Saturday, May 11, 2013

ටවුන් එකෙනුත් ඩවුන් යන පුල්සේ (After down town pulse)

ලංකාවෙ සංගීතය ආකාර තුන හතරක් ගන්නවා..
  1. එළිමහන් වේදිකා මෙගා සංගීතය..(Outdoor music)
එළිමහන් වේදිකා වල සිංදු කියන ගායකයින් සහ සංගීත විදිය මේ විදියට හඳුන්වන්න පුලුවන්. මේ යටතේ ජනප්‍රිය ගෲප් විශාල සංඛ්‍යාවක් බිහි වෙලාතියෙනවා. ඒ වගේම ජනප්‍රිය වෙච්චි සම්ප්‍රදායකුත් එ රටාවට තියෙනවා. කොහෙත්ම වත්මන් බටහිර සංගීත ශෛලින් වලට අයිති යැයි කියන්න බැරි අතිශය ග්‍රාම්‍ය බීට් එක රිදම් එක මත පමණක් පදනම් වෙච්චි කොත්තු බාස් මියුසික් ඉස්ටයිල් එකක් විදියට එළිමහන් වේදිකා වල මෙගා සංගීත ශෛලිය හඳුන්වන්න පුලුවනි. රට වටා තිබෙන සංගීත සංදර්ශන. සංගීත උපකරණ හා වචන එකතු කොට ගයන ගීත. කෑ කෝ ගැසීම් විවිධ සංදාර්ශනාත්මක යෙදීම් මෙම සම්ප්‍රදායට අයිති දේවල් ලෙස දකින්න පුලුවන්.

2. ඇතුලත වේදිකා සංගීතය.(Indoor music)

ශාලාවක් ඇතුලත හෝ යම් කිසි කොටුකරගත් අවකාශයක පවත්වන සංගීත සංදර්ශන හා ඒ ගීත සංගීත විදිය මේ විිදයට හඳුන්වන්න පුලුවන්. මේ ක්‍රමයේ විශාල පූර්වජයෙක් ලෙස වික්ටර් රත්නායක හඳුනාගත හැකි අතර සුනිල් එදිරිසිංහ, නිරෝෂා, අමරසිරි පීරිස්, කසුන් කල්හාර වැනි බොහෝ පිරිස දැන් ශාලා ඇතුලත පවත්වනු ලබන සංගීත ගිත සාජ්ජ වලට යොමු වෙලා තියෙනවා. ඒ හරහා ප්‍රේක්ෂකයාට එළිමහන් වේදිකා වල තියෙන සංගීත සංදර්ශන වලට ගෙවන ගානට වඩා විසාල ගානක් ගෙවන්න ලැබුනත්..වාඩිවෙන්න පුටුවක්, කැරකෙන ෆැන් එකක්, ටිකක් හොඳ තත්වයේ සංගීත තත්වයක් විඳගන්න අවස්ථාවක් ලැබෙනවා. සත්‍ය වශයෙන්ම මේ ඉවන්ට් වලට  ලොකු මුදලක් දිලා ගියත් ඒ මුදලට සරිලන වින්දනය ලැබෙනවාද කියන එක ගැටලුවක්. ලොකු මුදලක් වියදම් කිරීම මත ඒක ලොකු දෙයක් කියලා හිතෙන් හිතාගෙන හීනමානෙන් ගොඩක් අය මේ ජාතියෙ ඇතුලෙ ප්‍රසංග බලන්න යන වෙලාවලුත් තියෙනවා.

3. ඩිජිටල් සංගීත (Digital music)

