Monday, January 21, 2013

නරක හැඳුනුම්පත (Naughty Identity)

(මෙය අවුරුදු 21ට වැඩි අය පමණක් බලනු..ලියා ඇති naughty ජාති  දුටුවිට සරුවාංග රෝග ඇතිවන ඇත්තෝ වෙත්නම් ඔවුන්ද මෙය නොබලනු.. )
අවුරුදු දහයෙදි හෝ එකොලහෙදි.. මම මුඩුක්කුවෙන් මාමලාගේ ගෙදරට එනවා. එතනින් පස්සෙ මම හොඳ ලමයෙක්. ජාතක කතාවක තාපසාරාමෙ පැත්තට වැටිච්චි ගිරවා වගේ. පුතා මේ පැන් පැන් බොන්න..පුතා ඔය සෙල්ලම කලා ඇති.පුතා දැන් නාගත්තොත් හොදයි නේද? ඒත් මං වැද්දො ගාවඉන්නකොට උන්නෙ වැද්දන්ගේ අතු පැලක ලීයක් අඩ නැත්තංවැද්දෙක්ගේ උරහිස උඩ..ඒත් මේ තාපසාරාමෙ හරිම හිරවෙච්චි තැනක්.මුං මාව කූඩුවක දාලා..කියල මට හිතුනෙ.. 
 
අපේ 4 වෙනි පටුමගේ තිබුන පුංචි පෙට්ටි කාමරය මට මාලිගාවක්. අපේ මාමලාට හුකලා හුකලා ලමයි ලමයි හදාගන් බැරිවුනා..ඔන්න රට ගිහිනුත් හුකලා ඒත් උන්ට ලමයි නැහැයි කියමුකෝ..ඒ පාර මාව ගත්ත හදාගන්න. ඉතිං මං නිකං රජගෙදර පරෙයියා වගේ.ගිහිපු දවස්වල හම්මේ පට්ට ආතල්..ඒත් යකෝ පට්ට ආතල් එක කියන්න මොකෙක්වත් නැත්තං මොන බිජ්ජක් කරන්නද ඒ ආතල් එක. ඔන්න නීල් ආම්ස්ටෝං හදට ගියා..පොර ආයි පෘතුවියට එනකොට මිනිස්සු ඔක්කොම සීන් එක දන්නවා..ඉතිං පොර එනකොට මාර පිකප් එක..මොකෝ..ඌ හදට ගියා කියලා අනික් වුන් දන්නවා නේ ඕයි.. කොහොමද මොකෙක් වත් වැඩේ දන්නෙ නැත්තං ආතල් එක..ඇවිත් හිමීට ගං කබරයා වගේ ඌ ගෙදර යයි..

මං හතරවෙනි පටුමගේ තියෙන පෙට්ටියෙන් කෙලින්ම නුගේගොඩ මාමලයි ගෙදරට ගියා..එහෙට ගියාට පස්සෙ පුකට කූරු ගහල ඇග පුච්චල වැඩ ගන්නවා..හෝව් හෝව් යකුනේ මේ ඒකතාව නෙමෙයි මේ වෙන එකක්. එහෙනං එහෙ ගියාට පස්ෙස ඒ ගෙදරට කෙල්ලෙක් එනවා..එතකොට අරූ ලොකුවුනාම ඒ කෙල්ල එක්ක යාලුවෙනවා...නැහැ බං ඒකත් නෙමෙයි.. මේවෙන එකක්..

ඔන්න අපේ මාමට සල්ලි තියෙනවා මට කන්න බොන්න දීල පුතා වගේ බලාගන්නවා..අපේ මල්ලි පකයා කැතනිසා ඌට මාම කැමති වුනේ නැහැ..ඌ තාම අහල පහල ගෙවල්වල කෙල්ලො එක්ක කොටු පනිනව ඇති..නැත්තං කොල්ලොත් එක්ක ජිල් ගහනව ඇති..මම මෙහේ අර මැසිං මේ මැසිං අර පාටි මේ පාටි..ඉස්කෝලෙ යාලුවො..ප්‍රැක්ටිස් අනං මනං එක්ක ජීවත් වුනා..

