Monday, January 20, 2014

මං දන්න පොල් වගාව (coconut cultivation)



ලංකාවේ ප්‍රධාන අපනයන වන්නේ තේ රබර්,පොල්,ගෑනු සහ ගෑනු ශ්‍රමයයි. මෙයින් මගේ ගමේ පොල් වැවෙයි. අපේ පියා විසින් එලවලු වැවීම පිණිස මිලදී ගන්නා ලද නව ඉඩම් වල පොල් එතරම් සාරෙට වැවෙන්නේ යැයි එකල එගම මිනිස්සු නොසිතූහ. නමුත් කුඩාකල සිටම පොල් රුප්පාවක සිටි අපේ පියාට පොල් වැවීමට අදහසක් පහල විය. ඔහු පොල් සංවර්ධනය පිළිබඳ එවකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටි පොල් සංවර්ධන නිළධාරියාගේ උපදෙස්ද පැලද ආධාරද ලබාගෙන අපගේද ශ්‍රමය යොදවාගෙන වලවල් කපා පොල් සිටවුයේය. 
 
පොල් වත්තක උලා කන බූරුවෙක්
ඒ ගමට අපි පිටගම් කාරයෝ විය.  අප ගම සිටි උන් මේ පිටගංකාරයෝ පොල් හිටෙව්වට ඕව හරියාවියැ යන මතයෙන් සිටින්නට ඇත. නමුත් අපේ පියාගේ ඒ අලුත් පොල් වගා සංකල්පය සාර්ථක විය. දැන් එගම උන් පොල් මිල වැඩි කල අපි පිටගංකාරයෝ යැයි නොසිතා අපගෙන් ලාබෙට පොල් මිලදී ගන්නට එති. 

පොල්යනු වසර හැට හැත්තෑවක් යනතෙක් ඵල ලබාදෙන බහුවාර්ශික බෝගයකි. එමනිසා පොල් වගාවකින් විශාල ආදායම් ලබාගත හැකි වන්නේ වසරට කිහිප වරක් පමණි. අපේ පියානෝ පොල් වගා කරන්නට සිතුවේ එලවලු වගාවද සමඟය. වැටකොළු කරිවිල පතෝල මැහි අස්සේ අපේ පියා වලවල් කපා පොල් සිටුවීමට තීරණය කලේය. පොත් පත් වලට අනුව නම් එසේ ඉතාම කෙටිකාලීන බෝග පොල් වගා බිම්හි කිරීම එතරම් සුදුසු නැත. පිපිඤ්ඤා වට්ටක්කා වැනි බෝගයක් හැර වෙනත් බෝග ජාති මුල් කාලීන පොල් වගාවක් අතර යෙදීම සුදුසු නැත. 
 
පොල් ගාන ලඳුන්
නමුත් අපේ පියා මැහි කෙරුවාව කරන ගමන්ම පොල් වගාවද හොඳින් පාලනය කරගෙන ගියේය. එලවලු මැහි වල පලදාව හොඳින් ලැබෙන්නට නම් අනිවාර්යෙන් ඒවාට ගොම පොහොර සහ රසායනික පොහොර යෙදිය යුතුය. බබාට කවනවා වැනිව ඇති පමණට නිවැරදිව කිරලා මැනලා පෝර දැමීමක් සත්‍ය වශයෙන්ම සිද්ද වන්නෙ නැත. සංසාර පුරුද්දට අනුව, අපේ පියාගේ කාලීන අත්දැකීම් අනුව , තෙල්පෝර කඩයේ මුදලාලිගේ උපදෙස් පිට, අනෙක් අයගේ කීම් පිට, අපි එලවලු වගාවට පෝර එකතු කලෙමු. මේ කෙටිකාලීන බෝග වලට යොදන පෝර සියල්ලම ඒ බෝග වලට අදින්නේ නැත. එයින් පොහොර කිසියම් ප්‍රමාණයක් පසේ ඉතිරිවන්නට ද ඇත. මෙසේ පසේ ඉතිරි වූ පොහොරද වැසි වැටුමෙන් පසුව පස තුලට කිඳා බැස යන පොහොර සාරයද පොල් ගස් විසින් ඇතිකරගත් මුල් පද්ධතිය මගින් උරාගන්නා ලද රසායනික පොහොර සාරය නිසා පොල් ගස් ටික මුල් කාලයේදී ඉතාම ලක්ෂණට හැදුනේය. 

