ගාමන්ට් එකකින් අපිට සල්ලි ලැබෙනවා. අපේ රටේ ජීවත්වෙන ගෑනු ලමයින්ට තමුන්ගේ ජීවිතය ගෙවාගන්න පුුලුවන් පනම් හතරක් ඒවා නිසා ලැබෙනවා. අපි ඊට පෙරාතුව මදක් සලකා බලමු මේ විපරීත සමාජය ඇතුලෙ බඩුවක ගහල තියෙන මිලෙන් කොයි තරම් ප්‍රමාණයක් ඒ බඩුව හදන්න වැයවෙන ශ්‍රමයට වියදම් වෙනවාද කියලා.
මගේ යාලුවෙක් ඉන්නවා ඔහු බිල්ඩින් වල විදුලි ඉංජිනේරු මහත්මයෙක්. ඔහු කරන්නෙ බිල්ඩිමක් හදන කොට ඒ ඒ කොටසට හදන අවස්ථාවෙ ඉදලම විදුලි බලය ලබාදීම කළමනාකරනය කරන එක. ඔහුගේ සමාගම කේබල් මිලදී ගන්නෙ විශාල වශයෙන්. මොකද එක බිල්ඩිමකට කේබල් විශාල ප්‍රමාණයක් වැය වෙනවා. මේ විදියට ලොකු බිල්ඩින් හදන කොම්පැනි වලට කේබල් එක සිල්ලර වෙළඳපොලේ විකුනන මිලෙන් 50%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවාලු. ඒ කිව්වෙ සාමාන්‍ය හාඩ්වෙයාර් එකකින් ඔබ මිලදී ගන්න කේබල් රෝලක මිලට වඩා අර ලොකු සයි්ට් එකේ අයට 50%කින් මිල අඩුවට කේබල් ගන්න හැකියාව තිබෙනවා. අර සයිට් එකේ අයට කේබල් ඒ විදියට අරගෙන විකුනන්න බැහැ.
මොකද හාඩ්වෙයාර් වලට කේබල් සප්ලයි කරන ඒජන්ත වරුන්ට මාට්ටු වෙනවා. එතකොට කේබල් එකක මිල සඳහන් කරලා තියෙන්නේ රුපියල් 1000/= ක් නම් ඒක නිෂ්පාදනාගාරයෙන් එලියට එන්නෙ රුපියල් 500/=ටත් අඩු මිලකට. ඔතනින් අමුද්‍රව්‍යය,යන්ත්‍ර සූත්‍ර, විදුලිය කියන සෑම අවස්ථාවකදීම වැයවන මිනිස් ශ්‍රමය බැලුවොත් ඒ කේබල් එකේ සඳහන් කරලා තිබෙන මිල වෙන රුපියල් 1000/= ට සාපේක්ෂව ඉතාම අඩු රුපියල් සීයකටත් අඩු මිලක් තමයි අර ශ්‍රමයට හිමි වෙන්නෙ. ඉතිරි විශාල කොටසක් වෙලෙන්දන් අතර බෙදී යනවා. එතකොට ඔබට සරලවම පේන දෙයක් තමයි නිෂ්පාදනය කරන කම්කරුවන්ට වඩා ලොකු බිලක් විකුනන්න ඉන්න කම්කරුවන් විසින් ලබාගන්නවා.
ඒ වගේමයි ඔය කේබල ඇතිකරන්න දායක වුනු අයට ඒ කිව්වෙ මැසින් හදලා, විදුලිය සපයලා, යටිතල පහසුකම් දීපු අයටත් යම් සැලකිය යුතු සල්ලි කොටසක් වෙන් වෙනවා. නමුත් මෙතනදි අඩුම මිලක් ගෙවන්නෙ සාමාන්‍ය කම්කරු ශ්‍රමයට. ඒකිව්වෙ කේබල් ෆැක්ටේරියෙ මැසින් ඔපරේටර් වැඩේ කරන අයට.
ලංකාවෙදි කෘමිනාශක වලින් සියයට තිහක වාසියක් ලැබෙනවා සාමාන්‍යෙයන් අවසාන මට්ටමේ වෙලෙන්දන්ට. සලකුනු කරලා තියෙන මිලෙන් සියයට විස්සක මිල වාසියක් සහිතව කෘමිනාශක මිලදී ගන්න පුලුවන් තොග කඩවල් වලින්. බටහිර බෙහෙත් පෙති කරල් පැණිය ආදියත් එහෙමයි නිශ්පාදන වියදමත් විකුනන මුදලත් අතර අති විශාල වෙනසක් ඇතිවෙලා තිබෙනවා. එතකොට ඔබට දඩාස් ගාල මීටරේට යන්න ඕනි දෙයක් තමයි ඔය සමාගම් කාරයො ඇඩ්වල පෙන්වනවා තරං අපිට ආදරේද කියන කාරණාව.