අලුතින් ඇවිල්ලා කිව්වට මේක අලුත් නැහැ. භාතියලා විසින් හඳුන්වා දීලා ඉරාජ් විසින් දියුනු කරාල සෙන්ටිග්‍රේඩ් වැනි අය විසින් ලොකු කරා යැයි සලකන සංගීත සම්ප්‍රදාය අපිට ඩිජිටල් සංගීත සම්ප්‍රදාය විදියට හඳුන්වන්න පුලුවන්. මිනිහෙක් කියන චරිතය ඩිජිටල් යුගයේදී තව දුරටත් ලොකු පපුවක්, ලස්සන සරීරයක්, පෞරුෂයක්, නායකත්ව හැකියාවක්, පොරක් කියන භෞතික චරිතයක් වෙන්න අවශ්‍ය නැහැ මේ යුගේදි. කොම්පියුටරයෙන් ජිල් මාට් ටිකක් දාල ඒ ටික සල්ලි දීල ගොඩදාගන්න හැකි නම් ඒ අය මේ ක්‍රමය තුල පොරවල් වෙනවා. පිටරට අපි අහපු නැති හෝ අහලා අඩු සංගීත කෑලි ගෙඩි පිටින් අරගෙන සිංහල වචන දාලා පෙරලලා සිංදු හදලා මාකට් කරන එක තමයි මේ ඩිජිටල් කට්ටිය සංගීත විප්ලවය කියලා කියන්නෙ.. ඒක ඒ විදියටම ගිල්ලවන්න සුදුසු මාධ්‍යමය රාමුවකුත් මේ අයට තියනෙවා..

මේ තුනට අමතරව බස් සංගීතය. පැරණි ජෝති ටයිප් සංගීත ආදි සංගීත කොටස් පැවතුනත් සමාජය පුරා මේ ඉහත කියන සංගීත කොටස් තුනට යටවෙච්චි සංගීත කලාවක් සිරි ලංකාව තුල පවතිනවා. කෙනෙක් කියන්න පුලුවන් මේ විවේචනය කරනවා තරම් ලේසි නැහැ ඔය මොක කරන්නත් කියාල.. ඔව් හැමදේම කරන්න අමාරුයි. ඩිජිටල් මියුසික් වුනත් හිතන තරම් ලේසි සහ සිම්පල් නැහැ. අමාරුයි. මිනිස්සු හොර චන්ද දානවා..හොර චන්ද නොදාන අය හිතන්නෙ ඒක පට්ට සිම්පල් කියලා..ඒත් දාන එකා තමයි ඒකෙ ආතල් එක දන්නෙ. සමාජයේ හොඳ නරක ඇල්වතුර ටයිප් ඕනිම වැඩකට මහන්සි වෙන්න ඕනි. නමුත් මහන්සි වෙලා කට්ට කාල කල පලියට හැම එකක්ම හොඳයි කියාල අපිට පිළිගන්න බැහැ.

ඔය අතර ලංකාවෙ ඉස්මතු වෙනවා අලුත් සංගීත කලාවක් වගේ එකක අංකුරයක්. අංකුරයක් කියන්නෙ අංකුරයක් මිස කොහෙත්ම පැලයක් නම් නෙමෙයි. මේ සම්ප්‍රදාය දිවෙන්නෙ මහා සමාජයේ ජනමාධ්‍ය මත නෙමෙයි. හන්දි ගානෙ රගදක්වපු වීදි නාට්‍ය මත, හුදකලා තැන්වල තියපු ප්‍රසංග මත ගොඩනගාගත්ත ඒ විකල්ප සංගීතයට අදාල සිංදු ආදිය යූ ටියුබ් ආදියේ දකින්න ලැබෙනවා. දැන් මනුපොතේ පවා සෙයා වෙනවා. ගිටාර් එකක් බෙර කෑල්ලක් ගගහා කඨෝර නාදයෙන් කරන ඒ සංගීතය අර ඉන්ඩෝර් හෙවත් ඇතුලත සංගීතය අහන අයට නම් මහ ගෝෂාවක් වෙන්න පුලවන්.

නමුත් තමුංගේ නිර්මාණ සුපිරි සමාජයට විකුනගන්න බැරිවුන හෝ විකුනගන්න උවමනාවක් නැති සෙට් කිහිපයක් හුදකලා සටනක නිරත වෙලා අමුතු ස්ටයිල් ටිකක් අපිට ඇහිච්චි නැති ඉස්ටයිල් ටිකක් අපේ කංවලට දෙන්න පොඩි උත්සාහයක් ගන්නවා. ඒක ප්‍රසංසනීයයි.

