Wednesday, June 29, 2011

ජංගම දුරකථනය


1.සාමාන්‍ය දුරකථනයකින් අපි කරන්නෙ කථාකරන එක විතරයි ගොඩක් වෙලාවට..නමුත් අද ජංගම දුරකථනය කියන එක පාවිචිචි කරන්නෙ කථාකරන්න විතරක්ම නෙමෙයි..වෙනත් බොහෝ වැඩකටයුතු අද මේ ජංගම දුරකථනය හරහා කරගන්න අපි සැමට අවස්ථාව ලැබිල තියනව.1950 දශකයේදි මාටින් කූපර් කියන විද්‍යාඟඳය තමයි ජංගම දුරකථනය මුලිනම් හොයාගත්ත කෙනා විදියට පොත් පත් වල සඳහන් වෙන්නෙ..නමුත් මේ අද තිබෙන ජංගම දුරකථනය එදා කූපර හැදූ දුරකථනයට වඩා බෝ සෙයින් වෙනස් එකක්..

2.
දෙවන ලෝක යුධ සමය කියන්නේ ලෝකයේ නවීන නිශ්පාදන බොහොමයක් කරලියට ආපු ස්වර්ණයමය යුගයක්..මේ කාලෙදි දියුනුවුනු තාක්ශනික ක්‍රමවේද අතර ජංගම දුරකථනය බිහිවීමට අදාල තාක්ශනයත් ඇතුලත් වුනා..නමුත් ජංගම දුරකථනය කියන දේ මහජනයාට සමීප වෙන්නෙ 1980දශකයේ මුල භාගයේ ඉඳල තමයි..

3. Generations
1
වන පරම්පරාවේ ජංගම දුරකථන..පලමුවන පරම්පරාවේ ජංගම දුරකථන සාමාන්‍ය ගඩොල්ක් තරම් විශාල උනා..ඒ වාගෙම බරකින් යුක්ත වුනා..දැන් භාවිතා වෙනව වාගෙ සිම්පත් භාවිතයක් එදා තිබුනෙ නෑ..ඒ දුරකථනය ඇතුලෙම තුබුනු සන්නිවේදන උපකරන හරහා තමයි සන්නිවේදන කටයුතු සිදු වුනේ..එදා තිබුන පහසුකම් අනුව විශාල පරිමාණයේ ජංගම දුරකතන පාරිබෝගිකයින් ප්‍රමාණයකි හසුරුවන්න ජාලය ශක්තිමත් වුනේ නෑ..
2
වන පරම්පරාවේ ජංගම දුරකතන
දෙවන පරම්පරාවෙ ජංගම දුරකථන වල තමා මුලින්ම සිම් පත බාවිතයට එන්නෙ..එතෙක් පැවති බාදා බොහොමයක් මඟඅරවල විශාල පහසුකම් සහිත කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන මුලින්ම කරලියට එන්නෙ 2වෙනි පරම්පරාවෙදි තමා..මොහිදී ජී පී ආර් එස් හරහා ඉතා සීමිත දත්ත හුවමාරු කරගැනීමක් කිරීමේ අවස්තාව එනව..
3වන පරම්පරාවේ ජංගම දුරකථන..
වොයිස් එක හෙවත් හඬ සම්ප්‍රේෂනය කරන්න දෙවැනි පරම්පරාවේ ජංගම දුරකථනය සමත් උනත් වීඩියෝ කෝල් සහ වීඩියෝ හුවමාරුව අතින් තිබුනෙ බොහොම සීමිත අවස්ථාවක් තමා ජංගම දුරකතනවල 2වෙනි පරම්පරාවෙදි..නමුත් ජාත්‍යන්තරව ඇතිවුන එකඟතා හෙුතුවෙන් 3වෙනි පරම්පරාවෙදි විශාල දියුනුවක් ඇතිවෙනව වීඩියෝ ඇමතුම් වලට..

