේ බ්‍රිතාන්‍ය ඉන්දියාව බටහිරින් පාකිස්ථානයත්..නැගෙනහිරින් බංග්ලාදේශයත් විදියට කැඩිල ගියා.


ඇසෑම් යුද්ධ කාලේ..

දෙවන ලෝක යුද්ධයේදී මෙම ඇසැම් කලාපයේ කෑල්ලක් ජපනා අල්ලගෙන තිබුනා. ඒ ජපනා ඉන්දියාව අල්ලද්දි ඉන්දියාවේ නිදහස් සටනේ පතාක යෝධයෙක් වුනු..1915 කාලය දක්වා ඉන්දියාවේ අගනුවර විදියට පාවිච්චි වුනු කල්කටා වේ ඩැල් එකක් ජප්පට සපොට් කලා..එයා තමයි සුභාෂ් චන්ද්‍ර බෝශ්.. සුභාෂ් ජපනාට ඉන්දියාව අල්ලගන්න ඉඩදීම ඇතැම් ඉන්දියානු ජාතිකයින්ට විශාල දෙයක්. නමුත් සමස්ථ ජපන් දෙවන ලෝක යුද ඇනිය තුල සුභාෂ් බෝෂ් කියන්නේ මහ ලොකු බක්කක් නෙමෙයි. සුභාස් කඩාගෙ ගිය ඉන්දියානු හමුදාව ජපන්නු පාවිච්චි කරන්නෙ උන්ගේ බඩු බාහිරාදිය සප්ලයි කරගන්න.

ඇසෑම් වල දැනටත් තියෙන ඉම්පාල් මනිපුරි නාගලන්ඩ් වගේ පලාත් යටත්කරගන්න ජපනා සමත් වුනා. මේ ඇසෑමයේ සහ මියන්මාර දේශසීමා කොටහක් ජපානය විසින් නතුකරගත්තා. පස්සේ කාලේක බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා එකතු වෙලා මෙම කොටස නැවත අත්පත්කරගන්නට කටයුතු කලා.
විවිධාකාර ගල් 

ඇසෑමයේ රෙල් පාර 

ඇසෑමයේ තේ වත්තක් 

දුම්රිය වේදිකාවක් 


බ්‍රහ්මප්‍රත්‍ර මහා නදිය පාලම අසබඩ 

උණ පඳුරක් 


යුද්ධ කාලේ සප්ලයි චේන් එක

ජපනා මේ කියන ඉන්දියානු සීමාවෙදි වගේම දෙවන මහා ලෝක සංග්‍රාමය ගිය කාලය තුල වැඩිපුරම මුහුනදුන්නේ සංග්‍රාමික විපත් වලට වඩා සාගතයට. සාගතය නිසා මිය ගිය ප්‍රමාණය සංග්‍රාම නිසා මිය ගිය ප්‍රමාණයට සමානයි.
ජපනාට මේ දක්වා..ඒ කිව්වේ ඉන්දියාවේ බුරුම සීමාව කරා එන්න හැකිවුනාට ඒ දක්වා අල්ලාගෙන ආපු වර්ථමාන ඉන්දුනීසියාව. පිලිපීනය, තායිලන්තය. ආදී විශාල රටවල් වලින් අවශ්‍ය ආහාර ලබාගන්නට හිතුව තරම් ලේසි වුනේ නෑ.. ඒ වගේම චීනෙදිත් හොද ප්‍රතිචාර ලැබුනේ නෑ ජපාන ආහාර ලබාගැනීමට.. දෛවන ලෝක යුද්ධයේදී ජපාන ඇනිය තුල තිබුන විශාල අඩුපාඩුවක් ලෙස මෙම ආහාර ආර්බුධය  ඉතිහාසඥයින් විසින් විග්‍රහ කෙට තිබෙනවා.

ඇසෑම් ගැන කයිය ගහන්න ගිහින් ඇයි මේ දෙවන ලොක යුද්දේ ජපාන සප්ලයි ගැන කියන්නේ.. දෙවන ලෝක යුද්දයේ දී ජපානය කොරියාව, චීනයේ විශාල කොටසක්, අග්නිදිග ආසියාවේ විශාල පදාසයක් යටත ්කරගෙන බුරුම සීමාවට එද්දි මිත්‍රපාක්ෂික ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඉන්දියාව දෙසින් විශාල ප්‍රතිරෝධයක් ඔවුන්ට එල්ල කරනවා..විශේෂයෙන් චීනයේ සටන් කල ජපන් විරෝධී හමුදාවලට අවශ්‍ය ආහාර සහ අවි ආයුධ දෙන්න ක්‍රමයක් තිබුනේ නෑ.. ඒ මොකද චිනයේ සියලුම වැදගත් නාවුක මාර්ග එවිට වැහිල තිබුනේ ජපන් ආක්‍රමණ වලින්..

