Thursday, March 27, 2014

සතුට ලුහුබැඳීම The Pursuit of Happyness

උත්සාහවන්තයා ණයගනී කියලා කතාවක් තියනවා. උත්සාහවන්තයට ණය ගන්නෙ නැතුව ජීවිතේ සාර්ථක කරගන්න පුලුවනිද? බැහැ. ණයක් කියන්නෙ ලොකු අවධානමක්. ඒ අවධානම ණය විදියට හෝ වෙන කුමන ආකාරයට හෝ උත්සාහවන්තයා විසින් ලබාගතහොත් පමණයි සාර්ථක ජීවිතයක් ගතකරන්න අවස්ථාව ලැබෙන්නෙ. ක්‍රිස් ගාඩ්නර් ඉපදුනේ 1954දි ක්‍රිස් ගාඩ්නර් කසාද බැඳලා ලමයෙක් ලැබෙනවා 1981 දි. එතන ඉඳන් ක්‍රිස්ගේ ජීවිතය බොහොම නරක අඩියකට වැටෙනවා. 
ඇත්ත ක්‍රිස් සහ ඔහුගේ කුඩා පුත්‍රයා
දොස්තරලාට අවශ්‍ය වෙන පෝටබල් ස්කෑනින් මැෂින් එකක් විකුනන්න ක්‍රිස් ගාඩ්නර් පෙළඹෙනවා. ක්‍රිස්ගේ ජීවිතය ඒ හරහා සාර්ථක වෙයි කියලා ක්‍රිස්ගේ බිරිඳ සිතනවා. නමුත් සිතුව තරම් ලෝකය ලස්සන වෙන්නෙ නැහැ. ඔහුට බිරිඳ නැති වෙනවා. ඔහුට ලැබුන ළමයා එක්ක ඔහු තනිවෙනවා. එතැන් සිට ඔහු ලෝකය දිනන්න නොගන්න උත්සාහයක් නැහැ.

ඇමරිකානු දැඩි බදු ක්‍රමය නිසා දුප්පත් මනුස්සෙයක් වුන ක්‍රිස්ටත් ලොකු වේදනාවන් වලට මුහුනදෙන්න සිදු වෙනවා. ඇමරිකාව සල්ලි තියන මිනිස්සුන්ගේ පාරාදීසයක් කියල අපිට හිතෙනවා අමරිකාව ගැන තියෙන පොත පත වීඩියො බැලුවාම. නමුත් හරියට ඉන්න හිටින්න තැනක් නැති. බඩට කන්නෙ නැතුව ඇඟේ ලේ ටික පවා විකුනල සල්ලි හම්බ කරන චරිත ඇමරිකාවෙ ඉන්නවා. සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වුන හදිසියේ අප අතරින් වියෝ වූ ස්ටීව් ජොබ්ස් මහතා පවා එක්තරා කලකදී මේ ඇමරිකාවෙ හිටපු දුප්පත් නාගරික ජීවිතයකට හිමිකම් කිව්වා. ජොබ්ස් මහතා වරක් කියනවා ඔහු ඇමරිකාවෙ ඉන්දියානු කෝවිල් වල දන්සැල් පෝලිං වල දන්බත් ලැබෙනකල් පෝලිමේ හිටියා කියලා.

ක්‍රිස් ගාඩ්නර් දක්ෂයෙක් ඔහු ඇමරිකානු ඉතිහාසයේ දක්ෂයින් බොහෝ දෙනෙක් ගැන දැනගෙන හිටියා. ඒ වගේම ඔහු ධනවත් වූවන්ගේ මන්තරයක් බඳු නිතරම සුභවාදීව සිතීම සම්බන්ධයෙන් හොඳ කුසලතාවයකිනුත් හිටියා. නමුත් ගාඩ්නර් ට සාර්ථකත්වය ලැබෙන්නෙ බොහෝම ප්‍රමාද වෙලා. ගාඩ්නර් දක්ෂයෙක් වුනා. අවසානෙ එයා බලාපොරොත්තු වුන ජීවිතයට ලං වුනා. නමුත් ඒ වෙනකොට ඔහු ගෙයක් නැති, රට වටේ ණය වෙච්චි, තිබුන වාහනේ පවා සින්න වුන මනුස්සයෙක්.