මට ටික කාලයක් ගියාම හතර වෙනි පටුමග අමතක වුනා..එහෙම නෑයො ඉන්න වගක් හෙම වැඩිය පෙන්වන්නත් මාමල කැමති නැහැ...අපේ අම්මට ඕන නැති වැඩනේ..මොකට අපේ තාත්ත එක්ක පැනලා ගියාද..ඒ ජවුසමා කුනු ටැට්ටරේ සපෝටර්.. ඌව අපේ මාමල ලගට වත් ගන්න ඇහැකිය බැහැනෙ..සික්..අපේ අම්මට තිබුනෙ සීය කියපු විදියට බිස්නස් කාරයෙක් බදින්න.. තාත්ත බොනවා..රෑට අම්මට ගහනවා..ගහල තව පැයකින් විතර හිමීට තෙල්ගාන්න වගේ කිට්ටු වෙනවා..කිට්ටු වුනාම වැඩේ ඉවරයි..ආයි රන්ඩු නැහැ..සික් මේ මිනිස්සු නරක් වෙන හැටි...සදාචාරය වෙනස් වෙච්චි හැටි..

කූඩැල්ලා මෙට්ට උඩ තිබ්බත් ඌ හදන්නෙ ඒක ගල විදියට දකින්න.පොඩිකාලෙ ඉදලා කුනුහබ් විදින බෝක්කු කටක් තිබුන මට මාමලයි ගෙදරයි ඉස්කෝලෙයි සිල් ටෝක්ස් සිල් ගන්න විදියට ගෙනියපු ජීවිතෙ ්දිරවන්නෙම නැහැ...මෙහෙ ගනන් සර් කරන්නෙ ගනං හැදුවෙ නැතිවුනාම එලියට දාන එක විතරයි..කලින් ඉස්කෝලෙ ගනං හැදුවෙ නැතිවුනාම මෙහෙමයි රූප රාමුව.. තොපි සක්කිලි හැත්ත තොපි හදන්න මේ කපේට බැහැ..කෝ ගනිං උලමා පොත...තෝ අදත් ගනං ටික හදල නැහැනෙ..ආ තෝ බාගයක් හදල අනික් උන් බැරි නිසා හදල නැහැ උඹ මෙතන දැනගෙනත් නිකං ඉදලා තියෙන්නෙ.. .ඉතුරුව කොහෙද? තොපෙ තාත්තගේ කුනු ටැට්ටරේද කියලා අහනවා ඉන් පස්ෙස ඇහනෙවා සද්දයක් ඩෝං ගානවා.ඒ යකෝ සර්ට රතිඤ්ඤ තියල නෙමෙයි ඕයි..ඒ සර් මගේ පුකට ගහනවා තඩි ලෑලි පටියකින්.. .ඊට පස්සෙ තවදෙකක් විතර කනෙන් අදිනවා..අනේ ඒ සර්ට අපි පලවෙනිදට වඳිනවත් එක්ක..ඒ උනාට ඌ ගහපු සොට් එකක රස නැතිවුනාම තමයි කිසිම රහක් නැත්තෙ..පන්තියෙං එලියට වෙලා මොන බම්බුවක් කරන්නද? ගහන්න එපැයි ලමයි හැදෙන්න නං..සික් මුං මහ අමන ජාතියක්...
සා මරු පහරක් නේ..
යාන්තං කටක් ඇරලා කුනුහබ්බයක් කියන්න ලැබුනෙ අලුත් ඉස්කෝලෙ සෙල්ලං කරන කොට..ඒකත් ඉතිං අර හතර වෙනි පටුමගේ කුනුහබ්බ තරං සැප නැහැ..අනේ පල පකය යන්නෙ බොලා අම්මට නිදිවදින්න හදන් නැතුව කියලා කිව්වම සමහර උන්ගෙ මූනත් එක්ක රතුවෙනවා.. මාමලා කියන්නෙ තාත්තලා නෙමෙයි..නැන්දලා කියන්නෙ අම්මලා නෙමෙයි..කොහෙ හරි යනකොට උං මාව හැඩේට පුතා වගේ උස්සං ගියාට ගියාට පස්සෙ උන්ට මතක නැහැ යකෝ මේ වගේ උරුලෑ පැටියෙක් උස්සං ආව නෙවෙද කියලා.. ඉතිං මට යන එන මං නැහැ ඔය එක එක පාටිවලට ගියාම..මං අනික් පොඩි උන් අස්සට පැනලා සෙල්ලං කරන්න ගියාට උං දන්නවා ඇති මං නැන්දගේ ඔරිමජිනල් පෝට් එකෙන් එලියට ආවෙ නැහැ කියලා..උංගෙත් හෙන පොයිය.. මට දිරවන්නෙ නැහැ ලොකු ටෝක්..එකෙක් කියනවා අපේ තාත්තට තියෙලු හෙන ලෑන්ඩ් කුරුසරයක්..තව එකෙක් කියපි අපෙ තාත්තගෙ අලුත්ම එක ජගුවරයක්ලු ..මට කියන් හිතුන අනේ පලයල්ල යන්න අපේ තාත්තගේ කුනු ටැට්ටෙරේ බොලයි ඔය එක පකඩමකටත් වැඩිය ආතල් කියලා කිව්වෙ නැහැ...කුනු ටැට්ටර කතා කිව්වොත් මාමට හොද නැතිවෙයි..මොනව උනත් කන්නෙ බොන්න දීල ගහන් නැතුව මාව තියං ඉන්න එකම කොයි තරං එකක්ද කියලා ඒ වගේ වෙලාවට මාමගේ ගව්රවේ ආරක්සා කලා..