4වෙනි පරම්පරාවේ ජංගම දුරකථන
4වෙනි පරම්පරාවෙ ජංගම දුරකථන කියන්නෙ සාමාන්‍ය දුරකථනයට වඩා බොහෝ සෙයින් වෙනස්ව ඉදිරියට ගිය කුඩා ප්‍රමාණයේ පරිඝනකයක් වැනි යමක් බවට පත්වෙනව..ඒ වාගෙම සාමාන්‍ය ලිපි සැකසීමක්..වගෙ දෙයක් උනත් අන්තර්ජාලය හරහාම කරන්න තරම් විශාල වේගෙක අන්තර්ජාල පහසුකමකුත් මේ 4 වෙනි පරම්පරා ව වෙනකොට ලැබෙනව..

ඇත්තටම අපි සලකාබැලීමේ පහසුව තකා පරම් පරා 4කට බෙදා දැක්වුවට මේ පරම්පරා අතරත් විවිධාකාරයේ තාක්ශනික කඩඉම් තියෙනව..ඒව තමා 2.5 ,3.5,3.75 ආදි වශයෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ..

4.ජංගම දුරකථන ගැන කතා කරද්දි අපිට ජංගම දුරකථන ජාල සම්බන්දයෙන් කථා නොකරම බෑ..ප්‍රධාන වශයෙන් සම්බන්දිත කුලුනු වලිට තමා අපි BTS-Base Tranceiver Station-කියල කියන්නෙ ඒ ඒ ජංගම දුරකථනය හෝ මොඩමය..(ඉන්ටර් නෙට් ඩොන්ගල් එක) ාකලින්ම සම්බන්ධ වෙන්නෙ මෙන්න මේ කුලුනු වලට තමා මේ කුලුනකින් එක්තරා ප්‍රදේශයක පාරිබෝගිකයින් කොට්ඨාශයකට දත්ත සහ තරංග සැපයිම සිදුකරනවා..

සියලුම කුලුනු වලින් සැපයෙන තරංගත් කුලුනු වලට සපයන තරංගත් මනාව කලමණාකරනය කිරීම සිදුවෙන්නෙ මේ
BSC-Base Switching Centre එක හරහා තමයි..එහිදී ජංගම දුරකථනයක් එක් කුලුනක ප්‍රදේසයක ඉඳල වෙනත් කුලුනක් කරා මාරු වීමේදි ඒක හඳුනගෙන නොකැඩුන සම්බන්ධතාවයක් ලබා දෙන්නෙ මේ බී එස් සී එක තමා..

දැන් ලබාගත් සංඟඳා සහ දත්ත අපට වෙනත් ජාල සමඟ හුවමාරු කිරීමටත් වෙනත් බාහිර අංස වෙත ලබාදිමටත් සිදුවෙනව ..ඒකාර්ය කරන්නෙ MSC-Main Switching Centre එක තමා ...එතැනදි අන්තර්ජාලයටසහ ඊ මේල් පහසුකම් සපයන්නන් වෙත ජාලය විවෘත කරන්නෙත් එම් එස් සී එක හරහාම තමා...

