මැන්ඩෙලා හිරගෙදරදි කලේ මොනවද?
මැන්ඩෙලා හිරගෙදරදී ඉගෙනගත්තා. ඔහු සිරගත වන විට වයස හතලිස් ගනන් වල හිටියෙ. ඒ කාලෙදි ඔහු උපාධි විභාග වලට මුහුනදුන්නා. උපාදි විභාග වලදි, මැන්ඩෙලා සිරගත වෙලා තිබුනත් පාඩං කරල තිබුන නිසා සමත් වුනා. සමහර විභාග වලදි මැන්ඩෙලා අසමත් වුනා. එතකොට ඒ විභාග අසමත් වුනේ ඇයි කියලා මැන්ඩෙලාගෙන් සමහරු ප්‍රශ්ණ කලා. එතකොට මැන්ඩෙලා උත්තර දුන්නෙ ඒ විභාග ෆේල් වුනේ දාම් ඇදීම නිසා කියලා. මැන්ඩෙලා සහ පිරිස කරපු පොඩි පොඩි දේශපාලනික සටන් නිසා දේශපාලන සිරකරුවන් වුනු ඔවුන්ට දිනාගත හැකි වුන එක ජයග්‍රහනයක් තමයි ක්‍රීඩා කරන්න ලැබුන පහසුකම. දාම් අදින්න මැන්ඩෙලා හරි දක්ෂයි. නමුත් එක ඉත්තෙක් අදින්න ඔහු පුුදුම වෙලාවක් ගත්තා. දාම් ක්‍රීඩාවෙදි මෙ වෙලාව ගැනීම නිසාම මැන්ඩෙලාට සමහර උපාධි සම්ත්වෙන්න බැරිවුනා.කියලා ඔහු කියලා තිබෙනවා.
මැන්ඩෙලා කියන්නෙ ඔහු විසුව හැම පරිසරයකදීම මිනිසුන්ට නායකත්වය දුන්න මිනිහෙක්. මැන්ඩෙලාට නායකත්වයට එයා ඉන්නෙ හිරේද එලියෙද නැත්තම් නිවාස අඩස්සියෙද කියන එක වැදගත් වුනේ නැහැ. මැන්ඩෙලා වෘත්තියෙන් නීතීඥයෙක්. ඔහු හිරේට ගියාම දකිනවා ගොඩක් මිනිස්සු නිසියාකාර නීති උපදෙස් ලබාගන්න හැකියාවක් නැති කමින් අසරණ වෙලා හිරගෙට ඇවිත් තිබෙනවා කියලා. රෑ නිදිවරාගෙන තමුන්ගේ සහෝදර සිරකරුවන්ගේ නඩු වලට අවශ්‍ය ගොනු සම්පාදනය කරලා දුන්නා. මැන්ඩෙලාගෙන් නීති උපදෙන් ගත්ත, ඈත අංගනයක ඉන්න සිරකරුවෙක් මැන්ඩෙලාව හරියට දැකලත් නැහැ. නමුත් සිරගෙදර මැන්ඩෙලාගේ කන්ඩායම තනාගෙන තිබුන සන්නිවේදන ජාලය හරහා ටොයිලට් පේපර් වැනි ඉතාම ප්‍රාථමික මට්ටමේ ඉඳලා තොරතුරු හුවමාරු ක්‍රමවේද තිබුනා. මැන්ඩෙලා සාමාන්‍ය ජීවිතයේදී එක් හමුවීමකින් නිරාකරණය කරලා නීති උපදෙස් ලබාදෙන්න පුලුවන් ගැටලුවකට මැන්ඩෙලාට හිරගෙදරදි මාස ගනනාවක් ගියාලු. මැන්ඩෙලා ඒකෙන් විශාල මානසික සතුටක් ලබාගෙන තිබෙනවා. කෑම ගැනීමට පෝලිමේ යෑමේදී ඉඳහිට සගයෙක් මැන්ඩෙලාගේ කණට කොඳුරා කරන ස්තූතියක් ලැබෙන වෙලාවලුත් තිබුනාලු.ඒ මැන්ඩෙලා ගේ උදව්වෙන් නඩුවක් ගොඩ ගිහිපු සිරකරුවෙක් වෙන්න ඇති.
