අපෝ දේශපාලන පෝස්ට් එකක්ද එහෙනම් එපා..මට දේශපාලනය පේන්න බෑනෙ..කෙනෙක් හෙම හිතා මේ පෝස්ට් එක නොබලා ටයිටල් එක බලා යන්නට පුලුවන. එහි වරදක් නැත. මන්ද ළමයා ඉස්කෝලෙකට දා ගැන්ම, නෑයාට රැකියාවක් සොයාගැන්ම, ගමේ පාර සදාගැන්ම, ගමට ලයිට් ගැනීම, ගේ ඉස්සරහට ලයිට් එකක් දා ගන්නට දේශපාලනය අවැසි වෙයි. එතනින් එහාට දේශපාලනය අවැසි නැත. අනේ මට පොලිටිකල් පේන්න බෑ අයියෝ යැයි කීම ෆැෂන් එකකි. තමුන්ට මොකක් හෝ වැඩක් කරගන්න අවැසි වූ විට දේශපාලකයින් බැහැ දැක එය කරගන්නවා ඇර වෙනත් යමකට විරුද්ධ වන්නට තබා කට ඇර එය වැරැද්දකැයි කීමටවත් අපේ බහුතර ජනතාව කට සොලවන්නේ නැත.
අපේ සීසන් බස් නොහොත් සිලෝන් ටකරං බස් හෙවත් සීටීබි අය දැන් දින තුන හතරක් තිස්සේ මොකද්ද වැඩ වර්ජනයක් කරයි. එය ගැන මට ඇසුනු කතා කීපයකි.ඒ ගැන තරමක් ලිවීමට අදහස් කලෙමි.
බස් එකක් තියෙන එකා තව අවුරුදු දෙක තුනකින් බස් තුන හතරක් ගන්නව ඉතින් ඕව පාඩු නම් එහෙම කරන්න පුලුවන්ද? ඒත් සීටිබි එකට පඩි ගෙවන්නවත් සල්ලි නෑ. .
ඒ අපේ කැන්ටිමේදි මට ඇසුනු කතාවකි. එය සහතික ඇත්තය. එක ප්‍රයිවට් බස් රියක් තිබෙන මුදලාලිලා ටික දිනකින් ලොකු පෝසත්තු වෙති. බස් රියක ගෝල වැඩට එන කොල්ලා කලකින් රියදුරු වී ඉන්පසු කොන්දොස්තර වී වසර තුන හතරකින් බස් අයිති කරුවෙකුද වන්නේ අපේ ඇස් පනාපිටය. නමුත් අපි දන්නා කියන අප්පා බුදුන් කාලයේ පටන් ලංගම පාඩුය. එක් බස් රියකට පුද්ගලික අංශයේ සිටින්නේ සේවකයින් දෙදෙනෙකි. වැඩිම උනොත් තුන් දෙනෙකි. නමුත් සී ටී බී වල එය හය හත දක්වා අගයක් ගන්නා අවස්ථාවන් ඇති බව මා අසා ඇත.
ඔය වෙල්ගමය ඉන්නව නේද ඕක මහ මල පෙරේතය, මිනිහයි කන්ටේනර් ගෙනියන ලොරිවල ඉන්න ඩයිවර්ල ඒකෙම ඉඳන් කාල ඒක අස්සෙම රෑට නිදාගෙන මහ අජූත විදියට ඉන්නෙ. මට පෙන්නහං බලන්න එක ඉගනගත්ත එකෙක් ඉන්නවද කියල ඔය වෙල්ගමගෙ ලොරිවල වැඩ කරන. ගන්නෙම ඉෙගෙන ගත්තෙ නැති උන්..
