Thursday, November 7, 2013

කෝමළ නම් ගේටු පුත්‍රයානෝ ghetu putro komala

මිනිස්සු හැමෝම බුද්ධිමත් සහ කපටි නැහැ. කපටි සහ බුද්ධිමත් මිනිස්සුන්ට විශාල ධනයක් සහ බලයක් ලැබෙනවා සාමාන්‍ය ලෝකෙදි. ඒ අය තියෙන සම්පත් වල සියලු වාසි තමුන්ට එන විදියට වැඩ සලස්වා ගන්නවා. මේ ඇති වෙන කපටි බුද්ධිමත් පිරිස ධනවතුන් විදියටත් එහෙම නොවන අය නිර්ධන පන්තිය විදියටත් කාලයක් හැඳින්නුවා. අද ඊට වඩා සංකිර්ණයි. ඒත් මොන විදියට බැලුවත් කපටි සහ බුද්ධිමත් ගතිය තියෙන ආත්මාර්ථකාමී මිනිස්සු සමාජයේ ධනවතුන් අතරත් එසේ නොවන කම්මැලි, කපටි නොවන තර්ක බුද්ධිය අඩු මිනිස්සු සමාජයේ දුප්පතුන් අතරත් සුලභයි.

ලංකාවෙ ගත්තොත් අන්ත දුප්පත් මිනිස්සු අතර දුප්පත් කමට සාධක විදියට කය වෙහෙසා වැඩකරන්න තියෙන කම්මැලි කම, බුද්ධියෙන් අඩු බව, කපටි බවින් අඩු ගතිය දක්වන්න පුළුවනි. මේ විදියට සමාජයේ ඉතාම අඩු වැටුප් ලැබෙන පිරිසට රැකියා අඩුයි. ඒ නිසා එයාල ඉතාම ලාභ ශ්‍රමිකයො විදියට වෙළඳ කලාප කම්හල් හරහා විකිනෙනවා. මෙහෙදි එයාලගේ ශ්‍රමයට විකිනෙන්න තැනක් නැතිවෙනකොට පිටරට යනවා. ගෘහ සේවය, රියදුරු කම්කරු වගේ පහලම රැකියා වලටත් ලංකාවෙන් පොදි ගනන් මිනිස්සු යනවා පිටරටට. ගෘහ සේවිකාවො සහ කම්කරුවො රට ගිහින් ගන්න සල්ලි වලිං දුවන ආර්ථිකයක් කියන්නෙ රටට ආඩම්බරක් හසන්ත. බලන්න හසන්ත අපේ කාන්තාවො සයිප්‍රස්,සෞදි වගේ මරක්කල රටවලදි වගෙම කාලයක් ලංකාව වෙන්න සිහින මවපු සිංගප්පූරු මැලේසියා වගේ රටවලත් ගිහිං මිනිස්සු සතුටු කරන හැටි. කාටද ආඩම්බර?

එහෙම ගෘහසේවෙට ගිහිපු අම්මා කෙනෙක් ආයෙත් ලංකාවට ඇවිත් නැවත වතාවක් රට යනවා බොහෝ විට. ඒ දකින ගමේ වගේම නගරේ බුද්ධිමත් යැයි සිතන පිරිස ආන්න අර ගෑනි අරාබි මිනිහගේ සැප හොයාං ආපහු යනවා යැයි කියලා කෝචොක් කරනවා. එහෙම කෝචොක් කරන එක ඒ කෝචොක් කරන අයට සැනසීමක්. මොකද රට දුප්පත් නිසා අපේ ධනවතුනගේ තියෙන මල පෙරේත කුනුකම නිසා දුප්පත් වෙච්චි ඒ මිනිස්සු රට යනවා කිව්වම පොඩි නෝන්ඩියක් අපටත් එනවා. ඒ නිසා වඩාත් වාසියි ඒ ගෑනු යන්නෙ “හොදට කෑම ටික කාල, බාබා එක්ක බුදියගෙන උන්ගේ කල දවස ගෙවාගන්න“ කියලා චෝදනා නගන එක.

