Wednesday, May 8, 2013

ලයිට් බිල සහ කතාන්දර (Elec bill & Nonsense)

ලයිට් අඩු තැනක ගත් පින්තූරයක්

මට මතක හැටියට මා පස් වන වසර තෙක්ම ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එළියෙනි. මගේ අයියලාගේ අතීතය බැලූ විට ඔවුන්ට උසස් පෙ දක්වාම ඉගනගන්නට ලැබුනේ කුප්පි ලාම්පු චිමිනි ලාම්පු එළියෙනි. අද වන විට ලාම්පු එළියෙන් පොත් බැලීම ඇස් වලට නරක දෙයක් ලෙස තැන් තැන්වල දැක්වුනත් අපිට එකල වෙනත් විකල්පයක් තිබුනේ නැති නිසා හෝ දැන් සෙයාගෙන ඇති අැස් රෝග එවිට සොයාගෙන නොතිබූ නිසා අපි ඇස් වලට වද දිදී පොත් බැලුවේ චිමිනි ලාම්පු එලියෙනි.

කුඩා කල චිමිනි ලාම්පු ආදිය පත්තුකරගෙන මහ රෑ ගනන් හදන්න ගන්නවාට වඩා දෙමාපියන් කරන්නේ අප දවාලියෙන් ගනන් සහ ඉස්කෝලෙ වැඩ කරන්නට පුරුදු කරවීමයි. එවිට රාත්‍රි ලාම්පු එලියේ පාඩම් වැඩ කිරීමට එන බාධා ආදිය නැතිවෙන බව ඔවුන් දැනසිටියා වන්නට ඇත. හත හමාර අට විතර වෙනකොට රෑට කාලා රේඩියෝ එකේ නාට්ටියක් ගියොත් ඒකත් අහලා..නැත්තං පසුකාලෙක නම් කොහේ හරි කාර් බැට්රියකින් දුවන ටීවි එකක් තියෙන තැනකින් ටීවිත් බලලා අපි නමයට විතර දොයියනවාය.

ආයි අපි ඊළඟ දවසේ පාන්දර එළිය වැටෙනවිට ම නැගිටින්නට හුරුව සිටියෙමු. දැන් නම් රෑට ෆිලුම් බලාල චැට් කරලා උදේ හයහමාරට නැගිටින්නටත් අමාරු මුත් එකල පහමාර හය වෙනකොට යසට ඇස් ඇරලා සිටිය හැක. ඉස්කොලෙ නොයන දවසකනම් මම අයියා හෝ තාත්තා අම්මාට උයන්නටද උදව් දෙයි. අපේ ගෙදර ඉවීම ජනසතු කාර්යක් විය. එය අම්මාම කල යුතු දේවකාරියක් නොවීය. උදෑසන ආහාරය අම්මා පිළියෙල කලත් අපි සැවොම ඒ වෙනුයෙන් පොල් ගෑම, ලූණු සුද්ද කිරීම කුස්සිය අස් පරස් කිරීම කල යුතු විය.

අපේ ගෙදර තිබුනේ ගොවි පසුබිමක් නිසා එලිය වැටෙන්නට රස්නෙ වැටෙන්නට කලියෙන් කොරටුවලට යාගන්නට ලැබුනොතින් එය හොඳය. එවිට අපිට ඉර හොඳින් රැස් විහිදන දවල් එකොළහ විතර වෙනකොට වැඩ ගොඩක් කරලා ඇවිත් නිදහස් හෙවනේ ගිමන් හැරිය හැක. නැවත අපි කෑම කා පොඩි පහෙ නින්දක් දාලා හෝ පත්තරයක් පොතක් නවකතාවක් කාරිය කියෝල දාලා වැඩට යන්නේ හවස තුනට විතරය. හවස තුනට විතර කොරටු යන අපි රෑ හත විතර වෙනතුරු කොරටුවේ වැඩ කරලා ඇවිත් යලිත් රෑට කා නින්දට යමු. අපි යැයි මෙතැනදී මමද අයිතිව කිවු මුත් මා මේ ආකාරයට එකල ගතකලේ මාසෙකටම දවසක් හෝ දෙකකි. මාගේ පාඩම් වැඩ අතපසු වෙනවාය කියලා අම්මා ඉස්සර මා කොරටු වැඩට සම්බන්ධ කරගන්නවා අඩුය.

