Saturday, January 26, 2013

ඕ මයෙ දෙයියෝ OMG: Oh My God!

දෙවියන්ගෙ ආනුභාවයෙන් කලිං දාපු පෝස්ට් එක ඩිලිට් වුනා...ඒකෙ කමෙන්ට් කරපු අයෙගෙන් මම සමාව ඉල්ලනවා මගෙ නොදැනුවත් කම පිට ඒක බෝස් ගාල ඩිලිට් වෙලා ගියාට...


ලෝකයේ විශාලතම කුඩා අන්ත්‍ර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග සහිත ආහාර ජීර්ණ පද්ධතිය තියෙන්නෙ කිනම් අයටද කියලා ඇහුවොත්..මම නම් හිතන්නෙ ඒහෙම තියන්නෙ ස්කන්ධ කුමාරයාට..ස්කන්ධ කුමාරයා ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන්නෙ කතරගම. එයාට මුහුනු සයක් තිබෙනවා.ඉතිං මුහුනු සයක් තිබෙන නිසා ඔහුට කෑම කන්න ඉන්පුට් පෝට්ස් හයක් තියෙනවා..නමුත් මා දැක ඇති ආකාරයට එකම එක පස්සයි තියෙන්නෙ..ඒ කියන්නෙ එකම එක අවුට්පුට් එකයි ඇත්තෙ..අපි මොනතරම් ලස්සනට කිව්වත් කතරගම දෙවියන්ට විශාල ටොයිලට් එකක් නම් ඇති..ඇයි කටවල් සයකින් කන දේවල් එක තැනකින් අවුට් කරන්න එපායැ..


ඒ වගේම කොහොමද ස්කන්ධ කුමාරට පෙම් සිතුවිලි ඇතිවුනාම වල්ලි අම්මාට තියෙන සනීපය...මුහුනු සයකින් වල්ලි අම්මා සිඹින අතර අත් දොලසකින් අතගානවා..බට් එක ගැජට් එකයි තියෙන්නෙ..ඒක හොඳට ගියා නැත්තං එතන විනාසයි..මං හිතන්නෙ ඔය හින්දම වෙන්න ඇති ස්කන්ධ කුමාර වයිෆ්ලා දෙන්නෙක් යූස් කරන්නෙ.. මොකද එක්කෙනක් අතගාන අතර අනිකා සමග ඉතිරිය කරගන්න පැහැදිලිවම හැකියාව තිබෙනවා..
දෙවියන් වඳින්න පයින් එන පිරිසක්.. 
අපි එයාගේ මල්ලි ගැන පොඩියක් බලමු...මල්ලි ඇවිල්ලා ඝන දෙවියා..ඝන දෙවියා කියන්නෙ විභාග ජය පිණිස අපිට පාවිච්චි කරන්න පුලුවන් ටූල් එකක්..ඒ ඝන පූජා හරියට තිබ්බාම විභාග සමත් වෙන්න චාන්ස් එක වැඩිය ිකියලා මිනිසුන් අතර මතයක් තියෙනවා.. මේ ඝන දෙවියාට අලි හොඩක් තිබෙනවාඅලි මුහුනක් තිබෙනවා..දැන් අපි කලිං ස්කන්ධ කුමාරයා පෙම් කරන්නෙ කෝමද  කියලා කතා කලාට මටනම් හිතාගන්න වත් බැහැ ඝන දෙවියා කොහොමද සිප වැලඳගැනිම් කරන්නෙ කියලා...ප්‍රංශ ක්‍රමයට ඝන දෙවියන් සිප වැලඳගන්න දර්ශනයක් දැකපු කෙනෙක් ඉන්නවා නම් ලිංක් එකක් කොමෙන්ට් කරලා තියන්න ඈ..ඒ වගේම අලි හෙඩ් එක මනුස්ස බොටම් එකට ෆිට් වෙන හැටි පුදුමයි..