ඉස්සර හතරවෙනි පටුමගේ ඉන්නකොට වගේ නෙමෙයි මෙහෙදි ගනන් හැදුනා..ඉංගිරිසි පාඩම් කෙරුනා..නැන්ද ඇවිල්ලා ලගින් වාඩිවෙලා කියල දෙනවා..ඇත්තටම ඒ මනුස්සයා හොඳයි..මට ආදරේ කරා උන්දැ මැරෙනකල්ම.අපරාදෙ උන්දැ හාට් ඇටැක් එකට පෙති බිව්වෙ නැතුව මැරිල ගියෙ..පෙතිටික ඉන්ජෙක්ස්න කරලා හරි තව ටික කාලයක් තියාගත්තනං මට වාසි..සික් දැන්නෙ මතක් වෙන්නෙ ඒවා.. 

 ඔන්න ඉස්සර හතරවෙනි පටුමගේ ඉන්නෙකොට ගානක් හදන්න ගන්නවා..කෝ යකෝ මට මගේ මකනෙ..මල්ලි උඩදානවා මහ හයියෙන්...උගෙ මකනේ මං අරං සාක්කුවෙ දාගෙන. ඌ ඒක දන්නෙ නැහැ..ඌ ගනන් අහගන්න කියලා කතාකරගනිපු අල්ලපු ගෙදර මාලිකාට මූ ගහන්න යනවා උගෙ මකනෙ හොරකං කලා කියලා..පස්සෙ මං ඌට මකනෙ දෙනවා..එක විදියක විනාඩි දහයක් ඉන්නවා කියන්නෙ ලොකු ගේමක් ඒ දවස්වල..ඒත් ඉදලා හිටලා ඇවිත් පස්සෙ මාස දෙක තුනකට වතාවක් ඇවිත් මාව බලලා අඩ අඩ ගිය අම්මා නං ඒ දවස්වල කොන්ඩෙ පීරනකොට හෙම ඇනපු ටොකු තාම මතක් වෙනවා..