ගාමන්ට් ෆැක්ටරි සැලකුවාම ඒවයි රෙදි නූල් ඉදිකටු මැසින් ආදී හැමදේම රටින් මෙහෙට එනවා. බාගෙදා මහන්න ඕනි ඇදුමේ ඩිසයින් එක පවා මෙහෙට එනවා. එතනින් ගියාම මෙහෙදි කරන ලොකුම වැඩේ තමයි මේ රෙදි කපලා ගාන්ට මහන එක. එතකොට පිටරට ඉදන් එන නූල්,රෙදි,මැසින්,ඉඩම් වලට අපේ රජය මහා බදු සහන දෙනවා. ඒ කියන්නෙ රජයට මේ හරහා විසාල බද්දක් ලැබෙන් නැහැ. නමුත් අර රක්ෂා හරහා රටට යම් ආර්ථික ගැම්මක් ලැබෙනවා.
දැන් අපි ලංකාවෙ ගොවිතැන දිහා බැලුවොත් මං හොදටම දන්න වැටකොළු වගාවෙ වැටකොළු ඇටය එන්නෙ මැලේසියාවෙන්. ගහන පෝරජාති එන්නෙ සවුදි අරාබියෙන් හෝ මැදපෙරදිග රටවලින්. අපිට ගහන්න සිද්ද වෙන කෘමිනාශක, වල් නාශක ආදිය එන්නෙත් තායිලන්තෙ වගේ රටවලින්. එතකොට ටැට්ටර් වගේ මැසින් එන්නෙ චීනෙන්. ඒවට තෙල් ආයිම මැදපෙරදිගින්. අවසානෙ ගාමන්ට් වලදි පැහැදිලවම අපිට ශ්‍රමයට හිමි මුදල් කොටස ගෙඩිය පිටින් මාස අන්තිමට ලැබෙද්දි ලංකාවෙ ගොවිතැනේදි අපිට ලැබෙන්නෙත් අර ගාමන්ට් එකේ අය ලබාගන්න ශ්‍රමයට අයිති කොටස විතරයි. ගොයියා විසින් අවසානෙ මුලු වියදම ආදායමින් අඩුකරලා ලාබය කියලා එකක් ගණනය කලාට එතන සැබෑවට ලාබයක් නැහැ. තමුන් වියදම් කරපු ශ්‍රමය පමණක් එතන ඉතිරි වෙලා තිබෙනවා. එතනින් එහාට කොටසක් ගන්නත් ගොවියාට හැකියාවක් හෝ සංවිධානාත්මක හැකියාවක් නැහැ.
ගාමන්ට් කාරයින්ට ලැබෙන බදු සහන ආදිය ගොවි නිශ්පාදන වලට ලොකුවට ලැබෙන් නැති නිසා ගොවියා කියන කෙනා පෝර සහනාධාරය පමණක් හිමි වෙච්චි අමුතු ආකාරයේ දුප්පත් මට්ටමේ නිස්පාදකයෙක් බවට පත්වෙලා තිබෙනවා.
ලංකාවෙ රුපියල් 100/= ට කරිවිල කිලෝව ගොවියා තොග වෙලෙන්දෙකුට දෙන කාලෙක කොළඹ බොහෝ කඩ මැහි සහ ෆූඩ් සිටි වල කරිවිල ග්‍රෑම් දෙසී්‍ය පනහක් රුපියල් 100/=ක් වෙනවා. එතකොට සිල්ලර මිල රුපියල් හාරසියක් වෙන කරිවිල කිලෝවෙන් කොටසක් ප්‍රවාහනයේදී තැලිලා ඉදිලා අපතේ යනවා. තවත් විශාල කොටසක් අතමැදියා සහ අවසාන වෙලෙන්දා ලබා ගන්නවා.
තාක්ෂණිකව සන්නද්ධ කිරීම..
හැමෝටම කරන්න පුලුවන් ලාබ වැඩවලට ලැබෙන මුදල සාපේක්ෂව අඩුයි. නමුත් තරමත් තාක්ෂණික අතින් වැඩිදියුනු වුනාම ඒ ශ්‍රමිකයන්ට ලැබෙන වැටුප වැඩියි. අපේ ගොවිතැන තාමත් තාක්ෂණික මට්ටමෙන් ප්‍රාථමිකයි. හැම තැනම කරන ලාබ වැඩ වලින් පිරිලා. අපේ රටේ සුද්දා තේ ගස් හිටෝනකොට ඒත් එක්ක තේ ගැන පරීක්ෂණ කලා. කෝපි ගැන පරීක්ෂණ කලා. ඒ හරහා සිලෝන් ටී යන විශේෂ නමක් හදාගත්තා. ලෝකෙ අනික් රටවල් වල තේ වලට නැති වෙළඳපොල නමක් සිලෝන් ටී කියන එකට තිබුනා.