මැන්ඩෙලා ගෙ සෙට් එක කතා කලේ මොනවද?
මැන්ඩෙලා සහ ඔහු සමග සිටි දේශපාලන සගයින් සියල්ලම බොහෝ කලක් සිටියෙ රොබන් දූපතේ සිරකඳවුරක. මැන්ඩෙලා සිරගත වන විට ඔහුගේ දෙවනි කසාදයේ දුවනිය අවුරුදු තුන හතරක වයසේ පසුවුනා. සිර ජීවිතයෙන් නිදහස් වෙලා එනවිට ඒ දුවට අවුරුදු තුන හතරක දුවෙක් ඉන්නවා. සිර ජීවිතයෙන් නිදහස් වෙනකොට මැන්ඩෙලා සීය කෙනෙක්.
මැන්ඩෙලා සහ පිරිස එකම සිරකඳවුරක එකම අංශයකට ඇතුලත් කිරීම පාලකයන් විිසින් කරපු වරදක්. ඔහු සහ පිරිස වැඩිපුරම වාද කලේ සමහර සුළු දේවල් වලටලු. වරක් අප්‍රිකාවේ කොටි ඉන්නවාද නැද්ද යන වග ගැන කරපු වාදයක් දුර දිග ගිහින් ගුටි හුවමාරුවක් පවා ඇතිවන්න ගියාලු. අප්‍රිකාවෙ කොටි ඉන්නවාද නැද්ද කියන කාරණාව ඒ සෙට් එකතෙිබුන විසදගන්න බැරි ජාතික ගැටලුවක් වගෙ එකක්ලු. එක එක අය එක එක මත නියෝජනය කරලා වාද විවාද කරගෙන තිබුනා.
ඒ වගේමයි සුන්නත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩෙලාගේ මතය වුනේ ඒකහොඳයි කියන නැත. ඔවුන් සිරකඳවුරේ සිරකරුවන් සුන්නත් කිරීමට සුලු වැඩපිළිවෙලක් පවා සකස් කරලා තිබිල තියෙනවා.
අවුරුදු විසිහතක රොබන් දූපත් සිර ජීවිතයෙන් කෙලින්ම ඩොග් ගාල මැන්ඩෙලා නිදහස් කලේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් මැන්ඩෙලා වෙනත් සිරකඳවුරකට මාරු කරලා එයින් පස්සෙ වෙනත් නිවාසයක නිවාස අඩස්සියේ තබාලා අවසානෙ නිදහස ලබාගන්නවා. ඒ්ත එක්කෙම මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික සංගමය කියන සංවිධානයේ තහනම සහ තමුන් සමග දේශපාලනික සිර දඩුවම් වින්ද බොහෝ දෙනා නිදහස් කරගන්න අවස්ථාව මැන්ඩෙලාට ලැබුනා.
ඔහු සතුව තිබුනු අමුුතු ගතිගුන ගොඩයි. ඒත් ඔහු කිසිම දවසක අසාමාන්‍ය චරිතයක් කියලා හඳුන්වගන්න උස්සාහ ගත්තෙ නැහැ. ඔහු නිකම්ම නිකම් සාමාන්‍ය මිනිහෙක් වෙන්න ගෙඩාක් උත්සාහ කලා. මැන්ඩෙලා හැමදාම ව්‍යායාම කලා. ඔහුට වැඩ නොතිබුන සිර ජීවිත කාලෙයේදී ඔහු තනිවම ලැබුන ඉඩකඩේ පවා ව්‍යායාම කටයුතු කලා. මැන්ඩෙලාට ජනපති කම ලැබෙන්නෙ බොහෝ මහළු වයසදෙි. මම හිතන්නෙ මැන්ඩෙලා ජනාධිපති වෙනකොට අවුරුදු හැත්ත පහක් විතර ඇති. ඒත් ඔහුගේ ස්මරණ ශක්තිය, ක්‍රියාකාරිත්වය අවුරුදු අනූ ගානක් යනතෙක් සුපිරියටම තියෙන්න මැන්ඩෙලා දිනපතා සිතා බලා ව්‍යායාම කිරීම හේතුවාසනා වෙන්න ඇති.
