Thursday, June 28, 2012

අපේ ගෙදර බල්ලෝ

මා මේ කියන්නෙ යන්නේ අපේ ගම දිහා බල්ලෝ ඇති කරන ආකාරයයි. එය විසේස ආකාරයක් නොවේය. ලංකාවේ කොයි ගමෙත් බල්ලන් හැදෙන්නේ ටිකක් එක විදියකටය. 


බලු පැට්ටෙක් තෝරා ගැන්ම..
            අපි ගෙදර ඇත්කරන්න බල්ලන් සොයාගන්නා විට අපි උන් බල්ලාද බැල්ලීද කියා සොයනවා. මොකද බැල්ලි පැටියෙක් තෝරා ගත්තොත් බල්ලන් ගේ වටේ කැරකීම බැල්ලී අයාලේ යෑම. පසුකලෙක පැටව් දැමූ පසු නඩත්තු කරන්නට වීම ආදි දෝස එකතු වෙන නිසාය. ගොඩක් අය ආසා කරන්නේ බල්ලා ඇතිකරන්නටය. ඒත් අතරින් පතර බැල්ලියන් අහු වෙන අවස්ථාද ඇත. ලිංගික අවයව එතරම් විකසනය නොවූ අවස්ථාවක් වන බලු ළමා අවධියේදී බලු පැටියා පෙරලා ගෙන උගේ අහවල් අවයව පරීක්ෂා කර යුතු වෙනවා. සාමාන්‍යන් ගෙවල් අසලින් බලු පැටව් අපි ඇතිකරන්නට තෝරා ගන්නේ නෑ. මොකද ඒ බලු පැටව් අපි තෝරා ගත්තොත් බැල්ලි පැමිණ කිරි දෙන්නට එන විට එය කරදරයක් වන නිසා. 


අපි බලුපැටියෙක් තෝරා ගත් පසු අනෙක් කාරනාව තමයි ඌ ප්‍රවාහනය කිරීම. බිස්කට් සබන් හෝ වෙනත් එවන් දෑ අසුරණ ලද හිස් පෙට්ටියක් ඇතුලෙ තමයි මේ කුඩා පැටියා යන්නෙ. මා වරක් එසේ සිදුරු තනන ලද පෙට්ටියක බහා බලුපැටවෙකු අපේ ගෙදරට ගෙනෙමින් සිටින අතර බලු පැටියා එකවර බස් රියේදී කෑ ගැසුවා. සාමාන්‍යන් බස් රථවල බලු පැටවු ගෙනියන්න බෑ. ඒත් ඉතිං කස්ටිය මූනු මූනු බල බල හිටිය මිසක් වචනයක් කිව්වේ නැහැ. 


 ගමදිහාදි බලු පැටියෙක් තෝරාගන්නෙකොට නිය ගාන ගනන් කරල බලනවා. නිය විස්සක් තියෙන බල්ලෙක් නං හරි සැරයි කියල තමයි අපි අතර තියෙන මතේ. බලු පැට්ටා මොන ජාතියෙද කියල හෙවිල්ලක් නම් නෑ. පොමනේරියින්ද ඇල්ටේෂන්ද, රොටල්වෙයාර්ද කියල හෙවිල්ලක් නැ. බල්ලයි පාටයි පොඩ්ඩක් ලස්සනට ඉන්නවද කියන එකයි විතරයි බලන්නෙ. 

බලු පැටියා ලොකු කිරීම..


