Thursday, June 9, 2011

පටිතුමන්ලා නොදකින ආසනික්


   මේ රටේ බලැත්තන් හැඳින්වීමට පති යන නාම ප්‍රත්‍ය බොහෝ කාලයක සිට භාවිත කරයි.මේ කලක සිට දැන් දැන් පටි සහිත උත්තමයින්ගේ බලය වැඩි වී තිබේ.ඈත කොලනියක පාසලක් සංවර්ධනය කිරීමේ සිට ක්‍රකට් ක්‍රීඩකයෙකුගේ කකුලෙ ආබාධ සුව කිරීම ඇතුලු බොහෝ වැදගත් වැඩ වෙන්නේ එතුමන්ලා අතිනි..චාටර වැඩක් වූවොත් එය නිලධාරින්ගේය. කොටිම්ම කොහේ හරි හොඳ වැඩක් වූවොතින් එයටනම් පටිතුමෙක් කෙලින්ම සම්බන්ධ වෙයි..

ලංකාවේ හදන තේ කොල මීට කලකට ඉහතදී ජපානයට අපනයනය කරනු ලැබීය..එහෙත් ජපානයේ කරන ලද පරීක්ශන වලට අනුව එම තේ කොල වල තිබූ වෙනත් රසායනික මට්ටම් සාමාන්‍ය තත්ව වලට වඩා වැඩි වූ හෙයින් ජපානය විසින් ලංකා තේ ප්‍රතික්ශේප කරන ලදී..එම ප්‍රතික්ශේප වීමට හේතුව ලංකා තේවල තිබූ කෘෂි රසායන සාන්ද්‍රනය ඉතාම ඉහල වීම බව සොයාගන්නා ලදී..මෙවැනි ප්‍රතිපල සටහන් ලංකාවේ අපි නම් දැක නැත..මන්ද ලංකාවේ ආහාර මනුෂ්‍යයින්ට සුදුසු බව කෑමෙන්ම අවබෝධ කර ගැනීමේ දුර්ලබ අවස්තාව මේ ආශ්චර්ය දේස වාසින්ට ලැබී ඇති බැවිනි..
මේ ලිපිය ලියන මාගේ පියා රැකියාව ලෙස කරන්නේ ගොවිතැනය..ඔහු ඇතුලු ඔහුගේ සහොදර ගොවීන් කෘමිනාශක භාවිතා කරන්නේ අපූරු ක්‍රමයකට වෙයි..ඉතා හොඳින් එලවලු මිල පවතින කාලවලදී නම් ඔවුන් හිතුනු පරිදි කෘමිනාශක පොහොර භාවිත කරයි..මේ දේ හොඳය මේ දේ නරකය, මේ කෘමිනාශකය බොහෝ විසය කියා කියන්නට කෙනෙකු නොමැත..පහදන්නට ඇත්තේ තෙල් කඩේ මුදලාලි විතරය.ඔහුත් ඔහුට ලැබෙන වැඩි කොමිෂන් ගැන සිතාම ගොවියාට උපදෙස් දෙති..ඉතිං මේවා සෙවීමට කිසිවෙකු නැත..අවසන සියලු ප්‍රතිකාර අවසානයේ පෝර ගසා සතියෙන් ,,සංස්ථානික කෘමිනාශක හෙවත් බෝගයේ මුලට යොදන කෘමිනාශක යොදා දවස් දෙකෙන් සහ ඵලවලුවලට කෙලින්ම ඉසිනු ලබන කෘමිනාශක යොදා පැය විසිහතරක් යන්නටත් කලියෙන් අස්වනු නෙලනු ලබයි..ඉසිනු ලබන කෘමිනාශක වල පසු අස්වනු කාලය එනම් කෘමිනාශක ඉසීමේ සිට බෝග නෙලීම දක්වා කාලය දින 14ක් වෙයි..එසේ නොවන, මනූෂ්‍යයන්ට එතරම් අහිතකර නොවන කෘෂි රසායන ඇතත් ඒ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුය..තිබුනත් ඒවාද දින 5-6ක වත් පසු අස්වනු කාලයක් සහිත වන අතර එවැනි වල් හා කෘමි නාශක බොහෝ සෙයින් මිල අධික වෙයි..බන්ඩක්කා මෑකරල් වැටකොලු පතෝල ආදී එලවලු නම් දින 3කට වරක් සාමාන්‍යයෙන් අස්වනු නෙලනු ලබයි..එවැනි දින 3කට වරක් අස්වනු නෙලන බෝග වලට නිසැක වශයෙන්ම සතියකට වරක්වත් තෙල් හෝ පෝර යෙදිය යුතුය..ඉතින් දවස් දෙකෙන් දෙකට අස්වනු නෙලන බන්ඩක්කා වලට පෙරදින කෘමිනාශක යොදා පසුදින අස්වනු නෙලීම යනු අරුම පුදුම දෙයක් නම් නොවේ..
මෙතරම් තෙල් පෝර යොදන්නේ ඇයිදැයි යම් අයෙකුට ගැටලුවක් ඇතිවිය හැක..මේ වගාකැරනු ලබන වට්ටක්කා,බන්ඩක්කා,වම්බටු,මිරිස්,තක්කාලි,ගස්ලබු,කරවිල, වැටකොලු,පතෝල,මෑ කරල්, මාලු මිරිස් ආදී බොහෝ බෝගවල බීජ ගෙනඑනු ලබන්නේ මැලේසියාව,තායිලන්තය,ඉන්දුනීසියාව,ඉන්දියාව වැනි රටවලිනි..එම බීජ බොහොමයක් දෙමුහුන් බීජ වන අතර මිලෙන් එක් බීජයක් රුපියල් 10-15ත් අතර ගනනකට තරම් මිල වෙයි.බීජ වලට එතරම් මිලක් ගෙවාගෙන ඒවාම වගා කරන්නේ සාමාන්‍ය බීජ වලට වඩා වැඩි අස්වැන්නක්,අලංකාර බාහිර පෙනුමක් සහිත ඵලයන් ඉතා කෙටි කාලයකින් ලබා දෙන නිසාය..එහෙත් එම බීජ එසේ වාර්ථාගත සුපිරි අස්වැන්නක් ලබා දෙන්නේ නියම ලෙස රසායන යොදා වගාව නඩත්තු කලොත් පමණකි..ඉතිං ගොවීන් හිතුමතේට පෝර දමත්..තෙල් ගසත්...සිතුනු පරිදි රසායන මිශ්‍ර කරමින්ද යොදති..එහෙත් කිසිම දිනක කිසිදු මහ තෙකු උපන්තේකට පැමිණ නැත..කෘෂි නිලධාරින් ඔවුන්ගේ පුටුව තිබෙන තැන හැර වෙන කිසිවක් නොදැකීම සාමාන්‍ය දෙයකි..