අද ඔය කියන තේ පොල් රබර් කුරුදු වගේ සුද්දා ටයිප් බෝග හැරුනාම අනික් බෝග වගාවලදි අපිට ලංකාවෙ කියල ලොකු නමක් හෝ තාක්ෂණයක් නැහැ. වී ගොවිතැන කියන එක ඉතාම සාම්ප්‍රදායික යල්පැනගිය ක්‍රම මත තවමත් රඳා පවතිනවා. එලවළු ගොවිතැන කියන එක තනිකර එළවලු පෙඟෙන තරමට ගහන කෘෂිරසායන වලින් පිරිලා. අවම කෘෂි රසායන ප්‍රමාණයක් යොදලා වැඩිය සැර නැති විස අඩු ඒත් විසල් ඵලදාවක් ලබාගන්න ක්‍රමවේද බිම්ගත වෙන පාටක් පේනතෙක් මානයක නැහැ. මේ වගේ පරීක්ෂනාත්මක පාර්ශවයන් හීන වෙන නිසා අවසානෙ කය විතරක් වෙහසන්න කැමති පුද්ගලයින් ඉන්න සරල තැනක අපේ ගොවිතැන නවතිනවා. අඩු සම්පත් වලින් වැඩි ප්‍රෙයා්ජන ගන්න විදිය ගැන හිතන්නෙ නැති නිසා හුදෙක් යැපුම් කෘෂි කර්මාන්තය බවට පත්වෙලා තිබෙනවා.
වෙළඳපොල හඳුනාගැන්ම..
සුද්දො තේ පොල් රබර් ගෙනාවට පස්සෙ ටිකක් ඇඟට දැනෙන වැඩකට සාර්ථක වුනේ කෙසෙල් වැවිල්ල විතරයි මට මතක විදියට. වෙනත් අපනයන බෝගයක් අලුතින් කරළියට ආවෙ නැහැ. වී ගොවීන්ට වී විකුනගන්න බැරිව අතිරික්තය ගබඩා වල පුස්කනකොටත් ආයෙත් රජය වී ගොවීන්ටම පෝර සහනාධාරය දෙනවා. ඒ පැත්තෙන් විශාලම තැන්වලින් වෙළඳපොල අනුව ගොවිතැන් පාලනය කිරීමක්වෙන්නෙ නැහැ. මේවා බලලා සමාරු හිතයි ඕවා හිතන තරම් ලේසිද කියලා. නමුත් මහ විසාල රටක් වගේම දියුනුව අතින් වැඩි රටක්වෙන අමරිකාවෙ ගොවින්ට ඕනි දේවල් හිතුමනාපෙට වවන්න බැහැ. ඒ කාලෙට අනුව රජයට අයිති සංවිධාන මගින් ගොවීන් අදාල වගා වලට පෙලගස්වනවා.
අපේ ගොවියා කියන කෙනාට වුනත් වෙළඳපොලේ විකිනෙන හැටි ගැන ලොකු අවබෝධයක් තිබෙන පාටක් නැහැ. ගොවීන් පිරිසක් එකතු වෙලා තමුන්ගේ නිෂ්පාදන විශාල තොග බවට පත්කරගෙන කෙලින්ම විශාලතොග වෙලෙන්දන්ටම ලබා දෙනවා නම් එතනදි ගොවියාට ලැබෙන්නට තිබෙන මුදල වැඩියි. නමුත් අද බොහෝ ගොවියන් විකිණීම කියන කාරනේදි එන ඕනි එකෙක්ට යන ගාන්ට දීල දාන මානසිකත්වයක ඉන්නවා. ගොවියො සංවිධානය වෙලා තමුන්ට මේ ගාන ලැබෙනකල් අපි බඩු දෙන්නෙ නැහැ කියලා ඩිමාන්ඩ් කරන්න හැකියාවක් ගොවියන් ලබාගෙන නැහැ. අද තොරතුරු තාක්ෂණය දියුනු කාලෙ ගොවින්ට එකතුවෙලා සැබෑවටම සිල්ලර වෙළඳපොලේ එලවලු පලතුරු මිල සහ තොග විදියට ඔවුන්ට විකුනන්න වෙන මිල අතර පොඩි සම්බන්ධයක් තියාගන්න පුලුවනි. එහෙම හරි සූත්‍රයක් විදියට ගණනය කරගෙන තියාගන්න පුලුවනි නම් එන එන තොග වෙලෙන්දාට කියන ගාන්ට බඩු දෙන්න වෙන් නැහැ.
