Thursday, May 9, 2013

The dreamers (සිහින දකින්නෝ)

මං කුනුහබ්බ කෑලි හෙලුවෙං ඉන්න ගෑනු ඉන්න දර්ශන තියෙන ෆිල්ම් එකක් බැලුවා.ඒකෙ නම ද ඩ්‍රීමර්ස්. ඒක යාලුවො එක්ක බෙදාගන්න කලියෙං ඒගැන සුට්ටි විස්තරයක් කරලා ඉන්න එක හොඳයි කියලා හිතුනා. මේ ෆිල්ම් එක අපේ අය ගොඩ දෙනෙක් දැන් බලලා ඇත්තෙ. ඒත් කමක් නැහැ බලලා තියේ නං විචාරෙ බලලා වෙනමම වින්දනයක් ගන්න පුලුවන් වෙයි නෙව.

බැල්කනි ජනතාවට..

මචං සිරා ෆිල්ම් එකක් ලැබුනා. ඒකෙ සිරා පාරක් ඉන්නවා. සිරාවටම ඒකි ඔක්කොම ඇඳුන් ගලවනවා. මරු.. ! සවුත් ඉන්ඩියන්, සිරි ලංකන් තප්පදෝරු වගේ නෙමෙයි නියම කෑල්ල. අර ග්‍රීසියෙන්ද රෝමෙන්ද හොයාගෙන තිබුන අත් දෙක නැති පිලිමෙ වගේ ලස්සනයි. සෙක්ස් කෑලි නං හෙන අමුවෙන් තියෙන්නෙ. ඒ වුනාට නෝටි අමරිකා වලට වඩා ගතියක් තියෙනවා. ස්ටෝරිය කිව්වොත් මචං ඇමරිකන් කොල්ලෙක් හෙන විප්ලව තිබුන කාලෙක එනවා ප්‍රංශෙට ඉගෙනගන්න . එහේදි ඌට කෑල්ලක් සහ කොල්ලෙක් සැට්වෙනවා. මේ කෑල්ල සහ කොල්ලා ඇවිල්ලා සහෝදරයො. නිවුන් සහෝදරයෝ. උන් දෙන්නා නිදාගෙන්නෙත් එකට. පස්සෙ අර අමරිකන් ශිෂ්‍යයා යනවා අර දෙන්නා එක්ක එකට ජිවත් වෙන්න. උන් තුන්දෙනා සෙට් වුනා විතරයි. ඒ ගෙදර අම්මලා තාත්තල කොහේද ගමනක් යනවා දුරක.

ඉතිං අර අමරිකාවෙන් එන එකාට අර දෙන්නා සෙට්වෙලා පස්සෙ අර කෙල්ලයි අමරිකන් කොල්ලයි ලවු කරන්න සෙට් වෙනවා. ඇමරිකන් උන් දෙන්නාගේ ලවට අර අනික් පිරිමි සහෝදරයා කැමති නැති වෙන්න ඕනි හරිනං. අඩේ බං හෙම වෙන්නෙත් නැහැ. උන් තුනම ඇඳුං නැතුව පුල් නිරුවස්තරෙන් නාන බේසමේ බැහැල නානවත් එක්ක. කොහොම වුනත් නිර්වස්තර දර්ශන ටිකනම් සිරා.

හැබැයි අර අම්මයි තාත්තයි කාලෙකින් ගෙදර එනකොට මුං තුන්දෙනා කූඩාරමක් වගේ එකක් කාමරේ මැද ගහං. ඒකෙ ඇතුලෙ අමුම අමු නිරුවස්තරෙන් නිදාගෙන ඉන්න හැටි නං කුජීතයි. වැඩිය මොකද්ද කියලා තේරෙන්න නැති වුනාට ගතියක් තියෙනවා. මං හිතන්නෙ අවසානෙ කෙල්ල මැරෙන්න ඇති.

ඕ ඩි සී ජනතාවට.