අපේ ගෙදර අසල තිබූ එලවලු මැස්සේ මැද ගස්ලබු ගසක්ද විලාඩ් මෙන් රස අඹ ගසක්ද විය. මේ ගස්ලබු ගසේද විශාල ගෙඩි පලදාරුවේය.අපේ ගෙදර තිබූ අඹ ගස්වලින් වඩාත්ම පලදැරු අඹ ගස වූයේ මැස්ස මැද වූ අඹ ගසයි. ඒ අඹ ගස මහා විසාල එකක් වූයේ නැත. නමුත් කුඩාකලදීම විශාල පලදාවක් ඒ අඹ ගසෙන් ලබා ගත හැකි වූයේ මැස්සට අපි දාන පෝරගතිය අඹ ගසින් අවශෝෂනය  කරගැන්මනිසා වෙන්නට ඇත. ඒ අඹගසේ අඹ වෙනත් අඹ වලටත් වඩා ප්‍රණීත රසයකින්ද යුතු විය.

 බොහෝ දෙනා රසායනික පෝර යෙදූ පලතුරු එලවලු රස නැතැයි කියා අමුතු මතයක් ඇතිකරගෙන තිබෙන මුත් අපි රසායනික පොහොර දමා හෝ ඒ සාරයන්ගෙන් හැදූ බොහෝ සාරවත් බෝගවල පල වලට වඩා මට නම්  කිසිම පෝරක් නැතිව කේඩෑරි ගස්වලින් කඩන බෝග ජාති හොඳ යැයි සිතෙන්නේ නැත. සමාරක් නිවෙස්වල කුණු වලවල් ලැට් වලවල් අසල ඇති ගස්ලබු ගස් වල ගස්ලබු රසය. අපේ බෝඩිමේද ලැට් වල අසල ඇති ගස්ලබු ගසේ ගස්ලබු රසට තිබුනේය.ඒ ලැට් වලේ සාරයෙන් කිසියම් කොටසක් ගසවිසින් උරාගැන්ම නිසා විය හැක. එසේ නොමැතිව කිසිම පොහොරක් කෘමිනාශකයක් නැතුව සාත්තුවක් නැතුව ඉබේ ගෙඩි ලබාදෙන ගස් වැල් ඇත්නම් ඒ දිවිය ලෝකෙ දිහා කල්ප වෘක්ෂය හරියේ විය යුතුය. 
 
 පොල් අතු වියන ලඳක්
කාබනික  පොහොර ගැන කතාකරන විට මට මතක් වෙන තැන් දෙකක් නම් වැල්ලවත්තෙන් සහ ගල්කිස්සෙන් මුහුදට මුදා හරින මහා කක්ක බට දෙකයි. ඒ කක්ක බට වලින් කොළඹ නගර සීමාවේ දාන සියලු කක්කා සහ ඒ වැන් අපද්‍රව්‍ය අසල මුහුදට පිටකරයි. ඒ පිටකරන වතුර මහත් භක්තියකින් වැල්ලවත්ත සහ ගල්කිස්ස ප්‍රෙද්ශවල සුද්දෝද ලංකාවේ කලු සුද්දියෝද බාගෙට හෙලුවැලලෙන් සිට නාති. “අහා වතුර ටිකේ සනීපෙ“.. යයිද කියති. එහි තිබිය හැකි කක්කා කෑලි සලකා බැලූ විට එවන් වූ සනීප වතුරක් ඇති වෙරලක් ඔවුන්ට ලේසියෙන් හමු වේ යැයි සිතිය නොහැක.කොළඹ ජනයා කන ජරාව සියල්ල දිරවා මහ මිනිහෙක් තරම් උසට මහතට මහපාරවල් යටින් ඇදෙන මේ විසල් කක්ක බට වල ඇති අපජලය පෙරා ඒවායේ ඇති පෝෂක අවශෝෂනය කොට වඩාත් සාරවත් කාබනික පොහොර නිපදවන්නට හැකි නොවද?. 