රජය පැත්තෙන් ආර්ථික මධ්‍යස්ථාන හරහා මිලට බලපෑමක් කරන්න හැකි වුනත් අද ආර්ථික මධ්‍යස්ථාන වල සිටින වෙලෙන්දන් සහ අතරමැදියන් ලොරිකාරයින් වෙන්කරලා හදුනාගන්න බැරි තරමට මැටි වෙච්ච ගොවියන් නිසා ඒ කාර්යය සාර්ථක වෙලා තියෙනවා කියල පේන්න නැහැ.
මහතැන් කිහිපයක් සරං කෙටි ඇදන් මඩ ටිකක් පුකේ ගාගෙන හරක් පස්සෙ ගිහින් ටීවී වල පෙනීසිටියාට ගොවිතැන දියුනුවෙන්නෙ නැහැය. ඒකට බිම් මට්ටමේදි ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙල් ආදිය ඕනි වෙනවාය කියල මහජනයා හිතට ගන්න ඕන. බිම්මට්ටමේ ක්‍රියාත්මක වැඩ කියන්නෙ උපාධිදාරින් යොදවල ඇට පැකට් ගෙවල් ගානෙ බෙදිල්ල වගේ සරල දෙයක් කියල හිතාගෙන ඉන්න ආර්ථික සංවර්ධන ඇමතිලා ඉන්න රටක මේ ලියන දේවලුත් අයියෝ යුනිකෝඩ් ගොඩටම ඇතුලත් වෙනවා ඇති.

අපේ අයි ටී උන්නැහේ ලට බැරිද ඇප්ලිකේෂන් කටුවක් හදන්න, රටේ වවන ඉඩම්, ඒවායේ වවන බෝග, ඒවායින් වසරකට හම්බෙන්න නියමිත අස්වැන්න ගැන? එතකොට අපිට බැරියැ ගොවියෝ අතරේ හරි පිළිවෙලට වවන්නෝන බෝගේ බෙදල දෙන්න, රටේ හා පිටරට ඉල්ලුමට හරි යන්න...
ReplyDeleteසංවර්ධන නිළධාරීන් කියලා ඉන්න අය කරන්නේ ඒවා තමයිලු ...
Deleteඅපි දත්ත එකතුකරගන්න ගන්නෙ ඉතාම සාම්ප්‍රදායික ක්‍රම. උදාහරණ විදියට රටේ ජනතාව පරිභෝජනය කරන එලවලු ප්‍රමාණය හොයන්න අපේ අය නිවෙස් වලට ගිහින් ඒවා ගැන විස්තර හොයනවා.
Deleteනමුත් වෙළඳපොල හරහා සංසරණය වෙන එලවලු ප්‍රමාණය ගණනය කරගන්න ලේසියි. ඒ වගේ තැනකින් ගත්තොත් අපිට අස්වැන්න ගැන නිවැරදි නිමානයක් ගන්න පුලුවනි.
ඇප්ලිකේෂන් හැදුවට වැඩක් නැහැ නිවැරදි දත්ත දෙන්න හැකියාවක් නැත්නම්.. අනික බොහෝවිට ව්‍යාපාරිකයින් වගේම ගොවීනුත් තමුන්ගේ සැබෑ ධාරිතාව සංගනනයකදී දෙන්න මැලිවෙනවා. ඒ නිසා ඔය සිස්ටම් වගේම සිස්ටම් වලට එකතුකරන්න දත්ත එක්රැස්කරගන්නත් අලුත් ක්‍රම හිතන්න වෙනවා.
ගොවියාට ලැබෙන ආදයම වැඩි කරන්න එයාලගෙ මිල වැඩි කලොත් අනිත් රස්සා කරන මිනිස්සුන්ගෙ ජීවන වියදම වැඩි වෙනව, ඒ මිනිස්සුන්ගෙ වැඩිවෙන වියදමට පඩි වැඩි කරන්න ගියොත් රජය අමාරුවෙ වැටෙනව...අනේ මන්ද මේව්ව කෝම විසදන්න පුලුවන් ප්‍රශ්නද කියල..මොනා උනත් තව අවුරුදු 20ක් විතර යද්දිනම් ගොවියො කියන අය සෑහෙන්න අඩුවෙලා යයි දැන් තියන තත්වෙ හැටියට...
