Wednesday, October 16, 2013

Clip (2012) ජනනේන්ද්‍රිය පෙන්වන ක්ලිප්

ක්ලිප් කියන ෆිල්ම් එකේ කුනුහරුප තියෙන රූප රාමු තියෙනවා. ගොඩක්ම පොඩි ළමයි බලන්න ඕනි නැති එකක්. 

පියා ලෙඩවුනු පවුලක කෙල්ලෙක් වටා තමයි මේ සිනමාපටය දිවයන්නේ. පියා ලෙඩවුනා කියලා මේ තරුණ දුවනියට ඒ ගැන එතරම් ගානක් නැහැ. ඇය මත්ද්‍රව්‍ය ගනිමින් සමාජ ශාලා වලට ගිහිල්ලා නරක දුවනියක බවට පත්වෙනවා. ඒ වයසෙ විදියට ඒ ගෑනු ලමයා ඉන් පස්සෙ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධ වෙනවා. අවසානෙ ඒ දෙන්නා අවශේෂ ලෝකන් විශේෂ වෙලා ජෝඩු වෙලා වර්ගයා බෝ කරන සරල සාම්ප්‍රදායික පවුල් පසුබිමට අනුගත වෙනවා ඇති. මේ සිනමාපටය අපේ රටේ සම්භාව්‍ය කියල සලකන සිනමාපට වගේ. නමුත් ඒ ලංකාවෙ ෆිල්ම් තරම් බෝරිං නැහැ. 

ඒ ෆිල්ම් එකේ ෆෝන් එකක් හැමතිස්සෙම පෙන්වන්නෙ ඇයි...

ෆෝන් එක ආවට පස්සෙ අපේ ජීවිත ෆෝන් එකට අනුව වෙනස් වුනා. විශේෂයෙන්ම අනූව දශකයේ තරුණ ජීවිත සහ අද බස් වල යන තරුණ ජීවිත වෙනස්. ෆෝන් එක අපි වගේ නාකි තරුණයෝ වගේම යොවුන වයසේ ඉන්න අයත් වෙනස් කරන ලොකු සාධයක් වෙලා. පෝන් එක නිසා ළමයි ගොඩක් නරක් වෙනවා කියන අම්මල තාත්තල ඉන්නවා. නමුත් එදා ට වඩා ෆෝන් එක හොද දෙයක් වගේම නරකකුත් සිද්ද කරනවා.ෆෝන් සහ අන්තර්ජාලය විසින් ළමයා නරක් කරනවා කියලා ඒවයින් ඈත් කරලා ළමයා බල්ලෙක් වගේ කූඩුවක දාල ඇති කරන්න ගන්න උත්සාහය, ඒ ළමය ඇත්ත ලෝකෙන් ඈත් වෙන්න හේතු වෙන්න පුලුවනි. 


මේ ලග දවසක මම බස් එකේ යනකොට මම ගියේ වීදුරුව අයිනෙ. ටවුං හෝල් හරියෙන් ඒ අසුන හිස්වුනා. ඒ වෙලාව හැන්දෑවෙ හතට විතර ඇති. එකපාර ටිකක් මහත ලක්ෂණ යුවතියක් ආවා. එයා නිළඇදුම අනුව ජාතියේ විශ්වාස බැංකුවේ(Nations trust Bank) වැඩකරන යුවතියක්. වැඩිය බලන්න බැහැ. මගේ සීට් එක ලගමයි. කෙල්ල ටිකක් මහතයි. මගේ අත හෝ උරහිස එයාගේ අතේ වැදුනා. ඒක එහෙම වුනේ මගේ වනචර කම නිසා වෙන්නත් ඇති. ඒත් ඉතාම සුලු වෙලාවකින් ගෑනු ළමයා ඒ ස්පර්ශය විදින්න හුරු වුනා. එයා ආපු වෙලාවෙ ඉදලා පෝන් එකේ වැඩ.

පෙනුනු විදියට සැම්සුන ගැලක්සියක්. මගේ පෝන එකත් ඒ ජාතියෙමයි.. මාත් පෝන් එකේ ඇප් එකක් දාගෙන වැඩ. එයා චැටක මාත ්චැටක. ඉතිං සමාරවිට එයා කොල්ලත් එක්ක චැට් නොකරනවා වෙන්නත් ඇති. මාත් කෙල්ලෙක් හෝ ෆේක් එකක් හෝ මොකක් හරි එක්ක චැට් කලා.  දෙන්න එකලග සීට් එකේ වාඩිවෙලා අත් හප්පගෙන ගියත් ලෝක දෙකක යන්නෙ. දෙන්නම එකපාර ෆෝන් දෙක ශට් ඩවුන් කරගෙන හායි කියලා කතාවක් පටන් ගත්තනම්... ඒක කොයි තරම් ස්වාභාවිකද?