ඇත්තටම වෙන්නෙ මොකද්ද ඒ මනුස්සයා එවන හො ගේන සල්ලි ටික හසුරුවාගන්න ඒ අයට බුද්ධිය නැති එක. නැත්නම් ගෙදර ඉන්න ළමයි, තාත්තා වගේ අයගේ නොමනා වැඩවලට සල්ලි ටික වියදම් වෙන එක. අනික මහ සල්ලියක් ලැබෙන්නෙත් නැහැ නෙව. තිස් දාහක් මාසෙට ඉතිරි කරන ගෘහ සේවිකාවක් අවුරුදු දෙකටම හම්බ කරන්නෙ රුපියල් 30,000*24 =720,000 වගේ මුදලක්. සරලව හිතුවොත් ලක්ෂ හතක්. ලක්ෂ හතෙන් අද කාලෙ කාමරයක් දෙකක් හදාගන්නවා හැර ලොකු ගේ කෑල්ලක් ගහගන්නත් බැහැ. අනික එහෙ ඉඳලා මෙහෙ ආවම. එක්කො මිනිහ වෙන ගෑනු එක්ක. ළමයි නන්නත්තාර වෙලා. එ මදිවට අරාබියෙදි දැකපු කිසි සැපක් නැහැ. එකපාර ඩොග් ගාල නරකයටම වැටිල.

ඒ ඇවිත් බලනකොට ආශ්චර්ය දේසෙ කලිංටත් වඩා රස්සා අඩුයි. තියෙන රස්සා කෑලිටිකටත් චීන්නුයි ඉන්ඩියන් කාරයොයි පැනල. අඩුතරමෙ තමුන් රට හිටියම ගෙදර ඉන්න හිකනැලා වගේ මිනිහයි..පනු පැටවු වගේ දරුවො ටිකයි බඩට කාල හරි හොදට ඉන්නවා. අඳින ඇඳුම හරි හොදට තියෙනවා. ඒ වගේම පුද්ගලිකව බැලුවොත් තමුන්ටත් කාල බීල ටිකක් සන්තෝසෙන් හිටිය හැකි මේ අපායෙන් මිදිල. ඒ නිසාම ඒ ඇත්තො ආයෙ අරාබි බාබාව බලාන්ට යන්න හිතනවා.

මම අද කතාකරන්න යන්නෙ ඊයෙ බලපු ෆිල්ම් එක ගැන. ලංකාවෙ ගෘහ සේවෙට ගෑනු රට ගියාම පවුල් නන්නත්තාර වෙනවා. ඒ දරුවන්ට අම්මාලව නැති වෙනවා. මේ කෝමල නම් ගේටු පුත්‍රයාගේ කථා වස්තුවේ සඳහන් වෙන විදියට මෙහිදී අම්මා ගෙදර ඉද්දි පුතා තමයි ආදායම් මාර්ගයක් විදියට විකුනන්නෙ. එහෙම විකිනෙන පුතාගේ සහ ඒ සංගීත කන්ඩායම තමයි චිත්‍රපටියේ ප්‍රධාන තේමාව. ෆිල්ම් එක බැලුවොත් කලාත්මක දේ කරන කෙනෙකුට ගන්න පුලුවන් අදහසක් තමයි චරිත වලට සාධාරනය ඉෂ්ඨ කරන ආකාරය. වංශාධිපතියා කියන්නෙ මේ ෆිල්ම් එක අනුව නරක චරිතයක් වුනාට වංශාධිපතියා ද වෙනත් බොහෝ මානුෂිය ගුණාංග වලිං පිරුනු කෙනෙක් විදියට දක්වන්න සිනමාකරු උත්සාහ ගන්නවා.

