ඉස්සර රේඩි එකේ කතාවක් ගියා යකා බැඳි ඇල්ලේ මායාව කියලා. ඒක බොහොම බය හිතෙන කතාවක්. දැං අපි දැනගනිමු යකා බැඳි ඇල්ල කියන එක තියෙන තැන මොකද්ද කියලා. යකාබැඳි ඇල්ල කියන එක තියෙන්නේ ගිරිඋල්ලෙ මා ඔය කියන ඔය හරහා තමයි. මේක හදල තියෙන්නෙ බොහොම ඉස්සර. බොහොම කියන්නෙ එක්දාස් පංසිය පහේ සුද්ද එන්නත් කලිං හදපු ඒව. මෙතන තියෙන ලස්සනම දේ තමයි මං නං දකින විදියට ලංකාවෙ මේ වගේ නිර්මාණයක් තියෙන එකම තැන. ඉතිහාසය අධ්‍යනය කරන අයට මිස්වුන තැනක් විදියට තමයි මංනං ඒක දකින්නෙ. අපි දැං බලමු එහෙ යන හැටි...
මේන් මැප් එක...
මේන් මැප් එක...
නිල් පාටට පේන්නෙ අපි කියපු මා ඔය තමයි..
යන පාර
අපි කෝමහරි ගිරිඋල්ලට ගියා කියමු..කිව්වට කෝමද ගිරිඋල්ලට යන්නෙ නේ..එකත් ගැටලුවක්. ඇත්තටම ගිරිඋල්ලට ලේසියෙන්ම යන්න පුලුවං පහ පාරෙ කුරුණෑගල කොළඹ බස් එකක නැංගම. ඒ නැතත් මීරිගම ඉස්ටේෂමට කෝච්චියෙං ගිහිං හෝ ඇවිත් එතනින් ගිරිඋල්ල මීරිගම බස් එකක් ගත්තත් හරි. වාහනේකිං එනවනං ඉතිං ඔය ලොතරැයි කූඩුවක මාමෙක්ගෙන් නැත්තං අපේ තුන් සක රියකුරුවෙක්ගෙන් (ත්‍රිවිල් අය්යෙක්ගෙන්) අහ අහ එන්න පුලුවනි නේ..
මේ අපි කියන යකා බැඳි ඇල්ල කියන එක තියෙන්නෙ මීගමුව කුරුණෑගල තිස්හතර කියෙන පාරෙ. ගිරිඋල්ලෙ ඉඳන් මීගමුව දිහාට කිලෝමීටර දෙක තුනක් එනකොට ගිරිඋල්ල ඩිපෝ එක පේන්න තියෙනවා බැබලි බැබලි. එතනින් ඇතුලට තියෙන පාර දිගේ ගිහිං බැහැල ටික දුරක් ගියෑම ඕං බොලේ තියෙනවා අපේ යකා බැඳි ඇල්ල.
යකා බැන්ද කියන්නේ...ඇල්ලකද??
යකා බැඳි ඇල්ල කිව්වහම ගොඩ අය හිතයි මේක ඇවිල්ලා දිය ඇල්ලක් කියලා. සමාරු හිතයි යකාගෙ වෙඩිං එක ගත්තෙ මෙතන කියලා.. ඇත්තටම මෙතන තියෙන්නෙ දිය ඇල්ලක් නෙමෙයි. මෙතන තියෙන්නෙ බොහොම ඉස්සර කාලෙක හදාපු බැම්මක් හෝ පාලමක් වැනි යමක්. අපි යන තැන තියෙන විශාල ගල්කුට්ටි සහ දිය මත ඉල්පී තියෙන යම් යම් ගල් කුට්ටි වල ශේෂයන් විසල් ප්‍රමාණයක් දැකගන්න අපිට පුලුවනි. ඒ තියෙන කැඩුනු සහ ඈතට වෙන්වෙල ගිය ගල් අතර වතුර බහිනවා. හරිම සුන්දර තැනක්. කන බොන ටීම් හත අටක කෑම පාර්සල් බෝත්ල වලිං පොඩියක් සවුත්තු වෙලා තිබුනට තාමත් කස්ටිය වැඩිය ඇහැ ගහපු නැති තැනක් වගේ තමයි පෙනුනෙ..