නමුත් එහෙම වෙන්නෙ නැහැ. ෆේස්බුක් කියන්නෙ වෝල් එකක් තියෙන තැනක්.. මේක වෝල් එකක් කිව්වම මම හිතුවෙ අර කැටපත් පවුර වගේ ආතල් එකට කවි ලියන සෙයා කරන කමෙන්ට් කරන තැනක්කියලා. නමුත් මිනිස්සු ගැටෙන හමුවෙන තැනක එකිනෙකා පුද්ගලික ලෝකවල තනිකරල සමාජයෙන් ඈත් කරන ලොකු වෝල් සිස්ටම් එකක්මේ ස්මාට් ෆෝන් හරහා එනවා. 

ඒ විදියට ජංගම දුරකථන මගින් වැට බැදලා ඈත් කරලා ජීවත් වෙන ජීවිත වල ෆෝන් එකත් එක්ක තියෙන ගනුදෙනුව. සහඒ තුල යොවුන් පරපුර කොටුවෙන පටු තැන් ටික ගානට කදිමට මේ සිනමා පටියෙ කියා ල තිබෙනවා. එ් සිනමා පටිය දුවන්නෙ කෙල්ලගේ ෆෝන් එකෙන් ගන්න ක්ලිප් මත. කොටින්ම ඉස්සරම කාලෙ විදිය අනුව මුලින්ම  කෙල්ල කතාව කියනවා වගේ තැනකින්. ඒක අලුත් දෙයක්ම නෙමෙයි. නමුත් මේ ෆිල්ම් එකේ ඒ මොබයිල් ෆෝන් එකකින් ජීවිතය දකින ආකාරය හොදට පෙන්වනවා.. 

කෙල්ල ලස්සන වුනා ට පුක නැහැ. 
ලංකාව ඉන්දියා වැනි රටවල හැදෙන බොහොමයක් සිනමා කෘති වාණිජමය ඒවා. ඒවා තුල බොහොවිට නිර්මාණය වෙන්නෙ තාත්වික නොවන රූපරාමු. ලස්සන සහ කෘතිම බව තුලින් ඔප්නංවපු අමුතු ලෝකයත්තමයි ජනප්‍රිය හින්දි දෙමල චිත්‍රපට බෝමයක තියෙන්නෙ. නමුත් ඉන්දියාවෙ ෆිල්ම් බලන මිනිස්සු අතිබහුතර  ඇත්ත ලෝකෙ පට්ට වෙනස් නෙව. 

මේ  කෙල්ලට පුක නැති සින් එක වැදගත් නැති දෙයක් විදියට දකීවි බලන අය. නමුත් සිනමාපටය පුරාවට පස්ස අඩුයි කියන එක ඉස්මතු කරන්න අධ්‍යක්ෂතුමා උත්සාහ ගන්නවා. සමහර විට මේ සිනමාපටියේ දැරිය යොවුන් වියේ මුල් කාලෙ ඉන්න දැරියක් කියලා පෙන්වන්න එහෙම කරනවා ඇති. අනික් කාරණය තමයි මේ ගෑනු ළමයාගේ සෞන්දර්යය ගැබ් වෙලා තියෙන්නෙ ඇගේ කදේ නෙමෙයි මුහුනෙ. නැති දේ ඇති කරලා පෙන්වන. ඇති දේ විසාල කරලා පෙන්වන ලෝකෙ නැති දේ නැති විදියටම පෙන්වන එක අමුතු දෙයක්. 

කතාවෙ පරම්පරා තුනක් ඉන්නවා නේද?
ඔව් ගෑනු ළමයා සහ නංගී එක් පරම්පරාවකත්. සීයා ආච්චි තවත් පරම්පරාවකත් අම්මා තාත්තා තවත් පරම්පරාවකත් මේ සිනමාපටියෙ පෙන්නුම් කරනවා. 

මෙ ෆිල්ම් එකේ ජනනේන්ද්‍රියන් බොහොම ලංකරලා පෙන්නනවා. ජනනේන්ද්‍රියන් බලන්න කැමති අයටත් වැදගත් එකක් වේවි. ඒ වගේම මතට අකැප දේට නතුවෙලා ඉන්න තරුණයින් යොවුන් කස්ටිය ජීවිතේ ගැඹුර ගැන නැවත වතාවක් හිතන්න මේ ෆිල් ම් එක නිසා පෙළඹේවි. මේක වැඩිිහිටියන්ට පමණයි එකක් වුනාට විනාසෙවෙමින් යන යොවුන් දරුවෙකුට ඔහු යන මාවත කැඩපතකින් වගේ දැකගන්න ලැබන දුර්ලභ අවස්ථාවක් මේ ෆිල්්ම එක හරහා ලැබෙනවා.