එය ඇසුනේ ඩ්‍රයිවර් කෙනෙකුගේ ම මුවිනි. ඒ කියන්නේ කුමන වෙල්ගම ගැනදැයි කියන්නට උවමනා නැත. ඔහුට කන්ටේනර් ප්‍රවාහනය කරන ලොරි බොහෝ ගණනක් ඇත. ඒවායේ සේවය කරන්නන් ගේ තත්වය කෙසේදැයි මා දන්නේ නැත. එහෙත් එක්දෙයක් දනිමි. වෙල්ගම මන්ත්‍රි එන්නට මත්තෙන් සිටි ඩලා මන්ත්‍රි තුමා වරායේ කන්ටේනර් දුම්රිය ඔස්සේ ප්‍රවාහනයට වැඩපිලිවෙලක් ගෙන ආවේය. වසර ගානකට පසු ඒ දුම්රිය මාර්ගයද ප්‍රතිසංස්කරණය විය. නමුත් ඇමටිලා මාරුවෙන් පසු වැඩේ කොට උඩ විය. දුම්රිය නම් යන්නේ කොෙහාමත් කොට උඩය. දුම්රිය ඔස්සේ බහාලුම් ප්‍රවාහනය නැවතුනේ එසේය. එය එසේ වූයේ නම් විශාල මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන අතර උතුරු කොළඹ ප්‍රදේශයේ රාත්‍රියට ඇතිවන අධික වාහන තදබදයට විසඳුමක්ද ලැබේ. ඒ වැනි සාර්ථක වැඩ දිගින් දිගටම ඇදෙද්දී පසුගියදා රත්මලාන දුම්රිය අංගනයේ යකඩ තොගයක් වෙල්ගම ඇමටි තුමා දැක ඩෙංගු ව්‍යසනය ඇතිවිය හැකි බැවින් වහාම ඒ යකඩ ඉවත් කරන්නැයි දන්නා ඇත. ඩෙංගු හදිස්සියට ඒ යකඩ කුමන පාරේ කොහේ යන්නේදැයි දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණක් නොවේ. උඩ ඉන්න දුම්රිය දෙපාර්ථමේන්තුවේ බොහෝ දෙනකු එය දන්නවා ඇත.
බස් කාරයො දිගටම ස්ට්‍රයික් කලොත් හමුදාව දානවලු සීටි බි බස් වලට...
ඒ ඇසුන තවත් කතාවකි. මීට පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවති වැඩවර්ජනයකදි ගිලන් රථ ගෙනයෑමට හමුදාවට අවසර දී තිබුනි. වාහන බලපත් ඇති නැති හො පුරුදු නැති හමුදා සාමාජිකයින් විසින් ඒ වාහන තැන තැන වද්දවා ඇති වූ පාඩුව සහ වාහන නිසා පරිදි නඩත්තු නොකර භාවිතය නිසා ඇති වූ පාඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඒ දින දෙකේ වර්ජනය නිසා වූ පාඩුවටත් වඩා වැඩි විය හැකි බව එවක මා පුද්ගලිකව දැන සිටි සෞඛ්‍ය සේවකයෙක් පැවසීය. අපේ මහ ජනයාත් හමුදාව යමක් කරයි නම් එය හරියට කරයි යැයි මතයේ සිටී. නමුත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ අලුත් වැඩියාවලදී නිසිලෙස මගපෙන්වීමකින් තොරව වැඩකල සමහර හමුදා වැඩ නිසා එක වැඩයට හත් අට වතාව වාත වී මුදල් ගෙවීම් සිදු කිරීමට සිදු වූ බවද මට ආරන්චි විය. අනෙක් කරුණ වන්නේ බස් නැවතුම් දන්නා සහ බස් රිය ගෙනයෑමේ හැකියාවඇති හමුදා සාමාජිකයින් කෙතෙක් ඇත්දැයි යන්නයි. කෙසේ වුවත් ඒ වැඩ පිලිවෙල අත් හදා බැලීමට ආන්ඩුව ඉදිරිපත් නොවනු ඇතැයි සිතිය නොහැක්කේ කුනු ඇදීමේ සිට ගොඩනැගිලි තැනීම දක්වා විශාල කම්කරු රාජකාරි රාශියක් හමුදාවවිසින් දැනටමත් ඉටුකරන බැවිනි.
මොනව උනත් ඔය අය ඉතිරි රුපියල දෙන්නෙ නෑනෙ...
එය නම් ගෑනු කටහඩකි. රුපියල නොදුන්නොත් කතා කරන්න නම්බරයකුත් අපේ ඇමැති තුමා විසින් පසුගිය දිනෙක හඳුන්වා දෙනු ලැබීය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ කරවටක් අසාර්ථක දෑ තිබියදී අපේ ජනයාට නිතරම මතක් වන්නේ රුපියල් නවයේ ගාස්තුවට රුපියල් දහයක් ගැන්මේ ජාතික ප්‍රශ්ණයයි. රුපියල් දොලහේ ගාස්තුවට අපිට රුපියල් දෙක නැතිවිට රුපියල් දහයක් අයකරගැන්ම අමතක වෙයි. කොන්දොස්තර කෙනෙක් දිනකට රුපියලේ කාසි සියයක් ඔය විදියට ගසා කෑවත් ලැබෙන්නේ රුපියල් සීයකි. පාඩුව රුපියල් සීයකි. එය උඩ පැන තලු මරමින් ඔය විදියට හැමදාම කී්‍යක් ගන්නව ඇත්ද? බලන්න පොඩ්ඩක් හදල මාසෙට තුන්දාහක් විතර අපේ සල්ලි..කියා සමහරෙක් ඒ ගැන විද්වත්විචාර දෙති.