අපි සිනමාව තුලින් වඩාත්ම දකින්න ආසා කරන්නෙ මොනවද? කලාත්මක සිනමාව හැර වාණිජ සිනමාව කියන පැත්තෙන් බැලුවොත් අපි ආශා කරන්නෙ අපිට ලේසියෙන් දකින්න නොලැබෙන සිහින දකින්න. අපිට සැබෑ ජිවිතය ඇතුලෙ විඳගන්න බැරි දේවල් ගොඩාරියක් ෆිල්ම් එකක් හරහා අපි විඳගන්න පුලුවනි.

හිතන්න සනී ලියොන් වගේ හරිම කඩවසම් ලස්සන සුදු යුවතියක් ඉන්නවා අපි වැඩකරන තැන. අපි ආසයි එයත් එක්ක ලස්සන තායි මුහුදු වෙරලක තියෙන කුඩයක් යටට වෙලා තේ වතුර එකක් බිබී පොඩි චැට් එකක් දාන්න. අපි කොයි තරම් ආශා කරත් අපිට ඒක කරගන්න ලැබෙන්නෙ නැහැ. කොටින්ම අපිට කැන්ටිමේ එක මේසෙ වාඩිවෙලා තේ වතුර එකක් බොන්න බැරිතරමටත් අපි දුරස්ථ වෙන්න පුලුවනි. ඒ වගේ වෙලාවට අපිට ෆිල්ම් එකක් බලලා ඒ චරිතවලට ආරූඩ වෙලා අර ආතල් එක හීනියට ගත හැකි වෙනවා.

මම හිතන්නෙ ඒ නිසා තමයි බොහොම සැපවත් ජීවිත වල පොඩි අවුල් ගැන කියවෙන ඉන්දියානු බොලිවුඩ් සිනමාව ඉන්දියානු දුප්පතුන් අතර වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ.

දැන් අපි ඩ්‍රීමර්ස් ෆිල්ම් එකට ආවොත් එතනදි ඒ කොල්ලට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා ඉගෙනගන්න කාලෙදිම. ලව් කරන්නත් කලියෙං සෙක්ස් කරන්නත් ලැබෙනවා. ඒ අස්සෙ ඒ අයට පොඩි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලන්න ඒවායේ විචාරය කරන්න අවස්ථාත් ලැබෙනවා. එකට හිතන පතන යාලුවො තුන්දෙනෙක් එකතු වෙනවා. නමුත් අමරිකන් කාරයා ටිකක් වෙනස්. අර දෙන්නා තමුං අදහන දේවල් තුල ජීවත්වෙන්න හදන කොට අමරිකන් කාරයා වෙනස්ම මතයක ඉන්නවා.

කොහොම වුනත් අපි ෆිල්ම් එකක් බලලා ඒකෙ චරිත වලට ආසා කරලා අපි ගන්න යන්නෙ එක්තරා ආතල් එකක්. ඒක මේ ෆිල්ම් එකෙන් ඒ වගේ ආතල් එකක් ඇත්තටම ගන්න පුලුවනි. අපි ආසයි අපි ලව් කරනකොට අපේ තරහ කාරයා අපිට අවි අමෝරාගෙන එන්නෙ නැතිනම්. අපි ආසයි ආදරය කියන දේ ඇඟෙන්ම විඳින්ට.. මං හිතන්නෙ ප්‍රංශ විදිය ඒක වෙන්න ඇති. මේ ෆිල්ම එක ප්‍රංශ කාරයො බලනකොට එක විදියකටත් ඇමරිකන් කාරයො බලනකොට තවත් විදියටත් අපි බලනකොට අපිට වෙනමම මැජික් ලෝකයක් විදියටත් පේනවා ඇති.

අන්තර්ජාලයේ තිබුන විදියට මේක අමරිකාවෙත් එහේ තියෙන ලිංගික දර්ශණ ආදිය ගැන සීමා නිසා සම්පූර්ණ ෆිල්ම් එකම තිරගත කරන්න බැරිවුන ෆිල්ම් එකක්.