එකල අපි රෙදි මදින්නේ සතියකට වරකි. ගෙදර ඇති පොල්කටු අඟුරු ඉස්තිරික්කයට පොල්කටු දාලා ඒක රත්වෙනතුරු එලියෙ තියං පිඹිමින් පසුව අපි රෙදි ඉස්තිරික්ක කරමු. එය වෙහෙසකර කාරියකි. නමුත් අපේ තාත්තාගේ අදහස නම් තවමත් පොල්කටු ඉස්තිරික්කය විදුලි ඉස්තිරික්කයට වඩා සුපිරි බවය. සමහර විට ලයිට් බිලට යන ගාන ගැන පෙරේත සිතක් තාත්තාගේ සිතේ කොණක උපදින්නට ඇත. නමුත් කොලටි එක අතින් යම් කිසි තැනක් පොල්කටු ඉස්තිරික්කයේද තිබුනි. නමුත් එවිට කට ඇරගෙන ටීවි දිහා බලං හෝ රේඩි එකේ යන කතාවක් අහමින් අපිට රෙදි ඉස්තිරික්ක කරන්න අවස්ථාවක් ලැබෙන් නැත. එහෙම කලොත් රෙදි පිච්චෙනවාය. අප රෙදි ඉස්තිරික්ක කල යුත්තේ යම්කිසි සංයමයකිනි. පිඹලා වැරදිලා හෝ අඟුරු කැටයක් වැටුනොත් ඉඳලා හමාරය.

ලයිට් අවුල් තවත් පින්තූරයක්..

අදටත් මම පංකා භාවිත නොකරන අතර බිම නිදාගැන්මට ආශා කරමි. අද වනවිට බිම නිදාගන්න විට මෙට්ටයක් භාවිත කලත් මා බොහෝ කලක් නවලෝක ප්ලාස්ටික් පැදුරක් දාගෙන බිම නිදාගෙන ඇත. එකල පොඩි ලමයි වූ අපිට බිම නිදාගන්න එක මහා ලොකු දෙයක් වුනේ නැත. සිමෙන්ති දමා තිබෙන පොලොවේ සීතල නිසා බොහෝ විට එකල රස්නයක් දැනුනේ නැත. නමුත් අද දින ලේයර් කිහිපයක් ඇඳේ සිටද ඇති මෙට්ටයට උඩින් පංකාවක් නැතුව නින්ද නොයෑ ම නම් පුදුමයක් නොවේ. අපට ඒවා එතරම් වගේ වගක් නැති කාරණාවක් වුවත් එකල මගේ දෙමාපියෝ මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් ඇඳන් ලබාදීම සුවපහසු ආකාරයට විදුලිය ලබාදීම ආදිය ගැන බොහෝ විට සිතුවෝය. ඔවුන් ඔවුන්ට හැකි පමණ වේගයෙන් අපිට ඒ හැමදේම ලබා දුන්නෝය. අපි ඒ ගැන ඔවුනට කෘතඥ විය යුතුය.

දැන් අපි වර්ථමානයට එමු. මේ ළඟදී අපේ බොඩ්මේ කුඩා මත ගැටුමක් ගියෝය. රෑට උයන්නට අපි සියලු බඩු බාහිරාදිය තනාගෙන ඇති නමුත් බොහෝ දිනවල උයන වැඩය හරියට කෙරෙන්නෙ නැත. එනම් උයන එක සිද්ද වෙන්නෙ නැත. එයට හේතුව ලෙස විවිධාකාර හේතු දක්වතත් මගේ නම් අත්දැකීම වන්නේ සියල්ලෝම පැමිණ ඇඟපත සෝදාගත් පසු පේස්බුක් හෝ ගොසිප් බැලීමට ලැප්ටප් ඇද ගනිති. නැතහොත් මැච් හෝ ෆිල්ම් බැලීමට ටීවි එක අටෝගන්නට හදයි.පෙම් හබ ඇත්තෝ මල් කඩන්ට සැරසෙති .එක්කෝ එහෙමත් එකෙක් පාඩම් කරයි. ඉතිං මේ හේතුව නිසා සියලු ඇඟපත වාත වේදනා උයන වෙලාවට පහල වීම නිසා අප මිතුරන් කැල සිරිත් පරිදිම අදත් කඩෙන් කමු බාං..යන විසඳුමට එයි. එහෙත් සැබවින්ම අප උයන්නේ නැතුව ඉන්න වෙලාවේ අපි කරන වැදගත් රාජකාරියක්ද නොමැත. මෙලෝ සතෙක්ට වැඩක් නොවෙන ලැප්ටප්, ටීවි, කොම්පියුර, පෝන් ගත රාජකාරියකය අපි හැමෝම නිරතවෙලා ඉන්නේ. නමුත් එලියෙන් සිටින අයකුට පේන විදියට අපි පට්ට ලෙස බිසීය.

