Thursday, April 26, 2012

ගමට අයි සී ටී ගෙනගියොත් මක් වෙයිද?

දැනට අයි සීටී තියෙන ගැමියන් කරන කියන දේ....
දැනට ලංකාවේ බොහෝ දෙනා විදෙස් ගත වි රැකියා කරයි. ඔවුන්ට කෝල් කරන්නට මරු ක්‍රමයක් දැන් ඇත. එය ඉස්කයිප් හෝ ගූගල් ටෝක්ස් වෙයි. දැන් දැන් ඉස්කයිප් මාර ජනප්‍රිය මෘදුකාංගයකි. කොරියාවේ හෝ මැදපෙරදිග සිටින සහෝදරයාට සැමියාට කතා කර විස්තර දැනගැන්මට ලමයාට බත් නොකන විට තාත්තා පෙන්වා බත් කවාගැන්මට ඉස්කයිප් වැදගත්ය. ඒ හැර අයි සීටී වලිං ලංකාවෙ අයි සීටී ඇති ගම්මු කොරගන්නා කෙංගෙඩියක් මං නං දන්නේ නැත. කම්පියුටර තිබුනත් ඉංගිරිසි දන්නේ එහෙමත් එකෙකි. ඉංගිරිසි දැනගන්නා අයට නං කොම්පියුටරයෙං යමක් කමක් සොයා දැනගත හැක..එවන් බුද්ධිමත් පරපුරක පිරිමි ලමුන් වැඩියෙන්ම බලන වෙබ් අඩවි වන්නේ වැලය. වැල යනු අසැබි දසුන්ය.  ඊට අමතරව ඉතා ආදර්ශමත් හොලිවුඩ් චිත්‍රපටි බොලිවුඩ් ච්ත්‍රපටි බාගන්නට ටොරන්ට් නැමැති දේ හරහා පුලුවන්ය. අයි සී ටී ගමට ගෙනියනවා යනු දැනට අර්ධ නාගරිකව පවතින මේ සෙප්පඩ විජ්ජා ටික ගමට පොම්ප කිරීමය. 
ගෙදර පරිඝනකයක් තිබුනාට තවම බොහෝ දෙනෙක්ට සිංහල පොන්ට් එකවත් බැරිය. එනිසා ලියුං කරදහියක් ටයිප් කරගන්නා අයද අඩුය. අවැසිම උනත් අතින් ලියා හෝ හංදියේ ටයිපිස් අක්කා කෙනෙක්ගෙන් ටයිප් කරැගැන්ම ලේසිය. අයි සී ටී වලිං කරන තව වැදගත් දෙයක් නම් සෙල්ලං කිරිමයි. වත්ත පිටිය බෝල බැට් තිබුනත් ළමෝ මෙන්ම වැඩිහිටියොත් රෑ නිදිවරා කැනඩාවේ අමරිකාවේ උන් හීත කාලය ගෙවාගැන්මට තැනූ ගේම් ගසති. 
තවත් සුලු පිරිසක් ස්කයිප් මූනුපොත හෝ වෙනත් සමාජ ජාල හරහා ජාලගත වී කොහේ හෝ සිටින විරුද්ධ ජාතියේ ලිංගයක් තියෙන එකෙක් සමඟ අදහස් හුවමාරු කරගනිති. නිතර දෙවේලේ දකින අය සමඟ පවා ඉන්කමිං අවුට්ගොයිං ෆී නිසා චැට් කරති...
ආර්ථිකමය අතින් මේ අයි සීටී හරහා වාසියක් ගන්නේ එහෙමත් එකෙකි. පාරේ ටික්බෝල ගහන ළමයා කොම්පියුටර ගේම් වලට හුරුවීම වාසිදායකද? පන්ති ගොස් එන අතර පමණක් කොල්ලෙක් දැක ඇඹරෙන ලැජ්ජ බයට හැදුන කෙල්ලා යංතං පිංතූරයක් පමණක් දැක ඇති නොදුටු හොල්මනක් සමඟ සාමීචියේ යෙදීම වාසිදායකද??
එසේ නං ගමට අයි සීටී ගෙනයෑම වාසි සහගත වෙයි..