මං ඇතුලු මිත්‍යාදෘෂ්ඨික අමනයෝ මොනවා කිව්වත් මහ ලොකු උගත්තු පෝලිමෙ කතරගම යනවා දේවාල වලට යනවා..සමහරු ලංකාවේ දේවාල මදිවෙලා ඉන්දියාවෙත් ගිහින් වඳිනවා..

වෙලාවකට දෙවියන් ගැන පවු කියලත් හිතෙනවා..ඒ සමහර දේවාල වල කපුවන් ඉහල ඝනයේ සැප වාහන වලින් යනකොට කතරගම දෙවියන් තාමත් යන්නෙ පරණ මොනරා පිටේ...කොහොමද කතරගම පැත්තෙ දැඩි දූවිල්ලත් එක්ක මොණරා පිටේ යනකොට තියෙන සැප..ඒ නිසාමද මන්දා වාහන ගත්තාම මිනිස්සු කතරගම ගිහින් වාහන දෙවිය්නට පෙන්වලා එන්නෙ.. 

හිස අලියෙක් වගේ තියෙන කඳ මනුෂ්‍යෙයක් වගේ තියෙන ජීවියෙක්ට පැවැත්මක් නැහැ කියලා දහය වසරෙ විද්‍යාව ඉගනගත්තු කෙනකුට පවා තේරෙනවා...නමුත් ඊට වඩා ලොකු ජීව විද්‍යාත්මක දැනුමක් තියෙන නර්ස්ලා, දොස්තරලා ඉංජිනේරු මහත්වරු ආදි ලොකු උගතුන් කතරගම ඇවිත් මේ විකාරරූපි ඒ වගේම විකෘති සහිත දෙවියන්ට වඳිනවා..ඒ අය විශ්වාස කරනවා දෙවියන් සමඟ ඩීල් කලාම තමුංගේ ගැටලු වලට විසඳුම් එනවා කියලා.. 
දෙවියන් වඳින්නට හෙලිකොප්ටරෙන් යන පිරිසක්.. 
කොහොම වුනත් දෙවියන් සහ එහි ඇදහීම් ගැන විවේචනාත්මක නමුත් ධනාත්මකව සිතන සිනමාපටයක් මා බැලුවා. එය තුල දෙවියන්ගේ නියෝජිතයින්ට තිබෙන සමාජ වරප්‍රසාද ගැන දැඩිව ප්‍රශ්ණ කරනවා..විහිළු සහගත ලෙස නිමවා ඇතත් සමස්ථ සිනමාපටය තුල දිවෙන කතාව නම් විහිලුවක් නෙමෙයි.. 

ඒ සිනමාපටය ගැන විස්තර මෙතනින් බලාගන්න පුලුවන්.. 
ඒ ඕ මයි ගෝඩ් සිනපාටයේ සිංහල උපසිරැරසි මෙතනින් බලාගන්න පුලුවනි.. 
මේ සිනමාපටය විවිධ ප්‍රමාණයන්ගෙන් බාගත කරගන්නත් බයිස්කෝප් එල් එකේ අඩවිය අවස්ථාව දිලා තියෙනවා.. 

14 comments:

  1. දැක්කනේ දෙවියන්ට බනින්න ගිහින් උන දේ.....
    මම කලින් කළ කොමන්ට් එක හැකි පමණ සංශෝදනයෙන් ඉදිරිපත් කරන්නම්.
    මිනිසුන් තවමත් විඤ්ඤානවාදයට බරයි. විද්‍යාව කොපමණ දියුනු වූවත් කොණක හෝ ඉතිරිවෙන හිඩසකට විඤ්ඤානවාදය රිංගනවා. එය මිනිස් මනසේ තව බොහෝ කාලයක් ගතවන තුරුත් තදින් බැඳී පවතීවි.
    කෙටියෙන් මේ දේ කියන්නම් :- දෙවියන් විසින් මිනිසා මැව්වා නොව, මිනිසා විසින් දෙවියන් මවන ලදී.

    ReplyDelete
    Replies
    1. මං කියන්න ආපු ටික ඔක්කොම... හි හි...

