.මගේ බෝඩිමේ සිට ප්‍රසිද්ධ පුද්ගලික ආරෝග්‍ය ශාලා සංකීර්ණයකට ඇත්තේ කිලෝමීටර දෙකකටත් වඩා අඩු දුරකි. පෙනෙන තෙක් මානයෙ තිබුනත් මාර්ග බොහෝ ගානක් ගෙවා කස්ට අවුවේ තපිමින් ආ යුතු බැවින් මා ඒ වෙත යෑමට තොරා ගත්තේ තුන් සක රියයි. වරකට සාමාන්‍යන් රුපියල් සීයක් ඒ සඳහා වැයවෙයි. මීටර ටැක්සි ඇති නිසා රුපියල් අනූවත් එකසිය විස්සත් අතර විචල්‍ය ගානක් ඒ සඳහා යොමුවෙයි.
පසුගිය දිනෙක මා බොහෝ සෙයින් රෝගාතුරුව බේත් ගැන්ම, ලේ ටෙස්ට් කිරීම, ටෙස්ට් රිපෝට් ගැන්ම ආදි බෝ දේට බෝඩිමේ සිට මේ ආරෝග්‍ය ශාලා පද්ධතිය වෙත යෑමට මට සිදුවිය. එක්වරක් පැමිණ මාන්සි සහ රෝගතත්වය උත්සන්න වූ බැවින් මා නින්දට ගියෙමි. අවදී වී කෝල් එකක් ගන්නට පෝං එක හොයනවිට පැය දෙකක ්පමණ වෙලාය. එවිට පෝන් එක තිබුනේ නැතිය. ඉන්පසු දිගින් දිගටම මගේ පෝන් එක රිං උන මුත් කිසිදු ලකුනක් නොවිය. පැයකට පසු යලිත් රිං කරනවිට පෝං එක ආන්සර කරන ලදී. එය කඩේක මුදලාලි කෙනෙකුට ලැබීතිබුනි. ඉන්පසු මා ගිය තුන් සක රිය හෙවත් ත්‍රිවිලරයේ රියැදුරු උන්නැහේට කඩේ මුදලාලි පෝන් එක දෙන ලදී. ඔහු ඉන්නා තැනට ආවොත් පෝ්න එක ලබාදිය හැකි බැව් මට කිව්වේය. නමුත් එවිට රෑ බෝ වි තිබුනිසාත් මට යෑමට තරම් රෝග තත්වය අනුව ඉඩ නොමැති බැවිනුත් මා පත්ව ඇති අසරණ තත්වය බලා බෝඩිමට එන්නට මා බැස්ස තැනට පැමිනෙන්නැය ිකීවෙමි. ත්‍රි විල් අංකල් ඔහුගේ රියෙන් පැමිණ මට මගේ පෝං එක ලැබෙන්නට සැලැස්වීය. මගේ පෝං එක රුපියල් 7000ක් පමණ වටිනා ෆුල් ටච් එකකි. එහි ඇති කන්ටැක්ස් මට බෝම වටී.
කොහොම උනත් මා නමද නොදන්නා ඒ ත්‍රිවිල් කරුවා විසින් මගේ පෝන් එක ඇහිඳ එය කඩයක අයිතිකරුට දීමට හදා ඇත්තෙ ඒ පෝං එක ෆුල් ටච් එකක් වූ නිසා ඔහුට එය හැසිරවීමට අපාසු වූ නිසාලු. මා කෝල්කර ඇත්තේ එවිටය. කෙසේ වුවද පෝන් එක නිසාම රෑ තවත් දුරක් ගෙවා මා වෙත පැමිණ පෝන් එක දෙන ලදී. එය මගේම එක විය. මට හරි සතුටුය.. මා සිතාගෙන සිටියේ හොඳ ජාතියක පෝන් එකක් මිලදී ගන්නා තෙක් රුපියල් දෙදාහේ කෑල්ලක් වත් තාවකාලිකව මිලට ගෙන පාවිච්චි කිරීමටයි. රුපියල් දෙසිය පනහක් වූ ත්‍රිවිල් ගාස්තුවට තවත් රුපියල් දෙසිය පනහක් එකතු කොට මා ඔහුට රුපියල පස්සියයක් දුනිමි. එය ගත්තේද බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුවය. මා ගිය පසු ත්‍රි විලර් රථයේ තවත් කන්ඩායම් තුනක් ගමන් ගොස් තිබුනි. එහෙත් මගේ පෝං එක දැක නැත. ලෙඩ මරගාතේ පෝන් එකත් නැතිව සිටින්නට වූයේ නම් මා පත්වන්නේ තවත් අමාරු රාසියකටය. කෙසේ හෝ ඒ රියදුරු මහත්තයාටත් එවන් සාධාරණ රියදුරු මහත්වරුන්ටත් මා මේ අවස්ථාවේදි ස්තූති වන්ත වෙමු.