පසුගිය සති අන්තෙ මම යාලුවොත් එක්ක කල්පිටි ගියා ඩොල්පින් බලන්න. අපිට ඩොල්පින් නම් බලාගන්න බැරිවුනා. මුහුද රලු නිසා ඩොල්පින් බලාගන්න චෑන්ස් එක ලැබුනෙ නැහැ. ඒත් හොඳ විනෝදයක් ලබාගත්තා මුලින්ම අපිට උදව් කරපු සංචාරක මගපෙන්වන්නා ගැන කියලා ඉන්නම්.
අපි ගියේ කල්පිටි කල්පිටිය කියන එකට ගිහින් එතන ඉදලා මූදෙ තමයි තල්මසුන්, ඩොල්පින් බලන්න යන්නෙ.
නවිඳු බෝට් ටුවර්ස් තමයි ඒ බෝට්ටු සේවෙ නම.
කොන්ටැක් නම්බරේ වෙන්නෙ 077 480 49 55
මේ කියන අයියාගේ නම කීර්ති. එයා දෙමලයි සිංහලයි භාෂා දෙකම දන්නවා. ඒනිසා මුස්ලිම් ටැමිල් යාලුවන් එක්ක වුනත් එහෙට යත හැකි.හය දෙනෙක් යන බෝට්ටුවකට සාමාන්‍යයෙන් බෝට්ටු ටුවර් එකට විතරක් රුපියල් පාලෙොස් දාහක් විතර යනවා.
මේ ඉන්නෙ එයා තමයි එයා අපිට ඩොල්පින් ඉන්න තැන් පෙන්වලා දුන්නා. ඒත් ඩොල්පින් නම් හිටියෙ නැහැ. මෙයාල අයිති වෙන්නෙ ජී පී එස් තියාගෙන ලොකේෂන් හොයාගන්න දත කන වර්ථමානයට නම් නෙමෙයි. සෝක් එකට මූද දිහා බලාගෙන හතර වටේම මූද තිබුනත් අවශ්‍ය දිශාව හරියට මීටර් කරගන්න පුලුවනි මෙයාලට..ඒක බැලු බැල්මට පුදුමාකාරයි. එයාගෙන්ඒ ගැන ඇහුවාම කිව්වෙ..දැන් කොළඹ ගිහිල්ල අපිව දැම්මොත් අපිට පාරවල් හොයාගන්න බැහැ..ඒ වගේමේ මූදෙ පාරවල් ඔයාලට හොයාගන්න බැහැඒත් අපිට හොයාගන්න පුලුවනි.
ලංකාවෙ සිතියම අඳිනකොට මන්නාරමට යටින් අපිට අඳිනකොට මල පනින කොටසක් තිබෙනවා. ඒ කොටස තමයි කල්පිටිය. ඒ කලපුව තමයි පුත්තලම් කලපුව. ලංකාවට පිටින් වගේ තීරුවක් විදියට දෙපැත්තම මුහුද තියෙන කොටසක් තමයි කල්පිටිය කියලා කියන්නෙ. මේ මල් තිබුනෙත් කල්පිටි යන අතරමග තමයි. වෙරලබඩ කලාපයට අයත් වෘක්ෂලතා ආදියෙන් මේ බිම පිරිලා තියෙන්න ඕනි වුනත්..අද වෙනකොට සංචාරක කර්මාන්තය සහ ජනාවාස නිසා ස්වාභාවික පරිසරයක් නම් දකින්න ටිකක් අමාරුයි. ඒත් කලපුව දෙසට වන්නට නම් යම්තාක් දුරට ස්වාභාවික පරිසරය ආරක්ෂා වෙලා තිබෙනවා.