මෙසේ රසායන ගිල්වමින් තනන එලවලු පලතුරු වෙළදපොළට ගොස් කිසිදිනෙක මේවායේ රසායනික වැඩිය, මේ දේ නම් කෑමට ගැනීමට තබා බල්ලන්ට දැමීමට වත් නුසුදුසුය කියා කිසිම දිනෙක ආපසු පැමිනෙන්නේ නැත...ඒ සියලු එලවලු පලතුරු බාගයකට ආසන්න ප්‍රමාණයක් අපතේ යෑමෙන් පසු කිසිම කරදරයකින් තොර වම මෙරට ජනායාගේ කුස තුලටම යයි...
පිටරට යැවීම පිණිසම වගාකරන වගා කරුවෝ ඒ ඒ රසායන ඒ කලට දමමින් විද්‍යානුකූලව වගාකරනු ලබයි..මන්ද ඒවායේ රසායනික වැඩිපුර ඇතිබව අසුවුවහොත් බිස්නස් අවසාන වන බැවිනි...
තෙල් පෝර නොගසා පරණ ක්‍රමයට වගාකල නොහැකි ඇයිද යන්න ගැටලුවක් එන්නට පුලුවන..එහෙත් දරුවන් පාසලට යැවීමේ සිට ගෙයක් දොරක් හදාගැනීම දක්වා සියලු දේ කරන්නේ ගොවියා තමුන්ට ලැබෙන සුලු මුදලකිනි..ඇඹරුන,පනුවෝ කෑ,පලුදු වූ එලවලු වෙලඳපොල තුල වාත්තු කලාක්මෙන් තිබෙන එලවලු සමඟ කෙසේ නම් තරඟ කරන්නද???

ඔබ පලාවර්ග වවන ස්ථාන කොළඹ අවටින් උවද දැක ඇතැයි සිතමි..එවන් කොලඹ සහ තදාසන්න ජලාශවල පවතින අධික බැරලෝහ සහිත ජලය කෙලින්ම මේ වගා සඳහා භාවිතා කරයි...කංකුං නිවිති වැනි පලා වර්ගයෝ කෙලින්ම මේ බැර ලෝහ අවශෝෂනය කර ගැනීමට සමර්ථ වෙයි..ඉදින් සමහර විට දූෂිත ජල මත සිට හොඳින් සෝදා ඔබ පිඟානට පහත්වෙන මුකුනුවැන්න,කංකුං,නිවිති වල ගුණ වලට අමතරව බැරලෝහද අහිතකර සාන්ද්‍රන වලින් තිබෙන බව දන්නේ ඔබේ බඩ පමණකි...

