මෙය වනචර කතාවකි. මෙය වනචර වූවත් නැතත් අන්තර්ජාලය නැමැති සාගරයේ දියනෑමට පොඩි උන් තනියම යැවීම මව්පියන් නැමැති හරකුන් විසින් නොකල යුතු වැඩකි.
ඉස්කෝලෙ ටීචර් මට හරියක් දැම්මා. ඒත් පේමවතීගෙ හරිය තරං ලොකු නෑ. පේමවතීට ලොකු සරීරයක් තියෙනවා. මට එහෙම නෑ. ඒ උනාට මං පේමවතීට ආසයි. වැරැද්දක් දැක්කහම පේමවතී ලොකු ටීච වගේ ගහන්නෙ නෑ කියල දෙනවා.
ඉස්කෝලෙ ටීචර් මට හරියක් දැම්මා. ඒත් පේමවතීගෙ හරිය තරං ලොකු නෑ. පේමවතීට ලොකු සරීරයක් තියෙනවා. මට එහෙම නෑ. ඒ උනාට මං පේමවතීට ආසයි. වැරැද්දක් දැක්කහම පේමවතී ලොකු ටීච වගේ ගහන්නෙ නෑ කියල දෙනවා.
පේමවතී නැත්තං මට ඉස්කෝල එපා වෙලා. එයැයි තමයි මට ගණං කියල දුන්නෙ. ටිකක් කියල දුන්නම මට ඉතිරි ටික ඇහැකි. ඒක අපේ ලොකු කන්නාඩි පොලඟ කියල දෙනවට වඩා ලේසියි. පේමවතී නැති දවසට පංතියම පාලුයි වගේ.
සමහර අය අපිට කිව්වෙ කපල් එක කියලා. ඒකෙ වරදක් නෑ. අපි කපල් එක තමයි. පේමවති ලොකු වෙනකල්ම මං එයාට ආදරේ කලා…ඒත් පේමවතී ලොකු වෙනකොට අපි අතර තිබුන දුරත් ලොකු උනා
පේමවතී උසස් පෙල කොරනකොට මං හරක් පස්සෙ යනවා. දවසක සරං කොටේ ඇඳං හරක් පස්සෙ ගිහිං එනකොට පේමවතී හම්බුනා. ඒකි උස්සං වඩං යන්න හිතුනා මට..ඒත් ඒම කලාම කෙල්ලට රිදෙයි..ඒකිගෙ හිතටත් රිදෙයි මං නිකං උන්නා..
අපේ මහ එලදෙනගෙන් ගන්න කිරිවලට වඩා පේමවතීගෙ තං දෙකෙන් කිරිගත හැකි වෙයි. මට හිතුනා. ඒත් ඒව අල්ලන්න මට බයයි. දවසක් මං ඇල්ලුවා නෙමෙයි අල්ලන්න හැදුවා. "කෝලං, වනචරයා පල අහකට" කියලා පේමවතී දිව්වා…
එතනින් මං නැවතුනා. මට එලවන්නත් තිබුනා මං එලෙව්වෙ නෑ…එතකොට පේමවතී මට වනචරය කියල ඉවරයි. මං දිව්වෙ කෙලින්ම හමුදාවට. ඒ ඒ හරකගෙ වගතුග බලනවට වඩා ගෑනියෙක් ගන්න ගෙයක් හදාගන් ඕනි කියල හිතුනා. ඔහේ යන එන මට හමුදාව හරි ලේසියි. හරක් පස්සෙ එලෝපු මට තුවක්කුවක් ලැබුනා. ඒක හරි ලොකුයි මට..