පසුගිය මාසෙ හය හෙවත් අප්‍රෙල් 6 මහල්වරාව බේකරි හන්දියේඒ වගේ මියුසික් ප්‍රසංගයක් තිබුනා.මං ඒකට ගියා.ඒ සම්ප්‍රදාය හොඳයි කියාල හිතුනා. ඒත් එයාල අපිට ටිකට් දුන්නෙ නැත්තේ ඇයි. කියන එක මට ගැටලුවක්. සංගීත කාරයො වුනාට එයාල විකුනන්න හැදුවෙ සිංදු නෙමෙයි පොත්. සංගීත කාරයො නම් විකුනන්න ඕනි පොත් නෙමෙයි සිඩීහෝ වීඩියෝ තැටි. සංගීතය කරන අයගේ ප්‍රධාන මාධ්‍යය වෙන්නෙ රූපය සහ ශබ්ධය..එ දෙකෙන් ඈත් වෙලා පත්තර වල, ඉන්ටනෙට් එකේ, පොත් වල එයාලගේ ටෝක්ස් ගොඩක් මට දකින්න ලැබුනා. ඇයි එයාල එහම කරන්නෙ කියන එක ගැටුලුවක්.

බොහොම අලුත් සිංදු ටිකක් සෝ එකේ තිබුනාට තවම ඒවාගේ යූ ටියුබ් වීඩියෝ වත් එලියට දීලා නැහැ. ඒ ගැන කිසිම උනන්දුවකුත් නැහැ. ඒ ප්‍රසංගය තියපු කන්ඩායමම එකතු වෙලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්ත නම් බොහොම සාර්ථක වෙන්න තිබුනා. නමුත් එයාල මහ මනෝරාජික සිහින ලෝකවල දවල් හීන දකින සෙට් එකක් මිස පොලොවට බැහැලා තමුංගේ සිංදු මිනිස්සුන්ට ගෙනියන්න උත්සාහ කරන බවක් නම් මට පෙනුනෙ නැහැ.

අජිත් කුමාරසිරි ඒ අයට පොරක්. නමුත් අජිත්ගේ සිංදුවක් යු ටියුබ් වල කී දෙනාද බලලා තියෙන්නෙ.. ඊට වැඩි ගානක් බස් අජියගේ සිංදු යූ ටියුබ් එකේ ජනප්‍රිය වෙලා තියෙනවා. බස් අජියා කියන්නෙත් සුපිරි අනුග්‍රහයක් ලැබෙන බුවෙක් නෙමෙයි. මාධ්‍ය වලිං තැනකට වැද්ද නොගන්නා පත්තර වල විස්තර  අඩු අදෝනා කියලම යාන්තං ගොඩ ගිය සංගීත කාරයෙක්. නමුත් බස් අජියා දැනගෙන හිටියා තමුංගේ ගොඩ යෑම තියෙන්නෙ මිනිස්සු අතරට තමුංගේ නිර්මාණ යන එක මත කියලා.

අපි මොන විප්ලව මොන මතවාද දරාගෙන හිටියත් අපිට ඒවා මිනිස්සුන්ට ගෙනියන්න බැරිනම් අපි අසාර්ථකයි. ඩවුන් ටවුන් පල්ස් ගැන රාවයේ, තරුණයා පත්තරේ ගියාට වැඩක් නැහැ. මොකද එයාලගේ සිංදු අපිට මිලදී ගන්න හොයාගන්න තැනක් ලොවෙත් නැහැ. ගොලුව දැකපු හීනෙ වගේ අදහසක් එනවා ඇත්තෙ ඈත ගමක මිනිස්සුන්ට් ඒ මියුසික් ගෘෘප් ගැන පත්තර වල තියෙන ලිපි දැක්කාම.

අද දුප්පත් තරුණයො ඉදලාම සිංදුවක් කලාම තමුංගෙ සිංදුව අනික් අයට අස්සවන්න පස්ට ගේමක් දෙනවා. බස් ගානෙ ගිහිං සීඩි බෙදනවා. යූටියුබ් චැනල් හදනවා. පේස්බුක් දානවා. අනේ ලයික් දාපං කියලා අඩා වැටෙනවා. ඒ අඩාවැටීම මහ කුජීත නිවට දෙයක් විදියට අපිට පෙනුනාට එයාල ඒ කරන්නෙ කලින් එයාලට තියෙන තැන හදාගන්න එක. මොන දේ කරන්නත් තමුංගෙ නිර්මාණ මිනිස්සු දැනගෙන ඉන්නවත් ඕනි.. මුලින් අපි අඩන ඇඩිල්ලට අපේ වදේට මිනිස්සු මියුසික් වලට ආවට පස්සෙ ඒ අයම අජිත් කුමාරසිරි, ගීතදේව, අමිල සඳරුවන් සර්ච් කරගෙන ඒවි.