එහෙත් මීට සය වසකට එපිට අපි හොස්ටල් සිටි සමයේ හවස පහට හයට අධ්‍යයන ආයතනයෙන් පැනගෙන කඩේ ගොස් බඩුද රැගෙන වීරයින් මෙන් හොස්ටලපැමිණ ඉව්වෙමු. එකල උයන තෙක් තිබුනේ මාර හදිසියකි. ඒ කාලයේ උයන්නට නියමිත ඩයල් එක උයන්න හිටියේ නෑ කියන්නේ ඌට විශ්වාස බංග ගේන්න තරම් වෙන වැඩකි. එකල උයනවා කනවා, පොත් බලනවා, වැල පත්තර කියවනවා, මල් කඩනවා වැනි සීමිත රාජකාරි කීපයකි අපිට හොස්ටල් එකේ තිබුනේ. අද මෙන් එකල ලැප්ටප් ටීවි හෝ ස්කයිප් යන්න ඉස්මාට් පෝන් ආදිය තිබුනේද නැත. ඊට අමතරව අපේ ගෝතයන් බොහෝ දෙනකුට එකල කෑලි සෙට්වෙලාද හිටියේ නැත.

ලයිට් බිල් වැඩිවීම හේතුවෙන් අපි පරිණාමයේ ආපස්සට යා යුතු බවක් දැක්වෙන කාටුනයක් මනුපොතේ එහා මෙහා වනු මා දිටිමි. මට සැබැවින්ම එවිට කල්පනා වූයේ අපේ විදුලි පරිභෝජනයේ පවතින කළමනාකරණ දුර්වලතාවයයි.

ගම් බද ගෙවල්වල පවා අද කාලේ ශිතකරණ ඇත. එලෝලු මාලු ගන්නට කඩේට පොලට යන්නට විනාඩි දහයක් හොයාගන්නට නැති ගෑනු ටෙලිපෝං වලිං රට විස්තර පවා කතා කොර කොර පැය ගනන් නාස්ති කරයි. අදටත් ගම්බද පැතිවල මාලුකාරයා. පලා විකුනන ඇන්ටිලා එලෝලු කූඩ කරුවන් ආදිය දකින්නට ඇත. ශීතාගාරයක බහා කුනු වනතෙක් තබා නරක් කොරමින් කනවාට වඩා ලයිට් බිලටත් සීතල වන පරිදි අපිට නැවුම් එලවලු පලතුරු මාලු ආහාරයට ගත හැකිය.

නාගරික මනුෂ්‍යයින්ට වුව පසු දිනට පමණක් සරිලන පරිදි එලවලු ස්වල්පයක් මිලදී ගෙන එය හීත පෙට්ටියේ තියන්නේ නැතුව ආහාරයට ගත හැකිනම් සෞඛ්‍යය පැත්තෙන්ද වැදගත් වෙනු ඇති බව මගේ අදහස වෙයි. බොහෝ නිවෙස්වල පාසැල් යන තරමක් වැඩිමහලු දරුවන් සිටිතත් ඔවුන් උපන්තේකට උදේ පාන්දර නැගිටින්නෙ නැත. අම්මා සහ තාත්තා උදේ නැගිට උයලා බාත් රූම් හෝදලා රෙදි මැදලා ඔක්කොම කල පසු අර ඉස්කෝල යන හාමුලා දෙන්නා හෝ තුන්දෙනා නැගිටලා ඉස්කෝලෙ යන්නට සැරසෙති.