කෝමල නම් ගේටු පුත්‍රයාගේ කතා වස්තුව අලළා නිර්මාණය කෙරුන මේ සිනමාපටය බංගලිදේශ කලාකාරයෙක් වෙන හුමායුන් අහමඩ් ගේ අවසාන සිනමා පටිය. හුමායුන් අහමඩ් කියන්නෙ බංග්ලාදේශයේ විප්ලවීය කලාකරුවෙක්. හුමායන් අහමඩ්ගේ අවසාන චිත්‍රපටිය තමයි මේ. එතුමා පිළිකාවක් හැදිලා ගිය අවුරුද්දෙදි නිව්යෝක් නුවර රෝහලකදි මැරිලා. අන්තර්ජාලයේ දැක්ක විදියට වර්ථමාන බෙංගාලයේ විප්ලවීය ග්‍රන්ථ කර්තෘවරයෙක් තමයි හුමායන් අහමඩ්. (අපේ අය නම් තාම මම හිතන්නෙ රබින්ද්‍රනාත් තාගෝර්, සරත්චන්ද්‍ර චට්ටෝපාද්‍යෙගන් එහාට බෙංගාලය ගැන දන්නෙ නැතුව ඇති..)

ගේටු පුත්‍රෙයා කියන්නෙ පොඩි කොල්ලො ජාතියකට. උන් වංශාධිපතියන්ට ආතල් පිණිස නටනවා. එදා නෙමෙයි අද වුනත් අධිපතින්ගේ හිතගිය නාටිකාංගනාවන්ට සිද්ධ වෙන්නෙ මොකද්ද? අධිපතියාගේ ජරා කෑල්ලට ආතල් දෙන්න සිද්ධ වෙන එක. නමුත් ඒ නාටිකාංගනාවන්ට එදා වගේම අදත් විශාල රන්මසු රිදී කාසි ලැබෙනවා.නාටිකාංගනාවො එයාල මැරෙන්න කිට්ටුව සිහි විකල් වෙලා කිව්වොත් හැරෙන්න එයාල ගෙවන ගණිකා දිවිය ගැන වචනයක් පිට කරන්නෙ නැහැ. ඒ ගේටු පුත්‍රයාටත් ඒ වගේ නටනවාට අමතරව කරන්න වෙනම රාජකාරියක් තිබෙනවා.ඒ රාජකාරි වටපිටාවෙ සිද්ධ වෙන අවුල් ගැන තමයි කතා වස්තුවෙන් කියවෙන්නෙ.

ෆිල්ම් එකේ මියුසික් සහ රඟපෑම් ආදිය සුපිරියටම නැහැ. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. නමුත් ෆිල්ම් එකේ කතාව විසින් ඒ සියලු අඩුපාඩු මැකිලා යනවා. කතාව ප්‍රබල ලෙසම සිනමාකරුවා විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. එවක සමාජයේ මුස්ලිම් ආගමික මතවාදයන් සහ ආගමික නැඹුරුවත් අධ්‍යක්ෂවරයා විසින් දැඩි ලෙස ප්‍රශ්ණ කරනවා.

ෆිල්ම් එක ටිකක් නරක කතාවක් මත පදනම් වෙච්චි එකක්. ෆිල්ම් එක ඉවරවෙලා හෝල් එකෙන් එලියට එනකොට මම හිතුවෙ ගෑනු අඩ අඩ එලියට ඒවි කියලා. නමුත් වෙනද වගේම ගෑනු හිනාවෙවි හෝල් එකෙන් එලියට බැස්සා. ඇඬෙන්නෙ නැති එක වෙනම කතාවක්. ඒත් හිනාවෙන්න දෙයක් ඒ සමස්ථ කතාව ඇතුලෙ තිබුනද? පුදුමයි. ඇත්තටම ලංකාවෙ ඔය වගේ ෆිල්ම් බලනකොට මිනිස්සුන්ගේ රියැක්ෂන් ෆිල්ම් එකට සමානුපාතික නැහැ. ඒ කියන්නෙ ෆිල්ම් එකේ අඩනකොට හෝ ගාල අඩන්න ඕනි කියන එක නෙමෙ අඩු තරමෙ දැඩිව හිනා නොවී ඉන්නවත්.. හැඟීමක් නැහැ. එක අතකින් ගෑනු හිතනවා ඒ ගාපු මේක් අප් ටිකට,ඇඳපු සෙක්සි ඇඳුමට හිනාවක් අවෙ නැත්තං පොඩි මදි කමක් එනවා කියල. ඒ නිසා එයාල ෆිල්ම් එකේ මොක උනත් එලියට බහිනකොට සිනාවෙලා එලියට බහිනවා.