යාලුවන් වැඩිය උනන්දු නොවුන මැන්ඩෙලා හැමදාම උනන්දු වුන තව රාජකාරියක් තමයි වැවිල්ල. හිරේදි රැවුල් කොන්ඩ වැවෙන එක සාමාන්‍යයි. නමුත් මැන්ඩෙලා එතනින් නොනැවතී තමුන් හිටපු හැම සිර කඳවුරකදීම කුඩා ගෙවත්තක් පවත්වාගෙන යන්න උත්සාහ ගත්තා. මැන්ඩෙලාගේ ඒවගේ සමහර පුරුදු තිබුනා, ඔහුගේ සිරගෙදර ආරක්ෂකයින්ගේ පවා ආකර්ශනය ලැබෙන පුරුදු. ඔහු තට්ටු නිවාසයක සිර කර තිබුන සිර ජීවිතේ අවසාන අවධියේ ඔහු ඒ තට්ටු නිවාසයේ වහලේ වගාකරන්න ලොකු උත්සාහයක් ගත්තා. ලොකු ගැලුම් වැනි ඒවායේ පස් පුරවලා වහලට ඔසවාගෙන ගිහින් මැන්ඩෙලා විසින් සාර්ථක එලවලු වගාවක් ඒ සිරගෙදරදි පවත්වාගෙන ගියා.
නෙල්සන් මැන්ඩෙලා අරක්කු බිව්වෙ නැහැලු. ලොකු ලොකු ඇමති මැතින් හමු වුන වෙලාවට පුද්ගලික හිතවත්කම පිණිස විස්කි බ්‍රැන්ඩි ටිකක් වීදුරුවට වත් කරලා චියර්ස් කලාට මැන්ඩෙලාට තද සැර එතනෝල් බොන්න බැහැ කියලයි කියලා තියෙන්නෙ. එතරම් සැර නැති වයින් ස්වල්පයක් නම් මැන්ඩෙලා පාවිච්චි කලාලු.
“ඉස්සර විනී ලොකු බඩකුත් තියාගෙන අනික් දරුවත් නලවගෙන ගෙදර වැඩ කරමින් ඉන්න සමාර වෙලාවට මම ඒ කිසි වගක් නැතුව පැත්තකට වෙලා මගේ වැඩ කොටස කරලා ඉවර වෙලා බලාගෙන හිටියා.“ මැන්ඩෙලා බිරියට දැඩි සේ ආලය කලාය කියලා තිබෙනවා. ඒ වගේම හිරේට එන්න කලින් වුන සිද්ධි සහ මැන්ඩෙලා නිසා පවුලට උරුම වුන අවාසනාවන්ත තත්වයන් ගැන මැන්ඩෙලා සැබෑවටම දුක් වෙලා තිබෙනවා. කියලා මැන්ඩෙලා පස්සෙ කාලෙකදි ලියල තිබෙනවා. ඔහුගේ දේශපාලන දිවිය මුල්කාලෙදි ඔහුගෙ අම්මා තාත්තා සහ පවුලේ අය අනුමත කලේ නැහැ.
සැත්තෑ එක් වියැති මහල්ලෙකු ලෙස සිර ජීවිතයෙන් නිදහස් වෙන මැන්ඩෙලා සිය දරු මුනුබුරන් සහ පවුල එක්ක සාමකාමීව ගතකරන්නට සිහින මැව්වා. “කඩේට ගිහින් වෙනදා වගේ ටූත්පේස්ට් එකක් මිලදී ගන්න. වෙන අය වගේ සාමාන්‍ය විදියට නිදහසේ ඇවිදයන්න පුලුවන් වේවි කියලා මම හිතුවා “ කියල මැන්ඩෙලා කියල තියෙනවා . නමුත් මැන්ඩෙලා නිදහස් වන විට ඔහුගේ පලවෙනි රැස්වීමට කිසිදු දැනුම් දීමකින් තොරව බත්පැකට්,අරක්කු බාග,රුපියල් පන්සීයෙ ඒවා නැතුවම මිනිස්සු එක්ලක්ෂ විසිදාහක් ඇවිත් තිබුනා. ඒ මිනිස්සු වැඩිකමට මැන්ඩෙලා තෙරපිලා පොඩි අකරතැබ්බයකට මුහුනදෙන්නත් සිද්ද වුනා.