අපිට දැකගන්නට ලැබුන එක් වටිනා දර්ශනයක් තමයි මේ පොකිරිස්සො. පොකිරිස්සො මරන්නෙ නැහැ. පණපිටින් අල්ලලා පණ තියෙද්දිම තමයි වෙළඳාම කෙරෙන්නේ. මූව එක් මනුෂ්‍යයෙක් අරගෙන ආවා. ඉන් පස්සෙ හොඳට පිහිදාල කාරිය තරාදිය උඩින් තියලා කිරුවා. මුගේ මුදල් වටිනාකම රුපියල් පන්දාහකට ආසන්න වෙනවා කියලා තමයි මේ අයියලා කිව්වෙ. අපි හිමීට ඔලුව දාල තුන් සක රිය ඇතුල බැලුවා. මෙන්න තුන් සක රිය ඇතුලෙ පොකිරිස්සෙ ාෙගාඩක්..වොල් පේපර් එකක් දාන්න පුලුවන් තරම් ලක්ෂන පොකිරිස්සො ගොඩක්. එක අතකින් පව්. අනික් අතින් මේක තවත් කෙනකෙුගේ කර්මාන්තයක්..
මේ ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතවත් මුහුදෙත් ධීවර කර්මාන්තය කෙරෙනවා. දෙමල මුස්ලිම් සිංහල බේධයක් නැතුව ඒ අය සමගියෙන් ඉන්නවා ඇති කියලා මට හිතුනා. අපි එක්ක ගිය සගයා නම ්බාසා දෙකම දන්නවා. ඒකට අපි? පොස් වෙන්න ඕනි නිසා ඉංගිරිසි වචන දෙක තුනක් වනාගන්න හැක ිවුනාට අපි ලංකාවෙ දෙවන බස වෙන දෙමල දන්නෙම නැහැ. දෙමල දන්නවා නම් අපිට තියෙන පස්න ඔක්කොම එකයි කියලා අපිට කතා කලාම වැටහෙනවා..එතකොට අපිට අර දෙමල මුස්ලිම් අය දැක්කම හිතට එන විරෝදී ආකල්පය අඩු වෙයි කියලා මට හිතෙනවා..
මේ වෙරළබඩ පරිසරයට අනුවර්ථනය වුන පොඩි පැලෑටියක්. මේක බටු ගහක්ද මන්දා..බොහොම පොඩි එකක්. වෙරල කලාපයට සුදුසු විදියට කටු ආදිය පිහිටලා තියෙනවා.අපි වාහනෙන් බැහැලා බෝට්ටුව දක්වා යන ගමනෙදි තමයි මේ කටු ගහ මට හමු වුනේ..
කන්ඩායමක් බෝට්ටුවට නැගලා ඩොල්පින්, තල්මසුන් සහ කොරල් බලන්න යන්න සූදානමින් ඉන්නවා. බෝට්ටුව බාර මාමලා තාම එන්ජිම පනගන්වලා නැති විදියක් තමයි පේන්න තියෙන්නෙ. එදා මුහුද තරමක් රලු දවසක්. අපේ චාරිකා සංවිධායක කීර්ති අයියා අපිට සිංහලෙන් කිව්වා අද ගියාට අපිට බලන්නෙ වෙන්නෙ පොඩි සීමාවක් විතරයි කියලා. ඒත් අිප කීර්ති අයියා අපිට උපදෙස් දුන්න විදියට මූදු යන්නෙ නැතුව කලපුවට ගිහින් ඒකෙ ඉන්න කලපු ඩොල්පින්ව බලලා එන්න කැමති වුනේ නැහැ. අපි ආවෙ මූද මැද ඉන්න ලොකු තල්මසුන් ඩොල්පින් ලා බලන්න . ඒ නිසා අපි තරමක් රලුයි කියලා ඇස් වලට පේන්නම තිබුනත් මූදටම යන්න තීරනය කලා...