මේ දවස්වල චොගම් නිසා කස්ටිය කලබල වෙලා. චොගම් වලට ෆිල්ම් පෙන්වනවා ෆිල්ම් කෝපරේෂන් එකේ. වැඩිය කස්ටිය නැහැ. එන්න බලන්න. ලෝකෙ වටේ වැදගත් ෆිල්ම් රාශියක් තිරගත වෙනවා. අපේ සල්ලි විනාස කරනවා කියලා ලංකාවෙ මිනිස්සු මොරදුන්නාට කස්ටිය වැඩිය නැහැ ඇවිත් හිටියෙ. මමනම් ඔය වගේ ආන්ඩුවෙන් නිකං තියෙන ඉවන්ට් වලට පැනලා යනවා. මොකද අපේ සල්ලි නම් ආන්ඩුව වියදං කරන්නෙ ඒ තැන් වලට අපි යන්න ඕනි. කවුරුත් නැති වුනා කියල ඉවන්ට් කැන්සල් වෙන් නැහැ නේ. මේක නිකං ඌරයි මාලු මුහුදු ඌරයි ඇගේ තියල කපනව වගේ දේශපාලනික වැඩක්.

කෝමළ නම් වූ ගේටු පුත්‍රයා (ghetu putro komala) කියලා ගූගල් සෙවුමක් කලාම යූ ටියුබ් එකෙත් ෆිල්ම් එක තියෙනවා පේනවා. නමුත් කලබලේට අර ටර්මිනේටර්, සුපර්මෑන් බලනවා වගේ පයිට් සහ වලි බලන්න දුවන් නැතුව නිවිසැනසිල්ලෙ බලන්න ඕනි කතාවක් කියලා තමයි මට හිතෙන්නෙ.

6 comments:

  1. \\\\\\\\\මමනම් ඔය වගේ ආන්ඩුවෙන් නිකං තියෙන ඉවන්ට් වලට පැනලා යනවා. මොකද අපේ සල්ලි නම් ආන්ඩුව වියදං කරන්නෙ ඒ තැන් වලට අපි යන්න ඕනි. කවුරුත් නැති වුනා කියල ඉවන්ට් කැන්සල් වෙන් නැහැ නේ. \\\\\\

    ඒක ඇත්ත .... ෆිල්ම එකත් බලන්න ඕනේ ....

    ReplyDelete
    Replies
    1. /////කවුරුත් නැති වුනා කියල ඉවන්ට් කැන්සල් වෙන් නැහැ නේ. \\\\\\

      මොන පිස්සුද, මෑතකදි නෙලුම් පොකුණ ලඟින් පටන් අරන් කොටුව දක්වා එන්න තිබ්බ පාගමනකට රට පුරා පාසල් වල ළමයින්ට එන්න කියල තිබ්බ. පාගමන ජනා.ආර්්‍යාව පටන් අරන් පොකුණ වටේ එක වටයක් ගියා. හොඳටම හති.. කොටුවට යන්න තිබ්බ ගමන එතැනින් ඉවරයි. ඊටත් පස්සෙ බස් අරගෙන දුර සිට ආපු ඉස්කෝලවල ළමයි.. පාගමන අහවරයි කියල යන්න ගියාලු !!

      Delete
  2. ෆිල්ම් එකේ නමත් ඇහුවෙ අද.. !!

    බලමුකෝ..

    ReplyDelete
  3. අනේ බං ෆිල්ම් බලන්න කෝ වෙලාවක්

    ReplyDelete
  4. අමිල.......මේ කියන්නේ බංගලාදෙශ් චිත්‍රපටියක්ද නැත්නම් ඉණ්දියාවේ බටහිර බංගාලි ෆිල්ම් එකක්ද...බෙංගාලි සිනමාව ලෝක සිනමාවට ලොකු දායාද දුන්නා.සත්‍යජිත්, ඝටක්,මිර්නාල් සෙන්, අපර්නා සෙන් වගේ අය. බංග්ලාදේශ් සිනමාව ගැන නම් නොදන්නේ ඒ තුලින් දක්ෂයින් බිහි නොවුන නිසාද දන්නේ නැහැ.

    ReplyDelete