     සාමාන්‍යයෙන් බලු පැටියා කිරිබොන අවධියේම තමයි අපි ඇතිකරන්න ගන්නේ. මුලින්ම අපි ඌට කිරි බොන්න දෙනවා. ඉන් පස්සෙ බත් සුට්ටක් මාලු සුට්ටක් ඌට දානවා. එතෙක් ඌ තියන්නෙ කූඩුවක. කූඩුවක් හදන වැඩෙත් මාර වහක් කන්න ඕනි වැඩක්. බලු පැටිය ගොඩක් පොඩි කාලෙ අපි ඌව බඳින්නෙ නැ. කූඩුවක දාල තියෙනවා. ඉතිං අපි කෝටු වලිං හරි ලී වලිං හරි සුට්ටි කූඩුවක් හදා ගන්නවා. පස්සෙ අපි ඌට කන්න බොන්න අනං මනං දීල ලොකු කරනවා. ඒ අතර ඉතිං අපි පුංචි කාලෙ නං මූට කූඩුව ඇතුලෙ නිකම් ඉන්න දෙන්නෙ නෑ එලියට අරං සෙල්ලං කරනවා. ඒත් බල්ලා ගේ ඇතුලට ගන්නෙ නෑ. ආච්චිලා සීයල අම්මල තාත්තල බනිනවා බල්ල ගෙදර ඇතුලට අරගෙන ජරා කරනවා කියලා..

බල්ලාගේ කෑම..
අපේ ගෙදර සහ අපේ ආච්චිලැයි ගෙදර බල්ලා කෑම කන්නේ අපි කෑම කෑවාට පසුව තමයි. අපි කෑම පිඟානෙන් ඉතිරි කරන කෑම ගෙනියල බල්ලට දානවා. ඒහෙම දැම්මත් අවසානෙ බල්ලටත් කෑම එකක් ලැබෙනවා. මාලු මස් ගෙනා දවසට බල්ලාට අපි අර සුද්ද කරන කෑලි ඉතිරි කටු කෑලි ලැබෙනවා. බල්ලා බැදල හිටියෙ නැත්තං අපි බල්ලා දිහා ඇහැ ගහගෙන ඉන්න ඕනි, මාලු මස් සුද්ද කරන වෙලාවට. අපේ තාත්ත නම් බල්ලට බැන බැන මාලු කපන කොට බල්ලයි දිහාට කෑලි විසික් කරනවා. ඒත් ඒ විසික් කරන සීමාවෙන් පිටට බල්ලා ලඟට එන්න ආවොත් බල්ලාට බැනල එලවනවා. අපේ ගෙදර නං ඇතිකරන බල්ලන් මස් මාලු වලට ලැදියි. 


සාමාන්‍යෙන් ගමේ ගෙවල්වල බල්ලන් ගේ ඇතුලට ගන්නේ නෑ. ඌ ඉන්න සීමාවක් තියෙනවා. ඉස්තෝප්පුවේ පේමන්ට් එකේ මිදුලෙ නැත්තං මඩුවෙ තමයි. ඒ හරියෙ හිටියත් කුස්සියෙ පොඩි ලිමිට් එකක් තියෙනවා බල්ලට ඇක්සස් තියෙන. 
මට මතක ඇති ඉස්සර කාලෙක අපේ ගෙවල් හරියෙ හාවො හෙම හිටියා. මං පුංචිම කාලෙ මං දුවන හාවෙක්ට ගලකින් ගැහුවා. පස්සෙ බල්ලා ගිහිං ඒ හා නයිදෙව ඇල්ලුවා. මට මතක විදියට මාමල වගයක් ඒ හාවව අල්ලල මස් කලා. හා පැටිය සුටුස් ගාල මැරෙනව සුට්ටක් ඇත්නම්..


අපේ සීයලාගේ ගෙදර මට මතක ඇති කාලයේ බල්ලන් දෙදෙනකුද උන්ට කන්නට වෙන වෙනම තැටිද තිබුනි. උන් නම් තිබුනේ බැඳලාය. නමුත් උන් රෑට ලිහා තබයි. 