ඉතිං ඔහු එනකල් එලියේ ඔහු ඇදහූ ජනතාව පෙරුම් පුරාගෙන බලා ඉඳලයි තිබුනෙ. ඔහුට මහලු වයසේ තිබුන සැනසීම, පවුල සමග විශ්‍රාම සුවෙන් ගතකිරීම් අවස්ථාව දේශපාලනය වෙනුවෙන් කැපකරන්න සිද්ද වුනා. සිරගෙදර ජීවිතේ පුරාවට රැකවලුන් හා සිරකරුවන් අතර සිදුවුන ගැටුම් වලට මැදිහත් වුන ඔහුට ඉන් පසුව සාමාන්‍ය කළු ජාතික මිනිසුන් හා පාලකයින් අතර වූ මහා විශමතාවයට විසඳුම් සොයන්න සිද්ද වුනා. මැන්ඩෙලා ළග තිබුන හොඳ ගතිගුණයක් තමයි තමුන්ගේ විරුද්ධ කාර පාර්ශවයෙ සිටින පුද්ගලයන් කොයි තරම් කුරිරු වුනත් ඔවුන්ගේ හොඳ පැත්ත කෙරෙහි බලාපොරොත්තු තියාගත්ත එක. සිරගෙදර සිටියදී එහි රැකවලුන්, පසුකාලීනව ඔහුට හමුවුන හමුදා නායකයින්, විරුද්ධ පක්ෂ බොහෝමයක් සමග පුද්ගලික කෝන්තර වලින් තොරව හැසිරීමේ පුදුමාකාර ගතිගුණයක් මැන්ඩෙලාට තිබුනා.
වරක් එක් නරක රැකවලෙක් සිටියා රොබන් දූපතේදී දේශපාලන සිරකරුවන්ට නිතරම හිංසා කරන. ඉතිං ඔහු කොහොම හරි නම්මගන්න එක තමයි කස්ටියගේ අරමුණ වුනේ. නමුත් ඔහු ලේසියෙන් නැමෙන කෙනෙක් නෙමෙයි. ගිිනිගහන අවුවේ සුදුපාටට දිලිසෙන හුනුගල් කඩමින් උන්නු මැන්ඩෙලාගේ පිරිසගේ එක් අයකුගෙන් අර රැකවලා සිරකාරයා ඇඳන් ඉන්න ෂර්ට් එක ඉල්ලුවා ඔහුට බිමදාල වාඩිවෙන්න. පුරුදු විදියටම ඒ සිරකරුවා මැන්ඩෙලා දිහා බැලුවා. මැන්ඩෙලා ගල් කඩන අතරෙම තම මිතුරාට සංඥාවක් දුන්නා ෂර්ට් එක රැකවලාට දෙන ලෙස. එතනදි තමුන්ගේ සගයා නින්දිත ලෙස පහත් කිරීමකට යටත් වුනත් එයින් රැකවලා මෙල්ල කරගත හැකි වුනොත් එය ඒ රැකවලාගෙන් නිරන්තර ලැබෙන නොමනා සැලකීම් වලට සහනයක් වේවි කියලා මැන්ඩෙලා හිතුවා.
කාල් මාක්ස් අයිති එක්දාස් අටසීය ගනන්වලට,කාල්මාක්ස් කියන්නෙ තියරි කාරයෙක්. බොහොම ලක්ෂණ තියරි ලියලා තියෙනවා මිනිහා. නමුත් ඒ තියරි පොලොවට මුල්වරට ගේන්නෙ ලෙනින්. වී අයි ලෙනින් රන් කලේ නවසිය විසි ගනන්.. ඉන් පස්සෙ මහත්මා ගාන්ධි රන් කලේ නවසිය හතලිස් ගනන් වලදි. එයින් පස්සෙ කස්ත්‍රෝ හිටියා. කස්ත්‍රෝෙගන් පස්සෙ ලොකු වෙනසක් පවතින සමාජයේ කරපු මිනිහෙක් තමයි මැන්ඩෙලා. මැන්ඩෙලාට හැකිවුනා ඒ පැවතුන අප්‍රිකානු සමාජය උඩුයටිකුරු කරන්න. ලෝක නායකයන් දිහා බැලුවාම මට නම් මැන්ඩෙලා සහ ගාන්ධි කියන්නෙ විශේෂ චරිත දෙකක්.
