Wednesday, June 20, 2012

හොරා දකිමු 02

එය ලස්සන දවසක්ද කැත දවසක්ද වැහිබර එකක්ද කියා මට මතක නැත. නමුත් එදා සතියේ දවසකි. සවස තුනට පමණ මගේ බොස් කතා කලේය. ඒ අතේ ඇති මාගේ අතබනුවටයි. අතබනුවට බොසාගෙන් කෝල් එකක් ආ නිසා මා ආන්සර් කලෙමි. මේ අයිසේ පොඩි කේස් එකක්..
ආ කියන්න සර්..
තමුසෙ ඔතන මුර කරන්න ඕනි නෑ... පොඩි වැඩක් තියෙනවා ඒකට යනවා.
දැං ඔතනින් තමුසෙ වාහෙනේ අරං යනවා පොඩි ගෙයක් තියෙනව කඩන ආන්න එතෙන්ට..කියා තැනක් කියා කඩන නිවසක්ද, එහි ඇති ගැලවු පෙට්ටමක්ද, ගැන විස්තර කීවේය..
අපේ බොසා මට තමුසෙ යයි කියන්නේ තරහකට නෙවේ..ඒ ඔහුගේ ආමන්ත්‍රණ ශෛලියයි. මා හට බඩු පටවගෙන යන්නට වූයේ ත්‍රිවිල් එකක උඩ තට්ටුවේය. එය තට්ටුවක් ගසා තිබු ත්‍රිවිල් එකකි. බඩු ටික නම් එතැන සිටි කොල්ලන් කීප දෙනෙක් විසින් තට්ටුවට පටවන ලදී. ඉන්පසු බොසා කිව් විදියට මා විසින් කියන ලද මුඩුක්කු වීදියට එන ලදී..ඒ මුඩුක්කු වීදියට හැරෙන තැනින් පසුව නම දැනගන්නා ලද කාවින්දි නම් වූ යුවතියක් මගේ ත්‍රිවිල් එකට නගින ලදී..
දැන් ත්‍රිවිල් එකේ තත්වය අපි විමසා බලමු.
    ත්‍රිව්ල් එක යන්නේ මුඩුක්කු වීදියකය. තරමක් තදනන්තර බඩුවක් වූ කවින්දි සහ කෙස්ටු එකෙකු වන මා සහ ඩයිවර උන්නැහේ කෙනෙක් ත්‍රිවිල් එක තුලය. ත්‍රිවිල් එකේ වහල උඩ පෙට්ටමගක ගලවන ලද, කැටයම් ලියකම් සහිත ලෑලි ගොඩකි. ත්‍රිවිල් එක සෙමෙන් යයි. කලකට ඉහත බලන ලද සිංහල චිත්‍රපටයක දෑවැද්ද ගෙනයන දර්ශනයක් මට මතක් විය. මා මනසින් මෙන්ම මුවගින්ද හිනාවක් දැම්මෙමි. කවින්දි අක්කා මා දෙස බලා ඔරවා ගෙන අහක බලාගත්තේ ඈට සිනාසුනා කියා සිතලා විය යුතුය. මග දෙපස කොල්ලෝය කෙල්ලෝය. පොඩි සයිස් කෙල්ලංට ජංගි කෑල්ලක් ඇත. කොල්ලන් සමහරු හෙලුවෙනි.ඔවුන්ගේ ඩයිනින් රූම් එකත්, කැම කාමරයත්, ඉස්තෝප්පුවත්, ක්‍රිඩා පිටියත් පාරමය. ගෑනු මිනිස්සු මේ ත්‍රිවිල් එකේ ගෙනියන්නේ මොකද්දැයි බලති. ඒ අතර කවින්දි අක්කා අඳුනගත් සමහරු ඇය සමඟ සිනාවෙයි. ඉඳහිට තරුණ කොල්ලෙක් ත්‍රිවිල් එක උඩ පෙට්ටගමකුත් ත්‍රිවිල් එක ඇතුලේ ටීවී එකකුත් ඇතැයි සිතන්නාක් මෙන් ත්‍රිවිල් එක තුලට එබෙයි. නමුත්  ත්‍රිවිල් එක තුල තිබූ කවින්දි නැමැති විසල් ටීවී එකේ චැනල් එක ටිකක් සවුත්තු නිසාදෝ කොල්ලන් සැනින් ඉවත බලා ගනී. උඩ තිබූ පෙට්ටගම ගලවලා තිබුනත් යම් තරමින් බරය. ඒ බරට යට කොටසේ ඇති කවින්දි අක්කාගේ බරද එක් වූනිසා දැන් බැලන්ස් ගතියක් එයි. ඇය එවන් උඩ බර ඇති ත්‍රිවිල් වලට බර බැලන්ස් කිරීමටද යොදාගත හැකි බවක් ද මට සිතුනි. එහෙත් ඒ වගක් මා පසුවවත් ඇයට කියන්නට ගියේ නැත.