ReplyDeleteඔබ හරිය ලිපිය කියවලා නැහැ. මෙතනදි මම කියන්නෙ ගොවියාට ලැබෙන මිල සහ පාරිබෝගිකයාට මිලදී ගන්න වෙන මිල අතර ඇති දැවැන්ත වෙනස ගැන. ඔය කියන වෙනස අඩුකරගන්න හැකිවුනොත් එලවලු මිල සාධාරන මට්ටමකට ගන්න පුලුවන්වේවි.
Deleteවී ගොවිතැනට කරන යෙදවුම් එක්ක ආදායම බලද්දි හොඳටම පාඩුයි. කෘෂිකරම සේවා නිලධාරින්, පොහොර සහනාධාරය, වැව් හෑරීමට සහ වේලි ප්‍රතිසංස්කරණයට වගේ වැඩවලට යොදන රජයේ මුදල් සේරම එක්ක ගණන් හදලා බැලුවොත් ගොවියාට ශ්‍රමයට අදාල මුදලවත් නෑ.
ReplyDeleteවී ගොවිතැන කියන එක ලොකු ලාබයක් ලැබෙන දෙයක් නෛමයි. අද පවතින වී ගොවිතැනේ යෙදීමෙන් ගොවියා කරන එකම දේ කාල ඇදල ඔහේ ජීවත් වෙන එක විතරයි.ඉදිරියේදී ගොවි ජනයාට වැසිකිලියක් වත් හදාගන්න මුදලක් ඉතිරිකරගන්න බැරි තත්වයක් එනවා.
Delete"වැටකොළු ඇටය එන්නෙ මැලේසියාවෙන්"
ReplyDeleteඑතකොට අපේ බීජ ගොවිපලවල් වලට මොකද වෙලා තියෙන්නෙ? මං දන්න හැටියට කෘෂි දෙපාර්තමේන්තුවට අයිති බීජ ගොවිපලවල් 18 ක් තියෙනවා. ඊට අමතරව දෙපාර්තමෙන්තුවට සම්බන්ධ කොන්ත්‍රාත් බීජ නිෂ්පාදකයොත් තව දුසිම් දෙක තුනක් ඉන්නවා. ඨ්V එකේ පත්තරවල් වගේම සම්මන්ත්‍රණ වලත් ඇහෙන්නේ දේශීය අගය දාමය (value chain) ගැන. කොමිස් ගැහිල්ලයි, පගා ගැහිල්ලයි තියෙනකම් ලොකු ලොක්කන්ගේ අගය දාමය වැඩිවෙනවා මිසක් ගොවියන්ගේ වැඩිවෙනවා බොරු.
බීජ ගොවිපල වලින් කරන්නෙ මොකද්ද කියලා මම නම් දන්නෙ නැහැ. නමුත් අපේ පැත්තෙ නම් කෘෂි රසායන කඩවලට ටිං වලින් සහ පැකට් වලින් විදේශීය බීජ වර්ග දැන් අවුරුදු දහයක ඉඳන් එනවා.
Deleteලොකු ලොක්කන් කියන්නෙත් මෛහෙදි මහ විසාල දැක්මක් තියෙන පොලොවෙ පයගහල ඉන්න මිනිස්සු නෙමෙයි. මම නම් දකින්නෙ පොඩි ගානක් අරගෙන පොඩි කොමිස් එකක් ගහගෙන පාඩුවෙ ඉන්නවා හැර ලොකු සයිස් කොමිස්..ලොකු කුට්ටි වෙනුවෙන්වත් මහන්සි වෙන්නෙ නැති කුසීත මිනිස්සු ටිකක් තමයි ඔය දෙපාර්ථමේන්තුවල ලොකු පුටුවල ඉන්නෙ.
අමිල හොඳ ආර්ථික විද්‍යඥයෙක් කියලා හිතුණා ලිපිය කියෙව්වාම. :)
ReplyDeleteඅර එළවලු ඇට පිටරටවලින් ගෙන්නන්නේ මොකෝ? අපේ රටේ හදාගන්ට බැරුවද? අනෙක තමා ගොවියා දැනුවත් කිරීමක් අනිවාර්යෙන් කල යුතුයි කියලා හිතුනා.
ඔබට එක අක්කරයකින් සතියට කිලෝ දාහක් එන බීජ ජාතියක් ලංකාවෙදි ලැබෙනවා. නමුත් පිටරට වලින් එන බීජ වලින් එම වපසරියෙදිම එකම සාත්තුව යටතේ සතියට කිලෝ තුන්දාහක් විතර ලැබෙනවා.
Deleteඉතිං ඇයි අපි බීජ හදන්න මහන්සි ගන්නෙ. පිටරට තිබෙන වැඩිදියුනු කළ මුහුම්කරන හරහා එළිදැක්වෙන බීජ වඩාත් සරු ඵල ලබාදෙනවා වගේම සමහර රෝග වලට පවා ප්‍රතිරෝධී වෙනවා.