අමිල ගීතදේව, අජිත් කුමාරසිරි කියන්නෙ වර්ථමානයේ ඉන්න ජනප්‍රිය යැයි කියාගන්න අය මට්ටමටම යම් කිසි හැකියාවන් රැසක් තියෙන පුද්ගලයො කිහිප දෙනෙක්.මම නම නොදන්න අනෙක් ඩවුන් ටවුන් පල්ස් වලට ආපු අයත් හෙමයි. නමුත් ඒ අයගේ ගීත සමාජ ගත කරන්න එයාලට තියෙන කම්මැලි කම ගැනනම් කියලා වැඩක් නැහැ.ලෝකෙ මොනම සමාජ විප්ලවයක් වත් බන්දේසියෙ තියලා වෙසක් දන්සලේ බීම බෙදන්න වගේ බෙදන්නෙ නැහැ..ඒ තැන තමාම හදාගන්න ඕනි...එහෙම අලුත් තැනක් හදාගන්න වෙහෙසෙන්න පටන් ගන්නකොට මේ සයිබර් හරහා සහ සමාජය හරහා සිටින විකල්ප වලට ආස තරුණයො එකතු වේවි. ඒ එකතුව අලුත් අලුත් නිර්මාණ කරන්නට නව ජවයක් ඒ අයට ලබා දේවි.

මේ දෙහි කැපිල්ලෙන් පස්සෙවත් ඩවුන් ටවුන් පල්ස් වල කියපු සිංදු ටිකේ වීඩියෝ ටික යූ ටියුබ් දාවි කියලා හෝ ඒවා අපිට මිලදි ගන්න පුලුවන් තැනක් විදියට  හදල දෙයි කියලා පොඩි විශ්වාසයක් මට තියෙනවා. එහෙනං කියන්න දෙයක් තියේනං කොමෙන්ට් ඇතුලෙ කියලා යන්න..

මේ ගීතදේවගේ චන්ද්‍රමුඛී කියන සිංදුව පහල තියෙනවා කැමති අය අහලා යන්ට ඈ..මම විකල්ප මියුසික් කියල මෙතෙක් කිව්වෙ මේන්න මේ වගේ සිංදු වලට.. ඕ කේ..

37 comments:

  1. බස් අජියා කාලයක් හොද තැනක හිටියා. එකම රැල්ලෙ ඉදන් අනා ගත්තා. කිංස්ලියත් ඒකම කරගත්තා..

    හොද ලිපියක්.

    ජය !

    ReplyDelete
    Replies
    1. උඹ මොනවද මේ ලියලා තියෙන්නේ? බස් අජිත්ලා කිංස්ලිලා මතක් උනේ කොහොමද මේ ලිපියෙන්. මට හිනාවෙන්නද අඩන්නද කියල හිතගන්න බෑ. අමිල උඹේ ලිපි කියවන්නේ මේ වගේ උන්. ඩවුන්ටවුන් පල්ස් ගැන නෙමෙයි බස් අජිත්ලා ගැන ලියපන්.

      Delete
    2. මු කවදාවත් හැදෙන්නේ නැති හදන්නත් බැරි විලිලජ්ජාව කියන දේ ගෑවිලාවත් නැති ටොම්බ කබ්බෙකු බව කීමට මේ කමෙන්ටුව තරම් තවත් දෙයක් වේද ? කතන්දරකාරයා වරක් ලංකාවේ පත්තර කලාව ගැන පලකල පොස්ටුවක මුගේ අප්පොච්චිගේ පත්තර ලෑල්ල ගැන ලියන්නට ගොස් මොළ පුංචේ තරම මොනවට පැහැදිලි කලේය.අම්මප අර ලකෆ්‍රාන්ස් මුට කබ්බා කියන එක හොඳ මදිය ...මු ටොම්බ කබ්බෙකි.....