මල්ලි මේ ළඟද? විතාරණ මහත්තයගේ ගෝලයෙක්ද?
ඔව් අක්කෙ මං මේ ලග බෝඩ් වෙල ඉන්නෙ අපේ සර් තමයි විතාරණ කියන්නෙ..
මේ හරිය පුරුදු නෑ වගේ නේද??
ඔව් මං මේ වගේ තැනකට යනවමයි වගේ....අපේ බෝඩිමත් මීට වඩා පොඩියයි හොඳ..
 යැයි කියා මා ෂේප් උනෙමි..

අපි ගමනාන්තයට ලඟා වුනෙමි. එවන් කර්කශ මුඩුක්කු වීදියකට නොගැලපෙන ගෙයකි. තට්ටු දෙකකි. සාමාන්‍ය නිවසක කාමර දෙකක වපසරියෙන් ඒ තට්ටු ගෙදර එක් තට්ටුවක් සමන්විත විය. මාද අල්මාරිය බෑමට උදව් විය. රියදුරු තැනද උදව් විය. කිනම් හෝ හේතුවක් නිසා අක්කා බඩු බෑව ගමන් රියදුරු මහතාට ගාන දී ඔහු පිටත් කල අතර මා හට ස්වල්ප වෙලාවක් ඉන්ට යයි කියන ලදී.  මාද ඇති වැඩක්ද නැති වැඩක්ද නැති එකෙක්වූ හෙයින් නැවතුනි. කලින් වතාවේ සිද්දවූ යකඩ හොරකම නිසා මා කන්තෝරුවට වැඩිය මනාප නොවීය. එනිසාම මා පාර අලුත්වැඩියා කරන ජොබ් එකකට ජොයින් විය.ඒ වැඩ කරමින්  සිටින විටය මට මේ නව කොන්තරාත්තුව පංගරාත්තු වූයේ. 
  කවින්දි අක්කාට ලස්සන ඇස් දෙකක් විය.ඒ ඇස් දෙකට ලස්සන සරීරයක් මීට කලකට පෙර තිබෙන්නට ඇත. තේවතුර ටිකක්බී ඇය ගෙනත් දුන් බිස්කට් එකක්  කමින් මා අක්කාගේ කතාව අසා ගතිමි. ඇගේ සැමියා මැරයෙකි. ඇය දැන් ඉන්නේ අතන මෙතන කන්තෝරුවල අයින් කරන බඩු විකිනීම..ආදී කුනු ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩවලය. අපේ මහත්තයා වන විතාරන උන්නැහේටත් මේ ගනුදෙනුව හරහා ගානක් යන්නට ඇත. කුණු අතර අපේ රටේ ටිකක් වැදගත් කුණු ජාති තිබේ. කොම්පියුටර කෑලි, සර්කිට් කෑලි ඊයම් වලට උනු කරයි. යකඩ ටික පරණ යකඩ කාරයින්ට දෙයි. මෙවන් පරණ පෙට්ටගම්, ලිබඩු උලුවහු ආදිය පරණ ඇන්ටික් ලෝලින්ට දෙයි. ඒවා එකතු කරන්නට විශේෂ අය සිටී.
     අයිය ඉද්දි මේව හරියට නැගල ගියා. එයා මේ බිස්නස් අස්සෙ වෙන ඒවත් කරන්න ගියෙ නැත්තං අපිට කාල ඇඳල ලමයෙක් හදං ඉන්න තිබුන. වෙලාවට ලමය නැති උනේ නැත්තං ඌටත් මේ නරාවලම අයිති වෙයි. නැතිඋනේ ඉපදිලා නෙමෙ. මැරිලමයි ඉපදුනේ.ඒ කවින්දි අක්කාය...
          ඒ කරන සුලු රැකියාවලට අමතරව ඇය වෙනත් කුමක් කලාදැයි මා නොදනී. වැඩිපුර එක එක දේවල් පස්සේ පැන්නීම හොඳ නැත.ඒ දේවල් හෙව්වාය දැනගත්තාය කියා සමාජය වෙනස් නොවන බව මා අත්දැකීමෙන්ම දැන සිටියෙමි.  අක්කා මාර ෆිට් බඩුවකි. මා ඇයට ආශා කලාය. ලක්ෂණ රූපයෙන් අඩු වුවත් ඇය සතුව බොක්කක් තිබුනි. ආදරයේ බීජ හොඳින් පැලකල හැකි සාරවත් බොක්කක් ඇයට විය. ඇගේ කටහඩ ලයාන්විත ගතියකින් හෙබිය. නමුත් ඇයටත් ඇත්තේ මුඩුක්කු පාරිභාෂිකයකි. එහෙත් ඇගේ කතාවිලාශයේ ඇති කෝමල බවට නම් අබමල් රේණුවක වත් හානියක් නොවී තිබුනි. මා හෙන පැණියාය එකල. එයටද හේතු තිබේ. ඇසින් දකින්නට කටින් කතාකරන්නට සිටි මගේ පියම්බිකාවන් දෙදෙනාම මා හැරගොස් සිටියේය. තනිකම මට සැරට දැනෙන්නට විය. ෆිල්ම් බැලිල්ල පේස්බුක් යෑම, පිස්සු කෙලීම තනිකම