මේ අවස්ථාවේදී ඉන්දියාවේ බෙංගාලය, ඇසෑමය හරහා විශාල මාර්ග පද්ධතියක් නිර්මාණය කරනවා ඇමරිකාව විසින්. ඉන් පසු මිත්‍ර පාක්ෂිකයින් විසන් චීනයට අවශ්‍ය ආයුධ සහ ආහාර සැපයුම් නිසියාකාරව පවත්වා ගන්නවා.. විශාල ජලාශ්‍රිත ප්‍රෙද්ශයක් වූ මේ ඇසෑම් බෙංගාල පැත්තේ පාලම් සිය ගානක් ඉදිකරලා විශාල  කැපකිරීමක් කරලා ඇමරිකාව පාරක් හදනවා චීනයේ කුන්මින් වලට... සහ චීනය දෙසට.. මෙම මාර්ග ඔස්සේ චීනයට අවශ්‍ය සැපයුම් ලබාදීමට හැකිවීම ජපනාට එරෙහි චීන හමුදාවට විශෙෂ ශක්තියක් වුනා.

එහෙත් ඇමරිකාව ඇවිල්ල පාරවල් හදල දීල ගියාට වැඩිමනක් ෆයිට් වලට දායක වුනේ නෑ..ඒකට එක හේතුවක් මේ පලාත මෝසම් කාලෙදි පල් වලක් මඩ ගොඩක්. මේ මඩ ගොඩේ වැඩ කිරීම ලේසි නෑ. නිවර්ථන වනාන්තර වල වැඩකරද්දි මේ සුද්දොන්ට රටේ නැති ලෙඩ..අපේ රටවල තියෙන මැසි මදුරු කරදර ඒ ඇමරිකාවල නෑ..ඒ වගේම මෙහෙදි අපිට වැලදෙන ලෙඩරෝගත් ඇමරිකන් යුරෝප් උන්ට අලුත්. ඒ නිසා පලාත පුරුදු ඈයින්ට යුද්ද කරගන්න බඩු ටික සම්පාදනේ කරල ඇමරිකන් කාරයා පිටමං වෙන්න ඇතිය කියලා ඉතිහාස වාර්ථා වල තියෙනවා. 


එදා ඇසෑම් රේල් වේ. 

එදා ඇසෑම් රේල් කියනනේ වර්ථමාන බංගලිදේශයේ මූලික වූ පද්ධතියක්.. ඒ පද්ධතිය හරහා ඇසෑමයේ නිශ්පාදන වූ තේ සහ වෙනත් නිශ්පාදන ඉන්දියානු වරායන් කරා ප්‍රවාහනය කලා..අවුරදු සීයකට විතර පසසේ අදත් මෙ ්පලාතේ ගල් අගුරු ගෙනියන්නේ දුම්රියේ..පහල තියෙනවා ඒ විදියගෙල් අගුරු දුම්රියට ගල් අගුරු පටවන ආකාරය. 




ඇසෑම් රේල් ජාලය ඉන්දියාව නිදහස් වෙද්දි උඩු යටිකුරු වුනා. මොකද ඇසෑම් සහ නැගෙනහිර බෙංගාල රේල් වේ පද්ධතියේ මූලික මාර්ග තිබුනේ වර්ථමාන බංගලිදේශය හරහා..ඒ කොටහ නිදහසින් පස්සේ පාලනය කලේ නැගෙනහිර පාකිස්ථානය යන නමින්. නැගෙනහිර පාකිස්ථාන කොටසට අයිති වුනු රේල් පාරවල් නිසා ඉන්දියාවට ඇසැම පලාතට පිවිසෙන්න අලුතින් රේල්ර පාරවල් හදාගන්න වුනා. 

ඇසෑම් සහ වතුර 

ඇසැම් රේල් පාර බොහා් තැන්වලදි හිතාගන්න තබැරි තරම් උසකින් තමයි නිමවෙලා තියෙන්නේ..මොකද මහා බ්‍රහ්මපුත්‍ර නදිය මගින් ඇතිකරන විශාල ගංවතුර තත්වයට මුහුනදෙන්න නම් ඒ විදියට විශාල උසකින් මාර්ගය තිබෙන්නට ඕනි ඇති. බ්‍රහ්මපුත්‍ර නදිය ඇතැම් තැන්වල දි කිලෝමීටර 30කට වඩා පලලයි. මේ ගංගාවේ ගංවතුර ප්‍රමාණය මෝසම් කාලවලදී මුලු ඇසෑමයෙන් විශාලකොටසක් යටකර දමන්නට සමත් වෙනවා. 