හූ හූ මේං මේක පරණ කාලෙ එකෙක් අමරිකාවෙ පොඩි ගම්වල ගොයියොත් අයි සී ටී යූස් කරනවා මූ මහ ගෝත්‍රිකයා කොදෙව් වාදිය...දූපත් පොරක්...

කමෙන්ට් එක දාන්න කලිං මංම දාගත්ත..හැබැයි මේක යට කොමෙන්ට් වලිං කුනුහබ්බ දාන කාඩ්බෝඩ් වීරයන්ට පොඩි අවුලක් යයි..කමක් නෑ
ඇමරිකාවේ සහ දියුණු රටවල සාමාන්‍ය ජීවිතයේ බොහො දේ ඉන්ටනෙට් නිසා සහ වෙනත් ජාලමය භාවිතාවන් නිසා  පහසු කරගෙන ඇත. එහෙත් අපේ??
මීට කලෙකට පෙර දුම්රිය දෙපාර්ථමේන්තුවේ වෙබ් එකේ දුම්රිය කාලසටහනක් තිබුනි. දැන් එය  පවා නැත. ඉන්ටනෙට් හරහා කරගත හැක සේවාවන් පුද්ගලික අංශයේ පවා ඇත්තේ ඉතා අඩුවෙනි. බාන්ඩ ගෙදරට ගෙන්වා ගැන්මේ අන්තර්ජාලයේ ඕඩර් කිරීම් ක්‍රමවේද ඇතත් රට තුල ඒවා ක්‍රියාත්මක නැත.උදාහරණ ලෙස කහටගස් දිගිලියේ සයිමන් සිංඤ්ඤෝට ඇපල් අයි පෝං එකක් ඕනි වුවොත් ඔහුට අමරිකාවෙන් සති දෙක තුනකින් ගෙන්වාගන්නට ඊ බේ හරහා පිලිවන. නමුත් ඇපල් වල ඕතරයිස් රී සෙලර්ලා සිටින කොළඹින් හෝ නුවරින් කහටගස් දිගිලියට අයි පෝං එකක් දවසින් දෙකෙන් ගෙන්නගන්නට හැකියාවක් නැත. එවන්නක් තිබුනත් එතරම් තියා යම්තරමින්වත් ජනප්‍රිය නැත...
අපි ඉන්ටනෙට් ලබාෙගන කලහැකි කරගත හැකි දේ ලැයිස්තු ගත කලොත් විනෝදාස්වාදය හැර ඉතිරිවන්නේ නිකම් කෝල් ලබා ගන්නට හැකිවීම වැනි ප්‍රාථමික දේ පමණි. ඇහින්දාස් සහ නුපුරුදු ඉංගිරිසි ගුරුවරුන් සහ අඩු පහසුකම් නිසා ඉංගිරිසි මුල් පංතියේ පටන් එපා වූ පරපුරක් අයි සී ඨි වලින් ඉන්ටනේට් හරහා ගොස් යමක් සොයා ගනීද? ඒවා අපේ හද්ද පරණ යල්පැනගිය සිලබස් මෝල් සමඟ කෙසේ ගැලපෙයිද? 