නමුත් මේ බීජවලින් නැවත නැවත ලබාගන්න බීජ වල මුල් ලක්ෂණ නැහැ. සමාරවිට ඒවා හිතාමතා නැතිවෙන්න හදලා වෙන්නත් පුලුවන්.
ජාන තාක්ෂණය,දෙමුහුම්කරනය වගේ දේවලින් අපි තාමත් පසුගාමියි. ඉතිං ඔබ ගොවියෙක් වුනානම් මොන කෙංගෙඩියකටද අර අඩු අස්වැන්නක් බලාගෙන ලංකාවෙ බීජ වවන්නෙ?
හී හී...හොඳ වෙලාවට පොඩ්ඩි ගොවියෙක් උණේ නැත්තේ...
Deleteදැන් ඔය කෙංගෙඩි වල බීජ ගෙන්නන්නේ මොන රටෙන්ද? :D:D
//දැන් ඔය කෙංගෙඩි වල බීජ ගෙන්නන්නේ මොන රටෙන්ද//
Deleteතේකත් ඉස්පොල්ලෙ ගිහින් හෙන කෙලියක් වෙන්නෙ තව පොඩ්ඩෙන්..!
අති විශිෂ්ඨයි.අර නව තාක්ෂණය එක්ක ගොවියෝ කේවල් කිරීමට යොමු වෙන විදිහක් තමයි ඉන්දියාවේ හඳුන්වාදුන් ඊ චව්පාල් වැඩසටහන.ලංකාවේ දැනට නිෂ්පාදකයා විසින් මිල තීරණය කළ හැකි මට්ටමට ගෙනල්ලා තියෙන කෘෂි නිමැවුම වෙන්නේ වැනිලා කරල්.
ReplyDeleteතව දෙයක් කියන්න ඕන ඔතන ගොවියාට ලාභයක් ලැබෙනවා.නමුත් ඔහුගේ ශ්‍රමය ආරූඪ පිරිවැයක් ලෙස ඔහු ගණනය නොකරන නිසා එය මිශ්‍රිත වූ ප්‍රතිලාභයක් තමා එන්නේ.හැකි නම් පමණක් මගේwww.amuthusithuwili.wordpress.com හි 2013 ඔක්තෝම්බර් වල දියව් දියව් ලබුම දියව්
http://amuthusithuwili.wordpress.com/2013/10/10/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A-%E0%B6%BD%E0%B6%B6%E0%B7%94%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A/බලන්න.මම ලින්කුව දාන්න හැදුවා,ඒක හරියට එන්නේ නෑ.
ඔබගේ ලිපිය මා කලින් කියවා තිබුනා. ඔබ කියන ජාතියෙ උදාහරණ අවශ්‍ය තරම් තිබෙනවා. සාමාන්‍යෙයන් අපි ජීවත්වෙන සමාජයේදී සමාජමය අතින් සමාගම් වලට සහ වෙළඳපොලට වාසිදායක එකක් විය යුතුයි. නමුත් අපේ රටේදී ව්‍යාපාර වලට වඩා යටිකූට්ටු ජාවාරම් වලට පමණක් වඩාත් වාසි අත්වෙලා තිබෙනවා.
Deleteඔය කෘෂි ව්‍යාපාර විශාල වගාබිම් කරල අහිංසක ව්‍යාපාරයක් කරලා ලංකාවෙදි ගොඩ යන්න හරිම අමාරුයි. මොකද ව්‍යවසායකයින්ට ගැටලුවක් එන හැමවෙලේම නිළධාරින්ට සහ දේශපාලකයින්ට විශාල කුට්ටි දෙන්න සිද්ද වෙනවා. එහෙම විසාල කුට්ටි හැමවෙලේම දෙන්න පුලුවන් ජාවාරම් කරුවන්ට විතරයි. සාමාන්‍ය ව්‍යාපාරිකයින් එය තුල අසරණ වෙනවා.
උදාහරණ විදියට ඇස්පනාපිට එලවලු කුනු කොල්ලයට අරගෙන අනික් පැත්තට ලොකු ලාබයක් තියාගෙන විකුනන අතරමැදියෙක් කියන්නෙ නිකම්ම ඉදගෙන කිසිවක් නොවෙහෙසා විනාඩි ගානකින් ලොකු මුදලක් හොයන ජාවාරම් කාරයෙක්. ඔහුට ඔහුගේ පැවැත්මට හතර වටේ විසික් කරන්න මුදල් එකතු වෙනවා.
නමුත් ගොවීන් ලවා යම් නිෂ්පාදනයක් පිණිස වගාකරන ව්‍යවසායකයෙක්ට අර වගේ විසාල මුදල් කුට්ටි එකවර ලැබෙන් නැහැ.