 
ගැලරියේ ජනතාවට.

අපි හැමෝටම යෞවන කාලයක් තියෙනවා ගෙවාදමන්න. ඒ යෞවන කාලෙදි අපිට එක එක දේවල් උණ ආකාරයෙන් එනවා. කස්ටියකට එනවා ලව් මාන්දම, කස්ටියකට සමාජවාදය. තව අයට දර්ශනය. තවත් අයට ආගම ඔය විදියට අපි මොකක් හරි සෙට් එකකට සෙට් වෙලා ඒක ඇතුලෙ අමුතු ලෝකයකට වෙලා සිහින දකින්න පුරුදු වෙනවා. සමහර විට ඒ සමාජවාදී, දර්ශනවාදි අදහස් ලියපු ප්‍රකාශ කරපු අයටත් වඩා මේ තරුණ වයසෙ ආසන්නයේ ඉන්න ශිෂ්‍යෙයා් ඒ අදහස් විස්වාස කරනවා. උදාහරණ විදියට තනිකර මනෝරාජිකයි කියලා දැනෙගෙනම ජේ වී පී එකෙන් අන්තරය හරහා යවන වාමාංශික තෙල් මේ මෑතක් වෙනතුරුම ගිලගත්ත සිසු ප්‍රජාවක් කැම්පස් වල සිටියා.

ඔවුන්ට අනුව එය අමුතු ලෝකයක්. ඒ තුල ඒ උගන්වන දර්ශනය හෝ මතවාදය ප්‍රශ්ණ කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. බෞද්ධ උපාසකයා ශ්‍රද්ධාවෙන්ද, දෙවියන් අදහන්නා භක්තියෙන්ද ඒ ආගම් කෙරෙහි බන්දලා තියෙනවා වගේ අවිඥාණිකවම ඔවුන්ට ඒ පෙන්වන ලෝකය විශ්වාස කරන්නට ඒක යථාර්තය කියලා හිතන්නට පොළඹවලා තියෙනවා ..ඒ පෙන්වන නව ලෝකයන් සත්‍යයි ඇත්තම ඇත්තයි කියලා විශ්වාස කරන ගතිය උසස් අධ්‍යාපනය ලබන යොවුන් කාලෙදි වැඩිවෙනවා කියලයි මට හිතෙන්නෙ.

මේ ෆිල්ම් එක ඇතුලෙත් වෙනමම ලෝකයක ජීවත් වෙන අර ප්‍රංශ සහෝදරයා සහ සහෝදරියට අමරිකන් බෝයිව හමු වෙනවා. ඔවුන් විසින් සමාජවාදය සහ ඔවුන් ආශා කරන සිනමාව මත ගොඩනගාගත්ත එක්තරා රාමුවක අධිරංගනයෙන් ජීවත් වෙනවා. ඔවුන් එයම සත්‍යයක් ලෙස අදහනවා. ඒ ප්‍රංශ තරුණ යුවල මවාගත් ලෝකය විනාශ කරගන්නට ඔවුන් දෙදෙනාම කැමති නැහැ. නමුත් අමරිකානු තරුණයා මීට වඩා වෙනස්. ඔහු ඇතුලතින් මේ දේවල් අර දෙන්නා එක්කම විඳින්නට සැරසුනාට පිටින් ඉන්න අය දකින විදියටත් දකින්න උත්සාහ කරනවා.

තරුණ සිතිවිලි වල පවතින මායාකාරී බැඳෙන ගතිය චමත්කාර ලෙස මේ සිනමාපටය තුල දකින්නට ලැබෙනවා.

අවසානය. 

IMDB Link

The Dreamers

මේ සිනමාපටය ගැන වැඩිදුර තොරතුරු හරේ කියන සහෝදරයා බයිස්කෝප් එල් කේ එක හරහා කියලා තියෙනවා.