බල්ලා සහ පොල්ගොඩ..
අපේ ගෙදර කාමර ඇත්තේ එක පේලියටය. වර්ථමානයටත් අතීතයටත් කොහෙටත් නැති ගෘහ නිර්මාණ ශිල්පයක් වූ නිසා එක්තරා පේලියකට කාමර තුනක් ඇත. ඉතින් ඒ කාමර තුනේ අපේ අයියලා ඩබල සහ මා පිලිවෙලින් දොයියයි. දිනක් අපේ ගෙදර බල්ලා මහ සද්දෙන් බුරයි..එය නින්දට පස්ට බාදාවකි. අපේ අයියා නැගිට දොර ඇර එලියට බැස බල්ලාට ගල් කැටයකින් ගසා තද වචනයෙන් බල්ලාට බැන අඩ ගසා යලි නින්දට ගියේය. අහෝ ඛේදයකි. පසු දින අපේ කාමර පේලියට එලියෙං තිබූ පොල්ගොඩේ පොල් අඩු වී තිබුනි. පොල් ගොඩෙන් පොල් සොරාගෙන ගෙදර තිබු උදැල්ලක්ද රැගෙන වත්තට ගොස් පොලි ලෙලි ගසා රැගෙන ගොස් තිබුනි. පාන්දර අම්මා සහ තාත්තා ගෙන් අපි තුන් දෙනාට බැනුනුත් බල්ලාට ප්‍රසංසාත් හිමි විය..


බල්ලා සහ සර්පයෝ..
අපේ තාත්තා කොරටු වලට යනවිට සමහර විට ඉඩං දෙක තුනක් අතරමැදින් යන්නට වෙයි. මන්ද එක කොරටුවක් අපේ නිවසින් මදක් ඈතින් පිහිටා ඇති බැවිනි. උදෑසන තාත්තා ඒවා බලන්නට වැඩ කරන්නට උදැල්ලත් අරං යනවිට බල්ලා ඒ පසුපස හෝ ඉදිරියෙන් යයි. සාමාන්‍යයෙන් බල්ලා යන්නේ ඉදිරිපසිනි. බල්ලා ඉදිරිපස යනවිට එකවර බල්ලා බුරන්ට පටන් ගත්තේලු..පසුව තාත්තා විසින්   හොඳින් විපරම් කල බැලූවිට එතන නයි දෙදෙනෙක් සිට ඇත. සමහර විට නයි දෙදෙනා පෙම් කෙලිමින් සිටින්නට ඇත. නමුත් දනිහ තෙක් බැද්ද වැවී තිබුනු ඒ මහ බැද්දේ සර්පයා පෑගුනි නම් හෝ ඌ බියවි දෂ්ඨ කලානම් වන්නේ මහත් විපතකි. බල්ලා කලිං අනතුර දැක සංඥා කල නිසා හොදය. ඉන්පසු දන්ඩක් ගෙන නයාට නයි ආත්මයෙන් මිදීමට තාත්තා අවසර ලබාදෙන්නට ඇත. 


කෙලෙහිගුණ දත් බල්ලා.
සාමාන්‍යයෙන් අපේ නිවසේ හැදුන බල්ලන් නම් වැඩිපුර බය වන්නේ සහ වැඩිපුර සලකන්නේ අපේ පියාටය. මන්ද බල්ලන්ට බනින්නේත් බල්ලන්ට කෑම දමන්නේත් වැඩිපුරම අපේ තාත්තා නිසාය. දුර ගමනක් ගියත් බල්ලාට ඉතිරි කෑම ටිකක් ඔතාගෙන ඇවිත් දීම හෝ බල්ලා වෙනුවෙන් හාල් කාලක් ලිපේ තියා කන්න දීම සාමාන්‍යයෙන් පියාගේ සිරිතයි. අපේ අම්මාත් තාත්තාත් දුර ගමන් ගිය කලෙක අපිට බල්ලාට කන්නට දෙන්නට බැරි වී හොදට බැනුම් ඇසුවෝය. කුසගින්නේ සිටි බල්ලා තාත්තා දුර සිට දැක ගොස් වටේ කැරකෙන්නට පටන් ගෙන ඇත. සාමාන්‍ය වේලාවක නම් තද වචනයෙන් බැන එලවන මුත් එදින බල්ලා කුසගින්නේ විය හැකි බව දැන පැමිණි විගස ඇසුවේ බල්ලොන්ට කන්න දැම්මාද කියලාය. 

යම් දිනෙක අපේ තාත්තා ඉඩමේ කෙළවර තනියම වැඩක් කරයි. එවන් විටක බල්ලාද පසෙකින් සිටී. අහඹු ලෙස එකවර වැසි වැටෙන අවස්ථාද ඇත. එවන් විටක බල්ලාට විගසින් දුවගොස් ගසක් යටට දිව යා හැකිමුත් ඌද තාත්තා එනතුරු බලා සිටී.. විෙටක ඌද තෙමෙමින් සෙමෙන් පසුපසින් එයි. 