නමුත් දුම්රිය සේවයේ ඔය ගැටලුව නැත. ගාස්තු ඇත්තේ පහේ ගුණාකාර වලිනි. එවිට ඉතිරි දිය යුත්තේ පහේ ඒවාය. ජනතාවත් පහක් රැෙගන ඒමට උත්සකු වෙයි. එවන් පහේ ගුණාකාර වලට මේ බස් ගාස්තු සංශෝධනය කල යුතු වන්නේ බස් කොන්දොස්තරලා නොවේය. ඒවා කර යුත්තේ ඉහල පුටුවල සිටින උන්දැලැය. එසේම අපි රුපියල් දෙකේ කෝල් එකක් පෝං එකෙන් ගත් විට රුපියල් දෙකයි හැටගණනක් කැපී අපේ පෝන් එකේ සල්ලි ඉතිරි වෙයි. එවන් කාඩ් එකෙන් ගෙවන කාඩ් පත් මිලදී ගෙන ඒවා හරහා ගෙවීම් වන වැඩපිලිවෙලක් ගැන ගැමුනු විජේරත්න විසින් කිහිප විටක් කියන නමුත් ආංඩුව පැත්තෙන් එය ගැන කිසිදු හැලහොල්මනක් නැත. පුද්ගලික අංශයේ බොහෝ බස් රිය දැන් ටිකට් මැෂින් වලට හුරුවී ඇති මෙකල තවමත් බහුතර ලංගම වල ඇත්තේ අතින් ටිකට් මෙතඩ් එකය.
අවම වැටුපක් යටතේ දිවා රෑ නොබලා සේවය සලසන ලංගම රියදුරු කොන්දොස්තර මහත්වරු බොහොමයක් ඉතා දුක්ඛිත ජීවිත ගත කරති. ස්මාට් ෆොන් ලක්ෂණ කලිසමක් කමිසයක් ඇඳගත් මේසන් අත් උදව් කරුවන් මා දැක ඇතිමුත් මා එසේ යන එන ලංගම කොන්දොස්තරවරු රියදුරුවරු නම් දැක නැත.

එක බස් එකකින් හය හත් දෙනෙක්. මොන හය හතද එක බස් එකකින් කන්න විස්සක් විතර ඉන්නවා. ඔය ටිකත් කොම්පැනියකට දුන්නා නම් ඉවරයි. අඩු ගානේ පිරිසිඳුවට බස් එකක යන්න පුළුවන්.
ReplyDeletepatta.....:)
ReplyDeleteබස් ටිකට් එකේ ගාණ පහේ ගුණාකාරයක් කලොත් නං ඒක ලොකු දෙයක්. එතකොට හිතේ කහටක් නැතුව බස් එකේ ගිහෑකි.
ReplyDelete//බස් රියක ගෝල වැඩට එන කොල්ලා කලකින් රියදුරු වී ඉන්පසු කොන්දොස්තර වී වසර තුන හතරකින් බස් අයිති කරුවෙකුද වන්නේ අපේ ඇස් පනාපිටය. //
ReplyDeleteසහතික ඇත්ත බං.. මේ සල්ලි කෝ..?? ලංගමට මොනාද බං වෙන්නේ..
මෙහෙම හොරකං කරන්නේ කෝමද ?
මෙතන සම්පුර්ණ වැරැද්ද ලංගම කළමනාකාරිත්වයේ මචං, පෞද්ගලික බස් රථ වැඩ කරන්නේ හැමදාම ලාබ බලපොරත්තුවෙන්.. ඒත් ලංගමට කොහෙත්ම එහෙම ඕනේ කමක් නැහැ මොකද ඕනේ අවශ්‍ය තරම් නාස්ති කරන්න ජනතාවගේ සල්ලි ලැබෙන නිසා..
ReplyDeleteඕනේ තරම් පරණ බස් රථ ඩිපෝ වල ගොඩ ගහල තියෙනවා කිසිම වැඩක් ගන්නේ නැතුව,කිසිම කෙනෙක්ට උවමනාවක් නැහැ ඒවා පිළිසකර කරලා ප්‍රවාහන පහසුකම් අඩු පළාත් වලට යොදවන්න,බස් රථ මිලට ගන්න තැන ඉඳන් ඒවට ඕනේ කරන ඇනයක් ගන්නත් ටෙන්ඩර් දාල හොඳට යටි මඩි ගහ ගන්න එකනම් හොඳටම සිද්ද වෙනවා..
රටක් විදිහට ඒක ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැති වීම තමයි ප්‍රධනම අවුල..