ආසනික් නම් බෝ විසය..වර්ශයකට වතාවක්හෝ අඩුම තරමේ අපේ රටේ පාණීය ජල මූලාශ්‍ර මේ ආසනික් ඇතිදැයි බැලීමට පරීක්ශා සිදු කරයි..රජරට පෙදෙස්වල පවතින අධික ලවණතාවයෙන් යුතු ජලය වකුගඩු රෝගයට මූල වූවා මිස ආසනික් නම් විය නොහැකි බව මගේ පුද්ගලික මතයයි..දැන් ආසනික් අහුවුනානෙ ඉතිං අවුරුද්දක් විතර යනකොට වකුගඩු රෝගීන් ප්‍රතිශතය සීඝ්‍ර ලෙස අඩු වුනොත් අපිට නිගමනය කරන්න පුලුවනි ආසනික් වැටලීම මඟින් වකුගඩු රෝගෙ ඇති උනාය කියල කියවෙන..
..කන්ටේනර කීපය සීල් කොලාම ඒක නැති උනාය කියන ජනකාන්ත මතය...

රජරට හිටපු දොස්තර උන්නාන්සෙ කෙනෙක් ලියපු සටහනක මම දැක්ක විදිහට ඔහු වකුගඩු රෝගින් 250කට බෙහෙත් දී ඇති බවත් ඒ කිසිවෙකුත් ආසනික් විස වී ඇතිවන පූර්ව රෝග ලක්ශන සහිත නොවූ අයවලුන් වූ බවත් කියා තිබුනි..ආසනික් විස වූ විට සම මත ඇතිවන අවලක්ශන ලප මඟින් විසවීම පැහැදිලිව හ ඳුනාගත හැක..එහෙත් වකුගඩු රෝගින් බෝමයකට සහ වෙනත් රෝගින් අතර මේ ආසනික් විස වීමේ තත්වයක් නම් පෙන්නුම් කර නැත...

ආසනික් කතාන්දරය ඇසූ මට මතක් වන්නේ අපේ බෝඩිමට සර්පයෙක් ආපු දවසයි..සර්පයා දුටු වනම මිතුරා සිය පියාට ඇමතුමක් ගත්තේය..වටෙන් වයිරන් තියෙන‍වා...තව බෙල්ලත් හීනියි..මමනම් හිතන්නෙ තාත්තෙ පොළගම තමයි...”එහෙනම් බලන් න දෙයක් නෑ මරනව ලමයො මරනව”..තාත්තෙ පොළඟ නෙමෙයිද දන් නෑ නේ...
“මරාපිය බූරුවො...තෝ ඕක තියං නිදි වදි‍න්නෙ නැතුව.”...පොලඟා බව දැන දැනත් යලිත් වෙව්ලන පසුතැවෙන පුතුන් තැනීම ගැන අසතුටු වීම හැර වෙනත් ආඩම්බරයක් ඒ තාත්තාට තිබේ දැයි මට නම් ගැටලුවකි....

4 comments:

  1. අවංකවම මට කණගාටුවක් ඇති වුනා මේ වගේ ලිපියකට තියන ප්‍රතිචාරය දැකලා...
    ඇත්තටම මේ දිහා ඔබේම ඇසින් බලලා දුන්න අදහස අගය කරන්න කැමතියි.
    ආසනික් පැත්තකට දාන්න...ඔබට මේ ගැන දන්න තවත් දේ තියනවනම් ලියන්න.

    පොලොං කතාව නම් නියමයි.

    ReplyDelete
  2. ස්තූතියි ප්‍රතිචාරයට...අවාසනාවට වාගෙ මීට කලින් දමල තිබුන කමෙන්ට් එකක් ඩිලීට් කරන්න උනා...
    ලිපිය ගැන කිසි අදහසක් හෝ කිසිවක් නොවූ එහි කර තිබුනේ මගේ මවට බැනීම පමණයි...

    ReplyDelete
  3. ගෞරවනීය ඉන්දි, ඔබ මේ ප්‍රශ්නය සම්භන්දයෙන් ඉන්න තැන පැහැදිලි නෑ....ඒ පැත්තෙ ද, මේ පැත්තේද ....උපේක්ෂා සහගතවද යන වග....

    ReplyDelete
  4. මා කලාය මහා සංඝයා කලාය..
    දෙවියන් කලාය..බ්‍රහ්මයා කලාය බුදුන් කලාය කියා යම් කරුනක් නිවැරදි වන්නේ නැත..

    මහින්දයා කලාය රනිල් කලාය කීවත් එසේමැය...

    බහුතර ජනයාට එකල මෙකල සහ මතුකල අවැඩ පිණිස වන යමක් ඇතිද එය කලෝ කව්‍රරු උවත් ඒ වැඩය වැරැදිය...කල යුත්තක් නොකර සිටීමද එකසේමැ වැරදිය...

    ReplyDelete