සැර වීම...
සාමාන්‍යයෙන් අපේ ගෙදර බල්ලෝ සැර නොවෙති. කෙනෙක්ට බුරාගෙන සැරට පැන්න විට අපි ගන්නේ බල්ලාගේ පැත්ත නොව ඒ මනුස්සයාගේ පැත්තය. එබැවින් බල්ලා එසේ පැනගෙන බුරලා අපෙන් ලකුනු දාගන්ට බැරි බව අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගනී. එවිට උගේ අනුන්ට ඇති සැල් අඩු වෙයි. බල්ලන් දහ දොලොස් දෙනකු විටින් විට අපේ නිවසේ සිට ඇති මුත් කිසිවෙකුත් කිසිම විටෙක මනුස්සයකු සපා කා නැත. සපා කන බල්ලන් මා දැක ඇත. මා නම් සිතන්නේ දරුවන් නරක් වීමටත් බල්ලන් සපාකන තරම් සැර වීමටත් ඒ අයිතිකරුවන්ගේ නුවමනා හුරතලය සහ වරදට තරවටු නොකිරීම හේතුවෙයි. 

10 comments:

  1. ඒ වුනාට උඹලා බල්ලා ගේ පස්ස පැත්තේ කළු තෙල් ගැවෝය.

    http://ansathudinapotha.blogspot.com.au/2010/04/blog-post_14.html

    ;-)

    ReplyDelete
  2. බල්ලො ගැන මටත් කියන්න කතා ගොඩක් තියනව. අන්තිමට අපේ ගෙදර ඇතිකල බල්ල තමයි ම‍ම කැමතිම බල්ල‍. ඌ කාවවත් හපන්න බුරන්න පනින්නෙ නෑ. බල්ල වැරදිලා හරි බුරනව කියන්නෙ අනිව සර්පයෙක් තලගොයෙක් අඩුම තරමෙ ගෝණුස්සෙක්වත් ඉන්නව. ඒ බල්ල නිසා ගෙදරට ආව සර්පයො බර ගානකින් අපි බේරුනා. කරුමෙක මහත. ඌට රතිඥ්ඥ හඩ ඉවසන්නම බෑ. 2011 සිංහල අවුරුදු කාලෙ ගෙදරින් ගියා ගියාමයි.

    ReplyDelete
    Replies
    1. උබල එක්ක ඉන්න බැරිව යන්න ඇති.

      අපේ ගෙදර හිටපු බව්වෙක් ඔහොම අවුරුදු රතිඤ්ඤාවලට ගිහින් ආයෙ ආවා මඩ නාගෙන සතියක් පහුවෙලා.

      Delete
  3. හී හී මාත් බල්ලොන්ට ගොඩාක්............... ආසයි..:)

    ReplyDelete
  4. බල්ලන් ගැන ගොඩාක් විසතර දැනගත්තා. ගොඩාක් ස්තූතියි. හැම රටකම වගේ බල්ලන් ඔහොම තමයි. බොහෝම ලෙන්ගතුයි. කීකරුයි. ස්වාමියාට ආදරෙයි. වෙනස් වෙන්නේ ඉතින් අනෙක් දේවල් තමයි. :)

    ReplyDelete
    Replies
    1. බල්ලන්ගේ වෙනස් නොවන දෙකක් ඇත.
      එක...වලිගයේ ඇද.
      දෙක...කකුල උස්සා මෙව්වාකරන එක.

      Delete
  5. ශෝක් විස්තරයක්.
    මම නම් ආසම නැති බල්ලො දෙන්න අපේ නැන්දලාගෙ ගෙදර දෙන්න. හෙන ඔලුවෙන් ඉන්නෙ. මාව දැක්කාම බුරනව

    ReplyDelete
  6. //මා නම් සිතන්නේ දරුවන් නරක් වීමටත් බල්ලන් සපාකන තරම් සැර වීමටත් ඒ අයිතිකරුවන්ගේ නුවමනා හුරතලය සහ වරදට තරවටු නොකිරීම හේතුවෙයි. // මෙන්න මචං වටිනාම කතාව..!