      Delete
    3. ලංකාවේ පත්තර කලාව කිව්වම මු දන්නේ මුගේ තාත්තගේ පත්තර ලෑල්ල,දේශපාලනය කිව්වම මු දන්නේ ෆොන්සේකා කියන දේශපාලනික නොදරුවව,ඩවුන් ටවුන් ප්ලස් ගැන කියනකොට මු දන්නේ බස් අජිය ගැන හත්වලාමේ නොදන්නා මගුලට එක්කෝ කට නොදා හිටු.දන්නාකොම ප්‍රදර්ශනයට ගිහින් තමුන්ගේ කබ්බභාවය නිරුවත්කර නොගෙන.අර අවුරුදු පටියදාත් නොදන්නා කය්යියක් කියන්න ගිහින් අසුචි කොර ගත්ත .ලැජ්ජා නැති කොමක තරම!

      Delete
    4. විමුක්ති ජයසුන්දරගේ ෆිල්ම් එකකට සුනිල් ටී ප්‍රනාන්දු විචාරයක් ලීවා වගේ කමෙන්ටුවක්.

      Delete
    5. බලහංකො මේ ගල් කබ්බගෙ කොමෙන්ට් එක.. ටිපිකල් කබු ටෙම්ප්ලේට් එකේ තියෙන්නේ....
      හොඳ ලිපියක් ..
      එල ලිපිය මචං.. දිගටම ලියහං..
      මරු ඕයි..

      බූරුවෝ... කටයි පුකයි වහං පලයං මෙතනිං.. මෝඩ මී හරකා..

      Delete
    6. සෑම්, දකින දකින හැම පෝස්ට් එකටම කියවන්නෙ නැතුව කමෙන්ට් කරා කියල ගූගලා උඹට අහවල් එකක් දෙන්නෙ නෑ. ඒක නිසා අනිත් දවසෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාද්දි පොඩ්ඩක් කියවපං.

      උඹ මගේ යාලුවෙක් නිසා උඹ මෙහෙම කුජීත වෙනව දැක්කම මට දුකයි. මේ අජිත් කියල කියන්නේ අජිත් කුමාරසිරි. ඉන්ටනෙට් දැන් ලාබෙට තියෙන එකේ ගූගල් කරහංකෝ ගූ නාන්න කලින්.

      Delete
    7. දේවදත්ත බුදු හාමුදුරුවන්ට ගල් පෙරලනවයි කියල බණට හාමුදුරුවෝ කියන කොට බුදු කෑල්ල ඇහුන ගමන් උපාසක අම්මල සාදු කාර දෙන්නෙ ඒ වගේ තමයි මුගේ කොමෙන්ටුත්.

      Delete
    8. දවසක් මං මට්ටක්කුලියෙ පාරක යනකොට ගෑනු කෙනෙක් කසිප්පු බීලා රෙද්ද උස්ස උස්ස බනිනවා..මුඩුක්කු පෙට්ටියක් ගාවට කිස්ටු වෙලා...
      ඒ ළඟ ඉන්න කොල්ලො ඉතිං අර ගෑනු කෙනාව උඩ දානවා..
      කමෝන් අක්කි කමෝන්....තව රෙද්ද උස්සලා...තව බනින්න කියලා...

      ඉතිං අක්ක හිතනවා මේ ඇවිත් තියෙන්නෙ මල්ලිලා මගේ සපෝට ්එකට කියලා...තව ටිකක් රෙද්ද උස්සලාම බනිනවා...

      මේ සෑම්ට ඔක්කොම කොමෙන්ට් දාල තියෙන්නෙ ආන්න ඒ අක්ක වගේ තමුංගෙ වස්තරේ ඉස්සෙනකොට පේන්නෙ තමුංගෙ හෙලුව කියල නොතේරෙන අතිශය බුද්ධිමත් ඇනෝ කෙනෙක්...

      මල්ලි තව උස්සන්න..තව පෙනේවි... ජය..

      Delete
    9. හිර ගෙදරට අලුතෙන් යන කොල්ලොන්ට මෙහෙම වෙනව කියල ආරංචියි. පව් සෑමා.

      අමිලයත් කැරියා. ඌත් ඇනෝ ගිහින් බැනල බැනල ආයෙ අනිත් පැත්තට ඇවිත් අරූගෙ ඔලුව අත ගානව “උඹ ඕවා ගනන් ගන්න එපා මලයෝ“.