සංවිධානාත්මකව කේවල් කිරීමකට යොමු වෙන්න හැකි නම් ගැටලුව අවම කර ගන්න පුලුවන්.ඉස්සර තිබ්බ ජනතා සමාගම් වලින් ඒකට යන්න හොඳටම ඉඩ තිබුනා.ඒත් ඒක හරි ගියේ නෑ.ලොකුම දේ ලංකාවේ ගොවියා උද්ඝෝෂණවලට එකමුතු වෙන තරම් තමන්ගේ අස්වැන්නට කේවල් කරන්න එකමුතු වෙන්නෙ නැති එක.කරන එක දේ රජයෙන් ලොකු මිලක් දියව් කියලා මොර දෙන එක.www.amuthusithuwili.wordpress.com
Deleteඑතරම් ඉහල අධ්‍යාපනයක් නැති, තවමත් සාම්ප්‍රදායික ගොවිතැනෙහිම ඇලිලා ඉන ගොවියෝ, තමන්ගේ දෙයියා හැටියට විශ්වාස කරන්නේ, තමන්ව හූරගෙන කන බහුජාතික සමාගම් සහ තමන්ට තෙල්, පොහොර, බීජ, ණයට දෙන මුදලාලිලා. මේ ලිපියෙන් කියන කරුණු, අවුරුදු කීපයක් තුළවත් අර ගොවීන්ගෙන් 25% කට තේරුම් කර දියහැකිනම් විශාල වෙනසකට මුලපුරනවා. හැබැයි එහෙම කියලා දෙන්ඩ යන මිනිහා, අර බහුජාතික බූවල්ලන් විසින් කොන්ත්‍රාත් දීලා මරවන්ඩ 100% ක ඉඩක් තියනවා. ඒ කොන්ත්‍රාත් එකේ කොනක, තෙල්, පොහොර, බීජ සමාගම් වලින් කොමිස් කුට්ටි ගන්න දෙසපාලු අමනයෙක් ඉන්ඩත් 100% ක ඉඩක් තියනවා.
ReplyDeleteඅපූර්වි ඔමායා වරක් ඇයගේ ලිපියක කියලා තිබුනා ලංකාවෙ ලැබෙන වර්ශාපතනය වගේ තුන් හතර ගුණයක් අඩු වර්ෂාපතනයක් ලැබෙන ඊශ්‍රායලය වගේ මැදපෙරදිග රටවල ග්‍රීන් හවුස් ඇතුලෙ කම්කරු වැඩකරන්න ලංකාවෙන් මිනිස්සු යනවාය කියලා.
Deleteඑතනදි අපූර්වි කියලා තිබුනා ලංකාවෙ මිනිස්සු ඇයි පිටරට ගිහින් අරාබිකාරයට කොරියන් කාරයට වෙහෙස නොබලා වැඩකරලා ලංකාවෙදි ඒම මහන්සි වෙල වැඩකරන්නෙ නැත්තෙ කියලා.
මා පුද්ගලිකව දකින විදියට ලංකාවෙ ඔය ගොවිතැන හෝ වේවා වෙන වැඩක් වේවා ලංකාවෙ ශ්‍රමිකයන් ලංකාවෙදි පස්ට කම්මැලියො. ඔවුන් හදන්නෙම බෝම ලේසියෙන් වැඩ කරන්න. අපි විදෙස් සමාගම් වලින් ඈත්වෙන්න නම් අර කම්මැලි කම නැතිකරගන්නත් ඕනි වෙනවා.
උදාහරන විදියට තමුන්ට ලොකු හදිස්සියක් නැත්නම් උදැල්ලෙන් බැද්ද අයින් කරන්න ගොවියාට පුලුවනි. නමුත් අද ලාංකික ගොවියා ආතල් එකේ තෙල් ටැංකි තුනහතරක් ඉහලා වැඩේ ගොඩදාගෙන ඉතිරි කාලෙ නිකං ඉන්නයි බලන්නෙ.
ඒ රටවල සුපවයිසර් වරු ලංකාවට ගෙන්නුවනම් හරි යයි.
Deleteබීජ ආනයනය සම්බන්ධව නව පනතක් ගැන පුවතක් නිව්ස්වලට අහන්න ලැබුනා..අමිල ඒ ගැන යමක් කියන්නකෝ. මොකක්ද අරමුණ?
ReplyDeleteපනතක් ගැන අදහස් කියන්න ඉතිං ඒක කියවල ඉන්න එපායැ.