      Delete
    2. Nirmalaa , විද්‍යාව මගින් සොභාදහම විධිමත් ලෙස හදාරනවා මිස විද්‍යාවේ හැදෑරීම් වලට අනුව ස්වභාවය පැවතිය යුතුයැයි සිතීම විහිලුවක්..කිසිවක් සැබැලෙස වර්ගීකරනය කල නොහැක අප කලයුතු වන්නේ පැවැත්ම විධිමත් ලෙස හැදෑරීම පමනි.භෞතිකවාදය විඤ්ඤානවාදය හුදු නාම මාත්‍රික වචන පමණි.....

      Delete
  2. යකෝ මං මේකට දාපුවා නෑනේ....දෙයියෝ ගිල්ලද බහිරවයා ගිල්ලද

    ReplyDelete
  3. මිනිසුන් මේ ලොවේ පවතිනතුරුම මෙම සංකල්ප පවතිනු ඇත.

    ReplyDelete
  4. දෙයියෝ මිනිස්සු ඉන්නකල්ම මිනිස්සුන්ගේ හිත්වල තිබේවී

    ReplyDelete
  5. ඔබ විවේචනය කරන්නේ ආගම් හා සම්බන්ද සාහිත්‍යමය ප්‍රකාශනයයි...දෙවියන් යනු සැබෑ ලෙස අපට දේවාල වල පෙන්වන රූප නොව වෙනස් මාන(dimensions) සහිත ශක්ති විශේෂයන් වේ.විශ්වය නිර්මානය වී ඇත්තේ ශක්තීන් මගිනි.සියලු පදාර්තයන් හා ජීවීන් ඇතුලු භෞතික ලෝකය නිර්මානය වී ඇත්තේ ශක්තීන් මගිනි.අයින්ස්ටයින් E=MC^2 මගින් පදාර්තය හා ශක්තිය අතර සම්භන්දය ඉදිරිපත් කර ඇත.විශ්වයේ ඉහල මාන සහිත බොහෝ ජීවීන් සිටිති. සරලව කිවහොත් දෙවියන් ලෙස සාමාන්‍යමිනිස්සුන්ට හඳුන්වා දී ඇති රූප සැබෑ දෙවියන් නොවේ.දෙවියන් යනු විශ්වයේ පවතින high vibration creative or destructive energies වේ.හින්දු දෙව් රූප යනු දිව්‍ය ශක්තීන් හි සාහිත්‍යමය ස්වරූපයන්ය.හිස් දහයක් ඇති රාවනා යනු සැබැලෙසම ඔහුගේ බුද්ධි ප්‍රභාවය සාමාන්‍යය අයෙකුගේ මෙන් දස ගුනයක්ය යන්න හුවාදැක්වීමට යෙදූ උපමාවකි.සිදුහත් කුමාරෝපත්තියේදී නෙලුම් මල් පිපීමද ඔහුගෙ පාරිශුද්ධත්වය හා නිර්මල භාවය දැක්වීමට එලෙස යෙදූ සාහිත්‍යමය අතිශයෝක්තියකි.අප තුලද දෙවියන් සිටී.යම් යම් යෝග භාවනා ක්‍රම තුලින් දේවත්වය ඉක්මවා යන බලයක් අපතුලද ගොඩනංවා ගත හැක.විද්‍යාව මගින් සොභාදහම විධිමත් ලෙස හදාරනවා මිස විද්‍යාවේ හැදෑරීම් වලට අනුව ස්වභාවය පැවතිය යුතුයැයි සිතීම විහිලුවක්... බොහෝ අයට වරදින්නේද එතනයි.

    ReplyDelete
  6. ෆිල්ම් එකනම් බැලුවෙ නෑ බං.. කතන්දර ටිකනම් ඇත්ත..

    හැඹැයි සුරන්ගනා කථා කැටගරියට දාගත්තහම් මෙව්ව සිරාම නිර්මාණ
    කතරගම දෙය්යන්ගෙනුයි .. ගන දෙවියන්ගෙනුයි වැඩිමල් කවුද .. මන් අහල තියන විදියට ගණ දෙය්යෝ වැඩිමල්

    ReplyDelete
  7. කෝ දාපු කමෙන්ට් එක ??