ක්‍රිස් ගාඩ්නර් විදියට රඟපාන්නෙ විල් ස්මිත්. ක්‍රිස් ගාඩ්නර් කියන්නෙ සැබෑ ඇමරිකානු චරිතයක්. ගාඩ්නර් දක්ෂ ව්‍යාපාර වස්තු උපදේශකවරයෙක් ලෙස පත්වෙනවා. ඔහු අදටත් ඇමරිකාවෙ ජීවත් වෙන මිලියනපතියෙක්. ඔහු පසුකාලීනව අමරිකානු දුප්පතුන් වෙනුවෙන් ආධාර වැඩසටහන් වල ප්‍රමුඛයෙක් විදියට වැඩ කරලා තිබෙනවා. ඒ වගේම 2006 දි පමණ ගාඩ්නර් දකුණු අප්‍රිකාවට ගිහින් මැන්ඩෙලාව මුණ ගැහිල දකුනු අප්‍රිකාවෙ ඉන්න දක්ෂයින්ට තැනක් ලැබෙන වැඩසටහන් වලත් නිරත වෙලා තියෙනවා.

ලංකාවෙදි අපිට කන්නබොන්න නැතිවුනාට පවුල් පන්සල් වුන කාලෙක පවා නෑයො, දෙමාපියො, යාලුවො පිහිටට ඉන්නවා. නමුත් ඇමරිකාව ඊට වඩා වෙනස්. ඇමරිකාවෙ දුප්පතෙක් වෙන එක ලංකාවෙ දුප්පතෙක් වෙනවාට වඩා හරිම භයානකයි. ක්‍රිස් ගාඩ්නර් මේ සම්බන්ධයෙන් එයාගෙ ජීවිත කතාව ලියල තියෙනවා.ඒකත් ලස්සන කතාවක් වෙන්න ඇති. ඒ වගේම ෆිල්ම් එකත් මනසට විදින විදියට හොඳට හැදිල තියෙනවා.

http://www.imdb.com/title/tt0454921/?ref_=nm_ov_bio_lk1

7 comments:

  1. ක්‍රිස් ගාඩ්නර් ගැන පොතක් ලියලා තියෙනවා නේද ?? කියවලා තියෙනවා වගේ මතකයක් ලාවට තියෙනවා

    ReplyDelete
  2. ලංකාවෙත් ඕන තරම් ඇති ක්‍රිස් ගාර්ඩ්බර්ලා. ආදර්ශමත් චරිතයක්

    ReplyDelete
  3. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවනේ.ඇමරිකාවේ දුප්පතෙක් වෙන එක භයානක වගේම පෝසතෙක් වෙන එක ගොඩක් හොඳයි.ඒක අද ලංකාවෙත් එහෙමයි.නගරයක දුප්පතෙක් වෙන එක අනිතිම භයානකයි ගමක දුප්පතෙක් වෙනවාට වඩා.ඒත් නගරයක පෝසතෙක් වෙන එක ගමක ඉන්නවට වඩා ලොකු ප්‍රතිලාභයක්.

    ReplyDelete
  4. මෙය ගැන කොතැනකදී හෝ කියවලා තියෙනවා. ජීවිතයට ආදර්ශයක් ගන්න වටිනා චරිතයක්

    ReplyDelete
  5. ඔය චිත්‍රපටියේ අවසන් ජවනිකාවේ විල් සහ ජේඩන් කතා කර කර යන තැන ඔවුන්ව පසු කරගෙන සිනා වෙලා අනික් දිශාවට ඇවිදන් යන්නේ ඇත්ත ක්‍රිස් ගාඩ්නර්

    ReplyDelete
  6. ආදර්ශමත් චරිතයක වග තුග..

    ReplyDelete
  7. මේ ෆිල්ම් එක මම බලල තියෙනවා. ඇත්තටම හිතට වදින විදියට හදල තියෙන බොහොම වටිනා නිර්මාණයක්.

    ------------
    අමිල චිත්‍රපටිය ගැන තබා ඇති සටහන ඇත්තටම අගය කොට සලකනවා..

    ReplyDelete