අයි සී ටි ගැන කතාකලොත් යමෙක් ඒ හරහා මිනිසුන්ගේ බුද්ධිය රසවින්දන හැකියාව වැඩිවෙනවා යැයි කියනු ඇත. නමුත් ඒ පස්ට පල් බොරුවකි. මීට කලකට පෙර අජිත් මුතුකුමාරණ, කිංස්ලි පීරිස්, චාමර, වේරලියද්ද වැනි ගායකයින් යැයි කියහැකි සිංදුවක් දෙකක් වත් හොඳ අයගේ සින්දු ගම්බද බස්වල ඇසුනි. අද?? ලෝකය දියුනු වී ඉන්ටනෙට් එකෙන් අමරිකාවේ සින්දු ගන්නට හැකි වුවත් අද ඇහෙන්නේ මියුසිකල් සෝ එකකින් රැකෝඩ් කරන ලද තුප්පහි කතන්දර වැනි සින්දුය. ඒවාට වඩා ලස්සනට ඉස්සර මුත්තලාට ආත්තලාට පැල් කවි කියන්නට ද පුලුවනිය. අරාස් බ්‍රෝකන් එන්ජල් කියනවා සුටුස් ගා ඉන්ටනෙට් එකෙන් බලාගත හැකි වුවත් අපේ බහුතරය ප්ලෑස් බෑක් ලා බ්‍රෝකන් ඒංජල් කන අයුරු තලු මරමින් අසති. මේ දියුණු වූ අයි සී ටී චුට්ටෙන් මිනිසුන්ගේ විඤාණය වත්, සිතීමේ හැකියාව වත්, දේශපාලනික දැක්මවත් වෙනත් වටිනාකමක් ඇති කිසියම්ම දෙයක් වත් දියුණු වුනේ නැත. එදා හොරෙං ලියුං ගෙනවිත් කල ප්‍රේමයට අද පෝන් එක ආදේශ විය. අයි සීටී ගමට ගියොත් ප්‍රේම කිරීමට ස්කයිප්, ෆේස්බුක ්ලැබෙනු ඇත. ඒ හරහා රටට වැඩි යමක් සහ අඩු තරමේ අයි සී ටී දියුනු කිරීමට වැයකරන මුදල් සුට්ට වත් ලබාගත හැකිද??.

අපේ ගොයියලාට අයි සී ටී ගෙනගොස් දුන්නොත් විය හැක්කේ නිකං හිටපු ගොයියා පේස්බුක් හරහා ගෑනියෙක් සෙට් කරගැන්ම වැනි දෙය්ක් පමණි..ඊට අමතරව කොළඹ හෝ වෙනත් තැන්වල මිල බැලීම. නවීන ගොවි ක්‍රම ඉගනීම, සිය ගොවි ගැටලු වලට විසඳුම් ගැනීම, වැනි දේ කවදා නං සිදුවේද??

19 comments:

  1. අදහස් ටිකනම් නරකම නැ එත් ලංකාවේ ICT නිසා දියුණු වුන ගමක් තියෙනවා මට නම නම් හරියට මතක නැ අනුරාධපුරේ පැත්තේ තමයි තියෙන්නේ 

    ReplyDelete
    Replies
    1. මෙන්න මට ගමේ වෙබ් එක හම්බවුනා පොඩ්ඩක් ගිහින් බලන්න අදහස වෙනස් වෙයි
      http://mahavilachchiya.wordpress.com/
      http://www.horizonlanka.org/
      http://www.horizonlanka.net/mahavilachchiya/
      http://nihiluwa.wordpress.com/about/
      http://batuwangala.org/

      Delete
    2. අදහස වෙනස් උනේ නෑ....ආව අදහස ටිකක් දිග විශ්ලේෂණාත්මක එකක්...ලියන්න අමාරුයි මේ වෙලාවෙ....
      අප්‍රිකාවෙ සතෙක් දෙහිවල ඉන්නවා සිංහයා කියල... අපේ රටේ සිංහයෙක් ඉඳලත් නෑ...
      අපි සිංහයො කියල අර කූඩුවෙ ඉන්න එකාට කියනවා... ඒත් සැබෑ ලෝකයේ අර කූඩුවෙ ඉන්න එකයි අප්‍රිකාවෙ ඉන්න එකයි කොයි තරං වෙනස්ද,,?
      දහම් පාසලේ මත් පැන් වල විපාක කියන අපි හැන්දෑවට බොන්න සෙට් උනොත් බොනවා...
      මේව නිකම් සංදර්ශනාත්මක වැඩ විතරයි...මේ හරහා ඒ මිනිස්සුන්ගෙ ලයිෆ් එක කොතරම් ඵලදායි ලෙස වෙනස් වෙයිද??