දිනෙන් දින ඉහල යන පොහොර මිල හමුවේ පොහොර නිකම් දීමට ආන්ඩුව වියදම් කරන කෝටි ගනන් මුදලින් මේ වැනි වැඩක් කර ඒ කාබනික පෝර ගොයියන්ට ලබා දිය හැකි නම් එය ලංකාන්ඩුවට වඩාත් ලාබ වැඩක් විය හැකිය. එසේම කක්කා එකතු කිරීම,පෙරීම,පෝර හැදීම ආදී කාරණාවලින් විශාල ජරාව ප්‍රමාණයක් නිලධාරින්ටත් දේශපාලකයින්ටත් ලබාගත හැකි වෙනු ඇත. මෑතදි මගේ මිතුරකුට හමු වූ සුදු ජාතිකයෙක් ලංකාවෙ මිනිසුන් කොටසක් ඉතාම දුප්පත්ව සිටියදී තවත් පිරිසක් අපද්‍රව්‍ය ලෙස ප්‍රතිචක්‍රිකරණය කල හැකි වටිනා දේවල් රැසක් කෙලින්ම අපතේ දාන බව කියා තිබුනි. 

පොල් වගාව ගැන කතා කරන්නට ගොස් ඈත ගියා වැඩිය. අක්කර එකහමාරක් දෙකක් වූ මැස්ස තුල පොල්ගස් සිටුවීම නිසා අවුරුදු එකහමාරක් විතර ගිය තැන පොල් පැල ලොකු වී අතු පතර විහිදෙන්නට පටන් ගත් තැන අතු සියල්ල අල්ලා මිටියක් පරිද්දෙන් බඳින්නට සිදු විය. එය පොල් ගසට හිරිහැරයක් වූ නමුත් සමාර බෝග ජාති හිරිහැර වටපිටාවෙහිදී වඩාත් සාර්ථක වන්නාහයි වන සිද්ධාන්තය අනුව දෝ හෝ ගස් ටිකෙන්, මැස්ස තුල වූ එකදු ගසක් වත් හිරිහැර නිසා අකාලයේ මිය ගියේ නැත.පොල් පැල ලොකුව ගස් මට්ටමට එන විට අතු මහත්ව විශාලට විහිදෙන බැවින් ගස්වල පිති අල්ලා බැඳීම වෙහෙසකර කටයුත්තක් වෙයි. නමුත් පොල් ගස් ටිකට හැදෙන්නට ඉඩ දී වගාව අත හැරීමට පියා හැරුනේ නැත. ඔහුගේ අදහස වූයේ පොල් සාර්ථක වෙන්න නම් වෙනත්බෝගයක් ඒ වගාව තුලම තිබිය යුතු බවය. 
 
කදිම පොල් වත්තක්
පොල් වගාවට යැයි විශේෂයෙන් වෙනත් පෝරක් එකතු කිරීමක්නොවීය. මැහි වගාවන්ට යොදන පෝර ජාති පොල් වගාවට ප්‍රමාණවත් වන්නට ඇත. ඒ බිමෙහි ඉර අවුවෙන්ද අඩුවක් නොවීය. වැසි අඩු කලට මැස්සේ ඇට ජාති පැල කරන්නට වතුර යොදන බැවින් ජලයෙන්ද පොල් වගාවට හිඟයක් නොවන්නට ඇත. අවුරුදු තුනහමාරක් හතරක් ගිය තැන පොල් ගස් කිහිපයක මල් හටගන්නට වූ අතර අවුරුදු හතරහමාරකදී බොහෝ ගස් වල පොල් මල් දකින්නට පුලුවන් විය. 

මැහි එලවලු වගාවට පොල් ගස විටෙක පුදුම කරදරයකි. එලවලු වැල් මේ පොල් ගසැයැ,මේ මැස්සැයැ,මේ පොල් අත්තකැ,යි නිවැරදිව වෙන්කර හඳුනාගන්නේ නැත. එලුවල් වැල් ඔවුන්ට හිතුමනාපේ හිතුන තැන්වල එතෙයි. ඉදල් කෝට්ටෙන් එලවලු වැල මැස්සට යොමුකල පසු එය කොහේ යන්නේ දැයි හැමවිටම විපරක් කරමින් බැලීම විශාල වගාවකදි කල හැකි දෙයක් නොවේ. ඉඳහිට පොල් අත්තක් දිගේ දුවන වැලක් දුටුවිට අපි කවුරු හෝ එය ඇද දැමීමට කටයුතු කලත් එලවලු අස්වනු නෙලන කලට පොල් අතු දිගේ ගිය එලවලු වල ඵලදාව නෙලීම වනාහී වෙහෙසකර කර්තව්‍යයකි. 
 