සාර් රජතුමාට යටත් වෙලා හෙමිජ්ජන් වගේ හිටපු රුසියන් ජනතාව ලෙනින් වෙත නම්මගන්නවාට , වඩා ලොකු අමාරු වැඩ තමයි මැන්ඩෙලාට ලැබුනෙ. යුද්ධයකින් හෝ විශාල සංක්‍රමනික තත්වයකින් පස්සෙ ඇතිවන අලුත් සමාජයක් පරිවර්ථනය කරනවාට වඩා හොඳින් දුවමින් පවතින සජීවී සමාජයක් වෙනස් කරන එක අමාරුයි. අනික අමරිකාව යුරෝපා වගේ රටක පවතින ඉදිරිගාමී චින්තනය හා බද්ධ වුන මිනිසුන් එක්ක ගනුදෙනු කරන එකට වඩා ආසියානු සහ අප්‍රිකානු මිනිස්සු එක්ක ජයග්‍රහන ලබාගන්න එක බොහොම අමාරු වැඩක්. දීර්ඝ කාලයක් තිස්සෙ පවතින ක්‍රමයෙන් වාසි ලබාගනිපු ධනපති කන්ඩායමක් සතුව අසීමිත බලතල තියෙද්දි ඒවා අරගෙන තලලා මට්ටම් කරලා කළු ජනතාවටත් වාසි ටිකක් එන විදියට සිස්ටම් අප්ඩේට් කරන එක සුන්දර දෙයක් නෙමෙයි.
පවතින ක්‍රමයක් පෙරළන එක කොච්චර ලේසිදි කියලා අපි පසුගිය කාලෙ ඊජිප්තුවෙ සහ මැදපෙරදිග වෙච්චි සිද්දි වලදි දැක්කා. නමුත් ඒවා නිමාවුනේ නොනවතින ගැටුම් වලින්. මොකද පවතින ක්‍රමය විනාස කරලා ඊලගට ගොඩනගන සමාජය ගැන ලොකු අදහසක් විප්ලව වල මුල් පුටුවලට තිබුනෙ නැහැ. නමුත් මැන්ඩෙලාට සැමවිටම ජීවමාන අනාගතයක් තිබුනා. ඔහු ඒ වෙනුවෙන් සැබෑවටම කැපවුනා. මැන්ඩෙලාගේ සිහින රතුපාට හෝ පවුලේ කුරක්කන් පාට වලින් දැඩි ලෙස දූෂණය වෙලා තිබුනෙ නැහැ. ඒ නිසා මැන්ඩෙලාට වඩාත් සාධාරන දකුනු අප්‍රිකාවක් ගොඩනගන්න හැකිවුනා. මැන්ඩෙලා ජනාධිපති වීමට වසර දහයකට පෙර ඒ රටේ ජීවත් වූනු කළු ජාතිකයින් හීනෙන්වත් බලාපොරොත්තු නොවුන වටපිටාවක් ඒ රටේ ඇතිකරන්න ඔහුට හැකි වුනා.
නෙල්සන් මැන්ඩෙලා කියන්නෙ නිකම්ම නමක්. ඔහු අතිගරු, ගරු, මහත්මා, නොමියෙන, ආදී නම් වලින් දූෂනය කරන්න අවශ්‍ය නැහැ. ඔය නම් එල්ලගෙන ඉන්න බහුතරය කරන්නෙ ඒ නම් විකුනගෙන කන එක. ආර් අයි පී පෝල්ට පස්සෙ දැන් හැමතැනම ආර් අයි පී මැන්ඩෙලා ඇවිත්. දෙන්න ගැනම වැඩිදුර නොදන්න අය ඒදෙකම උඩපැනල සෙයා කරන්නත් ඇති. නමුත් මම හිතන විදියට මැන්ඩෙලා කියන්නෙ අපි හැමෝම කියවා බැලිය යුතු ලොකු කතාවක්.