මේ ගල් කුට්ටි ගෙනැල්ල පේලියට තියලා මොකද්ද මේ කරල තියෙන්නෙ කියල නං නිච්චියක් නෑ. බාගෙදා ඒක පාලමක් වෙන්නත් පුලුවනි. නැත්තං සමාරවිට මේක මහා වේල්ලක් වෙන්නත් පුලුවනි.
මේ බලාගන්න පිංතූරු..
මේ මෙතනින් තමයි මා ඔය කියන එක ගලාබහින්නෙ ඉස්සර කාෙල අපේ ගොඨයිම්බර කියන උන්නැහෙට ඕනි උනාලු මේක හරස් කරල වේල්ලක් බැඳල අහල තියෙන විසල් වෙල්යායක් වෙච්චි මාකඳුර වෙල්යායට වතුර ගෙනියන්න. ඉතිං උන්දැ වේල්ල බැන්දලු. ඒත් යකෙක් ඇවිල්ල රෑට මේක කඩනවලු. පස්සෙ බේරෙන්න බැරිතැන රෑ වෙලා ගෝඨයිම්බරයා රැකල ඉඳල මේ යකා අල්ලල මේ මෙතන තියෙන වේල්ලෙ බැඳල ඒක උඩින් වේල්ල බැන්දලු. එතනින් තමයි යකාබැඳි ඇල්ල කියන නම ආවෙ කියල ජනප්‍රවාද වල සඳහන් වෙන්නෙ.. කෝමත් ගෝඨයිම්බර කියන දුටුගැමුනු රජතුමා ගෙ ගම විදියට මේ ප්‍රදේශය සලකනවා. ඒත් මං තව දන්න පලාතක් තංගල්ලෙ තියනවා ඒ පැත්තෙ ගෝඨයිම්බර හිටියා කියන. ඒත් මහාවංශයෙ තියනෙවා ගිරි කියන පළාතෙ ගෝඨයිම්බර යෝදය වාසය කලා කියලා. එනිවේ කෝමහරි ගෝඨයිම්බර කාලෙ වගේ බොහොම සද්දන්ත කාලෙක කරපු වැඩක් වෙන් ඇති. නැත්තං මේ ගල්කුට්ටි ආම්බාන් කරන්න මේ දැං ඉන්න අපිටනං සූරපප්පයි මැජික් අරිස්ටෙ ඇරං වත් අමාරුයි..
.මේ ගල් බැම්ම ගොඩ හරියෙදි ගල් පේලි හයක් විතර උසයි. ඒ වගේම ගොඩබිමත් මීටර විස්සක් තිහක් ඇතුලට මේ ගල්බැම්ම තියනෙවා පායන කාලෙට.. මේ ගලක උස පලල මහත කිව්වොත් සාමාන්‍යන් අර අලි විසාල ටෙන් වීල් ටිපර් එකක මේ ගල් හත අටකට වඩා ගෙනියන්න බෑ..ඒතරං විසාලයි. ගල් වල උස අඩි එකහමාරක් විතර.. පලල අඩිදෙකක් විතර..සාමාන්‍යන් ගලක් අඩි හතරක් පහක් දිගයි. මේ වගේ සාමාන්‍යන් අඩි දොලහක් දහතුනක් පලල පාරක සයිස් එකට මේ ගල් පේලි තියෙනවා..මට නං හිතුනෙම මේක ඉස්සර කාලෙ හදපු පාරක් වෙන් ඇතිය කියන අදහසම තමයි. මේ ගල් පුරුද්දන්න ඉස්සර කාලෙ මොකක් හරි ක්‍රමයක් තිබිලා තියෙනවා. අපි ඈත නොදන්න රටක තියෙන පිරමිඩ ගල් ගැන දන්නවා ඒත් අපි මේව ගැන දන්නෙ නෑ. ඒකෙ වරද නං කාගෙද දන්නෙ නෑ.. ඒත් මේක දැකගන්න වටින දෙයක්.
මේ හරියෙං මාඔය හරහා එගොඩ වෙන්න ඉස්සර අයටත් හේතු තියෙන්න ඇතිනේ. මේ ප්‍රදේශය මූලාශ්‍ර වල තියෙන විදියට නං ඉස්සර ඉඳලම බොහොම ජනාවාස තිබුන පලාතක්..