      Delete
  2. චින්තනත් CULT එකේ උඹ ඔය කියන කතාව නොකියා කියනවා. මට මතක් වෙන්නේ සුනිල් මාධව ප්‍රේමතිලක ලක්බිමේ ලියන්න ගත්තු වෙලාවේ සු.මා.ප්‍රේගේ පාඨකයෝ සුමාප්‍රේට බැන්නම සුමාප්‍රේ කියපු දෙයක්,
    "මට, මට ඕන දේ ලියන්න දෙනවනම්, රේස් බුකි කාරයන්ගේ පත්තරේක නෙමෙයි, රේස් පත්තරේක හරි මම ලියනවා" කියන කතාව.

    හැබැයි මටනම් හිතෙන්නේ ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා කියලයි. උඹ ඔය කියපු සෙට් එක කරන්නේ අන්ඩග්‍රවුන්ඩ් මියුසික්, ඉතින් උන්ට ප්‍රධාන ධාරවට එකතු වෙන්න උවමනාවකුත්, ප්‍රධාන දාරවෙන් උන්ට ඉල්ලුමකුත් නෑ. ඒ නිසා උන් ඉන්න විදිහටම ඉන්නවා.

    මට මතකයි, අමිල ජෝන් සීනා සින්දුව හිට් වෙලා, රස රිසි ගී එකේ තනුජා එක්ක කරපු ඉන්ටවිව් එක. ඒකේ තනුජා අහනවා "ඇයි අනේ ඔයා කොණ්ඩේ කපන්නැත්තෙඋ" "ඔයාගේ වොයිස් එක හරි වෙනස්" "ඔයා සීඩී එකක් කළොත් අපිට ගෙනත් දෙන්න" වගේ කතා. ඉතින් ඔය ගොබ්බ ප්‍රශ්න වෙලට උත්තර දීල තනුජව චූන් කරනවට වඩා බන්ට් එකක් උඩට වෙලා ඇළට ගල් ගහන එක හොඳයි කියලා අමිලලා හිතනවා ඇති.

    යකෝ සීඩි විකුණනවට වඩා පොත් විකුණන එක මාර ඇඩ්වාන්ස්නේ බන්.

    ReplyDelete
    Replies
    1. ලංකාව කියන්නෙ මිලියන විස්සක් මිනිස්සු ඉන්න රටක්...ඒ මිලියන විස්ස ඇතුලෙ මිනිස්සු පන් හයසීයක් කියන්නෙ තනිකර පරමාණුවක් තරම් සුලු ප්‍රමාණයක්...
      මම හිතන්නෙ මොනම විදියෙ වෙනසකට වුනත් මේ ටික මදි....


      වික්ටර් කපුගේ වගේ අය ළගත් ඒ අයගේ තරුණ කාලෙ ඔය වගේ පන්ඩිතමානි අදහස ්තිබුනා..අපි කිසිම විදියෙකින් විකිනෙන්න ඕනි නැහැ කියලා...නමුත් කාලයත් එක්ක එයාල වෙනස් වුනා...

      මම හිතන්නෙ අමිලලා ගීතදේවලා නාකිවෙලා වෙනස් වෙනවාට වඩා තරුණ කාලෙදිම තරුණ ජවය එක්ක අපි එක්ක ඉන්නවා නම් හොදයි...

      නාකිවෙනකොට පතිපත්ති ස්ටයිල් වෙනස් කරගන්න එක එක මෙහෙ පැසන් එකක් වගේ...ඒත් අපිට හැකියාව තියෙන්න ඕනි තරුණ කාලෙදිම අපි වටේ ඉන්න වන්දිභට්ටයෝ හැම දේකටම හොදයි කියන එහෙයියොන්ගෙන් එපිට හිතලා ටිකක් පුලුල්ව හිතන්න..

      Delete
  3. Digital music ගැන කියලා තියන දේවල් වලට විරුද්ධයි...

    //කොම්පියුටරයෙන් ජිල් මාට් ටිකක් දාල ඒ ටික සල්ලි දීල ගොඩදාගන්න හැකි නම් ඒ අය මේ ක්‍රමය තුල පොරවල් වෙනවා. පිටරට අපි අහපු නැති හෝ අහලා අඩු සංගීත කෑලි ගෙඩි පිටින් අරගෙන සිංහල වචන දාලා පෙරලලා සිංදු හදලා මාකට් කරන එක තමයි මේ ඩිජිටල් කට්ටිය සංගීත විප්ලවය කියලා කියන්නෙ..//

    එතකොට 2005 විතර ඉඳන් ලංකාවෙ හැදෙන සින්දු හොඳම නෑ කියලාද ඔබතුමා කියන්නෙ?? තව ටිකක් දැනගෙන කතා කරානම් හොඳයි විෂය ගැන...