පොල් උල
වැටකොලු වැනි විසල් බෝග ජාති පොල් අතු දිගේ ගිය විට කෙක්කක පිහියක් බැඳ ගසින් ගසට ගොස් වැටකොලු ඵල නෙලිය යුුත වන්නාහ. එයද කෙක්කෙන් පොල් කඩනවා වැනිව ලේසියෙන් නෙලිය නොහැක. එය සීරුවෙන් නොකලොත් පොල් අත්තට, වැලට, සහ වැටකොළු ඵලයට හානි විය හැකිය. 

මේ පොල් වගාවෙන් අපේ තාත්තා අපේක්ෂා කල කරුණු කිහිපයක් විය. වසර දහයක් පහලවක් තිස්සේ රසායනික පොහොර යොදමින් වගාකලා වුවද ඒ බිමෙහි සාරවත් බව එන්න එන්නම අඩු වී යන්නට විය. ප්‍රධාන මූලද්‍රව්‍ය අපිට පොහොර ලෙස යෙදිය හැකි මුත් කෂුද්‍ර මූලද්‍රව්‍යෙයා මඳ වීමෙන් හෝ කාබනික සංයුතිය අඩුවීම නිසා හෝ මුලදී වගාවල තිබූ කල එළිය පසුකලෙක අපේ මැහි වගාවන්හී දක්ණට නැති විය. එකම බිමෙහි එකම වර්ගයේ බෝග ජාති වවන විට මෙවන් වූ සන්තෑසියක් වීමේ සම්භාවිතාවය වැඩිය.
 
පොල් වල්ලක්
මෙසේ ඉඩම් කෙමෙන් නිසරු වන විට සාමාන්‍යෙයන් සිදු වන්නේ වෙනත් වතුර පහසුව සහිත සාරවත් ඉඩම් සොයා ගොවීන් යෑම වුවත් අපේ පියා කෙමෙන් මැදි වියද පසුකර යන වයසක වූ බැවින් ඔහු පොල් වගා කොට සිය අනාගත විශ්‍රාම සැලසුම සකස් කරගැනීම මැනැවැයි සිතන්නට ඇත. මා මෙසේ කරුණු කීවාට අපේ තාත්තාට පො

ලා පැන (පොල් අංශය බාර කෘෂි නිළධාරියාට අපේ තාත්තා කිව්වේ පොලා කියලාය. පොල් නිළධාරියා පැමිණිමේ සිද්ධිය පොලා පැනීම විය.) නිකං පෝර සහ පැල දුන්න නිසා වත්තේ පොල් සිටෙව්වා වන්නට ද ඇත. 

මේ පොලොවෙ කිසි දෙයක් හරියන් නැහැ. යැයි විස්සෝප නොවී බෝග ජාතියක් වැවීමට උනන්දු වීම වැදගත්ය. එකල නම් එක් එක් ප්‍රාෙද්ශිය ලේඛම් කොට්ඨාශ වල ඒ ප්‍රෙද්ශයේ වැවිය හැකි බෝග ජාති දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශනය කොට තිබුනා මතකය. දැනට අවට පරීක්ෂා කිරීමෙන් හා අත්හදා බැලීමෙන් වාසය කරන ප්‍රෙද්ශයට අවශ්‍ය බෝග ජාතිය සොයාගන්නට හැකියාවක් තරුණ,වැඩිහිටි,මහලු අයට ඇත. ගොවිතැන වනාහි සිරුරට මෙන්ම මනසටද මනා ව්‍යායාමයකි.
කෙස් රැවුලු වවා රතු තොප්පිය දමා රට පෙල්ලන්නට යනවාට වඩා දාඩිය මාන්සියෙන් පස පෙරලා එයින් සාධාරනව මුදල් ඉපයිය හැකිනම් එයම මහත් වූ විප්ලවයකි. 
 
පොල් අතු මඩුවක්
පොල් වගාව ගැන උනන්දු වන අයට සහ පවතින පොල් වගාවෙන් ආදායම් වැඩිකරගන්නට කැමති අයට වටිනා ඔවදන් රැසක් අන්තර්ජාලයේ අමු සිංහලෙන්ම ඇත. ඒවා ඉතාම සරල බසින් ඇති නිසා අපිට තේරුම් ගන්නට පහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනය මගින් යූ ටියුබ් චැනලයක් හරහා ප්‍රාෙයා්ගික ක්‍රමවේද පවා විස්තර කර තිබෙනු මා දිටිමි. කොටින්ම ඉන්දියාවේ පොල් පර්යේෂණායතනයටත් වඩා සාර්ථකව ඒ වෙබ් අඩවිය ලංකාවේ පොල් පර්යේෂණායතනය මගින් පවත්වාගෙන ගොස් ඇත. 