සමහර විට ගල් පුරුද්දපු ඒ කාලෙ පාවිච්චි කරපු බදාම කාලය එක්ක වැලලිලා ගිහිං වෙන්න ඇති. ඒත් මේ සයිස් ගල් මෙතනට ගෙනාවෙ කෝමද කියන එක නං ලොකු ගැටලුවක්. මේ පැත්තෙ අඩුම තරමෙ ලොකු සයිස් ඩෝසර් ගානක් වැඩ කරන්න ඇති ඉස්සර කාලෙ.. කස්ටිය හිතයි මේක හෙන ගොං පාට් ටෝකක් කියල..ඒත් දැනට ඉතිරිවෙලා හරි පෝලිමට තියපු ගල් දෙතුන් සීයක් තාමත් පේලියට තියෙනවා. සමහර තැන්වල පොලවට යටවෙලා සමහර තැන්වල යසට පේනවා. වතුර අඩු කාලෙට අපිට මා ඔය මැද තියෙන ගලුත් හොයාගන්න පුලුවනි. කලිං මේ ගැන ලියපු සංචාරකයෙක් කියල තිබුන ඒ ගල් වල බදාම තියෙනව දැක්ක කියල. ඒක ඇත්ත වෙන්නත් ඇති.
මෙතන තියෙන ගල් බැම්ම ගැන මුකුත්ම ලිඛිත සාක්කි නම් නැති කතාවක් තමයි කියවෙන්නෙ. මේක අසාර්ථක ව්‍යාපෘතියක්ම නොවෙයි වෙන්න ඇති. සමාරවිට කාලයත් එක්ක මේක නැතිවෙලා ගියා වෙන්නත් පුලුවනි. සමහර විට මේ ගල් බැම්මෙන් මා ඔයේ ජලකඳ හරස් කරගන්න බැරි වෙන්නත් ඇති. හැබැයි එකක් තියෙනවා සාමාන්‍යන් මං කියවල තියෙන විදියට නම් ඉස්සර කාලෙ කෙලින්ම ඔයවල් හෝ ගංගා හරවල කුඹුරු වලට වතුර දීල නෑ..මොකද ලවණ ගතිය ඇවිත් කාලයක් යනකොට කුඹුරු කේස් වෙන නිසා.ඒ වගේ වතුර කෙලින්ම දීපු අවස්ථා අඩුයිලු.. ඒක ගැනත් වැඩිදුර විස්තර මංනං දන්නෙ නෑ..මටනං හිතුනෙම මේක පාලමක් වෙන්න ඇතිය කියන එක තමයි..
ආතල් ගන්න යන අය පරිස්සමින් ඈ..
මෙතන බොන්න නං කියාපු තැනක් කියලෙ කනෙක් හිතයි. මොකද ඉතිං හෙවන. සිහිල් සුලග සහ වතුර...ලස්සන පරිසරය නිසා. ඒත් මා ඔය කියන්නෙ නාන්න ඒතරං හොඳ එකක් නෙමෙ. මා ඔයෙ සාමාන්‍යන් අපි නොදන්න තැන්වල ලොකු වලවල් තියෙනවා. වැලි ගොඩදෑම හෝ වෙනත් හේතුන් නිසා. මෙතනත් ඒ වගේම නැති උනත් ටිකක් ප්‍රවේසම් වෙන එක හොඳයි. අනික වතුර වැඩි කාලෙට ගල් ගොඩ නිසා ඇඟ පත හෝදගන්න බහින්නවත් මෙතන සුදුසු තැනක් නෙමෙයි. අරහෙං මෙහෙං සෙට් අරං ආවට කමක් නෑ කන්ට්‍රොල් එකක් තියාගන්න. මේවගේ තැන්වල ගල් ගොඩවල් නිසාත් ඒ ගල් සමහරක් පෙරෙලෙන සුලු විමත් නොදන්නා තැන්වල වලවල් තිබීමත් නිසා අනතුරු දායක බවනං ටිකක් වැඩියි, නාන අයට..ඒත් හොඳ සිහියෙං වතුර අඩු කාලෙට නං නාත හැකි..කිසිම අවුලක් නැතුව..
මං ගිහිපු වෙලාවෙ බොහොම දුර පලාතක නඩයක් ඇවිත් සිංදු කියනවා..කනවා සහ කෝක් සහ නෙක්ටෝ බොනවා දැක්කා...මේ ඒ කස්ටිය..,
මෙතන ගැන තව විස්තර ලියන්න තිබුන නම් මං ආසයි. ඒත් ඉතිං දන්නෙ මේ ටික විතරයිනේ..
මේතැනත් මේ ගැන තොරතුරු ටිකක් තියෙනවා...සංචාරක සටහනක..