තවත් වැඩිකරන්නට හේතුවිය. ෆේස්බුකියේ මගේ යාලුවො බඳිති කෙල්ලො සමග පොටෝ දාති. ෆිල්ම් බලන විට ඒවායේ කපල් පිවිතුරු නිකලැල් ආලය විඳිති, අවට පාරේ යන විට ඇඹරෙමින් වෙලෙමින් කපල් යයි. මේ ඩබල් ඩබල් පේන ලෝකේ මා විතර එක පලුවක් තියාගෙන තවත් පලුවක් නැති කමින් විඳින එකෙක් බව මට තේරුණි. බොහෝ මා ගිය ෆිල්ම් හෝල්වල නාට්‍ය බැලීම්වල තනිව පැමිනෙන්නේ මැදිවිය ඉක්මවූ නාකි වියට කිස්ටු පිරිමි අයය. මාද ඒ ගොඩේම විය. කාවින්දි අක්කා කැත වුවත් මා ඇයටම ඇලුනේ ඒ නිසා වන්නට ඇත.
    ගැහැනියකගේ මුහුන සරීරය අපේ ඇස පිනවන පරිමාණයට නැතිවීම කැත යැයි මැනීමට හේතුවකි. මා ඉගනගන්නා කල ඉංගිරිසි උගැන්මට යැයි සිතා ඉංගිරිසි පත්තර බලන අතර රූපරාජිනී තරඟ වලට ගෑනු ලමයි සොයන දැන්වීමක් දිටිමි. පියයුරු සයිස් එක, ඉනේ සයිස් එක, වයස, අවිවාහක බව ආදී දේවල් මිමි සහිතව තිබුනි. මා ආසා කරන යෝධ පියයුරු සහිත ගෑනුන්ට කවදාවත් රූප රාජිනියන් ලෙස පත්විය නොහැකි බව මට වැටහුනි. මට ඇතිවුනේ ඒ තරඟ ගැන තරහකි. 
   අපි අතින් අතපත ගාන...ඇසින් දකින..කනින් අහන සියල්ල සෙන්ටර් වන්නේ මොලයටයි. සමහර තොරොම්බල් කරත්ත මෙන් ලස්සන සුන්දර යුවතියන් දකින විට ඔවුන් යාලුවෙලා සිටි කොල්ලන්ට බූට් තබා ඇති කුරිරු ආකාරය අපිට ඇසේ නම් අපි කෙලෙසින්වත් ඔවුන්ට රාග ආශාවෙන් සිටිනවා විනා ගෙදර ගෙනියන්න බලාගෙන ප්‍රේම කරන්නේ නැත. ඇය දකිනවිට ඇගේ ගැන මගේ මනසේ ඇති දත්ත කිනම් අයුරු වෙයිද යන කාරණය බොහෝ වැඩිදුර ප්‍රේම කතා වල සිදුවෙයි. සමහරෙක් තමා ගැන පෙම්වතා හෝ පෙම්වතිය සිතාගෙන සිටින්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ඔවුන් ජීවිත වෙනස් කරගනී. එනම් යම් අයෙකු කැමති ගෙදර කැමට නොවේනම්ද එලියට ගොස් කෑමට කැමති නම්ද..විවාහෙයෙන් පසුව සමහරෙක් සිය සැමියාගේහෝ බිරිඳගේ කැමැත්තද තමාගේම කරගනිති.
 මට වී තිබුනේ එසේ නැවීමට ඇති අකමැත්තයි.ආලය කල කාලයේ බීච් හෝ සිනමා පට බලන්නට යන මා, කජු කෑමට කැමති නම් මා කජු මිලදී ගෙන කජු කෑමට අකමැති ගර්ල් ෆෙන්ඩ්ට මා විසින් කඩල මුලක් අරන් දෙමි. එහෙත් ඇය සිතන්නේ එක්කෝ ඇයද කජු වලට එකතු විය යුතුය. නැත්නම් මාද ඇයගේ කඩල මුලට එකතු විය යුතුය යන අදහසයි.. කාවින්දි අක්කා සමඟ ඇති සම්බන්ධය දුරදිග ගියේය. එය දුරදිග යන්නේ නැතිනම් කතාවක්ද නැතිවෙන නිසා එය දුරදිග යා යුතුමය..
            එහෙත් සැක්ස් හෙවත් සැක්ස් ලෙස දකින සැර ජිම්නාස්ටික් එහෙ තිබුනේ නැත. මට ඇයව අවැසි වගේ ගතියක් විය. ඇගේ නම්බරය ගෙන හෙමෙන් ඩයල් කර වතාවක් කට් කලේය. ඉන් පසු දිනක සැඳෑවක යලිත් එය සිදුවිය. පසුව අක්කා විසින්ම මට කෝල් කරන ලදී. අපි හමුවුනෙමු. එහෙත් කාමරයක නොවේ. ඔහේ අපේ කතාන්දර හුවමාරු කරගනිමු. එහි යම් බැඳීමක් ඇත. ඇයට ඇගේ ලෝකේ කිසිවකු නොවන මා වටින්නේ ඇයට ඇගේ මුඩුක්කුව. බිස්නස් එක ආදි සියලු දේ කියත හැකි නිසාය. 