පට්ට සරල ගෙදර බල්ලටත් තේරෙන විදියට තියෙන ෆිල්ම් එක මගේ වචන පන්ඩිත වැඩි නිසා තව ටිකක් බර වෙනවා.මගේ විස්තරයට වඩා ෆිල්ම් එක ගති. හොයාගෙන බලන්න. හැබැයි ජීවිතයේ ලස්සන පාර්ශවය පෙන්වන එකක් නම් නෙමෙයි. 

මේ අයි එම් ඩී බී ලිංක් එක..

14 comments:

  1. ෆිල්ම් බලන්ඩයි බ්ලොග් ලියන්ඩයි කොහෙද බං උඹට මෙච්චර වෙලාව ලැබෙන්නේ

    ReplyDelete
  2. මගේ movie collection එකේ තවමත් නොබැලූ ගොඩේ තියෙන film එකක් මේ... හෙට අනිවාර්යෙන් බලන්න ඕනෙ... මේ ලිපිය නිසා යට ගිහින් තිබුනු උනන්දුව උඩ ආවා. thanz

    මේ film 1 අද්‍යක්ෂණය කෙලේ maja milos කියන කාන්තාව. වැඩි වයසක් නෑ. තවම අවු.30යි. 2002 හෝ 2003 විතර කාලෙ ඇය කලා සි ‍ටු ටිමසින් කියල කෙටි චිත්‍රපටියක්. ඒක බලුවම පේනව ඇය ඉතා හොඳ අද්‍යක්ෂිකාවක් බව. ඉස්සරහටත් හොඳ වැඩ ටිකක් කරයි.
    clip කැමති අය මේ link එකෙං බාගෙන බලන්න.
    clip movie torrent

    //විනාසෙවෙමින් යන යොවුන් දරුවෙකුට ඔහු යන මාවත කැඩපතකින් වගේ දැකගන්න ලැබන දුර්ලභ අවස්ථාවක් මේ ෆිල්්ම එක හරහා ලැබෙනවා//
    මේ අදහස සහ වැඩිහිටියනුත් අනිවා බැලිය යුතුයි යන අදහස ඇතුව මමත් film එකක් ගැන පොඩි සටහනක් ලිව්වා. කැමති අය ගිහිං බලන්න.
    ජීවිතය ජාල'ගත කර කෙලවා'ගැනීම : Disconnect

    ReplyDelete
    Replies
    1. පොඩි ටයිපිං මිස් එකක් : කෙටි චිත්‍රපටියෙ නම si tu timazin

      Delete
  3. ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන් ඉන්න ඕනෙද මුලින් , torch බ්‍රව්සර් එකෙන් පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් ෆයිල් එක අරගෙන බිට් ටොරන්ට් මියු ටොරන්ට් වේගසොෆ්ටයාර් එකකින් ඕපන් කරලා ඩවුන් කරන්න..

      Delete
    2. හ්ම්ම් thanks කරලා බලන්නම්

      Delete
  4. මාත් උඹ වගේම නාකි තරුණයෙක්.

    කාලයක් පාවිච්චිකරපු හම්පඩ ෆෝන් දෙක ගොඩගන්නම බැරිතැනට ආවම මායි අපේ ගෑණියි දෙන්නම ලඟදි ස්මාට් ෆෝන් දෙකක් ගත්තා. ඊයෙ වැඩට එනකොට වෙනදා මට වාතයක් වෙනකම් කියවන මනුස්සයා මෙන්න ඉයර් ෆෝන් කනේ ගහන් සිංදු අහනවා! මට එවෙලෙ හිතුනෙත් මේ උඹ කියන දේ මයි. ඒ විතරක් නෙවෙයි, කෝච්චියෙ මගෙ වටේ හිටපු මිනිස්සු ඔක්කොම වගෙ ස්මාට් ෆෝන් එක්ක ගනුදෙනු! ලෝකය මනුස්ස සබඳතා අතින් නරක පැත්තකට වෙනස් වෙනවා කියලා මට හිතුනා.

    මම හිතුන දේ හිතේම තියාගත්තා, උඹ හිතුන දේ බ්ලොග් එකක ලිව්වා! ජය!

    ReplyDelete
  5. film ekak balapu kaalayak mataka na....
    ane matath asai blog liyanna. mama danne nane kohomada kiyala

    ReplyDelete
    Replies
    1. මුලින්ම සිංහලෙන් ලියන්න පුරුදු වෙන්න..,කැමතිනම් මම බ්ලොග් එකක් හදන්න උදව් කරන්නම් ..chamiblogz@gmail.com

      Delete
    2. anee thanks ayya..... mata sinhala key board eka puluwan...

      Delete
  6. උබත් හොද හොද ෆිල්ම් හොයාගන්නවා නේද ..

    ReplyDelete
  7. මේ මසේ අන්තිමට බාගන්ඩ කියලා ලිස්ට් එකට දාගත්තා.

    ReplyDelete
  8. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  9. අපිත් නාකි තරුණයෝ නෙව. බලමු. බලමු. මේ වගේ ඒවාට මමත් ආසයි.

    ReplyDelete