      Delete
  2. I C T .ගමට යාම කෙසේ වෙතත් හරියට යාවත් කාලින වන රජයේ එක් වෙබ් අඩවියක්වත් තියෙනවද මන්දා (මහා බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාතය පෙනවන්නේ දවස් 3ක් හෝ 4කට පෙර අගයක්)

    ReplyDelete
  3. සහතික ඇත්ත. ගමට තාක්ෂණය තවත් එක දේශපාලන සටන්පාඨයක් විතරයි.

    ReplyDelete
  4. But the irony is that you are a person who uses ICT and tells that others do not need that. LoL

    ReplyDelete
  5. http://www.railway.gov.lk/index.php?lang=en ඔය තියෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙ අළුත් සයිට් එක.. ඕකෙ වම් අත පැත්තෙ උඩ තියෙන රාජ්‍ය ලාංඡනයට යටින් තියෙන Please click here to check the Railway Time Schedule. ක්ලික් කරල ගිහින් දුම්රිය වෙලාවල් බලාගන්න පුලුවන්... තර්කයක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තු සයිට් එකේ කාලසටහන නෑ කිව්ව එක නම් හරි... මොකද ඔතනින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියල එකකට මාරු වෙනව :)

    එතකොට තව බැංකුවකට සල්ලි දාන එක ගන්න එක ඇරෙන්න සියළුම බිල් ගෙවීම් ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම් කරන්න දැන් ලංකාවෙ පහසුකම තියෙනව...

    මිනිස්සු වැදගත් දේවල් වලට පාවිච්චි කරන්නෙ නෑ කියල අයි සීටී ගමට යෑම නවත්තන්න ඕන කියනව නම්, ඒක කවුරු හරි "ඉපදුන ගමන් රස්සාවක් කරන්නෙ නැති හින්ද ළමයි හදන්න එපා" කියන එකට සමානයි නේද?...

    අනිත් අතට ගමේ මිනිහෙක් ලාබෙට කෝල් එකක් ගන්න ඕක පාවිච්චි කරනව නම් වැරැද්ද මොකක්ද?.. ඒ මනුස්සයට වැදගත් මොනාද නැත්තෙ මොනවද කියන එක තීරණය කරන්න අපිට අයිතියක් නෑ කියලයි මම හිතන්නෙ... ඒ මිනිස්සු තමන්ට ගැලපෙන අවශ්‍ය විදිහට ඒ පහසුකම් පාවිච්චි කරයි...

    ReplyDelete
  6. හැම දේකම දෙපැත්තක් තියනවා වගේ මේ කතාවෙත් දෙපැත්තක් තියනවා. නොදන්නා යමක් බාවිතා කරන්ට ගියාම මුලින්ම ගැටලු ආවට පස්සේ ඒ ප්‍රශ්න නැති වෙලා යනවා නේද? අනෙක දියුනවට බාවිතා කල හැකි ඕනෑම දෙයක් වැරදි පැත්තටත් බාවිතා කල හැකි නේද?

    අදහස් වල ඇත්තක් තියනවා වගේ පෙනුනත් කතාවට සම්පූර්නයෙන් එකඟ නෑ.:)

    ReplyDelete
  7. ගමට අයිටි අරන් යනව කියන කථාවම ටිකක් මඤ්ඤං කථාවක් , දැවැන්ත සමාජ සංස්කෘතික විපර්යාසයක් එක්ක තමයි රටක තොරතුරු තාක්ෂන සාක්ෂර තාවය සමාජයේ සියලු ස්ථර වලට යන්න ඕනි , එහෙම නොකර අයිටි ගමට ගෙනියනවාය කියල එකක් හුදකලාව කරන්න බෑ

    ReplyDelete
  8. භාවිතයේ නිවැරදි භාවය සහ ප්‍රයෝජනවත් භාවය හිතුව නම් අයි ටී නෙවේ ගෑනියෙක්ගේ වුනත් අගයක් තියෙනවා. ඒ වගේම සමාජයට උදව්වක් තියෙනවා.

    වැදගත් ලිපියක් බව කියව යුතු. !

    ජය !