පොල් පර්යේෂණායතනයේ වෙබ් අඩවියට මෙතනින් යන්න.
පොල් සිටුවීමේ සිට වැලදෙන ලෙඩරෝගාදිය දක්වා මනාව සකසා ඇති පත්‍රිකා බාගැන්මට මෙතනට යන්න.  
 පොල් වගාකිරීම සියැසින් දකබලාගනෙ ප්‍රාෙයා්ගික වීඩියෝ දර්ශන බලාගන්නට මෙතනට යන්න.
පොල් පර්යේෂණායතනයේ යූ ටියුබ් චැනලයට මෙතනින් යන්න.

තවත් පොල් ගැන විස්තර රාශියක් මේ වෙබ් අඩවි බලාගැන්මෙන් ඔබට ලබාගත හැක.  මා දුටු ආකාරයට මෙය ත්‍රයිභාෂා වෙබ් අඩවියකි. නමුත් ද්‍රවිඩ බසින් වීඩියෝ ආදිය නොමැති වීම ගැන සමහර අයෙක් මැසිවිලි නගා තිබෙනු මා යු ටියුබයේ දුටුවෙමි. මේ පොල් පර්යේෂකයෝ පොල් වලට එන විවිධ උවදුරු ආදියට දේශීයව යම් වටිනා විසඳුම්ද සොයාගෙන ඇත. උදාහරණ ලෙස මඩින්නට බැරි යැයි ලෝකයේම සම්මත පොල් මයිටාවා මර්ධනයට පිලිස්සුනු දැවි තෙල් ගෙඩිවල ආලේප කිරීමේ සරල එහෙත් වටිනා විසඳුමක් මේ පරීක්ෂක අපේ ඇත්තෝ සොයාගෙන ඇත. එයින් හානිය සියයට අනූවක් දක්වා මර්ධනය කල හැකි බැව් පර්යේෂකයෝ සහතික කොට ඇත.

සෑමවිටම පාලකයින්ට මැසිවිලි නගන්නේ නැතිව අන්තර්ජාලය භාවිත කිරීමට එතරම් නැඹුරුව නැති එහෙත් මේ පොල් වගාදිය ගැන  උනන්දු අයට මේ අඩවි බලා හෝ නැත්නං වීඩියෝ බලන්නට දීලා හෝ විස්තර ආදිය සැපයීම වනාහී මහත් යහපත් ක්‍රියාවකි. එවන් වැදගත් දේවල් අන්තර්ජාලයේ තිබෙනවා යැයි දෙමව්පියෝ වැඩිහිටියෝ දැනුවත් වුනොත් තරුණ දරුවන්ට පේස්බුක් යන්නට දෙමාපියන් දාන තහනමේ තදයද ටිකක් අඩුකරගත හැකි වෙනු ඇත. 

26 comments:

  1. මට එකෙක්ට පොල් ගැහීමේ උවමනාවක් තියේ ලාබෙට පොල් ගෙඩියක් දෙන්න බෑ ද ?

    ReplyDelete
    Replies
    1. එයාගේ...............පොල් ගහන සයිස්ද

      Delete
    2. බලමු..
      ඇනෝ වෙත..ඇනෝ ඉතිං ඔයාට හම්බෙන ඒවායෙ මට්ටමින් හැම එකම බලන්න එපා..

      Delete
  2. අතුරු කතාවේ ගිය කක්කා කතාව ඉතා වටින්නේය. ඇත්තටම අපේ ලැට් එක ලග තිබු ගස්ලබු ගස පට්ට රසවත් වුයේ කක්කා නිසාමය. ඒ අසල තිබි තැබිලි ගසට නම් වැලේ වැල් නැතුව ගියේය.

    වටිනා කක්කා වලින් ජීව වායුව නිපදවිය හැකිලු. මේවා වැඩකට නොගැනීම දුක්ඛිතය..