මගේ කන්තෝරුව ගැනත් මට සියල්ල නොවලහා ඇයට කිය හැක්කේ කන්තෝරුවේ අපේ  විතාරණ ලොක්කා හැර කිසිවෙකු ඇය විසින් නොදන්නා නිසාය....ඒ චරිත දැන් ඇයටද මතකය. කන්තෝරුවේ තේ බොන විට වෙන කතා වල චරිත දැන් ඇයට මතකය. මගේ යටතේ වැඩකරන උන්ගේ ළමයි ගැන පවා දන්නේය. වැඩකරන උන් මාව ෂේප් කරගන්නට උංගේ ගෙවල්වල දේවල්ද කියති. සියලු කුනු යන බොක්ක සේ මා නිසලව සිටින මුත් මා හට ඒවා මතකය. එහෙත් වැඩිපුර උන් කරට ගැනීමෙන් මගේ ඔලුව පතුරු යා හැකි බැවින් මා නිසලව සිටිමි. ඒ විස්තරද මා අක්කා සමඟ කියමි. රේඩියෝ එකට ටීවි එකට වඩා එහා ගිය දෙපැත්තටම කතා කල හැකි වස්තුවක් නිසා ආලකතා නම් වැදගත් විනෝදාංශයකි. ආතතිය නැති කරගැන්මේ මඟකි..
 ඉතින් අපි සිටිතැන කාපු බීපු දේවල් ආදිය බලන කෙනාට ඕනි නැති නිසා ඒවා ලිව්වේ නැත.. 
(මෙය කලින් කතාවේ දෙවන කොටස වන අතර තුන්වෙන කොටසක්ද බාගදා තියෙන්නට පුලුවන..)

12 comments:

  1. මේ කතා, උපමා සහ යෙදුම් නියමයි.
    ඔයාට හදා ගන්න තියෙන්නේ භාෂාව සහ ව්‍යාකරණ පමණයි.