මහින්ද හත්තක කියන මහත්මයා විසින්, මැන්ඩෙලා විසින් ලියපු ඔහුගේ ජීවිත කතාව නිදහස සොයා ගිය ගමනක් කියලා සිංහලට හරවලා තිබෙනවා. ඒ පොත කොටස් දෙකකින් යුක්තයි. මට ඉස්සෙල්ල ලැබුනෙ දෙවනි කොටහ. මේ පොත ගහල තියෙන්නෙ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රෙයන්. දෙවනි පොතේ මිල රුපියල් 660/=ක්. මැන්ඩෙලා විසින් ඔහුට හරිගිය, වැරදුන, පසුතැවුන තැන් ද ඇතුලත්ව බොහෝ සාධාරන ලෙස ජීවිත කතාව ලියා තිබෙනවා. ඒ වගේම ඒක නවකතාවක් තරමට රසවත් සිද්ධි දාම වලින් පිරිලා තිබෙනවා.
ධනාත්මක චින්තනය, පෞරුෂත්වය, නායකත්වය කියන්නෙ අද කාලෙ හොඳට විකිනෙන දේවල්. පොත්, ක්ලාස්, ලෙක්චර්, වැඩසටහන් ආදී බොහෝ ක්‍රම හරහා මේ දේවල් විකිනෙනවා. නමුත් මේ කොයි තරං විකුනුවත් අද ජීවත්වෙන බොහෝ දෙනා ගාව මේ දේවල් පේන්න නැහැ. නායකත්වයට පත්වෙන අය ළඟ පවා නායකත්ව ලක්ෂණ නැහැ. සැබැවින්ම මැන්ඩෙලා ඔයා ගියාට ඔයා අපත් එක්ක ඉන්නවා කියන්න පුලුවන් කමක් අපේ සමාජයට නම් නැහැ. අපේ සමාජයේ අතිමහත් බහුතර නායකයින්ට කොම්පැනියෙන්, රජයෙන්,සංගම් වලින් දුන්න නම හැර සැබෑ නමක් නැහැ. සිංහලෙන් කිව්වොත් යුනික් අයිඩෙන්ටටි එකක් නැහැ. ඒ අනුව බලනකොට මැන්ඩෙලා අපේ සමාජයේ දැන් මැරිලා ගොඩක් කල්.
ඒ වගේ ඉඳලා මියගිහිපු මිනිහෙක් ගැන දරුවන්ට කියවන්න දෙන එක වටිනවා.ඒ වගේ මිනිස්සු ගැන කියවෙන සිනමා පටි වීඩියෝ වාර්ථා නරඹන්න අවස්ථාව දෙන එක වටිනවා. “සංවේදී නායකයෙක්“ කියන වෙළඳ නම අස්සෙ හැංගුන හූ කියන නරි රෑන් අතර නියම සංවේදී නායකත්වය කියන එක හොයාගන්න දරුවන්ට ඒ තුලින් හැකිවේවි.

niyma kathawak
ReplyDeleteඅගේ ඇති විස්තරයක් , ස්තුතියි ඔබට ...
ReplyDeleteA+
ReplyDeleteගින්දර විස්තරයක් !!
ReplyDeleteබොහොම ස්තුතියි,ලොකු විස්තරයක්
ReplyDeleteමැන්ඩෙලා ගැන නොදන්න යමක් ආයෙමත් කියෙව්වා අමිල.
ReplyDeleteගොඩක් මහන්සිවෙලා කරපු අගනා රචනයක්!!!
මගෙන් A++ :)
Thanks a lot
ReplyDeleteමැන්ඩෙලා ගැන ලියවුනු සමහරක් ලිපි අතරින් මා සිත්ගත් ලිපියක්....යුතුකමක් ඉටුකිරීම පිලිබඳව අමිලට තුති!!!
ReplyDeleteනොදත් කරුණු කාරනා ගොඩක් දැනගත්තා
ReplyDeleteහොදට ලියලා තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ReplyDelete