    ReplyDelete
    Replies
    1. මල්ලි ලයිව් සිංදු කියනකොට ඔයාගෙ ලස්සන කටහඩට ලස්සන තාලෙට මට කෑ ගැස්සුනා. සත්තයි

      Delete
    2. අනේ හුජ්ජ කොල්ලෝ, අක්කපාලයො උඹ විශාරද උනා කියලා උඹ හැමදේම දන්නෙ නෑ බක පණ්ඩිතයො

      Delete
    3. මේ පුතා දන්නෙ 2005 න් පස්සෙ විෂය ගැන විතරයි වෙන්න ඇති මයෙ හිතේ. ඔය පුතාගෙ විෂය දැනුමෙ තියන විදියට 2005 ට කලින් ලංකාවෙ ඩිජිටල් මියුසික් ට්‍රැක්ස් රිලීස් උනේම නැද්ද. මිනිහෙක් පොරක් වෙන්න ඕනෙ තැන් තියනව. අන්න ඒක අමතක කරන්න එපා.

      Delete
    4. ‍තෝ මොනවද යකෝ දන්නෙ විශය ගැන.. පලයං පලයං සංගීත විකාරදයා...

      Delete
  4. හැකියාවත් එක්ක එනවා නම් ඒ තැනැත්තාට ඉදිරිගමනක් තියේ. මෙතැනදි පද රචනය සංගීතය හා ගායනය කියන අංශ තුනම එකසේ සුපිරි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි අර සහේලිගේ සින්දුව වගේ ...?

      Delete
  5. පිටරට අපි අහපු නැති හෝ අහලා අඩු සංගීත කෑලි ගෙඩි පිටින් අරගෙන සිංහල වචන දාලා පෙරලලා සිංදු හදලා මාකට් කරන එක තමයි මේ ඩිජිටල් කට්ටිය සංගීත විප්ලවය කියලා කියන්නෙ..// ආනන්ද සමරකෝන්ගේ ඉදන් මිල්ටන්, ජෝති ඔක්කොමල කලේ ඔයික තමා. එහෙම නැති කට්ටිය අතලොස්සයි. මට හිතෙන විදියට දැන් පොරවල් ගොඩක් හොදයි. ඉස්සර තනිකර හින්දි තනු වලට සින්දු ගහන්නෙ.

    ReplyDelete
  6. මේලෝ රහක් නැති දඩම බඩන් සංගීතෙට වඩා මේහෙම දෙයක් ඇහෙනකොට හරිම වෙනසක් දැනෙනවා මටනම්.හැබැයි තව දෙයක් කියන්න ඕනේ ඕක කොළබට, විතරක් සිමා වෙලාද? මොනවා උනත් ගීත... ගේ සින්දු අහනකොට මට නම් නිකන් පිස්සු වගේ...එකනම් කියන්නබැරි ආතල් එකක්....

    ReplyDelete
    Replies
    1. හා හා මල්ලි..සින්දු ඇහැව්වට කමක් නෑ...මල්ලිට පාඩුවේ ඉන්න දෙන්න..

      Delete
  7. ආපහු මේ අයගේ ෂෝ එකක් නැද්ද ලගකදී ?

    ReplyDelete
    Replies
    1. රොබින්, මේ බස් අජියා නෙමේ බං. මම උදේ පාන්දර නාගත්තා. උඹත් නාන්න එපා. මේකට අපි ගිහින් වැඩක් නෑ බං.

      පුලුවන් නම් මානවක එක්ක සෙට් වෙලා "කබ්බන්ගේ ලෝකය" එකේ පෝස්ට් එකක්වත් දාල මාව මේ වලෙන් ගොඩ ගනින් මචං

      සෑම්

      Delete
  8. මුන් තාම වැඩේ පටංගත්ත විතරක් නිසා ඉදිරියෙදි සමාජෙ ඇතුලෙ උන්ගෙ තැන හදාගනියි. බැරි වුණොත් අතෑරලා දායි. හැබැයි පහුගිය දවසකත් ගීතදේව ගැන එකෙක් කියපු කතාව එච්චර හොඳ නෑ. මීඩියා අවශ්‍ය නෑ කියල තමන්ට කොයි තරම් කාලයක් ඉන්න පුළුවන් වෙයිද කියන එකට උන්ට උත්තර හොයාගන්න වෙයි. නැත්තං අවුරුද්දකට සැරයක් මහල්වරාවට ඇවිත් සින්දු කියල යන්න වෙයි.