    ReplyDelete
    Replies
    1. අපි නාගරිකව අපද්‍රව්‍ය අති විශාල ප්‍රමානයක් අපතේ දානවා..ඒවා කළඹනාකරණ ක්‍රමවේද හරිම දුර්වලයි.

      Delete
  3. හරිම වැදගත් සටහනක්. පොල් වගාවට තමයි මම හිතන්නේ ලංකාවේ වැඩියම ආධාර දෙන්නේත්.

    ReplyDelete
    Replies
    1. වත්ත සහ ශ්‍රමය තියේ න්ම පැල පෝර ආන්ඩුවෙන් නිකම් ලැබෙනවා.

      Delete
  4. දැන් මේ පැති වල පොල් 'health food' එකක් විදියට මාරම විදියට නැගල යනවා. කට්ටිය පොල් හොය හොය කන තත්වයක් තියෙන්නේ. කනවා විතරක් නෙවෙයි ඇඟේ ගාන්නයි, කොන්ඩේ ගාන්නයි හැම එහෙකටම. පොල් කිරි, තෙල්, පොල් වතුර, ගාපු පොල්, පොල් ෂැම්පු, පොල් ක්‍රීම්... මෙහෙම ගොඩක් පොල් නිෂ්පාදන ගෙන්වනවා. ඒත් මම ගොඩක් දැකල තියෙන්නේ තායිලන්තෙන් ගෙන්වන ඒවා. දැනට ලංකාවෙන් එහෙම පොල් නිෂ්පාදන අපනයන කරනවද? එහෙම කරනවා නම් සෑහෙන්න මාකට් එකක් තියේවි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ පොල් කෙලින්ම රළු ලෙස අපනයනය නොකොට නිෂ්පාදන තනා අපනය කිරීම වඩාත් වාසිදායක වනවා කියන කාරණාව වෙන්න ඕනි.
      ඔය කතාවේ විශාල ඇත්තක් තිබෙනවා. අපිට කෙලින්ම දේශීයව නිපදවලා ඒ රටවල පාරිබෝගිකයින්ට අවශ්‍ය දේවල් මෙහෙම හදලා අපනයන කරන්න හැකි නම් අපේ රටට පොල් හරහා දැනට වඩා ලොකු සල්ලියක් ගන්න පුලුවන් වෙනවා.

      Delete
    2. ඩෙසිකේටඩ් කොකනට්, නෙස්ලේ පොල් කිරි පිටි

      Delete
    3. නිරෝ කියපු සංකල්පය හැබෑවක්. මේ වෙද්දි යුරෝපය පුරා පොල් නිශ්පාදන බොහොමයක් එලියට එනවා. බොඩි ක්‍රීම්, හෙයා ශැම්පු, බාත් ක්‍රීම් එකේ ඉඳන් හැම එකම පොල්. ඒ විතරක් නෙමෙයි රශ්නේ කාලෙට අමුවෙන් පොල් කන එක බොහොම ප්‍රසිද්ධයි. අපි හිතාගමුකෝ මුන්ට කොහේද ෆ්‍රෙශ් තැඹිලි කියලා. වෙනදාට වඩා ආසියාවේ නිශ්පාදන බොහෝ සෙයින් අගය කරනවා. අපේ ගේවල් ළඟ සුපර් මාකට් එකේ තියෙනවා ලංකාවෙන් ගෙන්වන කාබනික පොල්( මේ සංකල්පය දැන් අසනීපයක් වෙලානේ) සුනාමි ආධාර විදියට. කලින් එහෙම පොල් පහසුවෙන් ලබාගන්න හැකියාවක් තිබුනේ නෑ. මේ ළඟදි මගෙ යාළුවෙක් පොල් කොළ වලින් හදපු ටේබල් මැට් ගෙනත් තිබුනා. මේක ස්වභාවිකත්වයට ලංවීමත් වෙන්න පුළුවන්. අපේ රටේ පොල් වෙනුවට එළවළු තෙල් කද්දි මෙහේ මිනිස්සු බොහෝ දේ වෙනුවට පොල් භාවිතා කරන එක ටිකක් විහිළුවක් වගේ. ඩෙසිකේටඩ් කොකනට් භාවිතා කරන බිස්කට් හා කේක් වර්ග වලට ලොකු මාකට් එකකුත් තියෙනවා.

      Delete
    4. පොල් අයිස්ක්‍රීම් කවදත් මගේ ෆේවරීට්.

