Thursday, February 24, 2011

the doctor's childhood

තමන්ගෙ ළමය වෛද්‍යවරයෙක් වෙනව කියන්නෙ හීනයක්..ඉතින් මෙඩිකල් ෆැකල්ටි එකකට තමන්ගෙ ළමය තේරෙනව කියන අතිශය දුර්ලභ අවස්ථාව ලබාගැනීමත් එක්ක හැම දෙමාපියෙක්ම හිතන්නෙ ඒළමය දොස්තර කෙනෙක් තමයි කියල....ඒත් එහෙව් වාසනාවක් තිබුන ළමයි පිරිසක් අද ජනාධිපති තුමා හමුවෙන්න කියල ඇවිත් මලකඩ පාට වතුරෙන් සංග්‍රහ ලැබුව...
ඒ ලමයිට ඉන්න හිටින්න තැනක්..
උගන්නන පිළිගත් ආචාර්ය්වරු..
වාගෙම වෛද්‍ය්වරයෙක් වෙන්න අවැසි බොහෝ දේ අහිමියි..
ඉතින් ඒව ඉල්ලල උද්ඝ්හෝශකයින් ජනාධිපතිතුමා හමුවෙන්න ඉල්ලුවහම ලැබුනෙ අධිපීඩනයෙන් යුතු බොර පාට වතුර...
ඒ අය තමන්ට රස්සාවක්..පුතාට ඉස්කෝලයක්...හෝ තමන්ගේ පඩි පිණිස උද්ඝෝශනයට ගිය අය නෙමෙයි..රටට සුදුසුකම් සපිරි වෛද්‍යවරයෙක් දායාද කරන්න අවස්‍ය අවම පහසුකම් දෙන්න කියල තමා ඉල්ලුවෙ.. මේ අය රජරට කැම්පස් එකේ වෛද්‍ය පීඨෙ අය...ඉතින් තව හිතන්න මේවාගෙ දේවලුත් අපේ ආශ්චර්ය දේසෙ තාමත් වෙනව කියල..

No comments:

Post a Comment