මගේ කොන්ඩෙ අම්මට පීරන්න වෙන්නෙ නැහැ ඔලුවෙ හෙල්ලෙනවා..හිටපිය මූසලයා මේ කොන්ඩෙ ටිකක් පැත්තට කරනකල් කියලා අම්ම හිමීට ටොක්කක් අනිනවා..ඉතිං සමාර වෙලාවකට තෙල් බෝතල් බාගයක් විතර වැටිච්චි කොන්ඩෙ අම්මා පැත්තට පීරලා මාව ඉස්කෝලෙ යවනවා. අපෙ තාත්තට මොන කෙරුවාව බැරි වුනත් ළමයි හැදිල්ලට නං මිනිහා රුසියා කියලා දවසක් මාම නැන්දට කියනව මට ඇහුනා. අපි දෙන්නට පස්සෙ තව දෙන්නෙක් ආව කෙල්ලොම. පස්සෙ මාව ඈතට විසි වෙලා උං තුන්දෙනා ඉස්සරහට එන්න ඇති. ජීවිතෙ කියන්නෙ මාර ගේමක් හතරවෙනි පටුමගේ ඉද්දි.. තාත්තට ඉතිං සල්ලි දීල පිරිමහන්න බැහැනෙ..ඌ ගිහිං පිටරට ඉන්න අස්සයොන්ට සල්ලි දාල පරාද වෙනවා කියලා මිනිස්සු බැන්නා.. ඒත් කුනු ටැට්ටෙරේ ගියාම අපේ පවුල ගැන දන්න තැන්වලිං පොල් ගෙඩියක් හාල් ටිකක් කාරිය ලැබෙනවා. ඒ මිනිස්සු වැඩියෙං ගෙනාපු එලෝලු හෙම තිබුනොත් ගෙනත් ඒවත් දානවා වෙනමම මල්ලකට.. සමහරු මහ කුම්මැහියො...බලු බල්ලට කන්න බැරි නරක්වෙච්චි එලෝලු, පනුවො දාපු හාල්, ඇඳපු ජොක්කු කෑලි පවා ලස්සන පාර්සල් වල දාලා දෙනවා..අනේ ඒව දීල උං දිය්ය ලෝකෙට ටිකටුත් බලාපොරොත්තු වෙනවා ඇති කුම්මැහි හැත්ත.. අම්මප මං එලොව ගිය වෙලාවක එහෙම පනු හාල් දීපු එක පකඩයෙක් දිවිලෝකෙදි සෙට්වුනොත් දෙනවා හොම්බෙන් යන්න.. මිනිහෙක්ට දෙන එක උගේ බල්ලටවත් කන්න ඇහැක්වෙන්න දිපල්ලකෝ..

මාම මං ඕ ලෙවල් පාස් වුන ගමන්ම කිව්වා ඒ ලෙවල් ඕනි නැහැ..ඩිග්රිය කරන්න.. රට යන්න ලෑස්ති වෙන්න කියලා...ආයිස් අප්පඩ...අර නෝටි ඇමරිකා කෙල්ලො හෙම දුටු සැනින් පසුපස ඔසවා හරවා පහර එල්ල කරන්න අවස්ථාව දෙනවා නේ..ඉතිං ඒව බලපු මට යන්නමයි හිතුනෙ රට.. කොහෙද ගියාට පස්සෙ හප්පේ හීතල...ඒ හිතලට මල්ලි නැගිටින්නෙත් නැහැ..ඒ මදිවට ඒ සුද්දියො අපි ගනන් ගන්නෙත් නැහැ...ඔය ඉන්ඩියන් කෙල්ලෙක් ඇෆ්රිකන් කන්ට්‍රියක කලු වහතුවක් බැලුවත් සුද්දියො එහෙම බැලිල්ලක්වත් නැහැ අපි දිහා .සික් ඕ ලෙවල් කාලෙ ටියුසන් යන්න බස් එකේ ගියාම ගහගන්න ජැකක් වත් මෙහෙ නැහැ..මාම සල්ලි තිබුනට හෙන ගෑස් බුවා..මං පොරට බයයි. මොකෝ පොර ඇවිල්ලා මාව මෙතනින් කැපුවොත් මට ආයිත් හතර වෙනි පටුමගටම බහින්න වෙනවා..තාත්ත අම්ම වගේ තොදොල් නැති නිසා වැඩිය මාමට ලොකු ලයින් දෙන්නත් බැහැ..

ඉතිං සල්ලි දෙන්නෙ ටිකයි.ඒකෙන් කාල පොඩි බියර් සොට් එකක් දාල එහෙම කලාම මාසෙට දවසක් එලියට ගිහින් කන්න සල්ලි ටිකක් ඉතිරි වෙනවා. මාම හැමදේ ගැනම දන්න පොරක්.. සිරා පොරක්..මිනිහා සල්ලි වැඩිපුර නොදෙන්න ඇත්තෙත් ඒකයි. පවුං ලොකු ගානක් දීල බඩු ලයින් කරන්න ගියපු කොලෙජ් එකෙ ලංකාවෙ එකෙක් ඒ පවුං ගානට විනාඩි තුනයි ආතල් ගන්න පුලුවං වුනේ කිව්වම මට හිකිස් ගෑවුනා.. මං කලේ ටිකක් බර සබ්ජෙක්ට්ස් වගයක්..වැඩිය ලෝකෝතතර වැඩ දාන්න බැහැ ස්ටඩි සැරයි..අනික මං ඒකෙ හිටපු පොඩිම බුවෙක්..සයිස් එකෙං වගේම දැනුමෙනුත්..ඉතිං වලිකාලා ඉගන ගන්න වුනා..