Deleteඒවුනත් ඔය සමාර පනත් කියන්නෙ නිකම්ම කඩදාසි ගොඩවල් විතරයි. දැන් බලන්න ළමුන් සම්බන්ධ පනත් නීති කොයි තරං තියෙද? ඒත් ලංකාවෙ ළමයෙක් කොයි තරම් අනාරක්ෂිතද? නීතිය හමුවේ හොද තැනක් තිබ්බට බිම් මට්ටමේදී සමාරවෙලාවට ළමයි කියන්නෙ පාරිබෝගික බඩුවක් වෙලා.
ළමා නිවාසවලම අපචාර සිද්ද වෙනවා. ඉතිං නිතිය සක්තිමත් වුනාට වැඩක් නැහැ සමාජ දේහය වඩාත් සාධාරන නොවී. ළමයෙක්ට ගෙදරින් දැඩිව හිංසා කරනවා කියල නීතිය ඉදිරියට දැම්මහම එයාල ළමා නිවාසවලට යොමු කරන එක තමයි අවසාන විසදුම. එහෙම යොමු කරන ලමා නිවාස වලත් අපචාර සිද්ද වෙනවා නම්..
අවසානෙ දොර බාගෙට ඇරිය සමානයි දොර බාගෙට වැහැවා වගේ සීන්ස් එකක් ඉතිරි වෙනවා.
ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වගේම කෘෂිකර්මයත් මාෆියවල් ගොඩකට යට වෙලා තියෙනවා. අපි හිතනවා දේශපාලකයෝ තමයි උඩින්ම ඉන්නේ කියලා. නමුත් මේ මාෆියාවට පුළුවන් දේශපාලකයන් පවා වෙනස් කරන්න. අතරමදියාගේ ගසා කෑම දිහා දැක්කම නම් ඇඟේ මාළු නටනවා, ඒත් මොනවා කරන්නද?
ReplyDeleteමම ළඟදී කිව්වා ගොවියෙකුට මෙහේ දෙහි කිලෝවක් රුපියල් දාහක් විතර වෙනවා, පුළුවන් නම් එහෙන් ලොරියක පටවන් කොළඹ ඇවිත් විකුණන්න කියලා. එයාලට ෂුවර් නෑ විකුනන්න පුලුවන්ද කියලා. මොකද එයාලට පුරුදුම රුපියල් සීයට විතර දෙන්න නේ. හැබැයි මේ කියන ගොවියා ටිකක් උගත්, එයාලගේ අස්වැන්න අරන් කෙලින්ම කොළඹ එනවා. නමුත් ගොවිතැන කරන්න දහදුක් විඳිනවා. නියම තාක්ෂණයක් නැති කමත් එක හේතුවක්. අපේ මිනිස්සු ගොවිතැන මුළු ජීවිතේම කරගෙන ඉන්නවා. අනිත් රටවල් වල අය අස්වැන්නේ ප්‍රාමාණය පදනම් කරගෙන යන්ත්‍ර සූත්‍ර වලින් ප්‍රයෝජනය අර ගන්නවා.
මම කිව්වා ගොවියා වගා කරන්නේ ඉරිඟු. මේ කාලේ අස්වැන්න නෑ. හැබැයි එහේ(මොනරාගල) දෙහි තියෙනවා. ඒගොල්ලෝ රෑට අලිත් එක්ක ඔට්ටු වෙනවා. අර දෙහි බිස්නස් එක කරා නම්, අලින්ට භාගයක් කන්න දුන්නත් පාඩු නෑ.
Deleteමම නම් දකින්නෙ මිනිස්සුන්ට බලපාන භෞතිකමය මාෆියා වලට වඩා මිනිස්සුන්ගේ මනසෙ තියෙන මාෆියා ලොකුයි.
Deleteවිශාල වශයෙන් සංවිධානය වුන අතරමැදියන් ජාලයක් හෝ ඔවුන්ට අනුබල දෙන ක්‍රමවත්ව සැකසුනු පාතාලයක් සත්‍ය වශයෙන්ම නැහැ. තියෙන්නෙ තැන තැන පොඩි පොරවල් විසින් ඇතිකරගත්ත පොඩි පොඩි මෙව්වා ටිකක් විතරයි.
නමුත් ඉතාලි අර්ථයෙන් මාෆියා ගත්තම ඒක ඇවිල්ලා හිතාගන්නත් බැරි තරම්ම සූක්ෂම එකක්. ඒකෙන් රිංගල යන්න ගොඩාරියක් අමාරුයි කියලා තමයි මම නාලක ගුණවර්ධන මහත්මයාගේ ලිපියක කියෙව්වෙ.
http://nalakagunawardene.com/2013/12/14/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-147-%E0%B7%80%E0%B7%92%E0%B7%83-%E0%B7%80/
nice one....
ReplyDelete