      Delete
  5. පොල් වතුවල බූරුවන් ඇති කරන එකෙන් ඵලදාව වැඩි වීමක් වෙනවද? තව කෘමි හානි අඩු වෙනව කියලත් කියනව නේද? එහෙම දේකුත් ඇත්තටම වෙනවද?

    සමහර අය බූරුවන් වෙනුවට පෝනියනුත් ඇති කරනව නේද පොල් වතුවල?

    ReplyDelete
    Replies
    1. මේ ගැන මම විද්‍යාත්මකව කියන්න නම් මුකුත් දන් නැහැ.. නමුත් පොල් වතුවල අතුරුබෝග මෙන්ම සත්ව පාලනයත් යහමින් කරන්න පුලුවන්. සත්ව පාලනය කරනවිට ඉබේම පසට පෝරගතිය එකතු වෙනවා.

      Delete
  6. ඉතා වැදගත් සටහනක්.
    හැබැයි මට නං හිත ගියේ ප්‍රධාන කාරණා වලට වඩා අර කක්කා කතාවට..

    ReplyDelete
    Replies
    1. මේක සරල නැතුව ඇති අධික මූල ප්‍රාග්ධනයක් වියදම් වේවි. නමුත් ඒ හරහා අපිට ලොකු වාසි ලබාගත හැකි වේවි.

      Delete
  7. අමිල.......පොල් මයිටාවා කියන්නේ කෘමියෙක්ද? මේකද මේ බොහෝ කාලයකට පෙර ආපු පොල් කුරුමිනියා?

    ReplyDelete
    Replies
    1. ඔබ විසින් මා අමුනන ලද අඩවියට පිවිසුනා නම් මෙ ්සියලු පලිබෝධකයින් ගැන දැනගන්න තිබුනා. පොල් මයිටාවා කියන්නෙ අන්වීක්ෂීය සතෙක්. මිලිමීටරයකටත් වඩා කුඩා කෘමියෙක්. නමුත් පොල් ගෙඩි කුඩාකලදී වගේම ලොකු වුනාමත් මේ මයිටා හානිය නිසා අස්වනු අඩුවෙනවා.
      පොල් කුරුමිණියා ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. එකක් කොළ කන කුරුමිණියා. අනිකා කඳ විදින කුරුමිනියා. මේ කුරුමිණි වර්ග වලටත් සාර්ථක විකල්ප අර පර්යේෂණායතනයේ මහත්වරු හොයාගෙන තිබුනා.

      Delete
    2. ස්තූතියි අමිල........නිදහසේ ඒ සයිට් එක බලන්නම්.

      Delete
  8. අපෙ පැත්තෙනම් පොල්වලට කෙල වුන මෙ රොගයක් නිසා

    ReplyDelete
  9. පොල් ගැන කියද්දි අපූරු වියාපාරයක් මතක් උනා
    ඒ පොල් යෝගට්
    හදන විදිහ බ්ලොග් එකේ ලියන්නම්...

    ReplyDelete
  10. ආර්ථික මට්ටමින් ටිකක් ස්ථාවර උනාට පස්සේ වත්තක් අරන් වැවිල්ලට බහින එක
    පොඩිකාලේ ඉඳන්ම හිතේ තිබ්බ හීනයක්, මේ දවස්වල ඉතින් හීන හැබෑකරගන්න තමයි
    ට්‍රයි කරන්නෙ.
    හරිම වටිනවා අර ලින්ක් ටික, ලොකු දැනුමක් එකතු කරගන්න පුලුවන්.
    නිවාඩු පාඩුව තව පාරක් බලන්න ඔනේ

    ReplyDelete
  11. පොල් ගෙඩි කලටි වැටෙනවා ඒකට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම දැන් නම් වගාකටයුතු වල වැඩිමනක් නෑහැ..ඉන්ටනෙට් එකෙන් පොඩ්ඩක් හෙව්වොත් පොල් පරියේෂනායතනයේ නම්බර් එක හොයාගන්නට හැකියි. අහල බලන්න ඔවුන් බොහොම කැමැත්තෙන් ඉන්නවා සේවය සපයන්න.

      Delete
  12. පොල් ගෙඩි කලටි වැටෙනවා ඒකට මොකද කරන්නේ

    ReplyDelete
  13. ෙෙවැනඉනාන
    ාෙ

    ReplyDelete