    ReplyDelete
  9. මට නම් හෙන ලෝභයි මීඩියා අස්සට ඇවිත් මෙයාලා විනාස වෙලා යයි කියලා.. හැබැයි එහෙම නැතුව උන්ට වෙන වෙන විදිවලින් රෝල ගෙනියලා මේ යන විදියටම උන්ගේ සිස්ටම් එක ගෙනිච්චොත් අමාරුවෙන් හරි හොයාගෙන පස්සෙන් යන කීපදෙනෙක් පංකා එක්ක උන්ට යමක් කරගන්න පුළුවන් වේවා කියලයි මම නම් හැම වෙලේම පතන්නේ.. සීඩී ඇන්ඩ් යු ටියුබ් එන එක නම් හොදයි.. ඒත් සීඩී කරන්න ෆන්ඩ්ස් නැත්තං ඇයි ලොස් වෙන්න වැඩ කරන්නේ කියලා උන් හිතනවා ඇති.. මොකද මම හිතන්නේ නැහැ ලංකාවේ වැඩි පිරිසක් මේ සංගිතේ අහන්න ඔළු හදාගෙන ඇති කියලා...

    මම හරි ආසාවෙන් හිටියා අජිත් එදා හේයි ජිනිවා කියයි කියලා.. කිව්වේ නැහැනේ.. අනික මට දැනුනේ එදා අජිත් හෙන (බොරුවක් ?) කම්මැලි සීන් එකක් දැම්මා වගේ.. ස්කිට්සෝ යි අමිලලයි ගීත දේවයි නැති වෙන්න ඒක හෙන බෝරින් වෙන්න තිබ්බා

    ReplyDelete
  10. අපි අහන්නේ නැතිව අස්සවන සින්දු අතරේ මේ වගේ සින්දු අහන්න හිතෙනවා! මොකෝ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා හොයන්න!
    එලියට ආවත් අපේ මිනිස්සු මේවා බාර ගනියිද? ඒ වගේ පිරිවැයක් දැරුවත් ඒවා අපතේ යයිද?

    ReplyDelete
  11. ඒ මිනිස්සු ඒ මිනිස්සුංගේ ආසාවට නිර්මාණ කරනකං හොඳ නිර්මාණ කරයි.විකිණෙන්න ගියොත් අජිත් කුමාරසිරි උනත් බස් අජිත් ගාණට වැටෙයි.ඒක හින්දා මේ විදිහට මේගොල්ලෝ යන එක හොඳ නැද්ද?වේදිකා නාට්‍ය තාමත් ටිකක් හරි හොඳ මට්ටමක තියෙන්නේ විකුණන්ඩ බලාගෙනම කරන්නේ නැති හින්දනේ.

    ReplyDelete
  12. ග්‍රීස් ගහේ මුදුනටම ගියා..මම
    ඇය..අවුරුදු කුමරිය වෙන්න ගියා
    කොඩිය අරන්..ම ම බැහල ගියා
    ඇය..ඔ‍ටුනු පැළඳ නගරයට ගියා

    සිංහල අවුරුදු දවසේ......

    http://www.youtube.com/watch?v=mv23me6F7hU

    ReplyDelete
  13. මල්ලි තව උස්සන්න..තව පෙනේවි... ජය..

    ReplyDelete
  14. vimukthi jayasundarath eda ටවුන් එකෙනුත් ඩවුන් ekata avith hitiye avida ganna bari ganata itin kawara kathada..... antimatakatiyata bonna othapu joint eka vimukthi taniyen gahuwa........ ithin vimukthi gana SUNIL T liuwata kamakuth na

    ReplyDelete
  15. me eka nemei ටවුන් එකෙනුත් ඩවුන් eka horenna balanna apu kenekuth mata hambuna .... eli pita balanna bayeda manda...... Nawarath na gamage

    ReplyDelete
  16. down town pulse aka video aka balanda link akak nathda.

    ReplyDelete