    ReplyDelete
    Replies
    1. //භාවිතයේ නිවැරදි භාවය සහ ප්‍රයෝජනවත් භාවය හිතුව නම් අයි ටී නෙවේ ගෑනියෙක්ගේ වුනත් අගයක් තියෙනවා.//

      අම්මා ගැන හිතලා කීව කතාවක් වෙන්ට ඇති නේද? :D

      Delete
  9. කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ
    මේව පැහැදිලි ක‍්රන එකත් හ‍රියට මුලින්ම ආවෙ කිකිළිද බිත්ත‍්රේද කියන එක පැහැදිලි ක‍රනව වගේ වැඩක්.
    මොකුත්ම දන්නෙ නැතිව අඩුම ගානෙ ස්කයිප් වලට හ‍රි ගෙද‍රකට ප‍රිඝනකයක් අන්තර්ජාල සම්බන්දයක් ගන්න එක ආරම්බයක් හැටියට හොදයි කියලයි මම හිතන්නෙ මම දන්න හුගක් අය ඉන්නව ප‍රිඝනකයක් ගෙද‍රට ගේන්න හීනෙකින්වත් හිතපු නැති අය පිට රට ඉන්න අයට කථාක‍රන්නම ඒව අරගෙන තියෙනව.
    මම හිතන්නෙ එක ගැටලුවක් තමයි අන්තර්ජාලයෙන් ගන පුලුවන් සේවා නැතිකමටත් වඩා තියෙනෙ ඒව ගැන දැනුමක් ලාබ දෙන්නෙ නැතිකමයි හුගක් බැංකුවල තිබුනත් එවා බගැන ප‍්රචාරයක් බැංකුවලින්වත් ලබා දෙන්නෙ නැහැ අපිම දැනගෙන ගිහින් ඉල්ලුවොත් දෙනව මිසක්.

    ReplyDelete
  10. මම එකඟ නෑ මචන්.
    මමත් කොළඹින් ගොඩක් ඇතට වෙන්න ඉන්නෙ.
    අපේ ගෙදර බිල් ඔක්කොම ගෙවන්නෙ online. එවගේම මගෙ ගිනුම ඇති බැංකුවෙ හා තවත් සම්බන්දිත බැංකු කීපයකට මුදල් හුවමාරු කරගන්න පුලුවන්.
    වැඩ ඇරිල කලින් පැනගත්ත දාට ගෙදර යන්න කෝච්චිය කීයටද තියෙන්නෙ කියල බලගන්නෙ gic site එකෙන්.
    anything.lk එකේ තියෙන ඉදල හිටල හරි වැදගත් දෙයක් අරගන්නව.

    මිනිහෙක් ලාබෙට කෝල් එකක් ගන්න එකත් ඉතින් එක වැඩක් තම ICT වලින් ගන්න පුලුවන්.

    ඉතින් මචන් ඔය වගේ දේවල් ගමට වැඩක් නැද්ද??

    ReplyDelete
  11. ගමට අයි සී ටී ගෙනියනව කිව්ව ගමං මතක් වෙන්නෙ සොෆ්ට්වෙයාර්, ටෙලිකොමියුනිකේෂන්, කොම්පියුටර් වගේ පිසිකල් දේවල් ටිකක්..
    නමුත් ඒ හා සමානුපාතිකව අපිට අයි සී ටී හරහා ලබාගත හැකි සේවාවන් ප්‍රමාණය වැඩි කරන්න පුලුවන් නම් ඒක රජයට සහ සංවිධාන වලට වාසිදායක් වෙයි.
    දැන් වසර ගණනක සිට ඔන්ලයින් ඊ චැනලින් සේවය සාර්ථකව මං හිතන විදියට ක්‍රියාත්මක වෙනවා...එතනින් එහාට ගිහිං පැතිරුනු විදියට අන්තාර්ජාල සම්පත් ලැබුනොත් ඒක බෝම වාසිදායක වෙයි...

    කෝල් ගන්නයි මැසේජ් යවන්නයි විතරක් මුලු පෝං ලයිෆ් ටයිම් එකේම භාවිත කරන පත ගානක් වෙන ස්මාට් පෝං කීයක් අපේ රටේ ඇතිද??
    රටේ සාමාන්‍යන් බුද්ධිමත් අය විසින් කල යුත්තේ එවැනි උණවල් සහ මොඩර්න් ෆැෂන් ගමට බෝ කිරීම නොවන බව තමා මට හිතෙන්නෙ...