හරක් උක්කුවගෙ පුතාට තුවක්කුවක්..ආන්ඩුවෙන් නිකම් ලිස්ට් වලට තුවුක්කු බෙදුවනං මට තුවක්කුවක් ලැබෙන්නෙම නෑ.හරියට අපිට කන්න බොන්න නැතත් මන්ත්‍රි තුමා පස්සෙ නොගිය නිසා මුද්දර කාඩ් කැපුන වගේ..ඒත් හමුදාවට ආපු නිසා තුවක්කු බෝම්බ ලැබුනා. දවසක් හෝල් එකකිං බලපු චිත්‍රපටියක සට පට ගාල වෙඩි තියනව වගේ එන ඒව මට කරන්න ලැබුනා…
මට හැම රෑම පේමවතීගෙ තං දෙක මතක් උනා..ඒත් වැඩක් නෑ..ඒව දැං සින්න වෙලා ඇති මං හිතුවා…එකපාරක්වත් මං පේමවතීගෙං අහල තිබුනේ නෑ.. ඇහුවෙත් නෑ…ඒත් ඇහුවට පේමවතී මගේ නෙමෙයි…එයා ඉන්නෙ කැම්පස් ලෝකෙ…ඒකෙ ඇතුලෙ තියෙන්නෙ හන්තානට පායන සද වගේ වෙන එකක්..
ඉස්සර ඔහොම නෙමෙයි මොට්ටසේන මෙහෙමයි ලියන්නෙ කියල හිමීට නොරිදෙන තාලෙට ටොක්කක් ඇනල කියල දීපු පේමවතී නෙමෙයි අද ඉන්නෙ…අද ඇවිල්ල එයාට මාව නිකම් නිකම්ම නිකමෙක්…
කාලය මට සල්ලි කොල අතගාන්න දුන්න…මට වීරයෙක් වෙන්න ලැබුනා..ඒත් මගේ පොත බලන්න පොත බලල ලොකූ හරියක් දාන්න පේමවතී කෙනෙක් දුන්නෙ නෑ.
මේ ඔක්කොම මම කියනකල් ඒකි හිටියා අහගන..ඒකිව අල්ල ගත්තෙ අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකෙං. අල්ලගත්ත ගමං මං බැලුවෙ අත අල්ලල නාඩි. කොල්ලො කියන්නෙ නාඩි වැටෙනවනං ඇති බං මේ තියන මෝලට කියලා. ඒකිට නාඩි වැටුනා. මට හිනා. ඒකි බලනවා මං වෙදකං කරන්න ඇවිත්ද කියලා.
ඔහේ ආස නැහැයි ළමයෙක් හදං පවුලක් වෙන්න.? මට නං බෑ ඔවැයි කසාද බදින්න මං නිකං ඇහුවෙ.
ගෑනි උඩ බැලුවා. නාට්ටියක චිත්‍රපටියක නං බලන්න ඕනි ජනේලෙ දිහා..හුටා මං අඩුවට ගත්ත කාමරේ ජනෙල් තිබුනත් ඒව තදට වහල. ෆෑන් එක තියෙනවා වහලෙ ඒක කැරකෙන. කෙල්ල ෆෑන් එක දිහා බලං කියනවා. ළමයි නේද.? අපේ අක්කට දෙකක් ඉන්නවා. මේ දවස් වල වතුර නෑ වැව් වලවත්. ඉණ ගාව කලගෙඩිය තියං හැතැම්ම ගානක් පයිං යන්න ඕනි වතුර ඩිංග ගන්න.. මස්සිනාටත් කුලී වැඩ හිටියොත් තමයි කෑම ටික හරි.. නැත්තං ලුනුයි බතුයි තමයි.
මේ ඉතිං ඔහෙට තිබුන නේ ගාමන්ට් යන්න අපේ පැත්තෙ කෙල්ලො යන්නෙ..ඕනිතරම්.
ඇය රැවුවාය..රවා මා දෙස බලා..අපි ඔක්කොම ගාමන්ට් ගියානං ඉතිං අර බුලත්විඩි විකුනන ගෑනු තමයි අල්ලගන්න වෙන්නෙ..එනව මෙතන ගාමන්ට් කතා කොරන්න.. බතල ගලවන්න ආවනං බර බර ගාල අල ටික බහිනකං ඉදල බතල ටික ගලවං යනවා යන්න .මෙතන හතර මායිං හොයන් නැතුව.