  1. ජංගම දුරකථන වල අතිරේක සේවා.
    මීට කාලෙකට පෙර කෝල් එකක් ගන්නව කියන්නෙ වෙනමම කාලයක් සහ වියදමක් වැය වෙන වෙහෙසකර ක්‍රියාවක්..අපි ගත්තොත් මීට කලකට පෙර පාර අයිනෙ බොහෝ තිබුන කාසි සහ කාඩ් දම ල කෝල ගන්න පුලුවන් තැන්..එ් වාගෙම කෝල ගත හැකි කොමියුනිකේශන් නමුතු අද වන විට මේ කොමුයුනිකේශන් ඒ වාගෙ කෝල් ගැනිමේ තැනින් අයින් වෙල ජංගම දුරකථන කාඩ් විකුනන තැනට ඇවිත්..
    මේ නිසා ඇත්තටම අද කෝල් එකක් ගැනී මැසේජ යැවීම ඉන්ටර්නෙට් යෑම බොහොම ලේසි දේවල් වෙල..
    තවත් ගත්තොත් අද මොබයිල් ෆෝන් හරහා සින්දු අහන්න වීඩියෝබලන්න පින්තුර ගන්න වාගෙ ගොඩක් ප්‍රයෝජන එකවර ගන්න පුලුවන උපකරනයක් වෙලා..
    ඒ වාගෙම ක්‍රිඩා කිරීම් ප්‍රවෘත්ති දැනගැනිම,කාලගුන වාර්තා බැලීම ආදි බෝ දේට අද මේ ජංගම දුරකතනය බාවිත කරනව..
  2. ජංගම දුරකථනයේ ඇති වාසි
    මේ නිසා අද අපේ ලෝකය පුංචි වෙල තියනව කියල සමහර විද්වතුන් ප්‍රකාශකරනව..ඒකියන්නෙ සැනකින් පණිවිඩයක් ලෝකෙවටේම යවන්න පුලුවන් මට්ටමට දැන් දුරකථන තාක්ෂනය දියුනු වෙලා..
    අධ්‍යාපන කටයුතු..වෙලඳප්‍රචාරන කටයුතු..හදිසි අවස්ථාසඳහා ආදි බොහෝ ක්ෂේත්‍ර වල අලුත් පිබිදීමක් ඇතිකරවන්න මේ මොබය්ල් පෝන් එක සමත්වෙල තියෙනව..
    අද කෙනෙකුට ටීවි එක රේඩියෝ එක පරිඝනකය ආදි බෝ දේවලින් ලබාදෙන සේවා එක් ස්ථානයකින් ගතහැකි බහුකාර්ය මෙවලමකි ජංගම දුරකථනය..

    අවාසි
  1. සාමාන්‍යයෙන් ඉස්සර ලමුන්ට සුදුසු දේ නුසුදුසු දේ වෙන්කරල ලමුන්ට දෙන්න හැකියාව දෙමාපියන්ට තිබුන ..නමුත් අවාසනාවට මේ ජංගම දුරකථනය නිසා මේ දේ ලමයාට නුසුදුසුයි කියල කිව්වත් ලමයි ඒ වගේ දේවල් ගැන තොරතුරැ වීඩියෝ අද අන්තර් ජාලය හරහා ගන්න පෙලඹිල..ටිවි එක කොම්පිටරේ වගේ ලොකු එකක් නොවන නිසා අද මේක විශාල ප්‍රශ්නයක් ඇතිකරල තියෙනව දෙමාපියන්ට..සිය දරුවන් සම්බන්ධයෙන්..
    අපි දකිනව අද ගොඩක් වැදගත් වැඩ අතරතුර මේ දුරකථන බාවිතයට යොමුවන අය..
    සාමාන්‍ය කාර්යාලයක ගත්තත් කාර්යක්ශමතාවය අඩුවෙන්න මේ දුරකථන බාවිතය කියන එක හේතු වෙනව..වැදගත් කටයුතුවලට තිබෙන වටිනා කියනකාලට නිකම් සින්දු අහන්න වීඩියෝ නරඹන්න සහ ඉන්ට්ර්නෙට් වලට යොමුවීම කියන්නෙ කාල බාවිතය සම්බන්ධයෙන් නම් හොඳ ප්‍රවනතාවයක් නොවෙයි..

9 comments:

  1. බොහෝ දෙනා දන්නා සහ සමහරක් නොදන්නා කරුණු ඇතුලත් ලිපියක්...

    ReplyDelete
  2. මේක පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකකට හදපු එකක්..
    ඒ ඒ ස්ලයිඩ් වලට හරියන්න මට ලියල දෙන්න උනා කියන්න ඕනි දේවල්..
    ප්‍රසන්ටේශන් එක කරන්න නියමිත කෙනා මේ තාක්ශනික දේ ගැන ඒ තරන් දන්න කෙනෙක් නෙමෙයි..ඒකයි ගැටලුව උනේ.

    ReplyDelete
  3. හොඳ අන්තර්ගතයක්සහිත ලිපියක්....!

    ReplyDelete
  4. අපි වගේ කුඩා ළමයින්ට හොඳ දැනුමක් මේකෙන් ලබා ගන්න පුළුවන්.

    ReplyDelete
  5. ස්තුතියි

    ReplyDelete
  6. ජංගම දුරකතනය පිලිබඳ නොදන්න කරුණු ගොඩක් දැනගතා

    ReplyDelete