මුහුද රළු වුන නිසා ගමන නිකං පොඩිකාලෙ මෙරිගෝ රවුම මාරක ලිඳ බලන්න ගියාම ලැබෙන හැඟීම අපිට දැනෙන්න ගත්තා. එකපාර යන බෝට්ටුව රල ගෙඩියක යට වදිනවා. ආයෙත් උඩ එනවා පහල යනවා. ඒ මැදින් සූ ගාල බෝට්ටුව ඉදිරියට යනවා. රළු අවස්ථාවක මූදු යනවා කියන්නෙත් එක්තරා සැර ආතල් එකක්. අපි එක්ක අල්ලපු රටේ උන් ( ඉන්ඩියන් කාරයො ) දෙන්නකුත් ගියා. උන් දෙන්නටත් ලයිෆ් ඔෆ් පයි මතක් වුනාලු. ලයිෆ් ඔෆ් පයි ෆිල්ම් එකේ තියෙන්නෙ මූද මැද කුනාටුවක් නිසා අතරමං වෙන ඉන්දියානු තරුණයෙක් ගැන.
මෙ ්ඉන්නෙ අපෙ රියදුරු මහත්තයා. මෙයා ඉදිරිය බලාගෙන බොහොම සීරුවට බෝට්ටුවේ එංජිම හසුරුවන වැඩේ කලා. වැඩිය කතාවක ්බහක් නැහැ. සමහර විට දෙමල තරුණයෙක් වෙන්න ඇති. ගමනටම මේ මනුස්සයා අපේ සංචාරක මගපෙන්වන්නා වන කීර්ති අයියා සමග කතා කලා මිස අපි එක්ක වැඩිය ඇයි හොඳයියක් දැක්කුවෙ නැහැ.මිනිහාට නම් නියම ධීවර ලුක් එකක් තියෙනවා කියලා තමයි මට හිතුනෙ.
වෙරළින් ඈතට යනකොට අපිට ගොඩබිම දර්ශනය වෙන්නෙ මේ ආකාරයට. මේ කල්පිටි වෙරලෙන් අපි නැග්ග තැනින්බෝට්ටුවට නැග්ගාම පැති දෙකකින් අපිට මූද පේනවා. මොකද කල්පිටිය කියන්නෙ මුහුද දෙපැත්තෙන්ම ගොඩබිම් තියෙන සීමාවක්..
මේ හරියෙ මූද බැලුවාම පේනවා ඇති පාට දෙකක් තියෙනවා. ටිකක් නිල්පාටයි ඈතට යනකොට කොළපාටයි. ඈත ගැඹුරු මුහුද පරණ භූමිතෙල් තරම්ම නිල්පාටයි. නොගැඹුරු මුහුද දුඹුරුපාට සහ කොළපාටට පේනවා. ඈත මූදට ගියාම ඒ නිල්පාට අපිව බයකරනවා සැඩපාරත් එක්ක. යාලුවෙක් නම් කිව්වෙ ගැඹුරු මුහුදු පතුලට හිරු එලිය නොවැටෙන නිසා ඒ වතුර ඒ තරම් තද නිල්පාටට පේනවා කියලා. මාත් දන්නවා වගේ ඔලුව වැනුවාට මට නම් ඒ හරුපෙ හරියට තේරුන් නැහැ.
අපි කලපුවට ගිය හැටි..කොරල් බැලුව හැටි ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා. බාගෙදා ඔය හිතං උන්නට කම්මැලි කම නිසා ලියවෙන එකකුත් නැහැ. කොහොම වුනත් දවසෙන් සැර ආතල් එකක් ගත හැකි හොඳ චාරිකාවක් තමය ිකල්පිටි වෙරළ බඩ බෝට්ටු චාරිකාව.

අර පොකිරිස්සෝ ටික දැක්කම මේ දැන්ම කල්පිටිය යන්න හිතුනා.
ReplyDeleteමට මතක විදියට ලංකාවේ පොකිරිස්සෝ ලාභෙට ගන්න පුළුවන් වුනාට රසට උයන ප්ලේස් හොයා ගන්න අමාරුයි.
ඊට යටින් තියෙන ෆොටෝ එක නම් කටු වැල් බටු වෙන්න ඕනේ. සිංහල බෙහෙත් වලට ගන්නේ. (කොහෙද මාත් කාලෙකින් පැලැටි ගැන ඉගෙනගත්තේ නෑ.)