තවත් ප්‍රශ්ණ ඇසුවොත් ස්වභාවයේන්ම කලු බතල වූ, ඇයට තද වී බතල ගලවගන්ට අමාරු වේයැයි බියෙන් මා ඉක්මනින් බතල ටික ගලවන්නට සැරසුනි. මනසින් පේමවති මවාගෙන ඉඩම දෙස දෙතුං විඩක් බලා කිරිස් කිරිස් හඬ මත්තෙන් මා බතල ගලවා හති ඇර දාහෙ නෝට්ටු කීපයක් මහන්සියට දී ආවෙමි.
මට මක්කටෙයි සල්ලි අයියනේව මහන්සිඋනේ
ReplyDelete// ගෑනි උඩ බැලුවා. නාට්ටියක චිත්‍රපටියක නං බලන්න ඕනි ජනේලෙ දිහා..//
ReplyDeleteපොඩි ඒත් සියුම් තැන්.....
++++++++++++++++++++++++
Deleteඅන්තිම ටික හදිස්සියෙං ඉවර කරලා කියලා තේරෙනවා...
ReplyDeleteතව හොදට ඉවර කරන්න තිබ්බා...
අපරාදේ!!!
//මට එලවන්නත් තිබුනා මං එලෙව්වෙ නෑ…එතකොට පේමවතී මට වනචරය කියල ඉවරයි. මං දිව්වෙ කෙලින්ම හමුදාවට. //
ReplyDeleteමේ තමයි නියත විවරන ලැබුණ මොහොත....
විශිෂ්ට කතාංගයක්, මේ තුළ කියැවීමට තවත් බොහෝ දේ තිබේ.
අමිල ආයෙ වෙන කතා මක්ටෙයි.. ලස්සනයි ඇ........
ReplyDeletehodai
ReplyDeleteනිවාඩුවට ගෙදර එන සෙබලෙක්ගේ අනිවාර්යය අංගය .....
ReplyDeleteහැමෝම එහෙම නෑ ම්චං...!
Deleteකතාව කියෙව්වා
ReplyDeleteසුළඟ එනු පිණිස චිත්‍රපටියෙනුත් මේ වගේ දේවල් තමා කියන්න හදන්නේ
ReplyDeleteහැමදාම වගේ වෙනස් විදියක ලියවිල්ලක්!!!
ReplyDeleteභාෂාව හැසිරවීම අපූරුයි.
උඹටම ආවේනික භාෂා සහ කතා ශ්‍යිලිය..
ReplyDeleteවෙනදා වගේම නියමයි..
උඹේ කතා ශ්ය්ලිය හොඳා වෙනද වගේම, එත් කක්කා බර හදුනා වගේ එක පාරටම ඉවර කරන එකට නම් මම කැමති නැහැ .
ReplyDelete_ ආගන්තුකයෙක් _
මේක කොට කතා ශෛලියක්...ගණිකාවක් පරිහරනය කලාට පස්සෙ ඒක එතනින් ඉවරයි නේ්....ඒක ඇදෙන්න දෙයක් නෑ....
Deleteඑකනම් හරි බාන් ..... එත් කතාව කියවල ඉවර උනාමත් නිකන් ගොන් ගැහැව්වා වගේ.
Deleteඅන්තිමට වැඩේ කොරගත්තට පස්සේ හිතෙනවා . යකෝ මම මොකක්ද මේ කලේ කියල .
, දක්කාගෙ ගිහින් , කටු කාල , කාටත් වහන් වෙලා වැඩේට සෙට්වෙන්නේ තුන් ලෝකේ නැති ආතල් එකක් ගන්න හැබැයි වැඩේ කොරගත්ටට පස්සේ .
නොද්ද්දකින් කියල හිතෙනවා
( උඹේ කතා වලට මේ කතාව 100% අදාල නැහැ, උඹේ කතා හරි සෝයි , එත් කතාවේ රසය එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ ඉවර වෙනවා )
......හ්ම්ම්ම්ම් මොකක් උනත් උඹේ බොලොගය මම අතාරින්නෙ නැතුව කියවනවා, තරහ ගන්ට කාරී නෑ උඹ ලියහන් අපි ( මම ) කියවනවා . අ...නි.....වා................!
_ආගන්තුකයා_