දරුවන් යනු හැමදා දරුවන්නොවේ. ඔවුන් පුංචි සයිස් එකේ සිටියත් ඉදිරියේදි විශාල මනුෂ්‍යයින් වීමට නියමිත නිසා ගෙදර දොරේ වැඩකට බෝංචි කරලක් කඩාගන්නට පොඩියක් තමුංගේම ඇඳුමක්හෝ තනිව අයන් කරගන්නට පුරුදු කරවීම ඔවුන්ටද කරන සෙතකි. එසේම අවසන එය නිවසේ පිරිවැය පාලනය බලශක්ති පාලනයටද වැදගත් වෙන දෙයකි.

බොහෝ නිවෙස්වල විදුලි බිල වැඩිවන්නට එක්තරා ප්‍රධාන හේතුවක් නම් විදුලි පංකාය. නිවෙස් තනන විට නානා මාදිලියේ ප්ලෑන් ඇතුව ලක්ෂණයට ගෙවල් තැනුවත් බොහෝ දෙනා වාතාශ්‍රය සිසිල ගැන සිතන්නේ නිවස තනා ඇඳන්ද දමා නිදාගන්නටද ගිය පසුය. නිවෙස් තැනීමේදීත් කාමර කුලියට ගැනීමේදීත් වාතාශ්‍රය ගැන සැලකිලිමත් විය හැකිනම් පසු කලෙක විදුලි පංකා වලට යන වියදම අඩු කරගත හැකි වෙනු ඇත.


 අපේ ජීවිත ගෙවෙන්නන් වාලේ අයාලේ ගෙවෙන්නට දුන්නොත් අපේ ලයිට් බිල් වතුර බිල් සහ අනෙකුත් බිල් ඉබේම අයාලේ යනු ඇත. ඒවා වෙන්ස කරගන්නට නම් අපි විසින් යම් කිසි වෙනස් කම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරගත යුතුව ඇත. නැතහොත් බලශක්තිය සහ ආර්ථිකය යන රැලිවලට හසුව අපේ පඩිපතෙන් ලොකු කොටසක් බිල් ගෙවීම පිණිස වැයවෙනු ඇත. 

අපි වැනි දුප්පත් වෙනත් රටවල් වලට සාපේක්ෂව බැලුවත් අපේ රටේ විදුලි බිල මෙතෙක් වැඩිවීමට හේතුව දැනගන්න මේන්න මේ රාවය ලිපිය කියවන්න.. 

බිල් වැඩිවෙන කාලෙ ටිකකින් හරි බිල් අඩුකරගන්න හැටි දැනගන්න මේන්න මේ සිළුමිණ ලිපිය කියවන්න...  

6 comments:

  1. මචන් සිළුමිණට ලින්ක් එක වැටිලා නැහැ ...පොඩ්ඩක් බලපන් ...


    අනිත් දේ තමයි මචන් උබ කියන දේවල් ඔක්කොම ඇත්ත..ඇත්තටම මමත් ගොඩක් අල්පේච්ච ජීවිතයක් ගෙවන්නේ..ෆෑන් , ඉස්තිරික්ක වැඩ තිබ්බේ නැහැ පොඩි කාලේ ඉඳන්ම.

    ෆේස් බුක් අරවා මේවා නම් කොහෙත්ම නැහැ.ඔහේ ඉන්නවා බඩට දෙයක් දාගෙන ..කව්රු මොනවා කොහොම හිතුවත් මේ ගෙවෙන විදිහ වෙනස් කරන්නේ නැහැ..මේක හරි සරළයි ..කව්රුත් ලොක්කොත් නැහැ , කව්රුත් සොක්කොත් නැහැ...ඔහේ යනවා එනවා..කනවා බොනවා ..අඳිනවා කරනවා.ඉන්නවා ... ඇත්තටම ඊට වඩා දෙයක් නැහැනේ බන් ෂෝ දාල ගන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වරද පෙන්නුම් කලාට....