මේ කියන බෝට් සර්විස් එක ඕනේම් වෙලාවක එතනට ගිහින් වෙන් කරගන්න පුළුවන්ද කියලාත් දන්වන්න පුළුවන් නම් හොඳයි.
බැහැ කලින් කතාකරලා වෙන්කරගන්න වෙයි..
ReplyDelete15000ට පැය කීයක් විතර යනවද බං වතුරෙ
ReplyDeleteහොඳ විස්තර ටිකක් අමිල ...ගොඩක් දෙනෙක්ට
ReplyDeleteවැදගත් වේවි ...පින්තූර ටිකත් ලස්සනයි ..පොකිරිස්සොත්
පව් ..ඒත් රසට ඇති .පව වගේද රස .:P
( පුද්ගලිකව මම නම් මස් මාළු කනවා බොහොම අඩුයි .
මගේ සද්ගුණවත් ප්‍රතිරූපයට හානියක් වෙන්න පුළුවන්
නිසයි අමතර පැහැදිලි කිරීමක් කරේ ඈ .අහ් මතක ඇතුව
මීළඟ දේවල් ටිකත් දාන්න අමිල ..ඕව ගැන දැනගන්න ලැබෙන
එක වටිනවා .)
පොකිරිස්සො නොකා හිටියොත් මනුෂ්‍යයො,එවුන් දාන බිත්තර වල හැටියට ගොඩබිමත් ආක්‍රමණය කරල.
Deleteපොකිරිස්සෝ කකුළුවෝ උනත් මරන්නේ නැතුව තමයි
Deleteඋයන්නේ ..නැත්නම් මස් දියවෙනවා ඉව්වම ..උයද්දී
මැරෙන එක වෙනම කතාවක් ..
හ්ම්ම්ම් මෙහෙමයි කෙන්ජි අයියේ ඇත්තටම ඕව නවත්තන්න
බැහැ ..කන කෙනා කනවා ..මම නම් ඒකට විරුද්ධ නැහැ මම
නොකෑවට ...මහා ලොකුවට පව් පින් ගැන සලකන්නේ නැහැ
දැන් මම ..අන්තිමට ඇති දෙයක් නැහැ වගේ දැනෙනවා ..
ඔන්න ඇරියා කෙන්ජියගෙ ගොන් කට....
Deleteපොකිරිස්සන්ගෙ බෝවීම පාලනය කරන්න උන්ව කනව කියන එක නම් විහිලුවක් නේ?මොකද අපේ මුස්ලිම් සහෝදරයො ඔච්චර ලමයි හදනව කියල අපි ඒගොල්ලන්ව කන්නෙ නෑනෙ.
Delete(ඔබේ තර්කය වැරදි බව පෙන්වීමට දැමූ කමෙන්ටුවක් පමනී)
අමිල අපුරුම සංචාරක සටහනක්... මමත් ඔය අද්දැකීම ලබා තිබෙනවා ඉතා හොදින්.. ඒ නාවුක හමුදාවට පින් සිදුවෙන්නයි...බත්තලං ගුන්ඩුව පැත්තේ ගියේ නැතෙයි.
ReplyDeletemamat yana hitagena inawa.
ReplyDeleteJayawewa
My coder is trying to persuade me to move to .net from PHP.
ReplyDeleteI have always disliked the
idea because of the expenses. But he's tryiong none the less. I've
been using WordPress on numerous websites for about a year
and am anxious about
switching to another platform. I have heard very good things about blogengine.
net. Is
there a way I can import all my wordpress content into it?
Any help would be really appreciated!
Feel free to visit my homepage ... handmade solar powered heating
මෙන්න ඉහළ කෙමෙන්ටුවෙන් රොබට මෙතැනටත් විදලා..... මේක මල ඇනයක්.. ඹය දැමිල්ල නවත්තගන්න විදියක් දන්නවනං කියාන්ඩෝ..
ReplyDelete