විචාරය කියන්නෙ කවදාවත් ඒ කෘතිය කියවන්න පුලුවන් කන්නාඩියක් නෙමෙයි. කොහේද යන මනුස්සයෙක්ගේ ඔලුවට ආපු සිතුවිලි ගොඩක් විතරයි. හරිම විදියනං කුමන කෘතියක් වුනත් විඳින්න කලිං විචාර කියවන්න හොඳ නැහැ. විචාර කියවලා තියෙනං ඒවා අමතක කරලා කෘතිය විඳින්න පුලුවන් නම් ඒක තමයි හොඳ. මොකද අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි.

9 comments:



  1. අමිල ගැලරියේ අයට එන්න ඕනේ එක තව ටිකක් විතර සම්භාව්‍ය උනා නම් හරියටම හරි..කොටිම්ම කියන මොනවත් නොතේරී යන ගාණටම සම්භාව්‍ය උනා නම් හරි තක්කෙටම...

    මොනවා උනත්, විචාරය කෙසේ වෙතත් මේ වෙනස නම් නියමයි...

    ReplyDelete
  2. //අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි.//

    මුළු ලිපියත් හරි මේ වැකියත් හරි.

    ReplyDelete
  3. බලලම ඉමුකො කතාව

    ReplyDelete
  4. වෙනස්ම විදියක චිත්‍රපටියක් මේක. මට හරියටම තේරුනාද කියලත් සැකයි කථාව. සෙක්ස් සහ පේන දේට ගැඹුරින් මේ කථාව ඇතුලේ තව මොකක් හරි තියෙනව කියලමයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මටත් මේක අවසාන උනාම හිතුනා මට නොතේරුණ තැන් තියෙනවයි කියලා. ඒක එහෙම හිතෙන්නේ මේක අවසාන වෙන විදිහ නිසා. මට හිතුනේ එතන මට නොතෙරෙන මොකක් හරි දේශපාලන කතාවකුත් තියෙනවයි කියලා!

      Delete
  5. විචාරය විවිධාකාරයි. ඒත් විචාරයක මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෘතියක් රස වින්දනය උදෙසා උත්තේජයක් ලබා දිමයි. එකම කෘතියට වුව විවිධ මාන ඔස්සේ විවිධ විචාර තිබිය හැක. එයින් ඔබ සිටිනා මානයේ විචාරයක් කියැවිම කෘතියක් විදින්නට අත්වැලක් වනු ඇත.

    ReplyDelete
  6. මේක ඉතා අනර්ඝ සිනමාපටයක්, ගැලරියත් , බැල්කනියත් සියල්ල පිනවන්නක් ..

    ReplyDelete
  7. මේක චිත්‍රපටි සිරා බලන්න ගත්තු මුල් කාලෙදිම සෙට් වුණ සිරා එකක්. නොතේරෙන නිසාම මමත් කීප වතාවක් බලල තියෙනව. ඒත් අද බැළුවොත් මට වෙනස්ම දෙයක් අහුවෙන්න පුළුවන්.

    මට තේරෙන තීම් එක තමයි සිස්ටම් එක සහ ඒක වෙනස් කිරීම. ඔය ඇමරිකන් කොල්ල ස්ටෑන්ඩ් චින්තනයක් තියෙන සම්මතය ගරු කරන මිනිහෙක් වෙද්දි ප්‍රංශ කොල්ලයි කෙල්ලයි ඔඩ් ජීවිතයක් තියෙන ජීවිතේ රිස්ක් කියන ඒව ගන්න විප්ලව වල බෝතල් විසි කරන ඩයල්නේ. එහෙම දෙපාර්ශවයකට පොදු ගමනක් තියෙන්න බැරි කම තමයි චිත්‍රපටිය අවසානෙදි මම අරගත්තු එක.

    ReplyDelete
  8. ay evea ta bra ekak anduwe yko...?

    ReplyDelete