    ReplyDelete
  7. බලු කතාවක් වුණත් එළ කතාව :D

    ReplyDelete
  8. මේක මම රමීගෙ ටිමී පෝස්ටුවට දාපු කමෙන්ටුව...

    //අපි පොඩි කාලෙ ඉදලාම අපේ ගෙදර කාලෙන කාලෙට හැදුන වල් බල්ලෝ. උන් වල් නැහැ. මිනිස්සුන්ට වඩා හොදයි. අපේ තාත්තට පන ඇරල. පවුලේ අයට හරි ආදරෙයි. අපි පොඩි කාලෙ කැලනි ගගට යනව නාන්න. ඒ හැම බව්වම ආව අපිත් එක්ක නාන්න. අම්ම, තාත්ත, මම, අක්ක පුට් සයිකලේ යනකොට, අයිය කලින්ම යනවා. බව්ව අපි එක්ක පස්සෙන් යනවා. නෑවට පස්සෙ එයාම තනියම ගෙදර යනවා අපිට කලින්. ගෙදර මුර කරන්න වෙන්න ඇති. දවසක් අපි එයාව ඇරලා නාගෙන එනකොට මග අපේ බව්ව වාහනේකට හැප්පිල මැරිල. ඌ එතකොට ලොකුයි. අපි එයාව පාරෙ මග වැලලුවෙ නැහැ. ගෙදර ගෙනෙල්ලා වැලලුවා. අපේ වත්තෙම.

    පස්සෙ කාලෙක තමා ඔය මම කියපු ජිමී අපේ ගෙදර ආවේ. දුඹුරුපාට, නැට්ට කැරුකුන, ‍හොම්බ කළු කොලුවෙක්. ඌ මගෙ මදුරු නෙට් එක ඉරුවා. ඇදට පනිනවා. ඌ ලොකු වෙන්න කලින් පාරට පැනල මලා. එදා ඉදන් සතියක් අපේ ගෙදර මල ගෙයක් වුනා. කෑම හැදුවෙ නැහැ කන්න. අම්ම, අක්ක, මම ඇඩුව, තාත්ත වුනත් හිත හිර කරන් හිටිය. මොකද එයා බල්ලන්ට ආදරෙයි.

    ඊට පස්සෙ අපේ ගෙදර ආව අපේ මාමලගෙ ගෙදර හිටපු බව්ව. ඒ මාමලාට වඩා අපි සලකයි කියල ඌට තේරිල වෙන්න ඇති. චේන් එක පිටින් කඩාගෙන අපේ ගෙදර ඇවිත් නැවතුනා. පොර "ටූ-ටෝන්" මරු බව්ව. අපේ ගෙදර ඇවිත් තඩි සියිස් වුනා. අවුරුදු ගානක් අපේ ගෙදර හිටිය. විටින් විට මාමලව බලල ආව එයාම ගිහින්. පස්සෙ නිකන්ම නැති වුනා.

    ඔය හැම බව්වෙක් ඉන්න අතරතුරම අපේ‍ ගෙදර පූසො සෙට් එකක් හිටිය. රත්තරං, පපී, සිරිදාස වගේ කස්ටිය. උන්ට හැම උදේම මාළු කාරයගෙන් ග්රෑම් 500ක් මාළු අරන් දෙනව අපෙ අම්මා. අනික උන් උයපු මාලු නොකන පුරුද්දක් ඇති කර ගත්ත නිසාම.

    දැන් එකෙක් වත් නැහැ. ඒ ආදරේ නැති නිසා නෙවේ. උන් පාරට පැනල මැරෙනව බලන් ඉන්න බැරි නිසා. දැන් අපේ තාත්ත කරන්නේ රෑට කෑම අනලා පාර අයිනෙ තියන එක. කස්ටියක් ඇවිත් කාල යනවා.//

    ReplyDelete