හෑ දැන් බොලා බලං ඉන්නෙ මට කෙල්ලෙක් සෙට්වෙනකල් නේ..මේකෙ හෙම නැහැ බං..කතාව ඉවරයි..දැං මං ස්ටඩි ඉවරයි ලංකාවට ඇවිත් මෙහෙ ඉන්න පුස් බට්ටියොන්ගේ ගෑස් බල බල සමහර උන් දෙන්න යන දීමවල් ගැන බල බල යාන්තං මාමයි කන්ස්ට්‍රක්ෂන් ෆර්ම්ස් ටිකක් බලාගෙන ඉදලා හිටලා මසාජ් එකකට ගිහිං ආතල් එකෙ ඉන්නවා.. එච්චරයි..

35 comments:

  1. මේක තමයි උඹේ මාස්ටර්පීස් එක.....
    මෙය නොබැලූ දෑස් මක්කටෙයි බං?

    ReplyDelete
  2. අමිලගේ අසාර්ථකම නිර්මාණයක් මේක...
    මුල මැද අග ගැලපෙන්නේ නැහැ බං.
    උඹ පරීක්ෂණයක් කරලා තියෙන්නේ. ඒක යම් පමණකට සාර්ථක වෙයි.
    හැබැයි, සිංහල ගීත කලාවට "රම්බරි" දුන්න ගේම, මේකෙනුත් වෙයිද?

    ReplyDelete
  3. පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු . .. .සුපිරි ලියවිල්ලක් බන් . . . :D

    ReplyDelete
  4. මේක උඹේ සුපිරිම ලියැවිල්ල කියල මම උඹව උඩ තියන්නෙ නෑ,. මොකද එහෙම කිව්වොත් උඹ ආයෙමත් දෙයක් ලියන්න ට්‍රයි කරන්නෙ මේකට උඩින් යන්න. ඒක වෙන්නෙ නෑ. එතනින්ම උඹේ හැකියාව ඉවරයි.
    මේක අමුයි. පට්ට අමුයි. ඒ අමුවේ තමයි තියෙන්නෙ ගතිය. හැබැයි උඹ මේක තමා මරු කියලා මේ ස්ටයිල් එකම ෆලෝ කරන්න ගියොත් එතනිනුත් වැඩේ අවසානයි.
    මම හිතන්නේ මේක උඹ පරීක්ෂණයක්වත් මොකක්වත් කරපු එකක් නෙවේ. ඔහේ ලියපු එකක්. ඒකයි මේ ගතිය මේ වචන ඇතුලෙ තියෙන්නේ. ආයෙමත් උඹට මේ වගේ කික් එකක් ආපු වෙලාවක මේ වගේම ලියපන්. උඹ මැරුණු දවසක මම හිටියොත් කියන්නම් කෝකද උඹේ මාස්ටර් පීස් එක කියලා. මම මේක කියෙව්වා දෙපාරක්. මරු. පට්ට ආතල්. බොහොම ස්තුතියි, මේ මගේ මතය පමණයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට මමත් දෙපාරක් බැලුවා පට්ට රහයි

      Delete
  5. කියන්න වචනත් නෑ බං. පට්ට සුපිරියි.

    ReplyDelete
  6. මැද්දෙ පින්තූරෙ කතාවට ගැලපෙන්නෙ කොහොමද බන්..

    ReplyDelete
  7. මාර සිරා...
    මාර ගති..
    ලොකු ලයින් නැති සිරා කතාවක්..

    ReplyDelete
  8. මාස අටකට විතර පස්සෙ කාලෙකින් දාන බ්ලොග් කමෙන්ට් එක, මේකට දාන්න වෙච්ච එක ගැන සතුටුයි. මේක නියමයි! නියම සමාජ කියවීමක්..

    ReplyDelete
  9. අමුයි, රසයි.
    හැබැයි උඹේ අක්සර වින්නියාසය නන් අන්තිමයි ඈ..