    බලපු හොඳම සමාජීය චිත්‍රපට වලින් එකක් !

    ReplyDelete

  8. හැමදාම වගේ මන් උබේ රසිකයෙක් මචන්.
    එල ඩිරෙක් ටෝක් එක.දේවාල නම් බයිලා බන්.
    මන් නම් ජීවිතේට කතරගම , සීනි ගම , මුන්නේශ්වරම්
    වගේ මගුල් වල රිංගල නැහැ..
    ඒකමද මන්ද හෙන හත වැදුනේ...

    ReplyDelete
  9. මේක ලියපු අති විශාල බටහිර විද්‍යා දැනුමක් ඇති අයියෙ..... මට නම් සෑහෙන්න බයයි. ඔයා ඔය දැනුම මේ ලංකාවෙ ඉන්න අපි වගෙ පොඩි උන්ගෙ ඔලු වලට දාන්න ඔනෙ........ ඒක සෑහෙන්න වටිනවා.......... මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා.. ඇහුවට කමක් නැද්ද මන්ද? ඒ උනාට කරන්න දෙයක් නෑ අහන්න වෙනව...
    [දෙවියෝ නම් පිරිසක් සත්‍ය වශයෙන්ම ඇත්ද?
    ඇත්නම් එය දැනෙන්නේ ඔබේ කිනම් ඉන්ධියට ද?
    අපගේ ඉන්ධියට දැනෙන සියලු දේ පරම සත්‍ය යැයි ඔබට සහතික කල හැකිද?
    ඔබ දෙවියන් නැතැයි කියන්නේ හුදු සාමාන්‍ය පෙළ විද්‍යා දැනුමෙන් පමනක් ම ද?]
    උත්තරයක් ලබෙන තුරු ආසවෙන් බල සිටිමි

    පසන්

    ReplyDelete
    Replies
    1. ඔය අපේ සාදුලාට එන ජාතියෙ කොමන් ගැටලුවක්..
      ඉන්ද්‍රියට දැනෙන නොපෙනන ගොඩාරියක් දේවල් විද්‍යාවෙත් තිනෙවා.
      නමුත් ඒවා තිබෙන බවට කිසියම් හෝ සාධක ඔප්පු කරන්න හැකියාව තිබෙනවා.
      උදාහරණ විදියට එක්ස් කිරණ තියනවා කියල පෙන්වන්න එක්ස් කිරණ පේන්න ඕනිනැහැ...

      විද්‍යාත්මකව දෙයක් තියෙනවා කිව්වොත් ඒකට අදාල පරීක්ෂණය ලෝකෙ ඕනිම තැනකදි සත්‍ය වෙන්න ඕනි.. මට ඔය දෙයියො ලව්ව එක ගඩොල් කැටයක් උස්සල පෙන්වන්න.. ලොකු සබාවක් ඉස්සරහ..ලොකු පිරිසක් ඉස්සරහ මොකුත් කරන්න දෙයියො උත්සාහ නොකරන්නෙ ඇයි? එයා බයද?

      ආගම කියන්නෙ ලෝකෙ තියෙන සරුම මාකට් එකක්. ඒක විකුනගන්න එක එක ජාතියෙ මිනිස්සු විවිධාකාර ක්‍රම යොදාගන්නවා.. ඔය දෙයියො කලා කියන කිසිම දෙයක් ආයෙත් තව තැනක ඒ විදියටම පෙන්වන්න හැකියාවක් නැහැ..ඒ වගේම ඒ දේවල් එකින් එක අරගෙන විස්තර කරන්නත් බැහැ...

      විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙමෙයි. නමුත් දෙවියන් සහ අදෘෂ්‍යමාන බලවේග කියන්නෙ අපේ මානසික හිඩැස සම්පූර්ණ කරන්න ආපු සංකල්ප කිහිපියක් විතරයි.

      Delete