      Delete
  2. මමත් ගතකලේ ඔබ වගේම ලමාකාලයක්. අඟුරු වලින් දත් මැද්දේ. වල කක්කුස්සියට ගියේ. ලිඳට ගිහින් මූණ හේදුවේ. බූරු ඇඳේ නිදාගත්තේ. පයින් ඉස්කෝලේ ගියේ (කි.මී. 3 ක්) චිමිනි ලාම්පුවෙන් පාඩම් කලේ (සා.පෙළ දක්වා) මගේ රෙදි මමම හෝදලා පොල්කටු අඟුරු 'ඉස්තිරික්කෙන්' මැදගත්තේ. සෙරෙප්පු දෙකක් ලැබුනේ 6 පන්තියට ගියාම. ඒ නිසා වෙන්න ඇති අදටත් පොළොවේ පයගහලා ඉන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. රාවය ළිපිය මම කියෙව්වා. අදටත් දෙයක් පිළිබඳව විශ්ලේෂණාත්මක ළිපියක් තිබුනොත් තියෙන්නේ, රාවයේ විතරයි. සිළුමිණේ තියෙන බයිලා කවුරුවත් පිළිගන්නේ නෑ. ඒ යකා විදුලිය පාවිච්චි කරණ එකෙක් වෙන්න බෑ. නැත්නම් ඔය කියන ඒවා පාවිච්චි කලාම එන බිල කීයද කියලා කවුරුත් දන්නවා. කොහොමත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් කන බොන හැටි, අඳින පලදින හැටි ගැන කවුරුත් දන්නවා. ඉතින් ඒ ගෘහනිය එයින් දෙන්නෙක්ගේ දරුවෙක්නේ ඒ නිසා ඒ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්.

    රාවයේ ළිපියේ තියෙනවා ඉතා වටිනා කතාවක්. ඒ තම්යි ජපානයෙන් නවීන තාක්ෂණයෙන් යුතු ගල් අඟුරු බලාගාරයක් ඉඳිකරන්න ඉදිරිපත් උනාම. ඒකට ඉඩ දීලා නැත්තේ රත්නසිරි වික්‍රමනායක. අද එයාගේ පුතා කියනවා විදුලි බිල අඩු කරන්නම ඕනලු. මේවා දැකම හැඟෙන දේ තමයි මුන් කොඉ තරම් බොරු කාරයොද, කොයි තරම් හොරුද කියලා. ඒක එපා කියලා, ප්‍රයිවට් තාප බලාගාර දෙකකටම අනුමැතිය දීලා. ඕන් රටට ආදරෙයි කියන දේශපාලුවන්ගේ හැටි.

    ReplyDelete
  4. පොල්කටු අගුරු ඉස්තිරික්කෙන් ඉස්කෝලෙ කමිසෙ උදේට තෙත පිටින් මදිද්දි හැමදාම වෙන සීන් එකක් තමා අමතක වෙලා ඉස්තිරික්කෙ කමිසෙ උඩ තියාගෙනම අගුරු ඇවිලෙන්න පුක පැත්තෙන් පිඹින එක . . . තෙත කමිසෙ දැලි පාර ඉස්තිරික්කෙන් ඇදිල ගියාම හොදපියකො ආයිමත්

    බලශක්තිය බතිරිකිරීම හෝ පිරිමැසීම ගැන කෙසේ වෙතත් (ඒ ගැනත් සුපිරියටම ලියල තියනව) අවුරුදු තිහක විතර අතීතෙකට ගියා බං මේකෙං. හවස කාටුන් ටික බලන්න බැට්ටිය ඉල්ලගන්න ඉස්කෝලෙ ඇරිල ඇවිත් හරක් ටික තනකොල කවන්න ගෙනියන්න ඕනෙ . . . ඒකරල ඉල්ලගන්න බැට්ටිය අක්ක මංකොල්ලකනව (අක්ක තමයි එතකොට ගෙදර චන්ඩියා) නාට්ටිය බලන්න. මට මතක හැටියට දිමුතු මුතු තමා අක්ක බැලුවෙ

    ReplyDelete
  5. KATHANDARA = NONSENS NAM , CHOO, PADA, JEE PUKA GENA LIYANA, APE KAKKA THUMATA DEVIYYANGEMA PIHITAI.

    ReplyDelete