    ReplyDelete
  10. මේක බ්ලොග් අවකාශේ ලියුම් එක්ක බලද්දි මාරම අමුයි... උබේ බ්ලොගේ එක්ක බලද්දි නම් එහෙමටම ත් නෑ... ඒත් මේක මරු බන්...

    හරී ගේ ප්‍රශ්නෙම මටත් ආව ??

    ReplyDelete
  11. ganja karayek ganjaa mathayen kiyana me wage kunuharapa balana api thamayi modayo.

    ReplyDelete
  12. එලටම තියෙනවා අමිල ආයේ දෙකක් නැහැ ..
    ( හැබැයි අර සීන් එක මේකෙත් තියෙනවා, ඉරිසියාව කුහකත්වය
    වගේ . අවුලකුත් නැහැ තොන්දොල් බබ්බු අතින් මෙහෙම දේවල්
    ලියවෙන්නේ නැහැ මේ කපේට ...

    ඒ එක්කම ආයේ හිතෙනවා මිනිහෙක් බඩගින්න ගැන ඉවසල ඉවසල
    බැරිම තැන කවියක් ලියල මැරුණට පස්සේ , ඒ කවිය අරන් සම්මාන
    දෙන ලෝකය ගැන ලැජ්ජාවක් ..

    පාන් කෑල්ලක් දෙන්න මිනිහෙක් නැහැ බඩගින්නට , බඩගින්නෙන් මැරුණ
    මිනිහගේ කවි අගයන්න කප්පරක් සෙනග ...)

    ReplyDelete
  13. බල්ලට ඕන නැති කතාවක්නේ.ඉස්සර කියවපු වැල පත්තර මේ වගේ ලියවිලි තිබුනා.මටත් ගල් භාගයක් බිබී මේ වගේ කුණු පොතක්ම ලියන්න පුළුවන්.

    ReplyDelete
  14. http://kathandara.blogspot.com/2013/01/one-dog-is-more-than-sufficient.html?showComment=1358842768988#c2093594768420642129

    ReplyDelete
  15. http://maathalan.blogspot.com/2013/01/13-sex-sharia-and-halal.html?showComment=1358847230222#c1792824665533086110

    ReplyDelete
  16. හැම කතාවක්ම වගේ මේකත් තව එඩිට් කරන්න තිබුණා!

    ReplyDelete
  17. මේක නං පුතෝ නියම ආත්ම කතනයක් මං ලයික් මේ ලියැවිල්ලට.

    ReplyDelete
  18. නියමයි වචන නැහැ.... පටිට........

    ReplyDelete
  19. අමිල මේක එළ බව ඇත්ත. ඒත් මචෝ මේක උඹේ 'ඉට්ටයිල්' එක කරගන්න එපා. උඹට මීට එහා යන්න වෙන 'ඉට්ටයිල්' තියන එකෙක්.

    ReplyDelete
  20. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  21. කතාව අමුවෙන්ම තියෙන නිසා මාත් අමුවෙන්ම කියන්නම්: හුකල හුකල බඩු යන්න කලින් අන්තිම මොහොතේ කෙල්ල නැගිටලා ඇට දෙකට පයින් පාරක් ගැහුවම දැනෙන ෆීලින් එක තමා මට නම් දැනුණේ. ආරම්භය ෆට්ට.. කතාව ගින්දර.. මැද තියෙන පින්තුරේ එළ.. (ගැලපිල්ල යකාට ගියාදෙන්!) කෝ බං අවසානය?

    ReplyDelete
  22. chinthana dharmadasa meka kiyewwanam satutu wei.lankawe minihekta karannama amaru sadachara weralen aathama diyambata (gilila marenna tharam) gihin karapu wadak

    ReplyDelete
  23. එල කතාවක්

    ReplyDelete
  24. මේකනම් සුපිරිය.. අති සුපිරිය..!

    ReplyDelete
  25. එළකිරි, ලියපං පුතා දිගටම හැබැයි මේ විදියටම ‍ලියන්න එපා,‍ට්‍රයිඑකක් දීපං තව ක්‍රමේක‍ට ලියන්නග

    ReplyDelete
  26. මරු බන් කියවන්න කියවන්න ආසයි.

    ReplyDelete
  27. මරු --- මරුවා

    ReplyDelete
  28. Meke oya hukalaa hukalaaa kiyala noliwwath me rasayama thiyanawa.
    E wachanaya nam anumatha kala noheka.

    ReplyDelete