    ReplyDelete
  12. ගමට අයි ටී අරන් යන එක න්‍යායාත්මකව ගත්තම හුඟක් ප්‍රයෝජනවත් දෙයක්. ඒත් ඕක ප්‍රායෝගිකව පාවිච්චියට එන්න නම් ආකල්ප අතින් සෑහෙන්න ඉස්සරහට යන්න වෙනවා. මම කියන්නෙ ෆේස්බුක් අනන් මනන් ගැන නෙමෙයි. ගොවියන්ට තාක්ෂණය සමඟ වැඩ කිරීම, කාලගුණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී වඩා හොඳ අස්වනු ලැබෙන්නේ මොන කාලයට වැසි වැටීමෙන්ද කියලා බලාගන්න ඒවා තාම කැම්පස් ප්‍රොජෙක්ට් වලින් එහාට යන්නෙ නෑ. කොහොමත් මේ Generation Gap එක තියෙනකල් ඕක වෙන්නෙ නෑ. ඊළඟ පරම්පරාවෙදිවත් බලමු

    ReplyDelete
  13. මට නං හිතෙන්නෙ ගමට IT ගෙනියන්න කලින් ඒකට සරිලන විදිහට ඒ පරිසරය සමාජීය වශයෙන් දියුනු කරන්න ඕන කියන එක! තිරසාර අන්තර්ජාල භාවිතය කියන තැනට ආවම ලංකාව ඉන්නේ හා දියුනු වෙන්නේ සෑහෙන්න හෙමින්! අන්තර්ජාල භාවිතය ඉහල ගියාට පලදායී භාවිතයේ නම් එතරම් දියුනුවක් නෑ!

    ReplyDelete
  14. You cannot force things to happen. The best you can do is to stimulate growth and hope for the best.

    Changes will take place in their own pace.

    ReplyDelete
  15. අනේ ගොනෝ...

    මේ මුල්ම වතාව මං තොට බණින. උඹ ලියන ඒව මරු ඒත් මෙතන මහ ගොං කතාවක්නෙ කියල තියෙන්නෙ.

    වැඩේ තියෙන්නෙ කවුරුත්ම හරි හමං මග පෙන්වීමක් කරන්නෙ නැති එක. බහුතරයට බැරි ඉංගිරිසිය නිසා අපේ බාසාවෙන් වෙබ් සයිට් වැඩි කරන්නවත් සිංහලෙන් වැඩ කරන්න පුලුවන් මෘදුකාංග හදල දියුණු කරල ඒ ගැන මිනිස්සුන්ට කියන්නවත් කිසිම හාල්පාරුවෙක් උනන්දු වෙන්නෙ නැති එකයි මෙතන තියෙන වරද. වයලීන් එකක් අතට දීල ගහන්න කියන්න කලින් සංගීතෙ තියෙන ස්වර ටික මනුස්සයෙකුට කියල නොදී අහක ඉන්න උං "අර යකා වයලීන් ගහන හැටිනම් හරිම අජූවයි" කියනව වගේ වැඩක් උඹ මෙතන කරල තියෙන්නෙ.

    අනික තමයි ඔය අයිසීටිය පාවිච්චි කරල කරන්න පුලුවන් වැදගත් වැඩ නැත්තෙමත් නෑ, අර උඩහ කවුද කියල තිබ්බ වගේ, බිල් ගෙවිල්ල වගේ.

    ReplyDelete
  16. මෙය ඔබේ අදහසයි. එකඟ වීම හෝ නොවීම අනිත් අයගේ නිදහස. සැලෙන්න එපා බ්‍රෝ. ඇමරිකාවේ වුනත් අදටත් ඉන්ටෙර්නෙට් නැති අය ඕන තරම් ඉන්නවා. කතන්දර කිව්වා වගේ කාලයට වෙනස් වෙන්න ඉඩ දීම තමයි හොඳම දේ.

    ReplyDelete