    ReplyDelete
    Replies
    1. :) ව්‍යාකරණ අවුලෙත් මටනම් පොඩි ගතියක් තියෙනව කකා. මොකද කොහොමත් මෙයා ලියන්නෙ සම්මතයෙන් පිට ට්‍රැක් එකකනෙ. අවුල ඒකට සෙට්වෙනවා.
      (මම නම් හිතං හිටියෙ/ඉන්නෙ අමිල මේක හිතල කරන දෙයක් කියල. සමහරවිට වැරදි ඇති)

      Delete
  2. කසූ භාෂාව සහ ව්‍යාකරන හැදුවත් නැතත් රසය නියම විදියටම තියනව. අමිලගෙ කතාවල මම දකිනව මොකද්දෝ අමුතු ගතියක්. 100%ක්ම කකුල් දෙකෙන් හිටගෙන ඉන්න කෙනෙකුගෙ ලියමනක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මෙයා ලියන්නෙ අපිට නෙමේ. එයාටමයි. ඒක නේද?

      Delete
  3. kathawa tikak diga wadi unath hodai.

    ReplyDelete
  4. මචං අමිල . කතාවල හැමදාම තියෙන්නේ අමුතුම ගතියක්..ජය

    ReplyDelete
  5. කවුරුත් මේ බ්ලොග් එකට කැමති මේක ලියවෙන ආඛ්‍යානයටයි. ඒක විශිස්ටයි සිත්ගන්නා සුළුයි.

    ReplyDelete
  6. ඉතාම සරල විදියට වුණත් ගැඹුරු දෙයක් ප්‍රකාශනයේ අපූරු හැකියාවක් අමිලට තියෙනවා. මෙවැනිම හැකියාවක් මුල් කාලයේ පෙන්නපු තවත් කෙනෙක් තමයි මාරයා. කිහිප දෙනක් ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරලත් තිබුණා. නමුත් ඒවායින් වුණේ මාරයා කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ උඩඟු වී තිබුණු හැකියාවත් නැතිකරගෙන ඇට්ටකුණා වීම. අමිලට එවැනි අභාග්‍යයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා. සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. Wiwurthawa Liyala Thiyanawa..:)

      වුන්ගේ ඩයිනින් රූම් එකත්, කැම කාමරයත්, ඉස්තෝප්පුවත්, ක්‍රිඩා පිටියත් පාරමය.. -Me Tikata Mama Godak Kamathi..:)

      Delete
  7. තදනන්තර යන වචනය ඔබ යොදා ඇත්තේ කුමන අරුතකින්දයි මට නොවැටහේ. තදනන්තරව යන අගනා සිංහල වචනයේ අර්ථය වන්නේ 'ඊටපස්සේ' යන්නය. කතන්දර සමග මමත් එකඟ වෙනවා. ඔබ ව්‍යාකරණ නිවැරදි කර නොගත්තොත් ලිපියේ අර්ථය අවුල්වීම සහ රසය අඩුවීම නොවැලක්විය හැකියි.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. අමිලට කොහමත් අක්කලා එක්ක කතා මවන්න පුදුම හැකියාවක් ඉස්සර ඉඳලම තියෙනවා.. වැඩි දෙනෙක් නොදකින කෝණ වලින් ලියන්න එක අගය කරනවා..

    ReplyDelete
  9. යම් යම් කලාවන් වලට ආධුනිකයින්ට එන්න බැරි යම් යම් බැරියර්ස් තියෙනවා...
    ලේඛන කලාවෙදි ඒ එක බැරියර් එකක් තමයි වියරණ සහ අක්ෂර...අපි සාමාන්‍යන් කතාවක් කාටහරි කියනකොට එක එක වචන දානවා.... අපි කතාකරනකොට අපි කවදාවත් ග්‍රැමටිකලි කතා කරන්නෙ නෑ....
    ඉතිං මං කතාව ලියන්නෙ ආන්න අර කතා කියන ආත කෙනෙක් කතාව කියන සිස්ටම් එකට..
    මං කියන දේ අනෙකාට වැටහීම ඇර වෙනත් මාන මං වැඩිය තකන්නේ නෑ...

    අයියා ගෙදර ආවේය, අක්කා ගෙදර ආවාය කියල දෙකක් තියෙනවා..නමුත් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙදි භාවිත කරන්නෙ අයිය ගෙදර ආව කියන පොඩි කෑල්ල විතරයි...ඉතින් ඒක ඒ විදියට ලිව්වම කාට හරි නොතේරි යන්නෙ නෑ...
    ඇයි අපි මේ මොඩන් ලෝකෙට පොලොන්නරු යුගයේ වියරණ උස්සන් දඟලන්නෙ..භාෂාව කියන දේ කාලානුරූපිව වෙනස් වෙන්න ඕනි...

    ReplyDelete