ඇසෑම් ටුවරිස්ට් ඇටැක්සන් 

ඇසෑමය මීට වසර 700කට පමණ ප්‍රථම තායිලන්තයේ රජ කුමාරයෙක් යටතේ පාලනය වුනු පලාතක්..එකල ඇසෑමය බුදු දහම වැළඳගත්  බෞද්ධ ප්‍රදේශයක්..පසුකාලීනව හින්දු දහමට නතු වුනත් තවමත් ඇසෑමයේ මියන්මාරයට අසබඩ කොටස්හි බෞද්ධ දර්මය අදහන පිරිස් බහුලවවාසය කරනවා. 

රයිනෝසිරස් නරඹන්න යන අය අතරත් ඇසෑමය ජනප්‍රියයි. එම වනෝද්‍යාන තුල අලියා, කොටියා, දිවියා ආදී වනසතුන් වාසය කරනවා..ඇතැම් තැන්වලදී මෙම වනාන්තර නරඹන්නට බෝට්ටු සවාරි ආදියද යොදා තිබෙනවා. ඇසෑමයේ කෙළවර බෝඩරය එනම් දේශසීමා ආසන්න පලාත් වඩාත් ලස්සන කදුකර සිරිය විහිදාපාන පරිදි තිබෙනවා ලු..එහෙත් ඒ පලාත්වලට යන්න අවසර නම් අපිට ලබාගන්නට හැකියාවක් නැහැ. 

ඉන්දියාව කිව්වම බොහෝ දෙනාගේ හිතේ ඇදෙන්නේ වේලුනු කර්කශ ජනඝනත්වය වැඩි පලාතක්. ඒත් ඇසෑම් කියන්නේ ඊට වඩා වෙනස් පලාතක්..මිනිස්සු වුනත් තරම්ක වෙනස්.. දේශගුණය භූමිදර්ශන ආදියත් වඩාත් සෞම්‍යයි. 

ඇසෑම් රේල් ගමන.. 


මම බැස්සේ ඇසෑමයේ අගනුවර වන ගුවාටි වලින්. ගුවාටි බැහැලා කෝච්චියෙන් ඉන්දියාවේ උත්තර ප්‍රෙද්ශයට ආවා. .. ගොරක්පූර් වලට.. ඔයාලට පේනෝ ඇති බංගලිදේශය සහ නේපාලය අතර කිලෝමීටර 30-40ක් වෙන පොඩි පටි කෑල්ලක් තියෙනවා..ඔය කෑල්ල හරහා ගිහින් තමයි ඇසෑම් රේල්වේ එක ඉන්දියාවට සම්බන්ධ වෙන්නේ. 
මේ ගමන සාමාන්‍ය අපේ ඉන්දියාවේ යන බැතිමතුන් යන ගමන වගේ නෙමෙයි..ඇසෑම රේල් මග අවට  භූමි දර්ශන පට්ට.. 

විශාල හිමාල කදුවැටිය ඈතින් පේනවා..අපි පාස් කල බ්‍රහ්මපුත්‍ර පාලමේ මේ කොණට එහා කොණ පේන්නේ නෑ..මොකද ගග පලලයි ඒ තරම්ම. ඒ වගේ විශාල පාලමක් මගදි හමුවෙනවා.ඒ පාලමේ ඇතුලේ යකඩ රාමු පෙට්ටියක වගේ තමයි කෝච්චිය යන්නේ..උඩින් යන්නවොහන යන සාමාන්‍ය පාර..

කෝචිචිය ඇතුලේ විස්තරත් ගොඩයි..ඒත ගොඩක් ලිව්වට පාටකයට වෙලාවක් නෑනේ ඕ තරං හෑලි කියවන්න..ඒ නිසා හිතුනොත් කෝච්චි ගමන් ගැන විස්තරයක් පස්සේ දානවා.. 

අපි සමහර විට ලෝකේ එහා කොනේ තියෙන දීප දේසාන්තර ඇමරිකාව යුරෝපේ ගැන දන්නවා..ඒත් අල්ලපු රට ගැන දන්නෙ ්අඩුවෙන්.. ලෝකෙන් සියයට 30්ක ජීවත් වෙන අපේ දකුනු ආසියාව ගැන අපි දනනේ අඩුවෙන්..ඉතිං ඔයාලට ඒ දකුනු ආසියාවේ ඇසෑමය ගැන සුවල්ප දැනුමක් මේ හරහා එන්නට ඇති. 

4 comments:

  1. කොමෙන්ට් නොදැම්මට ගමනේ විස්තර ඔක්කොම කියෙව්වා. මල් හතයි.

    ReplyDelete
  2. චාරිකා විස්තර සියල්ල කියවනවා කමෙන්ට් නොකලට...

    ReplyDelete